22. ☘ අලුත් තුවාල


       කාලය නැවතත් වර්තමානයට.
       

             කිම් කම්පැනි එකම පාලුවට ගිහින් වගෙයි. කොරියාවේ දෙවනියට විශාලම කම්පැනි එක පාලුවට යනවා කියන්නේ හිතා ගන්න පුලුවන්ද.

          වී කියන්නේ මාස 4ක් විතර මේ කම්පැනී එකේ වැඩ කරපු කෙනෙක්. ජන්කුක් වී දෙන්නම  පොඩි කාලයක් තමයි මේ කම්පැනි එකත් එක්ක සම්බන්ද වෙලා හිටියේ. ඒත් මේ පොඩි කාලයේදී මුලු කම්පැනි එකම මේ දෙන්නව අදුරගත්තා. විශේශයෙන් වීව. ජිමින් වගේ වෙන්න දගලපු වී මිනිස්සුන්ගේ හිත් දිනා ගන්න හුගාක් දක්ශ උනා. වී මනුස්සයන්ගෙන් මනුස්සකම පිරුනු කෙනෙක්ව පෙන්නන්න කිව්වොත් පෙන්නන්නේ ජිමින්ව. වී දැක්කේ ජිමින් කියන්නේ මිනිස් ලෝකයේ ඉන්න එක්තරා දේවදූතයෙක් විදිහට. වීගෙත් ජිමින්ගෙත් සම්බන්දය යාලුකමකට වඩා ඉහල බැදීමක් තිබුනු හරි ලස්සන දෙයක් උනා.

          වී කම්පැනිඑකට ආවාට පස්සේ   ඒ ආපු මුල් දවස්වලදී කෙල්ලෝ වීව දාගන්න පුදුම විදිහට ට්‍රයි කලා. ඒත් ඕවා දිහා බලාගෙන එක තත්පරයක්වත් ජන්කුක්ටනම් ඉන්න බැරි උනා. කෙල්ලෝ එක්ක තමයි ජන්කුක්ට හුගාක්ම කේන්ති ගියේ ඒත් ඒ තරහා පිට කලේ වීගෙනමයි. දෙන්නාගේ රන්ඩු කෙලවරක් නෑ ඉතින්. ජන්කුක් රන්ඩුවට පැටලෙන්නම කෙල්ලෙක් නිසාමයි. වීත් ඒකටම හරියන්න ඇවිස්සෙනවා. ජන්කුක් වී ඉස්සරහයි ගොඩාක් වෙලාවට කකුල පැටලිලා වැටෙන්නේ. ජන්කුක් හිතන්නේ ඒක එයාගේ අන්ලකී කම කියලා. ඒත් ඉතින් එයා දන්නෑනේ වී තමයි එයාව එහෙම වට්ටන්නේ කියලා. ජන්කුක්ගෙන් තරහා පිට කරන්න ඔනේ උනාම වී ඔය වගේ වැඩ හැම දිස්සෙම කරනවා. ජන්කුක් දවසට තුන් හතරපාරක් කොන්ද බිම ඇනගන්නවාමයි. ඒත් ඉතින් ජන්කුක් වීව අවුස්සන එකනම් දිගටම කරගෙන ගියා.

  වී අනන්තවත් ජිමින්ට කියලා ඇති ඔෆිස් එකෙන් එයාව වෙන තැනකට දාන්න කියලා. ඒත් ජන්කුක්නම් වීට ඒ වැඩේ කරන්න ඉඩ දුන්නේ නෑ. ඔය මොනා උනත් වීව ලගින් තියා ගන්නයි ජන්කුකාට ඔනේ උනේ උනේ. ඒ ඇයි කියන්න එයා දන්නේ නෑ. ඒත් එයාට දැනුනේ වී කියන්නේ එයාගේ දෙයක් කියලා.

   වී ජිමින්ගෙන් ඈත් කරන්න ඔනේ නිසා නම්ජුන් වී එක්ක වැඩ කරන්න මිස් යූරී වගේ තව ග්ර්ස්ලවත් දාලා තිබ්බා. වී ඒ අයත් එක්ක වැඩ කරද්දී ජන්කුක් අනන්තවත් උගුර පාද පාද ඒ වැඩ වලට බාදා කලා. අන්තිමට බලන් ඉන්න බැරිම තැන මිස් යූරි හැර අනික් අයව අස් කලා බොරු හදලා.

