5. ☘ කලුවර
" මට කියන්න මට ඔනේ දේ මට ගෙනත් දෙන්න පුලුවන්ද ඔබට..."
" අමතකද ඔබ තමයි අදුරේ දේවතාවිය.. ඔබ අපට අණ කලොත් අපි අනිවාරෙන් ඒ දේ කරනවා... කියන්න ඔබට ඕන මොනාද..."
" කිම් වගේම ජියොන්ව..."
" ඔබගේ කැමැත්තට අප බැදී සිටිනවා දේවිය.. "
මූන් වගේම බ්ලැක් මැජික්කාරයෝ මේ වෙනකොටත් ලෑස්ති ජියොන්වත් කිම්වත් මරන්න.
මූන් පලිගන්නා වාරයක් පාසා මූන් තුලින් පිටවෙන ශක්තියෙන් බ්ලැක් මැජික් කරුවන් බලවතුන් වෙනවා.
බ්ලැක් මැජික් කරුවන් මායා ලෝකයක් නිර්මානය කලා.
මිනිස් ලොවට නොපෙනෙන මායාලොව හැන්ගලා තිබුනා.
මායාලොව කැඩපතක්.
පිටට පේන කැඩපතේ ජායාව නෙවෙයි ඇතුලින් පේන්නේ. කැඩපතට ඇතුල් වුන විට තමයි සැබෑම මායාලොව පෙනෙන්නේ.
පිටතින් පේන දේ සාමන්යයි.
මායා ලොව, මැජික් කරුවන් නිර්මානය කලේ මිනිස් ලොව තුලම කැඩපත් ඇතුලතයි. සාමන්‍ය මිනිසුන්ට ඇතුල්වෙන්න බැරි විශේෂ අයට ඇතුල්විය හැකි මායාලොව, අදුර රජ කරන නපුරු මායවන්ගෙන් පිරුනු තැනක්.
නරකම දේ,
මැජික් කරුවන්ට තව එක් අවස්තාවකට පමනයි මේ මූන්ව අවශ්‍ය. අදාල බලය ලැබුනම මැජික් කරුවන් මූන්ව අත අරිනවා. අදාල බලයෙන් ඔවුන්ට පුලුවන් වෙනවා මිනිස්ලොව නැත්තතටම නැති කරලා මායාලොව එලියට ගන්න.
මොවුන් මුලසිටම දැනම් හිටියා අනාගත වාක්‍ය ගැන. මූන්ව ඔවුන් නිර්මානය කලෙත් ඒ අනාගත වාක්යට අනුව ඔවුන්ගෙ ලෝකය නිර්මානය කර ගන්නයි. වැඩකට නැති කිසි බලයක් නැති මිනිස් වර්ගයාව තුරන් කරලා අදුරු මායාවන්ගෙන් පිරුනු ලෝකයක් තනන්න අනාගත වාක්යට අනුව වැඩ කලා. ඒත් ඔවුන් දැනම් හිටියේ එක කරුනයි. මේ නපුරත් එක්ක සටන් කරන්න කෙනෙක් එනවා කියලා එයාලා දැනම් හිටියේ නෑ.
මූන් කියන්නේ ඔවුන්ගේ නිර්මානයක්නම් කිම් කියන්නේ කවුද. කිම් ඉපදෙන්නේ වැරදීමකින් කියලයි මැජික් කරුවන් පස්සේ හොයාගත්තේ ගත්තේ.
නිවුන්දරු උපතක් ඔවුන්ට උවමනා උනේ නෑ. ඔවුන්ට උවමනා එක් බලවත් අදුරු මායවන්ගෙන් පිරුනු කෙනෙක් පමනයි. ඒත් නම්ජුන්ට බලයන් තිබුනේ නෑ. ඔහු සාමන්යයි. කිසි බලයක් නැති නිසා ඔහුව මැජික් කරුවන් ලන් කර ගත්තේ නෑ. කිම්වත් ජියොන්වත් රාජකීය සුනඛයන් විදිහට මැජික් කරුවන් සැලකුවා. මායාවන්වන්ට තැනක් රජකාලේ එයාලට ලැබුනෙ නැති නිසාත් ඔවුන්ගේ නෑ පරපුරම හිටපු අධිරජු විනාශකරපු නිසාත් බ්ලැක් මැජික් කරුවන්ට ඒ පලිය ගන්න ඔනේ උනා.
