🥀 සැලැස්ම
හිස් අවකාශය දිහා කිසිම හැගීමක් නැති විදිහට ජෙමින් ඔහේ බලාගෙන හිටියා. ජෙමින් මේ තත්වෙන් ඉන්න එකත් පුදුමයක්. චිමිගේ හුරතල් හිනාව හැමදිස්සෙම එයාගේ කන් ලග දෝංකාර දුන්නා. ඒ නිසාම ජෙමින්ට එයාව පාලනය කරගන්න පුලුවන් උනා කිව්වොත් හරී,ඒක තමයි ඇත්ත.
ඒත් සම්පූර්ණයෙන්ම නෙවේ.
ජෙමින් ඉන්නේ මරාගෙන මැරෙන තරම් තරහකින්.
තියෙන එකම ජනේලෙන් එන ඉරඑලියටවත් ජෙමින් කැමති උනේ නෑ. ඒත් ජෙමින්ට එක වහන්න ඔනේ උනේ නැත්තේ එයා දැනම් හිටියා එයාට නොපෙනෙන්න එයා දිහා කෙනෙක් බලන් ඉන්නවා කියලා. ජෙමින් දන්නෑ වගේ හිටියත් එයා දිහා කෙනෙක් බලන් ඉන්න වග ජෙමින්ට තේරුනා. ඒ වෙන කවුරුත් නෙවේ හෝසොක් කියලත් එයා දැනම් හිටියා.
ජෙමින්ට ඔනේ උනේ නෑ හෝසොක්ව ඈත් කර ගන්න. ඒත් එයා හෝසොක්ව බලන්නවත් අකමැති උනේ එයාගෙන් වැඩියෙන්ම වේදනාවල් ලැබෙන්නේ හෝසොක්ට නිසා. වැරදි විදිහට හෝසොක්ට ලැබෙනවා ජෙමින් ලගදී.
මීට කලින් චිමී දවසක් ජෙමින් දන්නෙත් නැතුව තනියෙම ඇවිදින්න ගිහින් කැලේ මැද ලොකු වලකට වැටිලා තිබුනා. චිමීට එතනින් එලියට එන්න බැරි උනා. දවසින් භාගයක්ම චිමී හොදටම කෑ ගගහා අඩ අඩ කැලේ මැද වලක වැස්සට තෙමි තෙමි හිටියා. ජෙමින්මයි කොල්ලව හොයා ගත්තෙත්. චිමීව හොයා ගත්තම චිමීට බැන්නා කෑ ගැහුවා ඒත් ජෙමින්ගේ කේන්තියේනම් පාලනයක් නෑ. චිමී නැති උනාම ජෙමින්ට දරාගන්න බෑ කියන එක එදා තමයි හැමෝම පලවෙනියටම තේරුම් ගත්තේ.
හෝසොක් එක්ක ඉද්දී ජෙමින් කූල් වෙන එක ඇත්ත. ඒක බලයක් නෙවේ ඒක නිකන් හැගීමක් විතරයි. එයාගේ හිත ගත්ත අය වෙනුවෙන් එයාව පාලනයක් ඇතිවෙනවා. ඒ අයට ජෙමින්ව පාලනය කරන්න පුලුවන් තරමක් දුරට. හොදටම පාලනය කරන්න පුලුවන් චිමීටම විතරයි. මොකද චිමී ජෙමින්ගේ එකම සහෝ.
එකම ලේ.
ඉතින් එකම වස්තුව.
චිමී නැති උන නිසාම ජෙමින් හිටියෙ හුගාක් තරහින්, තරහව නිසා ජෙමින්ගේ ඇගේ ඇතිවෙන උෂ්නත්වයේ වෙනස්වීම නිසා කාටවත් ලගට යන්නත් බැරි උනා. චිමී හම්බුනාම ජෙමින් චිමීව ලගට ගත්තේ නෑ මොකද එයාට ඔනේ උනා චිමීට ආයි මේහෙම පරිස්සමක් නැතුව වැඩ කරන්න එපා කියලා ඒත්තුගන්වන්න.
