🥀 අතුරුදහන්වෙලා
"නෑ.... එපා....😰 එපපපා..."
"ෂ්...🤫 "
ටේ කෑගහන්න යද්දිම ටේගේ කටට ඇගිල්ල තියලා කෑ ගහන්න එපා කිව්වා. ටේ ඒ ඇගිල්ලෙ සීතල නිසා තවත් බය උනා. එයාට ඒ වගේම සීතලක් දැනිලා තියෙනවා වගේ තේරුනා. ටිකවෙලාවක් යද්දී කලුවර අතරින් ටේ දැක්කා කවුද ඒ කියලා.
"ජන්..කුක්.. ඔ..ඔ..යාට.. පිස්සු..ද..😬"
"ඔව්.. ඔයාව දැකපු දවසේ ඉදන් පිස්සු වගේ මට... හැමතැනම ඉන්නේ ඔයා.. ආශ්... ඔයාට මොකක්ද තියෙන බලේ.. මාව වශී කරගන්න.. ආ.. ඔයා කවුද.. ඔයාට වශී කරගන්න පුලුවන් බලයක් තියේනවා නේද.. හ්ම්..ආශ් සුවදයි... ම්..."
ටේගේ බෙල්ල ලග හිමීට ඉබින ගමන් ජේකේ කිව්වා. ටේ අන්දුන්කුන්දුන් වෙලා ගියා මේකා කියන කතා වලට. ටේ ගල්වෙලා කලුවර අතරින් පේන් දිලිසෙන් ඇස් දිහා බලන් හිටියා. ටේ දන්නවා ජේකේ කියවන්නේ ටිකක් වැඩි වෙලා නිසා කියලා.
"ජ..ජ..න්කුකා.. ගිහින්.. නිදා ගන්නකෝ... 😳.. මො..මොනාද කියවන්නේ.. මේ...."
ටේ ලැජ්ජාවෙන් ඇබරෙන්න ගත්තා. බදාගෙන හිටපු කොට්ටෙන් මූනේ භාගයක්ම වහගෙන ටේ ඇස් දෙක විතරක් පෙන්න කොට්ටේ තියාන් හිටියා. ජේකේ ටේගේ මේ හුරතල් පෙනුමට ඇවිස්සෙන්න ගත්තා. හිමීට ටේගේ මූනේ තිබ්බ කොට්ටේ අයින් කරපු ජේකේ
"ම්හ්.. යන්න බෑ... යන්න බෑ... මට තෑග්ගක් දුන්නෙත් නෑනේ.... මන් බලන් හිටියේ ඔයාගේ තෑග්ග දෙනකල්... කෝ... කෝ... මට දැන්ම ඔනේ... නැත්තන්.. අද ඔයාව මගේ කර.."
"දෙන්න..ම්... දෙන්නම්.. ජන්කුක්.. අනේ.. ඔයා අනී... එහාට යන්න.... ජන්කුකා... ඉන්න.. ඔයා ලග සීතලයි.. යන්නකූ...මට සීතලයි..."
ජන්කුක් ටේගෙන් තෑග්ග ඉල්ල ඉල්ල ටේගේ මූන ඉබින්න ගත්තා. ටේ කොට්ටෙ ඇද ඇද මූන වහගන්න ගමන් අත එලියට දාලා එයා මේසේ යටින් හංගපු බොක්ස් එක අරගන්න ගමන් හිමීට කිව්වා.
ජේකේට බොක්ස් එක දීපුවහම හිනාවෙවී බොක්ස් එක අතට ගත්ත ජේකේ හුරතල් විදිහට හිනාවෙවී ඒක දිග අරින්න ගත්තා.
"හිම නගරයක්.. 😍 වාව්... මම ආසයි හිම වලට.. හෙයොන්ලා එක්ක හිම සෙල්ලන් කරන්න...මන් ගොඩාක් ආසයි... මේක ලස්සනයි..මගේ වින්ට බෙයා පැටියෝ"
කලුවර අතරින් ජේකේ ටේ දුන්න වීදුරු බෝලේ ඇතුලේ තියෙන ලස්සන බලන්න ගත්තා. ජේකේගේ ඇස් දිලි සෙනවා.
