❖ Chapter 07

_________________________________________

පොඩියට පේන වාහන හොස්පිට්ල් එක ඉස්සරහින් එහෙ මෙහෙ ඇදෙන හැටි බලාගෙන හිටපු ජිමින් ඒ බැම්ම කෙලවරටම අඩිය තිබ්බේ කදුලු ගලන ඇස් තද කරලා පියාගන්න ගමන්.

"ම්..මට සමාවෙන්න කුකී....."

ජිමින්ට ඉදිරියට තියන්න තිබුනේ තව එකම එක පියවරයි.......

ඒත්.....

ජිමින් ඒ අවසන් පියවර තියන්න පය ඔසවද්දිම වේගෙන් ඇදිලා ආපු අතක් ජිමින්ගේ අතින් අල්ලලා ඇදගත්තේ බැම්මෙන් ආයෙමත් රූෆ්ටොප් එකේ පොලොවට ආපු ජිමින් ඒ අතේ අයිතිකාරයාගේ ඇගට විසික් වෙද්දි.

මහා වැස්සේ තෙමි තෙමි තමන්ව තදින් අල්ලගෙන ඉන්න කෙනා දිහා ජිමින් බැලුවේ තවමත් ඇස්වලින් ගලන කදුලු අස්සෙන්.

ජිමින් ඒ කෙනාව අදුරගත්තා.මහ වරුසාවේ...කෑලි කපන්න පුලුවන් ගන අන්ධකාරය මැද්දෙත් ජිමින් තමන් ලග හිටපු කෙනාව අදුරගත්තා.

ජිමින් ඒ සුවද දන්නවා..ඒ සුවදේ අයිතිකාරයාව ජිමින් දන්නවා..

"ජ්..ජන්කුක්.....!!!!!"

ජිමින් කිව්වේ ඒ වෙව්ලන අතැගිලි ජන්කුක්ගේ තෙතබරිත වුනු මූණ පුරා ගෙන යන ගමන්.පුදුමයෙන් ලොකුවෙලා තියන ජිමින්ගේ ඇස් දිහා ජන්කුක් බලාගෙන හිටියේ හරියට ජිමින්ගේ ඇස්වල මුලු මන්දාකිනියම පේනවා වගේ බැල්මකින්..

"ඔයා..ඔයා ඉන්නවා..ඇත්තටම ඔයා ඉන්නවා..ජන්කුක්...අනේ......!!!!!"

ජිමින් එහෙම කියාගෙනම ආයෙත් ජන්කුක් දිහා බැලුවේ ඒ කදුලු ආයෙමත් අලුත් වෙද්දි.

ටික වෙලාවක් ජිමින්ගේ වේදනාත්මක මූණ දිහා බලාගෙම හිටපු ජන්කුක් ඊගාව මොහොතෙදි ජිමින්ව එයාගේ පපුවට තුරුල් කරගත්තේ ඒ ශක්තිමත් අත් ජිමින්ගේ සිහින් ඉණවටේ යවලා ඔහුව තවත් තුරුල් කරගන්න ගමන්.

ජන්කුක් කරපු දෙයින් එකපාරටම පුදුම වුනත් ජිමින් ඒ උනුහුමට තවත් ගුලි වුනේ ජන්කුක්ගේ ලග දැනුනු ඒ උනුහුමට එයා ආස වුනු නිසා.

"මං ඔයාට ආදරෙයි ජිමින්....!!!"

එකපාරටම ජන්කුක් කිව්වේ ජිමින් ඒ ඇහුනු දේ අදහගන්න බැරිව ලොකු ඇස්වලින් ආයමත් ජන්කුක් දිහා බලද්දි.ජිමින් හිතුවේ නෑ ජන්කුක්ගේ මුවින් කවදාවත් ඒ වචන පිට වෙයි කියලා...

"ම්..මොකක්ද...??!"

"මං ඔයාට ආදරෙයි ජීමින්..මං ඔයාට කියාගන්න බැරි තරම් ආදරෙයි...මෙච්චර කල් ඒ ආදරේ නොකියා හිටියට මට සමාවෙන්න ජිමින්....!"

"ම්..මෙච්චර කල්...?ඒ කියන්නේ..ඒ කියන්නේ ඔයා මීට කලින් ඉදන්ම ආදරේ කලාද ජන්කුක්....?"