     ඉතින් අන්තිමට ඒ වැඩත් අසරන වීටම තනියෙම කරන්න උනා. ඒ වගේම වී නිකන් හරි එලියට යන්න ගියත් කොහෙන් හරි වැඩක් හොයලා මිස් යූරිගේ අතේ වීට පවරනවා පුටුවෙන් නැගිටින්නවත් නොදීම. ඉතින් වීට ඔෆිස් එකෙන් එලියට යන්න හම්බෙන්නෙම නැතිතරම්. ජන්කුක් වීව එයාගේ ඇස් මානෙම තියා ගත්තා. ඒ කාලයේදී ජන්කුක්ගේ එක්ස්ගේ එකපාර කඩාපාත් වීම ගැන වීටත් යකා නැග්ගා. ඒත් බොහොම අමාරුවෙන් හිර කර ගත්තා.

    මිස් යූරී කියන්නෙත් වැඩට අලුත් කෙනෙක්.  ජිමින් ආවත් හරි මිස් යූරිත් ඊට සති දෙකකට පස්සෙයි වැඩට ආවේ. ඒ වෙනකොට වීත් ජන්කුකත් වැඩට එන්න ලෑස්ති වෙනවා.

    මිස් යූරී පිටින් පේන අහිංසක නිහඩ චරිතය නෙවේ ඇතුලෙන් ඉන්නේ කියලයි ගොඩාක් ස්ටාෆ් එකේ අය එහෙම කතා උනේ. මිස් යූරී හුගාක්ම උත්සාහා කලේ ජන්කුක්ට ලන් වෙන්නයි.

   ජන්කුක් තමයි ඊලගට කම්පැනි එකේ අයිතිකාරයා. දැනටමත් ඒ වගේ තමයි. ජිමින් සී ඊ ඕ තැන දැන් හිටියට ඒ අදිකාරී බලය ජන්කුක්ටත් ඒ විදිහටම හිමී. නම්ජුන් ජිමින්ට එයාගේ සහයක තනතුරක් දෙන්න අකමැති උනේ ජිමින්ට කාගෙන්වත් පහත් විදිහට ආමන්ත්‍රණයක් අහන්න ලබෙන්නේ නැති වෙන්නයි. අඩුම තරමේ එයාගෙන්වත්. ජිමින්ගේ ජීවිත කතාව බලද්දී ජිමින් එයාට තියෙන කොලිෆිකේශන් එක්ක එයාට නොගැලපෙන රස්සාවල්මයි කරලා තියෙන්නේ. එයාට වඩා කිසිම සුදුසුකමක්  නැති අය ලග වැඩ කරලා ජිමින් පහත් තත්වයක හිටපු නිසා නම්ජුන්ට ඔනේ උනා මිනිස්සු අතරේ එයාගේ නම හුගාක් ගවුරවාන්විත* එකක් කරන්න.

    නම්ජුන් තවමත් උත්සාහා කරන්නේ ඒ දේමයි. ඒත් දැන් ජිමින් ඉන්න තත්වෙත් එක්ක නම්ජුන් වැටිලා ඉන්නේ හුගාක්ම අමාරු තැනකට. ජිමින්ට එයාගේ වර්තමානයේ සිද්ද උනු නරක දේවල් ආයෙත් වෙනවා කියලා දැනෙන්න අරගෙන.

     ඇස් ඉස්සරහා නැති උනු පවුල එකම සහෝදරයා වගේම අන්තිමට ජීවිතේ පන වගේ ලගින් හිටපු යාලුවා.  ජිමින් වගේ කෙනෙක් කොහොමද මේ වගේ දෙයක් දරා ගන්නේ. එයාට දැනුනේ එයාට ලන්වෙන හැමෝම එයාට නැති වෙනවා වගෙයි. එයා ඒක දැක්කේ සාපයක් විදිහට. එයාගේ මුලු ජීවිතේටම එයා වයිර* කලා. මේ දේවල් නිසා ජිමින් අසනීප වෙන්න ගත්තා. සමහරවෙලාවට බඩේ පැත්‍තක් මහ අමුතු විදිහට රිදෙන්න වගේම ඔලුව විකාර කරන්න ගත්තා. මතකයන් එයාගේ ඉස්සරහාම පේන්න ගත්තා. මේ නිසාම නම්ජුන් එයාව එයා ලගටම ගත්තා. ජිමින් අකමැති උනත් බලෙන් හරි ඒ දේ නම්ජුන් කලා.

