30. ☘ කන්නාඩිය
නම්ජුන්ට තමන්ගේ බලය කොච්චරද කියලා පෙන්නන්න වගේ වී මහා දවාලේ නම්ජුන්ව හුගාක් බය කරනවා. ඒ වගේම වී ඒ වෙලාවේ මොලයට එකග නොවී එක දෙයක් කරනවා. ඒ තමයි නම්ජුන්ට මෙතනින් එහාට ජිමින්ව බලා ගන්න පුලුවන්ද කියන එක බලන්න.
ජිමින්ට මායවකින් සිහිනයක් පෙන්නලා ජිමින්වත් නම්ජුන්ගේ පස්සෙන්ම උද්‍යානයට ගෙන්න ගන්ත වී නම්ජුන් කොහොමද ජිමින්ව පරිස්සම් කරන්නේ කියන එක බලන් හිටියා.
මේ හැම දේකටම පස්සේ අන්තිමට වී කට කොනේ කපටි හිනාවත් එක්කම තේරුම් ගන්නවා හැමදේටම උත්තරේ ඔව් කියන එක.
නැවතත් වර්තමානයට
හිම දිය වෙලා ගිහින් පරිසරය සාමාන්‍ය වෙන අතරේ, ලනු අතරට නම්ජුන් හිරවෙද්දී වී කල්පනා කලේ එයා දැනටමත් පරක්කුද කියන තැනයි.
එහෙනම් දැන් නම්ජුන්ව හොයාගෙනයි මූන් එන්න ඔනේ. කොහොමත් මෝඩ බ්ළක් මැජික් කාරයොදන්නේ නෑ ඇවටා කෙනෙක් ඉන්න වග. එයාලා දන්නේ නෑ නම්ජුන් දැන් ගෙදර නැති වගත්.
වී උපායශීලීව හිතන්න පටන් ගත්තා.
" මෙතනින් එලියට යන්න හිතන්නවත් එපා....
ආ......... ඔයාගේ අර අඩන කොල්ලා මෙහෙම තමයි ඉන්නේ 👇 එයා දිග නින්දක ඉදී... ඇහැරිලා හිටියම මහ වදයක් වෙනවා... ඒක නිසා එයා එහෙමම ඉදී... ආහ් තව දෙයක් ඔයා එයාව හොයන්න ඔනෙ වෙන්නේ නෑ. ඒක නිසා පාඩුවේ ඉන්න... "
නම්ජුන් දිහාවට හැරෙන්නේවත් නැතුවම එහෙමම කියලා දාපු වී එතනින් නිල් ආලොකයක් එක්ක නොපෙනී ගිහින් එකපාරටම අතුරු දහන් උනා.
වී එකපාරටම පිස්සුවෙන් වගේ කරන කියන හැම දේකින්ම උනේ නම්ජුන්ව කලබලේට පත්වෙන එක.
ඊලග මොහොතේ ඇස් රතු කරගෙන නම්ජුන් ආයෙමත් කෑ ගහන්න පටන් ගත්තා.
නම්ජුන්ගේ කෑ ගැසීමත් එක්කම වගේ එයාගේ ඇග නිදහස් කරපු ලනුව පන නැතුව බිම ඇදගෙන වැටුනේ සමාවෙන්න කියන්න වගෙයි. හරියට අකමැති දෙයක් බලෙන් කෙරෙව්වට සමාව යදින්නවා වගේ, ලනුව නම්ජුන් දෙපා ලගට ඇදගෙන වැටුනා. කලින්ට වඩා හුගාක් නපුරු දේවල් සිද්ද වෙන වග පූජා බිමේ හැමදේටම හොදින් දැනෙනවා. මේ හැමදේකටම පන තියෙනවා වගේ කියලා නම්ජුන්ට දැනෙන්නත් මහා වෙලාවක් ගියේ නෑ. වේදනාකරී අදෝනාවන් නිසා නම්ජුන්ගේ කන් දෙකම පිරිලා ගියා.
