🥀 මලකද

අහස සම්පූර්ණයෙන්ම අදුරු වෙලා තිබුනා. හරියට ලුසිෆර්ගේ බලයට මුලුලෝකයම අවනත වෙලා කියලා පෙන්නන්න වගෙයි.

හෝසොක් ජෙමින් එකපාරටම ඇස් ඇරලා කෙලින්ම ඔලුව හරවලා දෙන්නට දෙන්නගේ ඇස් දිහා බලා ගත්තේ තාමත් ජීවතුන් අතර ඉන්න එක ගැන පුදුම හිතිලා වගෙයි. ඒත් එක්කම ඒ දෙන්නගේ ඉස්සරහින් ඇස් කඩාගෙන ගියපු එලිය නිසා ඒ දෙන්නා අත් අල්ල්ගෙනම නැගිටලා අමාරුවෙන් ඒ දිහා බැලුවා.

දෙන්නටම ඇස් අදහා ගන්න බැරිව ගියා. එයාලගේ ගැලවුම් කාරයාගේ අදහා ගන්න බැරි පැමිනිම.

එලිය තව තව වැඩි වෙන්න පටන් ගත්තා. එලිය අතරින් අහසට විහිදුනු සුදුපාට පියාපත් වල එලිය දරා ගන්න බැරි තරම් ලොකු බලයක් පිට කලා. හෝසොක් ජෙමින් එතනින් ඉක්මන්ටම ඈත් උනා. ලුසිෆර් අමාරුවෙන් අතකින් මූන වහගෙන ඒ එලිය දිහා බැලුවා.

" මන් හිතුවා කොයි වෙලේක හරි පාත් වෙයි කියලා..."

ලුසිෆර් එහෙම කියද්දී තව තවත් එලිය වැඩි වෙන්න පටන් ගත්තා. ලුසිෆර්ව එකපාරටම ඒ එලිය දිහාවට ඇදිලා ගියා.
අන්තිමට ලුසිෆර් නැවතුනේ ඒ එලියේ අයිතිකාරයගේ ඇස් ඉස්සරහයි.

ලුසිෆර්ට එකම එක අවස්තාවක් හිමි උනා.

" අප්පා... මේක ඔයාට ලැබෙන අන්තිම පාර... මේක නවත්තන්න... "

" හහ්....මාව මරන්න කාටවත් බෑ... උබ දන්නවා ඒක හොදටම..... ඩාක්නස්.."

"ඒත් මට පුලුවන්..."

එලියේ අයිතිකාරයා එහෙම නැත්නම් සුගා ලුසිෆර්ට පසුබහින්න කදිම අවස්තාවක් දුන්නා. ඒත් ලුසිෆර් තවත් කියාගෙනම හිටියේ එයා තරම් බලවත් කෙනෙක් නැති වගත් එයාව නවත්තන්න තියා මරන්නවත් කාටවත් බැරි වගයි.
ඒත් එකපාරටම ලුසිෆර්ගේ ඉස්සරහට කොහෙන්දෝ ආව ජේකේ ලුසිෆර්ගේ බෙල්ලෙන් අල්ලගත්තා.

ජේකේගේ ඇස් වල කදුලු පිරුනේ දරාගන්න බැරි වේදනාව හදවතම පුච්චලා දාන තාමටම අමාරු එකක් වෙලා නිසයි. ජේකේ ඒ ඇස් දිහාම බලාගෙන ඉකි ගහන්න ගත්තා. ජේකේට ඒ දේ කරගන්න තරම් හයියක් නෑ. ටේව මරන්න ජේකේට බෑ.

මේ දේවල් දිහා ඈත ඉදගෙන බලන් හිටපු හෝසොක්

" නෑ... නෑ... ඒක ඒ විදිහටම වෙනවා... නෑ.... නෑ... නෑ...."

