33. ☘ අමරණීය ආත්මය [end]


* Jk pov *

හැමදේකම අවසානය මේක...

මගේ ඉස්සරහා මගේ හෙයොන්ලා දෙන්නත් මගේ පන මගේ ලස්සන ඇස් දෙකත් මැරුම් කන්න යනවා....

මට තාමත් කිසිම දෙයක් කර ගන්න බෑ....

මූන්ගේ අත් තවමත් ශක්තිමත්..

ඒ අත් ශක්තිමත්ව මිට මෙලවුනා...

මූන්ගේ ඉතුරුඋනු කාලය ඒක දැන් ගෙවෙමිනුයි පැවතුනේ.

චන්ද්‍ර්‍යා මුදුන් උනා.     🌕

    වී එයා කොහොමද මෙතන හොයා ගත්තේ....

මගේ ඔලුවට එක එක ප්‍රශ්න ආවා ව එයාව මෙහෙම දකිද්දී...

එයා හුගාක් වෙනස්..
එයාගේ හැම හැසිරීමක්ම හුගාක් වෙනස්...

එයාගේ අහින්සක හුරතල් මූන අදුරු භයානක එකක් වෙලා..

" උබ තවත් සෙල්ලන් දාන්න ලෑස්ති වෙන්න එපා... උබට මොන හයියක්වත් නෑ මගේ දේවල් මැද්දට පයින්න..."

එකපාරටම මගේ පැත්තට හැරුනු මූන් එයාගේ අතේ තිබුනු යකඩ පටිය මගේ බෙල්ලට තියලා තද කරගත්තා.

මේක මගේ අන්තිම මොහොත වෙන්නැති.. කිසිම දෙයක් පැහැදිලි නැතත් මූන්ගේ රවුද්‍ර මූනේ කැත හිනාව මට හොදට පෙනුනා.

" ඉවරයක් කරපන්..."

මූන් අණ දුන්නා...

මගේ හෙයොන්ලා ද්ව්න්නව එකපාරින්ම මරලා දාන්න කියලා.

මූන් හද දිහා බල බල හැමදේම ඉක්මන්ට ඉවරයක් කරලා දාන්න හැදුවා.

මට දැනුනා භූමි කම්පාවක් වගේ මුලු පොල්වම හෙල්ලෙනවා. දන්වැල් එකට වැදෙන සද්දෙන්ම ඒක හොදට තේරුන් ගන්න පුලුවන් උනා. හැමදේම කඩන් වැටෙන්න වගෙයි පුදුම වේගෙන් ගැස්සෙනවා.

මගේ ඇස් හෙව්වේ වීව. එයාට මොනාහරි වෙලාද...

මොකක්... මන්... දකින්නේ හීනයක් ද...

මගේ වී...  එයා... 

මොනාද මේ වෙන්නේ.

මගේ වීට මොකක්ද මේ වෙන්නේ...

මට පුලුවන් උනේ මේ දේවල් දිහා මෝඩයෙක් වගේ මොකුත්ම නොකර  බලන් ඉන්න විතරයි. කිසිම දෙයක් කර ගන්න බැරි අබ්බගාතයෙක් වගෙ.

වීගේ මුලු ඇගම කිසිම බරක් නැතුව පාවෙනවා. එයාගේ කකුල් පොලවේ ගෑවෙන්නෙවත් නෑ. එයා ටිකින් ටික උඩට ඇදුනා.

ඒ ඇස් එක එල්ලෙම වැටුනේ අහස දිහාවට අත් දෙපැත්තට විහිදවලා එයා හද එලියට මූන දීලා හිටියා.

හද එලිය වීගේ ඇගට වැදෙද්දී කියාගන්න බැරි ත්‍රම් ලස්ස්නක් මන් එයාගෙන් දැක්කා.

මන් දන්නේ නෑ ඊලගට මගේ වීට මොනා වෙයිද කියන්න... මට දැනෙන්නේ ලොකු බයක්. මට තේරුනේ වී මට නැතිවෙයි වගේ දෙයක්.