කලබලෙන් බෙල්ල හරව හරව වට පිට බැලුව නම්ජුන් අත් දෙකෙන්ම ඔලුව බදාගෙන යටි ගිරියෙන් කෑ ගැහුවා. පේන මානෙක ජිමින්ගේ ජ්යාවක්වත් නැති තැන නම්ජුන්ට තවත් පිස්සු වගෙයි. එයා කොහෙ ඇත්ත. එයා හොදින්න. නම්ජුන්ව හොයලා පොඩි එකෙක් වගේ අඩනවා ඇතිද... නම්ජුන් දස අතේ හිතන්න ගත්තා. ඉලගට නම්ජුන් කකුල් වලට පන දීලා ඉදිරියට දුවන්න පටන් ගත්තේ ජිමින්ව හොයා ගන්නයි. හැමදේකටම වඩා නම්ම්ජුන් කලබල උනේ ජිමින් කොහේද කියලාවත් දන්නේ නැති නිසයි.
නම්ජුන්වත් ජිමින්වත් පුජා භූමියේ දාලා වී රෑ වෙන්න කලින් නම්ජුන්ගේ ගෙදරට ගියා.
කාලගුනයේ වෙනසත් එන්න එන්නම වැඩී. වීට තේරුනා බ්ලැක් මැජික් කාරයෝ මේ වෙනකොටත් අදුරු ලෝකයට යන්න දොරටුවක් විවුර්ත කරගෙන ඇති කියලා. ඒත් එයාලට තවත් බලය ඔනෙ වෙනවා මේ ලොකය විනාස කරන්න නම්. නම්ජුන්ව හොයාගෙන අද රෑම හරිනම් මූන් ඇතුලු කට්ටිය එන්නම ඔනේ.
වී ස්තීරවම ඒයාටම කියා ගත්තා.
හැමදේම සිද්ද වෙන්නේ දැම් වීට ඔනේ විදිහටයි. එයා එහෙම හිතාගෙන කට කොනට හිනාවෙවී යටිතොල උඩ ඇගිල්ල එහා මෙහා ගෙනිච්චා. තමාට නොගැලපෙන බලයක් නිසා වී දරුනු කෙනෙක් විදිහට හැඩ ගැහිලා. එක් දේකින් තෘප්තිමත් නොවෙන විදිගේ මනසක් එක්ක වී පිස්සුවෙන් වගේ බලය පාවිච්චි කරන්න පෙලබුනා.
වී හිටියේ මහා විශාල වත්තක් මැද පිහිටපු නම්ජුන්ගේ ගෙදර රූෆ් ටොප් එක උඩ.
එදා හිටිය තැනමයි. එතනට හොදට වටේම පේනවා.
ඒයාව කාටවත් පේන්නේ නෑ.
වී රූෆ් ටොප් එක උඩ වැතිරිලා තියුනු ඇස් වලින් මූන් එනකල් බලාගෙන හිටියා.
රාත්‍රිය ගෙවිලා යද්දී වී දැක්කේ සුදුපාට මීදුමත් එක්ක හද ඉක්මන්ටම වහ ගන්න විදිහයි.
හරියටම හෙට රෑට පූර්න චන්ද්‍රයා පායනවා. එදාට තමයි ඔය කියන දවස උදා වෙන්නේ. එදාට තමයි ජන්කුක්වගේම නම්ජුන් දෛවයට අනුව සාපයට ලක් වෙලා මූන් අතින් මැරෙන්නේ.
වී ඒ මීදුමට වැහෙන හදට බැල්මක් හෙලන ගමන් පල්ලෙහයින් කොල පෑගෙන සද්දෙට බිමට ඇස් යොමු කලා. අදුරත් රැගෙන මූන් එයාගේ බලු කුක්කෝ වන බ්ලැක් මැජික් කාරයොත් එක්ක නම්ජුන්ව හොයාගෙන එන හැටි වී දැක්කා. බොහොම සූක්ෂ්ම විදිහට තාප්ප වලින් පැනපු ඒ අය හොර මුගටි රැලක් වගේ සද්ද නොකර නම්ජුන්ගේ ගෙට ඇතුල් උනා. වීට ඇහුනා මුලු ගේම බිදලා අවුස්සලා මොනා හරි හොයාගන්න දගලන කලබලකාරී මුගටියන්ගේ සද්දෙ.
