🥀 උත්තරය

* no one p.o.v.*

චිමීගේ හිත හොදටම පෑරුනේ ටේගේ කටින් පිටවුන නපුරු වචන නිසාමයි. ජින්ගේ ඔඩොක්කුවේ දවසම අඩපු චිමී අන්තිමට නොකාම කාමරේට ගියේ නිදාගන්න හිතාගෙනයි. එයාට දැන් එයාගේ ආදරවන්තයගේ උණුහුම හොදින්ම ඔනේවෙලා තිබුනා. චිමීට ඔනේ උනා ඒ පපුවට තුරුල්වෙලා එයාගේ දුක පිට කරන්න.

චිමීට ගෙදරින් යන්න බැරිම ලොකුම හේතුව එයාට එයාගේ ආදරවන්තයව බලන්න බැරි වීමත්ම නෙවේ එයාගේ හෙයොන්ලගෙන් ඈත් වෙන්න වෙන එකත් හේතුවක්. චිමීට මතකයි නම්ජුන් එයාට එයාගේ අප්පා කියලා දවසක් කිව්වා. චිමීට ඔනේ උනා මේ දේවල් වල ඇත්ත දැන ගන්න. ඒත් ඒකට එයාට නම්ජුන් ලගට යන්නම වෙනවා. ඒත් දැන් තියෙන ලොකුම ප්‍රශ්නය ඒක නෙවේ, නගරයේ ඉන්න යක්ශයා ගැනයි තියෙන ප්‍රශ්නේ. චිමී හොදාකාරවම දන්නවා ඩීමන් මේ දේ කරන්නේ නැති වග. එයාට විස්වාසයි ඩීමන් මේ දේවල් වලට ගෑවිලාවත් නැති වග.

චිමීගේයි ඩීමන්ගෙයි බැදීම පටන් ගත්තේ වේදනාවකින් වගේම ලොකු නිහඩවබවකින්.
අදවෙනතුරු මේ දෙන්නා ඇස් වලින් මනසින් හැගීම් බෙදා ගත්තා. ඒත් නිදහසේ කතා කරන්න එයාලට බැරිඋනා. චිමීට එයාගේ හිතේ තියෙන හැම දෙයක්ම ඩීමොන් එක්ක බෙදා ගන්න ඔනේ උනා. මේ වෙලාවේ එයාව තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ට හිටියේ ඩීමන් විතරයි. මොකද මේ වෙනකොට එයාගේ හෙයොන්ලා හිතන්නේ ඩීමන් ආයිමත් එයාලා පස්සෙන් එනවා කියලත් එයාලව නිකන් හරි ආශ්‍රය කරන අයව මරලා දානවා කියලයි. ඒ වගේම එයාගේ හොදම යාලුවත් මේ වෙද්දී එයාව රිදවනවා. ඉතින් චිමීට බෑ කාටවත්ම එයාගේ හැගීම් කියන්නවත් මේ දුක පිට කරන්නවත්. ඉතින් එයාව තේරුම් ගන්න පුලුවන් එකම කෙනා උනේ ඩීමන් විතරයි.

ඩීමන් හැමවෙලාවෙම චිමීව බලන්න ආවේ නෑ. ඒක සිද්ද උනේ හරි අමුතු විදිහකට.චිමී ඩීමන් ගැන නිකන් හරි මතක් කලොත් ඒ තප්පරේට ඩීමන් එතනට එනවා. ඒක හරිම පුදුමයි. චිමී නිකම් එයාව මතක් කලත් ඇති ඒ තප්පරේට ඩීමන් එතනට ආවා. කොහෙන් එනවද කොහොම එනවද කියලා හිතා ගන්න බෑ.

ඉතින් චිමී කාමරේට ගියේ ඩීමන් ගැන හිත හිතයි. ඒත් දැන් එයා නෑ නේ කියලා චිමී දුකින් කාමරේට ගියා හැම දුකක්ම අමාරුවෙන් හිරකරගෙන.

ඇදට නැගපු චිමී බැරිම තැන එයාගේ ටෙඩියව බදාගෙන අඩන්න පටන් ගත්තා.

"හැමෝ...ම එ..හෙ..ම කිව්වම...
මට දු...කයි....😭 කවු..රුත්... මන් කි..යන.දේ... අහන්නේ... නෑ... මන් දන්නවා ඔයා හොද කෙනෙක් ඔයා මට රිද්...දන්නේ නෑ.. ඔයා මගේ.... ඔයා මගේ නේද... ඉතින් කෝ.මද මට රිද්ද...න්නේ..,
ඒ ඔයා නෙ...වෙයි කියලා කියන්න එයාලට...
ඔයා.. නෙවෙයි.. මන් ඒක දන්නවා... 😭"

" ඔහොම ඇඩුවොත් මට දුක හිතෙයි.."

