🥀ඇකඩමියට අලුත් කෙනෙක්


* NO ONE P.O.V. *

"ආශ්..😡"

ඇකඩමී එකට අලුතෙන් ආපු ලමයෙක් වටපිට බල බල ඔෆිස් එක හොයනවා. ඉස්සරහට තව අඩියක් තියන්න ලැබුනෙ නෑ එයා පර්වතයක හැප්පුනා. නෑ ඒ ඇකඩමී එකෙ තවත් ලමයෙක්. එයාට තේරුනෙ ලොකු ගලක් ඇගේ වැදුනා වගෙයි.
අලුත් ලමයගේ ඇදුමෙන් අල්ල ගත්ත එයා අත මිට මෙලෙව්වේ අලුත් ලමයට ගහන්න.

" ජෙමින්... කාම් ඩවුන් බන්...."

ශක්තිමත් අත් දෙකෙන් අලුත් ලමයට ගහන්න ගියපු ලමයව ඒ කියන්නේ ජෙමින්ව පිටිපස්සෙන් බදාගත්තේ ඇකඩමී එකෙ තවත් ලමයෙක්.
අලුත් ලමයා දිහා බලාගෙන තවත් තරහා නැගපු ජෙමින්ගේ ඇග රත් වෙද්දී,
අනිත් ලමයා එයාව අල්ලන් හිටියේ බොහොම අමාරුවෙන්.

" ජෙමින් මේ බලන්න... දැන් හලි... හැමදේම හලි.. එයා අහිංසකයි🤗..."

අලුත් ලමයව පෙන්නෙ නැතිවෙන්න ජෙමින්ගේ ඉස්සරහින් හිටගත්තේ ජෙමින් වගේම තව කෙනෙක්. බැලූ බැල්මටම දෙන්නම එක වගෙයි. කිසිම වෙනසක් නෑ.
කොන්ඩේ පාට විතරයි වෙනස්. තව වෙනසක් තිබ්බා.
ජෙමින්ගේ මූනේ හිනාවක් නෑ හරිම දරුනු පාටයි. ගින්දර පිටවෙනවා.




අනිත් කෙනා ලස්සනට හුරතල් විදිහට හිනාවෙනවා.




ජෙමින්ගේ මූන නපුරු පාටයි. අනික් කෙනාගේ මුන අහිංසකපාටින් පිරිලා.
ජෙමින්ගේ ඉස්සරහා හිටපු එයා වගේම කෙනාව දැකලා ටිකක් වෙලා යද්දී ජෙමින් අයිස් ගොඩාක් තරම් සීතල උනා. එතකොටයි එයාව පිටිපස්සෙන් අල්ලන් හිටිය ලමයා එයාගේ ඇගෙන් අත් ලිහිල් කලේ.

"Jimini ආවේ හොද වෙලාවට.. තව පොඩ්ඩෙන් ඉවරයි.. අපි අහු වෙන...උප්ස් අරයා👀..."

ජෙමින්ව අල්ලන් හිටිය ලමයා අලුත් ලමයා දිහා බැලුවේ, එයා මෙයාල කියපුවා අහන් ඉන්න නිසයි. ඒ වෙලාවේ ඉදන්ම එයා අලුත් ලමයා දිහා බලන් හිටියා

" ඊ..😁 සොරි... මේ එයාට ටිකක් කේන්ති යනෝනේ... ඔයා හොදිම්ද..?🤗"

ජිමින් ඇහුවේ හරිම අහිංසක විදිහට.

"අහ් ඔව්.. 🙂"

ජිමින්ට උත්තරදීපු අලුත් ලමයා එතනින් යන්න ගියේ අනිත් දෙන්නා දිහා බලන්නෙවත් නැතුවයි. තාමත් අරයා අලුත් ලමයා දිහා බලාගෙන හිටියේ ලොකු අවුලක් වෙලා වගෙයි.

