28. ☘ ආපහු එන්න



"ඒ කියන්නේ ජන්කුක් ඔයා ලග නෑ..."

එකපාරටම නම්ජුන්ගේ හිත කියවලා වගේ නම්ජුන්ව දැක්ක ගමන් ඒ කෙනා කිව්වා.

" වී..... "





" එතකොට මේ වෙනකොටත්...."



" වී...... මොනාද මේ සිද්ද වෙන්නේ.... වී ජිමින්..."

ආගන්තුක ආත්මය වීගේ ඇවටා ආත්මයයි.
නුහුරු හිනාව නපුරු හිනාවයි.
මේ දෙකම ඇත්තේ ඇවටටයි.
පරිපූර්න ඇවටා කිව්වොත් නිවැරදී.

නම්ජුන් පුදුමය පැත්තට විසික් කරලා තවත් සීතල වෙන ජිමින්ව වීට පෙන්නුවා. ඒත් ඒ පැත්තවත් නොබලපු වී තවත් කල්පනා කරන්න පටන් ගත්තා.

" නෑ මේ වෙනකොටත් එයාව අල්ලගෙනද... මන් පරක්කු වැඩි වෙන්න විදිහක් නෑ. මේක නෙවේ කාලය.. ඒක සිද්ද වෙන්න තවත් පොඩි කාලයක් තියෙනවා.... "

"වී අනේ මගේ ජිමින්ව බේරලා දෙන්න.... වී........ මේ බලන්න එයා මැරෙවී... මේ සීතල එයාට දරා ගන්න..."

නිකටට ඇගිලි යවමින් කල්පනා කර කර බිම බලන් ඉදපු වී එක පාරටම අනික් අත උඩට කරලා ඇගිලි දෙක එකට අතුල්ලන ගමන් පොඩි සද්දය්ක් දැම්මා. ඒත් එක්කම නම්ජුන්ගේ අතේ හිටපු ජිමින්ව සැනෙකින් අතුරු දහන් වෙලා ගියා. නම්ජුන් දෑත් නිසල උනා වගේම බයෙන් වෙව්ලන්න පටන් ගත්තා. ඒ හදවත කෑ ගහන්න ගත්තා කෝ ජිමින් කියලා. කෝහොමද අතේ හිටපු ජිමින්ව අතුරු දහන් උනේ කියලා වට පිට බලපු නම්ජුන් කලබලෙන් හති දාගෙන ජිමින්ගේ නම කිය කිය කෑ ගහන්න පටන් ගත්තා.

වී ගේ මූන ඉස්සරහයින් එක පාරටම නිසොල්මන්ව නිදහස් අවකාශයේ පාවෙමින් සුව නින්දක වැතිරිලා ඉන්න ජිමින්ව මතු උනා.

නම්ජුන්ගේ ඇස් තවත් අද ගන්න බැරි උනා.

මොනාද මේ සිද්ද වෙන්නේ...

මුලු කාලයේම ඔය ප්‍රශ්නය නම්ජුන්ගේ ඔලුව ඇතුලේ නටන්න පටන් අරගත්තා.

ජිමින් සුදු මැලී වෙලා හිටියා මේ දරා ගන්න බැරි සීතල නිසා. රෝස කම්බුල් රතු තොල් සුදුමැලි වෙලා ගිහින්. ඒ ඇස් පිහාටු අයිස් වලින් මිදිලා තිබුනා.

ඒත් මේ දැන්, තව තප්පරයක් තුල ඒ සුදුමැලි කම්බුල ලා රෝස පාටින් බබලන්න පටන් ගත්තා, වගේම සුදු මැලි උනු තොල් රතු පාටින් පිරුනා. ජිමින්ව යතා තත්වෙටම පත් වෙන්න ගියේ තතරයකටත් වඩා පොඩි වෙලාවයි. නම්ජුන්ගේ කකුලුත් තවත් මිදෙන එක නතර වෙලා තිබුනා.

" එයා හොදින්....
එහෙම නේද...
මට කියන්න ජිමින් හොදින් කියලා... මට කියන්න...."

නම්ජුන් කොච්චර ප්‍රශ්න කලත් වී නෙවේ ඒවට උත්තර දුන්නේ.





" එයාව අල්ල ගත්තත් වැඩක් වෙන්නෑ පලි ගැනීම සම්පූර්න වෙන්නේ මෙයාවත් මැරුවමයි... මට හොයා ගන්නම වෙනවා ඒ අය ඉන්න තැන..."





වී එහෙම කියලා එකපාරටම අනික් පැත්ත හැරුනේ ජන්කුක්ව හොයාගෙන යන්නයි.

" ජන්කුක් ඔයා නිසයි ගෙදරින් යන්න ගියේ. ඔහේ මොන යකෙක්ද කියන්න මන් දන්නෑ... මගේ කොල්ලව මට නැති උනේ උබ නිසයි. දැන් මට ජිමින්ව නැති උනොත් ඒකට හේතුවත් උබමයි. උබට ගානක්වත් නැද්ද උබේ එකම යාලුවා ගැන... ආ... හැමදේම උබ..."