හෝසොක්ගේ ජෙමින්ගේ අත අල්ලගෙන එහෙම කියද්දී ජෙමින් තේරුම් ගත්තා හෝසොක් දැක්ක නිමිත්ත මොකක්ද කියලා.
ඒ ක්ෂනයෙන් හෝසොක්ගේ අත අයින් කරපු ජෙමින් ජේකේ දිහාවට ඇදුනා. ඒත් එක්කම ලුසිෆර්

" කුකී....😥 ඔයා කොහොමද එහම කරන්නේ.. මට.... එපා...😞 කුකී.... ඔයා මට ආදරෙයි නේද..😟"

ලුසිෆර් ජේකේගේ අතේ තිබුනු ආයුදය දැකලා බය වෙලා. ලුසිෆර් තරම් ඒ ආයුදය ගැන තව කවුරුත් දන්නෑ. ජේකේව වට්ටන්න ලුසිෆර් නොකරපු දෙයක් නෑ.

ජේකේ තවත් ඉකි ගහන්න ගත්තා. ජේකේගේ අත වෙව්ලන්න පටන් ගත්තා. අසිපත බිමට වැටෙන්න යද්දිම ලුසිෆර් ජේකේගේ පපුවට පහරක් එල්ල කරා.
ඒත් එක්කම ජෙමින් ජේකේගේ අතින් වැටුනු අසිපත අල්ලගෙන හිතන පමාවට ලුසිෆර්ගේ බඩට ඇන්නා.

නොහිතපු වෙලාවක ඒ සිද්ද උන දේත් එක්ක ලුසිෆර් ජෙමින්ගේ ඇස් දිහා බැලුවේ පුදුම වේදනාවකින්.
අසිපතට සිදුරු උනු තැනින් ගලන්න පටන් ගත්ත ලේ මුලු පලාතම ලේ විලක් කලා. ඒත් එක්කම ටේගේ කටින් කලු වලාවක් එලියට ඇවිත් ඒ වලාව ගින්නකට අහුවෙලා වගේ අලු වෙලා විසිරිලා ගියා.

අදුරෙන් වැහිලා ගියපු අහස හිමින් හිමින් ලා නිල් පාටින් පාට වෙන්න ගත්තා. මුලු අහසම පුදුම ලස්සනට පෙන්න ගත්තා. ඒත් එක්කම වැටුනු වැහි බිදු ටේගේ මලකද සම්පුර්ණයෙන්ම තෙමලා දැම්මා. මේ දේවල් සිද්ද වෙන්න ගියේ තත්පර පහක් වගේ පුංචි කාලයක් ඇතුලතයි. හිතා ගන්න්වත් බෑ එකපාරටම මේ වෙච්ච දේ.

අනාගතය, ඒ නිමිත්ත, දෛවය, ඉරනම මේ හැමදෙයක්ම තත්පරයකින් වෙනස් උනා.

මෙ තමයි හැමෝම බලන් හිටපු ලුසිෆර්ගේ අවසානය.

විසික් වෙලා ගියපු ජේකේ කිසිම දෙයක් හිතා ගන්න බැරුව ඇස් රතුකරගෙන ගල් පිලිමයක් වගේ ටේගේ මල කද දිහා බලන් හිටියා. කිසිම හැල හොල්මනක් නෑ.
ටේ හරිම ලස්සනට නිදාගෙන ඉන්නවා.
ඒ මූනේ කිසිම වෙනසක් නෑ.
තාමත් හුරතල්.
ඒ රෝස තොල් ලාවට හිනාවෙලාම ඇස් පියාගෙන ඉන්නවා.

ජෙමින් වෙව්ලන අත් දෙකෙන් ටේගෙ මල කද දිහා බලගෙන පිටිපස්සෙන් පිටිපස්සට යන්න ගියා.

ජෙමින් ඒ දේ කලා. ඒක එයාටවත් හිතා ගන්න බෑ. වෙච්ච දේ හිතා ගන්න බැරුව ඈතින් හිටපු හෝසොක් ජෙමින් ලගට දුවලා ගිහින් ජෙමින්ව බදා ගත්තා. ජෙමින් හෝසොක්ගේ උරහිසට ඔලුව තියාගනිද්දී හෝසොගේ ඇස් ටේ දිහාවට යොමු උනේ කදුලු කම්බුල් දිගේ වේදනාවෙන් ගලාගෙන යද්දීයි.

