29. ☘ නිල් අලෝකය

ජන්කුක් කිව්වේ එච්චරයි.

එකපාරටම වී ඇස් ඇරියේ වේදනාවෙන් පපුවත් අල්ලගෙනයි.

" වේ.....වෙ...... මන් කොහොමද ඔයාව නැති කරන්නේ..... මේකේ අවසානය ඔයා මගේ අතින් මැරුම් කන එක නේද..... මන් කොහොමද එහෙම කරන්නේ.... මගේ පලමු ආදරය.... මගේ පලමු හාදුව.... මගේ පලමු උනුසුම..... කොහොමද.... මගේම අත් දෙකෙන්...."

ඉකි ගැහිල්ල නතර උනේ නිමක් නොමැති මහ වේදනාකාරී ඇඩිල්ලකින්. මුලු කැලෑවම ඒ දුකට අඩන්න පටන් ගත්තා. වී නිහඩ ගල් කනුවකට හේත්තු වෙලා වේදනාව තුනී වෙනකල්ම අඩන්න පටන් ගත්තා.

මේ වෙනවිට වීගේ ශරීරය පන නැතිව ගිහින් වගේම සම්පූර්න ශක්තියම වැය කලේ පූජකයන් හත් දෙනා කියන දේවල් වෙනුවෙනුයි. වී ඔහුගේ ශරීරයට හුගාක් ලොකු වේදනාවක් දුන්නා. හරි හමන් කෑමක් නොගෙන මුලු දවසම කැප උනේ ඇවටා ආත්මය ලබා ගන්නයි. මේ වෙනකොට වීගේ ශරීරය තුල කිසිම ආත්මයක් තිබුනේ නෑ. වී කියන්නේ නිකන්ම නිකන් සාමාන්‍ය කෙනෙක්ටත් වඩා පහත් කෙනෙක් පමනයි.

පූජකයන් කියන විදිහට වීට තිබුනේ පුංචි කාලයක් විතරයි. ඇවටා ආත්මය ලබා නොගත්තොත් ඔහුගේ පන නැති වැහැරුනු ශරීරයේ අවසානයයි. ඒ වගේම බ්ලැක් මැජික් කරුවන් මොකක් හරි දෙයක් නිසා හිටියටත් බලවත් වෙලා. මේ ඉන්න සාමාන්‍ය වීට බෑ ඒ අය ලගටවත් යන්න. වී ඉක්මන් කල යුතුයි.

කාලය හරිම වේගෙන් ගෙවුනා හරියට වීට කිසිම දෙයක් කර ගන්න ඉඩ නොදී අසමත් කරවන්න වගෙයි.

තවත් පොඩි කාලයක් තිබුනේ වීට එයාගේ මතකයන් නැති කරලා දාන්න. ඒත් එයාට ඒ දේ කරන්න බැරි උනා. ජීවිතය තරම්ම වටින සහෝදරයෙක්ටත් වඩා එහා ගිය ජිමින්ගේ යාලුකමත්, ආදරයේ උණුසුම හරි අපුරුවට විදින්න හම්බුනු ආඩම්බර මුරන්ඩු කොල්ලලගේ මතකයනුත් වීට බැරි උනා නැති කරලා දාන්න. කොච්චර උත්සාහා කලත් අන්තිමට සිද්ද උනේ පපුව ගිනි ගත්ත එක විතරයි.

වී අන්තිම තප්පරෙත් උත්සාහා කලා.. ටිකින් ටික වී සුදු එලියක් දිහාවට ඇවිදන් ගියේ ඒකේ අවසානයකුත් දකින්නමයි. ඔව් වී මතකයන් විනාශ කරලා දාන්නයි යන්නේ... තව ටිකයි.

" මිස් යූරී එක්ක මම අද ලන්ච් එක ගන්නවා.. බායි..."

ජන්කුක් කට කොනට හිනාවකුත් දාලා ජන්කුක් දිහාවට ඇවිදන් ආපු මිස් යූරිගේ අතින් අල්ල ගත්තා.

