19. ☘ හිස් උනු දෑත්


* v p.o.v. *

මොනාද දැම් මන් කරන්නේ.... මේකට ගහලත් මදී... මට එන කේන්තියක්...😶

ඇයි ඔයා මට මෙහෙම කරන්නේ...😶
තවත් මන් කොහොමද ඔයාට දුශ්ට වෙන්නේ... ඒත් මන් මන්.. මන් හරිනම්... 😶

" ඕ...හොහ්..... කොටියෝ... 😬 ටිකක් සංසුන් වෙලා ඔය මල්පෝච්චිය බිමින් තියන්න...................... 😮හිමීට...."

මට යන්න තිබ්බ හොදම අවස්තාවත් ඔයා මට නැති කලා. ඔයා නොදැන කරන මේ දේවල් කොච්චර දරුනුද කියලා ඔයා දන්නෑ ජන්කුකී...
ඔය ඇස් මාව ඇයි මෙහෙම හැමදිස්සෙම නවත්තන්නේ..

මට තිබුනු බලය දැම් නැ.. මට බයයි.. ඊලගට මොනා වෙයිද කියලා මන් බයයි...

ඒත් මට කාට මොනා උනත් කමක් නෑ කියලා හිතෙන්නේ ඇයි ඔයා ලග ඉද්දී...


මට ලොකු වැරැද්දක් වෙනවා වගේ දැනෙනවා...
මොකක් හරි දෙයක් වෙන්න යනවා... මට ඒක දැනෙනවා...

ජන්කුකී....
හැමදේම ඉක්මන්ටම ඉවර වෙන්නයි යන්නේ...
මේ හැමදේම ඉවර වෙන්නයි යන්නේ... ඉස්සරට වඩා මට ලොකු අමුත්තක් දැනෙනවා ජන්කුකී... මට බෑ ඒක දරා ගන්න.. අනේ ඒක මගේ ඔලුවට බර වැඩී... 😶

මට දැනුනා මගේ මුලු ඇගම පන නැතිවෙනවා වගේ.. අත් දෙකෙන්ම උස්සන් හිටපු මල් පොච්චිය මන් නිකන්ම බිමට අත් ඇරියා. ඒ මල්පොප්ච්චියත් එක්කම මාත් බිමට ඇදගෙන වැටුනා. කකුල් දෙකට තිබුනු ශක්තිය එකපාරටම හීන වෙලා ගියා. මන් වැටෙනවා කියලා මට දැනුනෙත් නෑ.

මගේ ඇගිලි තුඩූ සීතල වෙලා චිමීගේ අයිස් පෙට්ටිය වගේ වෙන්න පටන් ගත්තා.

මන් වැටෙනවත් එක්කම ජන්කුක් පැනලා මාව අල්ල ගන්න හැදුවා. ඒත් මල්පෝච්චිය බිම වැටිලා කුඩු වෙනවත් එක්කම ඒ උඩටම මාව වැටුනා. වීදුරු කටු මගේ හම තුවාල කරම් ඇතුලටම ගිහිල්ලා රතුපාටින් ලේ ආවා.
මගේ ඇගිලි හොදටම ගැහෙනවා. ඇගිලි විතරක් නෙවෙයි මගේ මුලු ඇගම.

මට හෙල්ලෙන්නවත් බෑ. කොච්චර උත්සාහ කලත් බෑ. මන් මගේ බලය පාවිච්චි කලත් කිසිම දෙයක් උනේ නෑ.
මට මගේ ශරීරය තියෙනවද කියලා දැනුනේ නෑ. අඩුම තරමේ හිරි වැටීමක්වත්...

ඒ අතරේ ජන්කුක්කීගේ හදවත ගැහෙන සද්දේ මට ඇහුනා.ඒක හුගාක් වේගෙන් ගැහුනා. මට ඇහුනේ එච්චරයි. ඒ හඩ ඒ තාලේ....

මට පෙනුනේ එයාගේ දාඩිය දාපු මූන. බයෙන් වෙව්ලන තොල්. නල්ල පුරා දුවන කෙස්. බය වුනු ඇස්.

