27.☘ ග්රීශ්මයේ හිම පියලි
පපු තුරුලේ බයෙන් ගැහෙන ජිමින් ටිකකට කලින් අතුරුදහන් උනා කියලා බය උනු නම්ජුන් ඒ වෙනකොටත් ඇදුමේ කොනකින් අල්ලගෙන අඩන ජිමින්ව දැකලා පුදුමෙන් හුස්මත් නතර කරගෙනයි ජිමින්ව තදින් බදා ගත්තේ.
පුදුම නිහැඩියාවක් අවට තිබුනේ. කොලයක් වැටුනත් ඒ සද්දේ හොදින්ම ඇහෙන මේ වෙලාවේ නම්ජුන්ගේ හදවතත් ජිමින්ගේ හදවතත් ගැහෙන සද්දේ හොදින්ම ඇහෙන්න තිබුනා. බයේ ගැහෙන ජිමින් නම්ජුන්ගේ පපුවට මූන ඔබන් කදුලු පුරෝගෙන අඩන්න ගත්තා.
" ජන්කුකීයී.... මගේ පැටියයී... බලන්නෝනී......... ජු..න්.... ම...ට... බය...යි...... අ..හ්...අහ්..මෙතනින්... ය...න්...න...ඔනී.... ජු..න්..... "
ජිමින් ඉකි ගගහා නම්ජුන්ට කියන්න ගත්තා. ජිමින් බය උනා එයාගේ පොඩි එවුන් දෙන්නත් දැන් ඇහැරිලා ඇති කියලා. ජිමින් හිතන් හිටියේ ජන්කුකයි වීයි එයාලත් එක්ක තාමත් ඉන්නවා කියකයි. ඒ අහිංසකයට හුගක් දේවල් අමතක වෙන්න පටන් අරන්. නම්ජුන් ජන්කුක් ගියපු එක ගැනත් ජිමින්ට නොකියා හිටියා. ඒ වගේ තත්වෙකදී ජිමින්ට කෝමත් ඒකත් දරා ගන්න අමාරුයි.
කොහොමටවටවත්ම ඒක නම් එයාට දරා ගන්න බෑ.
වට පිටාව නිහැඩියාවෙන් වට කරගන්නවත් එක්කම ජිමින්ට එයාගේ මල්ලී සියොක්ගේ කටහඩ ඇහෙන්න පටන් ගත්තා. එයාගේ ඔලුව වේදනාවෙන් දෙදරන්න පටන් අරගත්තු නිසා ජිමින්ට තවත් වචනයක්වත් කතා කරගන්න බැරි උනා.
ඒත් එක්කම ජිමින්ගේ මූලු ඇගම පන නැතුව නම්ජුන්ගේ අත් උඩට බර උනා.
ඒ ඇස් පිය උනේ නම්ජුන්ගේ කම්බුලට අත යවමිනුයි. ඇස් පියවෙනවත් එක්කම පන නැති අත කඩාගෙන බිමට වැටුනා.
නම්ජුන් ජිමින්ට දිගින් දිගටම කතා කලත් ජිමින්ටනම් කිසිම දෙයක් ඇහුනේ නෑ. ඒ ඇස් පිය උනේ නම්ජුන්ව හොදටම බය කරගෙනයි. ජිමින්ගේ මූනට එබුනු නම්ජුන්ගේ ඇස් වලින් කදුලු බේරෙන්න පටන් ගත්තා. එයා ඉන්න තත්වය ඒ තරම් හොද නෑ. පොඩි බයක් දැනුනත් මුලු ඇගම පන නැතුව යනවා. ජිමින්ට සිහිය නැති උනෙත් ඒ නිසයි.
මේකද අවසානය...
