❖ Chapter 04
• • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • •
කදුලු ගලන ඇස් තදින් පියාගත්තු ජිමින් එ මතකයත් එක්ක වේගෙන් ඔලුව දෙපැත්තට සොලවන්න පටන් ගත්තේ පිස්සුවෙන් වගේ..
"ආආආආආආආහ්හ්හ්හ්හ්...........!!!!!!!!"
අත් දෙකෙන්ම ඔලුව බදාගෙන ජිමින් මහ හඩින් කෑගහගෙන ඒ සීතල කොන්ක්‍රීට් පොළොව උඩ දනින් වැටුනේ හදවත කෑලිකෑලිවලට කැඩෙනවා වගේ වේදනාවක් දැනෙද්දි.
අදුරු අහසේ පිරිලා තිබුනු කලුපාට වැහි වලාකුලුවලින් මිදුනු සීතල වතුර බින්දු හිමි හිමින් පොළොව දිහාට ඇදිලා එන්න ගත්තේ ඒත් එක්කම ජන්කුක් එක්ක තිබුනු හැම මතකයක්ම වගේ ජිමින්ගේ මතකයට එද්දි.එකින් එක වැටෙන වැහි පොද සෝල් හොස්පිට්ල් එකේ රූෆ්ටොප් එකේ බිම දනින් වැටිලා උන්නු ජීමින්ව තෙමන්න ගත්තේ ජිමින් අර මතකයන් අතරේ අතරමං වෙද්දි.....
කොරියාවල ඉන්න ධනවත් ව්‍යාපාරිකයෙක් වුණු පාක් ජීවොන් හරියටම මීට මාස දෙකකට කලින් ජියොන් ජන්කුක්ව එයාගේ එකම පුතා වුනු පාක් ජිමින්ගේ පෞද්ගලික ආරක්ෂක විදිහට පත් කලේ ජිමින්ගේ හිතුවක්කාරකම් ඉවසගන්නම බැරි තැන.
ඒ හිතුවක්කාරකම් වෙන කාටවත් කරදරයක් වෙන දේවල් නෙමෙයි.ඒත් එයාගේ ඒ හිතුවක්කාරකම්වලින් අනතුරු වුනේ ජිමින්ටමයි.
ජීමින් එයාගේ ජීවිතේ නැති කරගන්න කීපාරක් උත්සාහ කලාද කියලා දන්නේ ජිමින්ම විතරයි.ඒ වගේම ඒකට හේතුව දන්නෙත් ජිමින්ම විතරයි.
ජිමින්ව නවත්තගන්න බැරිම තැන පාක් ජීවොන් කලේ ජන්කුක්ව ජිමින්ගේ බොඩිගාඩ් කරපු එක.
එදා ඉදන් ජිමින් හැමදාම උදේ අවදි වෙද්දි මුලින්ම දැක්කේ එයා ලගටම වෙලා ඉන්න ජන්කුක්ව.
ඒ වගේම නිදාගන්න යන හැම වෙලාවකම ජිමින් අන්තිමට දැක්කෙත් ජන්කුක්ව..බාත්රූම් එකේ ඉන්න වෙලාවට ඇර අනිත් හැමවෙලාවකම ජන්කුක් හිටියේ ජිමින්ගේ ලගමයි.ඒකේ තේරුම ජන්කුක් ජිමින්ගේ පෞද්ගලිකත්වයට අනවශ්‍ය විදිහට බලපෑම් කලා කියන එක නෙමෙයි..ජන්කුක් හැම වෙලේම ජිමින්ට නිදහස දුන්නා,එත් ඒ හැම මොහොතකම ජන්කුක් ජීමින් ගැන අවදානෙන් හිටියා.
ජිමින් එයාට මොකක් හරි අනතුරක් කරගන්න ගියපු හැම වෙලාවකම ජන්කුක් ජිමින්ව නැවැත්තුවා..ඒ වගේම පොඩි ළමෙක් වගේ ජිමින්ව බලාගත්තා.
හැම මොහොතෙම ජන්කුක්ගේ ඇස් තිබුනේ ජිමින් ලග.ජිමින් ජන්කුක්ට කොච්චර බැන්නත් ඒ මාස දෙක පුරාවට ජන්කුක් ජිමින්ගේ හිත රිද්දුවෙ නෑ එක පාරක්වත්.ජිමින් කියන හැමදේම අහගෙන ජන්කුක් කලේ ජිමින් දිහා බලලා අහින්සක විදිහට හිනා වුනු එක..
