20. ☘ බල ධාතුව

මාස දෙකාමාරකට පසු


පාන්දර 3ට විතර ටැක්සි එකකින් කොල්ලෝ දෙනෙක් ජන්කුක්ව උස්සගෙන ගෙදරට ආවා. විශාල සාලය මැද්දට වෙන්න තිබුනු සුවපහසු සැටිය උඩට ජන්කුක්ව අත ඇරපු කොල්ලෝ දෙන්නා හැරුනේ නම්ජුන් එන්න කලින් පැන ගන්නයි. ජන්කුක්ව හීන් සීරුවේ ඇතුල්ට උස්සන් එනවා මුල ඉදලම ඔක්කොම උඩ ඉදන් බලන් හිටපු නම්ජුන්

" අදත් එයා වැටෙන්නම බොනකල් උබලා දෙන්නා බලන් හිටියද..."

නම්ජුන්ගේ සද්දෙට කොල්ලෝ දෙන්නා ගැස්සුනා. දෙන්නට දෙන්නා මූන දිහා බලාගෙන හොර මීයෝ දෙන්නා වගේ ආයිමත් අනික් පැත්ත හැරුනේ ඔලුවත් පාත් කරගෙනයි. පඩිපෙල බහින ගමන් නම්ජුන් සැටි එක උඩ භාගෙට වැටෙන්න ඔන්න මෙන්න හිටපු ජන්කුක් දිහා බලාගෙන දත් මිටි කෑවා. නම්ජුන්ගේ මූන දැකලා අර කොල්ලෝ දෙන්නට මේ වෙලාවේ හැදෙන්න ඔන්නැති බරකුත් හැදුනා.

" අ..අ..අපි.. කි..."

" දැන් කියන්න හදන්නේ ඔයාලා එපා කිව්වත් එයා බලෙන්ම බිව්වා කියලනේ..."

කොල්ලෝ දෙන්නා තරගෙට ඔලුව වැනුවා.

" හහ් එහෙනම් බොනවා කියලා දැන දැනත් මොන එහෙකටද හවස මෙයාවත් අරගෙන කල්බ් එකට ගියේ..."

නම්ජුන් කෑ ගහද්දී කොල්ලෝ දෙන්නගේ කකුල් දෙකත් එක්ක ගැහෙන්න ගත්තා. මී ඇට පිම්බා වගේ කොල්ලෝ දෙන්නා හ්ම් සද්දයක් නොකර බිම බලා ගත්තේ නම්ජුන්ට බොරු කිව්වොත් ඊලගට බෙල්ල නැතුව යන්න වෙන්නේ කියලා දන්න නිසයි.

" මන් දන්නවා මේ දවස් ටිකේම ඔය දෙන්නා තමයි මෙයා එක්ක කල්බ් එකට ගියේ කියලා.. ඔය දෙන්නා කැමතිද ඔය ලස්සනට තියෙන දත් ටිකේ ඉස්සරහම දත් දෙක නැතුව යන්න එහෙම... "

කොල්ලෝ දෙන්නට කෙලත් ගිලුනා ඒ කතාවටනම්. නහයෙන් කනෙන් දාඩියත් දැම්මා.

කේන්තියෙන් නම්ජුන් අන්තිම පඩියට කකුල තියනවත් එක්කම කොල්ලෝ දෙන්නා අනික් පැත්‍තට පන එපා කියාගෙන දිව්වා ආයි පස්සවත් නොබලා.

ඒ දෙන්නානම් ආයි ජන්කුක් එක්ක ක්ලබ් එකට යන එකක්නම් නෑ. ඒත් ජන්කුක් ඒ දෙන්නා නෑ කියලා නොයා ඉන්නෙත් නෑ කියලා නම්ජුන් හොදට දන්නවා.
ජකුක්ගේ සල්ලි වලින් උන් දෙන්නා විනෝද වෙනවා. ඒත් දැන් නම්ජුන්ට තියෙන බය නිසානම් ආයි ඒ දෙන්නා ජන්කුක් පස්සෙන් එන එකක් නෑ.

