3. ☘ උපන්දින සාදය
අනේ බලන්න මේ කැලෑ කොල්ලා දොයියන් ඉන්න ලස්සන..... 🤗
ඔයාව දැක්කම මට මතක් වෙන්නේ මගේ පුංචි සියොක්ව. එදා ඒ කා ඇක්සිඩන්ට් එක මතක් වෙද්දී මගේ පපුව පිච්චනවා දෙයියනේ....
මට හිතෙන්නේ එයා ආයෙත් මන් ලගට ඇවිල්ලා කියලා. එයා වගේම හුරතල් ඔයත්... මගේ සූටී මල්ලී මාව දාලා ගිහින් දැනට අවුරු හයක් විතර ඇති.
එච්චර ලොකු කාලයක් මම තනියෙම හිටියා කියලා හිතෙද්දී මටම හිතා ගන්න බෑ මන් කෝමද මේ පාලුව තනියෙම මකා ගත්තේ කියලා.
ඔයාව දැක්කම මට මතක් වෙන්නේ එයාවමයි.
ඊයේ මම රෝසී ආන්ටිගේ රෙස්ටුරන්ට් එකෙන් කැම කාලා ආයිම වැඩට යද්දිත් මෙයා පස්සෙන් ආවානේ. මන් වැඩ අරිලා එනකල්ම පල්ලෙහාට වෙලා ඉදලානේ... දෙයියනේ.... හොද වෙලාවට මම මෙයාව දැක්කේ. නැත්තම් අද උදේ වෙනකල්ම එතන ඉදලා පින්නට අහුවෙලා අසනීප වෙන්නත් තිබුනා.
ඔයා කොහෙන් ආපු කෙනෙක්ද....
හ්ම් දැම් අපි හොයමූ ඔයා කොහෙන්ද ආවේ කියලා.. ඔක්කෝටොම කලින් මෙයාව ඇහැරවලා කන්න දෙන්න ඔනී.
මම දොරට හේත්තු වෙලා කිරීයී, පෑන් කේකුයි ලෑස්ති කරගෙන වෙනම කල්පනාවක ඉද්දී ඔන්න එයා හෑරුනා. අත පය හතරම හතර දිහාවටම දික් කරලා කට ඇරලා ඈනුමක් ඇරලා කොට්ටෙත් බදාගෙන ඒ පැත්තටයි මේ පැත්තටයි පෙරලුනා.
පස්සේ හිමින් සැරෙ එක ඇහැක් ඇරලා හතර වටේම බැලුවා.මම ඇද ලගට ගිහින් මේසෙන් කෑම එකයි කිරි එකයි තියද්දී මාව දැකලා අකුනක් ගහලා වගේ ඇද උඩින් හිට ගත්තා 😄...
" වේ... 😄 අයිගෝ මන් ගිලින්න ආවේ නෑ ඔයාව අලේ.... මේ මන් ඔයාට කෑමක් ගෙනාවා. හොද ලමයා වගේ කෑම ටික කාලා අතන තියෙනවා මගේ ඇදුම්.. ඔයාට ඔන එකක් ඇදගෙන පල්ලෙහාට එන්න... ඊට පස්සේ ඔයා ගැන කතා කරමු.. හරිනේ😉... "
බලන්නෝනී මූන😄.. ඒ මදිවට ගහගන්න වගේ තනි කකුලෙනුත් හිටම්😅... මන් මේ බැලුවේ ඒ ඩින්ගට මෙයාට මාව අමතක වෙලානේද කියලා හුම්... 😒
මම පල්ලෙහාට ගියේ ෆෝන් එකත් ඔබ ඔබමයි.
දෙයියනේ....😱
අද නම්ජුන් හෙයොන්ගේ උපන්දිනේ.... වෝව්....වෝව්... වෝව්....😋
හැමෝම විශ් කරනවා... 😒
අද එයා ලයිව් එයිද දන්නෑ...🙈
එයා වගේ හැන්ඩ්සොම් කෙනෙක් මේ කොරියාවටම නැතුව ඇති....