ජන්කුකී වීදුරු කටු ගැනවත් හිතන්නැතුවම මන් ලගින් දන ගහගත්තා. මගේ බෙල්ලට අත යවපු එයා ඉක්මන්ට මාව එයාගේ දනහිස උඩට ගත්තා.
ඒ ඇස් මන් වෙනුවෙන් හොදටම බය වෙලා.
මේ ලෝකේ ඉන්න ලස්සනම මනුස්සයාගේ ඇස් වලින් මුතු කැට වැටෙන්න පටන් අරගෙන.
ම්.........ඒ ඇස් දිලි සෙනවා.

මට දැනුනා මේ මගේ අන්තිම වෙලාව කියලා.

මට එයාට සමුදෙන්න වෙලා.

මට එයාව දාලා යන්න වෙලා..

මේ දේවල් හොද දේවල් නෙවෙයි. මේ කිසි දෙයක් වෙන්න තිබුනු දේවල් නෙවෙයි. මට ඔයාව මේ විදිහට හම්බෙන්නැතුව ඉන්නයි තිබුනේ. මට තිබුනේ ඔයාට ලන් වෙන්නැතිව ඉන්නයි.

" වී... වී... ඔ..ඔයා හොදින්..ද...වී... නෑ. නෑ.. නෑ... නෑ... ඔයා හොදින් නෙවෙයි...... වී...... "

ජන්කුකී මගේ කම්බුලට ඇගිලි යවන ගමන් කම්බුල් තදින්ම අල්ලගෙන මූනට එබුනා. එ අත ගැහෙනවා... එයා මන් නිසා හුගාක් බය වෙලා...

තවත් තප්පරයක් යන්න කලින් වීදුරු කටු ඇනුනු තැන් වලින් වීදුරු කෑලි එලියට පැනලා සිදුරු උනු තැන් හොද වෙන්න පටන් ගත්තා. මන් තප්පරේකට හිතුව හැම දේම හරියයි කියලා. ඒත් ඊලගට සිද්ද වෙන්න පටන් ගත්ත දේ මගේ ඒ බලාපොරොත්තුව නැති කලා.

මගේ ඇගිලි තුඩු විනිවිද පේන්න පටන් ගත්තා. ටික වෙලාවකින් ඒවා අතුරුදහන් වෙන්න පටන් ගත්තා.

වෙලාව හරිම ඉක්මනින් ගෙවෙනවා..

මන් අන්තිම වෙනකල්ම ඒ ඇස් දිහාම බලන් ඉන්න තීරනය කලා.

" ජ..න්...කුකී......"


මට කියා ගන්න පුලුවන් උනේ එච්චරයි. තවත්නම් බෑ ජන්කුකී මට හුගාක් මහන්සී...

" මේ මේ ම්මොකක්ද වෙන්නේ... වී... අනේ... වී... මේ... මේ.... අන්දේ.... අ...අ..අ... ක..ක..ක...කවුරුත්..කවුරුත් නැද්ද.... "

ජන්කුකීගේ කටහඩ හොදටම බර උනා. හරියට මන්.. මන් දුක හිතුනම කරනවා වගේ. ඒත් එකපාරටම එයා ඉකි ගගහා කෑ ගහන්න ගත්තා. ඒත් එයාගේ සද්දේ පිට උනේ නෑ.

* jungkook p.o.v. *

" කවුරු හරි උ..උදව් කරන්න....."

නෑ නෑ නෑ... එයාට මොකක්ද මේ වෙන්නේ...
ඒ වෙලාවෙම මට කෑ ගහගන්න බැරි උනා... මගේ උගුරෙන් කිසිම වචනයක් එලියට ආවේ නෑ. මට තේරෙන්නෑ මේ වෙන කිසි දෙයක්...
මගේ මුලු ඇගම දැවෙන්න ගත්තා.