ඒත් ජෙමින්ගේ තරහව අන්තිමේට පිට උනේ හෝසොක්ගේ පිටින්. චිමීට ලගට එන්න එපා කියලා ජෙමින් ගෙදරින් ගියහම එයාගේ පස්සෙන් හෝසොක් ගියා. අන්තිමට ජෙමින් හෝසොක්ව ඇදලා අරන් බලහත්කාරකමින්ම හෝසොක්ගේ ඇගෙන් හැම තරහක්ම පිට කලා. හෝසොක් කිසිම දෙයක් නොකියා ජෙමින්ට ඕන දෙයක් කරන්න කියන්න වගේ දරාගෙනම හිටියේ ටිකින් ටික ජෙමින්ගේ තරහා පිට වෙන නිසයි. සම්පූර්නයෙන්ම ජෙමින් කූල් ඩවුන් වෙනකොට හෝසොක්ට සිහිය තිබ්බේ නෑ. ඒ තරම් ජෙමින්ගේ තරහවේ පාලනයක් නැති කම හුගාක් දරුනුයි.
මොකක්ද මේ කරගත්තේ කියලා ජෙමින් එතනදී හුගාක් පසු තැවුනා. දෑතින්ම හෝසොක්ව උස්සගෙන ගෙදර ගියේ ආය්ත් හෝසොක්ව අල්ලන්නෙවත් නෑ කියලා හිතාගෙනයි. හෝසොක්ව මේ විදිහට ගෙදර ගෙනෙද්දී හැමෝම පුදුමෙන් ඇස් ලොකුකරන් බලන් හිටියා මොකද මේ වගේ. එතනින් එහාට වෙච්ච දේවල් තේරුම් කලේ ජේකේ.
ජෙමින් ඊට පස්සේ හෝසොක්ට මූන දෙන්න බැරුවම ඉද්දී හෝසොක්ම ගිහින් ජෙමින්ගේ වැරැද්දක් නැති වග කියලා එයාව ආයිමත් හිටපු විදිහටම පත්කරගත්තා.
ඒත් එක්කම පලවෙනි වතාවට ආදරෙයි කියලා එදා හෝසොක් ජෙමින්ට කිව්වා. හිතේ තිබ්බ දේ ජෙමින්ට මුල ඉදන්ම කියා ගන්න බැරුව හිටියා මොකද මේ එයාගේ හෙයොන් වගේම, එයාගේ අප්පා වගේ හිටිය කෙනා නිසා. ඒත් ඒ දෙන්නා අතරේ අප්පගේ පුතාගේ බැදීමට වඩා තිබුනේ වෙන දෙයක් කියලා ඒ හැමෝම දන්නවා. හෝසොක්ගේ හිතේ තියෙන දේ කිව්වම ජෙමින්ට ඇති උනේ පුදුම සතුටක්. ඉතින් එදා ඉදන් ඒ දෙන්නා හුගාක් ආදරෙන් හිටියා.
ඒකමයි හේතුව ජෙමින් අද හෝසොක්ව දකින්නත් අකමැති. දැන් ජෙමින් ඉන්නේ අන්තම අසරණ තැනක. මේ වගේ වෙලාවක හෝසොක් ජෙමින් ලගට ආවොත් හෝසොක්ට එදාට වඩා අද විදවන්න වෙයි කියලා එයා හිතුවා. ජෙමින් ඒ නිසාම හෝසොක්ට ඈතින් ඉන්න දීලා තනියෙම එයාව පාලනය කරගෙන හිටියා.
