14. ☘ දම්පාට වලාකුල
ලැජ්ජාවෙන් වගේම ඔලුවට එන පිස්සු හැගීම් නිසා ජිමින්ගේ කම්බුල් රතුපාට උනා. ඒ ඇස් කලුවර අතරින් හෙව්වේ එයාට සමුදෙන්න හදන නපුරු ආදරවන්තයව.
" ඔයා.... අද නියමයි..."
නම්ජුන් ජිමින්ගේ ඇස් වලට එබෙන ගමන් කියලා,
" හ්ම්... යන්න එපා කිව්වොත් මට.... ඉන්නත් පුලුවන්..."
ජිමින් ලැජ්ජාව වැඩිකමටම බිම බලා ගත්තා. නම්ජුන්ගේ උණුසුම් ඇගිලි ජිමින්ගේ සීතල උන නිකටට දිව්වා. හිමීට ජිමින්ගේ මූන තමන් දිහාවට ලන් කර ගත්ත නම්ජුන් ආයෙමත් ලස්සනට හිනා උනා. භාගෙට පියන් හිටපු ජිමින්ගේ ඇස් හිමීට නම්ජුන් දිහා බැලුවා. ඒ බැල්ම නම්ජුන්ගේ මුලු ඇගම හිරි වැට්ටන්න තරම්ම සමත් උනා.
ජිමින්ගේ ඉන වටේ දුවපු නම්ජුන්ගේ ඇගිලි එකපරටම ජිමින්ව ලගට ඇදලා ගත්තා. ඉවසීමේ අන්තිම කට්ටත් පැනපු නම්ජුන් ඒත් එක්කම ජිමින්ගේ තොල් අල්ල ගන්න සැරසුනා.
ඒ උනුසුම් හාදුවේ පහස විද ගන්න නම්ජුන්ට ඔනේ උනත් ජිමින්ගේ පුංචි ඇගිල්ල ඒකට බදාවක් කලා.
" ජන්කුක් බලන් ඉන්නවා..."
ජිමින්ව නම්ජුන් ලගට ඇදලා ගනිද්දී ජන්කුක්ගේ කට ඇරුනේ එයාවත් නොදැනමයි. තාමත් ඒ කට හායි ගාලා ඇරිලා. මේ ඉන්නේ එයාගේ හෙයොන්මද කියලා ජන්කුක්ට පොඩි සැකේකුත් ආවා. නම්ජුන්ගේ ඇස් ජිම්න්ගේ ඇස් ඉස්සරහා බෝල වෙලා. ඒ ඇස් වල තියෙන නපුරු පෙනුම ජිමින් ඉස්සරහා නැත්තටම නැති වෙලා. ඒ ඇස් පුදුම ලස්සනට හිනා වෙනවා ජිමින්ගේ අහින්සක ඇස් එක්ක.
නම්ජුන් ජන්කුක් දිහා බලද්දී තමයි ජන්කුක්ට තේරිනේ එයා කටත් ඇරගෙන ජීවිතේට දැකලා නැති දෙයක් දිහා බලන්න ඉන්නවා වගේ බලන් හිටියේ කියලා. ඒක තේරුන ගමන් එක දිගට ඇස් පිල්ලම් ගගහා උඩ බිම බලපු ජන්කුක් කා එකේ දොර ඇරියා.
" ජ්....ජිමිනි හෙයොන් හෙ..හෙට හම්බෙමු.... බායි"
ඉක්මන්ට කා එකට නැගලා දඩස් ගාලා දොර වහගත්තා. ජන්කුක්ගේ බෙල්ල නිකන්ම වගේ ආයෙමත් ජිමින්ගේ ගේ දිහාවට හැරුනේ එයාගේ ඇගේ කිරි හලපු කෙනා කෝ කියලා බලන්නයි.
එ කෙනානම් කට්ටියට සමුදෙන්නවත් එලියට එන්නේ නැතිපාටක් තියෙන්නේ. කට කොනට හිනාවෙන හමන් ජන්කුක් එයාගේ අතේ තිබුනු තෙමිච්ච කෝට් එක එයාගේ එහාපැත්තේ ශීට් එක උඩින් තියන ගමන් කෝට් එකට තට්ටුවක් දැම්මා.