😇: හෝව් හෝව් ජිමින් ඔයා මොනාද මේ කරන්නේ. ඔයාට නේද කිම් කම්පැනි එකට අද ඔඩර්ස් භාර දෙන්න තියෙන්නේ. දෙයියනේ ඒ කියන්නේ අද මට නම්ජුන් හෙයොන්ව බලන්න හම්බෙයිද..... 🤩🤩🤩
😈: පිස්සුද ජිමින් එයා එයිද එයාගේ කම්පැනි එකේ සේවකයෝ දාන පුංචි සාදයකට... කොරියාවේ භාගෙට භාගයක්ම කම්පැනීස්වල ශෙයාස් තියෙන කෙනෙක් තව කොරියාවෙම තියෙම ෆේමස්ම කම්පැනි එකේ අයිති කාරයා..... එයිද අනේ මේ වගේ පුංචි සාදෙකට එයා අද ගෙදර ලොකූ පාටියක් දාවී...
🙁 දුකයි දුකයි....
වැඩට යන්න තියෙන්නේ 9.00ට නිසා අරයා එක්ක කතා කරන්න වෙලාව ඇති වෙයි.
ඕහ් කියනකොටම එනෝ...
" හේයි.. එක්ස්කූස් මී...😁 මන් මෙහේ.... 🙋"
උඩ බිම බල බල බිත්ති වලින් එබි එබි කටත් ඇරගෙන ඇසුත් ලොකු කරම් කිචන් එක පැත්තට යද්දී මන් කතා කලා. ඒ පාරනම් මගේ කෑ ගැහිල්ලට එයා බය උනා. අනේ අසරන කැලෑ කොල්ලා. පස්සේ මාව දැක්ක ගමන් දත් ටිකම දාලා හිනාවෙලා උඩ පැනගෙන දුවන් ආවා.
" අන්යාසෙයියෝ.....😁 🙋"
" හෑ... ඔයාට කතා කරන්න පුලුවන්ද.... 😳"
හ්ම් කියලා ඔලුව හයියෙන් උඩටයි පල්ලෙහාටයි හෙලෙව්වා.
" අයිගෝ.... මන් හිතුවේ ඔයා ගොලුයි කියලා... 🙊 ඔයා කෑම කෑ...ව..👀 කාලා කාලා ඇදුම් වලත් හලාගෙන.. අයිගෝ... ඔයානම් කැලෑ කොල්ලෙක්ම තමයි... 🤦මෙහෙ එන්න ඔය ටික හෝදගන්න..."
කැලෑ කොල්ලවත් ඇදගෙන කිචන් එකට ගිම් එයා ඇදුම් වල ගාගෙන තිබ්බ කෑම පැල්ලම් පිහිදැම්මා. එයා ඇස් ලොකු කරගෙන සින්ක් එක ලග තිබ්බ සබන් කෑල්ල දිහා බලන් හිටියා. මම හිනාව තද කරම් හිටියේ හරි අමාරුවෙන් දෙයියනේ.
බලන්න තියෙන්නේ කට ඇරම් ඒක දිහා බලන් ඉන්න අපුරුව. මට හිතුනෙම සබන් කෑල්ල කයි කියලා. ඒකට ඇගිල්ලෙනුත් ඇන්නා. නිය පාර හිට්ට නිසා කැලෑ කොල්ලා බය උනා. අනේ මන්දා ඒකට තුවාල උනා කියලවත් හිතුනද දන්නෑ.
" හරි දැන් එහෙනම් මට කියන්න ඔයා කොහෙද මෙච්චර කාලයක් ජිවත් උනේ කියලා.. එතකොට කෝ ඔයාගේ ඔම්මා අප්පා.. එතකොට සහෝදරයෝ...."
" අප්පා... 🙁😟😞😖😭 අ..ප්..පා..."
" අයිගෝ අයිගෝ... 😟 අම්... මි..යානේ... ඕහ් මෙහේ එන්න... ඔයාට කවුරුත් නෑ එහෙම නේද......අනේ... මියානේ... ඒකට කමක් නෑ... අද ඉදන් ඔයාට පුලුවන් මෙහෙ ඉන්න... හරිද... ඔයාට දැන් මේ ජිමින් යාලුවා ඉන්නෝ... හලිද... වැඩිය ඉඩනම් නෑ.. ඒත් ඉතින් අපි දෙන්නට ඉන්න විතරක් මේ පොඩි ඉඩ ඇති... කෝ දැම් අඩන්න ඔනේ නෑ.. හිනාවෙන්න හොද ලමයා වගේ... කෝ එන්න🙆... "
කදුලු පිරුනු ඇස් හරිම ලස්සනයි. හරියට පුංචි ලමයෙක් වගෙයි. බලා ඉන්න බැරිම තැන මන් එයාව බදාගත්තා. මට දැනුනේ මගේ මල්ලිගේ උණුහුමමයි.
හ්ම්... ඔයා අද ඉදන් මගේ සහෝදරයා... ඔයාව මන් බලා ගන්නම්🙃...