එයා හරියට සුර දූතයෙක් වගෙයි... නෑ එයා ඊටත් වඩා ලස්සනයි..

එයාගේ ඇස් ඒ හද එලිය දිහාවට වැටුනා....

     එයාගේ ඇගෙන් සුදුපාට අලෝකයන් පිට වෙන්න පටන් ගත්තා.

හැමදෙයක් පුදුම වේගෙන් සිද්ද වෙනවා වගේ දැනුනත් හැමදේම සිද්ද වෙලා තිබුනේ හිතුනටත් වඩා හිමීට. මගේ හුස්ම පවා වේගෙන් වැටුනා. ඒත් කාලය ගත වෙලා තිබුනේ හිතාගන්න බැරිතරමටම හිමීට.

වීට වෙන දේ දැකපු මූන් වගේම බ්ලැක් මැජික් කරුවන්ගේ ඇස් පවා බයෙන් ගිලුනා. මූන්ගේ මූනේ මරණ බිය ඇදුනා.

ඒ හැමෝගෙම දනහිස් පන නැතුව එක දිගටම වෙව්ලනවා..

වීව නවත්ත ඔනෙ උනත් දැන් ඒකට වෙලාව මදි කියලා හිතිලද මන්දා එයාලගේ බලයන් එයාලා නැවත එකතු කර ගන්න පටන් ගත්තා.
මට දැනුනා එහෙම කරලා වැඩක් නෑ වගේ දෙයක් එයාලාගේ මූනු වලින්.
එයාලගේ ශක්තීන් හීන වෙනවා... මට ඒක දැනුනා උන් හැසිරෙන විදිහට.

උන්ගේ ඇගවල් දිරනවා වගෙයි. 

භයානකයි...

දෙවියනේ...

උන්ට හිතන්නවත් වෙලාවක් ලැබුනේ නෑ.. උන්ගේ ඇගවල් වලින් කලු දුමක් එක්ක උන්ගේ අත්ම පිට උනා. ඔව් ඒ ආත්මම වෙන්න ඔනේ.

ඒවා අදුරුයි.

ඒත් එක්කම උන්ගේ සම්පූර්න ශක්තියයි පිට උනා.

ඒවා හැම එකක්ම හද දිහාවට ඇදිලා ගියා.

උන් විනාශ වෙද්දී මූන්ගේ මුලු ඇගම වෙව්ලන්න පටන් ගත්තා. බෙල්ල දිගේ කලුපාටින් නහරවල් මතු වෙන්න පටන් ගත්තා. ඒ ඇස් කලුපාටින් දිලිසෙනවා. මට දැනුනේ මූන්ව පුපුරලා යන්න හදනවා වගෙයි.

  මන් බෙල්ලට හිරවෙලා තියෙන පටිය දිහා බලාගෙන හිනා උනා. මට සතුටක් දැනුනා වගේම බයක් දැනුනා ඊලග මොහොත ගැන.

ඒත් ඊලග තප්පරේදී.....

මන් මන්.. දැක්කේ හිතා ගන්නවත් බැරි දෙයක්... වීගේ ඇදුම් තනිකරම සුදුපාට උනා. දුව්ලි වලින් පිරිලා සමහරක් තැන් ඉරිලා තිබුනත් ඒ ඇදුම් ක්ෂනිකව වෙනස් උනා. ඒවා සලු තරම්ම සිහින් සිනිදු ඒවා ඈතටම දකිද්දී කියන්න පුලුවන්.
වී තරම්ම ඒවාත් දිලිසෙනවා. වීගේ කොන්ඩෙ සුදු පාටයි ඒවාත් හරි ලස්සනට දිලි සෙනවා.

හද එලිය ඇස් වලට වැදෙන නිසා වගේ ඒ ඇස් පියවිලා තිබුනා. එයා හරිම ලස්ස්නයි..