එයාගේ හැම තුවාලයක්ම වැහිලා ගියා. ඒක හරිම ඉක්මන්ට උනේ.. ඒත් එක්කම එයාව අමුතු විදිහට එලිය උනා. සුදුපාට දුමක් එක්ක එයාගේ ඇග නැති වෙන්න ගත්තා. මන් මේ දකින්නේ හීනයක්ද කියන්න මන් දන්නෑ.. මගේ ඔලුව අවුල් උනා... මට කරකියා ගන්න දෙයක් නැති උනා. ඒ තප්පරගානට ඒ හැම දේම සිද්ද උනා. එයාට මොනාද වෙන්නේ කියන එක මට හිතා ගන්නවත් බැරි උනා.
මට කරන්න පුලුවන් උනු එකම දේ කෑ ගහන එක විතරයි. ඒත් කවුරු හරි මාව ගොලු කරවලා වගේ හැගීමක් මට දැනුනා. මට එකම එක වචනයක්වත් කියා ගන්න බැ.

මට කෑ ගහන්න බැරි උනා.. එයාගේ ඇස් දිහා බලාගෙන මට ඉකි ගහන්න විතරයි පුලුවන් උනේ.. ඒ ඇස් මට හුගාක් දේවල් කියන්න ගත්තා.


ඒවා මහා විකාර වගේ...

එකපාරටම හොටෙල් එකේම ලයිට්ස් ගියා. වීගේ මුලු කාමරේම අදුරුයි. කාමරේ කොනේම තිබුනු ජනේලෙන් පෙවුනා මුලු දූපතේම ලයිට්ස් තප්පරයක් ඇතුලත ගහලා යනවා. සමහර තැන් වල ගිනි පුපුරු පිට උනා.

මගේ අත් වෙව්ලනවා.

හැමදේම දිහා මට බලන්න පුංචිම හරි වෙලාවක් තිබ්බා. තප්පර ගානක් ඇතුලත සිද්ද වෙච්ච මේ හැමදේම මාව හොදටම බය කලා. මේක නිකන්ම නිකන් හීනයක් කියලාත් මට හිතුනා.

වීගේ කදුලු රූටලා මගේ අත උඩට වැටෙද්දී ඒ කදුලු වල සීතල මට හොදින්ම දැනුනා.
ඔව් ඒ කදුලු සීතලයි. හුගාක් සීතලයි.
අයිස් වගේ.
කලුම කලුපාට එයාගේ කොන්ඩේ තැනින් තැන කෙස් සුදුම සුදු පාට වෙන්න පටන් ගත්තා.

විනාඩියක්වත් යන්න කලින් ඒ කලු කොන්ඩේ තනිකරම සුදු පාට උනේ මගේ ඇස් ඉස්සරහමයි.

මගේ අත් උඩ හිටපු එයා සීතලෙන් ගැහෙන්න පටන් ගත්තා. මට ඒ සීතල හොදටම දැනුනා මගේ කටිනුත් ඒ සීතල පිට වෙලා කාමරේ පුරා විහිදුනා. එයා හුගාක් සීතල වෙලා ඒත් මාව ඇතුලෙන් හොදටම ගිනි ගන්නවා.

ඇයි මට කෑ ගහ ගන්නවත් බැරි.
මේ වෙන දේවල් මහ විකාරයක් උනත් මට දැනුනා එයාව මට නැති වෙන්න යනවා කියන එක.... ඒ දැනුනුහැගීමට මන් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ... මට ඒ හැගීම එන්න එන්නම මහ දරුනු විදිහට දැනුනා. මන් බයෙන් වෙව්ලන්න පටන් ගත්තා.

මේ දේ නවත්තන්න ඔනේ මට.......

* no one pov *

ජන්කුක්ගේ වටේ සිද්ද වෙන අමුතු දේවල් දිහා ජන්කුක් ගැහි ගැහි බලන් හිටියා. ඒ ඇස් කදුලෙන් තෙත් වෙලා. එ දේවල් දිහා බල බල ඒ ඇස් හොදටම අඩනවා. එයාට කෑ ගහලා උදව් ඉල්ලන්න ඔනේ උනා.

මේ වෙන්නේ මොකක්ද කියලා කිසිම දේක වැටහීමක් ජන්කුක්ට තිබුනේ නෑ. ඒත් වීගේ ශරීරය භාගෙට භාගයක්ම ජන්කුක්ගේ අත් උඩම අතුරු දහන් වෙන්න පටන් ගනිද්දී ජන්කුක් ඒ නැති වෙලා යන තැන් අල්ල ගන්න හැදුවා. හරියට ඒ අමුතු දේ නවත්තන සටන් කරන්න වගේ.

