26.☘ මන් ලගින්ම ඉන්නවා


* No one p.o.v. *


ගාඩන් එක මැද්දෙන් නම්ජුන් දිව්වේ මේන් ගේට් එක දිහාට. නම්ජුන් බලාපොරොත්තු උනත් එහෙම එතනට දුවලා ගිහින් ගාඩ්ලව ගන්න ඒත් එයාට මේන් ගේට් එකට දුවලා යන්න බැරි උනා. එතන මහා අමුතු දේවල් වෙන්න පටන් අරගත්තා.

මේන් ගේට් එක තියෙන්න ඕන තැනට ආවත් එතන මේන් ගේට් එකනම් තිබ්බේ නෑ. කැලෑවක අතරමන් උනු පූස් පැටියෙක් වගෙයි නම්ජුන්ට දැනුනේ.
පේන මානෙක බොඩි ගාඩ්ස්ලා තියා බල්ලෙක්වත් නෑ. නම්ජුන්ගේ ඇස් පුදුමෙන් ලොකු වුනා වගේම කටත් ඇරුනා. ඒත් නවතින්නැතුවම දුවපු නම්ජුන් පිටිපස්සෙන් එන අයව මහන්සි කරවන්න කියලා හිතාගෙන තවත් වටයක් දුවන්න පටන් ගත්තා. පාර වැරදිනාද කියලා හිත හිත දිව්ව නම්ජුන් අන්තිමෙට නතර උනේ කලින් හිටපු තැනමයි. කැරකිලා කැරකිලා නම්ජුන් ආයෙමත් කලින් තැනටම ඇවිත්. කුඩු උනු පෝච්චිය තිබුනු විදිහටම හරි ගැහිලා තිබුනා නම්ජුන් හොදට දැක්කා.
එයාට තේරුනා මොකක්ම හරි අවුලක් තියෙනවා කියලා. කොහාට දිව්වත් වැටෙන්නේ මෙතන්ටමයි කියලා නම්ජුන්ට තේරුනා මොකද යන්න තවත් පාරවල් නෑ හැම එකක්ම වැහිලා ගිහින් ගස් අතු පතු වලින්.

නම්ජුන්ගේ පන නැති ශරීරයට තවත්නම් දුවාගන්න ශක්තියක් තිබුනේ නෑ. තනියෙම මේ හොරුන්ට මූන දෙන්න එඩිතරකම හිතේ තිබ්බත් නම්ජුන්ට තේරුනා ඒක මහ ගොන් වැඩක් කියන එක. නම්ජුන්ට ඔනේ උනා කෑ ගහලා ගාඩ්ස්ලව ගෙන්න ගන්න.

තවත් බලා නොයිදපු නම්ජුන් මහ හඩින් කෑ ගැහුවා. එක පාරක් නෙවේ පස් හය පාරක්ම. යටි ගිරියෙන්ම කෑ ගැහුවා. ඒත් විස්වාස කරන්න බැරි විදිහට ඒ කටහඩ එකපාරටම ගොළු වෙලා ගිහින් තිබුනා. කිසිම සද්දයක් ඒ තොල් අතරින් පිට උනේ නෑ.




නම්ජුන්ට පිස්සු හැදෙන්න වගෙයි මේ වෙන දේවල් නිසා. උගුර අත් දෙකෙන්ම අල්ලගෙන් නම්ජුන් තවත් උත්සාහා කලා කෑ ගහන්න. ඒත් බැරි උනා. උගුර ලේ රහ වෙනකල්ම කෑ ගැහුවත් කිසිම වැඩක් උනේ නෑ. නම්ජුන් සංසුන්වෙන්න උත්සාහා කරේ වටපිටාවට කන් යොමු කරගෙනයි.
කලින් අඩි සද්ද දැන්නම් ඈහෙන්නෙ නෑ.