කිම්ගේ මව හිටියේ පිරිමි දරුවෙක් ලබන බලාපොරොත්තුවෙන්. රාජ්‍ය පාලනය ගෙන යන්න පිරිමි දරුවෙක් ඇයට ඔනේ උනා. ඇය මීට කලින් කවමදාකවත් ප්‍රාර්ථනා කරලා ඇය වෙනුවෙන් කිසිම දෙයක්. ඇය නොපෙනෙන මායවන්ට කන්නලව් කරා එදා රාත්‍රියේ කැලෑවට ඇතුල්වෙද්දී. මායවන්ගෙන් පිරිනු අදුරු කැලයේ වයසක ගස්වල පූජකයන්ගේ ආත්මයන් අරක් ගෙන හිටියා. ඇගේ කන්නලව්ව නිසා ඔවුන් ඇගේ උදරයට හාස්කමක් සිදුකරනවා.
නූනා කුසට ලැබෙන්නත් කලින් කිම් ඇගේ කුසේ ඒ වෙනකොටත් නිර්මානය වෙනවා. ඒ විදිහටයි කිම් නූනා නිවුන් දරුවන් විදිහට උප දින්නේ.
කිම් විශේශ කෙනෙක්,
බ්ලැක් මැජික් කරුවන් කියන්නේ අදුර,
කිම් ඉපදෙන්නේ කරුනාවන්ත සිතුවිල්ලක කන්නලව්වක් නිසාත් ඉපදෙන්නේ මැජික් වලින් නිසාත් කිම් සාමාන්‍ය නෑ. කිසිම බලයක් නැති උනත් ඔහුට පුලුවන් ඔනෙම කෙනෙක්ව මෙල්ල කරගන්න. ඔහුට දුර තියාම එන අනතුරුවල ඉව දැනෙනවා. මොකක්ම හරි නපුරක් වෙනවා කියලා කිම්ට දැනෙනවා නමුත් ඔහුට ඒ දේ හරියට පැහැදිලි කරගන්න අමාරුයි.
කිම්ට මේ හැකියාව ලැබෙන්නේ එක අතකින් මූන් අතින්ම මැරෙන්න ඔනේ කියන ඉරනම නිසා වෙන්නත් පුලුවන්. ආත්මගානකදී මූන් කිම් ලගට එන හැම වෙලාවකම කිම් මූන්ව අදුර ගත්තේ නෑ. මූන්ගේ මුලු ආත්මයම අනතුරක් නිසා කිම්ට මූන් ලග ඉද්දී තදින්ම පපුව රිදෙන්න ගන්නවා.
මූන් ඉපදෙන හැම ආතමයක්ම බ්ලැක් මැජික් කරුවන් ලගම ඉපදෙන නිසා ඇයට හැම ආත්මයකම සිදු උන දේවල් බ්ලැක් මැජිකකරුවන් ඇයට පෙන්නලා දුන්නා. ඇයට ඇගේ මතකයන් ලබා දුන්නා.
ඒත් කිම් ජියොන් ඔවුන්ට කිසි දෙයක් මතක නෑ. අලුත් ආත්මයක් අලුත් ජීවිතයක් විදිහටයි ඔවුන් හැම ආත්මයකම උපදින්නේ. මූන් ඒ දෙයින් ප්‍රයෝජන අරන් ඔවුන්ට ලන්වෙලා හොදින් රගපාලා අරිම ලේසියෙන් සාපයට එක් උනු කඩුව ඔවුන්ගේ පපු තුලට කිදාබස්සවනවා. ඇයට එය සිදුකරන්න හරිම ලේසී උනා. මොකද ඔවුන්ට කිසිම දෙයක් මතක නැති නිසා.
ඔවුන්ගේ ජීවිතය අකාලේ නැති කරනවා. ජියොන් හැම රැයකම දකින එකම එක හීනයක් තිබුනා. මැනික් වගේ දිලිසෙන ඇස් ජියොන් දිහා බලන් ඉන්නවා.
ඒ ඇස් එකපාරටම තනිකරම සුදුපාටින් දිලිසෙනවා. එකපාරටම හැමදේම අදුරුවෙලා යනවා,
අදුර අතරින් උස් කඩහඩක් ඒත් හුගාක් ආදරනීයය කටහඩකින
'සරන්ජහේ...'
එතනින් පස්සේ ජියොන් නිකන්ම ගැස්සිලා ඇහැරෙනවා.
ඒ ඔහු දකින්නේ පෙර නිමිත්තක්.