" මොකූ.. ජේකේ.. එයා යන දිහා බලම් ඉන්නේ අලේ..🙄"

එයාලගෙන් ඈතට ඇවිදගෙන යන අලුත් ලමයා දිහා බලන් හිටිය ජේකේ ගැස්සිලා ගියේ වෙන සිහියක හිටියා වගෙයි.

" මාර වැඩේනේ... මට එයාගේ හිත කියවන්න බෑ..😕"

ජේකේ කියපු දේට ජෙමිනුයි එයාගේ මල්ලි ජිමිනුයි හොදටම පුදුම වෙලා ගියා.




"මොකක්.... උබ මොකක්ද කියන්නේ...😳 මන් මේ අහන්න ගියේ උබෙන් අරයා මට බැන්නද කියලා😒.."

ජෙමින් ජේකේ පැත්තට හැරෙන ගමන් කිව්වා.

"අපි හියුන්ට කීයමුනේද..?😳😕"

ජිමින් එහෙම කිව්වේ ලොකු ප්‍රශ්නයක් වෙලා වගෙයි. කට්ටියම හැරුනේ ඇකඩමී හොස්පිටල් එකට.

⏳🏥

"මේ මොකෝ මේ වෙලාවේ... ලෙච්චර්ස් නැද්ද තුන්දෙනාට රෝන්දේ ගහන්නේ ආහ්.🤨."

ඇකඩමී හොස්පිටල් එකේ කකුලක් කඩ්ඩාගෙන හිටපු වොලිබෝල් ටීම් එකේ කොල්ලෙක්ගේ කකුලට බෙහෙත් දාදා හිටපු ඩොක්ට මේ තුන්දෙනාව දැක්ක ගමන් ඇහුවා.




"හියුන් පොඩි... නෑ නෑ ලොකූ🙇.. අනේ මන්දා..... ප්‍රශ්නයක් උනා.. "

ජේකේ කිව්ව විදිහට මොකක් හරී වෙලා කියල තේරුනු ඩොක්ට එයාගේ පේශන්ව නර්ස් කෙනෙක්ට භාර දීලා තුන්දෙනාට එයාගේ පස්සෙන් එන්න කියාගෙන එයාගේ ඔෆිස් එකට ගියා.

ඔක්කොම ඇතුලට ගියාහම ජිමින් දොර හිමිට වැහුවේ හරියට එයාගෙ අතින් දොරට රිදෙයි වගේ. ජෙමින්නම් ගියපු ගමන් ඉදගත්තා.

"මොකෝ උනේ.."

ඩොක්ට මේසෙ ලග කල්පනා කර කර හිටන් ඉන්න ජේකේගෙන් ඇහුවා.

"මේ...මේ...හියුන් මගේ බලය නැතිවෙලා මන් හිතන්නේ.. මොකක්රි වෙලා😕😟.."

ජේකේගෙ කතාව අහලා ජෙමිනුයි ජිමිනුයි හැර ඉදගෙන හිටිය ඩොක්ට විතරක් ටිකක් පුදුම උනා.

" නෑ නෑ.. එහෙම වෙන්නේ නෑ.. බලයන් නැති වෙන්නේ නෑ ජන්කුකා.. මට වෙච්ච දේ කියනවද මුල ඉදන්.."

ඩොක්ට බොගොම බැරෑරුම් විදිහට ජේකෙගෙන් වෙච්ච දේ ඇහුවා.

"එයා අලුත් කෙනෙක් ජින් හියුන්ග්.. මම අදමයි දැක්කේ.. එයා ලස්සසනයි එයාගේ ඇස් දෙක දිහා බලන්..."

බෝම්බයක් පිපුරුනා වගේ ජෙමින් එකපාරටම හිනාවෙන්න ගත්තා. ජිමිනුයි ජිනුයි මුනට මුන බලාගෙන හිනාව තදකර ගත්තා.

" අහ්..හරි එයා ලස්සනයි. දැන් එයාගේ ලස්සනද මම ඇහුවේ..😒"

ජින් ජේකේගෙන් ඇහුවම ජේකේට ලැජ්ජත් හිතුනා. කට්ටිය එයාට හිනාවෙන නිසා ටක්ගාලා කතාව වෙනස් කලා.

