6. ☘ පලමු හමුව

  " මොනාද කරන්නේ....බොස් බලන් ඉන්නේ දැන් කොච්චර වෙලාවක ඉදලද.... ඉක්මන් කරනවා...🤨"

          " ජෙකෝ ඔයිටවඩා මිනිස්සුන්ට ගරු කරලා කතා කරන්න ඉගෙන ගන්න වෙයි... ඔය සර්ට නගින්න         "  දොර අරින්න..."

        " අ..අ.. මියානේ බොස්... මන්.... කරන්නම්... "

කා එකේ ශටර් එකෙන් අත දාලා ඩයිවින් ශීට් එකේ හිටපු කෙනා ජිමින්ට නගින්න කියලා කෑ ගැහුවත් පිටිපස්සේ හිටපු කෙනා ඒක වැලැක්කුවා. බොස් කියන මේ කෙනාට ඔලුව නවාගෙන කා එකෙන් බැස්ස කෙනා පිටිපස්සේ දොර ඇරලා අර බොස් කියන කෙනා ලගින්ම ඉදගන්න අත දික්කරලා සංඥා කලා.  ජිමින් කා එක ලගට ඇවිත් නැවිලත් බැලුවා මේ බොස් කියන කෙනා කවුද කියලා.

   ජිමින් එක්ක නිකන් හරි තරහක් තියෙන්නේ සී ඊ ඕ ටනේ. එයා එන්නේ නැතුව වෙන කෙනෙක්ව එවලා තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ ජිමින්ට ආවා. කා එක ඇතුලේ පුදුම කලුවරක්නේ තියෙන්නේ. තාමත් ජිමින්ට ඉන්න කෙනාව හරියට බලාගන්න ලැබෙන්නෙම නැති පාටයි.

දොර ඇරම් හිටපු කෙනා ජිමින්ගේ උරහිසට පොඩි තට්ටුවක් දැම්මම ජිමින් ඇස් ලොකු කරන් බයෙන් බයෙන් කා එකට නැග්ගා. ඒත් එක්කම කා එකේ දොර වැහුනා. ජිමින් ගැස්සුනු පාර ෂටර් එකේ ඔලුවත් වැදුනා. ඔලුව අල්ලගෙන එහා පැත්තේ ශීට් එකේ අදුර අතරින් පේන කෙනා දිහා බලන් හිටියා. ඒ කෙනා එකපාරටම ජිමින් ලගට ලන් උනා

   " මියානේ මියානේ... අනේ මන් එදා වෙන සිහියක හිටියේ.. මට සමාවෙන්න... ඔබතුමාට එදා හැමෝම ඉස්සරහා මම අගෞරව කලානම් මට සමාවෙන්න....."

  " කට......🤫"

  ජිමින්ගේ මූන ලගටම ලන් උනු ඒ කෙනා ජිමින්ට තවත් වචනයක්වත් කියන්න දුන්නෑ. ඒත් එක්කම ඒ කෙනාගේ මූනට එලියක් වැටුනා. ජිමින්ගේ ඇස් පුදුමෙනුත් පුදුමවෙලා කටත් ඇරුනා. ජිමින්ගේ පපුව ගැහෙනවා හරියට පුපුරන්න ඔන්න මෙන්න තියෙන බෝම්බයක් වගේ.

  " න...න...ම්ජුන්..... ස...ර්..ර්...😨"

" ඔලුව වැදුනා නේද...රිදුනද..."

" ම්..ම්...මියාන්...නේ....😨"

" ආහ්.... දැන් මොන එහෙකටද සමාව ගන්නේ... "

  " ම්...අ...ම....න්.... ද..න්...නෑ.....😨 "

  " ඇයි මේ හොල්මනක් දැකලා වගේ... ඔයා මට බය උනාද... ඔහ්... මියානේ... මන් ඈත් වෙන්නම්... මන් හිතුවා ඔයාට රිදුනා කියලා..."

  නම්ජුන්..
ජිමින්ගේ ලෝකේ අයිඩොල්...
ඔන්න දැන් එයා ජිමින් ලගටම ඇවිල්ලා. 
ජිමින් ගැන නම්ජුන් හොදට දන්නවා.
නම්ජුන්ට මීට කලින් ජිමින්ව හම්බෙලා තියෙනවා. නිකන් නෙවේ නම්ජුන්ව බේරගන්න ගිහින් නූලෙන් ජීවිතේ බේරගෙන.

  

  ........................🕕⏳🕠.........................

               අවුරුදු 2කකට පෙර...