ටිකක්වෙලා යද්දී එයාගේ ඇඩිල්ල නැවතුනා. පුංචි එකෙක් වගේ එකි ගගහා මන් දිහා බලලා හිමීට හිනා උනා.
" කෝ මේ බලන්න☺️... හරී... මන් වැඩට යන්න ඔනේ අද මට ලොකූ වැඩක් තියෙනවා කරන්න.. ඕහ් අමතක උනා මොකක්ද ඔයාගේ නම.... 😄 "
" ම..න්... ඇවටා..... 😁"
" ඒ මොකක්ද ඒ👀... "
ඇවටා... මන් ජීවිතේට අහලා නෑ ඒ වගෙ නමක්..
ඒක හරියන්නෑ... මෙයා කොහෙන් හරි ඇහිච්ච වචනයක් අල්ලගෙන වෙන්න ඇති... හ්ම්ම්ම්ම්ම්🤔
එයා අත් දෙකේ ඇගිලි දෙක ඇස් දෙකට තියාගෙන හිනා වෙවී ඉද්දී මට හිතුනා....
" වී.... ඔව්... ඔයාට වී කියමූ... ඒ නම තමයි ඔයාට හොද... සරලයි... හුරතල්... 😄 ඒක හොදයි නේද..."
" වී... 🙄 වී... වී... 😐 වී... 😁 වී.... 😁 වී වී වී.... "
" ඔයා ආසයි ඒකට... 😄 හරි එහනම් මන් යන්නම්. මම එනකල් ඔයා ටීවී එක බලන්න.. හරිද... ඔයාට මම කන්න ස්නැක්ස් එලියෙන් තියලා යන්නම්. බඩගිනි උනාම කන්න. තව..කෑම අර අතන තියෙනවා.. දැක්කද... ඔයා ඔන එකක් කන්න... ඕහ් මන් දැන් යන්න ඔනේ... දෙයියනේ කියෝ කියෝ ඉද්දී පරක්කුත් වෙලා.."
ටීවී එකත් ඔන් කරලා දීලා එයාව ටීවී එක ලගින්ම වාඩි කරෝලා ස්නැක් ටිකකුත් ලගින් තියලා කෑම තියෙන තැනුත් ඉක්මන්ට පෙන්නලා මම ගෙදරින් පිට උනා. යන්න කලින් දොර ජනෙලුත් වැහුවේ අහල පහල ඉන්න ඔපදූම ඇන්ටනා ටික මෙයාව දැක්කොත් දාහක් ප්රශ්න අහන නිසයි. පාරට එද්දිත් ගේ දිහාවට මගේ බෙල්ල හැරවුනේ එයා තනියෙම මොනා කරගනීද කියලා හිතිලයි.
මම පුලුවන් තරම් ඉක්මනින් ගියා චිකන් රෙස්ටුරන්ට් එකට. නිකමට වගේ මට මතක් උනා මම මෙහේ වැඩ කරලා හරියටම අවුරුද්දක් වෙනෝ නේද කියලා. මේ අවුරුදු කීපයට මම තැන් කීයකනම් වැඩ කරන්න ඇද්ද.
රෙස්ටුරන් එකට යද්දිත් බොස් මන් එනකල් බලන් හිටියේ ඇහි බමකුත් උස්සගෙන මාව ජොබ් එකෙන් අස්කරලාම දාන්න වගෙ තරහකින්.
ටිකක් බැනුම් අහලා අන්තිමට මම කා පාක් එකට ගිහින් ඕඩස් ටික පටෝපු වාහනේත් අරගෙන කිම් කම්පැනි එකට ගියා.
කම්පැනි එක වටේට අද සෙනගත් පිරිල. ඇයි අනේ මෙච්චර සෙනග...🤔 මිනිස්සූ මොකද මේ වටවෙලා ඉන්නේ... 👀
මන් ටක්ගාලා ඔඩස් ටික භාර දීලා එලියට එන්න හදද්දී
" කොහෙද යන්නේ ඔයාගේ බොස් කිව්වා ඔයා අපිට අද උදව් කරයි කියලා මේ වැඩ ටිකට.. 🤨"
" බො..ස්... 😐ආ....ඔකේ... ඔකේ.. සර්..."
බොස් මට පනිශ් කරනවා... 😭 අන්දේ....