ඒත් එකපාරටම වී කදුලු පිරුනු ඇස් වලින් ජන්කුක්ට යන්නම් කියලා කිව්වා. කටහඩ ඇහුනේ නැතත් ජන්කුක්ට තේරුනා වී යන්න හදනවා කියන එක.

ජන්කුක් කෑ ගහන්න කට ඇරියත් කිසිම වචනයක් පිට උනේ නෑ.
එකම එක පුංචි සද්දයක්වත් නෑ.
මුලු ශක්තියම දාලා වීගේ නොපෙනී යන ඇස් වලට ලන් වෙන ගමන් ජන්කුක් යටිගිරියෙන් කෑ ගැහුවා.
උගුර ලේ රහ වැටුනකල්ම කෑ ගැහුවා. එත් කිසිම කෙනෙක්ට කිසිම දෙයක් ඇහුනෙ නෑ.

ඒත් එක්කම වගේ එකපාරටම ලයිට්ස් ආවා. වීගේ රූම් එකේ දොර ඇරගෙන නම්ජුනයි ජිමිනුයි කඩාගෙන බිද ගෙන ඇතුල්ට ආවේ මෙච්චරවෙලා දොරට තට්ටු කලත් දොර ඇරියෙ නැති නිසා හොදටම බය වෙලයි.

ජන්කුක් ඒ සද්දෙට එකපාරටම දොර දිහා බැලුවා. එයා නම්ජුන්ට මොනාද කියන්න හැදුවා. ඒත් කිසිම දෙයක් කියා ගන්න බැරුව ජන්කුක් බයෙන් වෙව්ල වෙව්ල ගොත ගැහුවා.

නම්ජුන්ගෙන් උදව් ඉල්ලන්න ජන්කුක්ට ඔනේ උනා.

" මො..මොක්ද..😰 උනේ... ජ..ජන්කුකා.. ඔයා හොදින්ද... 😰"

ජන්කුක් වීදුරු කෑලි උඩ දනගහන් ඉන්නවා දැකපු ජිමින් එතනට දුවන් ගිහින් ජන්කුක්ගේ කබුල් දෙක දෑතින්ම අල්ලගෙන එයාගේ ඇස් දිහා බැලුවා. ජිමින්ට මෙතන වෙච්ච දේ කොහොමටවත් හිතා ගන්න බැරි උනා.ඒ හදවත් වේගෙන් ගැහෙන්න ගත්තා ජන්කුක්ට වෙලා තියෙන දේ ජිමින්ට කොහෙත්ම තෙරුනේ නෑ. ඒ නිසා එයා වෙව්ලන්න ගත්තා

ජන්කුක් ගැහි ගැහි වට පිට බලලා එකපාරටම එයාගේ අත් දිහා බැලුවා.







ඒ අත් හිස්.

පුංචිම පුංචි සීතලක් එක්ක ඒ අත් හිස් වෙලා.

ජන්කුක් තවත් හොදටම බය වෙලා ඇස් දෙක හොදටම ලොකු කරගෙන ඒ ඇස් ලේ රතු කර ගත්තා.
ඒ ඇස් බයෙන් වෙව්ලන්න ගත්ත.
ජන්කුක් එකපාරටම

"ආආආආආආආඅආආආආආආආආආආආආආආආආආආආආඅහ්.... නෑ... නෑ නෑ.......................
ආආආආඅආආඅ කෝ... කෝ.. ඔයා..... කෝ... වී....ඔයා මාව රවට්ටනවා නේද.. වී......"

කදුලු පිහි දදා කිසි දෙයක් හිතා ගන්න බැරුව පිස්සුවෙන් වගේ හිනාවෙවී මහ හයියෙන කෑ ගැහුවා.
උගුර ලේ රහ වෙනකල් කෑ ගැහුවා.
ඒ මූන පුදුම විදිහට රතුවෙලා. ජන්කුක් ජිමින්වත් තල්ලු කරලා කාමරේ පුරාම බෙල්ල කරකවලා බැලුවා. වී පෙන්න නෑ. ජන්කුක් ලේ ගලන කකුල් ගැන කිසිම ගානක් නැතුවම නැගිට්ටා. ජන්කුක්ට ඔනේ උනේ වී හොදින් ඉන්නව දකින්න. මේ වෙච්ච දේවල් හීනයක් කියලා හිතන්න.