මන් දැක්කේ අදහගන්න බැරි දෙයක්.. එයාගේ හදවත... ඒක... එක හොදින්ම පෙනුනා... එයාගේ ඇග ඇතුලින් මම එයාගේ හදවත දැක්කා...

අලෝකයත් එක්ක ඒ හදවත පලිගුවක් වගේ දිලිසුනා.

එයාගේ ලස්සන හම ඒ ඇදුම් අතරින්  මන් හොදින් දැක්කා... එයාගේ හමේ ලස්සන තරු රටා ඇදිලා...

     දෙවියනේ....

මේ දේවල් හරිම පුදුමයි.. හිතා ගන්නවත් බෑ ඊගට වෙන දේවල් ගැන...  ජියොන් සමයේ මන් කියවපු පොත් වල තිබුනු දේවල් මගේ ඔලුවට ආවා.

එයා බොහොම සංසුන්ව ඊලග තප්පරේදී පොලව උඩට පය තිබ්බා. ඊලග මොහොතේ මගේ වී හරිම සංසුන්ව ඇස් ඇරියා....

ඒ ඇස්....

ඒ ඇස්.... ඒ ඇස් එයාගේ නෙවෙයි...

ඒ ඒ ඉන්නේ එයා නෙවෙයි....

මන් දන්නවා මේ ඉන්න කෙනාව... මන් හොදටම දන්නවා...

ඒක වෙන්න බෑ....


























































ඔයා එයා නෙවෙයි... ඔ..ය.ආආ මගේ වී.... නෑ එක වෙන්න බෑ....

ඒ ඇස් මන් දිහා නිකමටවත් බැලුවේ නෑ..

ඒ ඇස් කෙලින්ම මූන් දිහාවට හැරුනා.

එකම එක පාරක්වත් ඒ ඇස් මන් දිහානම් බැලුවේ නෑ. මට තේරුනේ එයා හැසිරෙන්නේ අන්දයෙක් වගෙයි...

ඊලග මොහොතේ ඉතුරු උනු බ්ලැක් මැජික් කාරයෝ හොදටම කලබල වෙලා උන්ගේ දන බිමට තියලා ඔලුව බිම ඔබාගෙන වීට යටත් වෙන්න පටන් ගත්තා. උන් භාගෙට මැරිලා හිටියා මේ වෙද්දී...

මොන විකාරයක්ද මේ වෙන්නේ....

මගේ වී..... ඔයා හොදින්ද....

මන් දිහා බලන්න...

මට එක වචනයක්වත් කතා කර ගන්න බෑ.....

එකම එක වචනයක්වත්... මට බැරි උනා කතා කර ගන්න..

* no one pov *

ජන්කුක්ගේ හිත පිලිගත්තේ නෑ ඒ ඉන්නේ ඇවටා කියලා. එයා හොදින්ම දන්නවා තරු රටා වීගේ ඇගේ ඇදුනේ ඇයි කියලා. ඒ ඇස් සුදුපාටින් දිලි සෙනවා.

ඒකෙන් කියවෙන්නේ ඒ ඉන්නේ ඇවටා කියන එක...

ජන්කුක්ට ඒ ඇත්ත එක විනාඩියකටවත් පිලි ගන්න බැරි උනා.

ඔව් ඇවටා කියන්නේ කිසිම හැගීමක් නැති කෙනෙක්...

ඒ කියන්නේ ජන්කුක්ව එයාට අමතකයි....

වී අන්තිම තප්පරේදී ජන්කුක්ගේ මතකයන් එයාගෙ මතකෙන් මැකුවා. මේ දේවල් මෙහෙම වෙන්න දෙන්න බෑ කියලා ඒ අහිංසක හිතට දැනෙද්දී වී හැම හැගීමක්ම යටපත් කරගත්තා.

ජන්කුක්ගේ අවසන් මොහොත දිහා බලන් හිටපූ වී වේදනාව දරාගෙන බලෙන්ම එයාගේ ඇවටා ආත්මය නැවත ලබා ගත්තා.

