🥀 රහස එලි උනා
හමුදාවත් එක්ක හනි හනිකට ජේකේත් ජෙමිනුත් ගහගනිද්දී උන්ගේ නායකයා ගහකට හේත්තු වෙලා හොදට බලන් හිටියා.
"තමුන්ට දැන්ම මැරෙන්න ආසවක් නැත්තන් යටත්වෙන්න කියපන් උබේ බහිරවයන්ට මේ දැන්ම🤨..."
"හෝසොක් දැන්ම එපා.."
එකපාරටම ගහපිටිපස්සෙන් ආව අත නායකයගේ බෙල්ල වටේ එතුනා. වෙන කවුරුත් නෙවෙයි ඒ හෝසොක්. හෝසොක් අල්ලපු විදිහට ජින්ට හිතුනෙම එයාගේ බෙල්ල දැන්ම හෝසොක් කඩයි කියලමයි. හෝසොක් තදකරලා අල්ල ගනිද්දී නායකයා හොදටම බය උනා. කොච්චර බය උනාද කිව්වොත් මරන්න එපා කියලා වැද වැටුනා. ඒ වෙලාවෙම නායකයා එයාගේ අයට යටත් වෙන්න කියද්දී හැමෝම වගේ යටත් උනා. තප්පටයක් යන්න කලින් හැමෝම තමන්ගේ ජීවිත් නැති කර ගනිද්දී ජින්ගේ ඇස් උඩ ගියා. මේ මොකක්ද මේ වෙන්නේ වගේ. ජින් නිකමටවත් හිතුවේ නෑ එහෙම වෙයි කියලා. ඒත් කොහොමත් මෙයාලා මැරෙනවා. වෝල්තුරීලා එයාලව වැඩිකල් තියන්නෑ. කොච්චරකල් හැන්ගි හැන්ගි හිටියත් කවද හරි මුන් කොටු වෙනවා.
අන්තිමට එක වැම්පයර් කෙනෙක් විතරක් ඉතුරු උනා. පුංචි වැම්පයර් පැටියෙක්. එයා තනියෙම එයාගේ බෙල්ල කඩා ගනිද්දී ටේ චිමින් හයියෙන් කෑගැහුවා.
ජින් අහක බලා ගත්තා.
ඒ වෙලාවෙම හෝසොක් ගල් ගැහුනා. නායකයගේ බෙල්ලෙන් අත ගත්ත හෝසොක් ගහට හේත්තු උනා ඇස් දෙකත් ලොකු කරගෙන.
ඒ වෙලාවෙම ජේකේ
"ඔහ් ශිට්😳.. යමු අපි යන්න ඔනේ😰.. එයාලා ලගම එනවා..... අර දෙන්නව ගමු... ඉක්මන් කරමු..."
ජේකේගේ වචබේ පිලිපැද්ද ජෙමින් චිමිගේ අතින් අල්ල ගත්තා ජේකේ ටේව උස්ස ගත්තා. තවත් තප්පරයක් යන්නත් කලින් ජේකේලා එතනින් අතුරුදහන් උනා.
"වෝල්තු..."
හෝසොක් ජින්ට ගොත ගහද්දිම වටේ ගස් කොලන් වෙනස් විදිහකට හෙලවෙන්න ගත්තා. ජින් දැනගත්තා වෝල්තුරීලා එනවා කියලා. ඒ වගේම වැම්පයර් නායකයා පැනගත්තා. නෑ එයා පැන ගන්න හැදුවා. පල්ලියෙන් එහා පැත්තට යන්න හදපු එයාගේ බෙල්ලෙන්ම අල්ල ගත්ත කායි කට කොනට හිනාවෙලා එයාගේ බෙල්ලෙන් අල්ලගෙනම ඇදගෙන ආවේ ජින්ලා ඉන්න තැනටයි.
" කෝ අර විශේෂ කෙනා... 😏 තවත් සාමජිකයෙක් පවුලට එකතු වෙලා වගෙයි..."
කායි කතා කරද්දී එයාගේ පිටිපස්සෙන් ඇහිපිල්ලන් ගහන පමාවට හිටගත්තේ ජැක්සනුයි ලීසයි.
ජින් පුලුවන් තරම් සංසුන්වෙලා හෝසොක්ව කෙලින් කලා. දැන් උත්තර දෙන්නත් එපැයි.
ජින් : "එයා සමාන්ය මනුස්සයෙක්. විශේෂයි තමයි ඒත් අපේ කෙනෙක් නෙවෙයි. එයා නිකන් යාලුවෙක් විතරයි. ඊටත් ඇකඩමී එකේ ලමයෙක්..."
