❖ Chapter 05

තමන්ව තෙමමින් ඇද වැටෙන වැස්ස ගැන ජිමින්ට වගක්වත් නෑ.ජීමින්ගේ තවමත් කදුලු බේරෙමින් තිබුනු ඇස් යොමු වුනේ රූෆ්ටොප් එකේ කෙලවරට..

ජිමින්ගේ වෙව්ලන දෙපා රූෆ්ටොප් එකේ කෙලවර තිබුනු මිටි බැම්ම ලගට ඇදුනේ මුලු නගරයම නාවගෙන ඇද වැටුනු මහ වරුසාව තව තවත් වැඩි වෙද්දි..

වෙනදට අහස ගොරවද්දි බය වෙන ජිමින් අද ඒ ගිගුම් නාදේට පොඩ්ඩක්වත් බය වුනේ නෑ.තවත් බය වෙන්න තරම් ඒ හිතේ ඉඩක් තිබුනෙ නෑ.මොකද ජිමින්ගේ මුලු හිතම තිබුනේ වේදානාවෙන් පිරිලා...

ඉස්සරහට ගිය ජිමින් බැම්ම ලග නතර වෙලා මොහොතක් ඇස් පියාගත්තෙ හිතට දැනෙන වේදනාව තවත් දරාගන්න බැරිම තැන.

"මට සමාවෙන්න...මට සමාවෙන්න ජන්කුක්...අනිත් හැමෝටම වඩා ඔයා මං ගැන හොයලා බලද්දි...මගේ හැමදේකදිම ඔයා මගේ ලගින්ම ඉද්දි...මට ඔයාව මගේ ලගම තියාගන්න ඕනි වුනා ජන්කුක්..ඒත්..ඒත් මං බය වුනා..දවසක..දවසක ඔයා මගෙන් ඈත් වෙයි කියලා මං බය වුනා...ඔයා කවදාවත් මං ලග නවතින්නේ නෑ කියලා මං දන්නවා ජන්කුක්..ඒ නිසයි...ඒ නිසයි ඔයා මගෙන් ඈත් වෙන්න කලින් මං ඔයාගෙන් ඈත් වෙන්න උත්සාහ කලේ..ඔයා මට ලන් වෙන එක නවත්තන්නයි මං ඔයාට නපුරුකම් කලේ ජන්කුක්...ඔයාව මගේ ජීවිතේට නැතිවම බැරි වෙන්න් කලින් මට නවතින්න ඕනි වුනා...ඒත්...ඒත් මං පරක්කු වැඩියි...මං නිසා...මං නිසා ඔයාට වුනු දේ මට දරාගන්න බෑ තවත්...ඉතින් මං නවතිනවා ජන්කුක්...සදහටම...ඔයාට පේන මානෙකටවත් එන්න එපා කිව්වට ඔයා පේන මානෙක්වත් නැත්නම් මට ජීවිතයක් නෑ...තවත් මට දරාගන්න බෑ ....මට සමාවෙන්න කුකී...හැමදේකටම...මට සමාවෙන්න......!!"

හිමීට දෙනෙත් විවර කරපු ජිමින් ඊගාව මොහොතේ ඒ කොට බැම්මට ගොඩ වුනේ පහතින් පේන හොස්පිට්ල් එකේ මේන් එන්ට්‍රන්ස් එක දිහා බලන ගමන්..පොඩියට පේන වාහන හොස්පිට්ල් එක ඉස්සරහින් එහෙ මෙහෙ ඇදෙන හැටි බලාගෙන හිටපු ජිමින් ඒ බැම්ම කෙලවරටම අඩිය තිබ්බේ කදුලු ගලන ඇස් තද කරලා පියාගන්න ගමන්.

"ම්..මට සමාවෙන්න කුකී....."

________________________________________

[ මොහොතකට පෙර ]

තියටර් එකෙන් එලියට ආපු වෛද්‍යවරයා එයාගේ ඉස්සරහ කදුලු හෙලමින් උන්නු අය දිහා බැලුවේ කණගාටුවෙන්.මිස්ටර් ජියෝන් ගාවට ගියපු වෛද්‍යවරයා ඒ කණගාටුදායක පුවත කියන්න ගත්තේ මිසිස් ජියෝන් මහා හඩින් අඩා වැටෙද්දි.

"පේෂන්ට්ගේ ඉන්ටර්නල් ඉන්ජරීස් නැති තරම්..ඒ වගේම එයාගේ එක්ස්ටර්නල් ඉන්ජරීස් ඒ තරම් බරපතල වුනේත් නෑ.....ඒත්....ඇක්සිඩන්ට් එක නිසා හදිස්සියෙම ඇති වුනු කම්පනයත් එක්ක එයාගේ හාට් එක ගොඩක් වීක් වෙලයි තිබුනේ...අපි උපරිම උත්සාහ කලා..ඒත් අපිට මොකුත් කරන්න පුලුවන් උනේ නෑ මිස්ටර් ජියොන්..වී ආ රියලි සොරි...!"