ජින් වෙන්දටත් වඩා නම්ජුන්ට වෙනස්කම් කලා. ජින් පිස්සු හැදුනු කෙනෙක් වගේ හැසිරුනේ. මේ වෙනකොට චිමී මැරිලා කියලා හිතාගෙනයි ජින් හිටියේ. ජින්ට ඔනේ උනේ නෑ නම්ජුන් එක්ක තවත් ආදරෙන් ඉන්න. නම්ජුන්ගේ මූනටම කීප පාරක්ම ඒ දේ එයා කිව්වේ නම්ජුන්ගේ හැම බලාපොරොත්තුවක්ම කෑලි කෑලි කරලා දාන්න වගෙයි.
ජින් කිව්වෙම එයාගෙන් ඈත් වෙලා ඉන්න කියලයි. එයාට එයාගේ දරුවෝ ආරක්ශා කර ගන්න ඔනේ කියලා එයා හැමදිස්සෙම නම්ජුන්ගේ මූනට කෑ ගැහුවා.
ජින් මුලු ගේ වටේම දවසට 100පාරකට වඩා ඇවිද්දා. ජේකේගේ කාමාරේට තට්ටු කර කර එයාලා ගැන හොයලා බැලුවා. ජෙමින් ඉන්න තැනට ගිහින් එයා හොදින්ද බලලා චිමී ආසම කෑම ජෙමින්ට හදලා දුන්නා කන්න. ජෙමින් කෑම කෑවේ නෑ මුලදී පස්සේ ජින් චිමී ආසම කෑම ජෙමින්ට හදලා දුන්නා. එතකොටනම් ජෙමින් ඒවා කෑවා.
මේ අතරේ ටේට ටේගේ ආච්චි කතා කරලා මෙහේ වගතුග ඇහුවා. ටේ කිව්වෙ කට්ටියම ඇවිද්දින්න ගිහින් ඉන්නේ කියලා දවස් කීපෙකට, ඒ වගේම එන දවසක් කියන්න බෑ කියලත් ටේ කිව්වා. ආච්චිට බොරු කියන්න උනු එක ගැන ටේ දුක් උනත් ජේකේලා ගැන ආච්චිට කියන්න බෑ කියලා මතක් වෙද්දී ටේගේ හිතේ තිබ්බ පසුතැවීම අඩු උනා. ටේ කරන්නේ වැරැද්දක් නෙවේ කියලා ටේ තේරුම් ගත්තා. ඒ වගේම ටේ හැම දිස්සෙම ජේකේලග හඩා වැටුනා එයාව වෙනස් කරන්න කියලා. ඒත් ජේකේ ඒකට ගත්කටටම බෑ කිව්වා වගේම බැරි ඇයි කියලා ටේට උත්තරබදින්නනම් ගියේ නෑ.
ජේකේ අකමැතී ටේ විදවනවා බලන්න.
ටේගේ මූන හොදටම මැලවිලා. ටේට ඔනේ එයාව යාලුවව බේර ගන්න. මේ පුංචි පවුල හිටියා වගේම සතුටින් තියන්න ටේට ඔනේ.
ඒවගේම ජේකේ හැමදාම කලේ කල්පනා කරපු එක. එකවෙලාවකට ටේ කොච්චර කතා කලත් ජේකේට ඇහුනේ නෑ ඒ තරම් එයා හිටියේ කල්පනා ලෝකෙක අතරමන් වෙලා. ඇත්තටම ජේකේ කල්පනා කලේ වෙන දෙයක් නෙවේ ඩීමන්ව කොටු කරගන්න පුලුවන් ක්රමයක්. එදා හෝසොක් ලුනුතවරපු යකඩ වලින් ගැහුවම ඩීමන් පැනගත්තේ එයාට සටන් කරන්න බැරි නිසා කියලා ජෙකේ තේරුම් ගත්තා. ඒ වගේම ඩීමන් ලග චිමී හිටියට ඩීමන් චිමීව මරලා නැතුව ඇති කියලා ජේකේ අනුමාන කලේ, ඩීමන්ට එයාවයි ජෙමින්වයි අල්ල ගන්න පවර් ඔනේනම් චිමී ජීවතුන් අතර ඉන්න ඔනේ කියලා.