නම්ජුන් සාක්කුවට අත් දෙකත් ඔබාගෙන ජන්කුක් දිහාවට ඇවිදන් ගියේ දුවපු කොල්ලෝ ගැන ගානකටවත් නොගෙනයි.

* namjoon p.o.v. *


මෙහෙම නිකන් නාස්ති වෙන්නද මන් ඔයාව හදා ගත්තේ ජන්කුකා. පිස්සෙක් වගේ බීලා මිනිස්සුන්ට විහිලුවක් වෙන්නද ඔයාව මන් මෙච්චර සැප දීලා හැදුවේ. ඔම්මා අප්පා නැති අඩුව දැනෙන්නෙ නැති වෙන්න මන් ඔයාට හැදේම දුන්නා.

ඒත් නැතිවෙච්ච මනුස්සයෙක්ව ගෙනත් දෙන්න කියලා මගෙන් ඉල්ලන්න එපා මල්ලී...

මගේ චිමී එයා ඇතුලෙන් විදව විදව එලියෙන් හිනාවෙලා ඉන්නවා. මන් දන්නෑ එයා ඒක කෝම කරනවද කියන්න. එයා එහෙම විදවනවා මෙතන ඔයා බීලා මැරෙන්න හදනවා.

ජන්කුක්ගේ නැනී අනිත් සර්වන්ට්ලා එක්ක මගේ පිටිපස්සේ හිටන් හිටියා හරියට මන් ජන්කුක්ව උස්සලා අතට දෙනකල් වගේ.

" මොනාද තවත් බලන් ඉන්නේ මන් මෙයාව උස්සන් යන කල්ද... ආ..."

ඒ පාර මන් දිහා බල බල ඉස්සරහට ආවේ මොනාද කරන්න ඔනේ කියලා මන් කියලා දෙන්න ඔනේ වගේ

" මොලයක් නැද්ද අරන් යනවා... එයාගේ රූම් එකට..."

කට්ටියම බයටම මට ආචර කරලා ජන්කුක්ව ඉක්මන්ට උස්සගෙන උඩට ගියා. කිසිම වැඩක් නෑ මේ කාගෙන්වත්..

මන් ජන්කුක්ව බලන්න එනකොටත් චිමී ඇහැරිලයි හිටියේ. එයාට නින්ද යන්නෙත් නෑනේ කෝමත්... චිමී මොනවා කරනවා ඇද්ද කියලා හිත හිත මන් අපේ රූම් එක දිහාවට ගියා. හ්ම් සමහරවිට එයා ආයිමත් වීගේ එකවුන්ට් චෙක් කරනවා ඇති. මන් කොච්චර කිව්වත් එයා අහන්නේ නෑ. වී ඒවා පාවිච්චි කරලා නෑ ගොඩ කාලෙකින්.

කාමරේට ඔලුව දාන ගමන් මන් එයා ඉන්නේ කොහෙද කියලා බැලුවා. කාමරේ ලයිට්ස් ඕෆ් කරලා තිබුනා සමහරවිට එයා නිදි ඇති. හිමීට ඇද ලගට ගිහින් මන් බිත්තිය අත ගාලා ලයිට් දාලා බැලුවා.

" චිමී.................😶"

එයා ඇදේ නැත්තම් කොහෙද.. බාත් රූම් එකේද... මගේ සද්දේ ඇහිලාහරි එයා... ඇයි කිව්වේ නැත්තේ ඇයි...

කෝ ඔයා...

" චිමී ඔයා මාව බය කරනවා..."

බාතෲම් එකේ දොරට තට්ටු කරන ගමන් මන් කිව්වත් එයාගෙන් හම් සද්දයක්වත් නෑ. මන් නිකමට බාතෲම් එකේ ලොක් එකට අත තිබ්බා ඒක නිකන්ම ඇරුනා.

ඒ කියන්නේ එයා ඇතුලේ.....

