4. ☘ නාදුනන කෙනා

වැඩ ඉවරවෙද්දී අදත් හොදටම රෑ උනා. බොස්ට තියෙන කේන්තියට මට මුලු රෙස්ටුරන්ට් එකම හෝදන්න කිව්වා. දැන්නම් හෙම්බිරිස්සාවත් හැදෙයි වගේ. ඔලුවත් රෙදෙනවා... 😖

       රෙස්ටුරන්ට් එකෙන් එලියට ඇවිත් පාර දිගේ මන් ඔහේ ඇවිදන් ගියා. හෙට මොනා වෙයිද... මට හැමෝම ඉස්සරහා සමාව ගන්න වෙයිද... ඒකට කමක් නෑ කියමුකෝ.. අනේ නන්ජුන් හෙයොන් එයා ඉදීද... 🙂

  අයිගෝ..... 🤦

😈 අනිවා ඔයා ගැන එයා වැරදියට හිතන් ඇති. වැඩකට නැති හරියට වැඩක් කරගන්න බැරි කෙනෙක් කියලා හිතනවා ඇති...

😇 එහෙම වෙන්නෑ... ඒ මනුස්සයයි වැරදී.. බඩු ගේනවා දැන දැනත් පාර මැද හිටන් හිටියම හරියන්නෑනේ... ඔයා වැරදි නෑ..

   ආශ් මගේ ඔලුව දැන්නම් කැරකෙනවා... 😖 

   " හ......චොස්..🤧 හ්..හ්..හ...චොස්....🤧🤧🤧"

      ඔක්කොම කැරකෙනවා...

   * no one p.o.v. *

ජිමින් පාර අයිනෙම බිමින් ඉද ගත්තා. ජිමින්ට පුරුදු නෑ මේ වගේ වැඩ කරලා. එයාගේ බොස්නම් හුගාක් නපුරු කෙනෙක්. ජිමින්ගෙන් ආපු දවස්වල ඉදන්ම වැඩ ගත්තේ සතෙක්ගෙන් වගෙයි.

   ජිමින් හැමදිස්සෙම බැලුවේ වැරද්දක් කරන්නැතුව ඉන්නයි. ජිමින්ගේ කෑම වල රස නිසා තමයි රෙස්ටුරන්ට් එක උනත් මෙච්චර හොද තැනකට ආවේ. ජිමින්ගේ කෑම හොයාගෙන හුගාක් අය ආවා. ඒත් බොස්ට ඔනේ උනේ සල්ලී.. ඉතින් ජිමින්ගෙන් තවත් වැඩ ගත්තා. බොස්ට තිබ්බා ජිමින්ව අයින් කරන්න කිම් කම්පැනි එකේ සී ඊ ඕ එක්ක උන දෙයින් පස්සේ, ඒත් එහෙම නොකලේ එයාගේ රෙස්ටුරන්ට් එකට ජිමින් නැතුව බැරි නිසයි. ජිමින්ව අයින් කලොත් කස්ටමස්ලා අඩු වෙනවා. මේ බොස් හුගාක් කපටි කෙනෙක්.

   ජිමින් ඔලුවට අත් දෙකම තියාගෙන කෙදිරි ගෑවා. ඒ මදිවට හෝ ගාලා හචිම් යනවා. මුලු ඇගම තෙතයිත් එක්ක. උණත් අරගෙන හොදටම.
උදේ ඉදම් අද ජිමින් ඕනාවට වඩා මහන්සි උනා.

ඔලුව අල්ලගෙන නැගිටින්න හදවත්  එක්කම ජිමින්ට සිහිය නැති උනා.

ඔය අතරේ රෙස්ටුරන්ට් එක ගාවම කලු කා එකක් නවත්තන් හිටියා. ජිමින් රෙස්ටුරන්ට් එකෙන් එලියට එද්දී ඒ කා එක ජිමින් පස්සෙන්ම වගේ ඉස්සරහට ආවා. ජිමින් පාර අයිනෙන් ඉද ගනිද්දී කා එක ටිකක් ඈතින් නතර උනා.
ජිමින් සිහිය නැතිවෙලා බිම වැතිරෙනවත් එක්කම කා එකෙන් දෙන්නෙක් බැහැලා දුවගෙන ඇවිත් ජිමින්ව උස්සගෙන කා එකට දා ගත්තා.