ඒත් එක්කම ජන්කුක්ගේ අතින් ඇදලා ගත්ත නම්ජුන්

" මොකද මේ... මොනාද මේ වෙලා තියෙන්නේ... මේ බලනවා ජන්කුක් දනිස් දෙකම පැලිලා... ඔ..ඔයා කොහොමද හිටගෙනවත් ඉන්නේ..."

නම්ජුන් ජන්කුක්ගේ අත ගසලා උර හිසට අත් දෙක යවන ගමන් ජන්කුක්ව හොලවන්න ගත්තා. ඒත් නම්ජුන් දිහා එක තප්පරේකටවත් නොබලපු ජන්කුක් ගැහෙන අත් වලින් එයාගේ පිජාමා එක හයියෙන් ඇගිලි අතරේ අබරගෙන කාමරේ පුරාම වීව හොයන්න ඇස් යැව්වා.

" වී..වී..වීව දැක්ක..ක..ද... එ..එ..ඒයා.. හිටියා. එ...එයා...මගේ අත් උඩමයි.. හිටියේ... හෙ..හෙයොන්.. හෙයොන්.. ඔයා දැක්කද එයාව... ඒ..එ.එ..යා..ඔයාලා එක්කද හිටියේ... ම..මන් දැක්කේ... හීනයක් නේද හෙයොන්... "

ජන්කුක් ගැහෙන කටහඩින් පිස්සුවෙන් වගේ කියවන්න ගත්තා. ජිමින් කොහෙන්දෝ මන්දා තෙමුනු රෙදි කෑල්ලක් අරගෙන දුවන් ඇවිත් ජන්කුක් ලගින් හිට ගත්තා.

" ජන්කුකා සංසුන් වෙලා ඉන්න... ඔයාගේ කකුල් හොදටම තුවාල වෙලා... හොදටම ලේ යනවා... "

ජිමින් හොදටම බය වෙලා ජන්කුක් ගේ දනිස් දිහාවට නැවුනා. නම්ජුන් මොකුත් හිතා ගන්න බැරුව ජන්කුක් දිහා බලන් හිටියා. එත් එක්කම නම්ජුන්ව පිටිපස්සට තල්ලු කරපු ජන්කුක් බිම දන ගහගන්න ගියපු ජිමින්ගේ ඇදුමෙන් ඇදලා කෙලින් කරලා ජිමින්ගේ මූනට එබුනා. ජන්කුක්ගේ මූන දැක්කමත් ජිමින්ට හොදටම බය හිතුනා. ජන්කුක් පිස්සුවෙන් වගේ හැසිරෙන්න ගත්තා.

නම්ජුන් ජන්කුක්ව ජිමින්ගෙන් ඈත් කරන්න හැදුවත් ජන්කුක් ජීමින්ව තදින්ම අල්ල ගත්තා

" ජිමින්... හෙයොන්... ඔ..ඔයා ඔයා දන්නවා නේද එයා කෝ කියලා...."

" ජ...ජ...ජ...ජී...ජන්කුකා..... වී පල්ලෙහාට යන්න ඇති... ඇ.. ඇයි... මේ ජන්කුකා... "

" පල්ලෙහා..."

ජන්කුක් ඒත් එක්කම ජිමින්ව අත ඇරලා නම්ජුන්ගේ ඇගේ වැදීගෙන පිස්සෙක්වගේ රූම් එකෙන් එලියට දිව්වා.

හොටෙල් එක පුරාම ඒ මේ අත ජන්කුක් දිව්වා. පිස්සුවෙන් වගේ එහා මෙහා යන මිනිස්සුන්ගේ කොලර් එකෙන් ඇදලා අරගෙන වීව දැක්කද කියලා යටි ගිරියෙන් කෑ ගහලා ඇහුවා.

