🥀 අන්තිම උපන්දිනය
"පුතා.. ඔයා බෙහෙත් හරියට පාවිච්චි කරනවද..? ඔයා හොදටම දන්නවනේ ඒවා ඔයාට හුගක් වැදගත් කියලා.."
" හ්ම්.. මන් හිතන්නේ මන් සතියක් විතර බෙහෙත් නොබී හිටියා.. මට වැඩ වැටුනා රෑ වෙනකල්ම.. ඉතින් මට බෙහෙත් ගන්න මතක් උනේ නෑ.."
"මේ අහන්න වැඩවලින් නිදහස්වෙලා දැන් ඔයා ටිකක් නිදහසේ කාලය ගත කරන්න ඔනේ. ඊටත් ඔයා හුගාක් රෙස්ට් කරන්න ඔනේ. පුතා මට ඔයා නිකන් පේශන් කෙනෙක් නෙවෙයි. මට ඔයා මගේම දරුවෙක් වගේ. ඉතින් මන් කියන දේ ඔයා තේරුම් ගන්න. මට ඔනේ ඔයාව හොදින් තියා ගන්න. තේරුම් ගන්න පුතා.."
" ඒක මන් දන්නෝ... ඩෝන්ට් වොරි.. මන් හොදින්.. මන් එතන වැඩ කරන්නේ ආසාවෙන්.. ඉතින් ඒ ගැන හිතන්න ඔනි නෑ.. "
"මන් ඇතුල්ට එන්නද..?"
ඩොක්ට එක්ක කතා කර කර ඉද්දී යොඔන්ජුන් ඇතුල්ට ආවා. හ්ම්.. මගේ පස්සෙන්මයි මෙයා. ඩොක්ට හම්බෙන්න යන දවසට බලෙන්ම මාත් එක්ක එනවා.
"ආහ් එන්න පුතා.. මන් ඒත් බැලුවා ඇයි නැත්තේ කියලා මේ ලමයා අද. ආහ් තේහියුන්ග් පුතා ඔයා කාමර අංක 5ට යන්න දැන්. ඔයාගේ ට්‍රීට්මන්ට් වලට වෙලාව හරි. "
"හ්ම් එහෙනම් මන් යන්නම්.. යෙඔන්ජුන් ඔයා.."
"හෙයොන් යන්න මන් ඉන්නම් මෙතන.."
යෙඔන්ජුන්ව තියලා මම එතනින් එලියට ආවා. ඒත් එක්කම මට එයාලා කතා කරන එක ඇහුනා. ඇත්තටම නෑහුනානම් හොදයි
"පුතා එයාට තව වැඩි කාලයක් නෑ. මට තේරෙන්නෑ මන් මේක කොහොම කියන්නද කියලා. එයාගේ රිපෝට් ටික අද උදේ තමයි මට හම්බුනේ.."
"මො...මොකක්..ද... ඒත් එයා මැරෙයි කියලා කොහොමද... අනේ එක වෙන්න බෑ... ටේ හෙයොන්ග්ව හොද කරගන්න පුලුවන් නේද... ඇයි මේම කියන්නේ දැන්..."
"මියානේ... මමත් හිතුවේ එහෙමයි.. ඒත් රිපෝට් වලින් පේන හැටියට මේක උවමනාවෙන්ම කරගෙන වගෙයි. එයා බෙහෙත් බොන එකත් නවත්තලා. එයාට ජීවත් වෙන්න ආසවක් නෑ වගේ. මේ කෑන්සර් එකට හ්රෙතුව ඩීප්‍රෙශන් තත්වයක්. පුතා එයා ඉන්නේ ලොකු මානසික පීඩනයක. කියන්න බෑ එයා එයාගේ ජීවිතේට හානියක් කර ගනීද කියන්නත්. "
..................🥀
...............🌊...........
අදනම් හොදට පායලා.
හ්ම්...
කුකී... මට තව වැඩි කාලයක් නෑ.. මට ඔයාව බලන්න ඔනේ..
ඒත් මන් ආයෙත් ඔයාලගේ ජීවිත වලට ඇවිත් කරදරයක් වෙන්නේ නෑ. මනුස්සයෙක් එක්ක කෝමද ඔයාලා ඉන්නේ. හ්ම්.. ඒක කරදරයක්. මන් නිසා ඔයාලට කොච්චරනම් කරදර උනාද.. 😞
මොචී බෝලේ.. ඔයා හිටියනම්.. මගේ දුක බෙදා ගන්න.. 🙂 මට මේ දේවල් කියන්න කවුරුත් නෑ බෝලේ.