කායි : "හහ්... අර තමන් ගැනවත් බලා ගන්න බැරි බබා එක්ක එකටම ඉද්දී මටනම් හිතුනේ ලගදිම ඒ බබාට හස්බන් කෙනෙක් හම්බෙයි කියලනේ.. 😏 "
හෝසොක් : " ජිමින්ට එහෙම කිසිදෙයක් නෑ.. අපිට එහෙම අදහස් ඇත්තේ නෑ.."
ලීසා : "කෝ එයා දැන්.. "
හෝසොක් : " එයාව හොස්පිටල් එක්කන් ගියා.. එයාට අමාරුයි "
කායි : "ඔහ්... ඒකත් එහෙමයි.. මට තාමත් ඔයාලගේ ලමයි තුන්දෙනාව බලන්න බැරි උනා..ඉක්මන්ටම අපි හම්බෙයි.."
එහෙම නොවේවා කියලා හෝසොකුයි ජිනුයි හිතින් පැතුවා. ඒම උනොත් හැමදේම ඉවරයි. මොනා උනත් ජේකේට හිත් කියවන්න පුලුවන්වීම ගැන ජින් දැන්නම් හොදටම සතුටූ උනා. නැත්තම් එයාලා මෙච්චරකල් රැක ගත්ත දේවල් නැතිවෙන්නත් තිබ්බා. කායිගේ හරස් කැපීම් එක්ක වාද කරනවා වගේ දෙයක් කරපු ( වාද කරන්න බෑනේ 😒) ජිනුත් හෝසොකත් අන්තිමට බලන් හිටියේ වැම්පයර් නායකයට අත්වන ඉරනම දිහායි. කායි එකපාරින්ම කඩලා දැම්මා.
බෙල්ල...👏
පස්සේ ඔක්කොටම ගිනි තිබ්බා.
හැමදේම අලු වෙලාම ගියා
ජැක්සන් හෝසොක් දිහා බලාගෙන සතුටින් හිනා වෙන වෙලාවේ කටකොනට හිනා උනු කායි එයාලට යන්න වෙනවා කියන සංඥාව දෙද්දිම වෝල්තුරී සහෝදරයෝ එතනින් අතුරුදහන් උනා.
හම්බෝ බේරුනා කියන්න වගේ හෝසොකත් ජිනුත් මූනට මූන බලා ගත්තා . තවත් බලා නොයිද එයාලා ගියේ ටේට කොහොමද බලන්නයි.
...............
⏳
දවස් 15ක් හරියටම ටේ ආච්චිගෙන් ඈත්වෙලා හිටියා. ආච්චිව බලා ගත්තේ ජිනුයි හෝසොකයි තමයි. ටේ ටික කාලයක් ආච්චිව බලන්න ගියේ නෑ. ටේගේ තුවාල හොද වෙනකල් ටේට හොස්පිටල් එකේම ඉන්න උනා.
මේ වෙනකොට ටේ ජේකේලා ගැන දැනම් හිටියා. ඇත්තම කිව්වොත් ටේ හොදටම බය උනා. වැම්පයර්ලා ඉන්න විදිහක් නෑ කියලා ටේ යටි හිතත් එක්ක වාද කලා. වැම්පයර් කියන්නේ මින්ස් ලේ විතරක් බොන අය. ටේ බය නොවී ඉදීද.
ටේ ඒත් එයා ලගින් මෙච්චර කල් හිටපු ජේකේටවත් ජින් හෝසොක් චිමි ජෙමින්ටනම් බය උනේ නෑ. ඉතින් චිමි තමයි ගොඩාක් දේවල් ටේට කියලා දුන්නේ.
" Chimi p.o.v. "
හැමදේම උනේ හරිම ඉක්මනින්මයි. මගේ නපුරු හෙයොන්නම් ටේ මා එක්ක ඉද්දී හරියට වීලු කලා. හලිම නරකයි. මන් හිතුවා වගේම ටේ අපි ගැනත් වැම්පයර්ලා ගැනත් දැනත්තා. ටේ අපේ රහස හොයා ගත්තා. එදා අපි සාප්පූ ගියපු දවසේ ටේ ජේකේ වගේ කෙනෙක්ව අර පාළු පාරෙදි දැකලා. ඒ කෙනාව ටේට මතකයිලු. ටේ එදා මගේ කනට කරලා තමයි ඒක කිව්වේ.
මට හම්බුනු හොදම යාලුවා. අපි හොදම යාළුවෝ. මට ටේ කතා කලේ සෝල්මේට් කියලා. එයායි මායි හොස්පිටල් එකේදී සිංදුවකුත් හැදුවා ෆ්රෙන්ඩ්ස් කියලා. ජින් හෙයොනුයි හෝසොක් හෙයොනුයි අපිට ගොඩාක් හොද කිව්වා.
ඒ උනාට ජේකේනම් වැඩිය කැමති නෑ. ඔව් ඉතිම් එයා ටේට කැමතීනේ.