පිටිපස්ස බැලුව නම්ජුන් දුවන එක නතර කරලා බිමට නැවිලා අත් දෙකෙන් දනිස්සට වාරු දීලා හයියෙන් හති ඇරියා. මේ වගේ සිද්දී නම්ජුන්ගේ ජීව්තේට ඔන තරම් ඇවිත් ඇති. ඒත් ඒ හැම වෙලාවකම නම්ජුන්ට ලොකු ගාඩ් එකක් තිබ්බා. එක්ව්ක් හරි ලග හිටියා. නම්ජුන් තනියෙම ෆයිට් කරත් දැම් එයාට ඒකට මූන දෙන්න තරම් ශක්තියක් නෑ.

නම්ජුන්ව මරන්න ඕන තරම් මන්කොල්ල කාරයෝ ඇවිත් ඇති. ඒ නිසා මේ වගේ වෙලාවක ක්ෂනිකව කරන්න ඔනේ දේවල් එයාගේ මොලේට ආවා. ඒත් දැන් මේ වෙන දේවල් හුගාක් අමුතුයි.
කවුරුහරි පස්සෙන් එනවා.
ඒ එක්කෙනෙකුත් නෙවෙයි.
ඒත් කවුද..
හොල්මන් වගේ නොපෙනී ඉන්නේ කොහොමද...
එකපාරටම මෙහෙම අතුරු දහන් වෙන්නේ කොහොමද...

ටිකින් ටික වටපොටාව හොදටම නිහඩ වෙද්දී නම්ජුන්ට හිතුනේ උන් නම්ජුන්ට උගුලක් අටවන්න හදන වගයි.

නම්ජුන් තවත් හොදට ඔලුව උස්සලා වට පිට බලන ගමන් කෙලින් උනා. කවුරුත්ම හිටියේ නෑ. කලුවර නිසා හරියට කිසි දෙයක් පෙවුනෙත් නෑ.

ඔය අතරේ එකපාරටම පුදුම හිතෙන දෙයක් සිද්ද උනා. නම්ජුන් කලුවර ගැන හිතද්දිම මුලු ගාඩන් එකේම ලයිට්ස් පත්තු උනා. ඒකත් හරිම අමුතු විදිහට. නම්ජුන් හිටිය තැනේ හැර අනික් හැම තැනම තිබුනු හැම ලයිට් හැම එකක්ම පත්තු උනා. නම්ජුන් පුදුමෙන් හතර වටේම බැලුවා. එයා හිටපු තැන විතරක් කිසිම එලියක් තිබුනේ නෑ. හරියට එයාවම හොයන් ආපු විදිහට.
















" ජුන්...... ජුන්........ අනේ.... ජුන්...."




ඔය වෙලේ එකපාරටම නම්ජුන්ව එකපාරටම ප අඩාගෙන ඇවිත් බදා ගත්තේ ජිමින්. ජිමින්ගේ පස්සෙන් සවන්ට්ලා කීප දෙනෙක්ම දුවගෙන ආවා. ජිමින් බයෙන් වගේ දුවගෙන ආවේ.

නින්ද කැඩිලා ඇස් ඇරපු ජිමින් ලග නැති ජුන්ව හොයාගෙන ඇදෙන් බිමට බැහැලා කෙලින්ම ආවේ ගාඩන් එකට. එයාවත් දන්නෑ ඒ ඇයි කියන්න. එයා කලේ හීනේ හැටියට යන එක.

මල් වලින් පිරුනු ගාඩන් එකේ තනියෙම ඉන්න ජුන් කරදරේක වැටිලා කෑ ගහලා ජිමින්ට කතා කරනවා එයා හීනෙන් දැක්කා. ඒත් එක්කම ගැස්සිලා ඇහැරුනු ජිමින් සවන්ට්ලවත් මග ඇරලා නම්ජුන් ඉන්න දිහාවට දුවගෙන ආවා. පිටිපස්සෙන් දුවන් එන සවන්ට්ලා නිසා ජිමින් අඩන්න ගත්තා ජුන් ලගට යන්න දෙන්න ගගා. නම්ජුන්ට කරදරයක් වෙලා කියලයි ජිමින්ගේ අහින්සක හිත කෑ ගැහුවේ. අන්තිමට නම්ජුන් ඈත තියාම දැකපු ජිමින් නම්ජුන් හොදින් ඉන්නවා දැකලා එක පිම්මට උඩ පැනගෙන නම්ජුන්ව පිටිපස්සෙන් බදා ගත්තා.