නම්ජුන්ට හිතා ගන්න බෑ මොනාද මේ වෙන්නේ කියන්න.. එක එක වෙලාවකට සිද්ද වෙන්නේ මහ බය හිතෙන දේවල්. පහර දෙන්න හදන අය මූනටම පයින්නේ නැති එක ගැන නම්ජුන්ට බය හිතුනා. උන් හුගාක් දරුනු අය වෙන්න ඔනේ කියලත්, ලොකු ප්ලෑන් එකක් පිටයි මේ පහර දෙන්නේ කියලත් නම්ජුන් බය උනා. එයාගේ තරහාකාරයෝ එයා නිසා දැන් ජිමින්ටත් කරදර කරාවී.. නම්ජුන්ගේ පපුව එච්චර සද්දෙන් ගැහුනේ ඒ වැරදී හැගීම නිසයි. නම්ජුන්ගේ ජීවිතේට ජිමින් වගේ අහිංසක කෙනෙක්ව ලන් කර ගන්න කලින් ටිකක් හිතන්න තිබුනා කියලයි එයා දිගින් දිගටම හිතුවේ. මෙතනදී ජිමින්ට මොනාහරි උනොත් ඒ හැමදේම එයා නිසයි... තමාටම බැන ගත්තු නම්ජුන්ගේ පපුව ගිනිගන්න වගෙයි.
නම්ජුන් සිහි නැති ජිමින්ව පපුවට තද කරගෙන ඉලග මොහොතෙදි ඔලුව ඉස්සුවේ වටපිටාවේ දැන් කිසිම සද්දයක් නැති නිසායි.
ඔලුව උස්සද්දී කලින් දැකපු දේටත් වඩා මහා පුදුම හිතෙන දේ නිසා නම්ජුන් ගල් ගැහුනා.
මොනාද මේ සිද්ද වෙන්නේ....
අපි කොහෙද මේ ඉන්නේ...
නම්ජුන්ගේ ඇස් පුදුමෙන් විශාල උනා. ඒ වගේම කටත් ඇරුනා. අදුරු රාත්රියක ගාඩන් එක මැද තනිවෙලා හිටපු නම්ජුනයි ජිමිනුයි විශාල ගල් රූප ගොඩක් මැද ඉදගෙන ඉන්නවා.
එහේ බලලා මෙහෙ බලන සැනින් ඒ දෙන්නම වෙනත් ලෝකෙකටවත් ඇවිද්ද...
ඔවුන් ටිකකට කලින් හිටියේ මහ අදුරු රැයක... ඒත් දැන්... හොදටම එලිය වැටිලා. ඉර මුදුන් වෙලා ගිනි රස්නෙට ඔලුවත් රිදෙන තරමටම.
දෑත් උඩ පන නැති ජිමින්ව උස්ස ගත්ත නම්ජුන් මේ වෙලා තියෙන දේ ගැන හිතා ගන්න බැරුව කලබලෙන් වට පිට බැලුවා. කොහොමද එකපාරටම එලිය උනේ. කොහොමද අපි මෙතන්ට ආවේ. නම්ජුන්ගේ හිත ප්රශ්න කලා.
පිච්චෙන අවුවේ ගිනිගන්න පොලවේ අඩුම තරමේ කකුල් දෙකේ සපත්තුවක්වත් නැතුව නම්ජුන් හිටගෙන ඉන්නවා. කොහාට යන්නද මොනා කරන්නද ඊලගට මොනා වෙයිද... නම්ජුන් අතරමන් වෙලා.
කලබලෙන් හති දාගෙන වට පිට බල බල නම්ජුන් හෙව්වේ ගේ කොහෙද කියලයි. පේන තෙක් මානෙක එයාගේ ගේ තියා නගරෙක හෙවනැල්ලක්වත් පේන්න තිබුනෙ නෑ.
ඔය අතරේ එකපාරටම ගිනිගහන රස්නය හිමීට නැති වෙලා යන්න පටන් ගත්තා.
නෑ එතන සිද්ද උනේ වෙන දෙයක්. ග්රීශ්ම කාලේ හිම වැටෙනවා දැක්ක පලවෙනි කෙනා නම්ජුන් වෙන්න ඇති. ඔව් එතන සිද්ද උනේ ඒ වගේ කීයටවත් හිතුවේ නැති අමුතු දේවල්.
අහසින් එකපාරටම හිම පියලි කඩන් වැටෙන්න පටන් ගත්තා. හිරු එලිය කෙමෙන් කෙමෙන් පායන්න අරගන්නවත් එක්කම හිම වලින් හැම තැනම වහ ගන්නත් පටන් අරගෙන තිබුනා.
