12. ☘ මන් දින්නා

   

    " ජිමින් අද මීටින් එකෙන් පස්සේ ඔයා ෆ්‍රී නේද...? මොකද කියන්නේ මා එක්ක ඇවිදින්න යමුද....?"

නම්ජුන් දත් මිටි කාගෙන තරහෙන් වී දිහා බලාගෙන අහලා පුටුවෙන් නැගිටලා ජිමින් ලගට ගිහින් ලස්සන ඩිම්පල් හිනාවක් දැම්මා. ජිමින් ඇස් දෙකත් ලොකු කරගෙන හිටියේ අදහා ගන්න බැරුව වගෙයි. නම්ජුන් වී දිහාත් හොරෙන් බලන ගමන් ජිමින්ගේ ඉනට අත දාලා

" අපි දෙන්නගේ පලවෙනි ඩේට් එක..."

කියලා නම්ජුන් ජිමින්ට ඇහැකුත් ගැහුවා. අනේ ඔය මොකුත් නොතේරෙන වී නම්ජුන් ජිමින්ගේ ඉනට අත දාන් ඉන්න දිහා බලාගෙන හිතුවේ එයාලා මෙහෙම වෙන්නැති සුභ පතන්නේ කියලා. නම්ජුන් ජිමින්ගේ ඉන මිරිකලා ජිමින්ගේ කම්බුලට නැමුනේ වී ඉස්සරහා කිස් එකක් දෙන්නයි. ඒත් ජිමින් ඉස්සර වෙලා නම්ජුන් ලන් වෙද්දිම අහකට පැනලා බොරු හිනාවක් දාලා

  " අපි යමුද.... ඔෆිස් යන්න පරක්කු වෙනවත් එක්ක....මන් ඉක්මන්ට එන්නම්... වී... ඔයාත් එනවද යන්න.. අද මීටින් එක 10ට..."

  වී ඔලුව වනලා ජිමින් පස්සෙන් දිව්වා. නම්ජුන්ට හොදටම කේන්තී ඉතින් දැන් වීවත් එක්කන් යන්න වෙලා නිසා. තරහෙන් අත මිට මොලවලා ලගම තිබ්බ කබඩ් එකේ දොරට ගැහුවා. ගහපු සැර මාරම වේගෙන් වැදුන නිසා නිසා දොර කැඩිලා භාගෙට එල්ලෙන්න ගත්තා. දැන් එක වැටෙන්න ඔන්න මෙන්න වගේ.

  " අනේ දෙයියනේ... එක කොහොමද කැඩුනේ..."

එතන්ට ජිමින් ආවා.  නම්ජුන් ඇස් දෙකත් ලොකු කරගෙන  උරහිස  හැකිලුවා නිකන් එයා දන්නෑ වගේ. ජිමින් නම්ජුන් දිහායි භාගෙට වැටෙන්න ඔන්න මෙන්න තියෙන කබඩ් එක දිහායි මාරුවෙන් මාරුවට බැලුවා.

  අන්තිමට ඒක අමතක කරලා ජිමින්  නම්ජුන් එක්ක කා එකට යද්දී වී පන කඩාගෙන දුවගෙන ආවා. වී දුවන් එන දිහා බලන් හිටපු ජිමින්ට බඩ පැලෙන්න හිනා ඉතින්, වී අත පය හතරම විසික් කර කර වී දුවන් ආවේ  දත් ටිකත් දාගෙන හිනාවෙවීයි.  බ්‍රේක් නැතුව දුවන් ගිහින් වී, කෙලෙන්ම ජිමින්ගේ ඇගේ තමයි නතර උනේ. නම්ජුන් රවාගෙන බලන් ඉන්නවා ඉතින්. මෙච්චර කරලත් කොහොල්ලෑ වගේ ජිමින්ගේ ඇගේ ඇලෙනවනේ කියලා නම්ජුන් දත් මිටි කාගෙන කා එකට නැග්ගලා හයියෙන් දොර වහ ගත්තා.