"හී හී... 😍😚"
ජේකේ ටේගේ ඇග උඩට නැගලා ටේගේ කොට්ටේ හයියෙන් එහාට ඇදලා දාලා ටේගේ මුලු මූනම කිස් කලා. ටේ දියවෙන්න ඔන්න මෙන්න ලැජ්ජාවට. ජේකේ වීදුරු බෝලේ පපුවට තුරුල් කරගෙන ටේගේ ඇදෙන් බැහැලා යන්න ගියේ ටේව හොදටම අපහසුතාවයට ලක් කරලා. ටේ ජේකේ ගියපු ගමන් රෙද්දෙන් ඔලුව ඉදන්ම පෙරෝගෙන ලැජ්ජාවෙන් හිනා උනා.
.................🌄
ටේ පුරුද්දක් විදිහට ගොඩාක් වෙලාවට ආච්චිව බලන්න යනවා. ඉතින් ටේ ගෙදර ගියා. ටේ එක්ක චිමිටත් එන්න ඔනේ ගෑව නිසා චිමි ජෙමිනුත් ටේ එක්ක ගියා. ආච්චි වෙනදා වගේම රසම රස රැමන් කට්ටියට හදලා දෙද්දී ජෙමිනි එක කටට උනුවෙන්ම ගිලලා තව තව ගගා ඉල්ල ඉල්ල කෑවා.
කට්ටියම නගරෙත් ඇවිදලා ටේගේ අච්චි එක්ක සාප්පු සවාරි ගියා.
"මොනාද තේහියුන්ග් බලන්නේ... මන් දැන් හුග වෙලාවක ඉදම් දැක්කේ උයා හැමතිස්සෙම පිටිපස්ස බලනෝ.. එකපාරට... කවුද ඉන්නේ...කූ.. කවුරුත් නෑනී..."
ටේ ගැස්සිලා පිටිපස්ස හැරිලා බලද්දී ටේගේ කර උඩින් ඉස්සිලා චිමී බැලුවා ටේ කා දිහාද මේ හැරි හැරි බලන්නේ කියලා. ටේ ඔලුව වනලා දන්නෑ කියන්න වගේ චිමීට හැගෙව්වා. ඒත් ටේ මොකක් හරි දේකට බය වෙලා.
මහ දවාලේ කට්ටිය හොදට ඇවිදලා ටිකක් හවස් වෙද්දි ගෙදර යන්න පිටත් උනා. බඩු වගේකුත් බරටම උස්සගෙන චිමි දුවගෙන කා එක ලගට ගිහින් ජෙමින්ට කෑ ගහලා
"හෙයොන්.. හෙයොන්.. මෙන්න... වැටෙනෝ.. ඉක්මන්ට අරින්ඩෝ.. හෙයොන්..අයියෝ වැටුනා... හනී ඒක දඩෝන්...😣 හෙයොන්.. අනී..."
ච්මි ඔක්කොම බඩු ටික වට්ට ගත්තා. වැඩ්ඩා වගේ අරන් ආවට සමබර කරගන්න බැරි උනා චිමිට. ජෙමින් හිනාවෙවී චිමිට උදව් කලා ආච්චිත් කෙල්ල වගේ දුවන් ගිහින් ච්මිට උදව් කලා. ටේ හති දදා ආච්චිගේ බඩු ටිකත් උස්සගෙන එනවා.
එකපාරටම හුරුපුරුදු සීතලක් දැනුනා. ටේව නිකන් අදුරු පාරක දැනෙන අමුතු හෑගිමක් එයාගේ පිටිපස්සෙන් දැනුනා. හරියට එයාගේ හීනේ වගේ. ටේ පිටිපස්ස හැරිලා බැලුවා. ටේ ලග චිමි ජෙමින් ඉන්න නිසා ටේට බයක් දැනුනේ නෑ.
කවුරුත් නෑ. පාරේ එහාට මෙහාට දුවන මිනිස්සුනම් ඉන්නවා. ඒත් වෙන කවුරුත් නෑ. ටේ හිටිය තැනම පිටිපස්සෙන් ටිකක් එහාට වෙන්න පාලු පාරක් තිබ්බා. ඇතුල්ට යන්න යන්නම කලුවරයි මහා මූසල පාටයි. ටේගේ බය එන්න එන්නම වැඩි උනා. ටේ දැක්කා කුනු ගොඩක් අතරින් රතුපාර දෙයක් දිලිසෙනවා. ටේ ගැස්සුන පාර බඩුටික ඔක්කොම බිම වැටුනා. ඒත් ටේට තේරුනේ නෑ එයාගේ අතින් බඩු ටික වැටුනා කියලා. ටේ ගල් ගැහුලා ඔහේ බලාගෙන හිටියා. අත් දෙක හොදටම වෙව්ලන්න ගත්තා.
