13. ☘ තරු ඇස්
ඉර එලියට මූනට වැටෙනවත් එක්ක වී ඇස් පොඩි කර කර නැගිට්ටේ හායි ගාලා කටත් ඇරගෙනයි. අත් දෙකම දිග ඇරලා හිරි ඇරපු වී කාමරේ වටේම හොදට බැලුවා. පස්සේ ඔලුව තියන් හිටපු කොට්ටේ අරන් බදාගෙන ඇදේ එහාටයි මෙහාටයි පෙරලුනා.
" අයිගෝ.......... අයිගෝ..........😂"
ජිමින් හිනාවෙවී ඇව්ත් ඇදට පැනලා කොට්ටයක් අරගෙන වීට ගැහුවා.
" සද්දේ සද්දේ.........."
වී කන් දෙකත් වහගෙන කොට්ටෙට මූන ඔබා ගත්තා සද්දේ වැඩි කියාගෙන. ජිමින් හිනාවෙවී වීගේ ඇගට පැනලා කොන්ඩේ අවුල් කලේ
" නැගිටිනවා නිදිකුම්බෝ... අරහේ මම තනියෙම කෑම හදනවා.... මට උදව්වක්වත් දෙන්නේ නැද්ද..."
" සද්දේ සද්දේ......."
වී ඒකම කිය කිය ජිමින්ව තල්ලු කරලා ඇස් පියාගෙන බොරුවට ගොරවන්න ගත්තා. ජිමින් වීගේ ඇග උඩ නැගගෙන
" නැගිටින්ඩෝ නැගිටින්ඩෝ....🗣️.."
හයියෙන් කෑ ගැහුවා.
සද්දෙ ඉවසන් ඉන්න බැරිම තැන වී එක පාරටම ඇදේ ඉද ගත්තා. වීගේ ඇග උඩ හිටපු ජිමින් දඩබඩාන් ගාලා බිමට ඇදගෙන වැටුනා. ජිමින් ටිකක්වෙලා එහෙම ඉදගෙන කල්පනා කලේ 'මේ ඇටකෝට්ටා මාර ශක්තිමත්නේ' කියලා. වී කැරකි කැරකි ජිමින්ව හොයද්දී ජිමින් කොන්දත් අල්ලගෙන නැගිටලා වීට රැව්වා. වී සුපුරුදුපරිදි දත්ටිකම දාලා හිනාවෙලා ජිමින්ගේ කරට පැන්නා. අසරන ජිමින් වීවත් උස්සගෙන කුස්සියට ගියේ දෙන්නට උදේට කෑම හදන්න හිතාගෙනයි.
අද දෙන්නට නිවාඩු දවසක් නිසා හොද ජොලියක් දාන්න පුලුවන් කියලා හිතන් හිටියත්, නම්ජුන් ජන්කුක් එක්ක අලුත් කන්ට්‍රැක් එක සයින් කරපු එකේ සතුට සමරන්න රෑ කෑමට එනවා කිව්ව නිසා ජොලිය දාන එක පස්සේ දවසකට කල් ගියා.
වීත් ජිමිනුත් උදේම ගේ අස්කරලා කෑම හදාගෙන එකට ඉදගෙන හිනාවෙවී කාලා ඩිනර් එකට හදන්න දෙයක් කතා උනා. ජන්කුකාත් එනවා කිව්ව වෙලේ ඉදන් වීගේ මූන ඇබුල් උනා ඉතින්.
ජන්කුක්ව මරන්න වීට ලැබුනු අවස්තා එයා මග ඇරගත්තේ හිතා මතාමයි. එයාගේ හිත කිව්වෙම මේක හරි වෙලාව නෙවේ කියලා.
ජන්කුක්ව කාටවත් මරන්න බෑ. ඒ වගේම නම්ජුන්වත්. ඕනම අනතුරකින් ඒ දෙන්නව නිකන්ම වගේ බේරෙනවා. දෛවයට අනුව එයාලා මැරෙන්න ඔනේ මූන්ගේ අතින්මයි. ඉතින් කාටහරි ඒ දෙන්නා ගැන තරහක් ඇතිවෙලා මරන්න හැදුවත් මැරෙන්නේ කොහෙවත් යන වෙන කෙනෙක්. නම්ජුන් එක්ක තරහ තියෙන බිස්නස් ෆීල්ඩ් එකේ ගොඩාක් අය නම්ජුන්ව මරන්න හෙන උත්සාහයක් ගත්තා. එත් බලවත් සාපය එයාලව ආරක්ශා කලා, මූන්ගේ අත් දෙකෙන්ම එයාලා මැරෙන්න ඔනේ උනු නිසා. ඒක වෙනස් කරන්න කාටවත් බෑ.
