10. ☘ මන් විතරද ආදරේ

" මන් යන්න ඔනේ..."

ජිමින් නම්ජුන්ගේ අත අත ඇරලා යන්න ගියේ ඇස්වල කදුලුත් පුරෝගෙනයි. නම්ජුන් ඇස් දෙකත් ලොකු කරගෙන එතනම ගල් වෙලා මේ මොකක්ද මේ උනේ කියලා කල්පනා කලා.

ජිමින්ගේ හිත පෑරුනේ නම්ජුන් සැරෙන් කතා කරපු නිසාමත් නෙවෙයි ජිමින්ට හිතුනා නම්ජුන් එයාට බොරුවට ලන්වෙලා රවට්ටන්න හදනවා කියලා. මොනා උනත් නම්ජුන් කියන්නේ සල්ලිකාරයෙක්. ජිමින් නම්ජුන්ට ආදරේ කරන්න පටන් අරන් ඉවරයි. ඒත් නම්ජුන් හැමෝම ඉස්සරහා බැන්නම ජිමින්ට දුක හිතුනා නම්ජුන් කරන්නේ බොරුවක් කියලා.

නම්ජුන්ට නිකමට වගේ හිතුනා ටිකක් සැරෙන් කතා කරපු එකට වෙන්න ඇති ජිමින්ට දුක හිතුනේ කියලා. මොකද එයාලා අතරේ වෙන කිසි දෙයක් සිද්ද උනෙත් නැති නිසා. ඒ වගේම ජිමින්ට නම්ජුන් කෑ ගහලා නෑ මීට කලින්. නම්ජුන් එවෙලෙම එලියට දුවන් ගියේ ජිමින්ව නතර කර ගන්න හිතාගෙනයි. ඒත් ජිමින් කොහෙවත් හිටියේ නෑ. නම්ජුන් කෙලින්ම දුවන් ගියේ කා එකට. නම්ජුන්ගේ මිනිස්සු නම්ජුන් පස්සෙන් ආවත් මිනිස්සුන්ව තල්ලු කරලා නම්ජුන් කෙලින්ම වාහනේ අරන් ජිමින්ගේ ගෙදරට එවෙලෙම ගියා.

ජිමින්ගේ ගේ පාලුයි.
තාම කවුරුතඇවිත් නැති පාටයි. වීවත් තාම ඇවිත් නෑ. නම්ජුන් කා එකෙන් බැහැලා ජිමින්ගේ ගේ දොරකඩටම ගිහින් හිටගෙන දොරට තට්ටු කරන්න අත දික් කරත් ඒත් අත අහකට අරගෙන කල්පනා කරන්න පටන් ගත්තා. නම්ජුන් ආයෙමත් හැරිලා යන්න හැදුවේ ජිමින්ට එයා වදයක් වෙනවා කියලා හිතිලයි.

ඒත් ඕන දෙයක් හිතුවාවේ කියලා නම්ජුන් දොරට තඩි බාන්න පටන් ගත්තා. හුග වෙලාවක් දොර කැඩෙන්නම දොරට ගැහුවා. ඒත් කවුරුත් දොර ඇරියේ නෑ. නම්ජුන්ගේ මිනිස්සු ඒ වෙනකොට නම්ජුන් වාහනේ අරන් ආපු නිසා, නම්ජුන්ගේ පස්සෙන් එතන්ට ඇවිත් හිටියා. නම්ජුන්ගේ මිනිහෙක් දොර හරිම ලේසියෙන් ලොක් එක කඩන්නේ නැතුව ඇරලා නම්ජුන්ට ඇතුල් වෙන්න දුන්න. නම්ජුන් මුලු ගේම පීරලා ජිමින්ව හෙව්වා. ඒත් ජිමින් නෑ.
පස්සේ හොයන එක අත ඇරපු නම්ජුන් ජිමින් එනකල් ඉන්නවා කියලා හිතාගෙන සැටි එකේ ඉදගෙන බලන් හිටියා.

මේ වෙලාවේ ජිමින් හිටියේ පාර අයියේ බෙන්ච් එකක හොදටම අඩ අඩ. පොඩි දේටත් දුක හිතෙන ජිමින් ඇස් වල කදුලු තරගෙට කම්බුල් දිගේ ගලද්දී ඉක්මන්ට අතින් පිහි දැම්මේ තරහෙන් වගෙයි. මේ තරහා කා ඒක්කද. නම්ජුන් එක්කද නැත්තන් එයා එක්කමද. ජිමින්ට තරහා එයාගේ හැගීම් ගැනයි. නම්ජුන් වගේ සල්ලි කාරයෙක්ට ජිමින් ලන් උනා. ජිමින්ට දුකයි. නම්ජුන් එයාට ආදරේ නෑ කියලා හිතුනම. නම්ජුන් ලන් උන විදිහට ජිමින් හිතුවේ නම්ජුන් ඇත්තටම ජිමින්ට ආදරෙයි කියලා. ඒත් ඒ වගේ කෙනෙක් එයාට අදරේ කරයිද කියලා හිතුනම ජිමින්ට තවත් දරා ගන්න බැරි උනා. ජිමින්ගේ මුලු ඇගම පන නෑ වගෙයි. ඇග වගේම ඔලුවත් පැලෙන්න තරම්ම රිදෙනවා. ජිමින් අත් දෙකෙන් මූන වගහගෙන හයියෙන් ඇඩුවා.

