25. ☘ හෙවනැලි
* Namjoon p.o.v. *
ජනකුකා ඒ ඔයා නේද...
මන් දැනම් හිටියා අන්තිමට ඔයා එනවා කියලා..
මන් දොර ඇරියේ පුදුම සතුටකින්. කවදාවත් නැති විදිහේ හිනාවකුත් මගේ මූනට ඇවිල්ලා. හදවත ගැහෙන වේගේ හොදටම වැඩි වෙන්න පටන් ගත්තා.
මන් දොර ඇරියේ නිකන් මවා ගත්තු දෙයක්ද නැත්තම් ඒ ඇත්තටම ජන්කුකාද කියන දෙගිටියාවෙන්.
දොර හයියෙන්ම ඇරලා මන් එලියට පැන්නේ මගේ පොඩි එකාව බදා ගන්න කියලා හිතාගෙනයි.
"නෑ නෑනෑ................... ජන්කුකා... කෝ.... කෝ..... ඔයා මෙතන හිටියා.... ජන්කුකා.... කොහෙද ඔයා... ඇයි හෙයොන්ගෙන් හැන්ගෙන්නේ.... ඔයා එක්ක මටකිසිම තරහක් නෑ මල්ලී.... මට දැන් මහන්සී උබව හොයලම.. කෝම හොයන්නද උබව මන්.. මගෙන් හැන්ගිලා කොහෙද ඉන්නේ ජන්කුකා ඔයා...... අනේ මන් මේ හැමදේම කලේ ඔයා වෙනුවෙන්.... මන් ලගට එන්න...."
කවුරුත් නෑ....
මෙතන කවුරුත්ම නෑ...
මන් හරියට මානසික ලෙඩෙක් වගේ කොන්ඩේ අවුල් කර ගෙන වට පිට බැලුවා.
මෙතන එයා ඉන්නම ඔනේ...
ජන්කුකා ඔයා ආවා...
මන් දන්නවා ඒක....
මන අඩිය ඉක්මන් කරලා ගාඩන් එකට දුවගෙන ගියේ සීතලත් අමතක කරලයි. යටි පතුල් සීතලට ගල් ගැහිලා නිසා මන් පොලවේ කකුල් තියලා දුවනවදවත් කියලවත් මට තේරුනේ නැ.
හැමතැනම තිබ්බේ එකම අදුරු හෙවනැලි ටිකක් විතරයි. ජන්කුක් පේන මානෙක හිටියේ නෑ.
ජන්කුක්ව හොයාගෙන මමවත් නොදැනම ගාඩන් එක මැද්දටම ඇවිල්ලා. අඩුම තරමේ ගාඩන් එකේ ලයිට්ස්වත් දාලා තිබුනේ නෑ. දවසින් ඇවිදලා ඉවර කරන්න බැරි මේ ගාඩන් එක පුරාම මන් ජන්කුක්ව් හොයාගෙන දිගටම පීරන්න පටන් ගත්තා. මගේ ඔලුවට කිසිම දෙයක් ආවේ නෑ ජන්කුක් මේ කොහෙ හරි ඇති කියන එක හැරෙන්න. මන් පිස්සෙක් වගේ කලේ පොඩි පදුරු වල හිටන් නැවිල ජන්කුක් කියලා කතා කර කර එයා හැන්ගිලාවත් ඉන්නවද බලන් එකයි.
පොඩි කාලේ වගේ ස්කෝලේ ලමයින්ගේ අඩු කඩලා මට කම්ප්ලේන් ආවම මගෙන් කන්න වෙනවා කියලා දැනම් මගෙන් බේරෙන්න ඉස්සර වගේ දැනුත් ගාඩන් එකේ මල් පෝච්චි අස්සේ හැන්ගිලා ඇති කියලා මට හිතුනා. මට හැම තැනම වගේ මගේ පොඩි එකාගේ මූන මැවිලා පෙවුනා. අඩ අඩ එයා ඇති මට එහෙම හිතුනා.