නම්ජුන්ට තවත් කතා කරන්න බැරි උනා.

ඔව් හැමදේම එයා නිසයි.
නම්ජුන් හිතුවා.

නම්ජුන්ගේ කට වහලා දැම්ම වී කට කොනට හිනාවෙලා නම්ජුන් දිහාවට හැරුනා.

වී මුල ඉදලම කලේ නම්ජුන්ව බය කරපු එකයි. නම්ජුන්ව පරීක්ෂා කලා කිව්වත් හරි.

ඊලගට එන ඕනම භයානක දේකට නම්ජුන් කෙලින් මූන දෙයිද.

" ඔව්..."

හැමදේකටම වීගේ උත්තරය උනේ ඒක.

ජිමින් දිහා නිකමටවත් ඇහැ කොනකින්වත් නොබලපු වී ඇගිලි හසුරවමින් අල්ල උඩ නිල් එලියක් මවන්න පටන් ගත්තා. ඔය අතරේ වී නම්ජුන්ගෙන් මූන හන්ගගෙන නහය පිහි දැම්මේ අමුත්තක් දනවමින්. ජිමින් කෙටිකාලින නින්දකට වැටුනා වගේම නිදහස් අවකාශයෙන් එයාව අතුරුදහන් වෙලා ගියා.

ජිමින් එයාගෙම ආදරනීය සිහිනයන් වල නතර උනා.


හුරතල් වී වගේම සහෝදරයා සියොක් කටත් ඇරගෙන ජිමින් කන්න උයන දිහා බලාගෙන ඉන්නවා. දෙන්නගෙම අත්වල තිබුනේ කෑම පිගන්. බඩ ගිනී....... ගගා ජිමින් වටේ උඩ උනින දෙන්නා දිහා බල බල ජිමින් හිනා උනේ මේ දේවල් හීනයක් නොවේවා කියලා පතමිනුයි.



................................................................
වී ගේ අලුත් ආත්මය ඔහුට ලැබිලා. එහෙමද...?
එතකොට මේ ඉන්නේ ජිමින්ගේ හුරතල් වී නෙවේද...?

ඇවටා ආත්මයත් සම්පූර්න බලයත් ලැබෙන්න වී එයාගේ හැගීම් නැති කරලා දාන්න ඔනේ...
එහෙම නේද...?

එහෙනම් ඇයි ජිමින්ව සතුටු හිතෙන හීනයක නතර කලේ.

කට කොනේ හිනාව එයාව නපුරෙක් කරලා වගේද.......

ඔහු ඇවටාමද...
....................................................................








නම්ජුන්ට කෙටියෙන්ම උත්තර දීපු වී එකපාරටම සුලගින් ලනුවක් මැව්වා. ඒ ලනුව ඇදිලා ගියේ මේ දැන් අයිස් මිදීමෙන් ගැලවුනු නම්ජුන්ගේ කකුල් දිහාවටයි.

උබ මොන වගේ රාක්ශයෙක්ද කියපන්.... මගේ ජිමින්ට උබ මොනාද කලේ.....

නම්ජුන්ගේ හිත කෑ ගැහුවා. ඒත් ඒ වචනනම් තරහින්ම පිට කරගන්න නම්ජුන්ට බැරි උනා. බෙල්ලේ නහරවල් ඉලිප්පිලා මුලු මූනම රතුපාටින් මිරිකුනා. නම්ජුන් යක්ශාරූඩයෙන් වී දිහාවට කඩන් පැන්නත් අර මැවුනු ලනුව තප්පර භාගයක් ඇතුලත නම්ජුන්ව අල්ල ගත්තා. කකුල් දෙකේ ඉදන් පපුව ලගට වෙනකල්ම එතුනු ලනුව එතනින් නැවතුනේ වීගේ අනටයි. ලනුව හුගාක් ශක්තිමත්ව නම්ජුන්ව බැදගත්තා. හෙල්ලෙන්නවත් බැරි වෙන්නම. කලබලෙන් දැගලන්න වෙර දැරුවත් නම්ජුන්ට කිසිමදෙයක් කර ගන්න බැරි උනා.














....................




වී අතරමන් උනේ ජන්කුක් කොහෙද කියන තැනයි. නම්ජුන්ගේ මනස දැක්ක වී දැනගත්තා ජන්කුක් හුග කාලෙකට කලින් ගෙදරින් ගියපු වග. නම්ජුන්ගේ මනස දකිද්දී ඒ වෙලේ එකපාරටම වීගේ නහයෙන් ලේ ගලන්න පටන් ගත්තා.

එහෙම වෙන්න පුලුවන්ද.

පරිපූර්න ඇවටා කියන්නේ අමරනීය කෙනෙක්. අමරනීය කෙනෙක්ගේ ශරීරයේ උනුසුම් මිනිස් ලේ කොහෙන්ද...

ඒත් වීගේ ඇගේ තිබුනා.






