23. ☘ වියරු දෑස්
ඇහිපිය උඩට වැටිලා තිබුනු කොන්ඩේ අතරින් ඉර එලිය ඇස් උඩට වැටෙද්දී ඒ වෙනකොටත් ආහැරිලා හිටිය ජන්කුක් ඇස් පියාගෙනම හොද හුස්මක් අරගත්තා.
කොන්ඩේ අතරින් දුවන දිගු උණුසුම් ඇගිලිත් කන ගාවින් ඇහෙන හුරුපුරුදු කටහඩත් ලගින්ම ඇහෙද්දී ජන්කුක්ගේ තොල් අතරින් ලස්සන හිනාවක් දිව්වා . ඇස් අරින්න ලෝභ කමින් ජන්කුක් තවත් ඒ උණුහුම විදගන්න කපටිකමින්ම නිදි වගේ ඇස් පියාගෙනම හිටියා. ඒත් ඒ මොහොතෙම වගේ එකපාරටම ඒ උනුහුම නැතිවෙලා ගියා. ඒ කටහඩ ඈතට දුවලා ගියා.
ජන්කුක් ඉක්මන්ට ඇස් ඇරියා. එයාගේ ඇස් ඉස්සරහා බලාපොරොත්තුවෙන් ඉදපු කෙනාගේ චායාවවත්* පේන්න නැති තැන මහ හයියෙන් ගැහෙන හදවත විලාප තියන්න පටන් ගත්තා. ඒත් එක්කම ජන්කුක් ඇද උඩ ඉදගත්තේ ඇස් වල කදුලුත් පුරෝගෙනයි.
සුදු ඇද ඇතිරිල්ල හරිම ලස්සනට ඇදට එලලා තිබුනා. එයා හිටපු තැන විතරක් පොඩි වෙලා ඒත් එයාගේ එහා පැත්තේ තිබුනු හිස් තැනේ කිසිම විදිහකින් කවුරුත් හිටියා කියන්න සාක්ශියක්වත් තිබුනේ නෑ. ජන්කුක් ගැහෙන හදවත උඩින් අත තියාගෙන ඇස් පියාගත්තේ එයාගේ එහා පැත්තෙ හිස්ව තිබුනු කොට්ටේට අනික් අත හිමීට යවමිනුයි. කොට්ටේ උඩ ඇගිලි එහා මෙහේ යවපු ජන්කුක් ඒ ආදරනීය උනුහුම හෙව්වා. රවන ඇස් කේන්ති ගියපු රතු කම්බුල් ජන්කුක්ට මැවිලා පෙවුනා. එයාගේ එක වචනෙකටත් ඇවිස්සෙන වීගේ මූන ජන්කුක්ව තවත් පිස්සු වැට්ටුවා.
⬆
*මේ එක් වේදනාතමක මතක ඇවිස්සීමක්*
*දැන් මාස 3ක් විතර වෙනවා*
ජන්කුක් නම්ජුන්වත් දාලා නොදන්න කෙනෙක් එක්ක ඈතකට ගිහින් ඒ මතකයන් අතහරින්න හිතාගෙන. ඒත් සිද්ද වුනේ එයා නොහිතපු දෙයක්. වීගේ මතකයන් නිසා එයාට තවත් විදවන්න වෙලා. නපුරු සිත් ඇති පලිගැනීමේ සිතින් ඉපදුනු ගැහැනු කෙනෙක් නිසා ජන්කුක්ගේ මුලු ශරීරයයම වේදනාත්මක තුවාල වලින් මිරිකෙන්න පටන් අරන්. තුවාල වගේම වීගේ මතකයන් දරුනු විදිහට ජන්කුක්ට පහර දුන්නා.
ඒ වගේම පලමු ආත්මයේ මතකයන් ඇවිස්සිමකට ලක් වෙන්න පටන් අරන්.
ජන්කුක් ඇස් ඇරියා.
එයා හිටියේ ගිනි ගොඩක් උඩ ඇවිද ඇවිද.
එයා හරිනම් එතනින් එහාට පනින්න ඔනේ!!!!!!!.
