21. ☘ තෙමුනු තොල්


        කලු ලෝගුකරුවත් සත් දෙනෙක් වීගේ වටේට හිටගෙන හිටියා. එක්කෙනෙක්ගෙවත් මූනුනම් පෙනුනේ නෑ. මහා භයානක පෙනුමක් එ අයට තිබුනේ. ලෝගුව නිසා මුලු ඇගම වැහිලා තිබුනා. මූන පේන්න තිබුනු හිඩස මේ හොදට එලිය තියෙන වෙලාවෙත් හොදටම අදුරුයි. ඒ මූන පේන්නේ නැති තරමට හොදයි කියලා හිතෙන තරම්ම මහා භායානක හැගීමක් එනවා.

 

       ඇස් වටේටම කරකැව්ව වී ඉක්මන්ට හිට ගත්තා හරියට එයා බය නෑ කියලා පෙන්නන්න වගේ. වී නැගිටිනවත් එක්කම කලු ලෝගු කරුවන් අඩි දෙකක් පිටි පස්සට ගිහින් අතේ තිබුනු කඩුවෙන් බිමට තල්ලු කීපයක් දැම්මා. වී කටත් ඇරගෙන බලන් හිටියා මේ මොනාද වෙන්නේ කියලා කිසිම දෙයක් තේරෙන්නේ නැතුව.
      එයාලගේ හැගීමවත් තේරුම් ගන්න අඩුම තරමේ ඇස් දෙකවත් පෙන්නේ නැති නිසා  මෙතන ඉන්න එකනම් වැඩිය හොද නෑ කියලා වී හිතා ගත්තා.

  
       ඒ අය කීප පාරක්ම බිමට කඩුවෙන් ගහද්දී කඩුවල මුවහත වගේම කඩුවේ බර නිසා බිමට වැදිලා ගිනි පුපුරු පිට උනා. ඒ කඩු පරන පෙනුමක් ගත්තතේවා තාමත් මුවහත්. ඒ අය එකපාරටම  වීගේ වටේට රවුමට ඇවිදින්න ගත්තා. බොහොම හිමීට ඒ ඇවිදින ගමනුත්  එයාල වී දිහා බලාගෙනයි ඇවිද්දේ.
         ඒ ගමන් එයාලා තේරෙන්නැති භාශාවකින් මුමුනන්න ගත්තා. වීට දැනුයි දැක්කේ අවට වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් කියලා. කාලය නැවතිලා ගස් එකම පැත්තකට නැවිලා දම්පාටින් වලාකුලු කුනාටුවකට අහු උනු ගස්වල අතු වීට පෙනුනා. මේ දේවල් දකිද්දී තවත් බලා නොයිද පැන ගන්නයි එයාගේ හිත කිව්වේ. මේ දේත් එක්ක සටන් කරන්න වීට බය හිතුනා. කවදාවත්ම දැකලා නැති මායවක් නිසා වීගේ හිත බය උනා. වීගේ අත් කවදාවත්ම නැතුව දාඩියෙන් තෙත් උනා.

        එයාව ආපහු ගෙන්න ගත්තේ ලෝකය යටත් කරගන්නත් බලය ලබා ගන්නත් වෙන්න පුලුවන්. වී එක එක දේවල් කල්පනා කර කර තියුනු බැල්මක් හෙලුවා.

වී හිතින් ජන්කුක්ව හෙව්වා මොචී එයා නැතුව හොදටම බය වෙලා ඇති කියලා වීට දිගින් දිගටම තවත් හිතෙන්න ගත්තා. මේ දේවල් අස්සේ වීගේ මතකය ඇවිස්සුනේ ඒ ආදරනීය පුද්ගලයන් පස්සෙයි.

" මොනාද ඔය කරන්නේ.... කවුද ඔහෙලා..."

කලු ලෝගු කරුවන්ට වී හැරෙනගොටම තේරුනා මෙයා දැම් පැන ගන්නයි හදන්නේ කියලා. වීට ඇවටා බලය නැති නිසා පූජකවරු කිසිම විදිහකින් වීට ගවුරව කලේ නෑ. ඒ වගේම බලයක් නැති නිසා වී ලගට යන්නත් බය උනේ නෑ. ඒත් බලවත් ඇවටා කෙනෙක්නම් වී ලගට යන්න එයාලා නිකන්වත් හිතන්නෑ.