   නම්ජුන්ට ශටර් එකෙන් පේන්නේ ජිමින්ගෙයි වීගෙයි ඉන හරිය. වී නම්ජුන් කරා වගේ ජිමින්ගේ ඉනට අත යවලා ඉන මිරිකලා ජිමින්ගේ මූනට එබිලා සුභ පැතුවා. ජිමින්ට හිනා මේ පිස්සා කරන වැඩ වලට. ජිමින් වීගේ කම්බුල් දෙක මිරිකලා, නම්ජුන් කියපු එකේ තේරුම කියලා දෙන්න හැදුවත් නම්ජුන්ට බලන් ඉන්න බැරිවෙලා හෝන් එක උඩ ඉද ගත්තා. ඒ වගේ තමයි ඉතින් දැනුනේ. මොකද නම්ජුන් දාගෙන හෝන් එකට තඩි භානවා.

ජිමිනුයි වීයි උඩ ගියා විතරක් නෙවෙයි වටේ මිනුස්සුත් උඩ ගියා. බරටම බඩු අරගෙන පාරේ යන ගෑනු කෙනෙක් මේ සද්දෙට උඩ ගියපු පාර අත් වල තිබුනු බඩු ටික බිම වැටිලා පාර පුරා රෝල් උනත් එක්ක.

ජිමිනුයි වීයි නගිනකල්ම නම්ජුන් එක දිගටම හෝන් එක ගැහුවා. ජිමින් ශීට් එකෙන් වාඩි වෙලා නම්ජුන් දිහා බලලා ඇසුත් ලොකු කරගෙන

" මොකද මේ😲... "

" මොකුත් නෑ 😡"

නම්ජුන්ට මල පැනලා හොදටම. කා එක හෙන වෙලාවක් රේස් කරලා හෙන වේගෙකින් පාරට දැම්මා. ජිමින් ශීට් එක තද කරලා අල්ලගෙන ඇස් පියා ගත්තේ බය වැඩි කමටමයි. ජිමින් ඇස් දෙක පියාගෙන මොනාදෝ කිවන්නත් ගත්තා.
    ඒකට වී.. පුදුම ජොලියක් එයාට හයියෙන් යද්දී තිබ්බේ. නම්ජුන් කන්නාඩියෙන් වී දිහා බලාගෙන ඔරව ඔරව තවත් හයියෙන් කා එක අරන් ගියේ වී එක්ක තරහා පිරිමහන්නයි. වීට තවත් ජොලි ඉතින් මේ වැඩේ.

" නවත්තන්න.... අනේ... නවත්තන්න..."

ජිමින්ගේ කටහඩ හරියට අඩන්න වගෙයි. ඒත් නම්ජුන්ට ජිමින් කියන එක ඇහුනේ නෑ. එයා හිටියේ වී එක්ක තරහා පිට කරන ගමන්. ජිමින් එක පාරටම මහ හයියෙන් කෑ ගැහුවා

" නවත්තනවා..........................."

නම්ජුන් ගැස්සිලා ජිමින් දිහා බලලා ඉක්මන්ට වේගේ අඩු කරා. ජිමින් එක දිගටම නවත්තන්න කියලා මතුරන්න ගත්තා. නම්ජුන් කා එක අයිනට කරලා නවත්තලා ජිමින් දිහාවට හැරෙනවත් එක්කම ජිමින් කා එකෙන් එලියට පැන්නා.

ජිමින්ට හොදටම දාඩිය දාලා. බය වැඩි කමටම ජිමින්ට හුස්ම ගන්නත් බෑ. පාර අයිනක ඉද ගත්ත ජිමින් අත් දෙකෙන් මූන වහගෙන අඩන්න ගත්තා. වී දොර ඇර ගන්න දැනම් හිටියේ නෑ. නම්ජුන්ගේ කා එකේ දොර අරින්න වී දන්නෑ. වී දොරේ හතර වටේම අත ගගා අල්ලලා අරින්න විදිහක් බැලුවා ඇර ගන්න බෑ. වීට ඔනේ උනේ ඉක්මන්ට ජිමින් ලගට දුවන්න. වී හොදටම බය උනා ජිමින් ගැන.  අන්තිමට මොකක්ද බටන් එකක් ඔබලා වී ශටර් එක ඇර ගත්තා. ඒ තප්පරේට ශටර් එකෙන් එලියට පැනපු වී ජිමින් ලගට දුවන් ගියා. නම්ජුන් ගල් වෙලා වගේ ජිමින් ගියපු දිහා බලන් ඉදලා වී දුවනවත් එක්කම එලියට බැහැල ජිමින් ලගට දිව්වා. නම්ජුන්ට හිතා ගන්න බැරි උනා ජිමින් බය වෙලා එක්පාරටම දුවපු නිසා.