ඒත් ජන්කුක්ට ඒ ගිනිගොඩේ ඔහේ ඇවිදන් ගියා කිසිම හැගීමක් දැනීමක් නැති අසීයෙන් ඉන්න කෙනෙක් වගේ.
ජන්කුක් කිසිම දෙයක් නොකර ඒ ගිනි ගොඩේ ඇවිදගෙන ඉස්සරහටම ගියා.
" එයාට පියවි සිහියට එන්නදෙන්න එපා... ආයිමත් පටන් ගන්න..."
නායකයා කියන්න පුලුවන් ලොකු ඇගපතක් තියෙන කෙනා කෑ ගහද්දී වෙනත් භාශාවකින් ගිනි ගොඩ දෙපැත්තේ හිටන් හිටපු අනික් අය මොනාදෝ මතුරන්න ගත්තා. ඒ අයගේ කකුල් වලයි අත් වලයි දන්වැල් තිබුනා. හරියට කාලයක් එයාලව ඒ දන්වැල්වලින් හිරකරලා තියලා වගේ. බොහොම බලගතු මන්තරයක් නිසා ඒ දන්වැක් වලින් ගැලවෙන්න බැරුව තියෙනවා. ඒ දන්වැල්වල කොටලා තිබුනු අකුරු වලින් කියවුනේ එහෙමයි.
ඒ අය මතුරන්න ගනිද්දී ජන්කුක්ගේ ඇස් බලෙන්ම වගේ පිය උනා. ආයෙමත් වී එක්ක ගත කරපු ඒ කාලයට ජන්කුක්ව ඇදිලා ගියා.
*ජන්කුක්ගේ ගෙවුනු මතකයන් අතර *
" වේ.... වේ.... වේ.... ජන්කුක් මන් ඔයාව ජීමින්ට කියනවා හරිද.... "
" ඕඕඕඕඔ☹️😱😱😱😱 ඒකටනම් බයත් හිතුනා.... 😂 ඔය මොනා කිව්වත් ඔයාට බෑ ඕක නොකර ඔතනින් හෙල්ලෙන්නවත් තේරුනාද...🤨 මෙතන බොස් මමයි... ජිමින් හෙයොන් නෙවෙයි...😒"
" ආආආආආආආආආආඅ මට ඉන්නදෙනවා...🤯 මන් අදම අයින් වෙනව... නෑ මේ දැන්ම....😤"
" ඔයා අයින් වෙන්න... එහෙම කරන්න ඔයාට බෑ...😏 ඔයා ලෙටර් එක මටමනේ භාර දෙන්න ඔනේ... ඉතින් මන් ඒක භාර ගන්නේ නෑ... ඔයාට අයින් වෙන්න බෑ එතකොට...😉"
" ආශ්.... ජන්කුකාආආආආආආඅ....😖😖😤😤😤😤😤"
" ඔහ්.... ඔන්න කමුබුල් දෙක චෙරි ගෙඩි දෙකක් වෙනෝ😬... ඔහ් නෝ...😯 දැන්නම් පුපුරන්න වගෙයි.... 😅නෝ නෝ නෝ....🤭ඔයා දැන්නම් පුපුරනවා...😜 ඔය ඔය කන් දෙකෙන් දුම් දානවත් එක්ක..😱"
********
මතකයන් තුල සැරිසරන ජන්කුක්ගේ මනස එහෙමම ඒ අතිතයේ නතර උනා. ගිනි ගොඩ කෙලවරටම ගියපු ජන්කුක් සීතල වැල්ල උඩට අඩිය තිබ්බා. ජන්කුක්ට දැනුනේ මුලු ඇගපුරාම අකුනු ගහනවා වගෙයි. යටිපතුල් පුරා දුවන වේදනාව ජන්කුක්ගේ ඇගම පනනැති කලා. අනිත් කකුලත් වැල්ල උඩින් තියනවත් එක්කම ජන්කුක් වැල්ල උඩට මලකදක් වගේ කඩාගෙන වැටුනා. මෙච්චර දුරක් එයා කොහොම ආවද කියන එකනම් හිතා ගන්නවත් බෑ.