සිද්දිය

       මහ දවල් 2ට විතර
      @හදිසි අනතුරු ඒකකය

   නම්ජුන්ගේ මුලු ඇගේම ලේ.. ඒ වෙන කෙනෙක්ගේ...
නම්ජුන්ගේ පොඩි තුවාලයක් පපුවේ තිබුනා. නර්ස්ලා වටවෙලා ඒ තුවාලේට බෙහෙත් කලේ නිකන් හදවතත් එලියට පැනපු තුවාලයකට බෙහෙත් දානවා වගෙයි.

    " බොස් ඒ කෙනාට බරපතල අමාරුවක් නෑ. ඒත් තාම සිහිය ඇවිත් නෑ. දවස් දෙකකින් වෝඩ් එකට දාන්න පුලුවන් කිව්වා. එයාට පොඩි ඔපරේෂන් එකක් කරන්න තියෙනවාලු. ."

  " අහ් ශිට්... ඇයි ඒ කොල්ලා මාව බේර ගන්න පැන්නේ... මන් දැක්කා වාහනේ මගේ පැත්තට එනවා. එකයි මන් ඉක්මන්ට පැන ගන්න හැදුවේ. කොහෙද ඉතින් මේ කොල්ලා... ආශ්... එයාට මොකුත් වෙන්න දෙන්න බෑ... හැම වියදමක්ම මන් දරන්නම්.... "

......................⏳........................

           අනතුර සිද්ද වෙන්න විනාඩි පහකට කලින්..

නම්ජුන් කා එකට හේත්තුවෙලා ෆෝන් එකත් ඔබ ඔබ බලන් හිටියේ එයාගේ මල්ලී ජන්කුක් එනකල්. පලවන වසරේ ඉගෙන ගන්න ජන්කුක්ව හැමදාම නම්ජුන් තමයි එක්කන් යන්නේ. කොච්චර සේවකයෝ හිටියත් නම්ජුන් තමයි ජන්කුක්ගේ හැම දෙයක්ම කලේ. 
ඔය අතරේ නම්ජුන් හිටිය දිහාවට බ්‍රේක් නැති වාහනයක් වේගෙන් ආවා. ඈත තියාම නම්ජුන්ට දැනුනා මොකක්රි වෙනවා කියලා.   ඔලුව උස්සලා බලද්දී කා එක කැරකි කැරකි නම්ජුන් දිහාවටම එනවා. ඉක්මන්ට අනික් පැත්තට පයින්න ගියපු නම්ජුන්ගේ ඇගට පැන්න ජිමින් නම්ජුන්ව කා පාක් එක පිටිපස්සට තල්ලු කලා. ජිමින් හැදුවේ නම්ජුන්ව බේරගන්න. ඒ තප්පරේට වේගෙන් ආපු කා එකේ ජිමින්ව වැදුනා. නම්ජුන්ව තල්ලු කරපු පාර බිම තිබුනු යකඩ කූරකට පපුව හිරූනා.

ඈත ඉදන්ම වෙච්ච දේ දැක්ක ජන්කුක් බයෙන් කෑ ගහගෙන නම්ජුන් ලගට දුවන් එද්දී වෙන්න ඔනේ දේවල් වෙලා ඉවරයි. ඒත් නම්ජුන්ට කිසිම ප්‍රශ්නයක් නෑ.

    ....................⏳....................

ජිමින්ට තාමත් සිහිය නෑ. නම්ජුන් බලන් හිටියේ ජිමින්ට සිහිය එනකල්. දැන් හොදට හවස් වෙලා. නම්ජුන් ජන්කුකාව බලෙන්ම ගෙදර යැව්වා. ඒ අස්සේ නම්ජුන්ට ඔෆිස් එකෙන් කෝල්ස් එනවා. නම්ජුන්ට මීටින්ස් කීපයක්ම මිස් උනා.

ඒ ඔක්කොම පැත්තකට දාලා ජිමින්ට සිහිය එනකල්ම හිටියා. ෆෝන් එක හෝ ගාලා රින්ග් වෙනවා. අන්තිමට නම්ජුන් කෝල් එක ආන්ස්වර් කලා.  අවුරුදු 5ක ඩීල් එකක් අද තමයි ඉවර වෙන්නේ. ඒක අනිවාරෙන් අදම සයින් කරන්න ඔනේ. නැත්තම් අවුරුදු පහක් එයාගේ සේවකයෝ මහන්සිවෙලා වැඩ කරපු එක වතුරේ යනවා. ආපු කේන්තියට අතේ තිබ්බ ෆෝන් එක කෑලි වෙන්නම පොලේ ගහලා කුඩු කලා. වටේ හිටපු බොඩිගාඩ්ස්ලා හොදටම බයවෙලා.