පරිපූර්ණ ඇවටා

මූන්ගේ අත් වෙව්ලනවා ජන්කුක්ටට හොදින් දැනුනා.

මූන් තවත් ඉක්මන් උනා.. වීගෙන් ඇස් අහකට ගත්තු මූන් යකඩ පටිය ජන්කුක්ගේ බෙල්ලට තද කලේ ජන්කුක්ව මරලා දන්නයි. 

හැමදේම හෙලවෙන එක නතර වෙලා තිබුනා. එකපාරටම මූන්ව කුනාටුවකට අහුවෙලා වගේ පැත්තකට වීසිවෙලා ගියා.  ඒක කලේ ඇවටලා..

ඊලග මොහොතේ ඇවටා හැරුනේ ජන්කුක් දිහාවට..

එයා හැමදේම ඉවරයක් කරන්නයි හදන්නේ...

මේ හැමදේකම අවසානයක් දකින්නයි එයා හදන්නේ...

වී... නෑහ්... ඇවටා,
සංසුන්ව හිමින් ජන්කුක් ලගට ඇවිදන් ගියා.

වීගේ එක ඇහිපිල්ලමකින් ජන්කුක්ව බැදලා තිබුනු හැම දන්වැලක්ම කැඩිලා කුනු වෙලා ගියා.

එකින් එක....

ජන්කුක්ව එකපාරටම බිමට ඇදගෙන වැටුනා. ජන්කුක්ට ඔනේ උනේ ඉක්මන්ට වී ලගට දුවගෙන යන්න. වෙච්ච කිසිම දෙයක් එයාට ප්‍ර්ශ්නයක් උනේ නෑ... එයාට ඔන උනු එකම දේ වී... වීවම විතරයි...

ජන්කුක් පන නැති කකුල් පොලවට වාරු දීලා කෙලින් උනා. ඒත් ජන්කුක්ට බෑ තවත් හිටන් ඉන්න. ඒ ශරීරයම එයාට වේදනාවක්... දරාගන්න බැරිතරම් මතකයන් ගොඩක් වේදනාවල් ගොඩාක් එක්ක ජන්කුක් මැදිවෙලා..

















***





ජන්කුක්ට ඔනේ උනේ වී දිහාවට ඇවිදන් යන්න...
එයාව ආදරෙන් බදා ගන්න...

වීගේ උණුහුම... ජන්කුක්ට ආයෙත් ලබන්න ඔනේ උනා.. නැතිවුනු ආදරය එයා ඉස්සරහට ඇවිත්...

තවත් මොනාද ඉතින් එයාට ඔනෙ....

ජන්කුක් වෙව්ලන කකුල් ඉදිරියට තිබ්බා. වී දිහා බලද්දිම එයාව ඇදගෙන වැටෙන්න ගියා.
ඉක්මන්ට ලගම තිබුනු කනුව බදා ගත්තු ජන්කුක් ඇස් වහගෙන එයාටම හිනා උනා...

එයාට වී ලගට කෙලින් යන්නවත් පන නෑ...
වී එයාට හිනාවෙනවා ඇති කියලා ජන්කුක් එයාටම හිතින් විහිලු කර ගත්තා. ඉස්සර මතකයන් ජන්කුක්ගේ සිහියට ආවා.. වී එයාට නෝන්ඩියට හිනා උනු හැටි... ඒ දේවල් මතක් කර කර ජන්කුක් ආයෙත් හිනා උනා.

දැන් ඇවටා හරියටම හිටියේ ජන්කුක්ගේ ඇස් ඉස්සරහා..

ජන්කුක්ගේ බොද උනු ඇස් වීගේ කකුල් වල ඉදන් උඩට දිව්වා..

" ඔ..ය...යා... අන්..ති..ම..ට... ආව....වා.. මාව...බ...ල..න්න්.න..."

ජන්කුක්ගේ අන්තිම වචන ටික උනේ එක...

එක පාරටම ඇහුනේ මූන් යටි ගිරියෙන් කෑ ගහන සද්දෙයි...