" එයා හිතන දේ මම අහන්න හැදුවේ.. ඒත් මට එයාගේ හිත ඇහුනේ නෑ... 😕"

ජින් ටිකක් කල්පනා කලා.

"හ්ම්..ටිකක් අවුල් තමයි..🤔"

ජින් කියද්දී ජිමින්

"ටිකක් කොයිද අනී.. 😕"

ජේකේට තට්ටුවක් දාන ගමන් කිව්වා.

" අපි ඒ ලමයා ගැන හොයමූ.. ඒක හැකියාවක්.. ඔයා දැන් මගේ හිත කියවන්න සංසුන්වෙලා.."

ජෙකේ ජින් කියපු විදිහට ජින්ගේ හිත කියන දේ අහන්න ගත්තා.

ජේකේ එකපාරටම

"නෑ නෑ හියුන්ග් මම හොරෙන් කෑවේ නෑ මම...... අනේ හියුන්ගේ කෑම එකද තිබ්බේ එතන.. මේ... මම බඩගිනි හින්දනේ කෑවේ🤥.."

ජින් එක වචනයක්වත් කිව්වේ නෑ ඒත් ජන්කුක් කොහෙද යන කෑම එකක් ගැන කියවන්න ගත්තා.

"හහ් මන් කිව්වනේ ඔයාගේ බලය ඔයා ලගම තියෙනවා.. මන් පේශන් කෙනෙක්ට හදපු කෑම එක කෑව එක්කෙනාවත් අල්ල ගත්තා ඇත්තමයි 😬"

ජින් කියද්දී තමා ජේකේට තේරුනේ ඒ ජින් හිතින් හිතුව දේ එයාට ඇහුනා කියලා.
ඒත් ජිමින්ටයි ජෙමින්ටයි ඇහුනේ නෑ. මොකද ජේකේගේ බලය අනිත් අයගේ හිත එයාට ඇහෙනවා වගේම, එයාට ඕන වෙලාවට එයාගේ ඉස්සරහ ඉන්න අය හිතන දේවල් අහන්න පුලුවන්.

"ඒත් එයා වැම්පයර් කෙනෙක් නෙවේ.. එයා කවුද..?"

ජේකේට ඒක ලොකු අවුලක්

"ඔව් ඒම තමයි ඒ කෙනා විශේෂ මනුස්සයෙක්. ප්‍රොටැක්ට් වගේ.. ආරක්ශා වීම එයාගේ ඇග ඇතුලේ තියෙනවා. අපේ බලයන් එයාට වැඩ කරන්නෑ. එහෙම මිනිස්සු අඩුයි. ඔය කෙනා විශේෂයි. ඒකයි හිත කියවන්න බැරි උනේ.."

ජින් පැහැදිලි කලා.

" හා හා දැන් යන්න ඉලග ලෙච්චර් එකට දැන් වෙලාව හරී යන්න යන්න.. මම ඒ ලමයා ගැන හොයා ගන්නම් එක ගැන හිතන්න එපා"

ජින් තුන්දෙනාව ඔෆිස් එකෙන් පන්නන්න හදදිදී

" හියුන් මන් ෆ්‍රී... මන් ඉන්නම්කෝ හියුන්ග් එක්ක.. මෙයාලා දෙන්නටම දැන් ලෙච්චර්ස්...🙄"

ජිමින් එයාගේ හුරතලේ උපරිම පෙන්නලා ජින්ට කිව්වා. ජින් එක්ක ජිමින් නතර උනා ජෙකේ ජෙමින් එයාලගේ ලෙච්චර්ස් වලට ගියා.

......⏳

......📖️

ජේකේ ලෙච්චර් කියන එක නිකටට අතක් තියාගෙන කම්මැලී කමේ අහන් ඉන්නවා. එකට ජෙමින් මේසේ යටින් පෝන් එක තියන් ගේම් ගහනවා.