" දැන් මගේ වාරේ... ඔයා සෙල්ලම් දැම්මා හොදටම වැඩී... "
කට කොනට හිනාවෙන ගමන් ආයෙමත් ජිමින්ගේ ගේ දිහා බලපු ජන්කුක්
" හෙට හම්බවෙමු මිස්ට වී... මන් බලන් ඉන්නවා ඔයා එනකල්.. "
ඒත් එක්කම ඉස්සරහා ශීට් එකට නැගපු නම්ජුන් ඩයිවර්ට යමු කියලා කියාගෙන ජිමින්ට අත වැනුවා. දෙන්න බැරි උන හාදුව ගැන කල්පනා කර කර නම්ජුන් අවුලෙන්ම පිටත් උනා.
...........🕠..........
කෑම මේසෙදී ජන්කුක්ගේ කෑම වලට ලුනු දාලා ජන්කුක්ට හොදටම අද යකා නැග්ගා. නම්ජුන් කවදාවත් නැතුව හිනා වෙනවා දැකපු ජන්කුක්ට ඒ දෙන්නගේ අවදානය ගන්න ඔනේ උනේ නෑ. ඉතින් වී කරපු දේ ඉවසගෙන ජන්කුක් කෑම ටික කෑවේ වීට රිදෙන්නමයි. ලුනු වැඩි උනත් කිසිම අවුලක් නෑ වගේ ජන්කුක් හිනාවෙවී කෑම ටික කෑවා.
අන්තිමට ජන්කුක් කෑම මේසෙන් නැගිටිද්දිම අත ලගම තිබුනු කිරි විදුරුව ජන්කුක්ගේ ඇගට හැලෙන්න තල්ලු කරපු වී ඉක්මන්ට නැගිටලා බොරුවට රග පෑවේ ඒක අත් වැරදීමක් කියාගෙනයි.
මේ වෙච්ච දේට තවත්නම් ඉවසන් ඉන්න ජන්කුක්ට ඔනේ උනේ නෑ. ජන්කුක්ගේ අතමිට මෙල උනා. වීට හොද දෙකක් අනින්න ඔනේ කියලා හිතාගෙන දත් මිටි කාගෙන වී දිහා බැලුවා. ජන්කුක්ට එකපාරටම මතක් උනේ එයා හැමදාම දකින හීනේ තිබුනු ඇස් දෙක. ඒවා එකපාරටම සුදු පාටින් දිලි සුනා.ඒ හා සමානම ඇස් වීටත් තියෙනවා දකිද්දී ජන්කුක්ට හැමදේම අමතක උනා. ජන්කුක් දිහා බලාගෙන වී කට කොනට හිනා උනා.
" අයිගෝ... 😯 ජන්කුකා.... අනේ මියන්හේ..... එන්න මන් ඔයාට වොශ් රූම් එක පෙන්නන්නම්...එන්න... මෙහෙන්..."
වීගේ අතින් උන දේට ජිමින් කලබලවෙලා ඒ දිහාවට දුවන් ආවා. මොකද නම්ජුන් ඉස්සර උනොත් වීට මොනා වෙයිද දන්නැති නිසා. ජිමින් ඉක්මන්ට ජන්කුක්ව අරගෙන ලගම තිබුනු වීගේ රූම් එකට ගියා. ජිමින් ගියා විතරයි නම්ජුන්ගේ අහින්සක පෙනුම නැති උනා. කෑම මේසෙන් නැගිට්ට නම්ජුන් ටිෂු පේපර් එකක් අරගෙන අතේ පොඩි කරන ගමන් අහක බලාගෙන හිටපු වී ලගට ගිහින් හිට ගත්තා
" ඊලග පාර පරිස්සම් වෙන්න... මගේ මල්ලිගේ ඇගෙ වැදුනත් ඒ කෙනාට මම යහතින් ඉන්න දෙන්නෑ...අනිත් එක... ඔයා ජිමින්ගෙන් ඈත් වෙලා ඉන්න තරමට ඔයාගේ ඇගට ගුනයි... එයා දැම් මගේ විතරයි... කොහෙවත් යන කෙනෙක් එයා ලගින් ඔහොම ඉන්නවට මන් කැමති නෑ.."
