❖ Chapter 03
ජිමින්ව පහුකගෙන මිනිස්සු පාර මැදට දුවගෙන යද්දි ජීමිනුත් වේගයෙන් වැටිලා උන්නු තැනින් නැගිට්ටේ වෙලා තියෙන්නේ මොකක් වුනත් ඒ තමන් හිතන දේ නොවේවා කියලා ප්‍රාර්තනා කරන ගමන්.
ඒත්...
වේගයෙන් ගැහෙන පපුවට අත තියාගෙන හිමීට පිටිපස්ස හැරුනු ජිමින්ට දකින්න ලැබුනේ එයා හිතපු දේම තමයි.
"නෑ..නෑ........නෑ........!!!!"
රතුපාට කාර් එකක් ඉස්සරහ අප්‍රාණිකව වැටිලා හිටියේ ජන්කුක්.
මීට තප්පර කීපයකට කලින් ආයේ පේන මානෙකටවත් එන්න එපා කියලා ජිමින් බැනපු ඒ ජන්කුක්..
ජන්කුක්ගේ නලලින් ගලාගෙන ගියපු ලේ තාර පාර රතුපාට කරන හැටි ජිමින් දැක්කා.
ටික වෙලාවකට කලින් ආයාචනාත්මක බැල්මෙන් තමන් දිහා බලාගෙන හිටපු ඒ කලු පාට ඇස් පියවිලා තියන හැටි ජිමින් දැක්කා.
ලෝකයම දෙපා මුල කඩාගෙන වැටෙනවා වගේ දැනෙද්දි ජිමින් ජන්කුක් ලගට දුවගෙන ගියේ හැමෝම වේදනාවෙන් බලාගෙන ඉද්දි.
ජන්කුක් ගාව දනගහගත්තු ජිමින් ජන්කුක්ගේ ලේ තැවරුනු මූණ අත් දෙකෙන්ම ස්පර්ශ කරන්න ගත්තේ මෙච්චර වෙලා තිබුනු කේන්තිය නැත්තටම නැති වෙලා ගිහින් ඒ ඇස්වල කදුලු පිරෙද්දි.
"ජ්..ජ..ජන්කුක්....! අනේ..ඇස් අරින්න..ජන්කුක්...ප්ලිස්..අ...අනේ ඇස් අරින්න ජන්කුක්...ඔයාට මාව ඇහෙනවද....ජන්කුක්......!!!!"
ජිමින් අඩ අඩ මුමුණන්න පටන් ගත්තෙ ජන්කුක්ගේ මූණේ තිබුනු රතුපාට ලේ ඒ චුටි ඇගිලිවලින් පිහිදාන ගමන්.
"මොන මගුලක්ද කරන්නෙ...බලාගෙන ඉන්නේ නැතිව ඇම්බියුලන්ස් එකකට කෝල් කරනවා......"
වටේ ඉන්න මිනිස්සු දිහා බලලා ජීමින් කෑ ගැහුවේ අඩ අඩමයි.
ජන්කුක්ගේ පියාගෙන උන්නු දෙනෙත් පියන් සෙලවෙන්න පටන් ගත්තේ ජන්කුක් වේදනාවෙන් ඇස් විවර කරන්න උත්සාහ කරද්දි.ඒක දැකපු ජිමින් එක අතකින් ජන්කුක්ගේ පැත්තක තිබුනු අත අල්ලගත්තේ අනිත් අතින් ජන්කුක්ගේ කම්මුල් පිසින ගමන්.
"ජ්..ජන්කුක්..අනේ..ඇස් අරින්න ජන්කුක්...!!!!"
"ජ්..ජිමින්....!"
අමාරුවෙන් ඇස් ඇරපු ජන්කුක් ජිමින් දිහා බලලා කතා කරද්දි අඩන ගමන්ම ජන්කුක්ට කරදරයක් නැති එක ගැන ඇති වුනු සතුටින් ජිමින් හිනා වුනේ ජන්කුක්ගේ අත තවත් තදින් අල්ලගන්න ගමන්.