වීට පිටිපස්සෙන් දුවගෙන ආපු මූන්ගේ අතේ කඩුවක් තිබුනා. එයා ආවේ මුන්ව මරන්නයි.

මගේ ඇස් බයෙන් වෙව්ලන්න පටන් ගත්තා ඒ ක්ශනික මන් වී දිහාවට පැන්නත් මට වීව අල්ලගන්න බැරි උනා.

මන් කනුවට අත දික් කරලා ආයෙම නැගිටිද්දී දැක්කේ නම්ජුන් හෙයොන් මූන්ව අල්ලගෙන ඉන්නවා වීට මොකුත්ම කරන්න කලින්..

මූන් යටි ගිරියෙන් බ්ලැක් මැජික් කාරයන්ට කෑ ගැහුවා උන්ව ඉවරයක් කරන්න කියලා. ඒත් මූන් කියන කිසි දෙයක් ඇහුන්නැති ගානට උන් වීට දන නමාගෙනම හිටියේ හෙල්ලුනොත් වී උන්ව නැත්තටම නැති කරනවා කියලා දන්න නිසයි.

මූන්ගේ බලය හීනයි... එයාට කිසිම බලයක් නෑ මේ වෙනකොට... මේ වෙද්දී විස පැතිරිලා වගේ මූන්ගේ ඇග හැමතැනම කලුපාටින් නහරවල් මතුවෙලා..

හදේ බලපෑම නිසා මූන් නිකන්ම නිකන් කෙනෙක් වෙලා...

හැම බලයක්ම තිබුනේ වීට...

වී බෙල්ල හරවලා පිටිපස්ස බලන ක්ශනික ඉතුරු වෙලා හිටපු හැම බ්ලැක් මැජික් කාරයෙක්ම දූවිල්ලක් වෙලා ගියා.

හිතන පරක්කුව විතරයි...

කාටවත්ම හිතා ගන්නවත් බැරි උනා සිද්ද උනු දේ....

බැලැක් මැජික් කාරයන්ගේ අවසානය එහෙනම් මේකයි.

නම්ජුන්ට ඔනේ උනේ මූන්ව මරන්න ඒත්... ඇවටා නම්ජුන්ගේ ඇගෙන් මූන්ව එහාට විසික් කරලා දැම්මා.

ජන්කුක් මැරෙනකොට මූන් ජීවත් වෙලා ඉන්න ඔනේ ඒකයි වී නම්ජුන්ගේ ඇගෙන් මූන්ව පැත්තකට විසික් කලේ.

හැමදේම අවසානය ජන්කුක්ගේ මරනය ඇවටා අතින් සිදු වීමයි.

ඒ විසදුම විතරයි ඇවටා දැනගෙන හිටියේ.  වෙන විසදුමක් ඇවටා දැක්කේ නෑ. ඊට වඩා හොද විසදුමක් එයාගේ සුදු මකරවත් පූජකයන්වත් ඇවටාට පෙන්නලා දීලා තිබුනේ නෑ. කොටින්ම එහෙම මාර්ගයක් හොයාගන්නවත් ඇවටට අවසරයක් නෑ.

මේ වෙලාවේ බල රහිත මූන්ව මරන්නවත් ඇවටාට තෙරුමක් නෑ. එයා හරියට වයින් කරපු රොබෝකෙනෙක් වගෙයි. කියපු දේ විතරක් කරන කියලා දුන්න දේ විතරක් දන්න කෙනෙක් වගෙයි.

එයා දැනම් හිටියේ ජන්කුක්ව මරන්න ඔනේ එතකොට ලෝකයට සාමය උදා වෙනවා කියන එකයි.

ඇවටා එකපාරටම ජන්කුක් දිහාවට හැරුනා.

මේ මොහොත...

      හරිම සුන්දර එකක් වගේම.....
                         හුගාක් සංවේදී එකක් උනා...