එක්කෙනෙක් ඉන්නවා. ඒක කරන්න පුලුවන් විශ්ව බලවතෙක්ට විතරයි. විශ්වයෙම බලවතා වෙන්නේ පරිපූර්ණ ඇවටා කෙනෙක් විතරයි.
වී කියන්නේ තාම මනුස්සයෙක්. ඇවටා බලය එයා තුල තිබුනත් එයා දන්නෑ එක හරියට පාවිච්චිකරන්න. සාමන්‍යයෙන් දේවල් පා කරන්න හැගීම් තේරුම් ගන්න වගේ දැනට වීට පුලුවන්. සුදු මකරා කියලා දුන්න සටන් ක්‍රම පාඩම් වීට හොදින් මතක තිබ්බා. ඒත් ඒවායේ තේරුම් එයා දැනම් හිටියේ නෑ. සාමන්‍ය මනුස්සයෙක්ගේ මොලය දියුනු වෙනවට වඩා ඉක්මනින් ඇවටා කෙනෙක්ගේ මොලය වර්දනය වෙනවා. ඒත් හැගීම් පොඩි ලමයෙක් තරම්ම ලාමකයි.
වී මේ වෙනකොට හුගාක් දේවල් ඉගෙන ගෙන හිටියා. ඔෆිස් එකේ අයත් පුදුම උනා වීගේ වැඩ දැකලා.
කාටවත් අවනත නැති වීව මෙල්ල කරන්න පුලුවන් එකම කෙනා උනේ ජිමින්. ජිමින්ටත් වෙලාවකට වී අවනත නෑ. දග වැඩ කරන්න වී පුදුම ආසයි. ඒ වගේම හුරතල් වෙන්නත්.
මේ ලාමක හිත තාමත් තේරුම් අරන් නෑ එයා ලෝකය බේර ගන්න ඔනේ කියන දේ කොච්චරනම් ලොකු රාජකාරියක්ද කියලා. ඒ බරපතලකම තේරුම් ගන්න වීගේ හදවත තාමත් පුංචි වැඩි කියලයි හිතෙන්නේ. ඒත් මහලොකු කාලයක් එයාට ඉතිරුවෙලා නෑ. එයා කෝම හරි පූජකවරුන්ව හොයා ගන්න ඔනේ. වී හිතන් හිටියේ පූජකවරු නැතුව එයාට ජන්කුක්ව මරන්න පුලුවන් කියලයි.
ඒත් එයා දැන් දන්නවා ඒක එහෙම නෙවේ කියලා..
ජිමින් වීගේ ඔලුවට පාරක් ගහලා මේ ලෝකෙට ගෙන්න ගත්තේ වී නියපොත්තත් හපාගෙන ටීවී එක දිහා බලන් හිටපු නිසයි.
" ගමනක් යමු...😉"
" යමෝ....🗣️"
ජිමින් යමු කියනවා ඇහුනා විතරයි වී ටීවි එකත් ඕෆ් කරලා උඩ පැනලා කෑ ගහගෙන කාමරේට දිව්වේ ටී ශර්ට් එකක් මාරු කර ගන්නයි. ජිමින් ඉනට අත් දෙකත් තියාගෙන හිනා උනා වීගේ දිවිල්ල දිහා බලාගෙන.
දෙන්නම ගෙදරින් එලියට බැස්සෙ බඩු ගේන්න හිතාගෙනයි. වී ජිමින්ගේ කරටත් අත දාගෙන හිනාවෙවී හොදට වට පිට බල බල යනවා. ජිමින් බඩු තෝරන ගමන් වී ගැනත් ඇහැ ගහගෙන හිටියේ වී කොයි වෙලේ අතුරු දහන් වෙයිද කියලා බයෙනුයි.
කිව්වත් වගේ එහේ බලලා මෙහේ බලද්දී ඔන්න මේ කොල්ලා නෑ.