..........🕠..........
ජිමින් කෑම මේසේ අස් කරන ගමන්,
" වී..... මේ ටික අයින් කරන්න උදව්වක් දෙන්නකෝ.."
කුස්සිය දිහාවට ඔලුවට හරෝන ගමන් කිව්වේ වී කුස්සියේ ඇති කියලා හිතා ගෙනයි. ජිමින් ආයෙමත් මේසේ දිහාවට හැරිලා හැදි ගෑරුප්පි ටික වෙනම එකතු කරන්න ගත්තා.
ටිකක්වෙලා ගිහිල්ලත් වීගෙන් කිසිම සද්දයක්වත් නැති තැන ජිමින් ආයේමත් කුස්සිය දිහාවට ඔලුව හැරෙව්වේ ඇස් දෙකත් පොඩි කරගෙනයි. කර කර හිටපු වැඩේ පැත්තකට දාපු ජිමින් කුස්සිය දිහාවට ඇවිදන් යන ගමන්
" වී..... "
එගෙන් කිසිම සද්දයක්වත් නෑ.ජිමින් කුස්සියට අඩිය තියද්දී මුලු කුස්සියම අපායක්වගෙයි පෙනුනේ. වී ඒවා අස් කරන්න අතවත් තියලා නෑ. වී කුස්සිය අස් කර කර නෙවේනම් මෙච්චරවෙලා වී මොනාද කලේ කියලා ජිමින් කල්පනා කර කර වී ව හොයන්න ගේ වටේ ඇවිද්දා. ඔක්කොමටික තනියෙම කරන්න දාලා වී පැත්ර්හකට වෙලා සෙල්ලන්වත් කරනවද කියලා හිත හිත වීව හොයාගෙන කාමරවලටත් ඔලුව දාලා බැලුවා.
හැමතැනම බලලත් වී කොහෙවත් පේන්නන්ම් හිටියේ නෑ. අන්තිමට පුටු මේස යටත් ජිමින් හොයන්න ගත්තා.. ඒත් වී නෑ..
" මා එක්ක සෙල්ලන් කරන්නඑපා වී...🙁 එලියට එන්න..."
ජිමින්ගේ හදවත් ගැහෙන වේගේ හොදටම වැඩි වෙන්න වගෙම හුස්ම ගන්න වේගෙත් වැඩි උනා. ජිමින් ඉක්මන්ට එලියට දුවගෙන ගියේ මේසේ උඩ තිබ්බ ෆෝන් එකත් අතට අරගෙනයි. කාටද කෝල් කරන්නේ කියලා හිත හිත එලියට දුවපු ජිමින් එයාට විස්වාස එකම කෙනාගේ නම්බර් එකට ඩයල් කරන්න ගත්තා
" චිමී අද තරු ගොඩායි..... ඔයත් එනෝද මෙතන්ට..."
හිමීට අතින් පපුවට ගහගත්ත ජිමින් ගේ දිහාවට හැරිලා රූෆ් ටොප් එක උඩ ඉන්න වී දිහා බැලුවේ වීට හොද දෙකක් කියන්න හිතාගෙනයි. ඒත් වීට කිසිම දෙයක් කියන්න ජිමින්ට ඔනේ උනේ නෑ.
වී ඉන්න ආසම තැන තමයි ඔතන. ජිමින් ඉන්න ආස නැතිම තැන තමයි එතන. ජිමින් උස තැන් වලට බයයි වගේම අදුරට අකමැතියි.