"මේ ඔය ලමයා කියනවා බලන්න මේ බෝඩ් එකේ ඇදලා තියෙන පද්දතිය මොකක්ද..?🤨"

ලෙච්චර් ඔලුව නවාගෙන හිටපු ජෙමින් ගෙන් ඇහුවා. ජෙමින්ට තරහත් ගිහින්. ජෙමින් හිට ගන්නෙවත් නැතුව ලෙච්චර් දිහා බලාගෙන

"අක්මාව😒.."
" නෑ නෑ යකූ... ඒ වකුගඩුව🙅"
"වකුගඩු..."

ජෙමින් ගනම් ගන්නෙවත් නැතුව බෝඩ් එක දිහා නොබලම අක්මාව කියලා කිව්වා. ජේකේ එහා පැත්තේ ඉදන් හරි උත්තරේ ජෙමින්ට දුන්නේ අතින් කට ටිකක් වහගෙන. ලෙච්චර් ජේකේ කට හොල්ලනවා ලාවට දැක්කා. ජෙමින් පුපුරන්න ඔන්න මෙන්න, ඒ වෙලාවෙම ලෙච්චර් රූම් එකේ දොරට කවුරු හරි තට්ටු කරලා ඇතුල්ට ආවා. දෙන්නගේ වෙලාව හොදයි.

" මිස්ට හෝසොක්.. කිව්වනම් මම එනවනේ ඔෆිස් එකට☺️.."

ඒ කෙනාව දැකලා ජෙමින් කූල් උනා. ඇකඩමී එකේ ප්‍රින්සිපල් ඒ කියන්නේ හෝසොක් දොර ඇරගෙන ලෙච්චර්ට හිනාවෙලා ෆයිල් වගයක් දීලා ටිකක් වෙලා ලෙච්චර් එක මැද්දේ මොනාද කියෙව්වා. ලෙච්චර් ෆයිල් ටිකත් අරගෙන අනික් පත්ත හැරෙද්දී ලෙච්චර් රූම් එකෙන් යන්න ගියපු හෝසොක් ලෙච්ච හෝල් එකේ ජේකේව දැකලා ඇහැක් ගැහුවා. ඒත් ජෙමින් ඉන්නවා හොදටම දැනගෙනත් එයා දිහා ඇහැ කොනකින්වත් බැලුවේ නෑ.

....⏳

"ඒ ජෙමියා.. කොහෙද යන්නේ👀..."

ලෙච්චර් එක ඉවර උන ගමන් ජෙමින් ලෙච්ච රූම් එකෙන් ගියේ ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට. අවසරගන්නෙත් නැතුව දොර ඇරගෙන ඇතුල්ට ගියා.

"මොනාද කරන්නේ ජෙමින්.. මේක ඔෆිස් එක😬.. ඔහොම එන.."

හෝසොක් කියවගෙන කියවගෙන යද්දී ජෙමින් හෝසෝන් ඉදන් ඉන්න පුටුව ලගට ගිහින් පුටුව කරකවලා එයාගේ පැත්තට හරවගත්තා. පුටු ඇන්දට අත් දෙක තියලා හෝසොක්ගේ මුනට එබුනේ කට කොනට හිනාවක් දාගෙනයි.

"හියුන්.. මාව දැක්කේ නෑ වගේ ගියා නේද😏.. හිතනවද මන් අත අරී කියලා ඔයාව. ජේකේට ඇහැක් ගැහුවා නේද? ආහ් එයාට හිනා උනා නේද...?"

ජෙමින් හරිම කූල් එකේ හෝසොක්ගේ ඇග දිගේ ඇගිල්ලක් යවන ගමන් කිව්වා.

"මොනාද කරන්නේ... එලියට යන්න.... කවුරුහරි එයි... එලියට යන්න ජෙමින්.. මම ප්‍රින්සිපල් කියලා මතක නැද්ද..?😳"

හෝසොක් ජෙම්න්ව ඈත් කරන ගමන් කිව්වත් ජෙමින් නෙවේ හෙල්ලුනේ. දිවෙන් තොල් තෙමුව ජෙමින් හෝසොක් ලගට තව ටිකක් ලන් උනා.