කිසි දෙයක් හිතා ගන්න බැරි නම්ජුන් එයාගේ ඉනේ එතුනු පුංචි අත් දෙක දිහා ගැස්සෙන ගමන් බැලුවා. ඒඋනුහුම හොදාකාරවම කාගෙද කියලා නම්ජුන් දන්නවා.
අත් දෙක එකපාරටම ලෙහපු නම්ජුන් එකපාරටම පිටිපස්ස හැරිලා ජිමින්ව බදා ගත්තා. පොඩි වෙලාවකට ජිමින් නිසා නම්ජුන්ගේ බය අතුරුදහන් උනා. ඒත් ඒ බය තිබුනටත් වඩා වැඩියෙන් නම්ජුන්ගේ හිතට දැනෙන්න ආයෙමත් වැඩි වෙලාවක් ගියේ නෑ.

ජිමින්ගේ පස්සෙන් දුවන් ආපු සේවකයෝ හතර කොනේ බිම ඇදගෙන වැටිලා ඉන්න විදිහයි නම්ජුන් ජිමින්ගේ ඔලුව උඩින් මහා බයානක විදිහට දැක්කේ.












නම්ජුන් කිසිම දෙයක් හිතාගන්න බැරුව හෙල්ලෙන්නේ නැතුවම හිටියා. කෝමද එහෙම දෙයක් වෙන්නේ. මේ දැන් හොදට හිටපු ඒ අය..

" ජුන්..... වේ...."

නම්ජුන් ජිමින්ව තදින්ම පපුවට තුරුල් කරගනිද්දී ජිමින්ගේ මූන මිරිකෙන්න ගත්තා. ජිමින් අමාරුවෙන් මූන අනික් පැත්ත හරෝගත්තා.

" අපි ඇතුල්ට යමුකෝ...... මන් හීනෙන් දැක්කා මගේ ජුන්ගේ පස්සෙන් කවුදෝ එනවා මට බයයි... අපි යමුකෝ..... "

ජිමින් පොඩි එකෙන් වගේ ඔලුව උස්සලා නම්ජුන්ගේ මූන දිහා බලාගෙන කිව්වා.
ඒත් නම්ජුන්ගේ ඇස් එක එල්ලේවෙම වැටිලා තිබුනේ බිම වැටිලා ඉන්න සේවකයන් දිහාවට. කිසිම සෙලවීමක් හැලහොල්මනක්වත් නැති ඒ අය මැරුනු අය වගේ හිටියා. ජිමින් නම්ජුන්ගේ අත් දෙකෙන් බේරිලා නම්ජුන්ව ඇදගෙන ඇතුල්ට යන්න කියලා හිතාගෙන නම්ජුන්ගේ අත් දෙක ගලවන්න හැදුවා. ඒත් නම්ජුන් ජිමින් හෙල්ලෙන්න හෙල්ලෙන්න තවත් එයාව පපුවටම තද කර ගත්තා. නම්ජුන්ගේ පපුව ගැහෙන වේගය ජිමින්ට හොදින්ම තේරුනා. ජිමින් බැලුවා ඇයි මේ ජුන් කවදාවත් නැතුව අමුතු වෙලා කියලා.


" ජුන්... අනේ.... ඇයි මේ.... ඔයා මාව මෙහෙම හ...හ...යියෙන්..."


නම්ජුන්ට හිතාගන්න බෑ ඊලගට මොනා කියලා කරන්නද කියලා. නොහිතපු වෙලාවක ජිමින් ආවා. ජිමින්ව දැක්කම බය අතුරුදහන් උනා වගේ නෙවෙයි දැන් නම්ජුන්ට ජිමින්ගේ ආරාක්ශාව ගැන හිතලම පන යන්නත් වගෙයි.
දුවන ඒක මෝඩ වැඩක්. කොහාට කියලා දුවන්නද. උන් හැම තැනම ඉන්නවා. දෙන්නව සම්පූර්නයෙන්ම කොටු කරගෙන ඉවරයි. සේවකයන්ව එකපාරටම මරපු ඒ හොරු මේ දෙන්න හෙල්ලුනොත් එකපාරම මරලා දායි කියන සැකේ නම්ජුන්ට තිබුනා.