ජේකේගේ කකුල් පන නැතුව ගියා. බිම වැටි වැටි ටේ දිහාවට යන්න ගත්තා. ජේකේට තාමත් හිතා ගන්න බෑ ටේ එයාව දාලා ගියා කියන එක. ටේ ලගටම ආව ජේකේ දැක්කේ ටේ ගේ ලස්සන රෝස තොල් සීතලත් එක්කම සුදු මැලි වෙන හැටියි. ජේකේගේ පන නැති කකුල් ටේ ලගින්ම ජේකේව දන ගැස්සුවා.

තාමත් හිතා ගන්න බෑ.

ටේට බෑ ජේකේව දාලා යන්න.

ජේකේ ගැහෙන අතින් ටේගේ සුදු මැලි කම්බුල අත ගැවා. ඒත් එක්කම ජේකේ ටේව ඇදලා අරගෙන පපුවට තදින්ම තුරුල් කරගත්තා.

තවත් ඒ හිතට දරාගන්න බැරිව මරහඩ දීලා කෑ ගැහුවා.

" නෑ............................... ඔයාට බෑ.... මාව දාලා යන්න...... නෑ.....නෑ.... ඔයාට බෑ.... මගේ පන.... ඔයා කොහොමද මාව දාලා යන්නේ... නෑ නෑ....නෑ...... බලන්න ටෙටේ... මේ බලන්න... හැමදේම හරි ගිහින්... ටෙටේ.... ඇස් අරින්න මගේ පන..... "

ඒත් එක්කම ජේකේගේ උරහිසින් හරිම සියුමැලි අතක් එහා මෙහා ගියා. ඒ සියුමැලි අත ජේකේගේ කම්බුල් දිගේ ගලා ගියපු කදුලු පිහි දැම්මා. ජේකේගේ මූනට එබුනු ඒ අතේ හිමිකාරයා හුරතල් කටහඩින් ජේකේට කතා කලා.

" ඔයා තාමත් පරක්කු නෑ ජේකේ... එයාව ගේන්න පුලුවන් ඔයාට.... ඒක දැන්ම කරන්න..."

ඒ වෙන කවුරුත් නෙවෙයි
ජින්ගේත් සුගාගෙත් හුරතල් චිමී.

එයා ජීවතුන් අතර.

ජේකේ ඉකි ගගහා චිමීගේ ඇස් දිහා බැලුවේ පුදුමයත් එක්කම දරාගන්න බැරි වේදනාවත් පිටකරන ගමනුයි. ඒත් එක්කම ජේකේගේ පිටිපස්සෙන් හිටපු සුගා

" ජන්කුක් ඉක්මන් කරන්න... "

අහසින් වැටෙන වැහි බිදුවල වේගය එන්න එන්නම වැඩි උනා. ජේකේ පපුවට ආදරෙන් තුරුල් කරන් හිටපු ටේව ඉක්මනින් වගේම හරිම පරිස්සමෙන් බිමින් තියලා ටේගේ සුදු මැලි තොල් උඩින් පුංචි ආදරනීය හාදුවක් තියලා ටේගේ කන ලගට ලන් උනා.

" ඔයාට බෑ මාව දාලා යන්න.."

ඒත් එක්කම ජේකේ ටේගේ බෙල්ල තදින්ම හැපුවා.
ජේකේගේ දත්වල විස ටේගේ ශරීරයට ඇතුල් කලා. ජේකේ ටේගේ ඇදුම එහාට කරන ගමන් ටේගේ පපුව ආයෙමත් තදින්ම හැපුවා. ටේගේ තුවාලය ලගින් දත් පාරවල් කීපයක්ම තිබ්බ ජේකේ ටේගේ සිනිදු අත තොල් අතරට ලන් කර ගන්න ගමන් ඉකි ගහන්න ගත්තේ හරියට එයා පරක්කු වැඩීද කියලා හිතිල වගෙයි. තවත් බලා නොයිද ටේගේ අත තදින්ම දත් වලට අහු කර ගත්තා. ජේකේගේ දත් ටේගේ සිනිදු හම පසාරු කරගෙන ඇතුල් උනා. ටේගේ ඇග පුරාම ජේකේගේ විස දුවන්න පටන් ගත්තා.