ගෙදර හැමදේම කුඩු වෙද්දී වී කට කොනේ හිනාව තවත් වැඩි කරගෙන නෝන්ඩියට මෙන් හිනා උනා. එයාලට නම්ජුන් තියා බල්ලෙක්වත් හොයා ගන්න බැරුව හොදටම තරහා ගිහින් හැමදේම කුඩු කරනවා.
තරහෙන් පුපුරන මූන්ගේ පස්සෙන් ගෙදරින් එලියට ආව අනික් අය දිහාවට හැරුනු මූන් සද්දෙන් අණ දෙන්න පටන් ගත්තා.
" ඌ මේ කොහෙ හරි ඉන්න පුලුවන්. කොහොම හරි හොයා ගන්න වෙනවා... තේරුනාද... අපිට කාලය නෑ.. හැමදේම හොදින් වෙද්දී මේ කුක්කා කොහාට උනාද... කොහෙන් හරි හොයාගෙන ඇදගෙන එනවා මන් ලගට...."
" හරි.. අපි එහෙම කරන්නම්..."
විහිලු කාරයෝ දිහා බලාගෙන සතුටු වෙනවා වගෙයි වී එයාලා දිහා බලාගෙන හිනා උනේ. ඔව් ඉතින් කවදාවත් නම්ජුන්ව එයාලට හොයා ගන්න වෙන්නේ නෑනේ.
නම්ජුන්ට පුජා භූමියෙන් එලියට එන්නත් බෑ. ඒ වගේම කැලෙන් එලියට එන්නත් බෑ. වී ඒවා මතක් කර කර හිනා උනා.
මූන්ව දකිද්දී වීට අමුත්තක් දැනුනා. මීට කලින් දැකලා තියනවා හෝ වෙන පුරුද්දක්. ඒත් වීගේ මතකයන් කිසිම එකක් දැන් එයා ලග නෑ. ඉතින් වීට කිසි දෙයක් තේරුනේ නෑ.
කවුද මේ කියන එක.
මිස් යූරී කියන්නේ වීට ලගින් හිටිය කෙනෙක් නිසා වීට එයාගේ හැඩ රුව හුරු පුරුදුයි. ඒත් මතකයේ ඒ කපටි වෙස්වලා ගත්ත යූරී ගැන තිබ්බ දේවල් දැම් නෑ.
මූන් එයාගේ කට්ටියව තියලා එතනින් යන්න ගියේ අදුරු දේවස්තානයට. ජන්කුක්ව කලින් තැනෙන් අරන් ඇවිත් පොලව යට ගල් ගුහාවක හිර කරගෙන ඇති තරම් බලය ලබා ගන්න පුලුවන් වෙන්න එ අය දේවස්තානයක් හදා ගත්තා. මේ වෙනකොට බ්ලැක් මැජික් කාරයෝ ලොකු හමුදාවක් හදාගෙන හිටියා. ජන්කුක්ට වද දීමෙන් ලැබුනු බලය නිසා ඒ අය හුගාක් ශක්තිමත් උනා වගේම හිගාක් දරුනු විදිහට බලවහ් උනා. හැමදේම උන්ට ඔනේ විදිහටම සිද්ද වෙද්දී හරිම ලේසියෙන් එයාලට මේ ලෝකයත් යටත් කරගෙන විනාශය කරා ගෙනියන්න පුලුවන් වෙයි කියලා ඔවුන් හිතුවා.
මූන්ගේ පස්සෙන් වී හරිම සූක්ශම විදිහට සංසුන්ව යන්න පටන් ගත්තා. අඩියෙන් අඩිය වී තිබ්බේ තවත් සූක්ෂ්ම විදිහටයි. හැමදේම හොදින් ඇහෙන සංවේදී කන් මූන්ට තිබ්බා. මූන්ගේ සංවේදක හුගාක් දියුනු උනත් වීගේ සූක්ෂ්ම කමටනම් ඒවා අහලකින්වත් තියන්න බැරි උනා.