නම්ජුන්ගේ නල්ල දෙපැත්තෙන් හීන්දාඩිය දාන්න ගත්තා ජීවිතේ පලවෙනි වතාවට. මේ වෙනකල් නොතිබ්බ ලොකුම බය එයාට දැනෙන්න ගත්තා. ජිමින්ව බේර ගන්න ඔනේ කියන එක නම්ජුන්ගේ ඔලුව ඇතුලේ දෝන් කාර දෙන්න ගත්තා. මෙ වගේ වෙලාවක තමන් බේරෙන්න ඔනේ කියන එක නෙවෙයි, නම්ජුන්ට ඔනේ උනේ එයාගේ අහිංසක ජිමින්ව මේ මර උගුලෙන් කෝම හරි ගලව ගන්න.

එයාලට කවුද පහර දෙන්න යන්නේ කියලවත් නොදැන වෙන දේකට මූන දෙන්න හිතාගෙන නම්ජුන් ජිමින්ව එකපාරටම එයාගේ පිටිපස්සට තල්ලු කරලා ජිමින්ව හන්ග ගත්තා. ජිමින්ගේ ඇස් පුදුමෙන් එකපාරටම උඩ ගියා. ජිමින්ගේ පන නැති ඇග නම්ජුන්ට ඔනේ විදිහට හසුරන්න ලේසියෙම්ම පුලුවන් උනා. පිටිපස්සට විසික් වෙලා ගියපු ජිමින්ගේ අතින් ඇදලා අර ගත්ත නම්ජුන් ජිමින්ව එයාගේ පිටට ලන් කර ගත්තා.




වටේ වෙන කිසිම දෙයක් නොදන්න ජිමින් ඉස්සිලා හුරතල් විදිහට නම්ජුන්ගේ උරහිසින් නිකට තියාගෙන

" ජුන්....... මට මොකුත් පේන්නෑනේ..... වීයි ජන්කුකයි ඇහැරිලද දන්නෑ.... අනී.....අපි යමුකෝ...."

නම්ජුන්ගේ මූලු ඇගම බයට වෙව්ලන්න පටන් අරගෙන උනත් ජිමින් නිසා හිතට දැනුනු ශක්තිය එයාට ලොකු උදව්වක් උනා. උරහිස උඩ තිබුනු ජිමින්ගේ මූන දිහා ඇස් කොනෙන් නම්ජුන් බැලුවේ
හිත යටින්

' දැන් මොනා උනත් මන් ඔයාව කෝමහරි බේරගන්නවා.. ඔයාට මොකුත්ම වෙන්න දෙන්නෑ... මන් ආදරෙයි.. හැමදාමත්... '

කියන ගමනුයි. ජිමින් ඇස් බෝල කරගෙන වේලුනු කදුලු අතරින් ජුන්ට ලස්සනට හිනා උනා. ඒත් එක්කම ජුන් ජිමින්ව පිටිපස්සට තල්ලු කරලා දෙපාරක් නොහිතම එකපාරටම ඈත බිම වැටිලා ඉන්න සේවකයෝ දිහාවට දුවගෙන ගියේ හොරුන්ගේ උගුලට කැමැත්තෙන්ම අහුවෙන්නයි. නම්ජුන්ට හිතුනේ උන්ට ඔනේ නම්ජුන්ව කියලයි. ඉතින් ලේසියෙන්ම එයා යටත් උනොත් ජිමින්ව අත අරීවී කියලා නම්ජුන් ඒ හොරු ඉන්න දිහාවට දිව්වා.

එත් නම්ජුන් ඒ දිහාවට දුවද්දී ඉස්සල්ලා තැන් තැන් වල වැටිලා හිටපු එක සේවකයෙක්වත් පේන්න හිටියේ නෑ. මොනාද මේ සිද්ද වෙන්නේ... නම්ජුන්ට කර කියා ගන්න දෙයක් නැ. නම්ජුන් ශොක් වෙලා එහෙමම නැවතුනා.
ඒ අයව කොහාට හරි ඇදගෙන ගියාද කියලාවත් පේන්න තිබුනේ නෑ. ඉතින් මේ ඩින්ගට කොහාට කියලා ඇදන් යන්නද. එහෙනම් පේන්න ඔනේ හැම තැනම ලයිට් දාලා තිබුනනේ, ඒත් එහෙම කිසිම දෙයක් නෑ.

