32. ☘ ලේ ගංගාව




   *}}Jungkook  <~~> jeon king{{  p.o.v.*

   "ත..ත...මුසේ ත..ත...වත් මොනා...ද ඔච්ච්ච්ච්....චර බල...න් ඉ.....න්...නේ.... ප..ටන්.. ගත්තු...දේ... ඉවරය.. ක්... කරපන්..... බැල්...**"

මගේ මුලු ආත්මෙම වියරුවෙන් දෙදරනවා. මගේ ශරීරය හිරි වැටිලා... දන් වැල් වලින් මගේ අත් මාන්චු දාලා. අත් සීතලයි. මුලදී වේදනාවෙන් පුපුරු ගැහුව කස පාරවල් වල තුවාල පිහි පාරවල් පිච්චුනු පැල්ලම් දැන් දැනෙන්නෙවත් නෑ.

මේ බැල්#*ගේ උපරිමේ එච්චරයි...

අර බල්ලන්ට කඩේ යන මේකී තවම දන්නෑ මේ ඒකිගේ අන්තිම හෝරා කීපය කියලා.

මූන් තමුන් මගේ සෝල් එකට මෙච්චර වද දුන්නත් උබට ඒකෙන් ලැබෙන දෙයක් නෑ. උබ උන්ගේ බැල්#*ක්. නිකන්ම නිකන් කඩේ යන ##*. උබට වෙන දේ ගැන මට දුකයි..

ඒකී යකඩ පටිය ගලකින් මුවහත් කර කර මන් දිහා බලන් කට කොනට හිනා උනා.

මගේ ඇස් පිය වෙන්න වගෙයි. ඒත් මන් හැමවෙලේම ඇස් ඇරගෙනයි හිටියේ. මට ඔනේ නෑ ඇස් පියා ගන්න. ලෝකය තාමත් මගේ අතේ... ඒත් ස්තීර නෑ මේ ශක්තීය හීනයි... ඇස් පියා ගන්න සැනෙකින් සිද්ද වෙන්න දේවල්....

මගේ මුලු ශරීරයම මට වේදනාවන් ගෙනාවා ඒත් ඊට වඩා මන් දැන් මහ රිදුම් දෙන ආත්ම ගානක මතකයන් වල සැරිසරනවා.

ජියොන් රජු....
ඔව්...
මන් සාමයේ කුමරු.... ඒත් මට බැරිවෙයි මේ ලෝකය බේර ගන්න... මගේ මේ ආත්මය විඩාවෙන් වේදනාවෙන් මැරි මැරී ඉන්නකොට මන් බලන්නේ ඇස් පියා නොගෙන ඉන්න.

මේකී මාව ඉවරයක් කරලා දාන්නේ නැත්තේ අද පූර්න චන්ද්‍රයාගේ දිස් වන නිසා... අද අර බල්ලන්ගේ බලවත් පූජාවන් වලට හොද දවසක්. අවුරුදු 3000කට පස්සේ මේ එන දම්පැහැති පූර්න චන්ද්‍රයා දිස් වෙන්නෙ මිනිස්සුන්ගේ ශක්තීන් හීන කරගෙනයි. මේ රාත්‍රියේ මිනිස්සු ඉක්මනින් නින්දට වැටෙනවා.




මූන් යකඩ පටිය මුවහත් කරන එක නැවැත්තුවා.




" උ...බ... ආයෙ..ත්... පටන්... ග..න්න...ද.. යන්...නේ...... හ...හ්..... ම..ට... දැන්.. උ..බ...ව... පේ..න්නේ... බ..යෙ..න්... ගැහෙන..."

" හහ්... 😃 තමුන් දන්නවද දැන් වෙලාව මොකක්ද කියලා... දැන් උබේ අවසන් වෙලාව... උබගේ අවසන් කාලය මේක...."

මූන් කට කොනේ හිනාව තියාගෙනම මන් ලගට ආවේ කසේ අත වටේ ඔතන ගමන්මයි.

ලේ වැක්කෙරෙන තොල් පුපුරු ගහනවා. මන් මූන්ට හිනා වෙවී තියුනු උනත් විඩාබර ඇස් වලින් බැල්මක් හෙලුවා. මට ඔනේ උනේ ගහපන් උබට ඇතිවෙනකන්..., මට වද දීපන් කියන්න.

උබව එක මොහොතකට මගේ ඇගිලි අතරට අහු උනොත් මන් උබව එක තප්පරෙන් අතුරුදහන් කරනවා.

මගේ හෙයොන්ව මට අන්තිම මොහොතෙදි බලන්න හම්බුනේ නැති උනොත් මන් මන්... මන් කෝමද මැරෙන්නේ..

මගේ... පන...  එයා... එයා දන්නවනම්.. මන් මෙතන ඉන්න විදිහ... නෑ... එයා දකින්නවත් හොද නෑ....

හැමදේකම අවසානය මේක...

ලෝකයේ අවසානය මේක...

හැම ආත්මෙකම මම කිසිම දෙයක් නොදැන මේ ගෑනිට බලය දුන්නා... මන් මහා තිරිසනෙක්... කිසිම දෙයක් දන්නැති කිසිම දෙයක් කරගන්න බැරි නිකන් නිකන්...