" හ්ම්... ඔයා කොහොමද එහෙම කරන්නේ ආ.... ඔහොම ඉන්නවා මම හොද පාඩමක් උගන්නන්...."

ආපස්සට හැරුනු වී තරහෙන් පුපුර පුපුර ජන්කුක් දිහාවට දිව්වා.

ඒත් එක්කම සුදුපාට ආලොකය නැතිවෙලා ගියා වගේම වී ගැස්සිලා ඇස් ඇරියා.


කාලයට අවශ්‍ය දේ සිද්ද උනා. විශ්වයට අදිපති ඇවටාගේ ආත්මය පොල්වටම යට උනා. වීගේ ශරීරය තවත් කිසිම වේදනාවක් දරන්න පුලුවන් විදිහේ එකක් නෙවෙයි. ඔහු මරනාසන්නව බිම ඇදගෙන වැටුනා. තොල් අතර මිමිනුනේ එකම නමක් විතරයි.

" කුකී..... මට බෑ... ඒක මරන්න මට බෑ... "

උදෑසන අලෝකය විහිදිලා තිබුනත් මේ වෙනකොට ඒ ආලෝකය ගිල දමමින් අදුර පැතිරිලා තිබුනා. වේලුනු කොල උඩ වීගේ පන නැති ශරීරය ඔහේ වැතිරිලා.

" ම...ට.. ත..ත...වත් බෑ..... "

සුදු මැලි කම්බුල් දිගේ රූටලා වැටුනු කදුලු වියලි කොල උඩට වැටුනා. වසන්තය කොච්චර සුන්දර උනත් මේ වසන්තය වීටනම් කිසිම විදිහකින් හොද දෙයක් උනේ නෑ.

මැරී යන ශරීරයට පන දෙන්න ඇවටා ආත්මය පොලවෙන් මතු උනෙ නැ.

අදුර අතරතින් ඇදී ආවේ පූජකන් සත් දෙනායි. ඔවුන් අතැති ඌ කඩු තවමත් එදා වගේම අලෝකමත්ව තිබුනා. වී වටා එකතු උනු ඒ අය අමුතු දේ කියන්න ගත්තා.

එක් විනාඩියට එක් අයකු කතා කලා.

" ඔබ අසමත් උනා"

" විශ්වය දැන් අනතුරේ"

" ඔබයි වග කිවයුත්තා"

" ඔබේ ඇගේ කුනු ලේ ඇත.."

" ඔබ මරනයේ යහනට බිලි වෙලා"

" ඒත් ඔබට යන්න බෑ"

" මේක තමයි අන්තිම විසදුම"

" අපේ බලය ඔබට ලබා දෙනවා"

" විශ්වය බේරගන්න"

" ඔබට පමනයි එය කල හැකි"

" කිසිම කෙනෙක්ට බෑ සාපය බිදින්න"

" ඔබට හැකි"

" ඔබ ඔහුගේ පන නසන්න අවශ්‍යයි"

" ඔහුන් දැනටමත් ලෑස්ති පිටයි ඉන්නේ"

" ඔබට තවත් කාලය නෑ "

" බලය ලැබෙද්දී ඔබේ මතකයන් සැගව යයි." *

" ඔබේ ඉතිරිව ඇති මතකයන්ගේ හිමිකරුවන් ලගින් ඈත්ව සිටින්න." *

" සියල්ල අවසානයේ ඔබ ශරීරයට සමු දෙවී"

" විශ්වය බේරෙවී"





ඔවුන් තවත් කතා කලේ නෑ. වී වටා එකතු උනු ඒ පූජකයන් නිහඩව අඩියක් පිටිපස්සට ගියා. ඔවුන් තමන්ගේ කඩුව දෑතුව අල්ලගෙන් පපුවට තද කර ගත්තා. එසැනින්ම ඔවුන් හැමෝගෙම කදෙන් බෙල්ල පන නැතුව කඩාගෙන් වැටුනා. ඒත් ඔවුන්ගේ ශරීරයන් තවත් කෙලින් සිටගෙන සිටිය.