" ජන්......... ජන්...............කෝ මේ මිනිස්සු...... "

මන් කතා කරලා විනාඩි දෙකකටත් විතර පස්සේ දුවන් එනවා මෙතන වෙලා තියෙන දේවත් නොදැන.. 😡මට එන කේන්තියක් මුන් ඔක්කොවම මට එලොව යවන්න හිතෙන්නේ...

" ජිමින් සර් කොහෙද බලනවා.... ඉක්මන්ට....... ඇතුලේ නැත්තම් එලියෙත් බලනවා.. ඉක්මන්ට මොන ලෝකෙන් හරි හොයන් එනවා..ඉක්මන් කරනවා........ එයා ආයිත් එලියට ගියාද දන්නෑ මේ සීතලේ"

මේ කොල්ලා කී පාරක් මෙහෙම ගියාද.. එයාවත් දන්නෑ එයා කොහෙද යන්නේ කියලා... එයා තවත් ලෙඩ වෙනවා මෙහෙම ගියොත්...

ඇයි චිමී ඇයි...
ඔයා මෙහෙම කරන්න ගියාම මන් කොමද ඔයාව සනීප කරගන්නේ...
මගෙයි වැරැද්ද එක විනාඩියකටවත් එයාගෙ ලගින් හෙල්ලෙන්නේ නැතුවයි මට ඉන්න තිබ්බේ.. ජන්කුක්ව බලන්න් ආපු විනාඩි ගානටනේ...

මන් මටම බැන බැන කාමරෙන් එලියට ආවා.

" බො...ස්...🤕 ජි..මින්.. ජි..මින්... ස...ර්....."

" මොකද මේ... 😡කියනවා.... කියනවා මගේ යකා අවුස්සන්නේ නැතුවා...🤬 "

සීසී ටී වී චෙක් කරද්දී චිමී එලියට යනවා දැකලා තියෙනවා.

ඒ කියන්නේ එයා.......

" ජන්.............. ජන්....... කා එක ගන්නවා.. ඉක්මන් කරනවා........"

හිම වැටෙන්නත් පටන් අරන් චිමීගේ කෝට් එකත් අතට අරගෙන සීතලේම දුවන් ගිහින් මන් කා එකට නැග්ගා.

"ස..ර්...සර්... සර්ගේ ජැකට් එක..."

මට මගේ ජැකට් එකත් අමතක උනා ඒ ඩින්ගට. ඒත් ආයි හරවන්නවත් වෙලාව නාස්ති නොකර චිමීව හොයන්න මන් පිටත් උනා.

එයා අනිවාරෙන් යන්න ඇත්තේ 'වී හවුස්' එකට. ජිමින් ඔය නම දැම්මේ වීට හොයා ගන්න ලේසී වෙන්න. 'වී හවුස්' කියලා හැමෝම කියද්දී වීට පාර හොයාගෙන ගෙදර එන්න පුලුවන් කියලයි එයා හිතන් ඉන්නේ.

මේ දේවල් නිසා එයා තවත් විදවන එක විතරයි වෙන්නේ.. මන් කල්පනා කර කර ජන්ට කෑ ගැහුවේ ඉක්මන්ට කා එක අරන් යන් කියලයි. කා එක බ්‍රේක් ගහන වාරයක් පාසා මගේ ඉවසීම පැනලා ශීට් එක ඉස්සරහට යන්නම මම අත මිට මොලවලා ගැහුවා. මහ පාන්දර ඒ මදිවට පාරවල් ලිස්සනවා කා එක අරන් යන්න මේ මනුස්සයා පුදුම බයෙන්.

කෝම හරි අපි එතනට එද්දී චිමි දොර ලග පඩියේ ඉදගෙන ඉන්නවා ඈත තියාම මන් දැක්කා. කා එක නවත්තන්නත් කලින් කා එකෙන් බැහලා මන් එයා ලගට දුවන් ගියේ එයාට හොදටම සීතල ඇති කියලා හිතා ගෙනයි.