කුකී මගෙන් හැන්ගුවා එදා ඔයා මේ ලොකෙ දාලා ගියා කියලා. ඒත් මට ඇහුනා ජින් හෙයොනුයි බිග් බ්රදර්රුයි රංඩු වෙනවා. ජින් හෙයොන් ඔයා නැතිවුන එක ගැන නම්ජුන් හෙයොන්ට දොස් කියන්නෑ කිව්වා. එතකොටයි මන් දැන ගත්තේ මගේ මොචි බෝලේ මේ ලොකෙන් සදහටම යන්න ගිම් කියලා.
මට ඔනේ උනේ නෑ එදා කුකීට කියන්න මන් හැමදේම් දන්නවා කියලා. එයා මන් ඉස්සරහා සතුටින් රග පෑවා ඔයාව බේර ගන්න පුලුවන් කියලා. මට ඔනේ උනේ නෑ එයා දුකින් ඉන්නවා බලන්න. ඉතින් එයාට ඒ විදිහටම ඉන්න දුන්නා. ඒ විදිහට හරි එයා මන් ඉස්සරහා හිනා වෙලා හිටියනේ.
හෙයොන්ලා දැන් මොනා කරනවා ඇතිද.. හුම් එයාලා හොදින් ඇති...
එක තමයි මට හම්බුනු ලස්සනම පවුල..
හ්ම්....
මට තව පොඩි වෙලාවක් ඉතුරුයි නේද...
2.20 යි... හ්ම් විනාඩි 10ක්ම තියෙනවා.
බ්රේක් එකේදී මම ක්ලබ් එක ඉස්සරහා තියෙන බීච් එකට එනවා හැමදාම වගේ. මෙතන හරිම නිදහස්. ඈතින් පුංචි ලමයි සෙල්ලම් කරනවා පේනවා. එයාලා දිහා බලන් ඉන්නකොට දවස ගෙවෙනවා තේරෙන්නෙත් නෑ.
හ්ම්...
ලමයි දිහා බලන් ඉද්දී මගේ වෙලාවත් හරි ගියා. මම ආයිමත් ක්ලබ් එකට ගිහින් මගේ වැඩ පටන් ගත්තා. පාන්දර වෙනකල් මට අද වැඩ වැටිලා තිබුනා. ඒ අස්සේ කස්ටමස්ලට ඩ්‍රින්ක්ස් අරන් යනකොටයි මන් දැක්කේ යෙඔන්ජුන් කල්බ් එකේ කොනේම මේසෙක මන් දිහා බලගෙන හිනා වෙවී ඉන්නවා. මේ කොල්ලා මේ වෙලාවේ ඇයි. මට හිතෙන්නෙම යෙඔන්ජුන් මට අනුකම්පා කරනවා කියලමයි. ඒ මුනේ මන් ගැන ඇදිලා තිබ්බේ ලොකු ලෙන්ගතුකමක්. ඒත් ඒකට මම කැමති නෑ. මට බෑ කාටවත් දුකක් දෙන්න.
මම ඔඩස් ටික කස්ටමස්ලට දීලා යෙඔන්ජුන් ඉන්න තැනට ගියේ එයාව බැනලා ගෙදර යවන්න හිතා ගෙනයි.
" සෙන්ගි චුගා හෙයොන් 🤗🎁🎊️ "
"ආශ්... කෑ ගහන්න එපා😬.."
" ආ👂 මේ බලන්නකෝ කට්ටිය..... මෙන්න වැඩක්👀... යකඩෝ....හෙ හෙ පැනලා යන්නද හැදුවේ තේහෙයොන්ග්🤨.. අද උපනදිනේ කියලා කිව්වෙත් නෑනේ... "
"ඒක තමයි... යෙඔන්ජුන් මල්ලි, ඔයා කියනකල් අපි දන්නෙත් නෑ. හා හා තේහියුන්ග්ශී ඔන්න පැනලා යන්න බෑ.. අද පාටි ඔනේ.. ඔන්න බෑ කියලා පැනලා යන්න බෑ😌. "
"ආ.. මේ... ආශ්.. යෙඔන්ජුන්.. ඔයානම්😐.."
"මියානේ හෙයොන්.. 😂 හේනම් හැමෝටම පාටි දෙන්න වෙයි අද හෙයොන්ට.."
මේ කොල්ලා කෑ ගහලා කිව්වම වටේ හිටපු අයත් එතනට එකතු උනා. හ්ම් දැන් ඉතින් බේරිල්ලක් නෑ. හැමෝටම පාටි දෙන්න වෙනවා. ඒත් වැඩ ඉවර වෙන්නේ පාන්දර 1ටනේ..