භාගෙට පියවුනු ඇස් හරි සිහියට එන්න උත්සාහා කලත් වටපිටාව සම්පූරනයෙන්ම බොදවෙලයි ජන්කුක්ට පෙවුනේ. ජන්කුක් මතකයන් වල අතරමන් වෙලයි හිටියේ ඒ නිසා එයා ඇස් ඇරියත් අසීයෙන් වගෙයි හිටියේ. මැජික් කරුවන්ගේ වියරු මායාවන් නිසාම ජන්කුක්ගේ පලවෙනි ආත්මය පිලිබද මතකයන් දැන් ජන්කුක්ගේ මනසට එන්න පටන් අරගෙන.
හැමතැනම ගිනි ගන්නවා ජන්කුක් දැක්කා. ඒ ගිනි ගොඩ මැද්දෙන් හද වගේ දිලිසෙන කාන්තාවක් එයා දිහාවට ඇවිදන් ආවා. ඒ චායාව* බොදවෙලා පෙවුනත් ජන්කුක්ට ඒ රුව අදුර ගන්න පුලුවන් උනා.
ගැහෙන තොල් අතරින්
" මූ....න්..... ඔ...ය දේ ක...රන්...න එ...පා....."
ජන්කුක් මිමිනුවා.
ඒ දැවෙන ගිනි ගොඩ දෙපැත්තේ හිටියේ බලගතු බ්ලැක් මැජික් කරුවන්.
මේ තමයි ඔවුන්ට ලැබෙන අන්තිම බලය මූන්ගෙන්. වේදනාව කියන්න අදුරට බලවත් වෙන්න හොද ආයුදයක්. ජන්කුක්ගේ වේදනාව තමයි එයාලව බලවත් කරන ශක්තිමත් ආයුදය. දිගින් දිගටම වද දීලා දීලා ඒ ශරීරය හුගාක් අඩපන වෙලා.
ජන්කුක්ගේ මනස එහෙම් පිටින්ම වැඩ කලේ බ්ලැක් මැජික් කරුවන්ට ඔනේ විදිහට.
දවස්, සති.... ගානක් එක දිගට මේ ගිනිගොඩ උඩ ජන්කුක්ට ඇවිදින්න උනා. ඒ වගේම මූන්ගේ නිය පාරවල් වලින් ජන්කුක්ගේ හම පුරාම එක එක විදියේ රටාවකට තුවාල ඇති උනා. මේ හැම දේම පිටිපස්සේ හිටියේ මිස් යූරී වගේ වෙස්වලාගත්ත මූන් කියන කුමාරිකාවයි. ඇගේ සාපය ඇයට ඔනේ විදිහට හරිම ලේසියෙන් නිම කරන්න පාර හදා ගන්න බ්ලැක් මැජික් කරුවන් උදව් කලා. ඔවුන් කලේ මූන්ව පාවිච්චි කිරීම පමනයි. මූන් හිතන් හිටියට ඒ අය එයාගේ සේවකයන් කියලා ඇය දන්නෑ බ්ලැක් මැජික් කරුවන්ට ඔනේ නිසයි ඇයව නිර්මානය උනේ කියන්න.