ලගට යද්දී සීතලේ ගැහි ගැහි රතු වෙච්ච කම්බුල් දිගේ ගලන කදුලු දෑතින් පිහි දාන ගමන් එයා මන් දිහා බැලුවා. දොර ලගම පඩියේ ඉදගෙන හිටිය එයා මාව දැකපු ගමන් පුංචි හින්නවක් මවා ගත්තා. මන් දන්නවා බබා ඔයාට ඔනේ මන් හොදින් කියලා ඒත්තු ගන්වන්න. ඒත් ඔය හිත සහෝදරයෙක් වගේ හිටපු ඒ කෙනාගේ අහිවීම ගැන හුගක් විදවනවා...

" ඔයා දන්නවා මන් ඔයාව හොයන් එනවා කියලා..."

" මියානේ.... ජුන්...........ඒත් මට බයයි.....එයා එයි... එයා පාර හොයාගෙන එයි... ඇවිත් මන් නැති නිසා ඇස් දෙකත් රතු කරගෙන අඩයි. "

ඒ හුරතල් තොල් මිමිනුවේ එ වචන ටික විතරයි. පාර දිහා බලාගෙන එයා වීගේ රුපේ කොයිවෙලාවක හරි මැවෙනකල් බලාපොරොත්තු උනා.

මන් එයා ලගින් ඉද ගන්න ගමන් එයාට එයාගේ කෝට් එක පෙරෙව්වා. මේ සීතල කකුල් දෙකම ගල් කරන තරම්ම අමාරුයි..., ඉතින් මගේ චිමී කෝමද ඒක දරාගෙන ඉන්නේ...

" හ්ම්....එයා එනකල් මෙතන ඉන්නවද..."

මන් අහද්දී මන් දිහාවත් නොබලම එයා ඔලුව වැනුවා.

එයා එක්කම මන් එහෙම ඉදගෙන හිටියා. ඇහිපිල්ලම් නොගහම එයා පාර දිහා බලන් ඉන්නවා. හරියට වී දම් එයි වගේ. වීට මොකද උනේ... මගේ තරහා කාරයොද එයාව පැහැර ගත්තේ... නැත්තම් ජන්කුක්ගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා හිතන් ඉන්න අය එයාව පැහැර ගත්තා වෙන්නත් පුලුවන්.. ඒත් ඇයි එහෙනම් තාමත් කප්පම් ඉල්ලලා හරි කතා කලේ නැත්තේ...

මගේ මිනිස්සුන්ට කරන්න බැරි කිසිමදෙයක් නෑ. ඒත් වී කියන පොඩි කොල්ලා ගියපු දිහා උන්ට හොයා ගන්න බැරි උනා..

ටිකෙන් ටික එලියත් වැටෙන්න පටන් ගනිද්දී චිමී මගේ පපුවට හේත්තු උනා.

" ජුන් ඔයාට මහන්සිද....."

" නෑ..... ඔයාට සීතලද..."

" ඔයා ලග රස්නෙයි.... මන් මෙහෙම ඉන්නද...."

" ඔයාට ඔන්නම් හැමදාම ඔහොම ඉන්න... මට පුලුවන් ඔයාව මෙහෙම බදාගෙනම ඉන්න..."

මගේ වචන වලට පුංචි හිනාවක් කට කොනට ගෙනිච්ච චිමී දිග හුස්මක් අරගෙන ඇස් පියා ගත්තා.

එයා හුගාක් වෙලා එහෙමම හිටියා. මන් දෑතින්ම එයාව බදාගෙන එයාගේ සිනිදු කොන්ඩේ සුවද වින්දා. එයාගේ සුවදට මන් හුගාක් ආසයි, හැමදාමත් වගේ අදත් එයාගේ සුවද නිසා මට එයාව තවත් ලන් කරනවා.
මේ සීතල එයාව තවත් ලෙඩ කරවනවා ඒත් මන් කෝමද ඔයාව මෙතනින් අරන් යන්නේ... මට බෑ ඔයාට බොරු කියලා මෙතනින් එක්කන් යන්න... ඔයාට ඇති වෙනකල් මෙතන ඉමු.... ඒත් මන් ඔයාට තවත් ලෙඩ වෙන්න දෙන්නෑ.....