      වී අඩියක් ඉස්සරහට තියලා අත් දෙක එකතු කලා. ඒත් කිසිම වැඩක් උනේ නෑ. එයට එතකොටයි මතක් උනේ එයාගේ බලය නැතිවෙලා ගියා කියලා. වී ඔලුව උස්සනවත්  එක්කම වීගේ දිහාවට පූජකවරු හත් දෙනා කඩු හත දික් කරගෙන  නැවතිලා ගල් පිලිම වගේ හිටගත්තා.   

          ඉර එලිය වැටිලා ඒ කඩු දිලිසෙනවත් එක්කම කඩු වලින් ලොකු ආලෝකයක් පිට උනා. අලෝක කිරණ වීගේ ඔලුව උඩට වලාකුලක් වගේ එකතු වෙලා එ ක්ශනයෙන්ම වීගේ ඇග වටේට ඒතුනා හරියට විනිවිද පේන බෝලයක් වගේ. මේ ආලෝකය නිසා වීට ලොකු අපහසුවක් දැනෙන්න පටන් ගත්තා. ටිකෙන් ටික රස්නේ වැඩි වෙන්න පටන් අරන් මුලු ඇගම ගිනි ගන්න තරමට පිච්චුනා. ඒත් කිසිම විදිහකින් වීගේ ඇගට හානියක් වෙලා තීනවා වගේ පෙවුනේ නෑ. වීගේ මුලු ඇගම පන නැති වෙන්න වගෙයි. හැම තැනම කලුවර කරගෙන එක එක භයානක කඩ හඩවල් මග ගොඩාක් ඇහෙන්න ගත්තා.

ඔලුව පුරාම මහා නපුරු සද්ශ ඇහුනා. නපුරු බලවේගයන් පාලනය කරන්න අරගෙන වගේ. වීගේ අත පය වෙවන්න පටන් ගත්තා. ඔලුව ඇතුලෙන් ඉදිකටු දාහකට වඩා අනිනවා වගේ වේදනාවක් දැනෙන්න ගත්තා. මොහොතකින් මේ දේවල් දරා ගන්න බැරි උනු වී දෑතින්ම ඔලුව බදා ගත්තා.

  " අනේ එ..පා..... ම...ට... රිදෙන..වා....අනෙ....අ...නේ..එපා....."

රිද්දන්න එපා කියලා වී විලාප දෙන්න ගත්තා.  ඒ ඇඩිල්ල මහ වේදනාකාරී එකක්. මේ වෙලාවේ වේදනාව කියන්නේ මේකටයි කියලා වී හරියටම තේරිම් ගත්තා. ඔය අතරේ භයානක කඩහඩවල් අතරින් වීට ඇහෙන්න ගත්තා හුගාක් සමීප කඩහඩවල්

   " ඔයා පැරදුනා....."

    " මන් ඔබට කිව්වා මුලදිම.... දැම් ඔබට විදවන්න වෙයි...."

   " මට සමාවෙන්න ස්වාමීනී... ඒත් ඔබ මුරන්ඩු උනා..."

ඒ සුදු මකරගේ රුව. සිත් තැවුලෙන් පිරුනු ඒ කඩහඩ විඩාබරයි. වී මේ තත්වෙට වැටුනේ එයා නිසා කියල ඔහු හුගාක් දුක් වෙනවා. වී බල ධාතුව නැති කර ගත්තා.
       ආයෙත් ඒ බලය දැම් වීට ලබා ගන්නනම් සාමන්‍ය හැමදේම අත අරින්න වෙනවා.  බලය ලැබෙද්දී වී සාමන්‍ය මනුසයන්ට තියෙන දුර්වලම දේවල් කඩලා බිදලා දාන්න ඔනේ.

                    ' හැගීම් '
මනුස්සයෙක්ට හැගීම් කියන දේ නැති උනොත් මොනවගේ වෙයිද... රාක්ශයෙක්, නැත්තම් නිකන්ම නිකන් ගලක්..
            එහෙම උනොත් ආදරනීය, අහින්සක, හුරතල්කමක් නැති දරුනු කෙනෙක් එලොයට ඒවී. එවිට ඔහු කරන්නේ රාජකාරිය ඉටු කිරීමම පමනයි.