සුදු ඇස්, ඒ ඇවටා. ඇවටා කෙනෙක් කියන්නේ කවුද කියන්න ජන්කුක් දන්නේ නෑ. ඒත් ජියොන් අධිරජු දන්නවා. ජියොන් රජු ගේ හීනවල වීරයෙක් තමයි ඇවටා කියන්නේ. හුගාක් පොතපත කියෝලා ඇවටාවරු සාමය ගෙනාපු හැටිත් ලෝක විනාශවලින් මුදව ගත්ත හැටිත් ඔහු හොයා ගත්තා. ඔහුත් ආසකලා ඒ වගේ වෙන්න. ඒකයි ඔහු සාමය හැම රාජ්‍යකින්ම පැතුවේ.
ජියොන්.... ජියොන් කියන්නේ ඇවටා වරුන්ගේ නිදන්පොත්වල බලයන් පාවිච්චි කරන පූජකයන් හත් දෙනා එකතුවෙලා නිර්මානය කරපු කෙනා.
ජියොන්ගේ ආත්මය සම්බන්දයි ඇවටාවරුන් එක්ක. ඔහු ඉපදෙනේ ඇවටා බලවලින්. ඒක මොන වගේද කියන්න දන්නේ ඒ පූජකයෝ හත්දෙනාම විතරයි.
මේ දේවල් හොයාගෙන ඇවටට යන්න වෙනවා.
.....................⏳......................
..........🌤️...........
" අයිගෝ.... 🤭වී...... ඔය මොකද කරන්නේ...😂"
හම්බුනු නිවාඩුවේ ජිමින් වී එක්ක ඇවිදපු නැති තැනක් නෑ. ජිමින් වී දෙන්නා ශොප් එකට ගියේ වීට ගැලපෙන ඇදුම් ටිකක් ගන්න හිතාගෙනයි. ජිමින් කියන්නේ ඇදුම් වලට හරි ආස කෙනෙක්. එක එක විදිහට අදින්න ජිමින් ආසයි. වීට ඇදුම් ගන්න එක්කන් ගියපු ජිමින් කහාපාටින් පිරුනු ඇදුම් ගොඩාක් මැද ඇස් දෙකත් බෝල කරගෙන නතර උනා. වීවත් අමතක උනු ජිමින් ඇදුමක් දෙකක් අතට අරගෙන හැඩ බැලුවා.
ජිමින් කරන දිහා බලාගෙන වීත් අතට අහුවෙන ඇදුමක් අරගෙන ඇගට දාගත්තා. ඇදුමේ බෙල්ලට අත දාගෙන අතට ඔලුව දාගෙන අනික් අත ඇදුමේ හිරකරගෙන වී හුස්ම ගන්න බැරුව පොඩි එකෙක් වගේ කෙදිරි ගෑවමයි ජිමින්ට වීව මතක් උනේ.
වී පටලෝගෙන ඉන්න විදිහ දිහා ටිකක්වෙලා බලන් ඉදපු ජිමින් දෙකට තුනට නැවිලා හිනාවෙන්න ගත්තා. කොහේටමහරි හේත්තුවෙලා ජිමින්ට බඩ අල්ලන් හිනාවෙන්න ඔනේ උනත් බිත්තියක්වත් නැති නිසා ඇදුම් පෙරලගෙන බිමට වැටිලත් ජිමින් හයියෙන් හිනා උනා. එහාටමෙහාට යන මිනිස්සුත් බලන නිසා අත් දෙකෙන් මූන වහගෙන අමාරුවෙන් හිනාව පාලනය කරගන්න බැලුවා.
හිනාවෙලා හිනාවෙලා කෝමහරි අන්තිමට හිනාව තදකරගෙන නැගිටපු ජිමින් වී පටලවන් හිටපු ඇදුම ගලෝල දැම්මා.
ජිමින් ගලවපු ඇදුම අතට අරගෙන ඒ දිහා බලලා ආයෙමත් කෑ ගගහා හිනා වෙවී බිම ඉද ගත්තා.
" අයි..ගො... 😂 අ..යි...ගෝ...... මේ..ක. පොඩි එකෙක්ගේ.... 😂 අයිගෝ.... "
වී තොලත් අනික් පැත්ත හරෝගෙන ජිමින් දිහා බලාගෙන දුකෙන් හිටියා. අන්තිමට හිනාව නතරකරපු ජිමින්
" හරි හරි.. ඔන්න ආයි හිනා වෙන්නෑ... 🤐😐😄😅😂 අයිගෝ..... හරි හරි.......🤭 ල්ල්ල්ය...මු.. "
ජිමින් හිනාවෙවී වීගේ අත එයාගේ අත යටින් අරගෙන පපුවට තියලා තදකරගෙන වීවත් ඇදගෙන වීට ඇදුම් තෝරන්න ඉස්සරහට ඇවිදම් ගියා.
