9. ☘ ඒ ඇස්

ජන්කුක් නෝන්ඩි නැතුව නැගිට්ටා.

ලැජ්ජාව නිසා ආපු තරහට වී දිහාවට පැන්නේ අතත් මිට මොලෝ ගෙනයි. වී අඩියක් පිටිපස්සට තියලා ජන්කුක්ගේ නලලට ඇගිල්ලෙන් ඇන්නා.  ජන්කුක් ගල් ගැහිලා වගේ ඇස් දෙකත් ලොකු කරගෙන නල්ලේ තියෙන ඇගිල්ල දිහා බලන් හිටියා හරියට ඒ ඇගිල්ල එයාව නැවැත්තුවේ කෝමද අහන්න වගේ.

    " සර් වැඩ පටන් ගමුද...?😏"

  "මො..මොකක්... ගන්නවා ඔය අත මගෙන් අහකට...😑"

  ජන්කුක් වීගේ අතට පාරක් ගහලා අහකට හැරුනා.  එහෙම ගහන්න පැන්නේ ඇයි කියලා ජන්කුක් එයාගෙන්ම ප්‍රශ්න කලා. ඒක මහ මෝඩ වැඩක් නේද කියලා ජන්කුක්ට හිතුනා. ජන්කුක් මොකුත් උන්නෑ වගේ හැසිරුනා. ඇහැ කොනෙන් වී දිහා බලපු ජන්කුක් උගුර පාදලා

  " අහ්ම්... අහ්ම්... හ්ම්... "

නිකන්ම හ්ම් සද්දයක් දාලා මොකුත් නොකියම ගිහින් එයාගේ තැනෙන් ඉද ගත්තා. ජන්කුක් ඉදගන්නකල් බලන් හිටපු වී රොබෝ කෙනෙක් වගේ මුලු ඔෆිස් එක දිහාම ඔලුව කරකෝ කරකෝ බැලුවා.
   හුරු නැති පරිසරයක් නිසා වීට හරි අපහසුවක් දැනුනා. මොනාද කරන්න ඔනේ කියලා ජිමින් හැමදේම වීට කියලා දීලා තිබුනා. ඒත් ඉදගන්න ඔනේ කියලා කිව්වේ නෑනේ.

  වී මුලු දවසෙම එක එක ඒවා නිසා ජමින්ගේ පාඩම් මතක් කරගත්තා. උදේ ජිමින් එනකම් ජිමින්ගේ ඔෆිස් එකේ ඉද්දී හැමදිස්සෙම වීව බලන්න රූම් එකට එබුනු කෙල්ලෝ වීට පැනි හලන්න පටන් ගත්තා. මෙලෝ දෙයක් තේරෙන්නැති වී දත් ටිකම දාලා අත වනන්න යද්දිම ජිමින් කියපුවා මතක් වෙලා හිනාව කපාගෙන බිම බලා ගත්තා. බලන් ගියහම, පේන්නේ හරියට ජිමින් වීව රොබෝ කෙනෙක් වගේ වයින් කරලා වගෙයි.
වී ඇත්තට හැසිරුනේ රොබෝ කෙනෙක් වගෙයි. ඇවිදින විදිහ වැඩ කරන විදිහ. හිතට අරගෙන ඇවිදින්න කියලා ජිමින් කියලා දෙද්දී වී බයිසිකල් හැඩල් එකක් ගිලලා වගෙයි මුලදී ඇවිද්දේ. පස්සේ රොබෝ කෙනෙක් වගේ. කලින්ට වඩා ඒක හොද නිසා ජිමින් ඔලුවට අත ගහගෙන වීට ඉගැන්නුවා.

   
             වී තාමත් හිටපු තැනම හිටගෙන බලන් ඉන්නවා. ජන්කුක් ඇහිබමකුත් උස්සගෙන ලැප් එක උඩින් වී දිහා හොරාට බලාගෙන කල්පනා කරනවා.