නිකමට වගේ චිමි එයාගෙ අතින් වැටිච්ච බඩු අහුලන ගමන් සාප්පුව දිහා බැලුවා ටේ ඇයි පරක්කු කියලා. ටේව දැක්කා විතරයි චිමීට මෙලෝ සිහියක් නැති උනා. අතේ තිබ්බ බඩු ටිකත් දාලා චිමි ටේ ලගට දුවගෙන ආවා. තව පොඩ්ඩෙන් එයාට අමතක වෙනවා එයා ඉන්නේ මිනිස්සු එක්ක කියලා. හුලග වගේ දුවන් යද්දිම වේගේ බාල කරලා ටේ ලගට දුවගෙන ගියා කාටවත් දැනෙන් නැති වෙන්න.
ටේ වැටෙන්න ඔන්න මෙන්න. චිමි ඉක්මන්ට ටේව අල්ල ගත්තා. ටේ පාලු පාර දිහා කටත් ඇරගෙන බලාගෙන බයෙන් අඩනවා. චිමි දුවද්දී ටක්ගාලා ජෙමිනුත් බැලුවා. ජෙමින් දිව්වේ ටේ ලගට නෙවේ ටේ බයවෙලා බලන් ඉන්න පාලූ පාර දිහාවට.
ජෙමින් ඒ පාලු පාර ඇතුල්ටම ගියා. අදුර අතරින් ටිකක් දුර ගිහින් ජෙමින් එතනම නැවතුනා. ජෙමින් ආපස්සට දුවන් ආවේ කට කොනට හිනා වෙගේන චිමි දිහා බලන ගමන් අවුලක් නෑ ඔක්කොම හරි කියන්න වගෙයි. ඔක්කෝටෝම වඩා බය වෙලා ඉන්න චිමි ඉක්මන්ට ටේව අරගෙන කා එකට ගියා. ආච්චි කිසි දෙයක් දන්නෑ. එයා වැටිච්ච බඩු අහුලනවා. චිමි ටේව අරන් එද්දීයි ආච්චි දැක්කේ ටේගේ මූන. හොදටම දාඩිය දාලා කොල්ලගේ අතපය ගැහෙනවා. ආච්චි හොදටම බය උනා.
" අනේ... ඇයි මේ... අදේ..(adeul- පුතා).. මොකද උනේ... "
ටේ ගේ ආච්චි එයාගේ පපුවත් අල්ලගෙන ටේ ව අල්ලගත්තා. ටේ අදුර අතරින් මොකක්රි දැකලා. ටේ ආච්චිට කියන්න හැදුවත් ටේට කිසි දෙයක් කියාගන්න බැරි උනා. ඒ තරමටම ටේ බය වෙලා. කට්ටියම කා එකට නැග්ගහම ජෙමින් 60ටම පෑගුවා. කට්ටිය ඉක්මන්ට ගෙදර ආවා. චිමි පුලුවන් තරම් ටේවයි ආච්චිවයි සංසුන් කලා. චිමීගේ කරට ඔලුව තියාගෙන හිටපු ටේ ටිකක්වෙලා යද්දී මොනාදෝ මිමිනුවා. ඒ දේ ආච්චිට හැර චිමිටයි ජෙමින්ටයි එයාලගේ සංවේදී කන් වලට හොදට ඇහුනා. ටේ කිව්ව දේ නිසා චිමි ටිකක් පුදුමත් උනා වගේම බයත් උනා. ටේ හැමදේම දැන ගන්න මහලොකු කාලයක් නෑ කියන එක චිමි තේරුම් ගත්තා.
කට්ටියම රෑ ටේගේ ගෙදර නැවතුනා. ටේට නින්ද යනකල් චිමි ටේ ලගට වෙලා හිටියා. ආච්චිටත් නින්දක් නෑ. ඒත් ආච්චිට නිදා ගන්න කියලා ටේ අමාරුවෙන් කියද්දී ආච්චි එයාගේ බෙහෙත් බීලා නිදා ගත්තා ටේට බෑ කියන්න බැරි නිසාම. චිමිත් ලග හිටපු නිසා ආච්චිට බය හිතුනේ නෑ. ටේ මොනාටද බය උනේ කියලා ආච්චි තාම හිතා ගන්න බෑ.