' හෙයොන් මන් මෙහේ'
එයා මල් පෝච්චිය පිටිපස්සෙද...
කහපාට මල් හුගාක් පිරුනු පෝච්චිය ලගට එක පිම්මට දුවලා ගිහින, මන් පෝච්චිය උස්සලා පැත්තකට වීසික් කරලා දැම්මා.
"ජන්කුකා ජන්කුකා............... "
පෝච්චිය විසික් වෙලා ගිහින් පයින් ගහක වැදිලා කෑලීවලට කුඩු වෙලා ගියා. මට දැනුනේ මගේ හදවතත් ඒත් එක්කම කුඩු වෙලා යනවා වගේ. වේදනාවෙන් මිරිකෙන් මගේ ඔලුව මාව එතනම දන්ගැස්සුවා. මගේ මුලු ඇගම රිදුම් කනවා. දවස් ගානක් නොකා හිටපු නිසාත් නින්දක් නැති නිසාත් මන් හුගාක් දුර්වල වෙන්න පටන් අරන්.
මට හුගාක් මහන්සී... ඒත් මට ඒ ගැන හිතන්න ඔනේ උනේ නෑ.. මන් කලේදිගටම හැම තැනම එයාව හොයන එක. කිසිමඑලියක් නැතිව මන් කෑ ගගහා ජන්කුකාව හෙව්වා.
ජන්කුක් මේ කොහොවත් නෑ කියලා තේරුම් යද්දී මටම හිතුනා මන් මහා මොඩයෙක් කියලා.
ජන්කුකා මේ මහා පාන්දර ගාඩන් එකේ ඇවිදින්න..
එයා මේ වෙලාවට කරන්නේ ගේම් ගහන එක..පාන්දර එලි වෙනකන් ගේම් ගහලා එලිය වැටුනහමයි නිදා ගන්නේ... රෑට ගාඩන් එකේ ඇවිදින්න එයා කැමතිත් නෑ.....
ඊටත් මල්ලී ආවනම් ගෙදරට එනව.. එයාටබෑ මාව දකින්නැතුව ඉන්න මොන වැරැද්ද කලත්.. එයා මට ආදරෙයි..ඒක මන් දන්නවා... පොඩි දේටත් එයාටමාව ඔනේ... මේ හෙයොන්ගේ නම නම කිය කිය මුලු ගෙහරම මාව හොයන ඔයා කෝමද මන් නැතුව ඉන්නේ...
ඇයි මන් මෝඩයෙක් වගේ හිතන්නේ.
මගේ පොඩි කොල්ලා දැන් මොනවා කරනවා ඇද්ද...
මට තේරෙන්නේ නෑ ජන්කුකා...
කොහෙන්ද කින්ද මන්ද නොදන්න කෙනෙක්ට ආදරය කරලා දැන් එයා පස්සෙන්ම යනවා. ඔයා ඒ තරම්ම එයාට ආදරේ කරන්නේ අයි. හැමවෙලේම මරා ගන්න ඔයා කොහොමද එයාට එච්චර ආදරේ කරන්නේ... ජන්කුකා.... එයා ඔයාට ආදරේනම් මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් ඔයාව බලන්නඑන්නැතුව ඉදීද....
මුලු කොරියාවම දැන් ඉන්නේ අපි ගැන හෙවිල්ලෙන්. ඔයාව නිකන් හරි කවුරු හරි දැක්කනම් මේ වෙනකොට මීඩියා වලට ගිහින්. මටවත් හොයා ගන්න බැරි උන ඔයාව මීඩියා කාරයෝනම් කොහොම කියලා හොයන්නද.. ජන්කුක් කොහෙ ඉන්නවද කවුරුත් දන්නෑ... ඒකමයි මට බය..