හිම පියලි වැටෙන්න පටන් අරගෙන විනාඩියක් ඇතුලත දරුනු කුනාටුවකට වටපිටාව හැඩ ගැහුනා. පරිසරය ඉක්මනින්ම වෙනස් උනා. ගස් වල කොල කොහාටදෝ අතුරුදන් උනා. සත්තු හිටියද කියලවත් හොයා ගන්න බැරි උනා. හරියට හැමදේම කලින් ඉදන්ම පරිසරය දැනගෙන ඉදලා වගේ. මේ සිද්ද වෙන්නෙනම් මහම විකාර දෙයක්.
මහ රෑය එකපාරටම ගිනි ගන්න දවාලක් උනා. ඒ ගිනිරස්නය නැති කරගෙන එකපාරටම හිම වැටෙන්න පටන් ගත්තා. ඒ මදිවට අහසම අදුරු කරගෙන ලොකු කුනාටුවක් එන්න වගේ හැඩ ගැහුනා.
නම්ජුන් හිතාගෙන ඉන්නේ එයා විකාර පිස්සු හැදෙන හීනෙක ඉන්නවා කියලයි.
ඇස් පියාගත්ත නම්ජුන් කීප වතාවක්ම බලෙන් ඇහෙරෙන්න උත්සාහ කලා. ඔලුව හයියෙන්ම හොලවන්න පටන් ගත්තා. ඒත් එයා හීනෙන්නම් ඇහැරුනේ නෑ. නම්ජුන් තේටුම් ගත්තා මේ විකාර දේවල් ඇත්තටම සිද්ද වෙනවා කියලා.
බලා ඉන්න ඇද්දී හැමතැනම වගේ අඩිය තියන්න බැරි විදිහටම අයිස් වලින් මිදෙන්න පටන් ගත්තා. නම්ජුන් හිටිය තැන වට කරලා ඒ අයිස් මිදිල්ල ඔවුන් දෙන්නාව මදකට සීතලෙන් වෙව්ලන තැනටම පත්කලා. ජිමින්ගේ ඇග අයිස් කුට්ටියක් වගෙයි. නම්ජුන් ජිමින්ව තදින්ම අල්ලගෙන මේ වෙන අමුතු දේවල් දිහා බලන් හිටියේ පුදුම බයකින්.
ඊලගට හොද දෙයක් සිද්ද වෙන්නෑ කියන දේ හිතට ආපු ගමන් තවත් බලා නොයිදපු නම්ජුන් ජිමින්වත් අරගෙන එතනින් පැන ගන්න හැදුවා. ඉලග තප්පරේදී නම්ජුන් පුලුවන් තරම් වේගෙන් අයිස් තට්ටු උඩ අඩි තිය තිය දුවන්න පටන් ගත්තා.
බෑ බෑ තවත් දුවන්න බෑ. නම්ජුන්ගේ කකුල් සීතල නිසා ගල් ගැහෙන්න පටන් අරගෙන. නම්ජුන් කකුල් පුදුම හිතෙන විදිහට බලාඉද්දිම එකපාරට මිදෙන්න ගත්තා. එයාට තවත් අඩියක්වත් ඉස්සරහට තියාගන්න බැරි වෙන්නම ඒ කකුල් ගල් ගැහිලා මිදුනා.
නම්ජුන් මේ මොන දේ උනත් පපුවට ගුලිවෙලා ඉන්න ජිමින්වනම් අත ඇරියේ නෑ.
ඊලග තප්පරේ නම්ජුන් කෑ ගැහුවා.
යටි ගිරියෙන් කෑ ගැහුවා.
ඒත් කලින් වගේම එයාගේ කටහඩ පිට උනේ නෑ. නම්ජුන්ගේ මුලු ඇගම පන නැති වෙන්න වගෙයි. සීතල නිසා මුලු ශරීරයම ගල් ගැහිලා. කටින් වගේම නහයෙනුත් සීතල හුස්ම පිට වෙනවා. මනුස්සයෙක්ට දරා ගන්න බැරි විදිහේ සීතලක් ඒක. තවත් ජිමින්ව කොහොමද එයා දරා ගන්නේ. ඒත් ආදරනීය නම්ජුන් අන්තිම මොහොත වෙනකල්ම එයාගේ පන වගේ ජිමින්ව ආරක්ශා කරන්න කැප උනා.