" ආශ්...😑 කොහෙද ගියේ ඒපාර...😨"
ජිමින් බඩු තෝරන එකත් පැත්‍කට දාලා වීව හොයන්න ඉස්සරහට ඇවිදන් ගියා.
වී කඩේක එල්ලලා තියෙන සෙල්ලන් බඩු දිහා බලාගෙන වෙනම ලෝකෙක අතරමන් වෙලා ඉන්නවා. ජිමින් අහම්බෙන් වගේ වී වගේම එක්කෙනෙක් එතන ඉන්නවා දැකලා දුවන් ගියා ඒ දිහාවට. එතන ඉන්නේ වීමයි කියලා ජිමින් දැනගත්තම ජිමින් තරහෙන් පිබ පිබ කටත් හදාගෙන වී ලගට ගියේ හොදට බයින්න හිතාගෙනයි.
" ඒයි මෝඩයා...😑 මොන ලෝකෙද යන්නේ...🤨 ඒයි මේ බලනවා... "
ජිමින් බැන බැන විගේ උරහිසින් අල්ලලා වීව එයාගේ පැත්තට හරව ගත්තා. දෙවියනේ...... ඒ ඇස්වල කදුලු පිරිලා. ජිමින්ව දැක්කා විතරයි වී ජිමින්ව බදාගෙන එකපාරටම හයියෙන් අඩන්න ගත්තා. ජිමින්ට කිසි දෙයක් හිතා ගන්න බැරි උනා. වී එකපාරටම අඩන්න පටන් ගත්තාම ජිමින්ටත් බය හිතුනා ඇයි මේ කොයලා. ජිමින් කොච්චර කතා කලත් වී කලේ ජිමින්ව බදාගෙන අඩපු එක. ටිකක් වෙලා අඩපු වී ජිමින්ගෙන් ඈත් වෙලා ජිමින්ගේ අතින් අල්ලගෙන යන්න හැරුනා. වීට ඔනේ උනේ නෑ තවත් එතන ඉන්න.
" ඔයාට ඒක එපාද.... "
ජිමින් වී බලන් හිටපු සෙල්ලන් බඩුව දිහා බලලා වීගෙන් ඇහුවා. වී ජිමින් දිහා බලාගෙන හිටියා, කිසිම දෙයක් කියා ගන්න තරම් ශක්තියක් වීට තිබ්බේ නැ. ජිමින්ට හිතුනා මේ සුදු මකරා වීට ඔනේ ඇති කියලා. එතනින් එහාට ඉමින්ට වීගෙන් මොකුත් අහන්න ඔනෙ උනේ නෑ. මොකද වී ඉන්නේ දුකෙන් නිසා.
ජිමින් හිනාවෙලා වීවත් ඇදගෙන කෙලින්ම සෙල්ලම් බඩු කඩේට ගියා
" මට අර සුදු මකරව ඔනේ.. "
" ඕහ් මහත්තයා... ඒකනම් කරන්න බෑ... මේ නෝනා එක දැන් ගත්තේ..."
ජිමින් කෙලින්ම හැරුනේ සෙල්ලම් බඩුව ගත්ත කෙනා දිහාවට.
" ජිහේ........ 😳මන් දැනම් හිටියේ නෑනේ ඔයාට බබෙක් ඉන්නවා කියලා.. 🤪 බලන්න මට කිව්වෙත් නෑ ආහ්..."
ජිහේ කටත් ඇරගෙන ජිමින්ගේ අතින් එල්ලුනේ
" අනේ ඔප්පා........................................................................................................................ යන්න අනේ... මේක ගත්තේ මගේ බබෙක්ට නෙවේ... මගේ යාලුවගේ බබාට..... "
" ජිහේ ඔයත් බැන්දනම් අද මමත් ඔයාට ඔම සෙල්ලම් බඩු අරන් එනවනේ..."
" අනේ... වී ඔප්පා.... ඔයත් ආවද....😱 දැන්නේ දැක්කේ.... බලන්නකෝ වී ඔප්පාගේ නහය රතුවෙලා චෙරි ගෙඩියක් වගේ🙈... "
ජිමිනුයි ජිහෙයි විහිලු තහලු කර ගන්න අස්සේ ජිහේ ජිමින්ගේ පිටිපස්සේ ඉන්න වීව දැකලා සතුටෙන් උඩ පැන්නා. ජිමින්ව අත ඇරලා වීගේ අතේ එල්ලුන ජිහේ වී එක්ක කටර් එකක් වගේ කියවන්න ගත්තා. ඒ අතරේ ජිමින් ජිහේ ගත්ත සෙල්ලම් බඩුව හිමින් සැරෙ ඉස්සුවා. වී කට ඉර කරගෙන ජිගේගේ කියවිල්ල අහන් හිටියේ පුදුම අමාරුවෙන්. ජිමින් කට කොනට හිනා වෙලා වීගේ අත අල්ලගත්තා
" ජිහේ සොරි හොදේ..."
