Introduction 🏏

" Good morning Sir... May I coming?😁"

Principle ගෙ office එකේ දොරෙන් ඔලුව විතරක් ඇතුලට දාපු රිකීෂා දත් තිස් දෙකම එලියට දාල හිනා උනා...

" Come .... oh Good morning ...😑"

රිකීෂා කැබින් එක ඇතුලට ඇවිත් හිටගත්තා...

" සොරි සර්... ඇත්තටම මං ආවෙ...🙂"

" ඔය ලමය ආවෙ ක්‍රිකට් ටීම් එකට ජොයින් වෙන එක ගැන ඩිස්කස් කරන්න නම්... අන්න තියෙනව දොර... වෙන දෙයක් ගැන කතා කරන්න නම් ඔතනින් වාඩි වෙන්න පුලුවන්...😑 "

" සර්... මේ...🥲"

" වාඩි වෙනවද ... එලියට යනවද කියල තීරණේ කරන්න තප්පර දහයක් දෙන්නම්...😌"

සර් දුන්න තප්පර දහය ගෙවෙනකන් හිටගෙන උන්න රිකීෂා ආයෙමත් හඩ අවදි කලා...

" සර් මං වාඩි වෙන්නම්...🥲"

" හම්... සිට්...😑"

හෙමීට පුටුව පිටිපස්සට කරල වාඩි උන්න රිකී...

" සර් මං ආවෙ වැදගත් දෙයක් ගැන කතා කරන්න...😌"

" ඒක මොන වගේ දෙයක් උනත් ක්‍රිකට් සම්බන්ද දෙයක් නම් ඒක ඔයාට වැදගත් දෙයක් නෙවේ දරුවා...😑"

" සර් මනෙ කිව්වෙ ක්‍රිකට් සම්බන්ධ දෙයක් නං එලියට යන්න කියල... මං මෙතනින් වාඩි උනේ වෙන දේකට...😐"

" සර් දන්නවනේ රැකියා විරහිත උපාධිධාරීන් කොච්චර ඉන්නවද කියල මේ ලංකාවෙ...🙂"

දාගෙන හිටපු උපැස් යුවලට උඩින් රිකීෂා දිහා බලපු සර්...

" ඔය ලමයා මට ආර්ථික විද්‍යාව උගන්නන්නද හදන්නේ... 🧐"

" හපෝ නෑ සර්... මැත්ස් කරන මං කොහොමද ආර්ථික විද්‍යාව ගැන දන්නේ...අඩුම තරමේ මට ආර්ථික විද්‍යාව කියල ලියන්නෙ කොහොමද කියලවත් මතක නෑ...🥲"

එකපාරටම මහ හයියෙන් හිනා වෙන්න ගත්ත සර්...

" හ්හහා හහ් හාහ් හා... ඒක හොද විහිලුව...🤣 දැන් කාරනාව කියන්න...🤨"

" ඉතින් සර් නේ මැද්දෙන් ඇඩ් දාන්නේ....😒"

" මොකක්ද..."

" නෑ ම්...මේ මං කිව්වෙ සර් නෙ ප්‍රශ්න අහන්නේ..."

" ඉක්මනට කියනව..."

" මං කියන්නෙ සර් රැකියා විරහිත උපාධිධාරීන්ට එහෙම වෙන්න හේතුවක් තියෙනව නේ... එයාල විශ්වවිද්‍යාලයට තේරුනේ ඒ ලෙවල් හොදින් පාස් වෙච්ච නිසා... ඒත් එයාල විශ්වවිද්‍යාලයෙන් අවුරුදු හතරකට පස්සෙ එලියට ආවම එයාලට කරන්න ජොබ් එකක්... අයි මීන් තියෙන කොලිෆිකේෂන්ස් වලට ජොබ් එකක් හොයා ගන්න එක මොන තරම් අමාරුද...😐"

" ඔය දරුව කියන කතාවෙත් ඇත්තක් තියෙනව...😶"

" මට දැනගන්න ඕන එඩියුකේෂනල් කොලිෆිකේෂන් වලට අමතරව තව මොනවද ඕන කරන්නෙ කියල ජොබ් එකකට..."

