🥀හාදුවට බාදාවක්
අද අහස හරිම ලස්සනයි... 😍
මම කලුවරට මෙච්චර බය වෙන්නේ ඇයි කියන්නනම් දන්නෑ. ඒත් රෑ අහස කොච්චර අදුරු උනත් තරු වලින් මුලු අහසන ලස්සනට එලිය කරනවා.😍
හෙයොන්ලා මාව හොයනවා ඇති. ඒත් මෙයා කියනවනේ එයාලා ගෙදර එන ගමන් කියලා.
...............🕠...........
.
.
"හෙයොන්..🗣️😭😭 අනේ එන්නකෝ...."
මම කොච්චර හයියෙන් කෑ ගැහුවද..
අනේ මගේ හෙයොන්ට මාව ඇහෙන්නෙ නෑ.... ඉස්සෙල්ලා ඇහුනු සද්ද හැම එකක්ම නැවතුනා මම කෑ ගහද්දී. මට බයයි.... ගොඩාක් බයයි... මාව ගැහෙනවා හෙයොන්.... 😭
මන් ලග කවුරු හරි ඉන්නවා... මන් දැක්කා ඒ ඇස්..... ඒවා කහාපාටින් දිලිසුනා 😨
මට බයයි 😭
ඒ වෘකයෝද...?😨😭 උන් මාව මරයිද...😭
අනේ හෙයොන්..... මාව බේරගන්නකෝ...😨😭😭 මාව මරයි....
" ජිමින්.... නැගිටින්න..."
කවුද ඒ..... 😨 මාගේ ඔලුව අල්ලන්නේ කවුද...? 😭
අනේ.... හෙයොන් මාව මරන්න යන්නේ.....😭😭😭😭😭
"හෙයොන්.....🗣️😭😭😭😭"
අනේ එන්නකෝ...... හෙයොන්.....😞 ටේ.....ජේකේ.... අනේ මට බයයි.... මගේ හෙයොන්....මට බයයි....😞 අනේ මම අඩනවා... අනේ එන්නකෝ....😞😭
"බය වෙන්න දෙයක් නෑ.... මෙතන කවුරුත් නෑ....හැමදේම දැන් හරි... මේ අහන්න ඔයාගේ ජින්හෙයොන් ලගට මම එක්කන් යන්නම් ඔයාව... එන්න දැන් මා එක්ක..."
අනේ මට බයයි... හයියෙන් අඩන ගමන් මම ඒ කෙනා දිහා ඔලුව උස්සලා බැලුවා. හෙයොන් කිව්ව දේවල් ම්ට දැන් මතක් වෙනවා. කා එක්කවත් කතා කරන්නවත් එපා කිව්වා කවුරු කියන දෙයක්වත් අහන්න එපා කිව්වා...
බිම ඉදන් හිටිය මම මගේ ලගින් හිටන් ඉන්න එයාව දැක්කේ ලොකු පොල් ගහක් වගෙයි. එයා ගොඩාක් උසයි. ඒ එ.. එයාගේ ඇස් රතු පාටයි..😟
ඒ මූන දැක්කම මට මතක් උනේ මගේ හෙයොන්ව...
මට කෑ ගහන්න හිතුනා අයෙමත්.. ඒත් මම ඒ කෙනා දිහා ඉකි ගගහා බලන් හිටියා.. එයාගෙන් මට කිසි කරදරයක් වෙන්නෑ කියලා මට හිතුනා..
එයා මගේ ඔලුව අත ගානවා.
එයා මන් දිහා බලාගෙන ලස්සනට හිනා වෙනවා.
මට එයාව දැකලා පුරුදුයි...
ඒත් හරියටම දන්නෑ.... මම දන්නෙම නැතුව මගේ ඇඩිල්ල නතරත් වෙලා...
එයා එයාගේ දිග අත මට නැගිටින්න කියලා දික් කලා. ඒ දිහා ටිකක් වෙලා බලන් ඉදලා මම මගේ අත දික් කලා. මගේ අතට වඩා ඒ අත හරිම ලොකුයි.
මට දැනුනේ ලොකු ආරක්ශාවක්.
මගේම මගේ...ම කියලා කෙනෙක් මන් ලග ඉන්නවා වගේ..
ඒත් මට දැන් හෙයොන් ලගට යන්නයි ඔනේ...