ඒත් ටේගේ හදවත දැනටමත් සීතල වෙලානම් ජේකේගේ විස වලින් කිසිම දෙයක් වෙන්නේ නෑ. එත් එයාලට බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන්.

ඒකට කාලය යනවා.

එයාලට බලන් ඉන්න වෙනවා ටේගේ හදවත ජේකේගේ විස සම්පුර්ණයෙන්ම අල්ල ගන්නකල්. ඒ කාලය ටේට හුගාක් වේදනා කාරී එකක් වෙයි. පිඅටට නොපෙනෙන වේදනාව ටේට දරා ගන්න බැරි එකක් වෙයි.

ජේකේ ටේගේ මලකද දෑතින්ම උස්සගත්තා.




.........................❣............................



*Jungkook p.o.v. *

කාලය මාව එකම තැනක මෙච්චර හිරකරගෙන ඉන්නේ ඇයි. හෙයොන් මාව තදින්ම බදාගෙන ඉන්නවා මට මතකයි. හ්ම් තාමත් ඒ අත් මාව තදින්ම එයාගේ පපුවට තුරුල් කරන් ඉන්නවා ඇති. මට කිසිම දෙයක් දැනෙන්නේ නැත්තේ මම නින්දක ඉන්න නිසාද.

නෑ මගේ මුලු ඇගම හිරි වැටිලා. ටේටෙ තාමත් එකම විදිහට නිදී. ලොකු හෙයොන්ගේ කදුලු මගේ නල්ලට වැටෙනවා මට යාන්තමට තේරුනා. එයාලා මගේ වටේ ඉදගෙන කතා කරනවා මට ඇහෙනවා.

" කොහොමද දැන් එයාට... "

"හොදයි... එයා ඉක්මන්ටම ඇස් අරී... "

" ජිනී.... ඔයා දැන් යන්න... දවස් දෙකක්ම එක දිගටම ඔයා ජන්කුක් ලගමනේ... මම ජන්කුකා ලග ඉන්නම්..."

" ඒකට කමක් නෑ ජුනී... මගේ පොඩි එකාට මාව ඔනේ "

මට දැනෙන්නේ මගේ ඔම්මා අප්පා මන් ලගින් ඉන්නවා වගෙයි. මට අප්පලා දෙන්නෙක් ඉන්නවා..

මට දැනුනා මගේ අනික් පැත්තෙන් තව කවුරු හරි ඇල උනා. සීතල අතක් මගේ ඔලුව අත ගන්න ගත්තා. ඒ මගේ හෙයොන්.
මගේ නම්ජුන් හෙයොන්.
ලොකු හෙයොන් වගේම නම්ජුන් හෙයොනුත් මාව තදින්ම බදාගෙන හිටියා.

ඒක ලොකූ කාලයක්.

මට ඇස් අරින්න පුලුවන් කියලා හිතුනත් ඇස් දෙකම පුදුම විදිහට බර වෙලා තිබුනා.

මට මතකයි යාන්තමට ටෙටේව අරගෙන මම දිගටම ඇවිදගෙන ආවා. වටේම බොද වෙලා තිබුනා. ඒත් මම ටේටෙව අරගෙන ගෙදරටම ආවා. මගේ ටෙටේව ඇද උඩින් තියලා මම ඇද ලගින්ම බිම වාඩි උනා. හැම තැනම කලුවර වෙලා ගියා මට මතකයි.

මේ ගෙවුනේ දවස් දෙකක් උනත් මට දැනුනේ අවුරුද්දකටත් වඩා ලොකු කාලයක් ගත් උනා වගෙයි. මගේ ඇග පන නැතිව තිබුනත් මට වෙලාවකට මගේ වටේ සිද්ද වෙන හැම දෙයක්ම හොදට ඇහුනා. ඒත් වෙලාවකට ආයිමත් මගේ කන් අගුල් වැටුනා.