.....⏳

" ජේකේ... කෝ හියුන්🤔.."

ජේකේ විතරක් තනියෙම ඇකඩමී හොස්ටල් එකට එනකොට ජිමිනනි දුවගෙන ඇවිත් ජෙමින්ව ඇහුවා.

"අනේ මන්දා ජිමිනි ලෙච්චර් එක ඉවර උනා මිනිහා යන්න ගියා🤷.. ආහ් අර එන්නේ "

ජෙමින් හොස්ටල් එකේ කොරිඩෝව දිගේ අත් දෙකත් සාක්කුවට දාගෙන කට කොනේ හිනාවක් දාගෙන ජේකේලා ඉන්න දිහාවට ආවා.

" හපොයි හොසොක් හියුන්.. ජෙමින් පව් අනේ හොසොක් හියුන්ග්🤭.."

ජේකේට දුර තියාම එන ජෙමින්ගේ හිත ඇහුනා.

"කට කට...පරිස්සමෙන්🤫.. මේ පොඩ් එකා අහන් ඉන්නවා.. යමන් මට බඩගිනී යකූ"

මොකුත් දන්නැතුව බලන් හිටපු ජිමිනිගේ කරට අත දාගෙන ජෙමින් ජේකේ කියන්න ගියපු එක නැවැත්තුවේ ජිමිනි අහන් ඉන්න නිසයි.

දෙන්නා නිවුන්නු උනාට ජෙමින් චන්ඩි වගේම දරුනුයි ඒත්, මලක් වගේ ජිමින් අහිංසක නිසා ජෙමින් මල්ලිට සැලකුවේ ලමයෙක්ට වගේ.
එයා ඒ තරම් කාටවත් ආදරේ නෑ. කොටින්ම සහෝදරයෙක් උන ජේකේටවත් එච්චර ආදරේ නෑ.

"ඕයි ඕයි අන්න අරයා... අලුත් කොල්ලා.."

ජෙමින් එයාලා ඉන්න බෝඩිම් කාමරේ දොර ලග හිටන් ඉන්න කොල්ල දිහාවට අත දික් කරලා කිව්වා.

"එයාද අපේ කාමරේ අලුත් කෙනා... මාර වැඩේ තමයි.. එයා අපි ගැන හිතන් ඉන්න විදිහවත් දැන ගන්න වෙන්නෑනේ.... අයියූ🙄..."

ජිමිනි කිව්වේ හරිම දුකෙන්. ජිමිනියි ජෙමිනුයි ඔහේ යද්දී එක තැන ගල් වෙලා ජේකේ ඉස්සරහට යන්නැතුව නැවතිලා ඉන්නවා ඒ පාර.

ජෙමින් එයාගේ ලගින් ඇවිදන් ආපු ජීකේ නෑ කියලා තේරුනහමයි හැරිලා බැලුවේ ජේකේ කෝ කියලා.

"ඕයි.. ජේකේ... ඔතන මොනාද කරන්නේ මෙහෙ එනවා.. මට බඩගිනී රූම් එකට ගිහින් කෑම ගෙන්න එලියට යමු..."

ජෙමින් කියද්දියි, වෙන ලෝකෙක හිටපු ජේකේ එයාලා ඉන්න තැනට ආවේ

"අහ් හරේ.."

ගාගෙනයි.

තුන්දෙනාම රූම් එකට ගියා. අලුත් ලමයා ලස්සනට එයාගේ බඩු අහුරලා. ඒත් රූම් එකට ආපු මේ තුන් දෙනා දිහානම් ඔලුව උස්සලවත් බැලුවෙනම් නෑ. ජේකේ පුදුම විදිහට උත්සාහා කලා එයා දිහා බලාගෙන හිත කියවන්න. කොච්චර කලත් බැරි උනා.

"ආහ් මට ඒක කරන්න බෑ😕... "

ජේකේ ජිමිනිගේ කනට ලන් වෙලා කිව්වා.

"හායි...🤗 කෝමද... මතකද අපිව... උදේ ගේට් එක ලගදී හම්බුනේ🙄..👉👈.."