කිම් කම්පැනිය පුරාම වෙස්වලාගත් බ්ලැක්මැජික් කරුවන්ගේ අය හිටියා. ජන්කුක්ව කීප පාරක්ම පැහැර ගන්න හැදුවත් ජන්කුක් වී එක්කම හිටපු නිසා ඒ අවස්තාවන් එයාලට අහිමි උනා. ඒ නිසා මූන් වීට ලන් උනා. වීගේ මාර්ගෙන් ජන්කුක්ව ලබාගන්න හැදුවා. වීගේ ඔලුවට ජන්කුක් ගැන නරක දේවල් දැම්මා. ඒත් වීගේ හදවතනම් ඒ දේවල් පිලිගත්තේ නෑ. තරහක් වෙනුවට වීට ඇතිඋනේ ඊරිසියාවක්. ජන්කුක් වෙන අය එක්ක ඉන්නවා කියලා අහන්න ලැබෙද්දී වීට දරාගන්න බැරි උනා. වී හැමදේම අහගෙන හිටියා ඒත් මිස් යූරි ගැන සැකයක් ඇති කරගත්තේ නෑ. වී ජිමින් එක්ක ජීවත් උනු නිසා මිනිස්සුන්ව සැක කරන්න ඉගෙන ගත්තේ නෑ. මිස් යූරී වී ගැන දැනම් හිටියෙත් නෑ. මිස් යූරී ඒ කියන්නේ මූන් ඇවටාවරු ගැන දැනම් හිටියත් එහෙම කෙනෙක් ආයිත් එන එකක් නෑ කියලයි විස්වාස කරන්නේ. ඒක කොහොමටවත් වෙන්න බෑ කියන තැනයි මූන් වගේම බ්ලැක් මැජික් කරුවන් ඉන්නේ. පරිපූර්න බලහිමි ඇවටවරයෙක්ගේ දෑස් දිහා බ්ලැක් මැජික් කරුවන්ට බලන්නවත් බෑ. ඒ වගේම මූන් වගේ බලවත් සාපයක් ඇති කරපු බ්ලැක් මැජික් වලින් උපන් කෙනෙක්ට ඇවටා එක්ක හැරෙන්නවත් බෑ. හැබැයි ඒ බලවත් පරිපූර්න ඇවටා කෙනෙක්මනම් විතරයි.
අන්තිමට වී අතුරුදහන් වෙනවත් එක්කම මූන් ජන්කුක්ට ලේසියෙන්ම ලන් උනා. ඒක තවත් මූන්ට ලේසි උනේ ජන්කුක් වී නැතුව පිස්සුවෙන් වගේ දුක් විදින්න පටන් ගත්ත නිසයි.
ජන්කුක්ට වේදනාව අඩු කර ගන්න මූන් ජන්කුක්ට එක එක දේවල් කරන්න කිව්වා. ජන්කුක් කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතුව මූන් කියපු දේවල් කලා. අත හැම තැම තැනම බ්ලේඩ් වලින් තුවාල කරගත්තා. ඒ ලේ අත දිගේ ගලාගෙන බිමට වැටෙන දිහා ජන්කුක් බලන් හිටියා. උස තැන්වලින් බිමට පැන්නා. වතුර යට හුස්ම ගන්නැතුව හුගාක් වෙලා හිටියා. දැල්වෙන ඉටිපන්දමට ඇගිලි තුඩු අල්ලගෙන හිනා උනා. ජන්කුක්ට ඔනේ උනේ වේදනාව නැති කරගන්න විතරයි. ඒත් උනේ ඒ වේදනාව තවත් වැඩි වෙන එකම විතරයි. මොකද මූන්ට ඔනේ කලේ ජන්කුක්ව විදවලා විදවලා හිමීට මරවන්න.
ජන්කුක් අන්තිමට මූන්ගේ පස්සෙම වැටුනා. ඒ වේදනාව විදින්න ජන්කුක් ඇබ්බැහි උනා. වීගෙන් තොර ලෝකයකට ජන්කුක්ට යන්න ඔනේ කමක් තිබුනේ නෑ. ඒත් මූන් ජන්කුක්ගේ ඔලුවට කා වැද්දුවා ඒ දේවල් කරන්න.
හිමීට හිමීට ජන්කුක් තවත් වේදනාව අයැද අයැද මුන්ගේ පස්සෙන්ම වැටුනා.
මූන් ජයග්‍රාහී ලෙස අවසානයේදී ජන්කුක්ව අරගෙන අදුරු පූජාවන් කරන බ්ලැක් මැජික්කරුවන්ගේ අඩවියටම එක්කන් ගියා. ජන්කුක්ගේ මතකයන් එකින් එක ඒ නපුරන් මහ දරුනු විදිහට දවසින් දවස දවසින් දවස වද දිදී ජන්කුක්ගෙන් උදුර ගන්න පටන් ගත්තා. ජන්කුක්ගේ වේදනාව එයාලව බලවත් කරන්න පටන් ගත්තා.