මොකක් හරිම නපුරු දෙයක් වෙනවා කියලා නම්ජුන්ගේ හිත කෑ ගහද්දී නම්ජුන් එකපාරටම පිටිපස්ස හැරුනේ

" නෑනෑනෑ ඒකනම් වෙන්න එපා.... "

කියාගෙනයි.

ඉහෙන් කනෙන් දාඩියත් දාගෙන වගේම ඒ අත් හොදටම වෙව්ලන්න ගත්තා.



ඔව් එයා හිතුව දේ හරියටම හරි... එයාට ඉතුරු වෙලා තිබුනු එකම වස්තුව ජිමින්, ඒ හිටපු තැන ජිමින් නෑ.

සවන්ට්ලා වගේම ජිමින්වත්..

"ජුන් ජුන් ජුන් ජුන්........... අනේ... කොහෙද මාව දාලා යන්නේ...😭😭😭😭😭😭😭😭😭"

" ජි..ජි..ජිමින්........."

හුරතල් කටහඩ ඉකි ගගහා නම්ජුන්ගේ කන ලග බෙරිහන් දුන්නා. නම්ජුන් තල්ලු කලාට මොකද ජිමින් නම්ජුන්ගේ පස්සෙන්ම දිවගෙන ආවා නම්ජුන් දුවන දිහාවටම. දැන්නම් නම්ජුන්ගේ හුස්ම නතර වෙන්න වගෙයි. ජිමින්ව ඇදලා අරගෙන තදින්ම බදා ගත්තු නම්ජුන් ඇස් වලට කදුලු පුරෝ ගත්තේ දරා ගන්න බැරි වේදනාවකින්.

ඒත් එක්කම ආයෙමත් මුලු ගාඩන් එකේම ලයිට්ස් ගියා. හැම තැනම් පුදුම විදිහට අදුරෙන් වෙලා ගත්තා. ජිමින් බය වුනු පාර හොදටම අඩන්න ගත්තා.


" ෂ්.... බය වෙන්නෙපා...මම ඔයා ලගින්ම ඉන්නවනේ... පන මන් ගොඩාක් ආදරෙයි... "

ජිමින්ගේ කනට කොදුරපු නම්ජුන් ජිමින්ව පොඩ්ඩක්වත් ඈත් නොකර පපුවට තද කරලා තූරුල් කරගත්තා මොන දේ උනත් මන් ඔයාව අත අරින්නෑ කියලා හිතාගෙන..


















___~______'____________'_____~_____

Guyzzzzzzzz ↕🎊️↕

Thank you soooooo much 🎊☹️

එන්න ලමයි මන් ගානේ අද ඔක්කොම ඔයාලට පාටි.....

අපි අද හොදට බොමු... එන්ට ලමයි ☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕🍒🥨🥐🥖🥞🍔🍿🍡🥟🥡🍦☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕🎂🍰🥧🍭🍬🍭🍬🍩🍨

ඇති වෙන්න තිබ්බා කියලා හිතනෝ 🙊 හරි නේ... ප්ලේන් ටී කාලා කස්ටිය දැම් බිස්කට්ටුවක් බීලා මට උම්මා දීල යන්න 🙊 යන්න එපා මා එක්කම ඉන්න.... 😝😝😝😝😝😝

මේ දැක්කද ජිමින්ශී මට විශ් කරන්න ආවා.... බලන්න එයාගේ විශ් එක කිස්මස් විස් එකක්... අනේ ඒ විස්කෝටුවටමන් ආදරෙයි... 😭

එයා ලයිව් එයිලු නේහ් 😫
මේ බබා අඩම්නයි යන්නෙ...

ඔඔන්න අපේ වීඇවටා ඔප්පගේ බී ඩේ එකත් අත ලගම එනෝ.... 🍭🎂🎇🎉️🎊️


Enjoy 🎂
Ishki...

Bạn đang đọc truyện trên: AzTruyen.Top