" ජුන්... මට හිම බෝලයක් හදලා දෙනවද..."

එකපාරටම ඇස් පියාගෙන චිමී කිව්වා.

" ඔයාට හොද නෑ මේ සීතලේ හිම අල්ලන්න...අ..අ... ඒත් ඔයාට ඔනේමනම්..."

" වී එයා ආසයි හිම වැටෙද්දී මෙතන ඉන්න.. එයා ලොකූ හිම බෝල වලින් එක එක සත්තු සදනවා.. එයා හුගාක් දක්ශයි ඒ වැඩේට... මන් හිම වලට ආසයි කියලා දන්න නිසා එයා ඒවා වලින් මා එක්කසෙල්ලන් කරනවා මුලු දවසෙම.... ජුන්....එයා දැම් සීතලේ ගැහෙනවත් ඇති... එයා හුඩි එක පිටින් හිටියේ.... මන් හිතන්නේ දැම් ඒවා හොදටම ඉරිලත් ඇති... එයා හරියට කාලත් නැතුව ඇති... එයා මේ සීතල කාලෙට ස්පැගටි උනුවෙන් කන්න ආසයි...එයා ආව ගමන් මන් එයාට ඒවා හදලා දෙනවා.... "


ආයිමත් චිමී වීගේ මතකයන් අවුස්සන්න ගත්තා. මේ අහිංසක හදවත් මේ දේවල් කෝම දරා ගන්නවද... එයා හිතම් ඉන්න විදිහට වී ආයි ආවොත් හොදයි... මටකිසි තරහක් නෑ වී ගැන.. ඔයා ආයිතෙන්න මට චිමී විදවනවා බලන් ඉන්න බෑ මෙහෙම.



* no one p.o.v. *

🕡 කාලය ආපස්සට
වී අතුරුදහන් වූ දවසට🕞

දම්පාට එලියකින් මුලු අහසම සැරසෙද්දී බලවත් පූජක අඩවිය මායා බන්දනයෙන් මිදුනා. ඇවටාවරයෙක් නැවත ඉපදී බලය විනාශ වෙලා ආත්මය අතුරුදහන් උනොත් ඒ පූජක අඩවියට බලය ලැබෙනවා අතුරුදහන් වෙන ඒ ඇවටාගේ ආත්මය නැවත ගෙන්න ගන්න. ඒත් විනාශ උනු බල දාතුව නැවත ගේන්න බෑ. නැවත එන්නේ නිකන්ම නිකන් ඇවටා කෙනෙක් විතරයි.

මේ පූජක අඩවිය අයිති කලු ලෝගු කරුවන් හත්දෙනාට. පූජක අඩවියට කාටවත්ම ඇතුල් වෙන්න බෑ කලින් ඇවටාවරයා කරපු බන්දනය නිසා මොන ජගතෙක්ටවත් එතනට ඇතුල් වෙන්න බෑ. ඇවටා කෙනෙක්ටම විතරයි ඒක බිදින්න පුලුවන්. එ පූජා බිමට නැති උන ආතමයන් නැවත ගෙන්න ගන්න පුලුවන් විශේශ බලයක් තියෙනවා.
ඒ තැන හුගාක් පාරි ශුද්දයි, වගේම බලවත්. මේ බන්දනය බින්දේ වීම තමයි. එයා නොදැනුවත්ම පූජක අඩවියේ බන්දනය බින්දා. ඒක සිද්ද උනේ එයාගේ බලදාතුව ශරීරයෙන් පිට වුනු නිසයි.