කොනකට වෙන්න බිත්තියට හේත්තු කරලා තිබුනු ඉනිමග රූෆ් ටොප් එකට තියන ගමන් ජිමින් හිමීට අල්ලගෙන පරිස්සමෙන් උඩට නැග්ගා. වී හොදට වැතිරිලා අහස දිහාවට ඇගිල්ල දික් කරගෙන රටාවකට ඇගිල්ල එහා මෙහා ගෙනිච්චා.
උඩ හරිම සීතලයි. ජිමින්ගේ කන් දෙකම රතුම රතුපාට උනා සීතල හුලන් වැදුන නිසා.
උඩට නැගපු ජිමින් බිම දනගාගෙන දෑතින්ම බිම බදාගෙන වී ලගට ගියා. වී ඒ දිහා බලගෙන හිනාවෙවී ඇලවෙලාම ජිමින්ට අත දික් කලා ලගට එන්න
" ආශ් මෝඩයා මන් හිතුවා තරහා වෙලා කොහේ හරි ගියා කියලා..."
" වේ...."
" අර ජන්කුක්ගේ ඇගට කිරි හැලුන නිසා ඒකට මන් ඉතින් ඔයාට සැරෙන් කතා කරානේ ඒ නිසා......................... මන් හි.."
" ජන්කුක්ට මන් එහෙම කලේ හිතලමයි... "
වී එකපාරටම ඉද ගන්න ගමන් කිව්වා. වී කිව්ව දේ ඇහුන ජිමින් ඇස් දෙකත් ලොකු කරගෙන කටත් හදාගෙන වී දිහාවට හැරුනේ හිතාගන්න බැරුවයි 'මොනාද මෙයා මේ කියවන්නේ කියන්න වගේ.'
" සෙල්ලමට එහෙම කලේ....🤥 එයාට කේන්ති යනකොට මරු.... 😁 මන් ආසයි... නහයත් රතු වෙලා කට තද කරගෙන ඇස් දෙක හිනී වෙනවා......... ලස්සනයි.."
ඔහේ කියාගෙන කියාගෙන ගිහින් ඇස් දෙක පොඩි කරගෙන 'මොනාද මන් මේ කියවන්නේ ' කියල හිතුන වී ඔලුවට හයියෙන් ඇනගත්තා
" වී.... ජන්කුක්ට කැමතිද..."
ජිමින් එකපාරටම ඇහුවා. වී වෙන්දට වඩා හරිම සාන්ත විදිහට ඉන්න නිසා ජිමින්ට වීගේ ලොකු වෙනසක් තේරුනා.
" හෑ.............. 😱 ම...ම... මම.... අර මෝඩ මිනිහට...... ඒ ආඩම්බර... කේන්තිකාරයට... මේ............ මම.......😳 වේ... වේ.... 😦😦😦😦😦😦"
" හෝව්... හෝව්.... 😂හරි හරි...😂"
වී කට ඉර කරගෙන ආයෙමත් ඇලවෙලා අහස දිහා බලාගත්තේ කන් දෙක්ව්න් දුම් පිට කර කරයි. ජිමින් කට තද කරගෙන හිනා උනා වීගේ තරහා ගියපු මූන දැකලා. ඔච්චර තරහා යන්නේ මොකද කියලා හිනාවෙවී කල්ප්නා කරපු ජිමින්,
" මේ...ඇතුල්ට යමුකෝ සීතලයි මෙතන..."
" හලී තව සුට්ටක් ඉදලා මන් එන්නම්..."
තරහව පැත්තකට දාලා වී ජිමින්ට හිනා වෙන ගමන් කිව්වා. ජිමින් අත් දෙක එකට අතුල්ල අතුල්ල උණුසුම් කර ගන්න ගමන් හිටගෙන වී දිහා බලලා
" වී බඩ්ඩක් කියන්නම්.."
" ඕ...."
" දැඩි ප්රතික්ෂේපය දැඩි කැමැත්තලු..."
කියාගෙන අනික් පැත්තට කකුල ඉක්මන් කරපු ජිමින් හයියෙන් හිනාවෙවී ඉනිමග දිහාවට දිව්වා. ජිමින්ට අමතක උනා එයා ඉන්නේ රූෆ් ටොප් එකේ කියලත්. ඉනිමග ලගට දුවලා ගිහින් බිම බලද්දී ජිමින්ට කෑ ගැහෙන්නත් ආවා.