ජිමින්ගේ ෆෝන් එක හෝ ගාලා රින්ග් වෙනවා. කීප පාරක්ම ආන්ස්වර් කරන්න හැදුවත් ඒ කෝල්ස් එන කෙනාගේ නම දැකලා ජිමින්ගේ පපුව ගිනි ගත්තා. අත් වෙව්ලන නිසා ජිමින්ට ඔනේ උනේ නෑ කෝල්ස් ආන්ස්වර් කරලා ඒ කටහඩ අහන්න. බොලද ජිමින් ෆෝන් එක ඕෆ් කරලා ආයෙමත් අඩන්න පටන් ගත්තා.

මහ රැයක් වෙනකල් අඩලා අඩලා අන්තිමට ජිමින් ගෙදර යන්න නැගිට්ටා. ජිමින්ගේ ඇගට හොදටම මහන්සී. එක අතකින් දරාගන්න බැරි දුකක්. අනිත් අතින් මහන්සිය. ජිමින් වැටෙන්න ඔන්න මෙන්න වගෙයි. ඒත් ජිමින් කෝම හරි ගෙදර ආවා. දොර ඇරගෙන ඇතුල්ට යනවා විතරයි ජිමින්ට මතක එයා කෙලින්ම දොර ලගම ඇදගෙන වැටුනා. නම්ජුන්ව උඩ ගිහින් අත ඇරිලා වගෙයි වෙච්ච දේ දැකලා.

නම්ජුන් ජිමින් ලගට දුවන් ඇවිත් අමාරුවෙන් හුස්ම ගන්න ජිමින්ව දෑතින්ම උස්සගෙන කාමරේට ගියා.
ඒ ඇස් පියවිලා.
අහින්සක ඇස් හොදටම තෙත් වෙලා. තාමත් අලුත් කදුලු තියෙනවා.
රෝස කම්බුල් වගේම නහයත් හොදටම රතුපාට වෙලා. ජිමින් ඇස් භාගෙට ඇරගෙන බොදවෙලා පේන නම්ජුන්ගේ මූන දිහා බලලා අහින්සකව හිනා උනා. නම්ජුන්ගේ පපුවට ඔලුව තියාගෙන නම්ජුන්ගේ බෙල්ලට අත යවාගත්ත ජිමින්

" ඔයා.. මගේ හීනවලත් දැ...න් ඉන්නවා.... ඒත්... ම..ම... විතර..යි... නේද.. ආදරේ කලේ.... ම...ම... "

නම්ජුන්ගේ ඇස් වල ජීවිතේ දෙවනිපාරට කදුලු පිරුනේ එදයි. ඔම්මා අප්පා නැති උනාට පස්සේ නම්ජුන් ශක්තිමත් මනුස්සයෙක් උනා. කාටවත් ඒ කදුලු හොල්ලන්න තියා නම්ජුන්ගේ ගල් හිත මෙලෙක් කරන්න බැරි උනා. ඒත් අද නම්ජුන්ගේ මේ ගල් හිත මෙලෙක් වෙලා අහින්සක ඇස් දෙකක් නිසා. ජිමින්ගේ රෝස් තොල් දිගටම මැතුරුවේ නම්ජුන්ට ආදරෙයි කියලා වගේම නම්ජුන් එයාට ආදරේ නෑ කියන එකයි. ජිමින් හොද සිහියෙන් හිටියේ නෑ. ජිමින්ගේ හිතේ තිබුනු හැම දෙයක්ම වගේ ඔහේ මතුරන්න පටන් ගත්තා.

ජිමින්ව ඇද උඩින් තිබ්බ නම්ජුන් ජිමින්ගේ ලගින්ම ඉද ගත්තා. ජිමින්ට සීතල නොදැනෙන්න බෙක්ශීට් එක පෙරවලා ජිමින්ගේ නල්ලට වැටිලා තිබ්බ කොන්ඩේ අයින් කරා. ජිමින්ගේ සිනිදු කොන්ඩේ අතරින් නම්ජුන්ගේ ඇගිලි එහා මෙහා ගියේ කියා ගන්න බැරි තරම් ලොකු ආදරයකිනුයි.

ජිමින්ගේ භාගෙට ඇරුනු ඇස් පියවුනේ තවත් අලුත් කදුලු නිදහස් කරන ගමනුයි. ජිමින්ගේ ඔලුව හොදටම රිදුම් කනවා. ජිමින්ගේ ඇගත් හොදටම රස්නෙ වෙන්න පටන් ගත්තා. නම්ජුන්ට පිස්සු වගේ මේ වෙන දේවල් නිසා. නම්ජුන් මහා රෑම ඩොක්ට කෙනෙක්ව ගෙන්නුවා.

