1🏏
කොලඹ ගලදාරි හෝටලය අසල ලොකු කලබලයක්... මිනිස්සු වගේම මාධ්‍යයෙනුත් ඇවිත් හෝටලයේ ප්‍රධාන දොර අවහිර කරගෙන කලබල කරනවා... හෝටල් ආරක්ෂක කාර්යමණ්ඩලය දැඩි අපහසුතාවට ලක් වෙලා ඉන්නේ...ඒ නිසා එයාල පොලීසිය එතනට ගෙන්වන්න කටයුතු කලා...
මේ අතර හොටෙල් එකේ රිසෙප්ෂන් එක ලගත් කලබලයක්,
බඩු ඉහින් කනින් එල්ලගත්ත කෙල්ලෙකුයි , විදේශීක තරුණයෙකුයි රිසෙප්ෂන් එකේ ඉන්න girl ව කන්න හදනව කියල කිව්වොත් මං හරි...
" මට සමාවෙන්න සර් සමාවෙන්න මෑම්...... අපි ලග ඔය දෙන්නටම දෙන්න රූම්ස් දෙකක් නෑ..."
" අහන්නකො... මට ඉක්මනට රූම් එකක් ඇරේන්ජ් කරල දෙන්න... පේනවනේ එලියෙ ඉන්න සෙනග... මීඩියා වලින් අර දොර ගලෝගෙන ඇතුලට එන්න කලින් ප්ලීස් මට රූම් එකක් දෙන්න..."
" ඕකේ මෑම්... අපිට පුලුවන් අපේ අන්තිම රූම් එක මැඩම්ට දෙන්න... ඒත් ඒක කම්ෆටබල් නම් නෑ... මැඩම්..."
" ඕහ්... ඉට්ස් ඕකේ... ඉට්ස් ඕකේ... මට කම්ෆටබල් රූම් එකක් ඕන නෑ... ඔයාට තේරෙනව නේ... මං වැටිල ඉන්නෙ ලෝක අමාරුවක... මට ඇදක් ඕනෙත් නෑ... බිම හරි කමක් නෑ... ඒත් ප්ලීස් ටිකක් ඉක්මනට... "
" ඕකේ මෑම්..."
" හේයි... Excuse me... මමයි මෙතන කලින් ආවෙ... තමුන් කොහොමද තියෙන එකම රූම් එකත් මට පස්සෙ ආව මෙයාට දෙන්නේ... මේකද ඔයාලගෙ විදිහ... මේ රටේ මිනිස්සුන්ගෙ හැටිද මේ... ආ..."
" සර්.. මේ අහ..."
" මට මුකුත් අහන්න ඕන නෑ... මේ රූම් එක මට ඕන එච්චරයි... මේ මහ රෑ මම කොහෙ කියල යන්න ද... හුහ්..."
" Excuse me... Mister... දැන් එයා කිව්වෙ රූම් එක දෙන්නෙ මට කියලා... හෙලෝව්... කන් ඇහෙන්නැද්ද... සයිකෝද මන්දන්නෑ..."
" හහ්... ඒක කොහෙන් ආව නීතියක් ද ... මන් දැන් මෙතනට ඇවිත් පැයකට වැඩී... පැයකට වැඩී... තමුසෙ කොහෙන්දෝ මන්ද ගාල්ල කඩාගෙන එල වැස්සියෙක් වගේ දුවගෙන ඇවිත් මගේ රූම් එක ගන්න හදනකොට මට කටවහගෙන ඉන්න කියලද කියන්නේ... ආ..."
" කවුද ඩෝ එල වැස්සි... තමුසෙ නෙ ඕයි නිල මැස්සා..."
" මොකක්ද තමුසෙ කියන්නේ...ආ.. කන පලාගන්න ආසද... "
මේ අතර අගතියට පත් රිසෙප්ෂන් එකේ ගර්ල්...