ඔඩස් තිබ්බ තඩි පෙටි උස්සගෙන කොහෙන්දෝ මන්දා අස්සකින් ඇතුල්ට ගියා. දෙයියනේ සෙනග....😱
හැම තැනම නම්ජුන් හෙයොන්ගේ පෝස්ටස් ගහලා. මන් උඩ බිම් බල බල යද්දී කාගෙදෝ ඇගක වැදිලා දඩබඩාන් ගාලා මන් ඇදගෙන වැටුනා. දෙයියනේ පෙට්ටිය ඇතුලේ තිබ්බ කෑම ටික අච්චාරු වෙන්න ඇති😖.
භාගෙට ගැලවුනු මගේ කැප් එකත් හදාගෙන මම ටක්කාගාලා නැගිටලා
" මීයානේ..."
ඇගේ වැදුනු කෙනාගෙන් සමාව ඉල්ලලා පෙට්ටිය ලගට දිව්වා.
" ඔහොම ඉන්නවා😑... තමුන් මොන ලෝකේ සිහියෙන්ද ඇවිදින්නේ😡..."
අයිගෝ😶.... වැදුනු කෙනාට ඩෝන් ගිහින් වගෙයි හොදටම😢...
මම පෙට්ටිය උස්සන අදහස පැත්තකට දාලා කැප් එකත් ගලවලා ආයෙමත් ඒ කෙනාගෙන් සමාව ඉල්ලුවා. අම්මෝ ඒ මූන දැක්කම බයත් හිතෙනවා.
" මිස්ට් හෝක්.... නම්ජුන් බොස් බලන් ඉන්නේ...😬 ඕක නවත්තන්න.. එයාට යන්න දෙන්න... "
මොකක් න..න..නම්ජුන් 😨
මගේ ඇස් හැම තැනම දිව්වා.
ඒත් එක්කම මගේ ඇස් නතර උනේ කෑම මේසේ ලග හිටන් ඉන්න කෙනා දිහාට. අනේ ඒ ඇස්.... 🤒
ඒවා තිබ්බෙත් මන් දිහාවටමයි...
ඕහ් මන් මොකක්ද මේ කරන්නේ... එයා විතරක් නෙවේ හැමෝම මන් දිහා බලන් ඉන්නේ දෙයියනේ.... 😨
ඉක්මන්ට පෙට්ටියත් උස්සගෙන මම දුවලා ගියා. එයාලගේ වැඩ වලට උදව් කරලා හිමින් සැරේ මන් එලියට පැන ගත්තා. ආයිමත් රෙස්ටුරන්ට් එකට ගිහින් වැඩ පටන් ගනිද්දී හොදටම හවස් වෙලත් එක්ක.
එකපාරටම කොහෙන්දෝ බොස් ඇවිල්ලා මගේ කොලර් එකෙන් ඇදලා ගත්තා.
" තමුන් මොනාද මිනිහෝ අතන්ට ගිහින් කලේ... 😡ඔහේ මගේ නම කෑවා😬... බලනවා එතන කොරියාවේ ඉන්න ලොකුම දනවතා ඉදලා😱. උබ මගේ නම කාලා😡..... "
" මියානේ මියානේ😢... අනේ බොස් මට සමාවෙන්න😢... මන් හිතලා කරේ නෑ... අනේ මට..."
" තමුන්ට කිම් කම්පැනි එකට හෙට යන්න වෙනවා.... මන් දන්නෑ ඇයි කියන්න... හැමෝම ඉස්සරහා සමාව ගන්න කියයි සමහරක් විට... උබ ඇගේ වැදිලා තියෙන්නේ සී ඊ ඕ ගේ. ඕකා නිකන් උබව අත අරින එකක් නෑ... හෙට වෙන දෙයින් පස්සේ බලමු තමුන් දිගටම මෙතන වැඩ කරනවද නැද්ද කියලා🤨.."
"අන්...😨 බො..ස්... එහෙම.."
මට තවත් කතා කරන්න නොදී බොස් යන්න ගියා.
අන්දේ....
මට මොනා වෙයිද හෙට....
ඔහ්... මන් මොන වගේ අවාසනාවන්තයෙක්ද....
නම්ජුන් හෙයොන් වගේ කෙනෙක් ඉස්සරහා නේද එහෙම උනේ... 😢 මන් ගැන මොනා හිතන්න ඇද්ද....
______________________________________
Hi gyz.. 👀
ජිමිනිට ජොබ් එක ගැන ගානක්වත් නෑ ඕන් බලන්නකෝ ඉතින්... 🤒
Enjoy 😅
Ishki...
Bạn đang đọc truyện trên: AzTruyen.Top