  වීට සිද්ද වෙනවා හැගීම් කියන දේ නැත්තටම නැති කරලා දාන්න. හැගීම් නැති ශරීරයට නැවත බල දාතුව ලබා ගන්න පුලුවන් ඒ කලින්ටත් වඩා බලවත් වෙලා. ඒ කියන්නේ පරිපූර්ණ ඇවටාතුමන් වෙලා.. සාමන්‍ය ඇවටාවත් සාමන්‍ය වීවත් නෙවෙයි බලවත් පරිපූර්ණ ඇවටාවරයා...

   හැගීම් නැති වෙනවා කියන්නේ, මතකයන් මැකිලා යනවා කියන එක.
කලින් කරපු කියපු හැම දේම මතකයෙන් අයින් වෙනවා කියන එක. ජිමින් උගන්නපු දේවල් ජේකේගේ මුරන්ඩු මතකයන් මේ හැම දේම වීට අමතක වෙනවා කියන එක. ඒ කවුරුත් වීගේ ජීවොතේ හිටියේ නෑ කියලා මතකයන් මැකිලා යන එක.

අලෝකය වීට කුඩා කාලය මතක් කලා ඒ වගේම ගෙවුනු ජීවිත කාලය මකන්න කියලා බල කෙරෙව්වා. මේ දේවල් නිසා වීට තේරුනා එයාට දැම් වෙන කරන්න දෙයක් නෑ ගියලා. නිකන් හරි සටන් කරන්න හිතන් හිටියත් ඒක දැම් වීගේහිතෙන් අතුරුදහන් වෙලා ගියා. වී වගේ කෙනෙක්ට මේ දේවල් දරා ගන්න හුගාක් අමාරුයි. හුරතල් ආදරනීය මනුස්සයෙක් එයාව හුගාක් ලස්සන මනුස්සයෙක් කලා. එක උනුහුමක් ලග නතර කරලා ආදරය කියන්නේ මේකටයි සතුට කියන්නේ මේකටයි කියලා ඉගැන්නුවා. ඒත් මේ හැම දේම එක මොහොතකින් විනාශ වෙන්නයි යන්නේ.

 









        .......................⏳....................

               නැවතුනු කාලය ආයෙත් තිබුනු විදිහටම ක්‍රියා කලා
                         ......⏱.......

  පරිසරය වෙන්දා වගේම වැඩ පටන් ගත්තා. ගහ කොල වගේම දම්පැයෙන් පාට උනු අහස තිබුනු විදිහටම හැරුනා. 

       වීගේ ශරීරයටනම් දැම් කෙලින් ඉන්නවත් පන තිබුනේ නෑ. මුලු ඇගම තාමත් වෙව්ලනවා. මතකයන් මෙච්චරටම එයාව රිද්දවයි කියලා හීනෙකින්වත් එයාට හිතෙන්නේ නැතුව ඇති. ඔලුව හිරි වැටුමක් නැතුවම තාමත් වේදනාවෙන් මිරිකෙනවා. ඇස් අරින්න බැරි තරමට ඇස් ගිනි බත් වෙලා. වී උත්සාහා කලේ ඒ ඇස් අරින්න. එයාට ඔනේ උනා කෝම හරි මේ දේත් එක්ක සටන් කරන්න. ඔලුව බදාගෙන දන ගහගත්ත වී එහෙමම ක්ලාන්ත වෙලා ඇදගෙන වැටුනා.

     පන නැති ශරීරය කිසිම විදිහකින් හෙල්ලුනේවත් නෑ. මැරුනු මලකදවක් වගේ එහෙමම බිම වැතිරිලා.



























                 










                               ⏳












      මුලු දවසක්ම වී ඒ විදිහට ක්ලාන්තව හිටියා. පරිසරය විසින් වීගේ ගත නිදහස් වාතයෙන් පිනෙව්වා. ඔය අතරේ අහස කලුවර කරගෙන ඇවිත් එකපාරටම පොද ගහන්න පටන් ගත්තා. කුරුල්ලන්ගේ සද්දේ එන්න එන්නම වැඩි උනා. හරිමට වීට නැගිටින්න කියන්න වගේ. වැහි පොදත් ටිකෙන් ටික වැඩි වෙලා හොදටම වහින්න පටන් ගත්තා. වීව සම්පූර්ණයෙන්ම වැහි වතුරට තෙමිලා තෙත රෙද්ශක් වගේ උනා.
        තනි සුදු පාට කොන්ඩේ වැහි බිදුවලින් තෙමිලා මූනට වැටුනා. වීගේ මූන ලගම වීගේ අත් දෙක එක උඩ එක වැටිලා තිබුනා. අල්ලට වැටුනු වැහි බින්දු හරි ලස්සනට වටේට විසිරිලා ගියා. බිම පැත්තට හැරිලා හිටපු වීගේ නහය උඩට වැටුනු වතුර බින්දු හීමීට හරි ලස්සනට් පෝලිමට බිමට වැටුනා.











