❖ Chapter 06
ජන්කුක් සිහින් හඩින් එහෙම මිමිනුවේ ඇස් ඇරලා එයාගේ වටේටම විශේශ කෙනෙක්ව හොයන ගමන්.ජන්කුක්ට ඒ තරම් වේදනාවක් දැනුනේ නෑ තව දුරටත්..මරනින් නැගිටලා ආපු කෙනෙක්ට දැනෙන්න ඕනි කිසිම වේදනාවක් ඔහුට දැනුනේ නෑ..මොකද එයාගේ හිත තිබුනේ තමන්ට වුනු දේ ගැන අවදානයෙන් නෙමෙයි ජීමින්ව හොයන ගමන්..
"පුතා..ඔයාට මෙච්චර දෙයක් වෙලත් ඔයා තාමත් හොයන්නේ ඔයාගේ ජිමින්වද...?!"
මිසිස් ජියෝන් එහෙම අහද්දි පාක් ජීයොන්ගේ මූනේ ඇදුනේ ප්‍රශ්නාර්තයක්..
"මොකක්ද.....!"
පාක් ජීවොන්ගේ මුවින් එහෙම.පිටවෙද්දි මෙච්චර වෙලා පැත්තකට වෙලා හිටපු මිස්ටර් ජියෝන් පාක් ජීවොන් දිහා බැලුවේ සුහදශීලීව හිනාවෙන ගමන්.
"ඔව් ජීවෝන්....ඔයා ඔයාගේ පුතාට බොඩිගාඩ් කෙනෙක් ගනිද්දි නිකමටවත් හොයලා බැලුවේ නැද්ද ඒ මනුස්සයා කවුද කියලවත්..අද මුණ ගැහෙනකම්ම ඔයා දැනගෙන හිටියෙ නෑ ජියොන් ජන්කුක් කියන්නේ මේ මගේ..ජියොන් ටේගුක්ගේ තුන්වෙන පුතා කියලා...කොරියාවේ ඉන්න නම්බර් වන් බිස්නස්මන්ගේ බාලම පුතා ඔයාගේ පුතාගේ බොඩිගාඩ් වුනේ ඇයි කියලද ජීවොන් ඔයා හිතන්නේ.......කෝටි ගානක කම්පැනි එකක අයිතිකාරයෙක් වෙලත් මේ මෝඩයා ඔයා ගාව ජොබ් එකක් කරන්න එන්නේ ආසාවට කියලා හිතුවද..."
පාක් ජීවොන් තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉද්දි මේ වෙනකොට ඇදේ වාඩි වෙලා හිටපු ජන්කුක් හැරුනේ ඔහුගේ පැත්තට.
ජීවොන් දාකපු ගමන් ජන්කුක්ගේ මූණ කේන්තියෙන් පුපුරන්න ගත්තේ ඒ බැල්මට ජීවොන් ගැස්සිලා යද්දි.
"තමුන්....තමුන් මොකක්ද මෙතන කරන්නේ.."
ජන්කුක් ජීවොන් දිහා බලාගෙන හිටියේ දවා අලු කරන්න පුලුවන් බැල්මකින්.
"තමුන් ආයෙමත් වතාවක් අර ලීහියුන්ව ජිමින්ගේ ජීවිතේට අරන් එන්න හදන්නේ තමුසෙට මතක නැද්ද මීට කලින් වුනු දේවල්...තමුසේ උගේ කීමට මාව ජොබ් එකෙන් අයින් කලේ ඌ නිසා ජිමින් ආයේ මොකුත් කරගන්න එකක් නෑ කියලා හිතලද ජීවොන්..."
"ජන්කුක්..මොකක්ද ඔයා මේ කියන්නේ..ලීහියුන් කියන්නේ ජිමින් බදින්න ඉන්න කෙනා...."
"බදින්න ඉන්න කෙනා...????ජිමින් කවද්ද ඒ කාලකන්නියව බදින්න කැමති වුනේ ජීවොන්..ඒ ජිමින් බදින්න ඉන්න කෙනා නෙමෙයි තමුසේ ජිමින්ව බලෙන්ම බන්දවන්න යන කෙනා....වෙන විදිහකට කිව්වොත් එකපාරකුත් ජිමින්ව විනාශ කරන්න හදපු කාලකන්නියා....."
ජන්කුක් ජීවොන් දිහා බලාගෙන කෑ ගහන්න ගත්තේ රූම් එකේ හිටපු අනිත් අයව ගනන් ගන්නෙවත් නැතිව.
"ඔයා...ඔයා මේ මොනවද කියන්නේ ජන්කුක්...."
ජීවොන් ඇහුවේ කිසිම දෙයක් හිතාගන්න බැරිව.
"මං කියන්නේ ඇත්ත ජීවොන්... මං කියන්නේ ඇත්ත....එකපාරටම ජිමින් එයාගේ ජීවිතේ නැති කරගන්න එක එක දේවල් කරන්න ගත්තේ ඌ නිසා...තමුසේ ඒ කිසිම දෙයක් දන්නේ නෑ..මීට මාස දෙකකට කලින් බුසාන්වලදි තමුසේ මහලොකුවට ජිමින්ව බන්දලා යන්න දෙන ඔය ලීහියුන් ජිමින්ට මොනවද කලේ කියලා තමුසේ දන්නේ නෑ........""