" ම...ට....මට.... බෑ.... කු..කී... අනේ.... පැනලා.... ය..න්...න...."

ඔවුන් සත් දෙනාගේ බලය හුගාක් දරුනුයි. ඔවුන් ඇවටා නිදන් පොත් වල බලයෙන් මෙතෙක් කල් ජීවත් උනේ මැරුනු සොම්බි ලෙසයි. කුනු උනු ශරීර වලට වියපත් ආත්මයක් ආරුඩකරගෙනයි ඔවුන් ජීවත් උනේ. ඔවුන්ට ඇත්තේ මොලයක් පමනයි. ඔවුන්ට ඇත්තේ එක අරමුනක් පමනයි. ඔහුන් ජීවත් වෙන්නේ ඒ සදහාම පමනයි.

ඔය බලය වීට ලැබුනුත් වීත් ඒ අය වගේම වෙනවා. දරුනු බලයක් ලැබුනාම ඕනම කෙනෙක් මහ දරුනු රාක්ශයෙක් වෙනවා. පූජකයන් සත් දෙනාට පොත්වල බලය බෙදිලා ගියත් දැන් ඒ සියලු බලය වීට ලැබෙනවා. ඒක හුගාක් දරුනුයි.

ඒත් පූජකයෝ එක දෙයක් කිව්වා. ඒ දේ නිසා වී දුර්වලයෙක් වෙන්න පුලුවන්.

තවත් මොහොතකින් පූජකයන්ගේ කඩුවලින් අලෝකය විහිදුනා. සත් දිශාවකට ඒ ආලෝකය විසිර ගියේ අකුනු සැර වගෙයි. එකිනෙකාගේ කඩු හතට තරුවක් මෙන් ඇදුනු ආලෝකය මැද තනි උනු වීගේ ශරීරයට ඒ ආලෝකය ඇදිලා යන්න පටන් ගත්තා.

වී මහ දරුනු වේදනාව දරා ගන්න බැරුව යටිගිරියෙන් කෑ ගහන්න ගත්තා. පූජකයන්ගේ ශරීරය පන නැතුව ඇද වැටෙන්න වගෙයි. එහෙත් ඔවුන් බොහොම ශක්තිමත්ව කඩුව දරාගෙන හිටියා. ඔහුන් අවසන් මොහොත වෙනකල් කැප වුනේ වීට බලය ලබා දෙන්නයි.

මුලු කැලෑවමත් පුද බිමත් දෙදරා යන්න පටන් ගත් මේ මොහොතේ විගේ ශරීරය හිටපු තත්වයටම පත් කරා. සුදු මැලි තොල් වියපත් කොන්ඩය සීතල ශරීරය යතා තත්වයටම පත් උනා. ඒත් ශරීරය කලින් තිබුනු වීගේ ශරීරය තරම්ම යහපත් එකක් උනේ නෑ. ඇගපුරාම කුනු ලේ දුවන ශරීරය ඇතුලෙන් හැම තැනම වගේ තුවාල වලින් ලේ වැගිරෙන්න අරගෙන. වී පිටතින් හොඩ්ජින් හිටියත් ඇතුලතින් මැරුනු කෙනෙක් වෙලා.

මහ කුනාටුවකින් අහසම බරවෙලා තවත් තත්පරයක් තුල මහ වැස්සක් කඩාගෙන වැටුනා.

ටික වෙලාවකින් වේදනාව්‍ර්න් කෑ ගහපු වී තදින්ම ඇස් පියාගෙන පොලව බදා ගත්තා.

වී නිහඩව බිම වැතිරිලා හිටියා.

වීගේ තොල් අතරින් වතුර බින්දු දිවට වැටෙද්දී පිපාසිතව තොල් මෑත් කරපු වී කටට වතුර වැටෙන්න ඉඩ ඇරලා උඩු බෙලි අතට හැරුනා.

ඇගිලි පිච්චෙන්න වගෙයි. තත්පරයක් මුලු ඇගම වේදනාවෙන් දැවිලා ඒ වේදනාව නැත්තටම නැති වෙලා ගියා.