කා එකේ තුන්දෙනෙක් හිටියා. ජිමින්ව කා එකේ පිටිපස්සේ ශීට් එකෙන් දාලා අර මිනිස්සු දෙන්නා ආයෙමත් ඉස්සරින් නැග්ගා. ඒත් එක්කම කා එක ස්ටාට් කරපු ඩ්‍රයිවර් පිටිපස්සේ හිටපු හොදට ඇදපැලදගෙන හිටපු කෙනාගෙන්

  " දැන් මොකද කරන්නේ බොස්... "

  " එයාගේ ගෙදරට යමු "

  " හරි බොස්.."

එයා බොස් කියලා කතා කරපු කෙනාගේ මූන හරියට පේන්නේ නෑ. කතාවෙන්නම් ලොකු පෝස්ට් එකක් තියෙන වැදගත් කෙනෙක් වගෙයි.

ඒ කෙනාගේ එහා පැත්තේ ජනේලෙට ජිමින්ව හේත්තු කරලා තිබුනා. වාහනේ අනික් පැත්තට හරවනවත් එක්කම ජිමින්ගේ ඔලුව රූටලා ගිහින් අර කෙනාගේ උරහිස උඩට වැටුනා.

  මූනට අදුර වැටිලා තිබ්බත් ඒ කෙනා හයියෙන් හුස්ම ගන්නවා කියන එකනම් හොදින්ම තේරුනා. ඩ්‍රයිවින් ශීට් එක එහා පැත්තේ හිටිය දෙවනි පුද්ගලයා බොස්ගේ ඇගේ ඉන්න ජිමින්ව දැකලා ටක්ගාලා පිටිපස්ස හැරිලා ජිමින්ව එහාට කරන්න යද්දී එ කෙනාගේ අත අයින් කරපු බොස්

"ෂ්..."

සද්ද කරන්න එපා කියන්න වගේ ඇගෙව්වා. දෙවනි පුද්ගලයා පුදුමෙන් ඇසුත් ලොකු කරන් ඉස්සරහට හැරුනා.

කෝමින් කෝමහරි අන්තිමට ජිමින් ගෙදරට ආවා.
ජිමින්ව උස්සගෙන ගිහින් දොරට තට්ටු කලා.
ඒත් කවුරුත් දොර ඇරියේ නෑ. ජිමින්ව උස්සන් හිටපු කෙනා ජිමින්ගේ සාක්කු අතගාලා යතුරක් හොයා ගත්තා.  දොර ඇරගෙන  ගිහින් ජිමින්ව සැටි එක උඩට දාලා ඒ දෙන්නා ආපහු යන්න ගියා.

  දොරට තට්ටු කරද්දී සැටි එක අස්සේ හැන්ගුනු වී වෙච්ච හැමදේම බලන් හිටියා. ජිමින් ඇස් පියන් ඉන්නවා දකිද්දී වීගේ ඇස් වල කදුලු පිරුනා. වීට වටපිටාවේ හුලගෙන් දැනුනා ජිමින්ට සිහිය නැතිවෙලා විතරයි කියලා. මිනිස්සු දෙන්නා ගියහම වී  ජිමින් ලගට දනගාගෙන ගිහින් ජිමින්ගේ අත අල්ල ගත්තා. ඒත් එක්කම වී ජිමින්ට වෙච්ච දේවල් හැම දෙයක්ම දැක්කා. 

      " කිම් කු...මා..රයා.... 😳"

වී දැක්කා ජිමින් කිම් කම්පැනී එකේදී නම්ජුන්ව දකින හැටි. වීට ඔනේ උනා එවෙලෙම කිම් කුමාරයව හොයන් යාන්න. ඒත් එයාට හොදින් සැලකුව කෙනාව මෙහෙම දාලා යන්න වීට බැරි උනා.

වී ගේ ඇස් තනිකරම තද සුදුපාට වෙලා දිලිසෙන්න ගත්තා. ඇස් වලින් අමුතු එලියකුත් වීගේ අත් වලින් නිල්පාට එලියකුත් විහිදුනා. වී ජිමින්ගේ නල්ල උඩින් අත තියාගෙන

  " ඔයාට මොකුත් වෙන්නෑ☺️..."