යන්න ඔනේ උනත් එයාලා කොහෙද කියන්න දන්නේ නෑ.. තිබ්බ බයත් දැම් නෑ.. මගේ අතින් අල්ලගෙන එයා ඉස්සරහට ඇවිදගෙන ගියා. මම එයාගේ මූන දිහා බලාගෙන එයාව මතක් කලා..
අපි ගොඩාක් දුර ගියා. ලොකූ කැලේ මැදින් ගියපු අපි අන්තිමට නතර උනේ අපේ ගෙදර ඉස්සරහිම්. අපේ ගේ කැලේට ලස්සනට පේනවා🤩. මෙතන ඉදන් කෙලින්ම පේන්නේ ලොකු හෙයොන්ගේ කාමරේ ජනේලේ.
අනේ මගේ ලොකු හෙයොන් ගෙදර නෑ.
මට සද්ද කරන්න එපා කියලා එයාගේ කටට ඇගිල්ල තියලා කියද්දී මන් ඉක්මන්ට මගේ කටට ඇගිල්ල තියා ගත්තා.
එතකොටම එයා හිනා වුනා🙄.
හරියට මගේ හෙයොන් වගේමයි🤗. මාව පොඩි බබෙක් වගේ උස්සගත්ත එ කෙනා ගෙදර උඩම තැනට ඒ කියන්නේ රූෆ්ටොප් එකට මාව එක්කන් ගියා. හරිම පරිස්සමෙන් බිමින් තියලා මගේ එහා පැත්තෙන් ඉදගත්තා. මගේ කබුල් වල තිබුනුකදුලු ඔක්කෝම වේලිලා ගීම්. මාව ගෙදරටම එක්කම් ඇවිල්ලත් එයාට මට ස්තූති කියන්නත් බැරි උනා. කිසිම දෙයක් කතා නොකරන නිසා මම කතා කලා
"ගම්සම්මිදා..."
"ඔයාගේ හෙයොන් ඔයාව බේර ගත්තම ස්තූතිකරන්නේ නෑනේ නේද... ඒහෙනම් මටත් කරන්න එපා... ඔයාගෙම අයට ස්තූතිකරන්න ඔනේ නෑ.. මොක්ද ඒක යුතුකමක්නේ..."
මගේම කෙනෙක්ලු.... ජින් හෙයොන්ගේ යාලුවෙක්ද... 🙄 ඒම වෙන්න ඇති.. එයා හරිම හොදයි..🤗 ආයෙත් කතාවක් නැතින්නිසා මට කම්මැලි හිතුනා. ලොකු හෙයොන් වත්තාම නෑ..
"ජින් හෙයොන් ලගට.."
"හ්ම්... එයා දැන් එන ගමන්..."
"එතකොට මගේ හෙයොන්.."
"එයාලාත් දැන් ගෙදර එන ගමන්..."
.........................
මම අහන අහන ඒවට එයා හරිම ලේසියෙන් උත්තර දුන්නා. අහස දිහා බලාගෙන අපි දෙන්නම මොනාදෝ හොයනවා. සැරින් සැරේ මා දිහා බලපු එයා කිව්වෙම මගේ ඇස් ලස්සනයි කියලමයි. ටික වෙලාවකින් මම ඇහුවා එයා කවුද කියලා... අපේ ගෙදර තීන තැනත් යා දන්නෝ ඒ විතරක් නෙවෙයි එයා මගේ නමත් දන්නෝ... නෑ නෑ හැමෝවම දන්නවා ජින් හෙයොන්ගේ ලගම යාලුවෙක්ද කොයිද..🤗
"තකොට.....ඔයා..."
"ඔයාගේ අප්පා... "
😶....
"ජිමින්...."
ඒ ඒ... ලොකු හෙයොන්... රූෆ්ටොප් එකේ කෙලවරට වෙන්න ලොකු හෙයොන් හිටන් හිටියා. දූලා ගීම් මම ලොකු හෙයොන්ව බදා ගත්තා.
" ජිමින්... දැන් හොද ලමයා වගේ පල්ලෙහාට යන්න ඔයාගේ හෙයොන් ඔයාව හොයනවා.."
මම තවත් බලන් ඉන්නැතුව ඉක්මන්ට පල්ලෙහාට ගියා. ජින් හෙයොන් එතනම නැවතුනා.
එයා කිව්වේ ඇයි එයා මගේ අප්පා කියලා...