" ආආආආආආආඅ චිමීඊඊඊඊඊඊඊඊඊ"
වී තරහ ගිහින් කෑ ගහන්න ගනිද්දී ජිමින් ඉක්මන්ට ඉනිමගට කකුල තිබ්බා. ජිමින් ඉනිමග තදින් අල්ලගෙන ඉනිමගෙන් භාගයක් දුර බැස්සා. තවත් බහින්න බෑ කොල්ලට හොදටම හිනා. ඉනිමග බදාගෙන ජිමින් හොදටම හිනා වෙලා අන්තිමට හිනාව නතර කරගෙන අන්තිම ටික බැහැලා ගේ ඇතුලට දිව්වේ අත් දෙක ටී ශර්ට් එක ඇතුලට ඔබාගෙනයි.
" එක මොන පිස්සු කතාවක්ද අනේ...😑 මන් එයාට කැමති වෙන්න... එයා මගේ යාලුවෙක් වෙන්නවත් සුදුසු නෑ..🙄"
ජිමින්ගෙත් නම්ජුන්ගෙත් සම්බන්දය ගැන වී දැන් හොදටම දන්නවා. ඒ සම්බන්දය උසස්වීමක් නෙවේ කියලා වී තේරුම් ගත්තේ ඒ දෙන්නගේ හැගීම් වීට තේරුන නිසයි. ජිමින්ගෙත් නම්ජුන්ගෙත් හැගීම් වීට හොදින් තේරුනා. ඒ හැගීම් වීට හරියටම් තේරුම් ගන්න බැරි උනත් ඒක හුගාක් ලොකු බැදීමක් කියන එක වීට තේරුනා. වී දැන් නොදන්න දෙයක් නැති තරම්. මිනිස්සුන්ගේ හිත් තේරුම් ගන්න වීට දැම් ඉස්සරටත් වඩා පුලුවන්. ඒත් එක්කෙනෙක්වනම් වීට තේරුම් ගන්න බැරි උනා.
ජන්කුක්ව මරන්න වී තවමත් හරියට උත්සාහා නොකරන්නේ ජන්කුක්ගෙ ශරීරයෙන් එල්ලවෙන අමුතු ශක්තිය නිසාම කියන්නත් බෑ.
ඇත්තතනම්,
වීට ඔනේ නෑ ජන්කුක්ව මරන්න. එයාට ඔනේ නෑ කාවවත්ම මරන්න.
කල්පනා ලෝකෙක අතරමන් උනු වී ඇස් පියාගෙන සීතල හුලග එක්ක කතා කරන්න පටන් ගත්තා
" මන් දන්නෑ මන් මොනාද කරන්න ඔනේ කියලා...අවුරුදු 16ක් මන් හොදට සටන් කරන්න වගේම ඇවටාවරුන් ලෝක සාමය පවත්වාගෙන ගියපු හැටි ඉගෙන ගත්තා. මට ජන්කුක් එක්ක සාමය තියාගෙන මේ නපුරු සාපය නවත්තන්න බැරිවෙයිද...😨 ආආආආආහ් මට තේරෙන්නෑ.....🤒"
" ඇවටාතුමනි....."
එකපාරටම වීගේ මුලු ඇගම සුදු පාටින් දිලිසෙන්න ගත්තා. එත් එක්කම හරිම හුරුපුරුදු කටහඩක් අහස දිහාවෙන් ඇහුනා. හිනාවෙවීම වී ඇස් ඇරියේ ඒ කවුද කියලා හොදාකරවම දැනගෙනමයි.
" අප්පා...🤗"
" තාමත් ඔබ සෙල්ලලමට බරයි....."