ජේකේ ටිකින් ටික විසදුම් හොයා ගත්තා. ඒ වගේම ජේකේට ඔනේ උනා කෙනෙක් එක්ක මේ දේ කතා කරලා හරි විසදුමක් හොයා ගන්න. ජේකේ මේකට ජෙමින්ව තෝර ගත්තේ නෑ ඒ ජෙමින් ඉන්න තත්වේ හොදනැති නිසා.
ඒ වගේම ජින්වත්.
ජේකේ මේකට තෝරගත්තා නම්ජුන්වත්, හෝසොක්වත්.
ජේකේ එකපාරටම අකුනක් ගැහුවා වගේ ඇදේ කෙලින් වෙලා ඉද ගත්තා.
" කුකී... මොකද උනේ...?"
"ටෙටේ... මන් එනකල් කොහෙවත් යන්නැතුව කාමරේම ඉන්න. මන් ඉක්මන්ට එන්නම්.."
"හ්ම්..."
ජේකේ හෝසොක් දැක්ක අනාවැකිය ටේට කිව්වේ නෑ. මොක්ද ටේට දරාගන්න බෑ ඒ දේ. ජේකේ ටේව කාමරේම තියලා දොර හොදට වහලා දොර ලග හිටන් ඉන්න ජින්ගෙන්
"හෙයොන්.....බිග්.."
" හ්ම් ජන්කුක්..."
ජින් ජෙකේ දිහාවට හැරෙනවත් එක්කම ජේකේගේ උරහිසට අත තිබ්බ නම්ජුන් ජන්කුක්ගේ මනස දැක්කා. ඒත් එක්කම
" ඔයාගේ ජින් හෙයොන්ට අවුලක් නෑ.. එයා හොදින් ඔයා යන්න කාමරේට... ඉන්න මම ඔයාව ඇරලවන්නම්..."
නම්ජුන් ජේකේවත් එක්කගෙන එතනින් යන්න ගියා. ජින්ට ගානක් උනේ නෑ. ජින් හිටිය විදිහටම හිටගෙන වටපිටාවට ආයෙත් අවදානය දුන්නා.
නම්ජුන් ජේකේවත් එක්කගෙන චිමීගේ කාමරෙ බැලකනී එකෙන් බිමට පැනලා ටිකක් කැලේ පැත්තට ගියා.
Rm : " ජන්කුක් හිතනවද ඒක කරන්නම ඔනේ කියලා. ඔයා මේකට යන්න ඔනේ නෑ. අපිට පුලුවන් ඔයා වගේ කෙනෙක්ව.."
Jk : " මට මේක කරන්න පුලුවන්. ඒක මට කරන්න දෙන්න. මට පුලුවන් එයාව කොටු කරගන්න උදව් කරන්න..."
Rm : " අවදානමක් ගන්න බෑ. "
නම්ජුන් බැරෑරුම් විදිහට කිව්වත් ජේකේට ඔනේ උනේම ඒ දේ කරන්න. ජේකේ ලග හොද සැලැස්මක් තිබ්බා. ජේකේමයි ඒකේ ඇමට ඉන්න හදන්නේ. ජේකේ මේ රිස්ක් එක අරගෙන ඩීමන්ව ලේසියෙන්ම අල්ල ගන්නයි හදන්නේ. ජේකේගේ සැලැස්මේ හැටිය ඩීමන්ව සම්පූර්නෙන්ම බලරහිත කරගෙන පැනලා යන්න නොදී හිරකරගන්නයි ජේකේගේ සැලැස්මේ මූලුකම දේ උනේ.
..............⚡
චිමී පහූනු රෑ උන දෙයින් පස්සේ කෑම කන්න ඇදෙන් බැස්සේ නෑ. චිමී ඇදටවෙලා රෙද්ද ඔලුවේ ඉදන්ම පෙරෝගෙන හිටියා. චිමීගේ මේ හැසිරීම ඩීමන්ට කටු අනිනවා වගේ උනා. හරියට නිකන් එයාට විරුද්දව යනවා වගේ එයා දැක්කේ. ඩීමන්ට ඔනේ දේ වෙන්නැති උනාම බලෙන් හරි කරගන්න එකයි එයාගේ විදිහ.