මට අප්පා කෙනෙක්...😶
* no one p.o.v. *
චිමි හිටියේ ලොකු පැටලිල්ලක.එයාට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. එකපාරටම ආපු කෙනෙක් කියනවා එයා එයාගේ අප්පාලු. ජිමින් ඔලුව කස කස බිම බලාගෙන පැටලිල්ල ලෙහ ලෙහ ගේ ඇතුල්ට ඇවිදගෙන ගියා.
"එනකල් තමයි හිටියේ... 😑.."
ඔන්න ඉතින් චිමි ඉවරයි.
ජෙමින් මග රැකගෙන ඉදලා චිමිව අල්ලගෙන ඇතුල්ට ගියේ කෑ ගහගෙනයි. මොනා කරන්නද ඉතින් බැනුම් අහගන්නත් එපැයි
මේ අතරේ ජින් ජිමින්ව පල්ලෙහාට යවලා එතනම හිටගෙන එහා කොන දිහා බලන් හිටියේ මම මොනාද දැන් කතා කරන්නේ කියලා හිතාගෙනයි.
"හ්ම්....ජින් හැමදාම වගේ අදත් පරක්කුයි.."
ජින් එතනම හිටගෙන හිටියා හරියට පිලිමයක් වගේ.
"බිග් බ්‍රදර්... මියානේ...."
ජින් ටිකක් ඔලුව පාත් කරන ගමන් කියද්දිම ජින්ගේ මූන ඉස්සරහින් ඒ තප්පරේට හිට ගත්ත නම්ජුන්, ජින්ගේ පිරුනු කම්බුල් දෙක තදින්ම මිරුකුවා. ජින් පුදුමෙන් වගේම ලැජ්ජාවෙන් නම්ජුන් දිහා බලන් හිටියා.
නම්ජුන්ට ජින්ගේ කම්බුල් දකිද්දී ඇතිවෙන ආසාව දැන් ඉශ්ඨ කර ගත්තා.කවුරුත් හිතන්නැතුව ඇති නම්ජුන්ට මේ වගේ කාව හරි හුරතල් කරන්න පුලුවන් ඇති කියලා. නම්ජුන්ගේ හිතේ මේ වෙද්දී ජින්ව දැක්කම හුරතල් කරන්න හිතෙන වගේ හැගීම් ගොඩාක් පොදි බැදිලා. මේ හැගීම් ඔක්කෝම හිර කරගෙන නම්ජුන් මේ දවස් ටිකේම හිටියේ ලොකු අමාරුවකින්. එක අතකින් ඒක හරිම වේදනාකරීයි. නම්ජුන් ජින්ට ආදරේ කරනවා..
ඩීමන් ගැන සම්පූර්ණ විස්තර හොයන්න ගියපු කාලයම නම්ජුන්ට ජින්ව මග ඇරුනා. ඒත් ජින්ව නොබලා ඉන්න බැරි උනා. ජින් එදා කා එකේ කැලේට ගියපු දවසෙත් නම්ජුන් ජින් ලග හිටියා. ඒත් ජින් දකින්න කලින් යන්න ගියා. නම්ජුන්ට ඔනේ උනේ නෑ ජින්ව රිද්දවන්න. ජින්ගේ හිතේ තියෙන බය තුනී වෙනකම් නම්ජුන් ඈත් උනා. ඒ කාලය එයා හදා ගත්තා එයාගේ දරුවෝ දෙන්නගෙත් ජේකේගෙත් ජීවිත වලට හානියක් වෙන්න යන ඩීමන් ගැන හොයන්න. කායි වගේම ලීසාත් මේ වෙනකොට ඩීමන් ගැන හැම තොරතුරක්ම හොයනවා. හරියට විස්තරයක් හොයා ගන්න බැරි උනත් ඩීමන් මේ වෙද්දී උඩට ඇවිත් ඉන්න වග නම්ජුන් දැන ගත්තා.
.................🔔.........................
🐈
**********📖️*********
හියුමන් බලඩ් වලින් ජීවත් වෙන වැම්පයර් ලෝකයට වඩා ඩීමන්ගේ ලෝකය වෙනස් එකක්. ඩීමන්ලාගේ බලයන් අදුන ගන්න ලැබෙන්නේ එයාලගේ ඇස් වල පාටින්. එයාලට බලයන් ලැබෙන්නේ ආත්ම වලින්. මිනිස් ආත්ම ලබාගෙන එයාලා හුගාක් ශක්තිමත් වෙනවා.