  * jungkook p.o.v. *

   මේ මනුස්සයා හරි අමුතුයි..
බලන්න එපැයි ඇවිදපු විදිහ... 😂ආශ්... මාර ලැජ්ජාව හැබැයි...😒 මගේ ඉලාඇටේද මන්දා වැදුනා... තාම රිදෙනවා. පොඩි නොන්ඩියකුත් ගැහුවා... දැක්කද දන්නෑ... මේ මනුස්සයා මගේ කාඩ් එකම කුඩු කරලා දැම්මා... ඊඊඊඊඉ....😑 මන් මේම කාටවත් නෝන්ඩිවෙලා නෑ.... ආශ්... මට එන කේන්තියක්... බලගමුකෝ ඔයා ඉන්නේ මගේ යටතෙනේ... මන් කියන දේ නොකර ඉන්නේ කොහොමද තමුන් හහ්.... 😏

   මේ මනුස්සයා තාමත් හිටගෙනම ඉන්නේ ඇයි...? මෙයා නිකන් දොර ලග හිටන් ඉන්නේ සිකුර්ටි එකෙන් වගෙයි. ආශ් මේම හිටන් ඉද්දී මට මෙයාව පේනවා වැඩී.. මට හරියට වැඩක් කරගන්නත් නෑ... ආශ්.. ඇයි ඉද ගන්නේ නැත්තේ...

  මම උගුර පාදලා එයාගේ මේසේ දිහා බලුවා. ඇහැ කොනෙන් මන් ආයි  එයා දිහා බලලා ආයි මගේ වැඩ කරගෙන ගියා. ම්ම්ම්ම්ම් එයා මේසේ දැක්කා.. දැන්වත් ගිහින් ඉදගන්නවා... 😒

ආශ්......... මන් ඉන්දෝනකල්ද බලන් ඉන්නේ මේකා...😑

  " තමු..."

මන් කතා කරන්න යද්දිම ජිමින් හෙයොන් ආවා. අරයා හිටන් ඉන්නවා දැකලා ජිමින් හෙයොන් එයා ලගට ගිහින් කරට අත දාගෙන මට හිනාවෙලා අරයගේ මේසේ දිහාවට එක්කන් ගියා.

" මේක ඔයාගේ තැන... මෙතන තමයි ඔයාට දැන් ඉන්න වෙන්නේ... "

එච්චරයි මට කියනවා ඇහුනේ. තව මොනාදෝ කනට ලන්වෙලත් කිව්වා.

  " මේහ් එයා එක්ක වලි දාගන්නෙපා..."

ජිමින් හෙයොන් රහසින් කියනවා මට ඇහුනා.

  " මහා... දුස්ටයෙක්...😡"

ආශ් මේකා මටද දුශ්ටයා කිව්වේ. කවුද දුස්ට.... මන් අත මිට මොලවගෙන ඔරවලා එයා දිහා බැලුවා. එයාත් ඒ පාර මට ඔරවනවා. ආම්මේ නහයෙනුයි, කන් දෙකෙනුයි දුම් දානවත් එක්ක. ඒපාර නහයත් උස්සගෙන කටත් හදාගෙන මට ඔරවන ලස්සන... 😄

මේ මොකද මේ...😶

මගේ මූනට කොහෙන්දෝ ආපු හිනාවක් නිසා තිබ්බ තරහාත් නැති වෙලා ගියා. ඇත්තටම එයා හුරතල්. ජිමින් හෙයොන් එයාට කතා කරන්නේ පොඩි ලමයෙක්ට වගෙයි. බලන්න එපැයි එයාත් කටත් උල් කරගෙන ජිමින් හෙයොන් එක්ක හුරතල් වෙන හැටි. මේක කීයටද ඉවර වෙන්නෙ...🤨 ජිමින් හෙයොන් දාගෙන මෙකාව හුරතල් කරනවනේ..😐 කීයටද දන්නෑ නවත්තන්නේ මේක... ආශ්..
මට වැඩ කරගන්නත් මේ සද්දෙට... ආශ්...😒

  " ආහ් ජන්කුක්... මන් ආවේ මේක දෙන්න... ☺️මේ ෆයිල් එක හුගාක් වැදගත් එකක්... හෙට උදේ වෙද්දී ඕක ලෑස්ති කරලා තියන්න ඔනේ.. හෙට කලයන් මීටින් එකක් තියෙනවා.. එකට ඔය ටික චෙක් කරලා හරියට හදන්න ඔනේ.."

ජිමින් හෙයොන් මට ෆයිල් එක දීලා අරයා දිහාවට හැරිලා

" වී ඔයාගේ වැඩ ටික හොදට කරගෙන යන්න.. 🤗මොකක් හරි ඔනේ නම් මා.."