  වී ජිමින් ලගින් ඉදගෙන

" මොචී...... මොචී..."

වී ජිමින්ගේ අත් දෙක අයින් කරන්න හැදුවත් ජිමින් අත් දෙකෙන් තවත් මූන තද කරගෙන අඩන්න පටන් ගත්තා. නම්ජුන් ජිමින් ඉස්සරහින්ම දන ගහගෙන ජිමින්ගේ උරහිසින් අල්ලලා

" අනේ මට සමාවෙන්න... ඔයාව බය කරන්න මට ඔනේ උනේ නෑ..."

ජිමින් හුගාක් වෙලා එතන ඉදගෙන අඩන්න ගත්තා. වී පුලුවන් තරම් ජිමින්ව නලවන්න හැදුවා. ජිමින්ට වතුර ඔනේ කියලා කියද්දී වී කා එකට දුවගෙන ගියා. ශීට් එක ලග වතුර බෝතලයක් තිබ්බා, ඒක අරන් එන්න හිතාගෙනයි වී දිව්වේ.

නම්ජුන් ජිමින්ගේ අත් දෙකෙන් අල්ලලා එක දිගට සමාව ගත්තා. ජිමින්ට හොදටම දුකයි දැම් නම්ජුන් සමාව ගනිද්දී. ජිමින් මූනෙන් අත් දෙක අයින් කරලා ඇස් වල කදුලු පිහි දාගෙන

   " ඔයාට මොනා හරි වෙයි... මට බයයි..."

නම්ජුන් දන ගහගෙන ජිමින්ව ඇදලා අරගෙන තදින්ම බදා ගත්තා. ජිමින් නම්ජුන්ගේ පපුවට තුරුල් වෙලා එක එක ඒවා කියවන්න ගත්තා. එයා ඇස් පියාන් ඉද්දී නම්ජුන් රෑක තනියෙම මෙහෙම එලවන් ගිහින් හැප්පෙනවා වගේ භයානක දෙයක් දැකලා. ඉතින් ජිමින්ට බය හිතිලා තියෙන්නේ එක නිසයි. නම්ජුන්ගේ ඇස් වලට කදුලු ආවේ ජිමින් එයාට මොන තරම් ආදරේ කරනවද කියලා දැනිලයි. 
        නම්ජුන් ජිමින්ගේ නල්ලට හරිම ආදරෙන් හාදුවක් දීලා ජිමින්ව හිමීට නැගිට්ටව ගත්තා. ජිමින්ගේ ඉනට අත දාගෙන ජිමින්ව අරගෙන කා එක දිහාවට යද්දී වී වතුර බෝතලෙත් අරන් ඇවිත් ජිමින්ට දික් කලා. ජිමින් වීට හිනා වෙලා වතුර එක අරගෙන බිබී කා එකට නැග්ගා. වීට නිකන් මැජික් වගේ. මෙච්චරවෙලා අඩ අඩ හිටපු කෙනා මෙන්න හිනාවෙවී කා එකට නැග්ගා.

වීට ඒත් හරි දුකයි. ජිමින් එහෙම අඩනවා වී දැකලම නෑ. ජිමින් අඩනවා බලන්න වී කැමති නෑ. වීගේ ලෝකේ ඉන්න එකම කෙනා ජිමින්. එයාගේ අප්පා තරම්ම ලන් වුන කෙනා ජිමින්. හැමදේම හොයලා බලන කෙනා ජිමින්. ඉතින් වීගේ මූන දුකෙන් පිරුනා. මෙච්චරවෙලා හිනාවෙවී ඉදපු වී අව්ලෙන් තමයි ඔෆිස් එකටත් ගියේ. වී ජිමින්ට අත වනනෙත් නැතුව කෙලින්ම ඔෆිස් එකට ගියා.