ටිකක්වෙලා ගිහින් හොද හුස්මක් ගත්ත නම්ජුන් එතන බොඩිගාඩ් කෙනෙක්ගේ සාක්කුවෙන් ෆෝන් එකක් අරගෙන කට්ටියත් එක්කම යන්න ගියා. නම්ජුන් ජිමින් ගැන බලන්න කීප දෙනෙක්වම එතනට තියලා ‍යන්න අමතක කලෙත් නෑ.

කෝමින් කෝම හරි නම්ජුන්ට වැඩ අස්සේ ජිමින්ව බලන්න යන්න බැරි උනා. දවස් දෙකක්ම නම්ජුන් වැඩ අස්සේ හිර උනා.

  ජිමින්ට සිහිය ඇවිල්ලා.
වෝඩ් එකටත් දැම්මා.
ජිමින් හරිම සතුටෙන් හිටියේ එයා නම්ජුන්ව බේර ගත්තා කිව්වම. ජිමින් බලන් හිටියා නම්ජුන් ඇවිල්ලා එයාට කතා කරයි කියලා. ඒත් නම්ජුන් ආවේ නෑ. අන්තිමට ඔපරේශන් එකෙන් පස්සේ ජිමින්ට ගෙදර යන්නත් පුලුවන් උනා. ජිමින්ව බලාගන්න දාපු මිනිස්සු ජිමින් හොස්පිටල් එකෙන් එලියට යනවා දන්නෙත් නෑ. ජිමින් ඩොක්ටවත් හම්බෙලා ඒ පාරෙන්ම යන්න ගියා මිසක් ආපහු වෝඩ් එකට ආවේ නෑ.  ජිමින් ගියපු දිහාවක්වත් එයාලා දන්නේ නෑ.

   නම්ජුන්ට පිස්සු වගේ. එයා නිසා මැරෙන්න ගියපු කෙනාව බලන්න යන්නවත් එයාට වෙලාවක් නෑ. එකක් ඉවර වෙද්දී තව එකක්.

මහ රෑවෙලත් නම්ජුන් ෆයිල්ස් ගොඩ ගහගෙන වැඩ. දැන්නම් රතු කට්ට පයින්න ඔන්න මෙන්න.

අන්තිමට රතුපට්ට පැනපු නම්ජුන් මේසේ උඩ තිබ්බ ලැප් එකේ ඉදන් ඔක්කොම බඩු මුට්ටු ටික බිමට ඇදලා දැම්මා ආපු කේන්තියට. කෝට් එක අතට අර ගත්ත නම්ජුන් එවෙලෙම හොස්පිටල් එකට යන්න ගියා.

  ඒ යනකොට වෝඩ් එකේ හිටපු මිනිස්සු හිටපු විදිහටම හිටගෙන ඉන්නවා. නම්ජුන්ව දැක්ක ගමන් එයාලා ආචාර කරා. නම්ජුන් කා දිහාවත් නොබලා ජිමින් හිටපු රූම් එකට ඇතුල් උනා.
ඇතුලේ කවුරුතම නෑ. 

  " කෝ......... කෝ එයා......"

  නම්ජුන් සද්දෙන් අහද්දී එලියේ හිටපු මිනිස්සු ඇතුල්ට ආවා. කාමරේ කවුරුත් නෑ කියලා එයාලා දන්නෙත් දැනුයි.

  " මො..මොකක්... එ..එ..යා... හිටි...යා..."

  " ආහ්... නම්ජුන් සර්.... ඔයා මොකද මෙහෙ කරන්නේ... ආහ්... නම්ජුන් සර් නේද ඒ ඇක්සිඩන්ට් උන කෙනාව ගෙනාවේ...  එයා අද හවසමයි ගියේ... එයාට දැන් සනීපයි.. ඔපරේෂන් එක සාර්තකයි... "

රූම් එකට ආව ඩොක්ට නම්ජුන්ව දැකලා කතා කරා. නම්ජුන්ගේ අත මිට මෙල වුනා. ලගම හිටපු මිනිහගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තදකරපු නම්ජුන්  තරහෙන්

    " තමුසෙට නේද මම එයාව භාර දුන්නේ.... 😡තමුසෙට ඒකවත් හරියට කරගන්න බැරි උනාද... එයා යනකල් උබ මෙතන්ට වෙලා මොනාද කරේ මිනිහෝ.....🤬"

නම්ජුන් ඒ මිනිහගේ ඔලුව බිත්තියේ වැද්දන ගමන් කේන්තියෙන් කෑ ගැහුවා. නම්ජුන්ගේ මිනිස්සු ටික බයවෙලා ඔලුව පාත් කරගෙනම හිටියා. ඔය අතරේ හොදටම හීන් දාඩිය දාපු ඩොක්ට හැදුවේ හිමීට මාරුවෙලා යන්න.