ඇවටා හැරෙද්දිම ජන්කුක් හිටියේ හරියටම එයාගේ මූන ලගමයි. හුස්ම වැටෙන තරමටම ජන්කුක් ඇවටාඅ ලගටම ඇවිත් හිටියා.

ඇවටාගේ මූනට එබුනු ජන්කුක් එකපාරටම එයාගේ රතුපාටින් දිලිසෙන තොල් ආදරෙන් සිප ගත්තා..

ජන්කුක්ගේ පන නැති අත් වීගේ බෙල්ල වටේත් ඉන වටේත් එතුනා.
උණුසුම් කදුලු ජන්කුක්ගේ ඇස් අගින් කඩාන් හැලෙන්න පටන් ගත්තා.  සතුට වේදනව පාලුව එකතු උනු ඒ කදුලු ජන්කුක්ගේ කම්බුල් දිගේ හරිම වේගෙන් බිමට වැටුනා.

    ඇවටට මේ කිසිම දෙයක් දැනුනෙත් නෑ පෙනුනෙත් නෑ. කිසිම හැගීමක් නැති රොබෝකෙනෙක් වගේ. එයාගේ අත් උඩ මැවුනේ කිනිස්සක්.

               ජන්කුක් තවත් ඒ තොල් සිප ගන්නවා.. ජන්කුක්ගේ දිව තොල් ඒ හැම එකක්ම ඇවටව තදින්ම අල්ලගෙන තිබුනත් ඇවටට ඒ හැගීම් දැනුනේ නෑ.

  ඊලග මොහොතේ කිසිම හිතක් පපුවක් නැති ගානට එයා ජන්කුක් පිටිපස්සට තල්ලු කරලා දැම්මා. 

ඇවටා හුගාක් සංසුන්...

ජන්කුක් බිමට ඇදගෙන වැටෙන්න ඔන්න මෙන්න හිටියා. කිසිම දෙයක් හිතාගන්න බැරි බැල්මකින් එයා වී දිහා බලන් හිටියා.

ඒ ලස්සන තොල් උඩ රතුපාට ලේ පැල්ලම් තිබුනා. කිසිම දෙයක් සිදු නොවුනු ගානටත් මේ ඉස්සරහා ඉන්නේ එයා දන්න කෙනෙක් වත් නෙවෙයි කියන ගානටත් ඇවටා හැසිරුනා.

හ්ම් එයාට මතක නෑ මේ කවුද කියන්න...

ඊලග මොහොතේ ඇවටගේ කිනිස්ස හැමදේකම අවසානයට රැගෙන හියා.

ඇවටාගේ ඉල්ලක්කය වැරදුනා....
වැරදි තැනක්...

ඇවටා ඇන්නේ ජන්කුක්ට නෙවෙයි... ඇවටාගේ ඇස් ඉදිරියේ හිටියේ එයාගේ ආදරනීය යාලුවා...

ජිමින්....

ඒ ඇස් වල කදුලු පිරිලා වගේම අහිංසක හිනාවක් ඇදිලා තිබුනා....

" ඔ...යා... කො..හෙද... හිටියේ... පැටියෝ..... ම..ම...න් බලන් අ...හ..අහ්..හිටිය..යා... ඔ..යා. එන..ක...ල්..."

ජන්කුක්ගේ ඇස් රතුවෙලා කදුලු පිරිලා තිබුනේ ජිමින්ගේ පිටෙන් එලියට ඇවිත් තිබුනු කිනිසි තුඩ දැකලයි. එයා ජිමින්ට ඇන්නා...

සිද්ද උනු දේ හිතා ගන්න බැරි ගල් පිලිමයක් වගේ උනු ජන්කුක් ජිමින් බිම ඇදගෙන වැටෙන දිහා බලන් හිටියා.

නම්ජුන්ගේ හුස්ම එක මොහොතකට නවතුනා.

එයා නිසොල්මන්ව ජිමින්ගේ ශරීරය දිහා මවිතයෙන් බලන් හිටියා.