     කාලයත් පරිසරයත් එකතු වෙලා වීව සනීප කරා. වීගේ ගතට දැනුනේ පුදුම නැවුම් බවක්. වීගේ වේදනාබර ඇහි පිල්ලම් වලට මෙන්න පන ඇවිත්. භාගෙට ඇහි පිය ගහපු වී ටිකකෛන් අල්ලට වැටෙන වැහි බින්දු දිහා ඔහේ තේරුමක් නැතුව බලන් හිටියා. මුලු ඇගම තෙත බරිත වෙලා.
      මොචී පලවෙනි පාරට එයාව ශවර් එක යටින් ඉන්දෝලා වොශ් දාගන්න කිව්ව වෙලාව වීට මතක් උනා. වී වහිනවා කියලා කෑ ගගහා උඩ පනිද්දී මොචී හයියෙන් හිනාවෙවී වීගේ ඔලුවට සුවද ශැම්පු ජාතී දාලා වීගේ ඔලුව පෙන වලින් පිරෙව්වා.

  මේ වැස්ස වීගේ මතකයන් එකින් එක අවුස්සන්න ගත්තා. ජන්කුක් එක්ක බාත් එකේ ගත කරපු වෙලාව ඒ පලමු හාදුව ඒ පලමු හැගීම වීට මතක් උනා. වැහි බින්දු වීගේ තොල් තෙමද්දී වී තදින්ම ඇස් පියාගෙන එදා රෑ විදපු පලමු හාදුවේ පහස මතක් කරමින් ඒ පහස ආයෙත් විදින්න උත්සාහා කලා.
     වීටදැනුනේ ජන්කුක් එයාගේ නල්ල සිප ගන්නවා වගෙයි. ඒතෙතන ජන්කුක් නැතිවග වැටහෙන්න වීටමහ වෙලාවක් ගියේ නෑ. මෙතන ඉන්නේ එයා විතරයි වෙන කවුරුත්ම නෑ.

            ටිකෙන් ටික කකුල් වලටත් අත් වලටත් පන ලැබෙන්න පටන් ගත්තා. වී අහසට මූන දීලා උඩුබෙලි අතට බිම වැතිරුනා.
ඇස් පියාගෙන වැහි බින්දු ඇගට වැටෙද්දී වී ඒවායේ සද්දෙට හොදින් ඇහුම් කන් දුන්නා.

   හිමීට ඉද ගත්ත වී ඇස් ඇරියා. වීට ඇස් අදහ ගන්න බැරි උනා. ලොකු ගලක් උඩ එයා විතරක් තනියෙම ඉන්නවා. ටිකකට කලින් වී හිටියේ කලු ලෝගුකරුවන්ගේ බලයට යටත් වෙලා.  එයාලා බලෙන්ම වීගේ ඔලුවට දේවල් ඇතුල් කර කර කරයි හිටියේ. ඒත් දැම් වී තනි කලු ගල් කුලනක් උඩ ඉන්නවා.

        අමුතු හැඩ වලට අබාපු පිලිම  වීගේ වටේට ඒත් හුගාක් ඈතින් තිබුනා. වී හිටියේ ඒ හැම පිලිමයකටම  වගේ ගල් කනු වලටත්  වඩා ඉහලින්. තවත් ලොකු ගල් කනු තිබුනා හරියට මාලිගාවක නටබුන් වගේ. ඒ හැම ගල් කනුවකටම වඩා ඉහලම තැනකයි වී හිටියේ. කෝම ආවද කියන එකනම් වීට තාමත් හිතා ගන්න බෑ.