ජිමින් ඇහුවේ ජන්කුක්ගෙ මූණ දිහාම බලාගෙන.ජන්කුක් තවමත් ජිමින්ව තුරුල් කරගෙන ඉද්දි ජිමින්ගෙ අත් තිබුනේ ජන්කුක්ගෙ පපුවේ..ජිමින්ට දැනුනේ එයා හීනයක් දකිනවා වගේ..ඒ සිද්ද වෙන දේ එයාට ඒ තරමටම විශ්වාස කරගන්න අමාරුයි..

"අවුරුදු දෙකක්...අවුරුදු දෙකක් තිස්සේ මං ඔයාට ආදරේ කරනවා ජිමින්...ඔයාට මතක නැති වුනාට මං ඔයාව මුලින්ම දැක්කේ ජින් හ්‍යුන්ගේ කැෆේ එකේදි..ඒ දවසේ ඔයාව දැකපු ඒ මොහොතේ ඉදන්ම මං හිටියේ ඔයාගේ පස්සෙන්මයි ජිමින්...ඔයා යන එන හැම තැනකම මාත් ඔයාගේ පිටිපස්සෙන් ආවා......!!"

ජිමින් ජන්කුක් දිහා බලලා ලස්සනට හිනා වුනා..ඒ වෙද්දි හය්යෙන් ඇද වැටුනු මහ වැස්ස සිහින් පොද වැස්සක් බවට හැරිලයි තිබුනේ..

"ලීහියුන්ගෙන් මාව බේරගත්තෙත් ඔයා තමයි ජන්කුක්.....!"

ජිමින් කිව්වේ ඒ දේ අහලා ජන්කුක් ගැස්සෙද්දි.ජන්කුක් හිතාගෙන හිටියේ ජිමින්ට ඒ කිසිම දෙයක් මතක නෑ කියලයි..

"අමතකයි වගේ හිටියට මට ඔයාව මතකයි ජන්කුක්...එදා ඉදන්..ඔයාව මතක් නොවුනු දවසක් මට නොතිබුනු තරම්...අන්තිමට ඔයා මගේ බොඩිගාඩ් විදිහට මං ලගට ආවම දැනුනු සතුට කොච්චරක්ද කියලා දන්නේ මං විතරයි...ඒත්....මට ඔයා ලගට එන්න පුලුවන්කමක් තිබුනෙ නෑ ජන්කුක්...ඒ නිසයි මං ඔයාගෙන් ඈත් වුනේ..ඔයාට නපුරු වුනේ...ඔයාගෙන් ඈත් වෙන්න ඕනි නිසා..මොකද...මොකද ලීහියු........""

ජිමින්ගේ මුවින් ඉතුරු වචන ටික පිටවෙන්න ඉඩක් නොදීම ජන්කුක් එයාගේ සීතල තොල්වලින් ජිමින්ගෙ රෝසපාට තොල් අල්ලගත්තේ ජිමින්ගේ ඇස් ඉබේම පියවෙද්දි..

නිසලවම මොහොතක් හිටපු ජිමින් හිමීට එයාගේ ලවන් ජන්කුක්ගේ තොල් මත එහෙමෙහෙ අරන් ගියේ තාලෙකට වගේ.

මොහොතක් උනුසුම් හාදුවක ගිලිලා උන්නු ඒ දෙන්නා දෙපැත්තට වුනේ හුස්ම ගන්න උවමනාව දැනුනට පස්සෙයි..

ජිමින්ට ජන්කුක්ගේ මූණ දිහා බලන්න දැනුනේ ලැජ්ජාවක්..ඒ නිසාම ජිමින් ආයෙමත් එයාගෙ මූණ ජන්කුක්ගේ පලල් පපුවේ හන්ගගත්තේ ජන්කුක්ගේ මුවට හිනාවක් නැගෙද්දි.

"ජන්කුක්....?"

ජිමින් එහෙමම ඉදන් මුමුනද්දි ජන්කුක් ඇස් පියාගත්තේ එකපාරටම දැනෙන්න ගත්තු අමුතු සැනසීම හිත පුරා විදවගනිමින්....

"හ්ම්ම්ම්ම්...??"

"ඔයා..ඔයා කොහොමද..මෙහෙම...??ඩොක්ටර් කිව්වා ඔයාව..එයාලාට ඔයාව බේරගන්න බ්..බැරි වුනා කියලා..!!?"