වීට ගැලපෙන හොද ඇදුම් වගේම ජිමින් ආසම කහපාට දීලිසෙන ටී එකකුත් අරගෙන ශොපින් කරලා ඉවරවෙලා හොදටම රෑ වෙලා නිසා රෑට කන්න හිතාගෙන රෝසිගේ රෙස්ටුරන්ට් එකට ගියා.
රෝස් කියන්නේ ජිමින්ගේ නෑ කෙනෙක්. රෝස්ට දුවෙක් හිටියා. ජිමින්ට වඩා පොඩ්ඩක් බාලයි. දෙන්නා හොද යාලුවෝ.. රෝස් කියන්නෙත් හරි කරුනාවන්ත කෙනෙක්. කවුරුත් නැති ජිමින්ට රෝස් සැලකුවේ අම්මා කෙනෙක් වගේමයි. රෝස් විතරක් නෙවෙයි ජිමින්ට නගරේ හැමෝම හුගාක් ආදරෙයි. ජිමින්ව නොදන්න කෙනෙක් නැති තරම්. ජිමින් ඔය හැමෝටම වගේ පොඩි හරි උදව්වක් කරලා තියෙනවා. ඉතින් ජිමින්ට හැමෝම ආදරය කලා වගේම *ගවුරව කලා.
ජිමින් වී රෙස්ටුරන්ට් එකට ඇතුවෙද්දිම කවුන්ටර් එකේ හිටපු ජිහේ (නංගි) කෑ ගහගෙන දුවන් ඇවිත් ජිමින්ගේ කරට පැන්නා.
" ඔප්පා......... අනේ හුග............................... කාලෙකින් මගේ ඔප්පාව දැක්කේ..... 😍 අනේ ඔප්පා............................... මේ මොකද මේ හොදටම කෙට්ටුවෙලා............... ඉන්නකෝ මේ නිවාඩුවේ මන් මෙහෙ නවතිනෝනේ... ඔප්පව හිටපු විදිහටම බෝලයක් කරලා ගන්නම්...😌"
" ඕ ජිහේ..... ඒ කියන්නේ මේ කරදරකාරී මේ මාසෙම මෙහෙද...අයිගෝ...... 🤦 "
" ඔප්පා..................................... 😐"
" විහිලුවක් කරේ... 😅 ආහ්... මේ ඉන්නේ වී... අදුර ගන්න වී මේ ඉන්නේ ජිහේ...."
ජිහේ වීට අත දික් කරා. වී අත උඩට උස්සලා
" අන්යොන්....😁🙋"
" 😐 ඕහ් අන්යොන්..."
වීගේ හුරතල් හිනාවට ජිහේ පිස්සු වැටුනා. ජිහේ ඇස් ලොකු කරන් වී දිහා බලන් හිටියා.
ඒත් එක්කම ඇතුලේ ඉදන් ආපු රෝස් දෙන්නව දැකලා හරි සතුටෙන් හිනාවෙලා මේසයක් පෙන්නලා කට්ටියව ඉන්දෙව්වා. ජිහේත් එයාලා එක්කම ඉදගෙන හිනාවෙවී කියවන්න ගත්තා. ජිහේ ජිමින්ගේ කනටලන් වෙලා මොනාදෝ කෙදිරුවා. වීටනම් හැමදේම ඇහුනා. ඒත් ඇහුන්නෑවගේ කම්බුල් දෙකට අත් දෙක තියන් මේසෙට බරවෙලා ජිමින් කටකොනට හිනාවෙන දිහා බලන් හිටියා.
ජිමින්ලා ඉදන් හිටපු තැනට ලගම තිබුනු මේසේ මූන වැහෙන්න කැප් එකක් දාන් හිටපු කෙනා අත මිට මොලවලා මේසෙට ගහලා හයියෙන් පුටුව පිටිපස්සට ඇදන් නැගිටලා රෙස්ටුරන්ට් එකෙන් එලියට ගියා. එයා ගියේනම් පුදුම කේන්තියකින් කියලා කියන්න පුලුවන් මොකද රෙස්ටුරන්ට් එකේ දොරත් දඩාන් ගාලා හයියෙනුයි වහගෙන ගියේ.
" ආහ් කොෆි එකත් ඕඩර් කරලා අන්න ඒ සර් යනවා... 🙄"
ගියපු කෙනා දිහා බලපු ජිහේට නිකන්ම කියවුනා.