වීට පුලුවන් උනා මූන්ගේ පස්සෙන්ම දේවස්තානය හොයාගෙන යන්න. අදුරෙන් පිරිලා කිසිම එලියක් නොමැති ඒ ගල් ගුහාවල පාර වල් හොයා ගන්න පාවිච්චි කලේ ගිනි පෙලෙලි නිසා බිත්තීවල තැනින් තැන ඒවා රදවලා තිබුනා.
මූන් ඇතුල්ට යනකල් බලන් ඉදපු වී හොදට වට පිටාවට ඇහැ ගෙනිච්චා. මොකෙක්ටවත් නොදැනෙන්න වී ීලග තප්පරේට වට පිටාව ගැන සෝදිසි කලා.
එක එක වෙලාවට එහා මෙහා යන බ්ලැක් මැජික් කාරයෝ එකම එක තැනක් විතරක් හොදට ගාඩ් කලා. එතන තිබ්බේ කන්නාඩියක්. බොහොම අනර්ගව නිර්මානය කරපු කන්නාඩියක්. හුගාක් පළල් ඒ කන්නාඩිය වටා කලු පාටින් එක එක දෑ සිතුවම් කරලා තිබුනා. මොකටද මේ වැඩකට නැති කන්නාඩියක් උන් මෙච්චර ගාඩ් කරන්නේ.. වී කල්පනා කලා.උන්ට මූනක්වත් නෑ. කන්නාඩියක් මොකටද මේ වගේ තැනකට
" හරියට..... "
වීගේ කට නිකන්ම ඇරුනා. මේ තියෙන්නේ ඒ කන්නාඩිය තමයි. ඒක තමයි අදුරු ලොවට ඇතුල් වෙන්න තියෙන දොරටුව.
වී ඒක හොයා ගත්තා.
ඊලගට බෙල්ල දෙපැත්තට කරකවපු වී මාර ආසවකින් බෙල්ලේ ඇට කඩමින් අත් දෙක එකතු කරලා හිරි ඇරියා.
කට කොනට හිනාවෙවී ඒ දිහාවට ගියපු වීව දැකපු බැලැක් මැජික් කාරයෝ එක පාරටම තුශ්නිම්භූත උනා වගේ වී දිහා මොහොතක් බලන් හිටියා. කාටවත් හොයා ගන්න බැරි තනකට කොහොමද මේ මනුස්සයෙක් ආවේ. එයාලා එහෙම හිතන්න ඇති.
හිතන්නෙවත් නැති වෙලාවක ආපු අමුත්තා කවුද...?
වී අහක බලාගෙන ඉදලා ඒ අය දිහාවට මූන හැරෙවලා ඇහැක් ගැහුවේ සෙල්ලම් කරමුද අහන්න වගෙයි. ඊලගට අත ඉස්සරහට දිග ඇරලා ඇගිල්ලකින් සං කලා එක්කෙනා එක්කෙනා ගානේ එන්න කියලා.
කොහෙද වී එහෙම කිව්වට උන් ඔක්කොම එකපාරම ඉස්සරහට ආවානේ. වී ඔලුව දෙපැත්තට වන වන ආයෙත් බෙල්ලේ හිරි කැඩුවේ කට කොනට කපටි හිනාවකුත් දාගෙන උබලා මහා මෝඩ මුගටි රැලක් කියන්න වගෙයි.
__________________________________
Hi ❤️
අම්.... karma ඉල්ලුවා හුගාක් අය. Ugly , mlc එකට එක සමානව වගේ කට්ටිය ඉල්ලුවා. ඉතින් මන් තීරනය කලා karma එකත් එක්ක ugly දෙන්න.
මගේ ලගම කෙනෙක්ට covid හැදුනා. ඔයාලට පුලුවන්ද එයා වෙනුවෙන් එයාට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්න. මන් මේවා පිලි ගන්නේනම් නෑ.ඒත් මට කරන්න පුලුවන් එකම දේ මේකනේ... 🙂
Bạn đang đọc truyện trên: AzTruyen.Top