චිමී ටේට නින්ද ගියහම ටේගේ එහා පැත්තෙන් පොඩි බබෙක් වගේ ගුලි වෙලා නිදා ගත්තා.
...........................⏳.
.
.
පාන්දර 1.00යි..
ටේ ගැස්සිලා ඇහැරුනා. ටේ හීනෙන් ආයෙත් බය වෙලා. ටේ හිමීට නැගිටලා එලියට ගියේ කාමරේ වතුර බෝතලේ වතුර ඉවර නිසයි. ටේ හිස් වතුර බෝතලෙත් අරගෙන වතුර එකක් පුරෝ ගන්න ගියා. ටේ යද්දි නිකමට වගේ ආච්චිගේ කාමරේට ඔලුව දාලා බැලුවා. ආච්චි නිදිද බලන්න. ටේ ඔලුව දාලා මොකක් හරි වෙනසක් නිසා ආච්චිගේ කාමරේ ඇතුල්ට ගියා. ටේ ආච්චිගේ ඇද ලගට ගිහින් බලද්දී ටේ දැක්කේ ආච්චි ඇදේ නෑ කියලා.
"අදේ........ බේර...බේරගන්න..... තේහියුන්......"
එකපාරටම කාමරේ එලියෙන් ඇහුනු සද්දේ නිසා ටේගේ අතේ තිබ්බ බෝතලේ බිමට වැටුනා. ආච්චි කෑ ගහනවා බේර ගන්න කියලා. ටේ දෙපාරක් නොහිතා දුවලා ගියේ තමන් ගැනවත් හිතන් නැතුවයි.
"ආච්චි.... ආච්චී....."
ටේ ගේ හැමතැනම හෙව්වා. ආච්චි නෑ. ආයෙත් අර කෑ ගැහිල්ල ගෙදරින් එලියේ ඇහෙන්න ගත්තා. ටේ ඉක්මන්ට එලියට දුවලා ගියා. ටේ ගේ කෑ ගැහිල්ල නිසා සාලේ සෝෆා එකේ නිදාගෙන හිටපු ජෙමින් ඇහැරුනා. ජෙමින් තප්පරේට ටේගේ කාමරේට ගියා. චිමි විතරයි ඇදේ ඉන්නේ. ටේ නෑ. ජෙමින් ඉක්මන්ට චිමීව නැකිට්ටුවා. චිමි ඇස් දෙකත් පුංචි කර කර ටේ දිහා බැලුවා. ඒත් ටේ එතන නෑ.
"ආහ්.. නෑ😳... හෙයොන්.. තේහියුන් මෙතන හිටියා😰... අනේ... හෙයොන්... කෝ😫..."
චිමි බය උනා. චිමීගේ ඇස් වලින් කදුලුත් එන්න වගේ. කාමරේ පුරාම බැලුවා ටේ නෑ. මුලු ගේම පීරුවා ටේ නෑ. චිමියි ජෙමින්නුයි ආච්චිගේ කාමරේට ගියා. ආච්චිගේ ඇදලගට යද්දී ආච්චි නිදී. චිමි ඇහැරවන්න හැදුවත් ජෙමින් චිමීව නැවැත්තුවා. චිමී එයාගෙ කට අත් දෙකෙන් තදකරගෙන අඩනවා. ජෙමින් ආයෙත් පිටිපස්සට හැරුනේ ටේව හොයන්නයි.ජෙමින්ගේ කකුලට හැප්පුනේ ටේ පුරවන්න අරන් ගියපු වතුර බෝතලෙයි. ජෙමින්ට සැක හිතෙන්න ගත්තා. චිමිගේ අතින් අල්ල ගත්ත ජෙමින් ටේගේ සුවද ඉව කරන්න ගත්තා. ගේ ඇතුලේ හැමතැනම ටේ ගේ සුවද නිසා ජෙමින්ට ගියපු පාර හොයා ගන්න අමාරු උනා.