තවත් මොනා කියලා කරන්නද...

මූන් අත පයේ හිරි ඇරගෙන මන් ලගට ආවේ මාව ඉවරයක් කරන්නම බලාගෙනයි. ඒ ඇස් මන් දිහාව එල්ල වෙලා තිබුනා. එක එල්ලේම. මම ආත්ම ගානක් පිටිපස්සට ඇදිලා ගියා. හරියට ඒ රවුද්‍ර ඇස් ඇතුලට...

ආත්ම ගානෙම මම මේ රවුද්‍ර අත් වලින් මැරෙන හැටි මම දැක්කා...

එක විනාඩියක් ඇතුලත මන් ඒ හැමදේම දැක්කා...

පුදුම නිහැඩියාවක්...


මගේ කෙදිරි ගෑම්...


මූන් උපරිම ශක්තියෙන් අත දිග ඇරලා මගේ මුලු ශරිරයම තුවාල වලින් පිරෙව්වා.

මට දැන් කිසිම වේදනාවක් දැනෙන්නෙ නෑ...


මගේ ආඩම්බර දනින් නොවැටෙන හිනාව ඒක තාමත් එහෙමමයි...

" උ...බ්...බ..ට.. ප්..පුලු..වන්... ඔ...ච්..ච..ර..ද..."

තවත් හයියෙන්ම පාර වැදුනා.

මේ පාර මගේ මූන හරහා ඒ යකඩ පටිය ඇදුනා. මට හොදින්ම ලේ රස දැනුනා. දිවෙන් තොල් ලෙව කෑව මන් මට පුලුවන් හයියෙන් හිනා උනා.

" උ..බේ... උ.. ප..රිම..වේවෙ...ගේ... බ..ල..න්..න.. ආ..ස..යි..."

මගේ නෝන්ඩි හිනාව එකිව පිස්සු වැට්ටුවා. ඒකිට පුදුමයි... ඒ ඇස් ඒ මූනු වෙව්ලනවා... මන් තාමත් පනපිටින්...

කාලය ගෙවෙනවා.. ඒකිට බෑ මාව මරා ගන්න.. ඒකිගේ උපරිමෙන් කලත් මාව මරන්න බෑ..

උපරිම වේගය අවසන් උනේ මගේ අත යකඩ පටි වලට අහුවෙලා දෙකඩ වෙන්නම පැලෙද්දී. මුලු පොලවම රතුපාටින් දිලිසුනා. මගේ පන නැති බෙල්ල කඩන් වැටුනා.

තවත් දරා ගන්න මට පුලුවන්ද...

මට මෙච්චරද පුලුවන්....

තවත් අල්ලන් ඉන්න මට බැරිද...

දක්ශ රණ ශූර ජියොන් රජ දැන් පොඩි එකෙක් වගේ දනින් වැටෙන්න යන්නේ...

ලේ ගංගාවේ පූර්න චන්ද්‍රයාගේ ජ්‍යාව දිස්වෙලා තිබුනා. මට තවත් ටික වෙලාවක් අල්ලන් ඉන්න ඔනේ... මේක විතරයි මට කරන්න පුලුවන්...

මන් අල්ලන් හිටියේ නැති උනොත් අදුරට යන දොරටුව විවුර්ත වෙනවා හැමදේම අර බල්ලන්ගේ යටතට යනවා. මිනිස්සු නින්දට වැටිලා හීන වල අතරමන් වෙයි. මිනිස්සුන්ගේ ආත්ම මේ සත්තු අදුරට ඇදලා අරගෙන මිනිස්සුන්ව උන්ගේ යක්කු කර ගනී. අදුරු ලොව ඊට පස්සේ රජ කරයි.

මට බෑ නිකන්ම මැරිලා යන්න. මන් කෝම හරි මගේ සෝල් ඒක මේ දම් පැහැ චන්ද්‍රයා නැති වෙනක්ම්ම රැකගන්න ඔනේ.

දැන් හැමදේම බොද වේගෙන එනවා.

හැමදේම....



මට සිහිය නැති වෙන්න අන්තිම තප්පරේක වගේ මන් දැක්කා පොලවේ තිබුනු ලේ කද උඩ ලස්සන රුවක ජ්‍යාවක් මන් ඉන්න තැන.... මට හරියටම උඩ යකඩ පොල්ලක ඉදගෙන අදුර අතරින් මන් දිහා බලන් ඉන්නවා.



ඒ රූපය මට හරියට....

හරි ලස්සන ඇස් දෙකක්...



මූන්ගේ පහරවල් තාමත් වේගෙන් මගේ ඇග හරවා දිව්වා. තප්පරෙන් තප්පරේට අලුත් තුවාලයක්. මගේ ආඩම්බර ඒත් මූන්ට අපහාස කරවන මගේ හිනාව මුලු වට පිටාවෙම දෝන් කාර දුන්නා.