   වීට මතක් උනේ එයා කැලේ හිටපු කාලේ මේ වගේ උඩ තැන් වල ඉදලා බිමට පැනපු හැටි. හරිම ලේසියෙන් පාවෙලා බිමට යන හැටි වීට හොදට මතකයි. ඒත් ඒවා දැම් වීට කරන හැටිත් අමතකයි. ඊටත් බලයක් නැති නිසා වීට තුවාල වෙන්නත් පුලුවන්නේ. වැස්ස හිමීට නතර වෙලා අහස තිබුනු විදිහටමපත් වෙන්න ගියේ පුංචි කාලයයි. එහෙ බලලා මෙහෙ බලන සැනෙන් අහස තිබුනු විදිහටම ආලොකමත් උනා. කුරුල්ලෝ ඒ මේ අත පියාබන්න පටන් ගත්තා. සත්තුන්ගේ සද්ද ඇහෙන්න පටන් ගත්තා. පරිසරය සාමන්‍ය අතටම හැරුනා.

   පුද බිම් ඉසව්ව ඉවර උනේ ඈතින් පේන කදු යායත් එක්කයි. පුද බිම වටේට තනි කෑලෑවත් එක්ක කදු පන්තියක් තිබුනා. මිනිස්සුන්ගෙන් හැන්ගිලා ඉන්න හොදම තැනක් කියලා බැලූ බැල්මටම ඕනේ කෙන්ව්ක්ට පේනවා.

     වී නොදන්නවා උනාට මේක තමයි එයාගේ පලවෙනි පුහුනුව. වීට සිද්ද වෙනවා කෝම හරි මෙතනින් බිමට පනින්න. ඒත් වීට බය හිතුනා එක කරන්න. බලයක් නැති නිසා වීට ඔතනින් බිමට පනින්න බෑ නිකන්ම. කනුව උඩ හිට ගත්ත වී කෑ ගහලා උදව් ඉල්ලුවා. ඒත් කවුරුත්ම නෑ කියලා වීට ඉක්මනින්ම තේරුනා.

ඉස්සෙල්ලා මෙතන හිටපු කලු ලෝගු කරුවන්ගේ ජ්‍යාවක්වත් නෑ. එයාලා මෙතන හිටියද කියන්නවත් සාක්ශියක් නෑ. නිකන්ම නිකන් නටබුන් ගොඩකුත් ඈතින් ඈතින් පිහිටපු ගල් කනු ගොඩකුත් විතරයි වීට පෙනුනේ.

කාලය හරිම හිමින් ගත උනා. වීගේ බඩ, බඩ ගින්න නිසා හොදටම කෙදිරි ගගා අඩනවා.
         ඒ පාර වී බඩ අත ගගා

   " අනේ ඉන්න... මන් ඉක්මන්ට මොනා හරි හොයලා දෙන්නම්... ඔයා කෑ ගහද්දී මන් කෝමද මෙතනින් බිමට යන විදිහක් ගැන හිතන්නේ.. ෂ්...."

වී කටටත් ඇගිල්ල තියලා බඩට තට්ටු දදා දුකෙන් කිව්වා.

වී ආයෙමත් ඇලවෙලා ඇස් පියා ගත්තා. කරන්න කිසිම දෙයක් නෑ කියන එක වී හොදටම දන්නවා. ඉතින් වී ගල උඩ වැතිරිලා කල්පනා කලා. ටිකක්වෙලා යද්දී වීට මතක් උනා සුදු මකරා එයාට පුහුනු කරනකොට කියපු දෙයක්.
    "ඇවටාවරු බල ලබා ගන්න කලින් වස්තූන් එක්ක සම්බන්ද වෙන්න හිත එක්තැන් කරන පුහුනුවක් තියෙනවා. ඒකෙදි හුලග ජලය වගේ දේවල් සාමන්‍ය විදිහට පාලනය කරන්න පුලුවන් වෙනවා. බල රහිත ඇවටවරුන් කරන්නේ ඒ දේයි."

  එකවිදිහකට වැතිරිලා හිටපු වී ගැස්සිලා ගිහින් තවත් බලා නොයිද ඒක කරන්න ලෑස්ති උනා. වී හොද හුස්මක් අරගෙන හිත එක තැනකට ගේන්න පුදුම විදිහට උත්සාහ කලා. වටේ පිටේ සද්ද නිසා වීගේ හිත හතර වටේම දිව්වා. තවත් වෙලාවකට බඩ කෑ ගහනවා.






