වීගේ බල දාතුව විනාශ උනේ නෑ. ඒක වීගේ ශරීරයෙන් පිට උනා. ඒක සිද්ද උනේ ජන්කුක් නිසයි. වී කියන්නේ සාමන්‍ය කෙනෙක් නෙවෙයි. හදවත් සම්පූර්ණයෙන්ම ජන්කුක් වෙනුවෙන් විවෘත ජරපු නිසා වීගේ බල දාතුව වීට අවනත නොවී ශරීරයෙන් පිට උනා. හැගීම් එක්ක බලයන්ට ජිවත් වෙන්න බෑ. බලය හෝ හැගීම් කියන දෙකෙන් ඇවටා කෙනෙක් හැගීම් තෝර ගත්තොත් එයාට එයාගේ අත්මය අහිමි වෙනවා ශරීරය විනාස වෙනවා. වීට සිද්ද උනේ ඒකයි. හරිනම් බලය විනාශ වෙන්න ඔනේ ඒත් එහෙම උනේ නෑ. ඒ ජන්කුක්ගේ ආත්මය බලවත් නිසයි. ජන්කුක්ට ආදර කරපු නිසා වීගේ බලය විනාශ උනේ නෑ. ඒත් හැගීම් එක්ක වීගේ ශරීරයේ බල දාතුවට ඉඩක් නෑ. වෙනත් සාමන්‍ය මනුස්සයෙක්ට වී ආදරය කලානම් වීගේ බලය විනාශ වෙනවා.

ඒත් දැම් පූජක අඩවිය විසින් වීගේ ආත්මය නැවත් ගෙන්න ගන්නයි හදන්නේ. වීගේ ශරීරයෙන් පිටවුනු වීගේ බලය පූජක අඩවියේ තැන්පත් උනා. දම්පැහැයෙන් දිලිසෙන අහස දරුනු සුලි කුනාටුවක් මවන්න පටන් ගත්තා.

කුනාටුව නිසා පූජක අඩවියට කිසිම අනතුරක් උනේනම් නෑ. අඩුම තරමේ එක පිලිමයකටවත් පූජක අඩවියේ අනික් පෞරාණික වස්තුන් වලටවත් කිසිම හානියක් උනේ නෑ. කුනාටුව ආත්මය නැවත ගෙන්න ගන්න පූජක අඩවියට පාර පෙන්නුවා. කූනාටුව ටිකෙන් ටික අඩු වෙන්න ගනිද්දී මුලු අහසම එලිය වැටිලා තිබුනා.

....රාත්‍රියේ නිමාවත් එක්ක සූර්‍ය එලිය රැගෙන ආවා...🌤️

කාලය නතර වීමක්.....⏱️

පූජක අඩවිය මැද රෝස පෙති ගොඩාක් මැවුනා. එකපාරටම සුදුපාටින් සාමන්‍ය මිනිස් ඇස් වලට දරාගන්න බැරි තරම්ම ලොකු එලියක් එක්ක රෝස මලක් තරම්ම ලස්සන ඇවටාගේ ශරීරය මතු උනා. සුලි සුලගත් එක්ක දම් පාටින් පුංචි මීදුමක් ඒ ඇවටගේ පපුවට ඇතුල් උනා.
රෝස මල් පෙති එකට එක්තුවෙලා සේද සලුවක් මැවුනා.. ඇවටාගේ නිරුවත වහගත්ත සලුපොට තවත් අපුරූවටදිලිසෙන්න පටන් ගත්තා. සලුව ලස්සනෙන් දෙවනි උනේ ඇවටාගේ රෝස මලක්වන් මූනටවිතරයි.

වීගේ අත්මය නැවත ඔහුගේම ශරීයට පැමිනියා. ඒත් කිසිම බලයක් නොමැතිව.

බල රහිත ඇවටා ඇස් ඇරියේ ආදරනීය මතකයන් වලට හිනා වෙමිනුයි. ඇවටා දන්නේ නෑ එයා මේ හිනා වෙන්නේ මතකයන්ට සමුදෙන්න කියලා.

ඇවටාගේ වටේ කඩු රැගත් කලු ලෝගු කරුවත් හත් දෙනෙක්....

" ක..ක..කවුද... ඔයාලා...."

__________________________________

Hi 😳

කම්මලි නිම් ආවා.. 💕



Bye ☘️
Ishki...

Bạn đang đọc truyện trên: AzTruyen.Top