  " ඔයා මෙතනද... මන් කිව්වනේ ඕක මිස් යූරීට ගිහින් දෙන්න කියන්න කියලා... 🤨"

   එකපාරටම  ලොකු හෙයොන් කොහෙන්දෝ මන්ද කඩන් පැන්නා. ජිමින් හෙයොන් හොල්මනක් දැකලා වගෙයි උඩ ගියේ.

  " මියන්හේ....🙄 මට වීව බලන්න ඔනේ උනා.. එකයි...ම.."

  " වැඩ කරන වෙලාවට එහෙම කාවවත් හම්බෙන්න බෑ... 🤨හරි ඕක දුන්නනේ දැම් යන්න ඔෆිස් එකට..."

  " ඒ..ත්...😐"

" මන් කිව්වානේ...🤨"

හපොයි... හෙයොන්ට හොදටම කේන්ති ගිහින්... මගේ කටත් ඇරුනා එයාගේ වලස් මූන දැකලා... හහ්... ජිමින් හෙයොන් ඔයාටනම් මගේ හෙයොන් එක්ක අද විසුමක් වෙන්නෑ.. අපේ හෙයොන් දෙයක් අල්ල ගත්තා කියන්නේ.. ඔයාව ත අරින එකක් නෑ..

  ජිමින් හෙයොන් බිම බලාගෙන යන්න ගියා. ලොකු හෙයොන් මගේ මේසේ ලගට ආවාම මායි අරයයි දෙන්නම නැගිටලා හෙයොන්ට ආචාර කලා. හෙයොන් මට ඔලුව වනලා වැඩ කරන්න යන්න කිව්වා. ඒත් එක්කම හෙයොන් අරයා දිහා බලුවේ හරි අමුතු විදිහට.
  එරෙව්වද මන්දා.. 🤔
මේ බලපල්ලකෝ අරයා හෙයොන්ට දත්ටිකම පෙන්නලා හිනාවෙනවා...😐 හෙයොන් දාන් හිටපු බැල්මම දාගෙන අනිත් පැත්ත හැරිලා යන්න ගියා.

ඒ මොකක්ද ඒ උනේ... 🤔 ආහ් හරිනේ... ජිමින් හෙයොනුයි මෙයයි... එකට ඉන්නවා දැකලා හෙයොන්ට ජෙල.... උහ්.... 🤭
ආශ්... 😐 අරයා  මට පිස්සු කියලා හිතයි මන් තනියෙන් හිනා වෙද්දී...🤐

උගුර පාදලා නෝන්ඩි නැතුව මන් ආයෙත් වැඩ කරගෙන ගියා.

ආශ්.. මේ මගුල කෝමද හදන්නේ..
මේක මෙතන්ට... ආශ්.. නෑ... මේක වැරදී නේද.... අයියෝ... මේක නිකන් මැල්ලුවමක් වගේ.. කන්න හිතෙනවා මේක අනලා මට... ආශ්...😑

ඇතියාන්තන් ඒක ඉවරයි...
      ඔයේ....😋
        හෑ.... 😕මෙ...මේ... මන් මේක කලින් දැක්කේ නෑනේ... දෙයියනේ මේකේ කොල 100යකට වඩා තියෙනවනේ... කොහෙද මේවා තිබ්බේ... අනේ දෙයියනේ... මේක විතරයි කියලනේ මන් හිතුවේ.. පැය භාගයක්ම ගියා මේක මට හදන්න... 😕 ඇඩෙන්න වගේ දැන්නම්...
මන් කොහොමද මේක තනියෙම කරන්නේ.... මගේ පන යයි මේක කරලා ඉවරවෙද්දී..
හෙට උදේ වෙද්දී ඔනේ කිව්වත් එක්ක... ආශ්... 😕

     මොකද කියන්නේ.. 😐 කතා කරනවද...?🤔
ආශ් මට බෑ....😒
මොකද වෙන්නේ ඉතින් කතා කරා කියලා... 🙄
නිකන් උදව්වක් ඉල්ලනවා...😶
ඒ ඒ... ඔයාට තනියෙම මොකුත් කර ගන්න බෑ කියලා හිතයි... 😒
ඔන්නෑ... 😏

මොන විකාරයක්ද එයා මගේ යටතේ ඉන්න එක්කෙනා... මන් කියන දේ කරන්නෝනේ... මේක යකාගේ වැඩක්නේ.. 😑

"මේ.... මේක..."