ටේත් ජේකේට කැමතී. ඒක ඉතින් දැන් රහසක් නෙවේ. ඒත් ඒ දෙන්නට ඒක තේරෙන්නේ නැති හැටි. වෙලාවකට මට හිතෙනෝ දෙන්නගේ මැද්දට පැනලා කියන්න ඔයාලා දෙන්නා හොදට ගැලපෙනෝ කියලා. ඒත් ජේකේ ඊට පස්සේ මාව ඉතුරු කරන එක්ක් නෑ.
හයියෝ....
කවදා තේරුම් ගනීද මේ අවනඩුව..
ටේට ජින් හෙයොන් කිව්වා ආච්චිව බලන්න යන්න එපා කියලා ටික කාලෙකට. ටේගේ මූනේයි ඇගෙයි තාමත් තුවාල තියෙනවනේ. මිනිස්සු තුවාල උනාම පව් අනේ. ටේට හරියට් රිදුනා. හොද වෙනකල් හෝසොක් හෙයොන් එයාව ඇකඩමී හොස්පිටල් එකේම තියා ගන්න කියලා ජින් හෙයොන්ට කිව්වා.
ඔන්නම හෝම.........මන් වොශ් දාන ගමන් පහුගිය දවස් 14රේ වෙච්ච දේවල් කල්පනා කරද්දී
"ඒයි තාරාවෝ... ඉක්මන්ට එන්න.. මේ....මේ .... මට ජින් හෙයොන්ව බලන්න යන්නෝනේ... ජෙමින් ඔයාව බලා ගන්න කියලා කෑම ගේන්න ගියා.."
ආ නපුරු හෙයොන් මාව දාලා කෑම ගේන ගීම්. පෙනෝද ජේකේගේ රගපෑම ටේව බලන්න ඔනි නිසා ජින් හෙයොන්ව අල්ලනවා.
"කෝ ඇහුනද... දියවෙයි ඔච්චර නාලා... ඉක්මන් කරන්න මට හදිස්සී අප්පා..."
"එනෝ..... ඉන්නෝ..."
ජේකේ හයියෙන් දොරට ගහන්න ගත්තා මන් භාගෙටම නාලා ඉක්මන්ට ඇදුමක් දාගත්තා.
අපි යනකොට ජින් හෙයොන් ඔෆිස් එකේ එල්සී එක්ක ෆයිල් වගයක් මාක් කරනවා. එල්සීව දැක්ක ගමන් ජේකේ හැමදාම වගේ කරන වැඩේ පටන් ගත්තා. ජින් ජේකේ කැහැ කැහැ ඇතුල්ට එනවා දැක්ක ගමන්ම
"අහ් හරී මිසී ඔයාගේ වැඩක් බලා ගන්න🤨😒.."
"ඒත් ඩොක්ට මේ ටි😐.."
"මන් කිව්වනේ🤨.."
ජින් එල්සී මිසීව ඔෆිස් එකෙන් යැව්වා. හැමෝම දන්නවා ඉතින් හරියටම ජින් හෙයොන් කලේ මිසීව පැන්නුවා කියන එක කියලා. ජේකේ නෙවේ බොරුවට කහින එක නතර කලේ. මිසීව දැක්ක ගමන් ජේකේ කහින්න ගත්තා. හයියෝ ඔක්කොම බලනවා. මේ ජේකේනම් හරිම නරකයි. ජින් හෙයොන්ට ඉන්න දෙන්නෙම නෑ. පව් අනේ මගේ හෙයොන්.. මිසී ගියපු ගමන් තප්පරේට් එහා මෙහා බලපු ජින් හෙයොන් දොර වැහුවා
ජින් හෙයොන් : " ජන්කුකා... අවන් එකක් එක්ක තනියෙම කාමරයක් ඇතුලේ ඉන්න ආසද..? 🤨"
ජේකේ : " අනි අනි 😂"
මම : "🙄"
ඇයි මේ දෙන්නා දැන් රන්ඩුවෙන්නේ අලේ. විනාදි 10ක් විතර ජින් හෙයොන් එක දිගට මොනාදෝ කියවගෙන කියවගෙන කියවගෙන කියවගෙන කියවගෙන ඉන්න මටත් මහන්සි ඒක කියලා 🙄 ...එම කියෝගෙන ගියා ජේකේ මේසෙට ගගහා හිනා වෙනෝ.. ජින් හෙයොන් ඒම කියවද්දී කාටද අනේ හිනා යන්නේ නැත්තේ .