එකපාරටම ඒ වෙච්ච දේ ජන්කුක්ට ශොක් එකක් උනා. එයා වී එක්කම ගතකරපු එකම එක රැය ඇති උනා ජන්කුක්ට වී එක්ක ඉන්න හීන දකින්න.
වී එක්ක රන්ඩු වෙවී හිනාවෙවී හෙයොන්ලා දෙන්නා එක්ක ඉන්න ජන්කුක් එක රැකීන් හීන දැක්කා.

ඒ රැයේ දැකපු හීන ජන්කුක්ගේ ඇස් ඉස්සරහා මැවිලා පේන්න පටන් ගත්තා. ඒවා වී නැති උනා වගේම අතුරුදහන් උනා.
ජන්කුගේ ගැහෙන අත් දිව්වේ එයාගේ මූනටවැටෙන කොන්ඩෙට. ජන්කුක් දෑතින්ම කොන්ඩේ ඇදගෙන කෑ ගහන්න ගත්තේ වටේ ඉන්න මිනිස්සුන්ව තවත් බය කරන ගමනුයි.

වෙච්ච දෙවල් එයාට හරියට මහ නපුරු හීනයක් වගේ උනා. මිනිස්සු පුදුම වෙලා ඇසුයි කටවලුයි ඇරගෙන මේ දිහා බලන් හිටියා. ඒ මදිවට සමහරූ වීඩියෝ කලා. සමහර කෙල්ලෝ ජන්කුක්ව දැකලා කෑ ගහගෙන ජන්කුක් ලගට දුවන් ආවා. සුවිමින් පූල් එක වටේ දුවපු ජන්කුක් වේදනාවෙන් යටිගිරියෙන් කෑ ගැහුවා. ඒත් එක්කම ජන්කුක්ව බදා ගත්ත කෙල්ලෝ ජන්කුක්ගේ නම කිය කිය එතන පිස්සුවක් නැටන්න ගත්‍තා..

" යනවා යන්න මගෙන් එහාට...."

කියලා කෑ ගහපු ජන්කුක් ආපු ආවේගයත් එක්කම ඇගේ එල්ලුනු කෙල්ලන්ව තරහෙන් පැත්තකට තල්ලු කරලා දැම්මා. කෙල්ලො ටික සුවිමින් පූල් එකට ඇදගෙන වැටුනේ මේ සිද්දිය රස කර කර බලන් හිටපු මිනිස්සුන්ගේ මූනු වලට කැත හීනවකුත් දෙන ගමනුයි.

ජන්කුක්ව හොයාගෙන දුවන් ආපු නම්ජුනුයි ජිමිනුයි සෙනග රොක් වෙන පැත්තට දුවගෙන ගියා. නම්ජුන්ගේ ගාඩ්ලා ඔක්කොම වගේ නම්ජුන්ගෙයි ජිමින්ගෙයි වටේට එක්කවෙන ගමන් ඒ සෙනග ඉන්න දිහාවට දිව්වා.

ජන්කුක් පිස්සු නටන හැටි ඈත තියාම දැක්ක නම්ජුන්ට පුදුම කේන්තියක් ආවේ. නම්ජුන් ඒ ආපු වේගෙන්ම දත් මිටි කාගෙන ජන්කුක් ලගට දුවන් ගිහින් ජන්කුක්ව එයා ලගට ඇදලා අරගෙන අත දිහ ඇරලා කම්බුල් පාරක් ගැහුවා.

වීඩියෝ කාරයන්ගේ කැමරාස් වලට ඒ සිදුවීම හරියට අරගන්න තියා එතන හරියටම වෙච්ච දේවත් බලා ගන්න බැරි උනා. මොකද නම්ජුන්ගේ ගාඩ්ලාඒ තප්පරේට ඒ දෙන්නව වහගත්තා. ජන්කුක්ගේ හරි සිහිය ආවේ ඒ වෙලෙයි. ඒත් එයාට තවත් කෑ ගහන්න තියා හිටන් ඉන්නවත් බැරි උනා.


































............................⏳............................

මේ හැමදේම සිද්ද වෙලා පැය දෙකකුත් ගත උනා.