" අනේ... සර්... මෑම්... ප්ලීස් ඔයාල රණ්ඩු කරන එක නවත්තන්න... මෙතන ප්‍රශ්න ඇති කරන්න එපා... ප්ලීස් අපි ඉන්න සිටුවේෂන් එක ගැන පොඩ්ඩක් හිතන්න."
මේ අතර කෝපයට පත් විදේශීකයා...
" උඹ කටවහගනින්... මං කතා කරන්නේ මේ මල හෝන්තුවත් එක්ක...ඊටපස්සේ තමුසෙ ගැනත් බලාගනන්..."
" හහ්... දැක්කද මේ මනුස්සය ගෙ කට... ෆොරිනර් කෙනෙක් කිව්වට මට නං පේන්නේ පෝට්සිටි කාරයෙක් ද කොහෙද... කවුද තමුසෙට සිංහල ඉගැන්නුවේ... හහ්...කවුද නන්ගි මේ..."
" තමුසෙගෙ කට වැඩී... අර එලියෙ ඉන්නෙ තමුසෙ ඔහොම කට කියවගෙන ගිය මිනිස්සු වෙන්නැති... ඒකනෙ තමුසෙව මරන්න බලාගෙන ඉන්නේ..."
" අනේ මේ... "
" අනේ සර්... මෑම්... මේ අහන්නකෝ... ඔයාල කැමති නං මං ලග ඔප්ෂන් එකක් තියෙනව..."
ඒක කිව්ව විතරයි විදේශීය තරුණයා...
" අනේ මේ... තමුසෙගෙ ඔප්ෂන්... ඔප්ෂන් තිබ්බ නං මෙච්චර වෙලා වටේ යැව්වෙ මොකද... ගාන වැඩි කරගන්න ද හැදුවෙ... ඒව නං හදේ නන්ගි... මාත් අවුරුදු පහක් තිස්සෙ මේ රටේ තමා ඉන්නේ... මාව තම්බන්න හිතුව මදි..."
" සර් ඔයා වැරදියටයි තේරුම් ගත්තේ... මේක මට විතරක් නෙවේ අපේ මැනේජ්මන්ට් එකටත් බලපාන problem එකක්... සර් කලින් ම ඔන්ලයින් රෙජිස්ටර් වෙලා තියෙනව රූම් එකක් ගන්න... ඒ වගේම මෑම් ට රූම් එකක් දෙන්න කියල අපිට ඉහලින් ඕඩර් එකක් ඇවිත් තියෙනව... මොකද මෑම් celebrity කෙනෙක් නිසා එයාගෙ වගකීම තියෙන්නෙ අපේ අතේ.... ඒ නිසා ඔය දෙන්නවම අපිට අතාරින්න බෑ..."
" හහ්... මෙයාට රූම් එකක් දෙන්න කියල ඉහලින් ද ඕඩර් එකක් ආවේ... කවුද මහ ලොකු ලොක්කා... කියනව බලන්න..."
" හේෂාන් ඩි සිල්වා... ඕනර් ඔෆ් දිස් හොටේල්..."
" ඇද්ද අහගත්තා... පැත්තකට වෙනවා... කෝ මට කී එක දෙන්න රූම් එකේ..."
කෙල්ල විදේශීය තරුණයා පැත්තකට තල්ලු කරල දාල ඉස්සරහට ආව...
" මෑම් ... පොඩි problem එකක් තියෙනව... "
" ඒ ගමන මොකක්ද..."
" එලියෙ මිනිස්සු කලබල කරනව මෑම්ව එලියට දාන්න කියලා... අපි පොලීසිය ට කතා කලා.. එයාල තාම ආවෙ නෑ... එලියෙ කන්ඩිෂන් එක නෝමල් වෙන පාටක් නෑ... එයාල ඇතුලට ආවොත් මෑම් ට ප්‍රශ්නයක් වෙයි..."
මේ අතර මේක අහගෙන හිටපු තරුණයා...
" ඒනිසා මෙයාව එලියට ඇදල දාල මට රූම් එක දෙන්න..."