ජෙමින් එලියට ගිහින් හොද හුස්මක් අරගෙන ඉව කලා. ජෙමින් ටේගේ සුවද අල්ල ගත්තා. තප්පරේට ජෙමින් කලුවර අතරින් වීදී දීගේ චිමිගේ අතින් අල්ලගෙන ටේව හෙව්වා. ටිකක් දුර යද්දී ටේගේ සුවද මග ඇරුනා.
"නෑ නෑ නෑ.... අනේ හෙයොන්ග්... තේහියුන්ව අල්ලගෙනද.... අනේ හියුන්ග්....😭"
චිමි හොදටම අඩනවා. එකපාරටම චිමිගේ කට තද කරලා ජෙමින් චිමීවත් ඇදගෙන පාර කොනේ තිබ්බ ලී ගොඩක් අස්සේ හැංගුනා. ජෙමින්ට ඇහුනු අඩි සද්දේ නිසා
ජෙමින් චිමීට කෑගහන්න එපා කියාගෙන ලී ගොඩ අස්සෙන් බලන් හිටියා. අදුර අස්සෙන් යකඩ පොල්ලක් අරගත්ත කෙනෙක් බිම බලාගෙන ඇවිදන් ආවා.
"ජේකේ..."
ජෙමින් අදුර ගත්තා ඒ ජේකේ කියලා. ජෙකේ ජෙමින්ගේ කටහඩ ඇහිලා ඔලුව උස්සලා බැලුවා.
"පැනගත්තා.. ටේ ටේ...ව😰... මට සුවද මග ඇරුනා..."
ජේකේ මහ පරාද උනු දුකකින් කිව්වා. එතකොටම
.........Jin hyung 📲
....................Jk 📱 answer
Jk : - "හෙයොන්... ටේ.."
Jin: - "මන් දන්නවා ජන්කුකා... එයාලා ඉන්නේ පරන මරියා දේවස්තානේ.. ඉක්මන් කරන්න අපි දැන් එන ගමන් ජේකේ වෙලාව නෑ... ඉක්මන් කරන්න.."
...Call end....
හැමදේම ඇහුනු චිමි ජෙමිනුත් පිස්සුවෙන් දුවන ජේකේ පස්සෙන් දිව්වා. ජේකේ හොදටම බයවෙලා. දැනටමත් එයා පරක්කු ඇති.
______________________________________
Hi gyz 🤧
හිමන්තටුවා කෙතලා හිරුවා..😂
මොකෝ ඕම බලන්නේ... අද කෑලි දෙකක්ම දැම්මා හුම් 🤧ඉක්මන්ට දෙන්නම් ඊලග කෑල්ලත්.
ඔන්න රිපෝට් කරපු කෙනාව අපි රිපෝට් කෙරෙව්වා. ලමයි මගේ එකවුන්ට් එකත් රිපෝට් වෙයි ලගදිම. ඒම උනොත් maipsurika කියන මගේ අනික් එකවුන්ට් එකෙන් මම කතාව ආයෙත් දානෝ. ( ෆලෝ කරන්න හුදේ) ඒකත් රිපෝට් උනොත් maip..ඔය කෑල්ල දාලා මම තව එකවුන්ට් එකක් හදන් ඇවිත් සම්පූර්න කතාවම දානෝ. හේ හේ මන් බය වෙයි සසෙන්ග්ලට.
ආර්මි ආර්මි ගාගා ඔයාලා එක්ක ඉන්න අයගෙන් පරිස්සන් වෙන්න. පේනවනේ. මේ රිපෝට් කරපු කෙනාත් ආර්මි කිය කිය තමා ඉන්නේ. ඒත් එයා හේටස්ලට ff ගැන කිව්වා. දැන් හේටස්ලා ff වල කෑලි අල්ලන් දගලයි. අනේ අපේ මේ කතා 150ක් විතර ඇති ඕන්නම් ඉතින්. ඔය වැඩෙන් මුලු ලෝකෙන්ම bts ship ff ලියන මිලියන ගානක් මිනිස්සුන්ව නවත්තන්න පුලුවන්ද මන් අහන්නේ. අපි නැවැත්තුවත් අර මිලියන ගාන දාන ff නවත්තන්න බෑනේ. ශිට් දැම් හේටස්ලා මේ ගැන දැන ගන්නවා. සෝ පීස් කතා කරන්න ඔය සසෙන්ග්ලට විරුද්දව.
Enjoy 🙇
Ishki....
😍
Bạn đang đọc truyện trên: AzTruyen.Top