ජිමිනි හිනාවෙලා අලුත් කෙනා ලගට ගියේ එයාව අදුර ගන්න. ජිමිනිගෙ අහිංසකකම දිහා කාටද නොබලා ඉන්න පුලුවන්.

අලුත් ලමයා එයාගේ බඩු අස් කරන එක පැත්තකින් තියලා ඔලුව උස්සලා ජිමිනි එක්ක කතා කලා.

"හායි... මම තේහියුන්ග්☺️.. ඔව් මට මතකයි.."

අලුත් ලමයා ඒ කියන්නේ ටේ පුංචී හිනාවක් දාලා ජිමින්ට කිව්වා.

" ඊ 😁.. මේ ඉන්නේ ජන්කුක් අපි ලේසියට කියන්නේ ජේකේ කියලා.."

ටේ වැඩිය ජේකේ දිහා බැලුවේ නෑ ජේකේට පොඩි හිනාවක් දාලා ආයෙත් ජිමින් දිහා බැලුවා.

" එතකොට මම ජිමින්... මේ මගේ ටුවින් ජෙමින් 🤗.. ඉතින් අද ඉදන් අපි රූම් මේට්ස්ලා.. "

ජිමින් හරිම සුහද විදිහට කිව්වා.

****⏳

" ජන්කුකාලගේ රූම් මේට් එයා විශේෂ කෙනෙක්. එයාගේ ඇගේ පවර් එකක් තියනවා. එයාට ආරක්ශා වෙන්න පුලුවන්. පව් අපේ ජන්කුකාට එයාව ඇහෙන්නේ නෑ😅.. ඒ කියන්නේ එ ලමයට අපේ මායාවන් වැඩ කරන්නේ නෑ. "

ජින් හෝසොක්ට ටේ ගැන විස්තර කලා.

"වෝ.. එකත් මරු.. වැඩේ කියන්නේ අපේ තුන් දෙනාට මනුස්සයෙක් එක්කනේ ඉන්න වෙන්නේ එකට 😂 ජේකේයි ජිමිනියි දෙන්නම ඉදී ඒත් ජෙමින්....."

හොසොක් කල්පනා කරද්දී ජින්

"අම්බේ ඔව් ඔය කොල්ලව තමා විස්වාස නැත්තේ.. හෙට උදේ වෙද්දිම අර ලමයා රූම් එකෙන් යයිද දන්නෑ..😐"

ජෙමින් ගැන දන්න නිසා වෙන්න යන දේ ගැන නිකමට මවාගත්තා.

"නෑ.. ජිමිනි ඉන්නවනේ.."

ටිකක් කලපනා කරපු හෝසොක් කියද්දී තමයි ජින්ගේ හිතට පොඩි සැනසීමක් දැනුනේ..

___________________________________

Hi gyz😈

* ජෙමින් ජේකේ ජින්ගේ මල්ලිලානම් එයාලත් වැම්පයර්ලා නේද කියලා ඔයාලා කල්පනා කරන්න ඇති. ඒක ඉදිරියට දැන ගන්න පුලුවන්.🤫

*ජෙමින්ට😈 තරහා යනකොට ඇගේ උෂ්ණත්වය වැඩි වෙනවා. එයාගේ තරහා පාලනය කරන්න පුලුවන් ජිමිනිට🐣 මොකද ජෙමින්ගේ මල්ලි නිසාත් එයා වැඩියෙන්ම ආදරේ කරන්නේ ජිමිනිට නිස‍යි. තව කෙනෙක් ඉන්නවා, එයා නිසාත් ජෙමින් ගොඩාආආආඅක් කූල් වෙනවා. ඒ තමයි හෝසොක්. ඒකත් දැනගන්න ලැබෙයි ඇයි කියලා.😅

තාම ඔයාලගේ ගැටලු පටන් ගත්තේ නෑ.. මේ මුලනේ 😈

EEnjoy 😎

^ ishki ^

Bạn đang đọc truyện trên: AzTruyen.Top