ඒත් එක්කම ජිමින්ට නාදුනන කෙනෙක්ගෙන් කෝල් එකක් ආවා.
" හෙලොව්... මේ ජිමින්☺️..."
" කිම් කම්පැනි එකට එන්න කියලා තියෙද්දිත් ආවේ නැත්තේ ඇයි..."
" 😟😨 ඔහ්... ම්.. මියානේ.... මට නි... ම...න්......"
" මේ දැන්ම මන් කියන තැනට එන්න...."
" මො..මොකක්...... මේ... දැන්....😶"
ඒත් එක්කම ඒ කෙනා කෝල් එක කට් කලා. ජිමින්ගේ අත් බයටම දාඩියෙන් තෙත් උනා. ජිහේ අහද්දීත් මොකුත්ම නොකියා වීව බලාගන්න කියලා ජිමින් ඉක්මන්ට ආපු මැසේජ් එකේ හැටියට පාර හොයන් දිව්වා.
මහලොකු දුරක නෙවේ නිසා ජිමින්ට වැඩිය දුවන්න ඔනේ උනේ නෑ. පාලු පාරක නැවතුනු ජිමින් ඈතින් පේන කා එක දිහා බලන් හිටියා. පාලු පාරක් නිසා කවුරුත්ම නෑ. ජිමින් කලුවරට ටිකක් බය නිසාත් කලුවර දිහාවට නොයා එතනම නැවතුනා.
ආයිමත් අර කෙනාම ජිමින්ට කෝල් කලා. ජිමින් ෆෝන් එක කනේ තියා ගත්තේ නහය උඩ දාලා තිබුනු දාඩිය හිමීට අතින් පිහිදාන ගමනුයි.
"ඇවිත් කා එකට නගින්න..."
ඒ වචන ටික කියලා කෝල් එක කට් වෙනවත් එක්කම ජිමින්ව වෙව්ලන්න ගත්තා. හොද හුස්මක් අරගෙන ජිමින් හිමීට ඉස්සරහට ඇවිදන් ගියා. ජිමින් හිතුවා මේ එයාගේ අවසානේ තමයි කියලා. කිම් කම්පැනි එකේ අනක් පිලිපැද්දේ නෑ කියන්නේ ඉතින් ජිමින්ට රස්සාවක් නෑ ඉන්න තැනක් නෑ කන්න නෑ. ජිමින්ගේ ඔලුවට දාහක් ප්‍රශ්න ආවා. ජිමින් වැඩ කරන රෙස්ටුරන්ට් එකට තමයි කිම් කම්පැනි එක කෑම ඇනවුම් දෙන්නේ. ඉතින් කිම් කම්පැනි එක කියන්නේ ප්‍රදාන පාරිබෝගිකයා වගේ තමයි. ඉතින් එයාලට ඔලුව නවන් ඉන්න වෙනවා.
ඇස් පුංචි කර කර කා එකේ ඉන්න කෙනාව ජිමින් අදුර ගන්න බැලුවා. සී ඊ ඕ කියන්නේ හුගාක් මහත කෙනෙක් නිසා එයාව අදුර ගන්න ලේසී. ඒත් කා එක ඇතුලෙන් පේන හෙවනැල්ලනම් හුගාක් වෙනස්. තරුනයෙක් වගෙයි. ජිමින් ඈත තියාම ඒ හැඩරුව අදුර ගන්න බැලුවා. ඒත් මේ කලුවර නිසා ඒ කෙනාගේ මූන හරියට පෙවුනේ නෑ.
____________________________________
Hi gyz... 🙋
අනිත් කතා දුන්නා වගේ එකදිගට මේ කතාව දෙන්නැති හින්දා මා එක්ක තරහත් ඇති. 🙈
කතාවේ මුල කොටස් ටික බෝරින් ඇති,
ඒත් හරියට කියවන්න මග ඇරුනොත් අන්තිමට තේරෙන්නේ නෑ.සරල නෑනේ ඉතින් බලයන් කියන එක.
කොන්සර්ට් එක රසටම ගියා නේද... 😂
ටීකූක් දිහාමයි මගේ ඇස් ගියේ... මන් එහෙම ශිප් කරන කෙනෙකුත් නෙවේ දෙයියනේ... මන් හිතන්නේ ලෙඩක් හැදිලද කොහෙද.. 🤦
Enjoy😅
Ishki....
Bạn đang đọc truyện trên: AzTruyen.Top