  ඒත් එක්කම නම්ජුන්

  " මට කියනවා එයා කොහේටද ගියේ...  කියනවා ඒ කොල්ලගේ නම මොකක්ද.. ඉන්නේ කොහෙද.. දැන්ම යමු..."

" ඔ..මෙ..මේ... ජිමින්... පාක් ජිමින්... එයා ඉන්න තැනක් ගැන විස්තර ගන්න බැරි උනා. භාරකාරයට සර්ගේගේ විස්තර දැම්මේ.. ඉතින් පේශන්ගේ විස්තරවලටත් දැම්මේ ඒ ටිකමයි.. මි..මියානේ...."

    ......................🕠⏳🕕......................

එදායින් පස්සේ නම්ජුන් ජිමින්ව කොච්චර හොයන්න ඇද්ද. වැඩ පාඩු කරන් නගරෙන් නගරේ පීරුවා.  හම්බුනේ නෑ. ඒත් ජිමින් ඉදලා තියෙන්නේ නම්ජුන් ලගමයි. ජිමින් රෙස්ටුරන්ට් එකේ දවසෙම වැඩ.. ඒ අතරේ කිම් කම්පැනි එකට ඕඩස් අරන් යනවා. ලොකු ඕඩස් ජිමින්මයි අරන් ගියේ. ඒත් නම්ජුන්ට ජිමින්ව හම්බෙලා නෑ මෙච්චර ලගටම ඇවිල්ලත්. නම්ජුන් ජිමින්ව හෙව්වෙත් වෙන වෙන තැන්වල නිසා ලගම ඉන්න ජිමින්ව පෙවුනේ නෑ.

  
         දවසක් අහම්බෙන් ඒකත් උපන්දින තෑග්ගක් වගේ ජිමින්ව දැක්කා. ( surprise🎉️)

      එදා ජිමින්ව දැක්කට පස්සේ  නම්ජුන් කෙලින්ම ජිමින් පස්සෙන්ම ගියා.

ජිමින්ගේ බොස්ට කතා කරලා නිවාඩුවක් අරන් දීලා කම්පැනී එකේ සී ඊ ඕ වත් අස් කරලා දැම්ම. නම්ජුන් ජිමින් ගැන මෙහෙම හොයලා බලන නිසා කපටි කමට බොස් ජිමින්ගේ පඩි වැඩි කලා. ජිමින් බැරි වෙලාවත්  වැඩ කරන තරමට හම්බෙන්නේ අඩු පඩියයි කිව්වොත් කියලා, දෙන්න පුලුවන් උපරිම පඩියක් ජිමින්ට දෙනවා.

          

     * jimin p.o.v. *

මට හුස්ම ගන්න බෑ වගේ...
අනේ මන් මේ දකින්නේ හීනයක්ද...

  ආශ් එයා හරිම හැන්ඩ්සම්... 🙄
අහක බලා ගන්නවා මෝඩ ජිමින්...
අනේ ලැජ්ජාවේ බෑ... 😖

නම්ජුන් හෙයොන් මට එයත් එක්ක ඇවිදින්න යන්න එන්න කියලා කියද්දී මට දැනුනේ මගේ හදවතත් එක්කම නතර උනා වගේ.

   එයා මගේ ඉස්සරහින් වටේ පිට බල බල ඇවිදිනවා. කීපපාරක්ම පිටිපස්ස හැරිලා මන් එනවද කියලත් බැලුවා. ඒ බැල්මම ඇති මාව දිය වෙන්න.. 😖 මන් හිතන්නේ දැන් මන් බූතයෙක්... මන් මැරිලා... මාව සීතල වෙලත් එක්ක.. ආශ් ඇත්තටම මන් මැරිලද.. 😳

  " ආව්...😫."

" වේ... වේ.. ඇයි ඒ ඔයා එහෙම කර ගත්තේ...😧"

ආශ් එයා ඇයි ඒ වෙලේම පිටිපස්ස බැලුවේ. මන් කොනිත්ත ගත්තේ මන් මැරිලද කියලා බලන්නනේ.. 😖එයා ඒක දැක්කා.. දැන්නම් ඉදලා වැඩක් නෑ...

අනේ... අනේ... එයා මගේ අත ඇල්ලුවා... 😳

මගේ අහිංසක හදොවත දැන්නම් පුපුරයි.. 😐

  " ආහ්ම්...ඒක නෙවෙයි... අර... රෙස්ටුරන්ට් එකේ හිටියේ කවුද..."