⏳⌚⏳



කාලය ආපස්සට යෑමක්
වීගේ ඇවටා බලය ලබාගැනීමේ
කාලයට

සීත ඉර්තුව අවසානය වසත්කාලය උදාවෙමින් පිනිවැටෙන උදයක වී වෙන්දා වගේම සිත උනුසුම් කරගන්න ලෑස්ති උනා. වී කරන්නේ ඔහු අකමැති දේවල්ම පමයි.

මේ එයා කරන්නේ සිත උනුසුම් කරගන්න එකම නෙවේ. එයා කලේ මතකයන් පුච්චා දැමීමට කටයුතු කිරීමයි. ඒක මහා දරුනු වේදනාවක්. හිතන්න පුලුවන්ද වේගෙන් කැරකෙන කැපෙන යකඩ පෙති වලට අත අල්ලනවා වගේ වේදනාවක් දැනෙද්දී ඒක කෝම ඉවසන් ඉන්නවද කියලා. ඔව් හැගීම් විනාස කරන්නත් මතකයන් පුච්චලා දාන්නත් ඇවටා ආත්මය ලබා ගන්නත් මනුස්ස ශරීරයට දැඩි දුකක් දෙන්න ඕනේ.

වීට දැනුනේ අවුරුද්දකටත් වඩා කාලයක් එයා ඒ වේදනාවන්වල එල්ලිලා හිටියා කියලයි. එයාට එච්චර කාලයක් කියලා දැනුනා කියන්නේ ඔහු දන්නෑ මේ වෙනකොට කාලය ගෙවිලා තියෙන්නේ එයාට වේදනාවන් ගෙන දෙන්නමයි කියලා. කාලය හිමින් ගෙවුනේ ඒ නිසාමයි.

ඔහු පලවෙනි සාර්තක පියවරක් විදිහට ඔහුගේ හැගීම් විනාශ කර ගත්තා.

දෙවනි අඩිය තියන්න ඔහුට තවත් වේදනාවන් විදින්න සිදු වෙනවා.

මතකයන් වීව ඇද දැම්මේ ඔහුගේ උඩු සිතේ හිනාවෙන හීන මැද්දට.

ජන්කුක්ගේ දෑත් වල ලැජ්ජාවෙන් ඇබරෙන වීගේ මූන දිහා බලාගෙන ජන්කුක් හිනා උනා. වීගේ අත් වලින් අයින් වෙලා ජන්කුක් වීගේ ඉන වටේ අත් යවන ගමන් වීගේ නල්ල හරිම ආදරෙන් සිප ගත්තා.
හරිම උනුසුම් හාද්දක්. හැමදේම අමතක කරවලා දාන්න පුලුවන් හාදුවක්. ඒ හිනේම නතරකරගන්න පුලුවන් හාදුවක්.

මුලු ඇගම සීතල කරගෙන ගියා වගේම වීගේ හැගීම් හොදටම ඇවිස්සුනේ ජන්කුක්ගේ මුලු ශරීරයම හොදින්ම දැනෙන්න වීගේ ඇගේ තෙරපුනු නිසයි. ජන්කුක්ගේ ඇස් දිලි සුනා. වීගේ ලැජ්ජාවෙන් රතු උනු කම්බුල් වලට තොල් යැව්ව ජන්කුක් වීව කිති කවන්න වගේ ඒ කම්බුල උඩ තොල් මැතිරුවා.


" වී.......

මේ වගේ හැමදාම මන් ලගින් ඉන්න...
මට ඔනේ ඔයාව විතරමයි..
ඔයා එනකල් මන් මග බලාගෙන ඉන්නවා...


මගේ වී....

ඔය දේ කරන්න එපා...

මට ඔයාව නැතිවෙයි...


මට බයයි...

වී ආපහු මන් හාවට එන්න....."

___________________________________

Hi guyz....




HAPPY NEW YEAR

🎆🎊️🎉️

🍺🍻🥂🍷





හැමදාම වගේ ලගින් හිටපු හැමෝටම ආදරෙයි... 😍

මට හැමදාම වෝට් කරපු කමේන්ට් වැස්සක් දුන්නු හැමෝටම 😘මහ්....

මේ wattpad එකට ආව පොඩි කාලයේ හම්බුනු ඔයාලා වගේ ජොලි රීඩස්ලා මගේ දවසම සතුටින් පිරෙව්වා. ඒකට මන් හදෝතිම්මා ආදලෙයි.... 😁😋😍🍻

ඉස්සරහටත් හෙල්ලෙන මනසක් විදිහටම සාර්තකව කටයුතු කරන බවට දිව්රා පොරොන්දු වෙමි... 🍷🥂😉🤣

එහෙනම් ඕන් මන් ගියා........... 😋🎉️🎊️ dynamite ලෑස්ති කර ගන්න ගමන් concert එක බලන්න හේනම්.. 🍻

Enjoy 😋
Ishki...


Bạn đang đọc truyện trên: AzTruyen.Top