පුදුමෙන් ඔලුව උස්සලා බලද්දී එයාගේ ඉස්සරහින් ඉදගෙන හිටියේ එයාගේ ආදරය හිමි කරගත්ත එකම කෙනා. ඒත් එක්කම ඩීමන් චිමීගේ නිකටින් අල්ලගෙන ලස්සනට හිනා උනා.

" ඔයා නිසා මට හැමදේම ලැබුනා. ඉතින් මන් නිසා අඩන්න එපා. ඔයාට පුලුවන් මේ හැමදේටම උත්තරයක් හොයන්න."

චිමීගේ ඇස් වල කදුලු පිරිලා මුතු කැට වගේ දිලිසුනා. කටත් උල් කරගෙන අඩන චිමී තුරුල් කරන් හිටපු ටෙඩියව පැත්තකට විසික් කරලා ඩීමන්ගේ ඔඩොක්කුවට පැනලා ඩීමන්ගේ බෙල්ල බදාගෙන ඒ උරහිසේ මූන හන්ගන් ඉකි ගහන්න ගත්තා.

"උත්තරයක් මන් දන්නවා... ඔයා මගේ....,
මට විස්වාසයි... ඒ නපුරු දේ කලේ ඔයා නෙවෙයි....."

" මේ අහන්න මගේ පැටියෝ... "

"ම්......."

" ඔයාට යන්න වෙනවා... එහෙම නේද..."

" මට යන්න බෑ.. මන් කෝමද ඔයාව දාලා.."

"ෂ්.....🤫 ඔයා යන්න...මොකද ඔයා දැන ගන්නඔන හුගාක් දේවල් තියෙනවා... ඒ නිසා ඔයා යන්න... බය වෙන්න එපා ඔයා එක්ක මාත් එනවා..."

" ආ....😳 මොනාද මේ කියන්නේ..."

"හ්ම්... මගේ මනස දකින්න පුලුවන් එකම කෙනා වෝල්තුරී ආර් එම්.. එයාට පුලුවන් හැමදේම වෙනස් කරන්න.."

" ඒක ඒක හරිම භයානකයි...😰 කරදරයක් වෙයි.... මට ඔයාව නැති වෙයි...😰 ඒක කරන්න එපා...😭 "

" හ්ම්....දන්නවද... වෝල්තුරී ආර් එම් කියන්නේ කාටවත් නැවෙන්නෙ නැති කෙනෙක් උනාට ඔයාගේ ලොකු හෙයොන්ට පන උනත් දෙන කෙනෙක් කියලා.. ඉතින් ඔයා බය වෙන්නේ ඇයි..."

.

.

.......................💜️

.

.

ඩීමන්ට ඔනේ උනා චිමීව එයා ලගින්ම තියා ගන්න. ඒ වගේම චිමීට ඔනේ උනා ඩීමන් ගැන එයාගේ හෙයොන්ලා හිතන් ඉන්න විදිහ වැරදී කියලා පෙන්නන්න.. ඉතින් එකම මාර්ගය උනේ නම්ජුන්. ඒත් ඒකට හැමෝම නම්ජුන්ව හම්බෙන්න යන්නම ඔනේ. එතන හැමෝම ඉන්න ඔනේ. ඉතින් චිමීට සිද්ද උනා ජින්වත් ටේවත් රතු පල්ලියට එයාලා එක්කම එක්කන් යන්න මොක්ක් හරි දෙයක් කරලා.

චිමීට පුලුවන් උනා ජින්ව කැමති කරව ගන්න එයාලා එක්ක යන්න. ඒත් ටේව චිමීට කැමති කර ගන්න බැරි උනා.




ලුසිෆර්ට ඔනේ කලේ මේ කොල්ලෝ තුන්දෙනාව රතු පල්ලියට යවන්න. එතකොට එයාට ඩීමන්ගෙන් චිමීව ඈත් කරන්න ලේසී වගේම ඩීමන්ව අල්ල ගන්න ලේසී.
ලුසිෆර් බය උනේ මේ කාලය අතර තුරේදී ඉක්මන්ටම ඩීමන් වෙනස් වෙන්න ගත්ත නිසයි. සම්පූර්ණයෙන්ම ඩීමන් වෙනස් වෙන්න කලින් චිමීගෙන් ඈත් කරලා ආයිමත් අපායට එක්ක ගිහින් පරන විදිහටම වේදනාවන්වලින් පිරුනු ප්‍රතිකාරවලින්, හිටපු ඩීමන්ව ආයිමත් ගේන්න පුලුවන් වෙයි කියලා ලුසිෆර් හිතුවා.