" ම්...මො..කක්...ක..කවුද...?.."

" ජිහේද ජායෝද.. කවුද... "

" ආහ්.... ඒ...මගේ නන්ගි කෙනෙක් සර්... එයා මගේ නන්ගි කෙනෙක්... "

  " අනිත් කෙනා... "

" එයා මගේ ගෙදර ඉන්න කෙනා.. "

" ගෙදර තනියෙම ඔයත් එක්ක........ එයා ලගම යාලුවෙක්ද... එයාට කෙල්ලෙක් ඉන්නවද... එයාට නවතින්න වෙන තැනක් නැද්ද.. ඔම්මා අප්පා කොහෙද.."

" නැහ් කවුරුත් නෑ.. එයාට ඉන්නේ මන් විතරයි... එයා මගේ...යාලු."

   "යාලුවෙක්ද.. ආහ් හරි... එකෙන් වැඩක් නෑ... මෙයාට ඕක දෙන්න.."

ප්‍රශ්න ගොඩක් අහලා එයාම මැද්දෙන් නවත්තලා පිටිපස්සෙන් ආපු කෙනාගෙන් ඉල්ලලා මට මොකක්දෝ ෆයිල් එකක්  දුන්නා.

මට කියවන්න කියලා එයා ඉස්සරහා බලා ගත්තා. ඇතියාන්තන් දැන්නම් මට හුස්ම ගන්න පුලුවන්.  මන් හුස්මගත්තෙත් හරි බයෙන්... 😖

      Mr jimin

                Kim companyහී c e oව සිටි හෝක් මහතා පසුගිය 12 වෙනිදා තනතුරෙන් ඉවත් කරනු ලැබුවා. මෙයට වගකිවයුත්තා උබ නිසා අප ආයතනයේ නිලදාරීන්  එම තනතුරේ පාඩුව පුරවීම සදහා ඔබව පත් කර ඇත...............(බ්ලා බ්ලා බ්ලා...)

    අනේ දෙවියනේ..... මේ මොකක්ද මේ..... මන් මන්.....

   * no one p.o.v. *

කෝම හරි නම්ජුන්ට ඔනේ උනා ජිමින්ට ස්තූතී කරන්න. ඒ වෙනුවෙන් එයා මේ දේ කරන්න හිතා ගත්තා. ඉතින් දැන් ජිමින් කිම් කම්පැනි එකේ සී ඊ ඕ.

ජිමින්ගේ ෆයිල් එක වැහුවේ ගැහෙන අතින්. වේලුනු තොල් දිවෙන් තෙත් කරන ගමන් නිකන්ම වගේ ජිමින්ට බැලුනේ නම්ජුන් දිහා. මේ මොකක්ද මේ කියලා අහන්න වගේ ජිමින්ගේ මූන හැදුනා. ඒත් ජිමින් දිහා බලන් ඉන්න නම්ජුන්ටනම් කිසිම ප්‍රශ්නයක් පෙවුනේ නෑ. නම්ජුන්ගේ ඇස් තිබ්බේ ජිමින්ගේ තෙත් උනු ‍රෝස තොල් ලග.

____________________________________

Hi gyz🤗

  මා එක්ක තරාවෙන්න එපෝ... මගේ ඇස ලග තඩි ගෙඩියක් දාලා අප්පා.. එක නිසා පෙන්නෙත් නෑ...
ඇත්තට හැමදාම මොකඛරි ලෙඩක් වැටෙනවනේ අප්පා.. 😫 මන් ලෙඩ වාට්ටුවක් ඇත්තමයි.. 😂
ගායිස් මේක වගේම මගේ yt channel  එකේ කතාවත් මන් පරක්කු කරනවා. හෙට හවසට හරි දාන්නම් ඒක. ඔන්න ඒකටත් මේ වගේම එකතුවෙන්න.

ආර් එම් අයියා චීනා එක්ක නඩු දාගත්තේ නෑනේ.. බය වෙන්න එපා ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා එහේ අපේ කොල්ලෝ ටික වෙනුවෙන්. උන් මොකුත් වෙන්න දෙන්නේ නෑ. ජිමිනාට වැඩ ඇති. ඔය ප්‍රශ්නද එයාලට ආවේ.... ඒත් එයාලා ලයිව් ඇවිත් තීනවා.. ඒක නිසා ටිකක් ඉවසමූ... 🎉️

Enjoy 💜️

Ishki..

Bạn đang đọc truyện trên: AzTruyen.Top