නම්ජුන් මුලු දූපතම සීල් කෙරෙව්වා. මීඩියා කාරයන්ව හිටපු මිනිස්සුන්ව ඔක්කොම සම්පූර්ණයෙන්ම චෙක් කරලා දුපතෙන් යැව්වා. නම්ජුන්ගේ බලය කොච්චරද කියන එක මිනිස්සුන්ට හොදටම තේරුම් ගන්න පුලුවන් උනේ ඒ සිද්ද උනු දෙයින් පස්සෙයි.

මුලු දූපතම කනපිට හරවලා වීව හොයන්න නම්ජුන් හිටපු සීරම කට්ටියව දැම්මා. පොලීසිය වගේම නම්ජුන්ගේ ගාඩ් එකේ හිටපු හැම කෙනෙක්ම එයා ගෙන්නුවා. ඇවිස්සුනු කුඹි රැලක් වගේ මුලු දූපත පුරාම නම්ජුන්ගේ කට්ටිය වීව හොයන්න ගත්‍තා.



ජිමින් හොටෙල් එකට එන්න කලින් වීගේ ඇදුම් ඔක්කොම ලෑස්ති කරලා අන්තිමට ජිමින් වීගේ ඇද උඩ හිටපු සුදු මකරවත් වීගේ ඇදුම් බෑග් එකට ඔබන්න හැදුවා. ඒත් ඒකට ඒ මකරව ඔබන්න බැරි තරමට වීගේ ඇදුම් තිබුනු නිසා ජිමින් බෝනික්කව එයාගේ බෑග් එකට දා ගත්තා. ජිමින් දන්නවා වී ඒ බෝනික්කට කොච්චර ආසද කියලා. වී පොඩි එකෙක් වගේ ඒ සෙල්ලන් බඩුවත් එක්ක කතා කරනවා ජිමින්ට ඔනේ තරම් ඇහිලා තියෙනවා. ඉතින් වීට ඒක නැතුව නිදා ගන්න බැ කියලා දන්න හින්දයි ජිමින් ඒකත් අරගෙන නම්ජුන් එක්ක හොටෙල් එකට ආවේ.

වී අතුරුරු දහන් වුනත් එක්කම ජිමින් ඇදුම් බෑග් එක පෙරලලා ඒ බෝනික්කව අතට අරගෙන පොඩි ලමයෙක් වගේ කදුලු පුරෝගත්තා.

බෝනික්කා දිහා බලාගෙන

" අ...අනේ....කොහෙද ගියේ පැටියෝ.... ඔ..ඔ...යා බය නැද්ද ඔහොම ඇවිදින්න යන්න... අනේ...........ඉක්මන්ට ඔයාගේ මොචී ලගට එන්නකෝ........ මට බයයි මගේ පැටියෝ....... ඔයා හරියට මේ දූපත ගැනවත් දන්නෑනේ....... ඔයා තනියෙම කොහෙද ගියේ..........ආ...... අනේ එන්නකෝ......මට හුගක් බය හිතෙනවා පැටියෝ... "

ජිමින්ව තප්පරේකටවත් තනි නොකරපු නම්ජුන් ජන්කුක්ට ලොකු ගාඩ් එකක් දාලා ජිමින් ලගින්ම හිටියා. ජිමින් කරන කිසිම දෙයක් නවත්තන්නේ නැතුව නම්ජුන් ඒ දේවල් දිහා සංසුන්ව බලන් හිටියා. බෝනික්කව පපුවට තුරුල් කරගත්ත ජිමින් අඩ අඩම රූම් එකෙන් එලියට දිව්වේ වීව හොයන්න හිතාගෙනයි.

" අනේ....කොහොද ගියේ.........මට බයයි වී... අනේ හැන්ගුනු තැනකින් එන්න පැටියෝ..... "

ජිමින් ගැන හොදටම දන්න නම්ජුන් ජිමින්ගෙ පස්සෙන්ම දිව්වා.




















































. . .

ජන්කුක්ට සිහිය එද්දී ජන්කුක් හිටියේ හොටෙල් එකට අයිති හොස්පිටල් එකක. ඒ වෙනකොටත් නස්ලා වටවෙලා ජන්කුක්ට සේලයින් දෙන ගමනුයි හිටියේ. ජන්කුක්ගේ කකුල් බැන්ඩේජ් කරලා තිබුනා.
භාගෙට ඇස් ඇරපු ජන්කුක්

" වී......."