මේ වෙද්දී මුලු වට පිටාවම බය හිතෙන විදිහට හැඩ ගැහිලා. ගල් රූප වටා තිබුනේ කැලෑවක්. ඒ කැලෑවෙන් එහාට කොහාට කියලවත් යන්න විදිහක් නැති වග පෙවුනා. මොකද මේ වෙද්දී ඒ හැම තැනක්ම අයිස් වලින් මිදිලා තිබුනා. මේ දේවල් සිද්ද වෙන්නේ කොහොමද.. ඒක කාටවත්ම හිතා ගන්න නම් බෑ. නම්ජුට දරා ගන්න බැරි උනේ හැලහොල්මනක් නැතුව දෑත් උඩ පන නැතුව ඉන්න ජිමින් ඉන්න විදිහ දැකලයි. භාගෙට මිදුනු නම්ජුන් වගේම ඊලග තප්පරේදී ජීමින්වත් ඒ වගේම මිදේවී. මේ හැමදේම දිහා බලාගෙන නම්ජුන්ට මොකුත්ම කර ගන්න බැරි වෙවී.
ඊලගට මේ සිද්දවෙන හැමදේටම උත්තරයක් දෙමින් ඊලග මොහොතෙහි ආගන්තුක ආත්මයක, ආගන්තුක නොවන ශරීරයකින් අදුරු සීතල හිම වැටෙන අහසින් බිමට පාවෙලා ආවා. නම්ජුන්ගේ ඇස්වලට දරා ගන්න බැරි ඒ සුදු එලිය වැලද ගත් කෙනා පොලවට අඩි තිබ්බ ගමන් තවත් ඒ අඩිය තිබ්බ තැන් අයිස් වලින් මිදෙන්න පටන් ගත්තා.
නම්ජුන්ට දැනුනේ ඒ කෙනා හරියට අයිස් පාලනට කරන්න පුලුවන් අමුතු මයාකාරයෙක් වගෙයි. කවදාවත් මායාවන් විස්වාස නොකරපු නම්ජුන්ට දැම් මේ හැමදේම පිලිගන්න සිද්ද වුනා. පිලි නොගෙන කොහොමද මෙච්ච දේවල් සිද්ද උනාට පස්සෙත්.
අයිස් උඩ හරිම ලේසියෙන් අඩි තිබ්බ ඒ කෙනාගේ කකුල්නම් නම්ජුන්ගේ වගේ අයිස් වලින් මිදුනේ නෑ. නම්ජුන් ඒ කෙනාව දැක්ක ගමන් මොන හොල්මනක් උනත් කමක් නෑ ජිමින්ව බේර ගන්න ඔනේ කියලා හිතාගෙන ඒ ආව කෙනාගෙන් කෑ ගහලා උදව් ඉල්ලන්න ලෑස්ති උනා.
ආලෝකය ඇහැට හුරුවෙනවත් එක්කම නම්ජුන් ඒ කෙනාව දැකලා හොල්මනක් දැක්කා වගේ මොහොතක් ගල් ගැහුනා. නම්ජුන්ගේ ඉස්සරහට ඇවිදන් ආපු ඒ කෙනා නම්ජුන්ට හරි අපුරු හිනාවකින් සංග්රහා කලා.
හුරු පුරුදු නැතත් ඒ අමුතු හිනාව පුරුදු මූනක ඇදෙද්දී නම්ජුන්ගේ පුදුමෙන් වෙව්ලන දෑස් හොදටම කලබලේට පත් උනා.
" ඉතින්... කොහොමද නම්ජුන්... හුග කාලෙකට පස්සේ නේද..."
___________________________________
Hi guyz... 👀
හුග කාලෙකින් නේද... 😂
ඊලග කොටස හෙට ආ නෑනේ අද අද..අද කීයට හරි දාන්නම් හුදේ... 🙊
Taege b day ekata mn meka genawe ada 👀
සුභ උපන්දිනයක් කියලා මම අපේ ටේ පැටියට කෑ ගහලා කියන ගමන් හොදට කොට්ටේ බදාගෙන දොයියන්නයි යන්නේ 🙊🙈 හේනම් gd9t ලමෝයි 😍
Enjoy 💪
Ishki...
Bạn đang đọc truyện trên: AzTruyen.Top