" අනේ ප්ලීස්... එයාල හදන්නෙ මාව පණ පිටින් පුච්චන්න... එහෙම උනොත් මාව දැකපු අන්තිම දෙන්න ඔය දෙන්න වෙයි... ප්ලීස් මගෙ සිටුවේෂන් එක තේරුම් ගන්න... හැ... හැබැයි මං මලොත් ඔය දෙන්න ගැන බලාගන්නං..."
" සර්... ප්ලීස්... මෑම් ඉන්න තත්වෙ තේරුම් ගන්න..."
" ආහ්... පුදුම ඇණයක් උනා නේ මේ ගෑණි... ෂිට්... හරි හරි මොකක්ද දැන් කියන්නේ..."
" සර් ගෙ නමට රූම් එක අරගෙන අද රෑට විතරක් මෑම්ව තියාගන්න රූම් එකේ..."
" මොකා..." ( දෙදෙනම එකට...)
" වෙන ඔප්ෂන් එකක් නෑ... හදිස්සියෙවත් මිනිස්සු ඇතුලට ඇවිත් කලබල කලොත් සර් මෑම්ව එලියට දාන්න නම් එපා... හේෂාන් සර් අපිව පඩි නැතුවම එලවල දායි... මගේ විතරක් නෙවේ අපේ මැනේජ්මන්ට් එකේම අයගෙ ජොබ් එක තියෙන්නේ සර් ගෙ අතේ... "
" හහ්... මේක මාර වැඩක් නේ... මේකි ඒ තරන් වටිනවද..."
තරුණයා තරුණියගේ උඩ ඉදන් පහලට ම බලන ගමන් කල්පනා කලා...
" මොකද බලන්නේ...ආ..."
කෙල්ල රවල ඇහුවා...
" තමුසෙගෙ කොයි හරියද රත්තරන් වලින් හදල තියෙන්නෙ කියල බැලුවෙ..."
මේ අතර රිසෙප්ෂන් ගර්ල්...
" සර් මොකද කියන්නේ..."
" රූම් කී එක දෙන්න මට..."
" ඕකේ සර්...6th floor එකේ 624 වෙනි රූම් එක... මෙතන සයින්ග් කරන්න..."
තරුණයා පොතක sign කරල දීපු කී එකත් අරගෙන ලිෆට් එක ලගට ගිහිල්ල ආයෙත් හැරිල බලනකොට අර කෙල්ල බඩු මල්ලත් උස්සගෙන අඩන්න වගේ රිසෙප්ෂන් ගර්ල් දිහා බලන් ඉන්නවා... කොල්ලට ඉතින් දුක හිතුනා...
" ඒහ් ...සයිකෝ... එනව යන්න... මගුල..."
කෙල්ල එකපාරටම ගැස්සිලා ගියා... හැරිල බැලුවෙ කතා කලේ මටද කියල හරියටම කන්ෆර්ම් කරගන්න වගේ...
" ඔව් ඔව් ... තමුසෙට තමයි කතා කලේ... එනව යන්න..."
" ආහ්... හනේ දෙයියෝ රැක දෙන්න ඕන කොල්ලෝ ඔයාව..."
කෙල්ල බැග්පැක් එක කරේ දාන්... ස්පෝට්ස් බෑග් එක එක කරක එල්ලගෙන අනිත් සූට්කේස් එකත් ඇදගෙන දුවගෙන ආවෙ ලිෆ්ට් එක ලගට...
" තෑන්ක්ස් ඈ... "
" කට වහන් එනවා... තමුසෙ බිම... මං ඇදේ... තේරුණාද..."
" තේරුණා ස'..."
.
.
.
.
.
.
________________
හායි ලමයි...
කොහොමද...
ඔන්න first chapter එක ටයිප් කලා... 😏
මොකක් නිසා වෙන්නැති ද මිනිස්සු අර කෙල්ල පස්සෙ පන්නන්නේ...😶
කවුද අර විදේෂික තරු ණයා...🤣
Comment එකක් දාගෙන යන්න...
වෝට් කරන්න...
බාල්දි ඕතරී...😈
Bạn đang đọc truyện trên: AzTruyen.Top