" ඔප්පා...😳වේ...."
" 🗣️බායි බායි... මන් මේකට පස්සේ ගෙවන්නම් හොදේ...."
ජිහේ ඇයි කියලා අහද්දිම එකපාරට වීවත් ඇදගෙන දුවන්න ගත්ත ජිමින්, ජිහේට සෙල්ලන් බඩුව පෙන්නන ගමන් කෑ ගැහුවා.
" ඔප්පා... අනේ....😕 ඕක දීලා යන්න...😤 අයියෝ ඔප්පා...😫"
ජිහෝ ජිමින් පස්සෙන් දුවන් ගියත් ජිහේට ජිමින්ලවනම් අල්ල ගන්න බැරි උනා.
ජිමිනුයි වීයි ගෙදර ලගට දුවන් ආවේ පස්සවත් නොබලමයි. න්තිමට ගේ ලගින් නැවතිලා දෙන්නම හති දදා හයියෙන් හිනාවෙන්න ගත්තා. ජිමින්ට මහන්සි වැඩි කමට හිනාව නිසා බඩත් රිදෙන්න ගත්තා.
......................🌃.........................
රාත්‍රි 7.00ට විතර............
දොරට තට්ටු කරන සද්දෙට ජිමින්ගේ හදවත හයියෙන් ගැහෙන්න පටන් ගත්තා.
" ඇවිල්ලා ඇවිල්ලා.....😋"
වී දුවගෙන ගිහින් දොර ඇරියා. නම්ජුන් ලස්සනට හිනාවෙලා රෝස් මල් පොකුරකුත් තියාගෙනමයි දොර ලග හිටියේ දොර අරින ජිමින්ට මල් පොකුර දෙන්න බලාපොරොත්තුවෙන් . වීව දැක්කා විතරයි නම්ජුන්ගේ කන් දෙකෙන් දුම් දාන්නත් පටන් ගත්තා.
" එන්න නම්ජුන් සර්...ජිමින් ඇතුලේ ඉන්නෝ මන් එන්න කියන්නම්😁..."
වී දන්නවා නම්ජුන් එයාත් එක්ක තරහෙන් ඉන්නේ කියලා. එත් ඒ ඇයි කියන්න දැනම් හිටියේ නෑ. නම්ජුන් ඇහිබමකුත් උස්සගෙනම ඇතුල්ට අඩිය තියද්දී ජිමින් අමතක වෙලා ඒප්‍රන් එක පිටින්ම දුවන් ආවා නම්ජුන් ලගට. නම්ජුන්ගේ ඇස් දෙක තරු වගේ බැබලෙන්න ගත්තා ජිමින්ව දැකලා. ජිමින් නම්ජුන්ව දැකලා හුරතල් හිනාවක් දැම්මා.
දෙන්නටම වචනයක්වත් ආවේ නෑ කතා කරන්න දෙන්නව දැකපු සතුට වැඩිකමටම. වශීවෙලා වගෙයි බලන් හිටියේ. අන්තිමට ජිමින් ගොත ගගහා නම්ජුන්ගෙන් ඇහුවා රෝස් මල් දිහා බලාගෙන එවා එයාටද කියලා
" ඕ....වා මටද...?"
නම්ජුන්ට දැනුයි මතක් උනේ එයා ගෙනාපු මල් පොකුර තාමත් ජිමින්ට දුන්නේ නෑ නේද කියලා. ජිමින් ලගට ගියපු නම්ජුන් ලස්සනට හිනාවෙලා රෝස් මල් පොකුර ජිමින්ගේ අතට දුන්නා. ඉතින් ඔන්න ජිමිනුයි නම්ජුනුයි එතන වෙනම ලෝකෙක තනි උනා.
" අහ්ම් අහ්ම්..."