ආශ්... මන් මොනාද අහන්නේ...😶

" වේ...🙄"

" මේක ඉවර කරලා දෙන්න ඔනේ හෙට උදේ වෙද්දී..😒 "

" ඕ ඉතිම්...🙄"

" මන් හිතන්නේ ඔයත්... මෙ..තන්ට ආවනම්.. ම..ට..."

" බෑ.. "

" මොකක්.. ඇහුන්නෑ..🤨"

" මට බෑ... "

" ආශ්... 😑 ඔයා කාටද කතා කරන්නේ දන්නවද..."

එයා එකපාරටම පුටුවෙන් නැගිටලා මොකක්දෝ ෆයිල් එකකුත් අරගෙන මන් ලගටම ඇවිල්ලා මගේ මූනට එබුනා. අම්මෝ එයා ඇයි මෙච්චර ලගට ආවේ...අම්මෝ... එයාගේ ඇස් දෙක.. ඒවා... එ..එ... ම..ම...මට මොනාද කරන්න ඔනේ කියලද අමතක උනා.

" ඔයා කිම් නම්ජුන් බොස්ගේ මල්ලී ජියොන් ජන්කුක්... "

මෙයා මට ඔරවනවද... ඇයි මෙයා මෙච්චර ලන් වෙන්නේ... අම්මෝ දුම් පිටවෙනවා... ඒ මදිවට දත් ටික පෙන්නගෙන අමුතු විදිහට මූනත් හදාගෙන....... මොකෝ මේ මාව කන්නද හදන්නේ මෙයා...😃 අම්මෝ ඒක... 😂

" මොකද හිනාවෙන්නේ..👿"

" ටිකක් ඈතට යන්න.. මට කතා කරන්න අමාරුයි...☹️"

එයා මගෙන් ඈත් වෙලා ඔලුව පැත්තට හරවලා සාක්කුවට අතක් දාගෙන අතේ තිබුනු ෆයිල් එක මේසේ උඩින් තිබ්බා.

" මට නමක් තියෙනවා... ඒ මේ කියන්නේ මගේ නම නෙමේ... මේ තියෙන්නේ..මගේ ෆයිල් එක... "

එහෙම කියාගෙන එකපාරටම අනික් පැත්ත හැරිලා යන්න ගියා.

පුහ්... එයාගේ ගෑස්...  🙄

ආශ්..😑 මන් කෝමද මේක නිකන් අත අරින්නේ...

" මේ අහනවා...😑"

  " වේ... වේ..වේ.................................... හා හා ඉදගන්න... ඔයාට තව පැය 12ක්වත් නෑ... "

   * no one p.o.v. *

වී ජන්කුක් දිහා ඇස් දෙකත් තඩි කරගෙන කෑ ගහලා ජන්කුක්ට එයාගේ වැඩේ මතක් කරලා ඉද ගත්තේ ජන්කුක්ට තව වචනයක්වත් කියන්න බැරිවෙන්නම කට වහලයි. පරාජය භාර ගත්ත ජන්කුක් අත මිට මොලවගෙන ඉද ගත්තේ රන්ඩු කරන්න ගියොත් තියෙන වෙලාවත් නාස්ති වෙනවා කියලා දන්න නිසයි. ජන්කුක් වී දිහා බලනවයි, ඔරවනයි, තරහෙන් පෑනෙන් කොලේ ඉරෙන්නම වැරදි හදනවයි තමයි මුලු රෑම කලේ..

  පාන්දර 2කටත් ලගයි. ජන්කුක්ගේ මේසේ උඩ කෝපි කෝප්ප 10කට වඩා තිබ්බා. ජන්කුක් බෝම අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන ඇස් ගගහා ඇස් ලොකු කර කර වැඩ කරනවා. තවත් ජන්කුක්ට ඇස් ඇරම් ඉන්න පුලුවන් වෙයි කියලනම් හිතන්න බෑ.  නිදි කිරා වැටෙනවා හොදටම.. ඇගිල් වලින් ඇස් දෙකත් ලොකු කර කර ජන්කුක් අමාරුවෙන් වැඩ කලා.

ඔහොම ඉදලා තවත් විනාඩි පහක් යන්න හම්බුන්නෑ ජන්කුක් මේසේ උඩ නිදි.

වීගේ වැඩ ටිකනම් ඉවරයි. එයා ලෑස්ති උනේ ගෙදර යන්නයි. කෝට් එකත් අතට ගත්ත වී යන්න හදදිම ඔෆිස් එකට ආපු මිස් යූරී

" වී සර්... ඔයා යන්නද හදන්නේ.."