එහෙම කියද්දී වී ආයෙත් සාමන්‍ය තත්වයටම ආවා. ජිමින් හොද නින්දකට වැටුනා.


       ............🌤️...........

   කන පලාගෙන යන ටීවී එකේ සද්දේ නිසා ජිමින් උඩ ගිහින් ඇහැරුනා. ඇස් පොඩිකර කර හිරි කඩපු ජිමින් ඊයේ වෙච්ච දේවල් මතක් කලා. පාරේ වැටෙන හැටි මතක් උනත් ආයි ගෙදර ආව විදිහනම් මතක් උනේ නෑ. ඔන්න ඒත් එක්කම ජිමින්ගේ සාක්කුවෙ ෆෝන් එක රින් වෙන්න පටන් ගත්තා.

     කෝල් එක කාගෙන්ද කියලා දැක්ක ගමන් ඇස් ලොකු කරගෙන බයෙන් ගැහි ගැහි ජිමින් කෝල් එක ආන්ස්වර් කලා.

  " හෙ..හෙලොව්... 😨බොස්... ගුඩ් මෝනින්.. මන්.. මේ එන ..එන.ගම... හෑ..... මො...මොකක්... ආ... ඇ.... නිවාඩුවක් මේ....මට....😱 බො..බොස්.. ඔය ඇත්තමද.... මට නිවඩුවක් දෙනවද... ඕහ්.... තැන්ක් යූ බොස්.... 🤗..."

  ජිමින්ගේ බොස් හදිස්සියේම ජිමින්ට නිවාඩුවක් දුන්නා. ජිමින් මහන්සිවෙලා වැඩ කරපු නිසා පඩි වැඩි කරනවා කියලත් අන්තිමට කිව්වා. ජිමින්ට හිතා ගන්න බෑ මේ මොනාද වෙන්නේ කියලා. හුරේ කියාගෙන සැටි එක උඩ හිට ගත්ත ජිමින් සැටි එකෙන් බිමට පැන්නා.

  " ඊයා...........🤢 මේ මොනාද මේ..... ආශ් මේ කොහෙන්ද වතුර එන්නේ.... අනේ දෙයියනේ... කොහෙන්ද මෙච්චර....... වතුර ගොඩක්... දෙයියනේ....😱😱😱😱 පයිප්පේ....."

  ජිමින් බිමට කකුල තියෙනවත් එක්කම භාගෙට කාපු කෙසෙල් ගෙඩියක් පෑගුනා. ඒක චප්ප වෙද්දී ජිමින් කට ඇද කරගෙන අප්පිරියාවෙන් උඩ පනිද්දී සැටි එක අස්සෙන් එන වතුර පාර දැක්කා. පිටිපස්ස හැරිලා බලද්දී මුලු සාලෙම වතුරෙන් යට වෙලා.

   ජිමින් සැටි එක උඩින් පැනලා ටක්කගාලා දුවලා ගිහින් වතුර ඇරලා තිබ්බ ඔක්කොම පයිප්ප වහලා දැම්මා. මුලු ගේම අපායක් වගෙයි. බඩු පාවෙනවා. ඒත් එක්කම ජිමින්ගේ ඔලුව උඩට අඹ ලෙල්ලක් වැටුනා.

ඇස් දෙකත් ලොකු කරගෙන උඩ බලද්දී ෆෑන් එකේ  වවුලෙක් වගේ කකුල් දෙකෙන් එල්ලිලා ඉන්න වී ව දැකලා  ජිමින්ට කෑ ගැස්සුනත් එක්ක. වී දත් ටිකම දාලා ජිමින් එක්ක හිනා වුනා. 

   " වී......😨 කොහොමද නැග්ගේ... අනේ දෙයියනේ... වැටෙයි... වී ඔහොමම ඉන්න මම ඉනිමග අරන් එන්නම්... ඉන්න හෙල්ලෙන්නෙපා වැටෙයි ඔයාව... "

ජිමින් අනික් පැත්ත හැරුනේ ඉක්මන්ට ඉනිමග අරන් ඇවිල්ලා වීව බිමට ගන්න හිතාගෙනයි. ඒත් ජිමින් අනික් පැත්ත හැරෙනවත් එක්කම ෆෑන් එකේ එල්ලිලා හිටපු වී කරනමකුත් ගහලා බිමට පැන්නා.