පලවෙනියටම දේවල් ඇහෙන්න ගනිද්දී පුදුමය උනේ ලොකු හෙයොන්ගෙත් නම්ජුන් හෙයොන්ගෙත් කටහඩ මට ඇහුනු නිසයි. ඒ දෙන්නා ලුසිෆර් නිසා මැරෙනවා මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. මගේ පුදුමය නැති කරන්න එයාලට ගත උනේ පුංචි කාලයයි. හෝසොක් හෙයොන් එතනට ඇවිත් සිද්ද උන දේවල් ගැන කතා කරන්න ගත්තා. ජෙමින් කරපු දේ නිසා ඉරනම වෙනස් උනා කියලා කිව්වා. ඒ වගේම ලොකු හෙයොනුත් නම්ජුන් හෙයොනුත් කිසිම කරදරයක් නැතුව ආවේ සුගාගේ බලය නිසා කියලා හෝසොක් හෙයොන් කිව්වා. මට කෑ ගහලා අඩන්න ඔනේ උනස්. මට මගේ හෙයොන්ව බදාගෙන අඩන්න ඔනේ උනා. එයාලා මාව දාලා ගිහින් නෑ කිය්ලා මට දැනෙද්දී මට ඇතු උන සතුට ඒක මෙච්චරක් කියලා කියා ගන්න බැස්.

නම්ජුන් හෙයොන් ලගටම විසික් වෙලා ගියපු ජින් හෙයොන්ට ඒ වෙද්දිත් පන තිබුනා. බිම දිගේ බඩ ගාගෙන ලොකු හෙයොන් නම්ජුන් හෙයොන් ලගට ගිහින් නම්ජුන් හෙයොන්ගේ අත තදින්ම අල්ලගෙන ඇස් පියා ගත්තලු. මේවා ඇහෙද්දී මගේ ඇස් වලට පුංචි උනුසුමක් දැනුනා. මගේ කදුලු ඒ වෙනකොටත් මගේ කම්බුල් දිගේ ගලාගෙන ගිහින් ඉවරයි.

මගේ හෙයොන්ලා කොච්චර්නම් එයාලට ආදරේ කරනවද. ඒ ආදරය හරිම උතුම්. මට දරා ගන්න බැරි උනේ ඉතිරි කාලය ඇතුලත අමාරුවෙන් නම්ජුන් හෙයොන් ලගට ඇදුනු මගේ හෙයොන් ආදරෙන් ඒ අත් අල්ලගෙන අවසන් ගමන ගියපු නිසයි.

මට මේ දේවල් තවත් අහන් ඉන්න බෑ මටත් මගේ ටේටෙ ලගට යන්න ඔනේ.
තව එක දවසයි අපිට තියෙන්නේ. ටේ සම්පූර්ණයෙන්ම හොද වෙන්න තව දවසක් ඉතුරුයි.

ලොකු හෙයොන් කියන දේවල් මට ඇහුනා. ටේටෙගේ තුවාල වල ලේ කැටි ගැහිලාලු. ටේටෙගේ ඇගේ පුංචි පුංචි වෙනස්කම් වෙන්න පටන් අරන්ලු. ජිමිනි ටේටෙව අද උදේ සීතල වතුරින් හේදුවලු. ටේටෙගේ සුදු මැලි හම හිමීට රෝස පාට වෙන්න අරගෙනලු.

එයාලා කියන දේවල් වලින් මට ලොකු බලාපොරොත්තුවක් ඇති උනා.

මට ටේටෙව බලන්න ඔනේ. මට එච්චරයි දැන් ඔනේ.

මගේ ඇස් පිල්ලම් වල බර හිමීට නැතිවෙලා ගියා.
මට ඉක්මන්ටම ඇස් අරින්න ඔනේ උනා.
අන්තිමට මම අමාරුවෙන් ඇහි පිල්ලම් ගැහුවේ හැම තැනම බොද වෙලා පේන්න ගත්ත නිසයි. යාන්තමට මට ඇහුනා ලොකු හෙයොන් හැමෝටම කෑ ගහලා අඩ ගහනවා. ඒ මම ඇහැරුන නිසාද.
ඔව් ඒ සතුට මන් නිසයි.