" ඔව්.. යන්න හදන්නේ... වැඩ ටික ඉවරයි.."

  මිස් යූරීව නම්ජුන් වීගේ වැඩ වල උදව්වට පත් කරා. මිස් යූරී හුගක් පොඩි පාටයි. ඒ වගේම ලස්සනයි හරිම අහින්සකයි. ඉතින් නම්ජුන් හිතුවා වී එයාට කැමතිවෙයි කියලා.

  ඔය අතරේ ජිමින් හැදුවේ වැඩ ටික ඉවර නිසා වීත් එක්ක ගෙදර යන්න.

  " උදේ මීටින් එකේ ෆයිල්ස් ටික.. මේ තියෙන්නේ හෙට උදේ කලයන් මීටින් එකේ විස්තර.. මේ තියෙන්නේ කන්ට්‍රැක් ටික සර්ට සයින් කරන්න තියෙන.."

ජිමින් නම්ජුන්ගේ මේසේ උඩින් ෆයිල් ටික තියලා

  " මන් එහෙනම් ඕෆ් වෙන්නම් සර්..."

ජිමින්ගේ මූනනම් මැලවිලා. මොකක් හරි අවුලක් තියෙනවා ඒ මූනේ. ජිමින් අනිත් පැත්‍ත හැරුනේ යන්න හිතා ගෙනයි

" ඉන්න... මාත් යනවා... එකටම යමු.."

" මන්..වී එක්ක යන්නම්.. සර් යන්න.. "

ජිමින් කියාගෙන අඩියක් තියද්දිම නම්ජුන් ටක්ගාලා ජිමින්ගේ අතින් අල්ල ගත්තා.

" ඇයි මේ..."

ජිමින් හ්ම් සද්දයක් නෑ... නම්ජුන්ට පිටුපාලා බිම බලාගෙනම හිටියා.
ජිමින්ව ඇදලා අරන් අනික් පැත්ත හරව ගත්ත නම්ජුන් ජිමින්ගේ මූන බලන්න පාත් උනා. ජිමින් නම්ජුන්ට වඩා කොට නිසා නම්ජුන්ට ඉතින් නැවෙන්නම වෙනවා ජිමින්ගේ මූන බලන්න. ජමින් නම්ජුන්ගෙන් මූන හන්ගගෙන පත්තට හැරුනා. නම්ජුන් ජිමින්ගේ නිකටෙන් අලලා එයාගේ මූනට හරව ගත්තා. ජිමින් උඩ බිම බල බල නම්ජුන්ව මග ඇරියා. 

"මොකො මේ... "

" සර් මන් එන්නම්... සර් කියන දේ මන් කරන්න ඔනනේ... "

" ජිමින්.."

ජිමින් බිම බලාගෙනම හිටියා.

" ඔයා දැන් ඔහොම ඉන්න හේතුව මට කියන්න.. නැත්තන් ඔයාට යන්න දෙන්නේ නෑ.."

" එහෙම එකක් නෑ සර්... මන් හොදින්... මන් යන්නම්.."

ජිමින් නම්ජුන්ගෙන් ඈත් වෙලා අනික් පැත්ත හැරුනා. ජිමින්ගේ ඉනෙන් අල්ලපු නම්ජුන් ජිමින්ව ඇදලා අරගෙන කනට ලන් උනා

" මොකුත් නැත්තන් ඔහොම මූන දෙක කරගෙන ඉදීද.. මා දිහා බලලා වචනයක් කතා කලෙත් නෑ.... ඔයා ඇයි මට දැන් මෙහෙම කරන්නේ.. දන්නවද... මම..."

____________________________________

Hi gyz 🙄

  පරක්කු කරනවට සමාවෙන්න.. 😣

අද ජිමිනා v live ආවා නේද.. 😋 හරි හැපී මට...

කෙටි කතා ඉල්ලන අය ටිකක් ඉවසන්න.. මම ටෙගී එකක් ලියනවා එක්කෙනෙක් ඉන්නවා දැන් දවස් ගානක ඉදන් ටෙගී ඉල්ලනවා.. ඒක දෙන්නම්... හුදේ.. 😋

Enjoy 🤗
Ishki...

Bạn đang đọc truyện trên: AzTruyen.Top