ජිමින් ඒ තත්වයේ ඉද්දී ජන්කුක් ක්ලබ් වලට යන්න පුරුදු උනා ඉස්සරටත් වැඩිය. වී නැති උනේ එයාගේ ඉස්සරහම හීනයක් වගෙයි. ආදරය කියන හැගීම පලවෙනියටම දැනුනු එයාගේ ලෝකේ එකම කෙනා එයාගේ ඉස්සරහම මායවක් වගේ අතුරුදහන් උනා. ජන්කුක් තාමත් පිලිගන්නෙ නෑ ඒ උනු දේ ඇත්තක් කියන්න. ජන්කුක් පිස්සුවෙන් වගේ වීව හොයනවා. වී වීට කරපු නපුරුකම් නිසා එයා තරහා වෙලා කොහෙට හරි යන්න ඇති කියලමයි ජන්කුක් හිතුවේ.

   මේ දේවල් දවසෙම කෙලවරක් නැතුව කල්පනා කරන ජන්කුක් උදේ බැලුවත් දවල් බැලුවත් රෑක බැලුවත් ඉන්නෙ හොද සිහියකින්නම් නෙවෙයි.

   ජන්කුක් මේ ඉන්න විදිහ ජන්කුක්ගේ ජීවිතේටම හානියක් ගෙන දුන්නා.  ඔය කාලයේ වීගේ ඇසිස්ටන් මිස් යූරිව නම්ජුන් ජන්කුක්ගේ ඇසිස්ටන් හැටියට පත් කලා. මිස් යූරී ජන්කුක්ගේ හිත දිනාගෙන සාමාන්‍ය විදිහට හිටියා. ඔය වගේ කාලයත් එක්ක මිස් යූරී ජන්කුක්ගේ දේවල් වලට ඕනාවට වඩා ඇගිලි ගහන්න පටන් ගත්තා. ඒත් ජන්කුක් එයාව දැක්කේ පාලුව පුරවන්න ආපු කෙනෙක් හැටියටයි.

ජන්කුක් එක්ක ක්ලබ්වල යන්නත් මිස් යූරී ඉදිරිපත් උනා. ජන්කුක් උනත් මිස් යූරි එක්ක හැමවෙලේම වගේ හිටියේ හිටියේ හොද සිහියකින්නම් නෙවෙයි. ඒත් ඒකේ වැරැද්ද ජන්කුක්ගෙ නෙවෙයි. තනිකරම මිස් යූරිගේ.  මිස් යූරී ජන්කුක්ව එයාට ඔනේ විදිහට හැසිරුවා. ජන්කුක්ට හුගාක්ම කලේ වේදනාකාරී දේවල්. ජන්කුක් උනත් ඒ දේවල් කරන්න පෙලබුනේ ඒ වේදනාවන් නිසා එයාට වී ගැන තියෙන වේදනත්මක මතකයන් අමතක කරන්න පුලුවන් වෙයි කියලා හිතාගෙනයි. වී එයාට ඔනාවට වඩා ලන් වෙලා කියලා දැනෙන්න ගත්තෙත් මේ වේදනාවන් නිසාමයි. ඒත් ජන්කුක් ඒ වේදනාව විදින්න තවත් ආස කලා. මොකද වීව එයා ඉස්සරහා මැවිලා පේන්න ගන්න නිසා. ජන්කුක්ට ඔනේ උනේ හැම වෙලේම ඒ දිග ලස්සන ඇස් දිහා පිස්සුවෙන් වගේ බලන් ඉන්නයි. ජීවිතේ පලවෙනි පාරට පිරිමි කෙනෙක් එක්ක ඇදක ගත කරපු ඒ අද්දැකීම ආයිත් ලබන්න එයාට ඔනේ උනා. ඒත් වීගෙන් හැර ඒ අමුතුම උණුසුම වෙන කාගෙන්වත් දැනෙන්නෑ කියන දෙය ජන්කුක් දන්නවා.