වී කටත් ඇරගෙන නම්ජුනුයි ජිමිනුයි දිහා බලන් ඉද්දී ජන්කුක් දොර ලගට වෙලා හිමීට උගුර පෑදුවේ වීට එහාට වෙන්න කියලා ඉගි කරන්නයි. වී ඇහැකොනෙන් ජන්කුක් දිහා බලලා මැද්දෙන්ම හරස් කරලා හිට ගත්තා ජන්කුක්ට එන්න බැරි වෙන්න. වීගේ ලොකුකම් බල බල ජන්කුක්ට ඉන්න ඔනකමක් තිබ්බේ නෑ. ඉතින් මේ පාර ජන්කුක් හයියෙන්ම උගුර පෑදුව පාර ජිමිනනුයි නම්ජුනුයිත් ඒ පැත්ත බැලුවා.
" ජන්කුකා...🤗 ඇයි එලියේ ඉන්නේ... එන්න ඇතුලට..."
ජිමින් කියද්දී වී ඇස් කරකෝ කරකෝ එතනින් එහාට උනා මොකුත් දන්නෑ වගේ.
ජන්කුක් කට කොනට හිනාවෙලා ඇතුල්ට එද්දී වී ඔරවගෙන ජන්කුක් දිහා බලන් හිටියා. එතකොටවීට මතක් උනා එදා රෑ ඔෆිස් එකේදී සිද්ද වෙච්ච සිද්දියක්. ජන්කුක් අමාරුවෙන් හදාගත්තු ෆයිල්ස් කලවම් කරන්න නෙවෙයි එදා වී ජන්කුක් ලගට ගියේ. ජන්කුක්ව මරන්න හිතාගෙන. වී හිතන් හිටියේ එයාට ජන්කුක්ව ලේසියෙන්ම මරන්න පුලුවන් කියලයි. කෙනෙක්ව මරන එක හරිම ලේසි කියලයි වී හිතන් හිටියේ.
කට කොනට හිනාවෙලා ජන්කුක්ගේ බෙල්ලට අත තියපු වීව පිටිපස්සට විසික් වෙලා ගියා කොහෙන්දෝ ආපු හුලගක් නිසා. ඒ හුලගට අලියෙක්ව උනත් විසික් කරන්න පුලුවන්. වී කීප පාරක්ම උත්සාහා කලත් ඒක කරන්න වීට බැරි උනා.
මූනත් ඇබුල් කරගෙන වැඩේ අත ඇරලා ගෙදර යන්න ගියපු වී දොර ලගට ගිහින් ආපහු හැරිලා ඇවිත් තමයි ෆයිල්ස් ටික ඔක්කොම කලවම් කලේ.
වී එදා පැරදුනහම දැන ගත්තා එයාට පූජකයන්ව හම්බෙන්න යන්නම වෙනවා කියලා. ඒත් ජිමින්ව දාලා යන්න වීට බැරි උනා. වීව බැදලා තියාගත්ත එකම දේ ජිමින්ගෙ යාලුකම. ජිමින් තනිවෙයි කියලා වී බය උනා. වී ජිමින්ගේ ජීවිතේ ගෙවුනු හැටි දැක්කා. ආයෙත් ඒ වගේ ජීවිතයක් ජිමින්ට දෙන්න වීට ඔනේ උනේ නෑ.
ඒත් දැන් වීට තේරුම් යන්න පටන් ගත්තා ජිමින්ට තව දුරටත් වීව ඔනේ වෙන්නේ නෑ කියලා.
__________________________________
Hi gyz☺️
අදනම් මේ පාට් එක හරි නෑ. 🙁
මම අලුතෙන් කතාවක් දැම්මා. ඒක කියවන්න කියලා මන් ආදරෙන් ඉල්ලනවා. දිගට ඇදෙන එකක් නෙවෙයි. පාර්ට් හයක් වගේ තමයි දාන්නේ. හැමෝම එක කියවනම් මම ආසයි. ඇත්තම සිද්දියක් තමයි ඔය කතාවේ ලියවෙන්නෙ. කතාව කියවලා ඔයාලගේ අදහස් කියන්න..
මේ කතාව දවස් කීපෙකට නවත්තන්නම්. මම ඒ කතාව ඉක්මනින් දාලා ආයෙමත් මේ කතාව දිගටම ලියනවා.
Enjoy 🤗
Ishki......
Bạn đang đọc truyện trên: AzTruyen.Top