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඔහොම පැය බාගයක් විතර සාකච්ඡාව කෙරීගෙන ගියා...

" තෑන්කිව් සෝ මච් සර්... ඔයාගෙ බුද්ධි බල මහිමය ගැන මට නං හිතා ගන්න බෑ සර්.. I'm very impresse sir... සර් ඉන්න තිබ්බෙ පාර්ලිමන්ට් එකේ... මොකද දන්...😃"

" දැන් ඔය ලමයට තියෙන පන්තිය මොකක්ද...😑"

" අහම්... English සර්...🥲"

" වහාම යනව පන්ති කාමරයට... ආව මෙතන බටර් ගාන්න...😠"

" සර් එකම එක පාරක් මට ටීම් එකට...😟"

" නෑ... අපේ ටීම් එකට තව ලමයි බදවගන්නේ නෑ... මේක මට ආයෙ කියන්න තියන්න එපා රීකීෂා... this is the last time...😤"

" දැන් යනව class room එකට...😑"

" thank u sir... god bless you sir... have a nice day sir...😞"

" have a nice day... god bless..."

ඔයාල බලනව ඇති කවුද මේ රිකීෂා කියලා...

රිකීෂා ධර්මවර්ධන
වයස අවුරුදු 19 යි... කොලඹ ප්‍රධාන පෙලේ බාලිකා පාසලක 12 වසරෙ ඉගෙනුම ලබනවා... නමුත් ගම මහනුවර... ශිෂ්‍යත්ව විභාගය ඉහලින් සමත් උන නිසයි මෙයාට කොලඹ පාසලකට එන්න වරම් ලැබුනේ... ක්‍රිකට් පිස්සියක්....ඉගෙනීමට දක්ෂ කෙනෙක්... යාලුවෙක් කියල කෙනෙක් නෑ... ඒකට හේතුව ඉස්සරහට කියන්නම්...


ජියෝන් ජන්කූක්...
වයස අවුරුදු 26 යි... කොරියන් ජාතිකයෙක්... ජියෝන් ඉන්ඩස්ට්‍රිස් වල අයිතිකාරයගෙ එකම පුතා... sports වලට වෛර කරන කෙනෙක්... music වලට ආදරේ කරන කෙනෙක්... දැනට එපමණයි...

හේෂාන් සිල්වා...

( දැන් කියන්න එපා මේ එයා නෙවේ අහවල් එකා කියල... ඕතරී දන්නවා...)

වයස අවුරුදු 20 යි... මෙයාගෙ ජීවිතේම ක්‍රිකට්... මෙයා sri lankan ක්‍රිකට් ටීම් එකේ ඉන්න ලාබාලතම පන්දු යවන්නා... හොදම වැඩේ කියන්නෙ මෙයා තමා රිකී ට ඉන්න එකම හොදම යාලුවා...

















____________

හායි ලමයි...

ඔන්න කාලෙකට පස්සෙ අලුත් ff එකක් ලියන්න හිතුනා...

ක්‍රිකට් උන්මාදය නේ මේ දවස් වල... ඒ නිසා ඒ ගැම්මෙන්ම ලියන්න හිතුවෙ...

මේකෙ ස්ලෝ අප්ඩේට් දෙන්න තමයි හිතන් ඉන්නේ...

අලුත් ඒව පටන් ගත්තට මොකද මට වෙලාවක් නෑ ඒවයෙ අප්ඩේට් දෙන්න... එහෙමයි කියල හිතට ආව අදහස එහෙම කුණු කූඩෙට දාන්න පුලුවන්ද මං අහන්නේ...

Comment එකක් දාගෙන යන්නකෝ...

සරන්ග්හේ...❤

බාල්දි ඕතරී...😈

Bạn đang đọc truyện trên: AzTruyen.Top