ජිමින්ගේ ඇගට බිම තිබ්බ වතුර විසික් වෙද්දී බයවෙලා කෑ ගහගෙන ජිමින් පිටිපස්ස හැරුනේ වී බිමට වැටිලා කියලා හිතාගෙනයි.

  " මේක උයාට..... 😁 මන් මේක තියාන හිටියේ ජිමින් ඇහැරෙනකම්... 😁 ආ කන්න.... 😁"

   " ක්...ක්..😶 "

වී බිමට පැනලා ජිමින්ට අඹ ගෙෆියක් දික් කලා. ජිමින්ට කිසි දෙයක් හිතා ගන්න බෑ. මෙච්චර උසකින් පැනලා කිසි ගානක් නැතුව ඉන්නවා දැක්කම ජිමිගේ ඇස් පුදුමයෙන් වගේම බයෙන් ලොකු උනා.

" ම.. මට.. කියන්න... ඔයා.. ජිම්නාස්ටික් දන්නවද... ඔයා කෝමද මෙච්චර උසකින් පැන්නේ... 😨"

" මට පුලුවන්..... 😁 "

" වාව්...... ඒකනම්.... ම... ආශ්... මෙයාගේ වැඩ......  දැන් ඉතින් මේ ඔක්කොම අස් කරන්නත් එපැයි.. ගේ හැඩි කරලා...😒 දැන් මේක අස් කරන්න උදව් කරන්න... 🤦 ඒකත් අමතක වෙනවා මෙයාගේ වැඩ නිසා... අනේ දෙයියනේ මන් කෝමද ඔයාව තනියෙම මෙහෙම දාලා යන්නේ... ආ.... අයිගෝ අයිගෝ.. 🤦 "

ජිමින් ඔලුවට ගහගනිද්දී වී ඔලුව දෙපැත්තට හරෝ හරෝ ජිමින් දිහා බල බල ජිමින් කරන වැඩේම කරා.

ජිමින් වතුර සුද්ද කරන්න පටන් ගනිද්දී වී ගේ හතර වටේම ඇවිදින්න ගත්තා. ඉතින් ජිමින් සුද්ද කරාට වැඩක් උනේ නෑ. වතුර පිටින් වී ඇවිදිනකොට ආයෙමත් ගේ හැඩි උනා.
අත් දෙක ඉනට තියාගෙන කටත් හදාගෙන ජිමින් වී දිහා බැලුවා. ජිමින් ඉන්න විදිහ දැකපු වී දුවන එක පැත්තකින් තියලා ජිමින් ඉන්න විදිහටම එයාත් අත දෙක ඉනට තියාගෙන කට ඉර කරගෙන හිටියා.

ඒකටනම් ජිමින්ට හොදටම හිනා. ඇස් ලොකු කරගෙන ජිමින් හිනා වෙන දිහා බලන් ඉදපු වීත් ජිමින් එක්කම හිනා උනා. අන්තිමට ජිමින් වීගේ කකුල් පිහිදාලා සැටි එක උඩින් ඉන්දෝලා ඇගිල්ල දික් කරලා

" මෙතනින් නැගිට්ටොත් බලාගෙනයි... 🤨"

"🙄😒"

වී ගේ මූන කම්මැලිකමෙන් පිරිලා. සැටි එකේ ඇන්දට නිකට තියාගෙන ජිමින් ගේ අස් කරන දිහා වී බලන් හිටියා. ඒ වෙලාවේ ජිමින්ට ආපු කෝල් එක නිසා වැඩ පැත්තකින් තියලා ජිමින් කෝල් එක ආන්ස්වර් කරලා එලියට ගියා කතා කරන්න. ජිමින් යනකම් බලන් ඉදලා සැටි එකෙන් පැනපු වී ජිමින් කරපු විදිහටම ගේ අස් කරා. හැබැයි සියගුනයක් වේගෙන්.  විනාඩි 25ක් විතර ජිමින් කුස්සිය අස් කලා. තප්පර දෙකෙන් වී මුලු ගේම අස් කලා. ජිමින් ඇතුල්ට එනවත් එක්කම වී සැටි එකේ හිටිය විදියටම නිකට තියන් බලන් හිටියා.