වීගේ නම කියාගෙන ගැස්සිලා ඇද උඩ ඉද ගත්තා.

" කෝ.... එයා... එ..එයා.. ආවද..."

ජන්කුක් වටේ හිටපු අයගෙන් එකම ප්‍රශ්නේ අහ අහ කෑ ගහන්න ගත්තා. ඒත් කාටවත් කිසිම උත්තරයක් දෙන්න තරම් හයියක් තිබුනේ නෑ. හැමෝම ජන්කුක්ගේ සද්දෙට බය වෙලා බයෙන් පිටිපස්සට උනා. ජන්කුක් යටිගිරියෙන් කෑ ගැහලා ඇහුවා වී කෝ කියලා. ඒත් කවුරුත් හම් සද්දයක් නෑ.

ඒත් එක්කම අතේ තිබුනු සේලයින් කට්ට ඇදලා පැත්තකට විසික් කරපු ජන්කුක් ඇදෙන් නැගිට්ටා.

ඒ පාර හොදටම බය උනු වටේම හිටපු නස්ලයි ඩොක්ටස්ලයි

" ජ..ජන්කුක්..ස..ර්... ඔ..ඔයාට යන්න බෑ දැ..න්..ම... නම්ජුන් සර්.. ඔයාට යන්න දෙන්න.. එපා.. කියලා.. කිව්වා.. ප්ලීස් සර්... සංසුන් වෙලා ආයෙත් ඇදට යන්න..."

ඩොක්ටස්ලා ජන්කුක්ව නවත්තන්න ලගට ආවා. කිසිම දෙයක් ගනම් නොගත්ත ජන්කුක් එතනින් යන්න ඉස්සරහට අඩිය තිබ්බා. ඩොක්ටස්ලා කීප දෙනෙක්ම ජන්කුක්ගේ ඉස්සරහින් හිටගත්තේ බයෙන් ඇස් ලොකු කරගෙනමයි. ඒත් නම්ජුන්ගේ අන පිලි පදින්න ඔනේ නිසා ඒ අය ඒ ටාස්ක් එකත් ගත්තේ ජීවිතේට ආදරේ නිසයි. ජන්කුක්ගේ දෑත් වියරුවෙන් ගැහෙන්න ගත්තා. ලගට ආපු ඩොක්ටව පිටිපස්සට විසික් වෙලා යන්න පයින් ගහපු ජන්කුක් එයා හිටපු රූම් එකෙන් එලියට දිව්වා.

එලියට එද්දී හැමතැනම ගාඩ්ලා හිටියා. ජන්කුක් දුවන් එනවා දැකලා එයාල ජකුක්ව අල්ල ගන්න ජන්කුක් දිහාවට දුවගෙන ආවා. ජන්කුක් ඉස්සරහට එන අයව මග ඇර ඇර ඇදවල් උඩින් පැන්නේ කකුල් දෙකේ තූවල පෑරෙයිද කියලවත් හිතන්නැතුවයි. එලියේ හිටපු ගාඩ්ස්ලාත් එකපාරටම ඇතුල්ට ඇවිත් ජන්කුක්ව එක තැනකට කොටු කර ගත්ට්ගා. හැමෝම දිහා එකම එල්ලෙකින් බලපු ජන්කුක් පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් පිටුපස්සේ තිබුනු ඇද උඩට නැගලා එතන ජනේලේ ඇරලා එලියට පැන ගත්තා.

කොහෙද යන්නේ කියලාවත් නොදන්න ජන්කුක් ඈතින් පේන මුහුද දිහාවට දුවගෙන ගියේ මේ වෙච්ච දේවල් තාමත් බොරුවක් කියලා හිතාගෙනයි. එයාගේ හිත පිලිගත්ට්ගෙම නෑ වී එයාට නැති උනා කියලා. වී සදහටම යන්න ගියා කියලා එයාට පිලිගන්න ඔනේ උනේ නෑ.








____________________________________

Hi guyz 💜️

🌝 ඉශ්කි බොරු කියන්නෑ...

Enjoy🤡
Ishki...

Bạn đang đọc truyện trên: AzTruyen.Top