තදින්ම ඇස් පියා ගත්ත වී වට පිටාවට කන් නොදී ඉන්න තීරනය කලේ මහා වනාන්තරය වේදනාවෙන් අඩන අදෝනාව නිසයි. ඒ අදෝනාව අහන් ඉන්න බැරි තරම්ම වේදනාකාරී එකක් උනා.







කාලය නැවතුනා.

අහසින් කඩා වැටුනු වතුර බින්දු එකම තැන නතර වෙලා. අකුනු රේකා ඒ විදිහටම අහසේ ඇදිලා නතර වෙලා තුබුනා. මහ හුලගත් එක්ක එහා මෙහා ගසාගෙන ගියපු අතු කොල කෑලි එක තැනක නතර වෙලා.

තවත් අර අදෝනාව නෑ.

ඔක්කොම හරිම නිහඩයි

ඔය වෙලාවේ නිහඩතාවය බිදගෙන ආයුද බිම වැටෙන සද්ද හැම තැනම පැතුර ගෙන ගියා.

වී වටා සිටි පූජකයන් සත් දෙනා නිහඩයි. කාටත් වඩා නිහඩයි.

තවත් තප්පරයකදී සුලගක් නැතුවම අලු වී ඔවුන් සත්දෙනාවම දුවිල්ලක් මෙන් අහසට ගසාගෙන ගියා.

නිසොල්මන්ව තිබුනු ඔවුන්ගේ ලෝගූ පමනක් ඉතිරිව බිම ඇදගෙන වැටුනා.


ඒ පූජකන්ගේ අවසන් කටයුත්තයි.


බිම වැතුරිලා හිටිය වීගේ ශරීරය දැන් කලින් වගේමයි. ඒත් මොකක්ම හරි අමුත්තක් තිබුනා. ඒ අත් මිට මෙලවිලා. තදින්ම පියාගෙන තදකරන් හිටපු ඇස් ඒ තද ගතියෙන් මිදිලා තිබුනා. බෙල්ලේ කලු පාටින් නහරවල් ඉලිප්පිලා තිබුනා. හරියට විසක් දුවලා වගෙයි.


එකපාරටම පොලවට කිසිම බරක් නොදී වීගේ ශරීරය කෙලින් උනා. කිසිම සැකයක් නැතුව ඇස් ඇරිය වීගේ කට කොනේ හිනාවක් ඇදුනා.


බෙල්ල වටේට කරකවන ගමන් හිරි ඇරියේ හරියට කාලෙකට පස්සේ සෙල්ලන් කරන්න යනවා වගෙයි. අත් දෙපැත්තට දිග ඇරලා ඇගිලි කරකවමින් අදුරු පාට නිල් විදුලියක් විහිදවන්න පටන් ගත්තා. බෙල්ල හරවලා දකුනත දිහා බලපු වී ඇගිලි දෙක එකට එකතු කරලා පුංචි සද්දයක් දැම්මා.

නැවතුනු කාලය නැවත හරි ගැස්සුනා. වෙනස් උනු කාලගුනයත් තිබුනු විදිහටම හරි ගැස්සුනා.




වී පුද බිමෙන් අතුරුදහන්ව ගිහින් නම්ජුන්ගේ ගෙදර රූෆටොප් එක උඩින් අදුරු නමුත් නිල් ආලෝකයක් සමග මතු උනා.





____________________________________

Hi guyz.. 🥄

Untamed බලපු අය ඉන්නවද. ඒක බලන්න හුගාක් ලස්සනයි ඒක.

වීට මොකෝ වෙලා තියෙන්නේ කියලා තේරුනා කියලා හිතනෝ. මන් ටිකක් සුපර්නැචුරල් ෆයිට් මැජිකල් වලට කැමති. ඒකයි මන් ඒවා ගැන එහෙම කතා ලියන්නේ.

අම්... ඊලග කතා තුනක් එනවා. ඒවානම් මේ වගේ නෙවේ... නෝමල් කතා තුනක්...