ජීවොන්ට ඒ ඇහෙන දේවල් අදහගන්නවත් බැරිවයි හිටියේ..ජිමින් කියන දේකට කිසිම දවසක ඇහුම්කන් දුන්නේ නැතත් ජීවොන් ජිමින්ට ගොඩක් ආදරේ කලා..ඒ නිසා ජීවොන්ට මේ ඇහෙන දේවල් ගැන හිතාගන්නවත් බැරිවයි හිටියේ..
"ම්..මොකක්ද....ක්..කොහොමද...කොහොමද ඔයා ඒක දන්නේ..."
"මොකද එදා ලීහියුන් බලහත්කාරයෙන්ම ජිමින්ව අරන් ගිහින් තිබුනේ මගේම හොටෙල් එකකට..සිහි කල්පනාවක් නැතිව හිටපු ජිමින්ව ඒ පවුකාරයගෙන් ගලවගත්තේ මමයි ජීවොන්...තමුසේ ඒ මොකුත්ම දන්නේ නෑ......"
" ජිමින්ට ඒ මං කියලා අමතක වුනාට ලීහියුන්ට ඒක හොදට මතකයි..ඒකයි ඌ තමුසෙට කියලා මාව ජොබ් එකෙන් අයින් කෙරෙව්වේ....ඌ හිතුවේ එතකොට හැමදේම ඉවරයි කියලා..ඒත් ඒක ඉවර නෑ.මං ගාව තියෙන සාක්ශි මන් එලියට නොදි හිටියේ ජිමින් ගැන හිතලා.....ඒත් මං ආයේ ඌට කිසිම සමාවක් දෙන්නේ නෑ..උගේ මුලු පවුලම මං විනාශ කරලා දානවා...."
" අදත් ජිමින් ගියේ එයාගේ ජීවිතේ නැති කරගන්න..ලීහියුන් එයාට දීපු අමිහිරි මතකවලින් බේරෙන්න එයාට කරන්න තිබුනු එකම දේ ජීවිතේ නැති කරගන්න එක විතරක් නිසයි එයා මුලින්ම ඒ දේ කරන්න උත්සාහ කලේ...මං ඒ හැම වතාවකම එයාගේ ලග හිටියා..ඒත් තමුසේ මාව එයාගෙන් ඈත් කලා....ඒ කාලකන්නියව තමන්ගෙම තාත්තා තමන්ට බන්දලා දෙන්න යද්දි ජිමින් වෙන මොනවා කරන්නද...ඒ නිසයි ජිමින් ආයෙමත් අද ඒ දේ කරන්න හැදුවේ....මං එයාව නවත්තපු එකේ කේන්තියටයි එයා අද මට බැන්නේ...ඒ කේන්තියෙනුයි එයා පාර පැන්නේ..බැරි වෙලාවත් මට එයාව පාරෙන් එහාට කරගන්න බැරි උනානම්...එහෙම උනානම්.....!!""
ජන්කුක්ට තවත් කතා කරගන්න පුලුවන් වුනේ නෑ.එහෙම වුනානම් සිද්ද වෙන දේ ගැන හිතන්නවත් ජන්කුක්ට ඕනි වුනේ නෑ.
ජීවොන්ගේ ඇස්වලින් කදුලු ගලාගෙන යන්න ගත්තේ තමන්ගේ පුතා මූණ දීපු ඒ වේදනාවන් ගැන හිතද්දි.
ඒත් එකපාරටම ජන්කුක් ඔලුව උස්සලා ආයෙමත් වතාවක් මුලු කාමරය පුරාම නෙත් යැව්වේ අමුතු හැගීමක් හදවතට දැනෙද්දි.
"ජිමින්...!!ජිමින් කොහේද...!!!!"
ඒත් කිසිම කෙනෙක් ජිමින් හිටියේ කොහේද කියලා දැනගෙන හිටියේ නෑ.ඒ කිසිම කෙනෙක් ජන්කුක් ගැන දුක් වෙවි හිටියා මිසක ජිමින් ගැන අවධානෙකින් නෙමෙයි හිටියේ....
"ඇයි..ඇයි ඔයාලා ජිමින්ව තනි කලේ..එයා...එයා මට සිද්ද වුනු දේ ගැන එයාටම දොස් කියාගන්නවා ඇති...එයා මොකක් හරි මෝඩ වැඩක් කරයි..ආයෙමත්...ආයෙමත් එයා...........!!!!"
ආවේගයෙන් ඔලුව දෙපැත්තට වනපු ජන්කුක් ඊගාව මොහොතේ ඇගට සම්බන්ද කරලා තිබුනු ඔකොම වයර් ගලවලා දාලා ඇදෙන් බිමට බැස්සේ කාමරය පුරා හිටපු හැමෝගෙම ඇස් ලොකු වෙද්දි.
"මිස්ටර් ජන්කුක්...ඔයාට ඇදෙන් බහින්න හොද නෑ..ප්ලීස් ඔහොම නවතින්න....."
සිද්ද වුනු හැමදේම නිහඩවම බලාගෙන හිටපු ප්‍රධාන වෛද්‍යවරයා කියපු දේ ඇහුනේ නෑ වගේ ජන්කුක් දොරෙන් පිට වෙන්න කලින් ආයෙමත් වතාවක් රූම් එකේ හිටපු අය දිහා අලුවෙලා යන බැල්මකින් බැලුවේ දත්මිටි කන ගමන්.
"මගේ ජිමින්ට මොනවා හරි දෙයක් වෙලා තිබුනොත්...ඔය කාටවත් මගෙන් කිසිම සමාවක් නෑ...!!!!!!"
________________________________________
734 Words
-RMP_ Moon-
Bạn đang đọc truyện trên: AzTruyen.Top