අදුරේ මෙච්චරවෙලා උඩ ඉදන් බලන් හිටපු ඩීමන් අන්තිමට චිමී හිටපු ඇද ලගට එක පිම්මට පැන්නා. ඇදලග තිබුනු ඉටිපන්දමේ එලියෙන් චිමී දැක්කා එයාගේ මූන ලගට වැටෙන භයානක ඩීමන්ගේ හෙවනැල්ල. ඒත් එක්ක්ම හොදටම බය උනු චිමී ගැහෙන්න ගත්තා වගේම පුංචි බෝලයක් වගේ ගුලි උනා.
ඩීමන් චිමී පෙරවන් හිටපු රෙද්ද ඇදලා අරගෙන පැත්තකට විසික් කලා. ඩීමන් ඇහිබැමක් උස්සගෙන නපුරු විදිහට චිමී දිහා බලන් හිටියා. චිමී ඒ මූන බලන්නත් බය උනා අත් දෙකෙන්ම මූන වහගත්ත චිමී ඉකි ගහන්න ගත්තා.
චිමීගේ අතින් ඇදලා ගත්ත ඩීමන් චිමීව ඇදගෙන කෑම මේසේ ලගට ගිහින් චිමීව කෑම මේසේ ලගට විසික් කලා. ඒත් එක්කම චිමීගේ ඔලුව මේසේ වැදිච්ච පාර චිමී බිම ඇදගෙන වැටුනා. වෙන්දට චිමීට මොකුත් උනත් ගානක් නැති ඩීමන් මේ වෙලාවේනම් චිමී දිහාවට නැවුනා හරියට රිදුනද දැනගන්න වගේ. ඩීමන්ට එයා ගැනම පුදුම හිතුනා.
අහිංසක චිමී අත් දෙකෙන්ම ඔලුව අල්ලගෙන ඉකි ගහනවා. ඩීමන් හැදුවේ චිමීව නැගිට්ටන්න. ඩීමන්ගේ අත් දෙක චිමී දිහාවට දික් වෙනවත් එක්කම චිමී මේසේ ලග තිබ්බ පුටුව අස්සෙන් රින්ගලා බඩගාගෙන මේසේ යටට ගිහින් හැන්ගිලා බයෙන් ගැහි ගැහි අඩන්න ගත්තා.
මේ පාර ඩීමන්ට ඉස්සෙල්ලා වගේ තරහා යනවා වෙනුවට කට කොනට හිනාවක් ගියේ චිමී දනගාගෙන ඉක්මනින් මේසේ යටට රිංගුව විදිහ දැකලයි. චිමීගේ හුරතල් කමට ඩීමන් එන්න එන්නම කැමති උනා. ඩීමන්ට ඔනේ උනේ නෑ චිමීට කරදර කරන්න. එයාට බය නිසයි මේ හැමදේම කියල තේරුම් අරන් ඩීමන් එතනින් අතුරුදහන් උනා.
හුගවෙලාවක් චිමී මේසේ යටම හැංගිලා හිටියා.
චිමී නෙවේ එලියටවත් ආවේ.
මේසෙයටට ඩීමන්ට එන්න බෑ කියලා හිතුව චිමීට හිතුනා එතන ආරක්ශිතයි කියලා.
________________________________________
Hi gyz 😍
මොකො වෙන්නේ ලමයි මේ දවස් වල... 👀 මටනම් බඩගිනී o_O කන්න මොනවත් නැද්ද.. මට ස්කුබී විස්කෝතුවක් ඔනී....
Enjoy 😁
Ishki ❤️
Bạn đang đọc truyện trên: AzTruyen.Top