ජිමින්ට තේරුනා වී අවුල් ගිහින් කියලා. ජිමින් ඒ පස්සෙන් යන්න හැදුවත් නම්ජුන් යන්න දුන්නේ නෑ. ජිමින්ට රෙස්ට් කරන්න කියලා නම්ජුන් එයාව ඔෆිස් එකට එක්කන් ගියා. 

වී ඔෆිස් එකට අඩිය තියද්දී ඔෆිස් එක පිස්සුන් කොටුවක් වෙලා තිබ්බා. ජන්කුක් මුලු ඔෆිස් එකම අනික් පැත්ත හරවලා. බිම හැම තැනම කොල . ජන්කුක් හතර වටේ ඇවිද ඇවිද ඒ කොල දිහා බල බල එකින් එක අහුලනවා. කලවන් වෙච්ච කොල ටික ජන්කුක් පිලිවෙලක් කරන්න තමයි මුලු ඔෆිස් එකේ බිම පුරාම කොල වපුරලා තියෙන්නේ.

වී ඇස් දෙකත් ලොකු කරගෙන ඔෆිස් එක දිහා බලන් ඉදලා කොල පාග පාග එයාගේ තැනට යන්න යද්දී ජන්කුක් වීගේ ඉනෙන් අල්ලලා,
      ඇදලා අරගෙන බිත්තියට හේත්තු කලා. දෙන්නගේ ඇස් මොහොතක් පිස්සුවෙන් වගේ එකිනෙකා දිහා බලන් හිටියේ වශී වෙලා වගෙයි. ටිකක්වෙලා එහෙම ඉදපු වී එකපාරටම ගැස්සිලා ජන්කුක්ව එහාට තල්ලු කලා. ජන්කුක් හරි සිහියට එනකොටම වී ජන්කුක්ගේ කෝට් එකෙන් ඇදලා ගත්තා.

" ඔයා මන් කවුරු කියලද හිතන් ඉන්නේ..."

වී කෑගහද්දී ජන්කුක් වීගේ අත් දෙක අයින් කරලා කට කොනට හිනාවෙලා වීට පිස්සු හැදෙන බැල්මක් දැම්මා. වී ඇස් දෙකත් ලොකු කරගෙන ජන්කුක් දිහා බලන් හිටියා.

" පේනවද ..... මේ ඔයා පෑගුවේ මොනාද කියලා... බලාගෙන ඇවිදින්න... ඊයේ රෑ මොකෙක් හරි ඔලමොට්ටලයෙක් මගේ ෆයිල් ටික කන පිට ගහලා.. ඕකව මට අහු උනොත් මම දෙකට අබරනවා... "

වීට කෙලත් ගිලුනා ජන්කුක් ඒක කිව්ව විදිහට. පස්සේ වීට මතක් උනා එයා නේද ඇවටා කියලා. ඒත් ජන්කුක් දැනගත්තොත් වී තමයි මාරු කලේ කියලා මොනා වෙයිද දන්නෑ. වී ඇහැකොනෙන් බල බල කොල පාගන්නැතුව පරිස්සමෙන් යන්න ගියා.

ජන්කුක්ට තව මහ වෙලාවකුත් නෑ. තාම ෆයිල්ස් ටික හදාගෙනත් නෑ. අද මීටින් එකේදී ජන්කුක්ට වගේම නම්ජුන්ටත් හොදටම නෝන්ඩි වෙන්නයි වෙන්නේ කියලා ජන්කුක්ට මතක් වෙද්දී මේ කොල උඩ පෙරලි පෙරලි කෑ ගහන්නත් හිතුනා.

ඔය අතරේ ජන්කුක්ටයි වීටයි මීටින් එකට වෙලාව හරි කියලා කතා කරා. වී ලෑස්ති උනේ මීටින් එකට යන්න. එත් ජන්කුක් තාමත් අර ටික හරි ගස්සනවා . 

අන්තිමට වී විතරයි මීටින් එකට ගියේ. තාමත් ජන්කුක් නෑ. වී කට කොනට හිනාවෙවී හිටියා හැමෝගෙන්ම ජන්කුක් බැනුම් අහන හැටි බලාගන්න ආසවෙන්.