බොද වෙච්ච වට පිටාව හිමීට සාමන්‍ය විදිහටම පේන්න ගත්තා. ඇද ඉස්සරහම හිටන් හිටිය ජිමිනි දත් ටිකම දාලා හිනා වෙලා ඇදට පැන්නා. ලොකු හෙයොනුයි නම්ජුනුයි හිනාවෙවී ජිමිනි හෙයොන්ගේ ඔලුව අත ගෑවා. මේක හීනයක් වගෙයි. හැමෝම හිනාවෙනවා. හෝසොක් හෙයොන් අපි ලගින්ම හිටගෙන බලන් හිටියා.

මම සුපුරුදු විදිහටම ජිමිනිට පයින් ගැහුවේ හුග කාලයක් බලන් හිටපු ආදරනීය සහෝදරයට ආයුබෝවන් කියලා පිලිගන්න වගෙයි.

" යනවා එහාට😐.... "

" ආ..... බලන්නකෝ මේකගේ කටේ සැර....😯 ගුටි දෙන්නේ හලිද...😑 ඉන්නෝකෝ උම්මා දෙනකල්...🙄 කෝ😚 කෝ...😗😚"

ජිමිනි මගේ බෙල්ල බදාගෙන මුලු මූනෙම කෙල ගෑවා.

මට ඇයි මෙච්චර ලොකූ සතුටක් දැනෙන්නේ. ඒක දරා ගන්න බැරි තරම් ලොකු සතුටක්. ටෙටේ හොදින් කියලා දැනෙන නිසාත් මගේ පුංචි පවුල මගේ වටේම මන් දිහා බලන් හිටිය නිසාත් ඒ සතුට එච්චරටම ලොකු එකක් වගේ මට දැනෙන්න පටන් අරන්.

දැන් අපේ පුංචි පවුලට අලුත් සාමජිකයෙක් ඉන්නවා.

ජෙමින්ටම ගැලපෙන සහෝදරයෙක් වගෙයි මටනම් පෙවුනේ.

සුගා හෙයොන්... 😄

මට තවත් හෙයොන් කෙනෙක් හම්බුනා.

" හෙයොන් හෙයොන්...🙃 හාන්නකෝ... දැන් ටේට කවුද දඩයම් කරන්න පුරුදු කරන්නේ...🤔 අනේ ටේ දඩයම් කරනවා බලන්න මටත් පුලුවන් නේද🙄...."

" ආ... කොහේ යන්නද ඔයා😏... "

මන් බොරුද කිව්වේ. ජෙමින්ටම ගැලපෙනවා සුගා හෙයොන්ව.

" අන්න හරී..🤨 මෙයාට මෙහෙම කියලා හරියන්නෑ සුගා හෙයොන්... ඔයා දන්නවනේ කරන්න ඔන දේ...😏"

ජෙමින් සුගා හෙයොන්ට එහම කියද්දී සුගා හෙයොන් ජෙමින්ට ඇහැක් ගහලා මගේ ඇග උඩ ඉන්න ජිමිනි හෙයොන්ව උස්සලා කර උඩට ගත්තා. ජිමිනි හෙයොන් හිනා වෙනවද අඩනවද කියලත් හිතා ගන්න බෑ.

ඒත් එක්කම උඩ පැනගෙන ආපු හෝසොක් හෙයොන් ජෙමින්ගේ ඇගට පැනලා බිම පෙරල ගත්තා.
එයාලා ඉන්නේ හුගාක් සතුටින්. ජින් හෙයොනුත් නම්ජුන් හෙයොනුත් එයාලා දිහා බලන් හිටියේ ඔම්මා අප්පා දරුවෝ දිහා බලාගෙන ඉන්නවා වගෙයි.

එයාලගේ හිනාවන් වලින් හිමීට ඈත් වෙලා මම ඒ කාමරෙන් එලියට ගියා. ඉර එලිය හොදට වැටෙන කාමරය දිහාවල මම ඇවිදගෙන යන්න පටන් ගත්තේ ලොකු කාලයක් වෙන් වෙලා හිටපු මගේ වස්තුව දැක ගන්න හිතා ගෙනයි.

කාමරේ දොරේ අගුල අල්ලගෙන මම කල්පනා කලා

ටේටෙව මට බලන්න ඔනේ. හුගා කාලයක් ටේටෙ මගෙන් ඈත් වෙලා හිටියා. තවත් එහම නෑ.