"අයිම් වෙරි සොරි ටු සේ දිස් මිස්ටර් ජියොන්...බට්...අපිට ඔයාගේ පුතාව බේරගන්න පුලුවන් වුනේ න්....."

"සර්.....!!!!!!!!!!! "

වෛද්‍යවරයා කියන්න ගිය වාක්‍ය අතරමැද නවත්තලා බැලුවේ තියටර් එකේ දොර ඇරගෙන බය වෙලා වගේ දුවගෙන ආපු නර්ස් දිහා...

"සර්....!!! පේෂන්ට්ගේ හාට්බීට් එක ආයෙමත් වැඩ කරනවා...!!!!!!!"

"වට්....!!!!!!!!!!!"

වෛද්‍යවරුයා කිව්වේ තමන්ට ඇහුනු දේ අදහගන්න බැරිව.තවත් එතැන නොරැදුනු වෛද්‍යවරයා එසැනින් තියටර් රූම් එකට දිව්වේ එලියේ හිටපු ජියොන් යුවලත් ජන්කුක්ගේ සහෝදරයින් වුනු හෝසොක්,නම්ජුන් දෙන්නත් එතන උන්නු අනිත් කෙනා වුනු පාක් ජීයොනුත් ගල් ගැහිලා වගේ පුදුමයෙන් බලාගෙන ඉද්දි.

මෙච්චර වෙලා අඩමින් උන්නු මිසිස් ජියෝන් හැමෝටම කලින් දොර ගාවට දුවගෙන ගියේ ඒ ඇහුනු දේ අදහගන බැරිව.ඒත් එක්කම අනිත් කට්ටියත් දොර ගාවට දිව්වේ සිද්ද වෙන දේ හරියටම දැනගැනීමේ වුවමනාවෙන්.

"ඕහ් මයි ගෝඩ්...ඉක්මනට..පේෂන්ට්ව ආයෙත් මැශීන්ස් වලට සම්බන්ද කරන්න.හරී අප්......!!"

A / Note -(copied)

[ (Sudden cardiac arrest (SCA))
also called sudden cardiac death

Sudden cardiac arrest occurs when the heart suddenly stops beating, which stops oxygen-rich blood from reaching the brain and other organs. A person can die from SCA in minutes if it is not treated right away.]


ඇතුලට දුවගෙන ගිය ප්‍රධාන වෛද්‍යවරයා වටේ උන්නු අනිත් අයට නියෝග දෙන්න ගත්තේ ජන්කුක්ගේ හාට්බීට් එක එන්න එන්නම සාමාන්‍ය අතට හැරෙද්දි..

සිද්ද වෙන දේ විශ්වාස කරගන්න බැරි උනත් ඒ හැමෝම ඊගාව විනාඩි කීපය උත්සාහ කලේ ජන්කුක්ව පියවි සිහියට ගන්නයි..

"සර්..!පේෂන්ට්ට සිහිය එනවා...!!!!"

සහයක වෛද්‍යවරයෙක් කෑ ගහද්දි ජන්කුක් හිමි හිමින් ඇහි පිල්ලම් ගැහුවේ අවට ආලෝකයට ඇස් හුරුකරගන්න ගමන්..

සුලු වෙලාවකින් කලයුතු හැමදේම අවසන් කලායින් පසසේ ජන්කුක්ට තව දුරටත් අනතුරක් නෑ කියලා දැනගත්තු වෛද්‍යවරයා දොර අරින්න කියලා එතන හිටපු කෙනෙක්ට සන් කලේ එලියේ හිටපු ජියොන් යුවලට වගේම පාක් ජීයොන්ට ඇතුලට එන්න ඉඩ දෙමින්..

"පුතා...!"

වේදනාවෙන් උන්නු මිසිස් ජියොන් ජන්කුක්ගේ නිදහස්ව තිබුනු අතක් අල්ලගෙන ජන්කුක්ට කතා කලේ ඇස්වල කදුලු පුරෝගෙන..

ජන්කුක්ගේ මුවින් පිට වුනු වචනෙට ඇයගේ මූනේ හිනාවක් ඇදුනේ හැමෝම බලාගෙන ඉද්දි.

"ජිමින්.....!!"

________________________________________

595 Words

-RMP_ Moon-

Bạn đang đọc truyện trên: AzTruyen.Top