මන් එක ද්ව්‍යක් දන්නවා ජන්කුකා.. ඔයා ඉන්නේ හොදින් නෙවෙයි.. මහා වේදනාවකින්... මට තේරෙන්නෑ.. ඔයා කෝම දරා ගන්නවද කියන්න.. මගේ පපුව සැරින් සැරේ පිච්චෙනවා.. ඔයාට පුලුවන් දරා ගන්න ජන්කුකා... ඔයාට පුලුවන්.. මන් දන්නවා මගේ මල්ලි මට වඩා ශක්තිමත්...
වේ ජන්කුකා වේ....
ඔයා වී නිසා ගියපු එකට මට දුකක් නෑ.. ඒත් වේ..... අඩුම තරමේ ගිහින් හෙයොන් මන් හොදින් ඉන්නවා කියලා කියන්න බැරි ඇයි.. ඔයාගේ වේදනාව මට නොතෙරෙනවා නෙවෙයි. ඒත් මේ හෙයොන් ගැනත් එකපාරක් හිතන්න තිබුනා නේද...
මේ හෙයොන් උබව හොයනවා ජන්කුකා.. පොඩ්ඩක් හරි මට ආදරෙයිනම් වේ වේ මට කතා කරන්නැත්තේ... වේ......................
මගේ ඔලුව විකාර නටන්න ගත්තා. මට දැනෙන්නේ මන් මහා අමනුස්සයෙක් වගෙයි. මගේ මල්ලී කොහේදෝ තැනක මොකක් හරි දෙයක් නිසා අඩනවා, වේදනාවෙන් හූල්ලනවා දැනිලත් මන් මෙහෙම නිකන් බලන් ඉන්නවා. ඒත් මන් වත් නොදන්න තැනක හැන්ගිලා ඉන්න ඔයාව මන් කොහොමද හොයා ගන්නේ ජන්කුකා....
මගේ මුලු ඔලුවම රිදෙනවා.... මට තේරෙන්නෑ මේ මොනාද වෙන්නේ කියන්න.... මට මගේ මල්ලිව ඔනේ.... මන් කොහොමද ඔය මුරන්ඩුකම් දකින්නැතුව ඉන්නේ.... මට උබේ කටහඩ තාමත් ඇහෙනවා ජන්කුකා....
''''හෙයොන්... මට ස්කෝලේ යන්න බෑ අද.....
හෙයොන්.... අනී අදනම් ඕක කරන්න බෑ......
හෙයොන්.... කෑවද...
හෙයොන් අද අපි පීට්සා කමුද.....
හෙයොන් හෙයොන් හෙයොන්.....'''''
මගේ ඇස් හොදටම බර වෙලා.
මන් අමාරුවෙන් හැමදේම දරාගෙන හොද හුස්මක් ගත්තේ ආපහු හිස් අතින්ම යන්න.
ජිමින් නැගිට්ටොත් මන් නැති නිසා අඩයි...එයා දැන් ලමයෙක් වගෙයි... මන් නැතුව එයාට ඉන්න බෑ... එයා වෙලාවකට මාව මවා ගන්නේ වී කියලයි... ජන්කුක් ගියහම මන් හොදටම වැටෙන්න තිබුනා... ඒත් ජිමින් නිසා මන්.... ඔව්.... ඔයා නිසා මන් ශක්තිමත්.... ඔයා නිසා මන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.. මට ජන්කුක්ව ලැබෙයි... මටඑයාව හම්බෙයි....
ඇස් දෙක පියාගෙන මන් හොද හුස්මක් අර ගත්තා. මට දැනුනා මගේ කම්බුල් දිගේ උනුසුම් කදුලු ගලනවා. අත් දෙකෙන්ම කදුලු පිහිද ගත්තත් මට තේරුනා ඒ කදුලු දැන්ම ඉවර වෙන්නේ නෑ කියන්න.
හැම දිස්සෙම ඇහුනු අඩි සද්ද තාමත් මට ඇහෙනවා.
දැන්වත් ඔය පිස්සු විකාරේ නවත්තනවා නම්ජුන්.. සිහිය නැති කර ගන්න එපා...
ඒත් මන් හිතුව දේ වැරදී කියන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ.