ආදරනීය කිසිම මතකයක් නැති ශරීර කූඩුව ජන්කුක්ව රාක්ශයෙක් කරන්න පටන් ගත්තා. දැන් බ්ලැක් මජික් කරුවන්ට ඔනේ දේ සිද්ද වෙනවා. ජන්කුක්ගේ පලමු ආත්මය එහෙමත් නැත්නම් ජියොන් අධිරාජ්‍යයාගේ ආත්මය ජන්කුක්ගේ ඇගතුලට ඇවිත්. ඒ මතකයන් ඒ ශරීරයට ඇවිත්.
හැමදේම එයාලට ඔනේ විදිහට සිද්ද වෙනවා. දැන් එයාලට නම්ජුන්වත් ඔනේ කරනවා. නම්ජුන්වත් ලබාගෙන අන්තිමට ජන්කුක්වත් නම්ජුන්වත් මරලා බලවත් සාපය සිදු වෙන්න ඉඩ ඇරලා අදුර ලෝකයට යන දොර විවුර්ත කර ගන්නයි දැන් ඔවුන්ට ඉතුරු වෙලා තියෙන්නේ.
මූන් විසින් ජන්කුක්ගේ ජියොන් ආත්මය මතක් කෙරෙව්වා. ජන්කුක් රාක්ශයෙක් වෙන්න ප්‍රදානම හේතුව ඒකයි. ඒ මූන් එයාවත් නම්ජුන්වත් මැරුව මතකය නැවත නැවත ඇස් ඉදිරිපිටම වෙද්දිත් මූන් හිනාවෙවී එයා ඉස්සරහා හිටන් ඉන්න නිසා. අඩුම තරමේ ජන්කුක්ට අත් දෙකවත් හොල්ල ගන්න බැරි උනා. එයාලව මැරුව කෙනාව මරන්න බැරුව ඒ අත් විඋඅරුවෙන් ගැහෙන්න ගත්තා.
මේ වෙද්දී ජන්කුක්ගේ අත් වලටත් කකුල් වලට මාන්චු වගේම, දරාගන්න බැරි තරම් බර දන්වැල් වැල් වලින් යකඩ කනුවකට තියලා ජන්කුක්ව ගෙටගහලයි තිබුනේ.
හරි අපුරුවට රජකෙනෙක්ට හිමිකම් කියන සැප පහසු පුටුවක් උඩ ඉදගෙන කකුලක් පිට කකුලක් තියාගෙන හිටපු මූන් කටකොනට හිනාවෙමින් රතුම රතු ඇපල් ගෙඩියක රස වින්දා.
මූන්ගේ ඒ හැම බැල්මක්ම ගිනිගන්නාසුලු බවක් තිබුනා. ඕනම ජගතෙක් ඒ ඇස්වලට බයේ දුවනවා. ඒ තරම්ම ඒ ඇස් හර්රි භයානක පාටයි. ඇය කෙතරම් සුන්දර වුවත් ඒ භයානක ඇස් නිසා ඇගේ සුන්දරත්වයනම් මැකිලම ගියා. ඒත් හරිම දක්ශ විදිහට මිනිස්සු අතර අහිංසක ඇස් මවාගෙන ඇය ජන්කුක්ව නම්ම ගත්තා. ජන්කුක්ව අල්ල ගන්නවත් ඒක්කම ඒ දරුනු සත්වයව ඇගට ආරුඪ කරගත්තා.
මේ මොහොතේ ජන්කුක් ඒ ඇස් දිහා බලාගෙන හිටියේ මේ දන්වැල් කඩාගෙන ඇවිත් මූන්ගේ බෙල්ල දෙකට කඩලා දාන්න වගේ රවුද්‍ර බැල්මකිනුයි.
" හ්ම්..................අන්තිමට පොඩි කාලයක් වෙන්කරන්න පුලුවන් උනා මගේ ආදරනීය මල්ලි එක්ක වචනයක් කතා කරන්න........😀"
ජන්කුක් ඒ ගිනි පිටවෙන මූන්ගේ ඇස් දිහා බලාගෙන හයියෙන් හිනා උනා. ඒ හිනාව ටික වෙලාවක්ම අදුරු කාමරේ පුරාම දෝංකාර දෙන්න පටන් ගත්තා. ජන්කුක්ගේ හිනාවට දත් මිටිකාපු මූන් අතේ තිබුනු ඇපල් ගෙඩියෙන් ජන්කුක්ගේ මූනට දමලා ගැහුවා. ජන්කුක්ගේ අහකට මූන හරවගනිද්දී කම්බුලට වැදුනු ඒ ඇපල්ගෙඩිය තැලිල බිම වැටුනා. ජන්කුක්ගේ ඇග හුරු වෙලා දැන් ඒ වේදනාව විදින්න.