නම්ජුන් කීප පාරක්ම ජන්කුක්ට එන්න කියලා පනිවිඩ යැව්වා. ඒත් ජන්කුක් ආවේ නෑ. හැමෝම වගේ ජන්කුක්ට එක එක ඒවා කියන්න ගත්තා, අයියා වගේනම් නෙවේ කිසි වැඩකට නෑ හරි වෙලාවට වැඩ කරගන්නත් බෑ කොහොම ඉස්සරහට මේවා කරයිද දන්නෑ කියලා.

නම්ජුන්ට මේවා හොදට ඇහුනා. හොදටම කේන්ති ගියපු නම්ජුන් නැගිට්ටේ එයාම ගිහින් ජන්කුක්ව එක්කන් එන්න ඔනේ කියලා හිතාගෙනයි. ඒත් එක්කම වගේ ජන්කුක් හතිදාගෙන දොර ඇරගෙන ඇතුල්ට ආවා. නම්ජුන් ජන්කුක්ට ඔරවලා මීටින් එක පටන් ගමු කියලා ඉද ගත්තා. ජන්කුක් ටයි එකට අත යවලා ටිකක් ලූස් කරගෙන වී දිහා බලලා ඇහිමක් උස්සලා කට කොනට හිනා උනා. ජන්කුක් හොදටම දන්නවා වී තමයි ඒ දේ කලේ කියලා. වී ජන්කුක්ට ඔරවලා අහක බලා ගත්තා.

  වී බලන් හිටියේ ජන්කුක්ගේ වාරේ එනකල්. ජන්කුක් වැඩේ අනාගන්න හැටි වීට මැවිලා පෙවුනා. වීට ඔනේ උනේ ජන්කුක්ට වැඩ වැඩි කරන්න. මේකෙන් පස්සේ නම්ජුන් ජන්කුක්ව තවත් හිරකරයි  කියලා වී දන්නවා. එතකොට වී ජන්කුක් එක්ක තනි වෙනවා. වීට එතකොට ජන්කුක්ව මරන්න හරිම ලේසී. මේක තමයි වීගේ ප්ලෑන් එක උනේ.

නම්ජුන් ජන්කුක්ගෙන් ෆයිල්ස් ටික ඉල්ලද්දී ජ්න්කුක් නම්ජුන්ගේ කනට ලන් කරලා මොනාදෝ කිව්වා. නම්ජුන් ඇහි බමකුත් උස්සලා ජන්කුක් දිහා බලද්දී ජන්කුක් නම්ජුන්ට බනී හිනාවක් දාලා ඇහැක් ගහලා හිට ගත්තේ මාව විස්වාස කරන්න වගේ ඉගි කරලයි.

   ජන්කුක් රේකොඩර් එකකින් අදාල තොරතුරු ටික ඇහෙන්න සැලැස්සුවා. ස්ක්‍රීරීන් එකෙන් අදාල තොරතුරු ටික ප්ලේ කලා. වැඩේ ලස්සනට කෙරුනා. ඒත් කට්ටියගේ අතට අදාල ෆයිල්ස් ටික ලැබුනේ නෑ. ජන්කුක් අවසානයේදී කිව්වා එ ටික තව ටිකකින් ඔයාලට ලැබෙයි කියලා. ටික වෙලාවක් යද්දී කෙල්ලෝ ටිකක් පෝලිමට මීටින් රූම් එකට ඇවිත් අදාල ෆයිල්ස් ටික කලයන්ට්ලට බෙදලා දුන්නා. කෙල්ලෝ ටික ජන්කුක්ට ඇහැකුත් ගහලා යන්න ගියා. ජන්කුක්ට කට කොනට හිනාවෙවී ඇගිල්ලක් කටේ ගහගෙන වී දිහා හොරෙන් බලලා හිනා උනේ ඇද්ද මාව වට්ටන්න හැදුවා කියලා අහන්න වගේ.


___________________________________

  Hi gyz... 😜

   පරක්කු උනාට සොලී... 🙁

   guyz අහින්සක ඉල්ලීමක් තීනෝ... vote එක දෙන්න දෙන්න අමතක කරන්නෙපා... කමේන්ට් කරනෝ වෝට් එක අමතක කරලා ඩුකයි ඈ 🙁

Enjoy🍒
Ishki...

Bạn đang đọc truyện trên: AzTruyen.Top