අහස දිහා බලාගෙන හිනාවෙන වී අත් දෙක අහසට දික් කරලා අහස බදා ගන්න වගේ උත්සාහා කලා. අදුරු අහස ලස්සන දම්පාට වලාකුලකින් හැඩ උනා. ටිකකින් ඒ දම්පාට වලාකුල අමුතුම විදිහට දිලිසෙන්න ගත්තා. ඒ අතරින් මතු උන සුදුපාට ජ්යාව සුදු මකරෙක්ගේ හැඩයක් අරගත්තා.
" ඇවටාතුමනි.... ඔබට අමතකද ඔබේ රාජකාරිය..."
" අප්පා... ඒක කරන්නේ කොහොමද... ජන්කුක් ලගට මට යන්නවත් බෑනේ.. "
" ඔබ එ දේ කරන්න එකම උත්සාහයක් විතරයිනේද ගත්තේ... ඇවටාතුමනි ඔබේ හිත දැම් එක තැනක නෑ... ඔබ ඔහුට කරපු දේවල් ගැන පසු තැවෙන්න පටන් අරන්.. එහෙම නේද....? ඇවටාතුමනි ඔබේ හැගීම්වලට ඔබව පාලනය කරන්න දෙන්න එපා..."
.
.
.
.........................🌤️.........................
* v p.o.v. *
ජන්කුක්ගේ ඔෆිස් එකේ දොරට කන තියන් හිටපු කෙල්ලෝ ටික මාව දැකලා මන් ලගට දඩි බිඩි ගාලා දුවන් ආවා. මේ තඩි සෙරෙප්පු දාගෙන මෙයාල කොහොම දුවනෝද මන්දා..😯
" වී සර්...... සර් ආපු එක කොච්චර හොදද.... අනේ බලන්නකෝ ජේකේ සර්...අලුත් සෙකට්රී කෙනෙක් ගෙනල්ලා... 😫"
" වී සර් ඉද්දී කොහොමද වෙන සෙකට්රි කෙනෙක් එන්නේ...😒 අනික වී සර්ගේ තැන කටවත් ගන්න බෑ....😌"
මේ මොකද මේ... මෙයාලා මගේ කෝට් එක ඉරයිද මන්ද... මගේ ටයි එකත් අදිනව ඒ පාර... 😳
මට ඒ ඇහුනේ ජන්කුක් සෙකට්රී කෙනෙක්....😲 මොකක්... එයා කොහොමද එහෙම කරන්නේ...😤
මම කඩාගෙන බිදගෙන ඔෆිස් එකට ගියා. මගේ ඇගේ එල්ලිලා හිටපු කෙල්ලෝ ටිකත් විසික් වෙලා ගියා.
තියෙන තරහට දොරට තට්ටුත් නොකරම මම දොර ඇරගෙන ඇතුල්ට අඩිය තිබ්බා..😤😳😶 අ.....
මන් ඇතුල්ට තියපු කකුල ආයෙමත් පිටිපස්සට අරගෙන අනික් පැත්ත හැරිලා ඔෆිස් එකෙන් එලියට ආවා. මම ඇතුල්ට යන්නැතුව ඉන්නයි තිබුනේ...
___________________________________
Hi gyz...🖤
හම්බෝ හුග කාලෙකින් නේද... 😲
ඉස්කි ඉස්කි ඉස්කි ආවෝ 😂
සික්කේ මේ කෝවිඩ් මාන්ස්ටර් අපිව කෑවා... ඉක්මන්ට මේ වසන්ගතේ තුරන්වෙලා යන්න ඔනේ... මගේ රීඩස් පැටව් ටිකට කිසිම කරදරයක් වෙන්න හොද නෑ... ඔන්න කාලා බීලා නටලා ගයලා සතුටින් ඉන්නෝනේ... ප්රශ්න ගැන හිතන්න එහෙම යන්නෙපා... හිත ශක්තිමත්ව තියා ගන්න.. ඒක තමයි හොදම දේ... හොදට කාලා නම්ජුන් වගේ හෙල්තිවෙන්ඩෝනේ....🤗
සුගා හෙයොන්ට ඉක්මන්ට හොද වෙන්ඩත් ඔනේ 🤒
Enjoy😅
Ishki...
Bạn đang đọc truyện trên: AzTruyen.Top