ඉතින් ඒ වේදනාව ගැන පොඩිවත් තැකීමක් නොකර ජන්කුක් තවමත් හිනා වෙනවා.
ඉන පිටිපස්සට අතයවන ගමන් මූන් පුටුවෙන් නැගිටලා ජන්කුක්ට ඇගකිලිපොලාගෙන යන බැල්මක් දාගෙන හිට ගත්තා. පස්සේ ජන්කුක් ලගට ලාලිත්‍යයට අඩිය තිය තිය ඇවිදගෙන ආපු මූන් ඉනෙන් ඇදලා ගත්ත කිනිස්ස ජන්කුක්ගේ ඇස් දිහාවට දික් කරගෙන
" උබ හිනා වෙනවද... ආ... උබට හිනාද..... උබ මට බය නෑ කියලද පෙන්නන්න හදන්නේ.... ආ....... මෙච්චර උබව මන් රිද්දලත් උබ හිනාවෙන්නේ ගානක් නෑ කියලා පෙන්නන්නද... ආ කොච්චර කාලයක් ශක්තිමත් කියලා පෙන්නන්නද...? ඔහේට ඉක්මන්ටම මට ඔනේ විදිහට දනින්වැටෙන්න වෙනවා "
හයියෙන් හිනාවෙවී හිටපු ජන්කුක් එකපාරටම මූන වෙනස් කරගෙන මූන්ගේ මූනට එබුනා
" මන් මොකටද උබ වගේ වැඩකට නැති කෙනෙක්ට බය වෙන්නේ... උබ අර බල්ලෝ යටතේ ඉන්න පොඩි බැල්ලියක් විතරයි......."
..........................
අදුරු කාමරය පිටතින් ඇහුනේ මහ වේදනාවෙන් කෑ ගහන ජන්කුක්ගේ හඩ විතරමයි. ඒ විලාපය ඇගේ හිරිගඩු පවා කෙලින් කරවන්න සමත් උනා. ඒ වීදනාව මොන තරම්නම් දරුනු ඇද්ද කියලා හිතා ගන්න පුලුවන් ඒ කෑ ගැහිල්ලෙන්. විටින් විට බඩ පපුව පුරා දුවන කිනිසි පාරවල් විස පිරුනු නියපාරවල් නිසාවේදනාවෙන් ඔහු කෑ ගැහුවා.
වේදනාව අන්තිමට ඇහුනේ මූන්ට පරාජිත් ලෙස හිනාවෙන ජන්කුක්ගේ නපුරු හිනාව.... ජන්කුක් හැදුවේ පුලුවන් තරම් ශක්තිමත්ව ඉන්න. ඔහු දැනම් හිටියා එයා වේදානාව දරා ගත්තේ නැත්තම් ඉක්මන්ටම ඒ අය බලවත් වෙනවා කියාලා........
____________________________________
Hi guy 😜
ඔන්න මන් ආවෝ...........
මේකනේ මේක අවසන් වෙන්න ලගයි... පටන් ගත්තා විතරයි වගේ කියලා හිතෙනෝද...?
නෑ අපි දැම් මේක ඉවර කරන්නයි යන්නේ....
බය වෙන්නෙපා තව ටිකක් තීනෝ......
මේ මගුල මට තේරේන්නෑ කියලා හිතෙන අය මගෙන් අහන්න... තේරෙන්නෑ කියලා දෙපාරක්ම කියවල තේරුම් ගන්න හදන සමහර අයට මන් ආඩලෙයි.. ඒත් තේරෙන්නැති අයට මන් කියලා දෙනෝ...
Enjoy 😁
Ishki...
Bạn đang đọc truyện trên: AzTruyen.Top