            කාලය ජරි වේගෙන් ගෙවුනත් ජන්කුක්ට දැනුනේ හරි හිමින් කාලය ගෙවෙනවා වගෙයි. ඔය හිමින් ගෙවෙන කාලයේ මිස් යූරී ටිකෙන් ටික ජන්කුක්ට ලන් උනා. ජන්කුක්ව බලෙන්ම වගේ තැන් තැන් වල එක්කන් ගියපු මිස් යූරී ජන්කුක්ගේ ශරීරයේ තුවාල පැල්ලම් ඇති කලා. කෙනෙක් දැක්කොත් හිතේවී ඒක රටාවකට කරන තුවාල කියන එක. මිස් යූරී ජන්කුක්ගේ ඇගට අත තියන්න පටන් ගත්තේ බලෙන්මයි. ඒ හැම වෙලාවකම මිස් යුරිට වීටෞනා වගේ  කිසිම කරදරයක් උනේනම් නෑ.

ජන්කුක් හැම විනාඩියෙම කරන හැමදේම වගේ නම්ජුන්ට ඔත්තු හම්බුනා. ජන්කුක් හුගාක් පාලු බිල්ඩිම්  වලට යනවා කියලත් ඒ යන්නේ මිස් යූරි එක්ක කියලත් නම්ජුන්ට දැන ගන්න ලැබුනා. එහෙදි අමුතු දේවල් සිද්ද වෙනවා කියලත් නම්ජුන්ට දැන ගන්න ලැබුනා.

නම්ජුන් මුලදි ගනම් නොගත්තත් මිස් යූරී ගැන අමුතු සැකයක් නම්ජුන්ට ඇතිවෙන්න පටන් ගත්තා. නෑ ඒ අමුතු හැසිරීමක් නෙවෙයි. මිස් යූරි ගැන මීට කලින් නම්ජුන්ට හොයන්න බැරි උනා. මිස් යූරි ගැන මුලින්ම හෙව්වනම් ඔයසැකය එන්නේ තිබ්බේ මුලදිමයි. ඔව් මිස් යූරී අහින්සක මූනක් මවාගත්ත යක්ශනියක්.

ජන්කුක් එන්න එන්නම වෙනස් වෙන්න අරගත්තා වගේම නම්ජුන්ට ජන්කුක් ගැන කේන්ති යන්න පටන් ගත්තා. ජන්කුක්ගේ මේ හැසිරීම් එක්ක එයා එක්ක වැඩ කරන කාටවත් එයා එක්ක ඉන්න හිතුනෙම නැති තරම්. ඔව් ජන්කුකත් ඉස්සරට වඩා රලු මානුශීය ගති තියෙන කෙනෙක් වෙන්න අරගෙන. ඒ ලස්සන බෝල ඇස් කවදාවත් නැති රවුද්‍ර පෙනුමක් අරගෙන. වේදනාවෙන් මිරිකුනු කම්බුල් වගේම ඇස් ජන්කුක්ට අමතක කෙරෙව්වා එයා මේ ලෝකේ වටිනම දේකට ආදරය කරපු කෙනෙක් වග.




_____________________________________

Hi gyz....☹️
     කම්මැලි නිම් ආවෝ.....

මේ කොටස පිස්සුවක් වගේද... ඔව් නේහ් කාලයක් ඉදලා දාද්දී පිස්සුවක් වගෙත් වෙනෝනේ...

   කතාවේ විලන් ඔයාලා හිතන විදිහට මූන් වෙයිද... නැත්‍ර්හන් වෙන කෙනෙක් වෙයිද...¿

මේ දවස්වල මන් පස්න දාගෙන ඒව උඩ මම උඩ පැනපැන ඉන්නේ.. ඒකයි කතා පරක්කු තවත්... හී හී ඒත් ඒවා අස්සෙත් මන් කතාව දෙනෝ...

ඔකේ බායි බායි... 😌

Enjoy 🚶
Ishki...

Bạn đang đọc truyện trên: AzTruyen.Top