මොනා උනත් ඒ වෙලාවට මටත් හිතෙනෝ ජින් හෙයොන් මටත් වඩා පොඩි කියලා. හෝසොක් හෙයොන් හැමදිස්සෙම ජින් හෙයොන් කියන ඒවට හිනා වෙනවා මොනාහරි බීලා වගේ. අනේ මන්දා ජින් හෙයොන්ගේ බෑඩ් ජෝක් වලට එච්චර හිනා යන්නෙ ඇයි කියලා. මටනම් වෙලාවකට මෙලෝ දෙයක් තේරෙන් නෑ. ඒකට මගේ නපුරු හෙයොන් ජේකේ එක්ක හරි හරියට හිනා වෙනෝ ජින් හෙයොන්ගේ ජෝක් වලට.
ඉතින් මන් පව්
අන්තිමට ජේකේයි ජින් හෙයොනුයි රන්ඩුව නතර කලා. රන්ඩුවෙලා අන්තිමට ජින් හෙයොනුත් දාගෙන හිනා වෙනෝ මෙන්න. හනේ මන්දා මේ හෙයොන්ලා මල්ලිලානම් කවදා තේරුම් ගන්නද කියල අලේ.
ඒත් හලිම කිවුට් අලේ. 🙈🤭
ජේකේ ඊට පස්සේ
ජේකේ : "මේ හෙයොන්.. එක නෙවෙයි..."
ජින් : " හා හා.. තේහියුන්ග්ශි ඉන්නේ පරන රූම් එකේම තමයි.. යන්න ගිහින් බලන්න.."
බොරුද කියන්නේ ජින් හෙයොන් ජේකේ හැරෙනකොට කීනෝ.
හනී බලන්න ජේකේගේ මූන රතු වෙනෝ.. මන් අතින් කට වහගෙන හිනා වෙද්දී ජේකේ මට රැව්වා.
අනේ.... මන් පව්... 😣
ජේකේ අපිත් එක්කා ටේව බලන්න ගියා. ටේව දකිද්දී මට මතක් උනේ ටේ කිව්වා එයාට ටේ කියන්න කියලා මට. ජේකේ ටේට ටෙටේ කියන නිසා ටේ කිව්වා මට එයාට ටේ කියන්න කියලා. ජේකේ ටේට ඒ වෙලාවේ ටිකක් රැව්වා. අනේ මන්දා මේ දෙන්නානම්..
ටේගේ ඇද උඩ තිබ්බේ වැම්පයර් පොතක්.
පෙරලිලා තිබ්බ පිටුවල මේ දේවල් තිබ්බා. ටේ වැම්පයර්ලා ගැන දැන් ගොඩාක් දේවල් දන්නවා. ඒ වගේම ඩීමන් ගැනත්. ඩීමන් කියන්නේ කවුද කියලා ජින් හෙයොන් මට දවසක් කිව්වා. මම වතුරට බය වෙද්දී ජින් හෙයොන් මාව ලගට අරන් ඩීමන් ගැන කිව්වා. අපිව මේම පුහුනු කරන්නේ එයාගෙන් බේරෙන්න කියලයි ජින් හෙයොන් කිව්වේ. එයා අපිව හොයන් එයිලු. ජින් හෙයොන් මට තවත් විස්තර කිව්වේ නෑ. මන් බයවෙයි කියලා කිව්වා. මන් ඩීමන් කියන නම අහන්නත් බයයි. එයා නපුරුයි 😢 භයානකයි😥 එයා හරිම කැතයි 🤢එයා හරිම ලොකුයි.🧐..
දැකලානම් නෑ ඒත් මගේ නපුරු හෙයොන් හැමදාම බලන ටීවී සීරියස් එකක් තියෙනවා සුපර්නැචුරල් කියලා අන්න එකේ ඩීනුයි සෑමුයි ඔය ඩීමන්ලව එකපාරින්ම මරනෝ. හම්බූ එක දාද්දීනම් මම බයටම මගේ සෝස බෙක්ශීට් එක ඇතුලේ හැන්ගෙනවා. ඒකේ ඉන්න සත්තු දැක්කම කෑ ගැහෙනෝ.. හරිම කැතයි. ඉතින් ඒ වගේම ඇති මේ ඩීමනුත්. මම බය නෑ මොකද මගේ නපුරු හෙයොන් කවදාවත් මාව තනි කරන්නේ නෑ. ඒත් මම බයයි මගේ සූටි පවුලට එයා මොනා හරි කරයිද කියලා😥.
_______________________________________
Hi gyz 🙈
හම්බෝ ඊයේ දන්නම් කිව්වට දැම්මේ නෑනේ... සොරි වෙන්ඩෝනි... 😣 පාඩම් වැඩනේ දන්නැද්ද ඉතින්.. හෙ හේ.. බය වෙන්නෙපා දිගටම දානෝ.. හරිය.. 🤭
Enjoy 😍
Ishki ⚡
Bạn đang đọc truyện trên: AzTruyen.Top