ජිමින් ෆෝන් එක සාක්කුවට දාගන්නවත් එක්කම වෙලා තියෙන දේ දැකලා එතනම ගල් පිලිමයක් වගේ ඇසුත් ලොකු කරන් කටත් හායි ගාලා ඇරන් බලන් හිටියා. වී මොකුත් උන් නෑ වගේ ඇස් කරකෝ කරකෝ සැටි එකේ ඇල උනා. ජිමින්ගේ ඇස් වීගේ දිහාට යොමු උනේ හරියට හොරා අල්ලා ගත්තා වගෙයි. ඒත් මෙච්චර ඉක්මනින් කොහොමද එයා ගේ අස් කරේ... මේ වගේ කෙනෙක් කොහොමද එහෙම දෙයක් කරන්නේ.... මෙයා ඇරෙන්න වෙන කවුරුත් ඇත්තෙත් නෑ... ජිමින් එහෙම හිතුවා.

ජිමින් විනාඩි පහක් විතර කට ඇරගෙන හිටියා. වී ඇස් කරකෝ කරකෝ හිටියා. ජිමින් හිතා ගත්තා වී කියන්නේ හොදට වැඩට දක්ශ කෙනෙක් කියලා. වී වැඩිය කතා කරන කෙනෙක් නෙවේ. ඒත් එයාට හොදට භාශාව පුලුවන් නිසා ඔනම දෙයක් තේරුනා. නොතේරෙන භාශවක් උනත් වීට හොදට තේරෙනවා. මිනිස්සුන්ගේ හැගීම් වීට අදුර ගන්න පුලුවන්. ඒත් ටිකක් වෙලා යනවා.

වී කියන්නේ ඇවටා කෙනෙක්. එයා ඉගෙන ගන්න ඔනේ එයාගේ බලයන් වැඩි දියුනු කරගන්න. සුදු මකරා එයාට කියලා දුන්නේ පොත පතේ තියෙන මායවන් ගැන විතරයි. සුදු මකරා උනත් හුගාක් දේවල් දැනම් හිටියේ නෑ. වීට කැලෙන් පිට වෙන්න කිව්වේ එයාගේ රාජකාරිය කරන්න සූදානම් වෙන්නයි. පූජකයෝ හත් දෙනාව වීට හොයා ගන්න වෙනවා. එයාලා වීව හොදටම සූදානම් කරයි කියලයි සුදු මකරා වීට කිව්වේ. තමගේ රාජකාරිය හරියටම කරන්න කියන එක වීට හොදින් මකරා පහදලා දීලා තිබුනා.

ඒත් දැන් වීට එයාගේ රාජකාරිය අමතක වෙලා. වී කියන්නෙ දගකාර කොල්ලෙක්. එයාට හොද යාලුවෙක් හම්බවෙලා. අමුතු වෙනස් ලෝකයක් හම්බෙලා. එයාට දැම් මේ අමුතු දේවල් වලට මුහුන දෙන්න වෙලා. එයා ජිමින් එක්ක දගවැඩ කරන්න ආස කලා. මිනිස්සු හැසිරෙන විදිහ බලාගෙන අනුකරණය කරන්න ආස කලා. මේ දේවල් නිසා වීට එයාට කරන්න තිබුනු ලොකුම රාජකාරිය අමතක උනා.

මේ අතරේ මූන් එයාගේ කලින් ආත්ම වල වගේම මේ ආත්මයෙත් ඉපදුනේ බ්ලැක් මැජික් කරුවන් අතරෙයි. මූන් මේ වෙනකොටත් ලෑස්ති එයාගේ සාපයට අනුව කිම්වත් ජියොන්වත් මරන්න.

_____________________________________

Hi gyz...🤭

          ජීවිතේ මල් මල් වගේ ඇති වීට 😂

ඔන්න මම මගේ yt channel  එකේ මගේ පලවෙනි bts ff එකේ trailer එක දැම්මා... ඔයාලා බලලා අදහස් කියන්න... මතක් කරලා ලයික් එකක් දාන්න....

     


Enjoy ❤️

Ishki...

Bạn đang đọc truyện trên: AzTruyen.Top