                             
                                  ⏳

         වීට හුග වෙලාවක් ගියා එයාගේ හිත එක තැනකට ගන්න. ඒත් එකපාරටම කොහින්ද ආපු ජන්කුක් කට කොනට හිනාවෙවී වී නෝන්ඩි කරන්න පටන් ගත්තනේ.

" අනේ ජන්කුක් ඔයා හදන්නේ දැන්නම් මගෙන් හොදවයින් දෙකක් කන්න තේරුනාද.."

වී ඇගිල්ලත් දික්කරගෙන අහසට බැන්නා. තරහින් බැන්නත් වීට නිකන්ම හිනා ගියා ඒ මූන මැවිලා පෙන්ව්ද්දී.
       ඒ දේ අමතක කරලා ආයෙත් තදින්ම ඇස් තදින් පියාගෙන වී හිත එක්තැන් කරගෙන සුදු මකරා එයාට පලවෙනි පාරට කියා දුන්නු දේවල් මතක් කරා.

















                                🕠

   අවුරුදු තුනක පුංචි බට්ටෙක්.. ගහක් උඩට නැගලා බිමට බැහැ ගන්න බැරුව හොටු පෙරාගෙන අඩනවා. ඔව් ඒ තමයි පුංචි වී. සුදු මකරා මනුස්ස වෙසින් තමයි වී එක්ක ජීවත් උනේ. බටනලාවක් ඇතැතිව සුදු මකරා ගහ යටින් ඉද ගත්තේ වී අඩනව ඇහෙන්නෙත් නෑ වගෙයි.

සුදු මකරා තාලෙට සිංදුවක් කියන්න ගත්තා. පරිසරය සතා සිව්පාවා පවා හරිම නිහඩව මේ සිංදුවට ඇහුම් කන් දෙන්න සැරසෙද්දී වීගේ ඇඩිල්ලත් නතර වෙලා අන්තිමේදී පුංචි ඉකියක් විතරක් පිට උනා. ගහේ අත්ත බදාගෙන ගහ යට ඉදන් ඉන්න සුදු මකරා දිහා කදුලු පුරෝගෙන වී බලන් හිටියා. සංගීතය මොනතරම්නම් සිත් සංසුන් කරවනවද. බිය වගේම දුකට සතුටට සංගීතය කොච්චරනම් උපකාරී වෙනවද. ඒ වගේම දේවල් උගන්වන්නත් සංගීතයට බලයක් තියෙනවා.

    සිංදුව වීට ඉගැන්නුවා හුලග යාලුවෙක් කරගන්න කියලා. එතකොට හුලග ඔයාව බිමට ගෙනෙයිත්, කියලා. සිංදුව ඇහෙද්දී වීට තේරුනා එයා ඊලගට මොකක්ද කරන්න ඔනේ කියලා. පුංචි කකුල් වලින්  සමබරතාවය හරියට දිනාගෙන වීට පුලුවන් උනා අත්ත උඩ හිට ගන්න. දෑත් විහිදලා හුලග ඇගේ වැදිලා හුලගත් එක්ක තම බලය නිදහස් කරන හැටි පුංචි වීට ටිකෙන් ටික තේරුනා.

     ඒත් එක්කම කොහෙන්දෝ මැවුනු ජන්කුක්ගේ රුව බනී හිනාවක් එක්ක වීගේ  ලගටම ඇවිත් වීගේ නල්ල සිප ගත්තා.
                           
                       ⚡🕠

වී ඒ වෙනකොට හිටියේ කනුව උඩ අයිනට වෙන්න අත් දෙක විහිදගෙන හුලගත් එක්ක බලය නිදහස් කරන්න ඔන්න මෙන්නයි. ඒත් එකපාරටම හදවත ජන්කුක්ව වීගේ මනසට ඇදගෙන ඇවිත් වීව හිර කර ගත්තා. වීගේ සමබරතාවය නැතිවෙලා එකපාරටම වී බයෙන් කෑ ගහගෙන කනුවෙන් බිමට වැටුනා.  හුගාක් උස කනුවක් නිසා වීට දැනුනේ හුග වෙලාවකට පස්සෙ බිමට වැටුනා වගෙයි.






___________________________________
Hi guyz ⚡:)

   







Enjoy💜️
Ishki...

Bạn đang đọc truyện trên: AzTruyen.Top