මගේ කකුල් ආයෙමත් පන නැති උනා. මම ටේටෙව බලන්න යනවා. මට අන්තිමට ටෙටේව බලන්න පුලුවන් උනා..

මම අගුල ඇරගෙන කාමරේට ඇතුල් උනේ ටේටෙ ඉන්න ඇද දිහා බලාගෙනමයි.

සුදුපාටින් ටේව ලස්සනට සරසලා. ජිමිනි හෙයොන් ටෙටේව කුමාරයෙක් වගේ අන්දවලා තියෙනවා.
මන් නිහඩ ටෙටේගේ ඇද වටේට ඇවිද්දා. ටෙටේගේ ඇගේ තාමත් ඒ තුවාල තිබුනා. මගේ දත් පැල්ලම් තදින්ම ඒ සියුමැලි හමේ හිටලා තිබුනා මම දැක්කා. ඒ තුවාල දිහා බලාගෙන මම නතර උනා.මගේ ඇස් වලින් ආයිමත් කොහෙන්දෝ ආපු කදුලු කම්බුල් දිගේ හෝ ගාලා ගලන්න පටන් ගත්තා.

ඒත් එක්කම කාමරේ ඇතුල්ට ඔලුව දාපු ජිමිනි හිනාවෙලා දොර හිමීට වහගෙන යන්න ගියා.

ටෙටේ ලගින් වාඩි වෙලා මම ඒ මූනේ වෙනස හොදින් බැලුවා. මට මතකයි මම මුලින්ම ටෙටේව දැක්ක දවස. ජෙමින්ගේ ඇගේ වැදිලා තරහින් අපි දිහා බලන් හිටියා. ඒ ඇහි පිහාටු දිගයි. තද කලුයි. ඒ ඇස් ලස්සනයි. එත් දැන් ඒ ඇහි පිහාටු දුබුරුපාටයි. මලානික පෙනුමයි. ටේටෙගේ මූන අදුරුයි. හැමදාම උදේට මම ආදරෙන් ඉබින ටෙටේගේ පිරුනු කම්බුල් වල ගැහිලා.

මගේ කදුලු ටේගේ අත උඩට වැටෙද්දී ටග්ගාලා මම පිදැම්මා. මට ඔනේ නෑ මම දුකෙන් ඉන්නවා කියලා ටෙටේට දැනෙන්න දෙන්න. එයා ඇස් අරින්න ඔනේ හිනා වෙලායි. මම දුකින් ඉන්නවා කියලා ටෙටේ හිතන්න හොද නෑ.

මම හොදින් ටෙටේ.... ඔයා මන් ලග ඉන්නකල් මන් හොදින්.



....................⌛..........................

* No one p.o.v. *

හැමදේම ටිකින් ටික හොද අතට හැරෙමින් තිබුනා. හැමෝගෙම මූනු වල සතුටක් තිබුනා. වේදනාවත් අදුරත් එයාලගේ ජීවිත මෙච්චර කාලයක් පුදුම විදිහට හිර කරගෙන මිරිකගෙන හිටියා.
දැන් එයාලට තවත් අඩන්නවත් වේදනාවෙන් ඉන්නවත් හේතුවක් තිබුනේ නෑ.

හැමෝම ලෑස්තිවෙලා හිටියා ටේ ඉක්මනින් ඇස් අරිනකම්. මේක එයාලගේ ජීවිතේ හොදම අවස්තාව වගෙයි. හැමෝගෙම මූනු වල ලොකු බලාපොරොත්තුවක් තිබුනා.


* tae p.o.v. *

අනේ මාව මරන්න...
මාව මරලා දාන්න...

මට බෑ තවත්මේ වේදනාව දරා ගන්න.

මට මතක නෑ කොච්චර කාලයක් මම මෙහෙම හිටියද කියන්න. ඒක වේදනාවක්ම විතරයි. ලුසිෆර් මට දුන්න ඒ වේදනාව දාහකින් සම්පතක් කියලා හිතුනු වාර අනන්තයි.

මොකක්ද මේ මට වෙන්නේ.