අර ලස්සන ඇස් ඊලග තප්පරේදී හරියටම මූන්ගේ පිටිපස්සෙන් මතු උනා. ඒක හරිම ඉක්මනින් සිද්ද උනා. හිතා ගන්නවත් පුලුවන්ද.

මට ඔනේ උනා ඒ දිහා බලන්න...


මගේ පපුව ලේ වලින් පෙගිලා රතුම රතුපාටින් දිලිසෙනවා. මන් ඒ දිහායින් ඇස් අහකට අරගෙන බෙල්ල ඉස්සුවා.

මගේ කන් අගුල් වැටිලා...

මූන්ගේ බෙල්ලෙන් අල්ලගෙන ලස්සන ඇස් දෙක අදුරට දිව්වා.

මන් මන් මන් දැක්කා... ඒ..ඒ ලස්සන ඇස් මන් දිහා බයෙන් බලන් ඉන්නවා...

ඒ ඇස්... ඒ ඇස්...එයාගේ.... ඒ...

"ව....ව...වී....."

එයා ඇවිත්...

එයා ඇවිත්... එයාට මොකුත්ම වෙලා නෑ... එයා හුගාක් හොදින්... හුගාක්..... හොදින්.... මට දැනුනේ මන් ජීවත් වෙන්න පටන් ගත්තා වගෙයි...

පන නැති ශරීරය වාරු ගන්න දැගලුවත් කිසිම විදිහකින් හෙල්ලුනේවත් නෑ. මගේ හිත පිස්සුවෙන් කෑ ගැහුවා.


කිසිම සද්දයක් මට ඇහුනේ නෑ ටික වෙලාවක් යනකල්ම.
හෝරාවක් ගත වෙද්දී එකපාරටම අදුරෙන් මූන්ව විසික් වෙලා ඇවිත් මගේ කකුල් දෙක ලගට වැටුනා.

ඒක දැකපු මගේ හිනාව මහා දරුනු එකක් උනා...

ඒත් ඊලග තප්පරේ මන් බය උනා...

මූන් කට කොනට හිනා වෙලා පුපුරු ගහන ඇස් වලින් ගිනි පිට කරගෙන මගේ කකුල් ලග තිබුනු යකඩ පටිය අතට ගත්තා. අත් වලට වාරු දීලා නැගිටපු මූන් ආයෙත් අදුර දිහාවට හැරුනේ කෙනෙක්ව බලාපොරොත්තුවෙන්.

මට ඔනේ උනේ කෑ ගහලා වීට අනතුරු අගවන්න...

"වීව.ව..වී..... දු..ව...න්..න..."

මන් කිව්වා.

මගේ කටහඩ වේලිලා...

ගැහෙනවා.....

එයාට මගේ අනතුරු ඇගවීම ඇහෙන්න ඇතිද...


එයා පැන ගන්න ඇතිද...




අදුර අතරින් ඒ ලස්සන ඇස් හිනාවෙවී ඉස්සරහට ආවා. බෙල්ලේ දෙපැත්තට කඩමින් හිරිකැඩුව වී මන් දිහා එකපාරක්වත් නොබලා මූන්ට කට කොනට හිනා උනා.





මන් දිහා නොබලන්නේ ඇයි... වී.....

මට දැනුනේ එයා මන් දිහා නොබලා ඉන්න දගලනවා වගෙයි...

එකපාරක් මන් දිහා බලන්න....

මගේ හිත අයැදුවා...

එකම එක පාරක්.....

එයා ඊලගට ඇස් පියා ගත්තා. මන් දැක්කේ ඒ අත් වෙව්ලනවා වගෙයි... එයාට මාව දැනෙනවා... මට ඒක විශ්වාසයි...

වී එකමඑක පාරක්... මන් දිහා බලන්න..

ඒත් එක්කම අපි හිටපු තැනට තවත් කට්ටියක් ආවා.

නෑ

නෑ...

නෑ....

අන්දේ.....

"හෙ...ය්...යො...න්...."

"ජි...."

මගේ හෙයොන්ගේ බෙල්ලේ කඩුවක් තියන් හිටියා. ඒ යක්කූ මගේ මගේ හෙයොන්ට රිද්දනවා.... එයාගේ බෙල්ල තුවාල වෙලා ඒ කඩුවේ මුවහතට...

හෙයොන්ගේ පුංචි ඇගිල්ල අල්ලන් බයෙන් වෙවුලන, ජිමින් හෙයොන්ගේ බෙල්ලට ලොකු දන් වැලක් දාලා...
                      හිර වෙන්නම....

මන් කෝමද මේ දේවල් බලන් ඉන්නේ.... මාව පන පිටින්ම මරලා දැම්මා.....

මූන් එකපාරටම යක්ශාරූඩයෙන් හිනාවෙන්න පටන් ගත්තා. ඒ හිනාව මුලු පලාතම බයෙන් වෙවුලුවා.
              එයා දින්නා. එයාට ඔනේ දේ අන්තිමට ලගටම ලැබුනා. එයාගේ දඩයම් දෙකම එයාගේ කකුල් ලගටම ඇවිත්.

___________________________________

❤️

Bạn đang đọc truyện trên: AzTruyen.Top