"එහෙනම් වැඩ ඉවර උන ගමන් ක්ලබ් එකේම පාටිය දාමු.. හරි එහෙනම් ගායිස්.. ඔන්න අද එලිවෙනකල් පාටි දාමු🕺..."
"හෙයොන්.. එහෙනම් මන් ඒ වෙලාවට එන්නම්😉.."
"පාඩම් කරන්න ගෙදර ගිහින් පාටි දානවා මන්😤. ඊටත් මෙතන ඔයාට හරියන්නෑ.. යන්න ගෙදර දැන්.."
"අනේ හෙයොන්... අනේ අනේ... "
"කිව්වනේ සැරයක් යන්න දැන්..🤨"
"හුම් 😖"
යෙඔන්ජුන්ව කියලා කියලා යවා ගත්තා. අනේ මේ ලමයා ඇයි මන් ලගින් ඉන්න හදන්නේ. හොදටම දැන ගෙනත් මට වැඩි කාලයක් නෑ කියලා😞 හ්ම්..
මට මෙහෙම කාටවත් ලන් වෙන්න බෑ එක මන් කරන ලොකු වැරැද්දක්. යෙඔන්ජුන්ව තරහා කරගන්න මට හිතෙන්නේ නෑ. එයා හරිම බොලදයි. පොඩ්ඩක් ඇත්තන් අඩනවා හරියට මගේ මොචි බෝලේ වගේ.
මට මේලෝකේ තවත් ඉන්න ඔනේ නෑ මොචි.. අනේ ඉක්මන්ට මාවත් ගන්න.. 😞
දැන් රෑ 11ත් පහු.
හැමෝම වගේ වැඩ. උදේ ඉදන් තිබුනු ඔලුවේ කැක්කුම දැන්නම් හොදටම වැඩී😶. බෙහෙත් බිව්වේ නැති නිසා වෙන්න ඇති. හ්ම් තව ටිකකින් ගිහින් බොනවා.
ටිකක්වෙලා යද්දී ක්ලබ් එකේ මැඩම්ගේ දුව ජේන් ආවා. කල්බ් එකේ හැමෝම මිස්ට ආචාර කලා. හැමෝගෙම අවදානේ තිබ්බේ මිස්ට. හැමෝටම අත වනාගෙන මිස් කෙලින්ම ඇවිදන් ආවේ මන් හිටපු තැනට. මම දැක්කත් නොදැක්කා වගේ වැඩ කරගෙන ගියා.
"ඔහ් හෝ... අදනම්... ඔයා මාරම කූල්... මට ආරන්චී අද මෙතන එක්කෙනෙක්ගේ විශේෂ දවසක් සමරනවලු. ඔන්න මාත් ආවා ඒක සමරන්න.. "
ඒත්... කවුද.. මිස්ට කිව්වේ ඒක..
මන් මොනා කියලා කියන්නද.. මිස් දිහා බලන් හිටියා මොකුත් කියාගන්න දෙයක් නැති නිසාම. මේසේට බර උනු මිස් මට ෆලයින් කිස් එකක් දීලා හිනාවෙලා යන්න ගියා. මිස්ට එන්න එපා කියන්නද ඉතින් මම. හ්ම්.. එයාලම තීරනය කරලා අන්තිමට මාව ගාව ගන්නවා...
................🎊️
පාන්දර 4ත් පහුවෙලා බෝඩිම ලගින් මාව මිස් ඩ්‍රොප් කලා. එපා කියද්දී බලෙන්මයි මාව දාන් ආවෙත්.
හ්ම්...
මිස් හැසිරුනු විදිහනම් හොද නෑ. මන් හිතන්නේ මෙතනිනුත් මට යන්න කාලේ හරි වගේ😞.
බෝඩිම් කාමරේ ලගට යනකොටයි මම දැක්කේ ඇතුලෙන් ලයිට් දාලා තියෙනවා. හ්ම් යෙඔන්ජුන් වෙන්න ඇති. ඒත් මේ මහා පාන්දර
ඇතුල්ට යද්දී මන් දැක්ක දෙයින් හොදටම කලකිරුනා😥. යෙඔන්ජුන් මන් වෙනුවෙන් මුලු රෑම මෙතන ඉදලා. මේ කොල්ලා හොදටම දන්නවා මන් එද්දී පරක්කු වෙනවා කියලා. හ්ම්...😟
කොල්ලට බිමම නින්දත් ගිහින්.
කේක් එකේ ඉටිපන්දමත් දිය වෙලා හොදටම.
මම ඇදේ බෙක්ශීට් එක අරගෙන යෙඔන්ජුන්ට පෙරෝනකොට කොල්ලා ඇහැරුනා.