කාලය නැවතිලා වගෙයි හැමෝටම දැනුනේ....

නම්ජුන් දෑතින්ම ඔලුව බදාගෙන යටි ගිරියෙන් කෑ ගැහුවා.













ඇවටා බිම වැටිලා හිටපු ජිමින්ගෙන් ඇස් අහකට අරගෙන ආයෙමත් තමන්ගේ ඉලක්කයට ඇස් ගෙනිච්චා.

" න..න...වත්තන්න..... වී..... ම..ම...න් දි...ද..දිහා බල...ල්...ලන්න..... වී... මේ ඔ..ඔ..යා නෙ...වෙ...යි.. ම...ම..ගේ වී..."

ඇවටගේ නොසන්සුන් සුසුම් එක දිගටම මුවින් පිට උනා. ශරීරය කෙමෙන් කෙමෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. අවට හැමදේම සංසුන් වෙන්න පටන් ගත්තා වගේම වීගේ අලෝකය හිමීට නැති වෙන්න ගත්තා.

හැමදෙයක්ම ආයෙමත් තිබුනු විදිහටම හැඩ ගැහෙන්න පටන් ගත්තා. ඒත් එක්කම වීගේ ඔලුව පුරා වටම එක එක කටහඩවත් දෝංකාර දෙන්න පටන් ගත්තා...

ඒත් එක්කම ඉලගට සිද්ද උනේ... මහා වේදනාකාරී දෙයක්....

  කාගෙවත් අවදානයක් නැතුව හිටපු
මූන්ගේ කඩුවේ මුව ජන්කුක්ගේ පිට ඇතුල්ට කිදා බැස්සේ පපුවත් පසාරු කරගෙන එලියට ඇවිල්ලයි.

ඒ ක්ශනිකව වී මූන්ගේ පිටිපස්සෙන් මතු උනා වගේම තවත් කිසිම දෙයක් නොහිතාම වියරුවෙන් මූන්ව දෙකඩ කරලා දැම්මා.

කඩුවේ තුඩ දෑතින් බදාගත්තූ ජන්කුක් පිටිපස්සට ඇදගෙන වැටුනේ කෙලින්ම වීගේ ඇගට.

වීගේ අත් උඩ ජන්කුක් එහෙම බිම ඇල වුනා.

" මා එක්කම ඉන්නව........"

වීගේ අහිංසක කටහඩ....
අන්තිමට වී ජන්කුක්ට ආදරෙන් කතා කලා...

වී එයා එක්කම ඉන්න කියාගෙන ජන්කුක්ගේ ඇස් දිහා බලන් හිටියා. ජන්කුක්ගේ කටින් ලේ වැක්කෙරෙන්න පටන් ගත්තා.
වීගේ අත් වෙව්ලනවා.

ඒත් ජන්කුක් හිනාවෙනවා. ජන්කුක්ගේ ලේ ගෑවුනු අත ඇදුනේ වීගේ ලස්සන කොන්ඩෙ අතරට..

" ඔ...ඔ...යාට මෙ..හෙ...හෙ....ම අහ...හ..රිම ලල...ස්සන...යි.... ඔ...යා තර...ර්...ම් ලස්...සන කෙ...ක්...කෙ...නෙක් ම...ම...ම්..මන් දැක...ලා...නැ..."

ජන්කුක්ගේ හිනාව හරිම ලස්සනට ඇදුනා. වේදනාවබර සුසුම් වැටෙද්දී ජන්කුක්ගේ වචන අපහැදිලී..

" ඔ..ය...ආඩ..ම්..ර... කටි.න්.. ද්....දැ..න් ව...ත් ඒ ව..ව...ච...න ටි..ක කිය....න්න..... ම...න් ආ..ස..යි ඇ...ස් පි...යා ග..ග...න්...න ක...ක...ලි..න්..."