මෙතන තියෙන ප්‍රශ්නය ඩීමන් ඒන්ජල් කෙනෙක් උනොත් එයා දෙවනි වෙන්නේ දෙවියන් වහන්සේට විතරක්ම වෙන එකයි.
ලුසිෆර්ට ඔනේ උනේ එහෙම වෙන්න කලින් ඩීමන් අවදියේදී ඩීමන්ගෙන් ආත්මය අරගෙන ඩීමන්ව මරලා දන්නයි. මොකද ඩාක්නස්ගේ ඩීමන් පැත්ත යටපත් වෙලා ඒන්ජල් එලියට ආවොත් ආයි කවදාවත් එයාව ලුසිෆර්ට නවත්තන්න බෑ. ලුසිෆර් නිකන්ම නිකන් දූවිල්ලක් විතරක්ම වෙනවා ඩීමන් ඉදිරියේ.

ඒත් ලුසිෆර්ගේ අවාසනාවක මහත කියන්නේ, මේ වෙනකොටත් ඩාක්නස්ගේ සම්පූර්නයෙන්ම ඩීමන් සයිඩ් එක යටපත් වෙලා ගිහින් ඉවරයි.
ඉතින් දැන් ඩාක්නස් සම්පූර්ණයෙන්ම බලවත් ඒන්ජල් කෙනෙක්. හුගාක් බලවත් කෙනෙක්. ඒත් ඩීමන් එයාගේ ඇගේ මේ වෙනස ගැන හරියට දැනම් හිටියේ නෑ.

ලුසිෆර්ට ඔනේ විදිහට හැමදේම් හිමීට සිද්ද උනා. කොල්ලෝ තුන්දෙනාව යවන්න ලෑස්ති.
චිමී හරිම නිහඩයි.
ටේ මාරම සතුටෙන් හිටියා. බොරුවට ජේකේ ඉස්සරහා රග පෑවට හැම වෙලේම ජරා විදිහට හිනා උනේ එයාගේ ප්ලෑන් සාර්තක වේගෙන එන නිසයි.

මේ වෙද්දී ලුසිෆර්ට එයාගේ බලය ලැබිලා ඉවරයි. ඉතින් ජේකේව සම්පූර්ණයෙන්ම එයාගේ යටතේ තියාගන්න එයාට පුලුවන් උනා. ජේකේගේ මාර්ගෙන් ගෙදර හැමෝම හිතන දේවල් ටේ අහගත්තා. ටේගේ ආත්මය හුගාක් අඩපනවෙලා තිබුනා. ඒත් ජේකේගේ මතකයන් ටේගේ ආත්මය ශක්තිමත් කරලා තියා ගත්තා. ටේට පුලුවන් උනා එයාගේ මනසේ ජේකේගේ හැන්ගිච්ච සුන්දර මතකයන් හොයා ගන්න. ලුසිෆර්ට ඔක්කොම සෙල්ලම් දාන්න පුලුවන් වෙන්නේ ටේ අඩපනව ඉන්නකල් විතරයි. ඒත් ටේගේ අත්මය ශක්තිමත් උනොත් ලුසිෆර්ගේ සම්පූර්ණ පාලනයට ටේට පුලුවන් එයාගේ අතට ගන්න. ඒත් ඒක මහම මහ වේදනාවක් විතරක්. සාතන් වගේ යක්සයෙක්ව එහෙම හිරකරන් ඉන්න එක අමාරුයි. ඒත් සාතන්ව හිර කරන්න පුලුවන් එක මාර්ගයක් උනා මේක්.

ජේකේගේ පුංචි පුංචි මතකයන් හොයා ගත්ත ටේට පුලුවන් උනා එයාගේ ශරීරයේ තියෙන ශක්තිය හිමීට යටපත් කරන්න. ඒකෙන් ජේකේට පුලුවන් වෙනවා ටේගේ හිත කියවන්න. එතකොට ජේකේට පුලුවන් මේ ඉන්නේ ටේ නෙවේ කියලා දැන ගන්න. ටේ වේදනාවෙන් මරහඩ දීගෙන ඒ බලය යටපත් කරන්න හැදුවා.