"හෙ..හෙයොන්.. ඔයා එන්න පරක්කු උනානේ... කේක්... මන් ඔයාව සප්‍රරයිස් කරන්න හිටියේ😣... අනේ ඒත්..☹️"
"මන් කිව්වනේ ඔයාට. කෙලින්ම ගෙදර යන්න කියලා නේද කිව්වේ මෙතන මොනාද කරන්නේ.. මෙහෙම කරන්නේ ඇයි.. මන් දන්නවා හැමදේම. ටික කාලයක් ජීවත් වෙන මට ඔයා අනුකම්පා කරනවනම් ඒක දැන්ම නවත්තන්න. මට කාගෙවත් අනුකම්පානම් ඔනේ නෑ. මීට පස්සේ මේ පැත්ත පලාතේ එන්න එපා.. "
මට ඔනේ උනේ නෑ එහෙම කියන්න. ඒත් දුක වැඩි කමටයි කෑ ගැහුනේ. යෙඔන්ජුන්ගේ ඇස් වල කදුලු පිරුනා. මන් කෝමද දෙයියනේ බලන් ඉන්නේ මෙහෙම. ඒත් යෙඔන්ජුන් ඔයා මා එක්ක ඉන්න එපා. ඔයා මට ලන් වෙනවා වැඩී. ඒක ඔයාටමයි හොද නැත්තේ. මන්නම් යයි. ඊට පස්සේ ඔයා මොනා කරන්නද.. යාලුවෙක් නැති උනාම කොච්චර දුකද ඒක මම තරම් වෙන කවුද දන්නේ .. අද මේ තත්වේ ඉන්නෙත් මම ඒ දේවල් නිසයි. යෙඔන්ජුන් තේරුම් ගන්න...😞
"යනවා මෙතනින්..😠"
"හෙ..හෙයොන්.. ඇයි මට මේම.. කතා කරන්නේ... හෙ..හෙයොන්..ද..දන්නව..ද.. එතකොට.. හැම..දේ.."
"ඔව්..ඔව්..ඔව්...😡..දන්නවා.. මට මොනාද කරන්න කියන්නේ.. ආ..."
"හෙයොන්.. මට ඔනේ.. හෙයොන් එක්ක ඉන්න විතරයි..😫 මන් දන්නවා හෙයොන්ට හොදවෙයි.. හෙ"
"නෑ නෑ නෑ... මට හොද වෙන්න ඔනේ නෑ.. මට මේ ලෝකේ තව එක මොහොතක්වත් ඉන්න ඔනේ නෑ...😤 යනවා දැම්ම එලියට..😡"
ඔලුවේ කැක්කුම නිසා හැමතැනම හුගාක් අදුරුවෙලායි පෙවුනේ. ඒ මදිවට බොදයි. එකපාරටම උගුර දැවිල්ලක් අරගෙන කැස්සක් ආවා. කටට අත තියලා මම යෙඔන්ජුන්ගෙන් ඈත් වෙලා කහින්න ගත්තා. යෙඔන්ජුන් අඩ අඩම මන් ලගට ඇවිත් පිට අත ගාන්න ගත්තා. ඒත් එයා මාව අල්ලනවත් මට දැනුනේ නෑ. මගෙ මුලු ඇගම පන නැති වෙනවා. බිත්තියට වාරු වෙලා හුගවෙලාවකට පස්සේ අමාරුවෙන් මම කහින එක නතර කරා. එතකොටයි මම දැක්කේ
"ද..ද..දෙ..දෙ...වියනේ..ලේ...ලේ...හේ.."
යෙඔන්ජුන්ගේ කටහඩ මට හිමීට ඇහුනා. ඒත් එක්කම හැමතැනම අදුරෙන් වැහිලා ගියා.
ඇස් පියා ගනිද්දී දැක්ක සුදුපාට එලියත් එක්කම මම දැක්කේ මොචී ලස්සන සුදු ඇදුමක් ඇදගෙම මන් දිහා බලාගෙන හිනා වෙනවා ඒත් ඒක්කම එයා මට එන්න කියලා අත වැනුවා. මේක ඇත්තක්මද..
මම මැරුනද.. 😶
එතකොට මන් දැන්.. මොචී එක්කද..
__________________________________
Hi gyz 😉
හායි ගායිස්... මම හොද ලමයෙක්.. 🤗
කෝමැයි ජීවිතේ ලමයි.. 👀
ඔන්න ඉතින් දැන් මොනාවයින් මොනා වෙයිද කියන්න බෑ හුදේ. අපි බලමු... 🤔
Enjoy 😂
Ishki_
Bạn đang đọc truyện trên: AzTruyen.Top