ඒත් එක්කම ජන්කුක්ගේ මූනේ ඇදුනෙ ලස්සන හිනාවක්.ඇස් ඇරලා තමන්ගේ පපුවට ගුලිවෙලා ඉන්න ජිමින්ගෙ නිකටින් අල්ලලා උස්සපු ජන්කුක් ජිමින් දිහා බැලුවේ හිනා වීගෙනමයි.

"මං කිව්වා නේද ජිමින් මේ පපුවේ හුස්ම වැටෙනකම් මං ඔයාට සීරිමක්වත් වෙන්න දෙන්නේ නෑ කියලා...?"

ජිමින් හිස ඉහල පහල වැනුවේ ජන්කුක්ගෙ ඇස් දිහා බලාගෙනමයි.ජිමින් දැක්කා ජන්කුක්ගෙ ඇස්වල පිරිලා තිබුනු ඒ හැගීම..ජිමින්ට ඒක දැනුනා.

"මං හිතන්නේ ඒක ටිකක් වෙනස් කරන්න වෙනවා..මේ පපුවේ හුස්ම වැටෙනකම් නෙමෙයි...මේ පපුවේ හුස්ම නැවතුනත්....මං ඔයාට කිසිම දෙයක් වෙන්න දෙන්නේ නෑ ජිමින්...!"

ආදරය පිරුනු ඇස්වලින් ජිමින් දිහා බලාගෙන ජන්කුක් කිව්වේ ඒක අහගෙන උන්නු ජිමින්ගේ මූණෙත් ලස්සන හිනාවක් ඇදෙද්දි..

ඇගිලි තුඩුවලින් ඉස්සිලා ජන්කුක්ගේ නලලතින් හාදුවක් තියපු ජිමින් ආයෙමත් ජන්කුක්ගේ ඇස්වලට එබුනේ ජන්කුක්ගේ වගේම හැගීමකින් ජන්කුක් දිහා බලන ගමන්.

"මාත් ඔයාට ආදරෙයි කුකී.....!!!"

ජන්කුක් ආයෙමත් ජිමින්ව තුරුල් කරගත්තේ උහුලගන්න බැරි තරම් සතුටක් ඒ වචනත් එක්ක හදවතට දැනෙද්දි.ඒ දෙන්නා විනාඩි කීපයක් එහෙම හිටියේ ඒ සතුට මුලු හදවතින්ම විදගන්න ගමන්.

ටික වෙලාවකින් ඒ නිහඩතාවය බින්දේ ජිමින්.

"මිස්ටර් කුකී....ආයෙමත් පාක් ජිමින්ගේ බොඩිගාඩ්ගේ ජොබ් එක බාරගන්න ඔයා කැමතිද....??!"

"පාක් ජිමින්ගේ බොඩිගාඩ් කියන ජොබ් එක තිබුනත් නැතත්...මං තමයි හැමදාමත් මේ මෝචිගේ බොඩිගාඩ්.....!"

අර මැදියම් අහසේ පුරහද වහගෙන හිටපු අදුරු වලාකුල පේන තෙක් මානෙකවත් තිබුනේ නෑ..ඒ වෙනුවට මුලු අහසම ආලෝකමත් වෙලා තිබුනේ දිලිසෙන පුරහදේ එලියෙන්.

හරියට ජිමින් කියන අහස ආලොකමත් කරන ජන්කුක් කියන පුරහද වගේ..ඒ පුරහද නැති වෙලා ගියේ නෑ..අදුරු වලාකුලකින් වැහුනා විතරයි..අහසට පුලුවන් එක වැස්සකින් අදුරු වලාකුල හදෙන් ඈතට යවන්න...හරියට පාක් ජිමින්ගේ කදුලු ජන්කුක්ගේ අදුරු වුනු හදවත ආයෙමත් දීප්තිමත් කලා වගේ..

නිමි..♡
________________________________________

864 Words

කතාව හොදයිද...🙂🙂🙂
කලින් චැප්ටර්ස් එකකවත් මං ඔයාලට කමෙන්ට් කරන්න කිව්වේ නෑ..ඒත් පුලුවන් නම් මෙතන ඔයාගේ අදහසත් කියාගෙන යන්න..❤🤗මට ඔයාලාගේ අදහස් ගොඩක් වටිනවා..❤

මං හිතනවා ඔයාලා මේ කතාව රසවිදින්න ඇති කියලා..❤

Sorry for the mistakes.🌼
Thank you for reading..❤😘

Love you my sweethearts 💙🌼

-RMP_ Moon-

Bạn đang đọc truyện trên: AzTruyen.Top