❖ Chapter 02

• • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • •
[ මතකාවර්ජනය ]
පැය දෙකකට පෙර..
________________________________________

පාර පනින්න කහ ඉර ගාවට ආපු ඔහුව ඔහුගේ පිටිපස්සෙන් දුවගෙන ආපු කෙනා නතරකරගත්තේ ඔහුගේ සියුමැලි අත ඒ ශක්තිමත් දෑත්වලට මැදි කරගනිමින්.

"ජිමින්..ඔහොම ඉන්න..ටිකක් මං කියන එක අහන්න..."

ඒ කෙනා එහෙම කියමින් ජිමින්ව නවත්තගන්න හදද්දි ජිමින් කලේ තමන්ව අල්ලගෙන හිටපු ඔහුගේ අත ආවෙගෙන් ගසලා දාපු එක.

"අතාරිනවා මාව....!!මගේ ජීවිතෙන් ඈත් වෙලා යනවා....!! යනවා.......!!!!!!"

ජීමින් මහ හඩින් කෑ ගැහුවේ ගිනි ගන්න ඇස්වලින් ඔහු දිහා බලන ගමන්.ඒත් ඔහු ජිමින්ව අත් ඇරියේ නෑ.ඒ වෙනුවට ඔහු ඒ කලු පාට තියුනු ඇස්වලින් ජිමින් දිහා ආයාචනාත්මක බැල්මෙන් බලාගෙන හිටියා.

"ජිමින්....!"

"මට දැන් තමුන්ව ඇති වෙලා තියෙන්නේ..මං මොකෙක් කියලද තමුසේලා හිතාගෙන ඉන්නේ..තනියෙන් කිසිම දෙයක් කරගන්න බැරි පොඩි එකෙක් කියලද...උදේ නැගිටපු වෙලේ ඉදන් රෑට නිදාගන්නකම් මොහොතක් නෑර තමුන් මගේ ලග කැරකෙද්දි මට ඒක මොන තරම් වදයක්ද කියලා තමුසේ දන්නවද...තමුසේ එන්න කලින් මගේ ජීවිතේ මහ ලොකු හොදක් තිබුනේ නෑ තමයි..ඒත් දන්නවද...තමුන් ආවට පස්සේ මගේ ජීවිතේ අපායක් වුනා ජන්කුක්..මගේ මුලු ජීවිතේම අපායක් උනා..තමුන් ඉන්න තැනක මට නිදහසේ හුස්මක් ගන්නවත් බෑ..මාව පොඩි එකෙක් ගානට දාලා තමුන් මගේ හැම වැඩක්ම කරලා දෙද්දි මට හිතෙන්නේ මං කිසිම වැඩකට නැති එකෙක් කියලා..අදින ඇදුමත් තමුන් මට තෝරලා දෙද්දි ඒක ගැනවත් මට තනියෙන් තීරණයක් ගන්නබැරි එක ගැන මට මං ගැනම දැනුනේ මොම තරම් කාලකන්නි හැගීමක්ද කියලා තමුන් දන්නවද...මෙ හැමදේම තමුසේ නිසා ජන්කුක්...මට මගේ ජීවිතේම තිත්ත වුනේ තමුසේ නිසා......!!!!!"

ජිමින් කෑ ගැහුවේ ජන්කුක් නිහඩවම ඔහු දිහා බලාගෙන ඉද්දි.ජන්කුක්ගේ මූණේ වේදනාවක් ඇදුනත් ඔහු මොකුත්ම කිව්වේ නෑ.ජීමින් මොන දේ කිව්වත් ජන්කුක් කලේ ජිමින්ව නවත්තගන්න උත්සාහ කරපු එක.ඒත් ජන්කුක් බලාපොරොත්තු නොවුනු විදිහට ඔහුගේ අතේ ග්‍රහනයෙන් මිදුනු ජිමින් ජන්කුක්ගෙන් ඈතට වුනේ ජන්කුක් පුදුමයෙන් බලාගෙන ඉද්දි.

"ජිමින්....!!"

මෙතරම් වෙලා ඔවුන් හිටගෙන හිටපු තැනින් ජිමින් ඈත් වෙනවා දකිද්දි ජන්කුක් සිහින් හඩින් මිමිනුවෙ මොකක් කරන්නද කියලා හිතාගන්න බැරිව..