සුදු ඇස් හිමි ලිලිත් තමයි ඩීමන් ලෝකේ භයානකම වගේම බලවත්ම කෙනා. මේ ලිලිත් වගේම සාතන් එකතු වීමෙ ප්‍රතිඵලයක් විදිහට, ජිමින්ලගේ බලඩ් හොයන කහ ඇස් තියෙන ඩීමන්ව දකින්න පුලුවන්.
ඔව් මේ වෙනකොට ඉන්න දරුනුම කෙනා. සාතන් කියන්නේ ආක් ඒන්ජල් කෙනෙක්. ඩීමන් කෙනෙකුයි ආක් ඒන්ජල් කෙනෙකුයි එකතු උනාත් ඒ හැදෙන බලය හිතා ගන්නවත් බෑ. මේ කහ ඇස් තියෙන ඩීමන් පවර් ෆුල් සාතන් වගේම. සාතන්ට හිතෙන හිතෙන දේ කරන්න පුලුවන් එයා ආක් ඒන්ජල් කෙනෙක්නේ. ඒත් මේ ඩීමට පවර්ස් ලැබෙන්නේ හාෆ් වැම්පර් බලඩ් වලින්.
මීට අවුරුදු දහස් ගානකට කලින් හිටපු එකම හාෆ් වැම්පයර්ව මරලා ඒ බලඩ් වලින් මේ ඩීමන් හුගාක් ශක්තිමත් උනා. ලෝකය සම්පූර්ණයෙන්ම අනික් පැත්ත පෙරලුව මේ ඩීමන්ට අන්තිමට ආයෙත් පවර්ස් ඔනේ උනා. එයාට ඔනේ කලේ බලයම විතරයි. මුලු ලෝකෙම තමන් යටතට ගන්න වගේම මුලු විශ්වයම තමන්ට නතු කරගන්න එයා ලොකූ බලයක් හෙව්වා. ඒත් අවශ්‍ය කරන හාෆ් වැම්පයර් බලඩ් එයාට හම්බුනේ නෑ.
දැන් අවුරුදු දහස් ගානකට පස්සේ තුන්දෙනෙක් ඉපදිලා.
එයාට ඔන කරන ශක්තිය තුන් ගුනයකින්. හිතා ගන්න බැරිතරම් බලයක්.
....................💕
නම්ජුන් දන්න හැමදේම වගේ ජින්ට කිව්වා. ජින් දැන ගත්තා නම්ජුන් මෙච්චර කාලයක් කලේ එයාට උදව් කරපු එක කියලා.
නම්ජුන් ජින්ට නොපෙනි ජින් දිහා බලන් ඉදලා හැමදාම හැම මොහොතකම.
ජින්ගේ කම්බුල් අල්ලගෙන හිටපු නම්ජුන් ජින් එයා ගැන කොච්චර හිතනවද කියලා දැන ගත්තා. ජින් තව තවත් ලැජ්ජාවෙන් මූන රතු කරගත්තා. ජින් දන්නවා නම්ජින් කට කොනට හිනා වෙන්නේ හැමදේම දැන ගෙන නිසා කියලා.
ඉතින් ජින්ට එයාගෙර් හැගීම් වචන්ර්න්ම කියන්න ඔනේ උනේ නෑ, නම්ජුන් හැමදේම හොදට දැක්කා.
ජින්ගේ හීනවල ඉන්නෙම නම්ජුන් විතරයි.
නම්ජුන්ගේ හිනාව විතරමයි ජින්ගේ මේ ගෙවුනු දවස් වල මතකේ සැරිසැරුවෙම.
ජින් වගේම නම්ජුන් එක එල්ලේම ඒ ඇස් දිහා බලන් හිටියා. තදින් මිරුකුව ජින්ගේ කම්බුල් වලින් අත එහාට කරලා ඒ කම්බුල් වලට හිමීට ලන් වුනු නම්ජුන් පුංචි හාදුවක් තියන්න යද්දිම ජින් නම්ජුන්ගේ තොල් උඩින් එයාගේ ඇගිල්ල තියලා බාදා කලා.
"අහ්ම්..අහ්ම්...😌 "
නම්ජුන්ගේ පිටිපස්සෙන් හිටන් හිටියේ හෝසොක්.
______________________________________
HI GYZ..🐈
කතාව හිතුවට වඩා වෙනස්ද..? 🙄
හී හී බාදාව කලේ හෝසොකා නේද 😂 හපොයි.. බයින්න එපා මගේ ලමයට හුම් 😂💕
Bạn đang đọc truyện trên: AzTruyen.Top