ඔයාලගේ ජන්දේ බලන්න ඔනේ මොකක්ද මුලින් ඔනේ කියලා.




Miss u like crazy

මේ කතාව ගලන්නේ අතීතය වර්තමානය අතරයි. හොදම දේ තමයි මේකේ අනාගතේ ඉන්න කෙනා දරුනුනම් වර්තමානයේ ඒ කෙනා අහින්සකයෙක් වීමයි.
21+
Savage love
King and student


UglY

මේ කතාව මුල ඉදන්ම ටිකක් දුක හිතෙන.. ඒ වගේම විහිලුත් අතරින් පතර තියෙන කතාවක්.
ගුරුවරයෙක් සහා ශිශ්‍යයෙක් අතරත් අයියා සහා මල්ලි අතරත් තමයි කතාව යන්නේ. අයියා මල්ලි කිව්වම බය උනාද..
ස්ටෙප් බ්දර්...
21+


KARMA

මේ කතාව mafia එකක්. Bro romance තියෙන්නේ. ඒක නිසා bl වලට ආස නැති අයටත් කියවන්න පුලුවන්. ඒත් මේකේ හත් දෙනා අතරේ තියෙන්නේ වෙනස්ම බැදීමක්. සමහර විට blවලට අකමැති අයත් මේ කතාව අවසානය කැමති වෙයි. Bl වගේ තමයි කතාව දුවන්නේ.
කෙල්ලන්ව වැඩිය ගාව ගන්නෙනම් නෑ. මෙහෙම හිතන්නකෝ මෙයාලා ඩේට් යන්නේ එයාලා හත්දෙනා එක්කමයි කියලා. හරියට දැන් වගේ😉😏

හොදම දේ මේකේ හුගාක් කී වල අභිරහස් හොයන්න තියෙන්නේ මේ කතාව කියවන රීඩස්ලට. Run epi වලින් තමයි හොයා ගන්න තියෙන්නේ.run epi වලින් එන එකනම් මන් කලින් කියනවා. නැත්තම් ඔයාලට මන් හින්ට් දෙනවා එතකොට ඔයාලට ඒ හින්ට් වලින් හොයාගන්නයි තියෙන්නේ runepi ගාව ගන්නෙ නැතුව.

මේ කතාවෙ කර්මා කියන කෙනාව ඔයාලා හොයන්න ඔනේ. මම කර්මා ගැන හින්ට් දෙනවා. ඒත් මම එයා කවුද කියන එකනම් කියන්නෑ.

හින්ට් එක intro එකේදිම දෙනවා. බලමු හොයා ගනීද කියලා.
ඒ වගේම මේකේ මාෆියා කල්ලී දෙකක් තියෙනවා. ඒ දෙකේ ලීඩස්ලා දෙන්නවත් ඔයාලා හොයා ගන්න ඔනේ.. 🙂

*මේ කවර් ෆොටෝ එක හැදුවේ රීඩස්ලට. ඔයාලට හොදේ... කතාවේ හරි කවර් ෆොටෝ එක නෙවෙයි මේක. මේකෙත් හැන්ගිච්ච දෙයක් තීනවා. ඒක ඔයාලයි හොයන්න ඔනේ... ඒක කතාව දාද්දී කියන්නම්.

මේ වගේ වෙන භාශාවල කතා හරි අඩුයි. එයාලා ඒක්ව්න් පෙන්නනෝ ආමිලා කියන්නේ ශර්ලොක් හෝම්ස්ලා වගේ අය කියලා. ඔන්න ආමිලා ඒ වගේ අය කියලා අපිත් පෙන්නමු. 😉🥄






හරි එහෙනම්... ජන්දේ දෙන්න.. මුලින්ම මොන කතාවද ඔනේ කියලා.

Him or destiny කතාවේ අවසාන‍යත් බලාපොරොත්තු වෙන්න... 🙂 ((🍷🥄

Enjoy...👀

Ishkii...

Bạn đang đọc truyện trên: AzTruyen.Top