"මට ආයේ කවදාවත් තමුසෙව දකින්නවත් ඕනි නෑ ජන්කුක්....ආයේ කවදාවත් මගේ ඇස්වලට පේන මානෙකටවත් එන්න එපා...කරුණාකරලා මගේ ජීවිතෙන් ඈත් වෙලා යනවා...සදහටම........!!!!!"

එකම එක වතාවක් එහෙම කියලා ජන්කුක් දිහා බලපු ජිමින් කහ ඉර දිගේ ඉදිරියට ඇදුනේ ජන්කුක් එතැනම ගල් වෙලා වගේ බලාගෙන ඉද්දි.

ජිමින් හිටියේ කේන්තියෙන්..ජන්කුක් එක්ක කේන්තියෙන්..ජන්කුක්ව තමන්ගේ ජීවිතේට ගෙනාපු තාත්තා ගැන කේන්තියෙන්..ඒ හැමදේටම වඩා ජිමින් හිටියේ තමන් එක්කම කේන්තියෙන්..

වටපිටාව ගැන කිසිම අවධානයක් නැතිව දාහක් හැගීම් එක්ක ඉස්සරහට අඩිය තියපු ජිමින් දැක්කේ නෑ අධික වේගයකින් තමන්ගේ පැත්තට ඇදිලා එන රතුපාට කාර් එක...
°
°
°
ඒත්.....
°
°
°
ජන්කුක් දැක්කා..ජිමින්ට පියවර කීපයක් පිටිපස්සෙන් කහ ඉර පටන් ගන්න තැන හිටපු ජන්කුක් දැක්කා ජිමින් දිහාවට ඇදිලා එන කාර් එක.ජන්කුක්ගේ ඇස් පුදුමයෙන් ලොකු වුනේ හදවත ගැහෙන වේගය වැඩි වෙද්දි.ඒත් එක්කම මීටර් විස්සක් විතර ඈතින් තිබුනු කාර් එක දිහා බලලා ආයෙමත් ජිමින් දිහා බලපු ජන්කුක් ජිමින්ට කෑ ගැහුවේ අහල පහල හිටපු අයගෙත් අවධානය තමන්ගේ පැත්තට ගන්න ගමන්.

"ජිමින්....!!!!!!"

ඒත් කවුරු බැලුවත් ජිමින් ජන්කුක් දිහා බැලුවේ නෑ..ඒ වගේම ජිමින් නතර වුනෙත් නෑ..ඒ වෙද්දිත් කාර් එක තිබුනේ මීටර් දහයක් විතර කිට්ටුව..තව එක පාරක් කාර් එක දිහා බලපු ජන්කුක්ට තේරුනා ජිමින් තව පියවරක් ඉස්සරහට ගියොත් ඒ කාර් එක කෙලින්ම ඇවිත් ජිමින්ගේ වදිනවා කියලා.

"ජිමින්....!නෑ....!!යන්න එපා...!!!නවතින්න......!!!!ජිමින්.............!!!!!!!!!!! "

ඒත් එක්කම ජිමින් ජන්කුක් හිතපු විදිහටම තවත් පියවරක් ඉස්සරහට තිබ්බේ සිද්ද වෙන්න යන දේ ගැන කිසිම අදහසක් නැතිව.

ඒ මොහොතේදි තමන්ට ගන්න පුලුවන් හොදම තීරණය ගත්තු ජන්කුක් වේගයෙන් ඉස්සරහට දුවගෙන ගිහින් කහ ඉරේ අවසානයට පියවර කීපයක් ඈතින් උන්නු ජිමින්ව එහා පැත්තට තල්ලු කලේ ජිමින් පොලොව උඩ ඇදගෙන වැටෙද්දි.

මේ හැමදේම සිද්ද වුනේ විනාඩියකටත් වඩා අඩු කාලයක් ඇතුලත.....

වුනේ මොකක්ද කියලා හිතාගන්න බැරිව වැටිලා උන්නු ජිමින්ගේ ඇස් බයෙන් ලොකු වුනේ ඒත් එක්කම ඇහුනු විශාල ශබ්දය නිසා.තමන්ගේ පිටිපස්සෙන් ඇහුනු වාහනයක් බ්‍රේක් කරන සද්දයත් එක්ක කලින් ඇහුනේ ඒ වාහනේට කවුරු හරි හැප්පෙන සද්දයක් කියලා තේරුම් ගන්න ජිමින්ට අමාරු වුනේ නෑ..

_______________________________________

579 Words

-RMP_ Moon-

Bạn đang đọc truyện trên: AzTruyen.Top