එක පොකුරට අඩි සද්ද හුගාක්....
මගේ පිටිපස්සෙන් නිතර නිතර ඇහෙන අඩි සද්දයට මන් කන් දීගෙන සාක්කුවෙන් අත් දෙක එලියට ගත්තා. අඩි සද්ද කීපයක් එක දිගටම ඇහෙනවා. මන් කලින් හිතුවත් ඒක මන් හිතින් මවා ගත්තු දෙයක් කියලා ඒත් දැන්නම් මට එහෙම හිතෙන්නෑ මොකද ඒ අයගේ හෙවනැලි මගේ හෙවනැල්ලත් එක්කම මගේ ලගින් වැටුනා. හොද දෙයක්නම් නෙවෙයි කියලා මගේ හිත කිව්වේ මට දුවන්න ලෑස්තිවෙන්න කියලා සං කරගෙනයි.
හොරු හරි මන්කොල්ල කාරයෝ හරි.. ඒ අඩි සද්ද හරිම නිහඩයි.. මන්දගාමී..
මේ වෙද්දී එ හොරු මාව වටකරලා..
ඒත් මට තාමත් පැන ගන්න පුලුවන්.. උන් තාමත් ඉන්නේ මට වඩා අඩි ගානක් ඈතින්...
කෝ මගේ ෆෝන් එක...
ශිට්....එක ජිමින් ලග...
දැන් මොකද මන් කරන්නේ...
මේ වෙලාවේ බොඩි ගාඩ්ස්ලව ගෙන්න ගන්නේ කෝමද උන් ඉන්නේ මේන් ගේට් එකේ..
ඇස් කොනෙන් මන් මගේ දකුනු අත දිහා බැලුවා. ඔව් මන් හිතුව දේ හරියටම හරි.. කවුරු හරි ඇතුලට පැනලා... කලු චයාවන් හුගාක් එහා මෙහා යනවා..
ඇයි මට ලොකු අමුත්තක් දැනෙන්නේ...
කිසි දෙයක් නොවුනු නොදන්න ගානට මන් ඉස්සරහා බලාගෙන හිමීට හිටගත්තා. ඒ ක්ශනික ඒ මිනිස්සු අහල පහල පදුරු අස්සේ හැන්ගුනා.
උබලා කොහොමද මගේ ගෙට පැනලා හැන්ගෙන්නේ...
අනික උබලා මා එක්කද හැප්පෙන්නේ...
මන් උන් ඉන්න දිහාවට හැරිලා කෙලින්ම හිට ගත්තා. උන් හොදට හැන්ගිලා හිටියා මට හොයා ගන්නවත් බැරි විදිහට. මන් කිසිඅ ද්ව්‍යක් දන්නැති දැනුනේ නැති මෝඩයෙක් විදිහට රග පාන්න ගත්තා.
මට දුවන්න තිබුනේ ඉස්සරහට නැත්තන් පිටිපස්සට. ඉස්සරහට දිව්වොත් මට වැඩි දුරක් දුවන්න බැරි වෙනවා. ඒ පාර වැටෙන්නේ ගාඩන් එක කෙලවරට. ඒ කියන්නේ උන්ට මාව අල්ල ගන්න හරිම ලේසි වෙනවා.
හරිම හිමීට අත් දෙකෙන්ම කම්බුල් වල තිබුනු කදුලු පිහිදැම්ම මන් ඒ තප්පරේට අනික් පැත්ත හැරිලා පිටිපස්සට දිව්වා...
____________________________________
Hi guyz 🎊️
අම්ම්ම්ම්ම් මන් ඔන්න ආවා.... මගේ හෙලිකුට්ටන් ඩේක නිසා අද මන් හිතුවා අප්ඩේට් දෙන්න ඔක්කොම පැත්තකට දාලා 😂
අනික් කොටස දවල් 12ට කලින් දාන්නම්... එතකොට කුතුහලේනේ 😂
Enjoy ❤️
Ishki...
Bạn đang đọc truyện trên: AzTruyen.Top