"ඇ..ඇයි ජන්කුක්....ඇයි.....!ඇයි ඔයා එහෙම කලේ.....ඇයි...!!!!"
ජිමින් ඉකි ගහන්න පටන් ගත්තේ ජන්කුක් ජිමින් දිහා බලාගෙන අමාරුවෙන් යන්තම් හිනා වෙද්දි.
"ම්...මං කලේ මගේ ජොබ් එක ජිමින්...මං.....ආහ්....."
ඔලුවෙන් දැනුනු තද වේදනාව නිසා ජන්කුක්ට කෑ ගැහෙද්දි ජිමින්ගේ අත තවත් එයා තද කරලා අල්ලගත්තේ හරියට වේදනාව දරාගන්න වගේ..දැඩි වේදනාව ටිකක් අඩු වෙද්දි ආයෙමත් ජන්කුක් ජිමින් දිහා බැලුවේ කලින් වගේම වේදනාව යටපත් කරගෙන හිනාවෙන ගමන්..
"මං තමයි ඔයාගේ බොඩිගාඩ්....මගේ ජොබ් එක ඔයාව ආරක්ශා කරන එක ජිමින්..මං ඒක කලා...ම්..මං ක්..කොහොමහරි ඔයාව බේරගත්තා ජිමින්..."
ජන්කුක් කිව්වේ වේදානාව වැඩිකමට පියවෙන්න යන ඇස් පියන් බොහොම අමාරුවෙන් විවර කරගෙන.
ජිමින්ගේ ඇස්වලින් ගලන කදුලු තවත් වැඩි වෙන්න ගත්තේ ඒ වචනත් එක්ක.මොකද ජිමින් දන්නවා ජන්කුක් කියන්නේ ඇත්ත නෙමෙයි කියලා.
"එ...ඒත්....ඔ..ඔයා....ඔයා අන්තිමට මගේ බොඩිගාඩ් වෙලා හිටියේ මීට සතියකට කලින් ජ්..ජන්කුක්.....!"
ජන්කුක්ට තව දුරටත් ඔලුවෙන් දැනෙන ඒ වේදනාව ඉවසගන්න පුලුවන් වුනේ නෑ..පියවෙන්න ගිය ඇස් බොහොම අමාරුවෙන් ආයෙත් විවර කරගත්තු ජන්කුක් එයාගෙ උණුසුම් ඇස්වලින් කදුලු හෙලන ජීමින් දිහා බැලුවේ ඒ බැල්මට ජිමින්ගේ හදවතම අමුතු හැගීමකින් පිරෙද්දි.
"ඒත්....මේ පපුවේ..හුස්ම වැටෙනකම්..මං...ඔයාට.... සීරිමක්වත් වෙන්න දෙන්නේ නෑ ජීමින්...!"
ජන්කුක් වෙව්ලන කටහඩින් කිව්වේ ජිමින්ගේ ඇස් දිහා බලාගෙනමයි.
"මොකද...පාක් ජිමින්ගේ....බොඩිගාඩ්....කියන.... ජොබ් එක....තිබ්බත්...නැතත්...මං තමයි...හැමදාටම..මේ මෝචිගේ බොඩිගාඩ්....!!!"
ලස්සන හිනාවක් මූණේ තියාගෙන එහෙම කියපු ජන්කුක්ගේ ඇස් පියවුනේ ජිමින්ගේ අත තදකරගෙන හිටපු ජන්කුක්ගේ අත ජීමින්ගේ අතින් මිදිලා වැටෙද්දි.
ඒත් ඒ මූණේ තිබුනේ සැනසීමක්..
ජන්කුක්ගේ විඩාපත් වෙලා තිබුනු ඒ කඩවසම් මූණේ තිබුනේ එයාගේ මෝචිව බේරගන්න පුලුවන් වුනු එක නිසා ඇති වුනු සැනසීම.....
________________________________________
506 Words
-RMP_ Moon-
Bạn đang đọc truyện trên: AzTruyen.Top