මට හෙල්ලෙන්නවත් බෑ.

මම මැරිලා නෑ කියන එක මම දන්නවා.

මගේ මුලු ඇගම හිරකරලා ගැට ගහලා වගෙයි. මුවහත් කඩු සීයකින් මගේ ඇග හැම තැනටම අනිනවා. ඒත් එක්කම මගේ මැරුනු අත පය ගිනි ගන්න පටන් ගත්තා. තවත් මොහොතකින් ඒ ගින්න ඔලුවටත් පැතිරිලා ගියා. මගේ මූන පිච්චෙනවා.
මාව අවන් එකක් ඇතුලට දාලා පුච්චනවා වගෙයි මට දැනෙන්නේ.

මට කෑ ගහලා මගේ වේදනාව පිට කරන්න ඔනේ.

මට ඒ නිදහසවත් නෑ.

ඇයි මට කෑ ගහන්නවත් බැරි.
මට මේ ගින්න නිවලා දාන්න බැරි ඇයි. මාව ගෙට ගහලාද...?
මගේ තොල් මෙච්චර බර ඇයි.
තවත් මට මාව පාලනය කර ගන්න බෑ.

මට මැරෙන්න ඔනේ...

මගේ මුලු ඇගම ගිනිගන්නවා. ඒ ගින්න මගේ හදවත දිහාවට හරිම ඉක්මනින් ආවා. මගේ පපුව ඉරලා මගේ හදවත අමු අමුවෙම එලියට ඇදලා අරගෙන තියුනු මුවහත් පිහි තල වලින් මගේ හදවත කිදා බැහැගෙන යනතරම් හයියෙන් අනිනවා.

ඒත් එක්කම මගේ හදවත ගිනිගත්තා.

මේ හැමදේම මාව වේදනාවෙන් මිරිකුවා. මට මගේ වේදනාව පිට කර ගන්නවත් බැරි තරමටම මාව අසරන කරා. ඒත් එක්කම මගේ කොදු ඇට පේලිය ශක්තිමත් වෙනවා වගේ මට තේරුනා.

නිවා නොදැම්ම ගින්න කොදුඇට පේලිය දිගේත් දුවන්න පටන් ගත්තා.ඒත් එක තප්පරේට කොදු ඇට පේලිය ගින්නෙන් දැවීම නිවිලම යන්න ගියා. ඒත් එක්කම මාව තුනට හතරට නවලා පොඩි කරලා පාගලා දැම්මා. මගේ මුලු ඇගම මැෂිමක් ඇතුලට දාලා අඹරනවා.

ඒත් තවත් තප්පරයක් ගත වෙද්දී මගේ ඇගෙන් වේදනාව නැති වෙලා යන්න පටන් ගත්තා. මට මගේ ඇගේ හැම තැනක්ම හොදින්ම දැනුනා. ඒවා තාමත් හොදින් තියෙනවා කියලා මට දැනෙන්න පටන් ගත්තා. මගේ තොල් වල තිබුනු බර සම්පූර්ණයෙන්ම නැතිඋනා.

වටපිටාවෙන් මට එක එක සද්ද ඇහුනා. මට හරිම පුදුමයි. හත් ගව්වක් ඈත තිබ්බ කැලේ ඉන්න සත්තු කෑ ගහන සද්දේ මට හොදින්ම ඇහුනා. අපි ඉන්නේ කැලයක් මැද කියලා මට දැනුනා.

මට පුදුම ශක්තියක් දැනුනා.

මට මගේ ශරීරයේ පාලනය මගේ අතට ගන්න පුලුවන් උනා.






____________________________________

Hi gyz 😍

ඉවරාආආආආයි 🙊

ඔයාලා දන්නවද මේ කතාවේ දෙවියෝ කවුද කියලා.
ඒ තමයි කතාව ලියපු ඕතර්. 🙃
සම්පූර්න කතාව එයාගේ ඔලුවේ නිර්මානය උන එකක්. එයයි දෙවියා.

ඊලග චැප්ප අන්තිම එක............... 🙃

Enjoy ❣️

Ishki_

Bạn đang đọc truyện trên: AzTruyen.Top