ජිමින්ට ඒ හැමදේම මතක් වෙන්න ගත්තේ එක පෙලට..ඒ හැම මතකයකම ඉස්සරහින්ම තිබුනේ ජන්කුක් ජිමින් ඉස්සරහදි විතරක්ම පෙන්නපු අර ලස්සන අහින්සක හිනාව..
ඔව් ඒ නපුරු දුශ්ට බොඩිගාඩ් ජන්කුක් හිනා වුනේ ජිමින් එක්කම විතරයි.
ජිමින් දන්නවා එයා කොච්චර බැන්නත් ජන්කුක් හැමදාම එයාට තෝරලා දුන්නේ එයා අදින්න ආසම පාට,ආසම විදිහේ ඇදුම් කියලා..ජන්කුක් ජිමින්ගේ හැම කැමැත්තක්ම අකමැත්තක්ම දැනගෙන හිටියා..
කොහේ හරි යද්දි,කෑම කද්දි ජිමින්ගේ රුචිකත්වය ගැන ජන්කුක් දැනගෙන හිටියා.
ඒ හැමදේටම වඩා...ජිමින් කැමති මල් වර්ගයේ ඉදන් ජිමින් ආසම පර්ෆියුම් එක දක්වා හැම සියුම් දෙයක්ම දැනගෙන හිටපු එකම කෙනා ජන්කුක් විතරයි..එයා ඒ දේවල් කොහොම දැනගත්තද කියලා ජිමින්ට හිතාගන්නවත් පුලුවන් වුනේ නෑ.
ජන්කුක් ගැන ඒ හැමදේම හිත පුරා එහෙ මෙහෙ යද්දි ජිමින්ට දැනුනේ මහා වේදනාවක්....
තමන් වෙනුවෙන් හැමදේම කරපු ජන්කුක් අද මරණය අභිමුව ඉන්නේ තමන් නිසා කියලා මතක් වෙද්දි ජිමින්ට ඒ වේදනාව දරාගන්න පුලුවන් වුනේ නෑ.
"ම්...මං නිසයි..මං නිසයි මේ හැමදේම..ඔයාට මේ දේ වුනේ මං නිසයි ජන්කුක්....මං නිසයි....!!!!!"
අහසින් වැටුනු වැහි බින්දු ගාන වැඩි වෙද්දි ඒ වැස්සේ තෙමෙමින් උන්නු ජිමින් මිමිනුවේ වෙව්ලන දෙතොල්වලින්.
"ම්..මං අද ඔයා කියපු දේ එකවතාවක් හරි ඇහුවනම්...ඔ..ඔයා...ඔයා ඒ තරම් හයියෙන් මගේ නම කියලා කෑ ගහද්දි..එක පාරක් බැලුවනම්....ඔයාගේ කටහඩ ඇහෙද්දි...ම්..මගේ හිත කියපු විදිහටම හැරිලා එක සැරයක් ඔයා දිහා බැලුවනම්....ඔ..ඔයාට මෙහෙම වෙන්නේ නෑ ජ්..ජන්කුක්..ඔයාට..ඔයාට මේ වේදනාව..මේ වේදනාව ඔයාට විදින්න වෙන්නේ නෑ...."
"ම්..මං නිසයි ඔයාට මෙහෙම උනේ ජන්කුක්...ම්..මං නැති වුනානම්..එහෙම වුනානම් කාටවත් කිසිම කරදරයක් වෙන්නේ නෑ..."
ජිමින් එහෙම මුමුණද්දි එයාගේ ඇස්වලින් ගලපු කදුලු අහසින් වැටුනු වැහි බින්දු එක්ක මුහු වෙලා කම්මුල් දිගේ ගලාගෙන යන්න ගත්තා..
විනාඩි කීපයක් ඒ විදිහට හිතේ තිබුනු වේදනාව අඩු වෙනකම් අඩපු ජීමින් දනගහගෙන උන්නු තැනින් නැගිට්ටේ පපුවට ගුලිවෙලා තිබුනු ඒ දෑත් මිට මෙලවෙද්දි.
ජිමින් ඒ අත් හිමීට පහලට කලේ තීරනයක් අරන්.
ඒත් වෙනදා වගේ ජිමින් ලගට දුවගෙන එන්න කෙනෙක් එවලේ එතන හිටියේ නෑ..
වෙනදා වගේ ජිමින් කරන්න හදන ඒ මෝඩ වැඩේ නවත්තන්න කෙනෙක් එතන හිටියේ නෑ..
හැමදාම ජිමින්ව නවත්තපු ඒ කෙනා අද එතන හිටියේ නෑ...
Bạn đang đọc truyện trên: AzTruyen.Top