ජන්කුක්ට තවත් කියවන්න නොදී වී ජන්කුක්ගේ තොල් තදින්ම සිප ගත්තා. ජන්කුක්ගේ හිනාව නතරවෙලා ගියේ වීගේ තොල්වල ආදරය හොදින්ම විදගන්නයි. එකිනෙකට තොල් මාරුවෙද්දී ජන්කුක්ගේ ඇ වීගේ ඇස් දිහාවටම වැටිලා තිබුනා. අවසානය වෙනකල්ම ජන්කුක් එයාගේ ඇස් වීගේ ඇස් දිහාම බලන් ඉන්නවා කියලා හිතින් හිතාගෙන තිබුනා.

          වී ජන්කුක්ගේ තොල් වලින් ඈත් වෙලා ජන්කුක්ගේ ඇස් වලට එබුනා...

" මන් ආදරෙයි..... "

ජන්කුක්ට එයාගේ ජීවිතේ අහන්න ආසම කරපු වචන ටික ඒ....

ජන්කුක්ගේ මූනේ ඇදුනු හිනාව හරියට අවසන් මොහොතේ මුලු ලෝකෙම දින්නා වගෙයි...

වීගේ හදවත තවමත් පැහැදිලිව ආලෝකමත්ව පෙනුනා. එයාගේ එලිය ටිකින් ටික අඩුවෙනවා ජන්කුක් අන්තිමට ඇස් පියා ගනිද්දී දැක්කා. තවමත් ඒ අත තිබුනේ වීගේ කොන්ඩේ අතරින් එහා මෙහා දුව දුවයි.




ඒත් ඊලග තප්පරේදී ඒ අත නිහඩවම වීගේ බෙල්ල දිගේ රූටලා බිමට කඩන් වැටුනා.

නම්ජුන්ගේ දෑත් උඩ ජිමින් සිහි නැතුව හිටියා. පුංචි එකෙක් වගේ ඒ කටින් ඉකි‍යක් පිට උනා.

අහිංසක ඇස් පියවෙලා තිබුනත් වෙව්ලනවා.

නම්ජුන් සිහි නැති ජිමින්ව ගැහෙන දෑතින්ම උස්සගෙන බිම වැතිරිලා ඉන්න ජන්කුක් දිහාවට අරගෙන ආවා.

එයාගේ පුංචි මල්ලී එයාව දාලා ගිහින්ද........

එයාගේ මල්ලිව පුලුවන් හැමදෙයක්ම කරලා සතුටින් තියන්න නම්ජුන්ට හැම වෙලාවකම ඔනේ උනා. එකපාටම මල්ලි අතුරුදහන් වුනාම මුලු ජීවිතෙම එකම තැනක නතර වෙලා වගේ නම්ජුන්ට දැනුනා. ආයිමත් කිසිම වැරද්දක් කලත් ඒ කොල්ලට රාක්ශයෙක් වෙන්නෙ නෑ කියලා නම්ජුන් එයාටම කියාගෙන තිබුනා.

ආයි එයාව හම්බුනු ගමන්ම... එයා එයාගේ හෙයොන්ව මෙහෙම දාලා යනවා....

නම්ජුන් ජිමින්වත් උස්සගෙන ජන්කුක් දිහාවට හැමදේම සුන් වෙලා වගේ එන හැටි වී දැක්කා. වී ආදරෙන් ජන්කුක්ගේ පිය වුනු ඇස් සිප ගත්තා.

" හැමදේම හොදින්...
ඔයා...  ජිමින්ව හොදින් බලා ගන්න. "

වී නම්ජුන්ට කිව්වේ ඒ වචන ටික විතරයි. එයා ජන්කුක්වත් අරගෙනම එතනින් අතුරුදහන් උනා..

























  

___________________________________

Hiii.....   

කතාවේ අවසානය වෙනස් කලා... මම ඒක ගෙන්නම් ඉක්මන්ට....

තරහා නැතුව මට මේ කොටස ගැන හිතෙන දේ කමේන්ට් කරන් යන්ම ❤️

Enjoy 😍
Ishkii...

❤️

Bạn đang đọc truyện trên: AzTruyen.Top