ලුසිෆර් මේ හැමවෙලාවකම කට කොනට හිනාවුනේ ඔය පුංචි මතකයන්වලින් එයාව මට්ටු කරන්න බෑ කියලා හිතාගෙනයි. ඒත් ටේට දැන් පිටත වෙන හැමදේම ඇහෙන්න ගත්තා පේන්න ගත්තා.
ලුසිෆර් මේ අවස්තාවෙදී තමයි තේරුම් ගත්තේ ටේගේ අත්මය වගේම ජේකේට තියෙන ආදරය එයා හිතනවට වඩා හුගක් ශක්තිමත් කියලා. එහෙනම් දැන් කරන්න තියෙන හොදම දේ ඒ ආදරයෙන්ම එයාව වේදනාවට පත් කරලා වට්ටලම දාන එක කියලා ලුසිෆර් තේරුම් ගත්තා.

ජේකේ ඔෆිස් ගිහින් ගෙදර එද්දී රෑ 10ත් පහු. කොල්ලට හොදටම තෙහෙට්ටුයි.

"බලාගනින් උබේ කොල්ලට මම අද කරන දේ...😀 උබ නවතින්නේ නෑනේ..😃 එහෙනම් බලා ගනින්...😏"

ජේකේ කාමාරේට එනකොට ලයිට් ඕෆ් කරලා තිබුනා. ජේකේ බෙල්ලේ තිබුනු ටයි එක, එක අතකින් ලූස් කරන ගමන් අනික් අතින් බිත්තියට අත යවලා ලයිට් එක දැම්මා.

ජේකේගේ ඇස් ලොකු වෙලා එතනම ගල්වෙලා කටත් ඇරුනේ ටේ හිටිය විදිහ දැකයි.

ටේ හිටියේ සිල්ක් ඇදුමක් ඇදගෙන. උඩට විතරයි ටේ ඇදගෙන හිටියේ. ඇදුම දනිස් ලගටම දිගයි. ඒත් සිල්ක් ඇදුම ඇතුලෙන් විනිවිදව පෙවුනා ටේ හිටියේ කිසිම ඇදුමක් ඇතුල්ට ඇදලා නැතුවයි කියලා.

ජේකේ එනකල් බලන් හිටපු ලුසිෆර්ට ටේව වට්ටන්න හොදම මාර්ගය මේක උනා. ජේකේව එයාගේ අත් වලින්ම වේදනාවට පත් කරන්න, කරන්න ටේ අමාරුවෙන් අල්ල්න් ඉන්න ශක්තියත් නැතිවෙලාම යනවා. ටේට එතනින් එහාට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. ජේකේට කෙලත් ගිලුනා, ටේ ජේකේ ලගට අමුතු විදිහට හිනා වෙලා ඇවිදන් එද්දී. ඒත් එක්කම පිටිපස්සෙන් පිටිපස්සට ගියපු ජේකේ අමාරුවෙන් සංසුන් වෙලා අහක බලා ගත්තා. ටේගේ ඇස් දිහා නොබලපු ජේකේ බිම බලාගෙන කට කොනට හිනා උනා. ලුසිෆර්ට ඔනේ උනෙත් ඒකමයි. ජේකේ එයාගේ ඇස් දිහා නොබලන්නයි. ටේ සරාගිකව බලද්දී කාටද ඒ ඇස් දිහා බලන් ඉන්න පුලුවන් හැගීම් පාලනය කරගෙන.

ජේකේගේ මූන ලගටම ලන් උනු ටේ ජේකේගේ බෙල්ලේ තිබුනු ටයි එකෙන් ඇදගෙන ඇද ලගට ඇදගෙන ගිහින් ජේකේව ඇදට තල්ලු කලා. ටයි එක ගලවලා ජේකේගේ ඇස් වල ගෙට ගැහුව ටේ ජේකේගේ ඇග උඩට නැගලා ඇගේ හිරි කැඩුවා.

___________________________________

Hi gyz 😳

මන් අර කිව්ව ⚠️️ එක එන්නේ ඊලග පාට් එකට. 😳
ඔන්න කිව්වා.. අනේ පීස් දරාගන්න බැරි අය කියවන්න එපා. ජේකේට හේම කලේ මොන හිතකින්ද උයා කියන්න එපා.. 😃

රෑට දානවා ඒක..

අර අවුල අයෙත් ආව අනේ. කලින් පාට් එකක් දාලා කියලා ඔයාලට නොටිෆිකේශන් එන්න ඇති. ඒම එකක් දාලා නෑ මන් හුදේ.

Enjoy 😱

Ishki_

Bạn đang đọc truyện trên: AzTruyen.Top