" එයාට කොහොමද..."

" බය වෙන්න දෙයක් නෑ... එයා දේවල් ගැන හිතනවා වැඩි ඒකයි. තෙහෙට්ටු ගතිය නිසයි ඇග රස්නේ. එයාට ටිකක් රෙස්ට් කරන්න දෙන්න..."

" හ්ම්..."

ඩොක්ටව පිට කරලා නම්ජුන් ජිමින්ගේ ලගටම වෙලා බිමින් දනගහගෙන ජිමින්ගේ අතින් අල්ලගත්තා. ජිමින්ගේ මූනට එබුනු නම්ජුන්

" ඇයි මාව දාලා ආවේ... මට කියන්න ඔනේ උනෙ මන් ආදරෙයි කියලා... "

නම්ජුන් ඇස් වල කදුලු පිහිදාන ගමන් ජිමින්ගේ නල්ලට ලන් වෙලා දිග උනුසුම් හාදුවක් තිබ්බා. නම්ජුන් දුක් උනා ජිමින්ගේ කටින් ඇහුනු දේවල් නිසා.

"එයා වගේ සල්ලි කාරයෙක් මන් වගේ පොඩි කෙනෙක්ට ඇයි ආදරේ කරන්නේ... එයා ලොකු කෙනෙක්... මම... මම නිකමෙක්.... එයා... ලොකුයි..... ගොඩාක්...."

නම්ජුන්ගේ හදවත නතර උනා ජිමින්ගේ වචන වලට. ඒත් එක අතකින් ජිමින්ගේ හිතේ තියෙන දේ දැන ගත්ත නිසා නම්ජුන්ට සතුටකුත් දැනුනා. ජිමින් එයාට ආදරේ කරනවා. එ තරම් සතුටක් තියේවිද නම්ජුන්ට.

නම්ජුන්ගේ ඇස් නතර උනේ ජිමින්ගේ තෙත් උනු ඇස් පිහාටු ලග.

" මේ කදුලු මන් නිසාද...? මියන්හේ.... දැන් නිදා ගන්න... හෙට උදේට අපි දෙන්නට කතා කරන්න ලොකු දෙයක් තියෙනවා.... සුභ රාත්‍රියක්..."

නම්ජුන් ජිමින්ගේ පියවුනු ඇස් තදින්ම සිප ගත්තා. හුරතල් පුන්චි නහයටත් පුංචි හාද්දක් දීපු නම්ජුන් ජිමින්ගේ මූන ලගින්ම ඔලුව තියාගෙන ඇස් පියා ගත්තේ බිම ඉදගෙනමයි. තාමත් නම්ජුන්ගේ අත ජිමින්ගේ පුංචි අත අල්ලගෙනමයි තිබුනේ. පැය කීපයක් යද්දී නම්ජුන්ටත් නොදැනිම නින්ද ගියපු නිසා ඒ අත අත්ඇරෙන්න ගියත් ජිමින්ගේ පුංචි ඇගිල්ල නම්ජුන්ගේ ඇගිල්ලත් එක්ක පැටලුනා.


.....................❣️.....................



වී ගෙදර යන්න ලෑස්තිවෙලා ඔෆිස් එකෙන් එලියට යන්න හද්දී, ජන්කුක් ෆයිල් ටිකත් මේසේ උඩ දිග ඇරගෙන ඒවා උඩම නිදාගෙන ඉන්නවා දැකලා වී යන්නනැතුව ටිකක් නතර උනා. ඔලුව දෙපැත්තට වනපු වී දොර ඇරගෙන එලියට යන්න හැදුවත් කපටි හිනාවක් දාගත්ත වී ආයෙත් හැරිලා ඇවිත් ජන්කුක්ව ඇහැරෙන්නේ නැතිවෙන්න හිමින් සැරේ ඔලුව යට තිබුනු ෆයිල් එක ඉස්සුවා.

ජන්කුක් ඒ වෙනකොටත් අමාරුවෙන් භාගෙට භාගයක්ම වැඩ ටික ඉවර කරලා තිබුනා. වී ඒවා ඔක්කොම අනිත් පැත්ත හැරෙව්වා. ඒ මදිවට ජන්කුක් හරිගස්සලා තිබුනු අනිත් ෆයිල්ස් ටිකත් කලවම් කලා. ජන්කුක්ට වැඩ වැඩි කරා මදිවට දැන් නම්ජුව හොදටම අමාරුවෙත් දැම්මා.

කට කොනට හිනාවුනු වී ආයෙත් ෆයිල්ස් ටික තිබ්බ විදිහටම ජන්කුක්ගේ මූන යටින් තියලා ජන්කුක්ගේ මූනට ලන්වෙලා

" සුභ රාත්‍රියක් අධිරජුනි... "

කියලා දිවත් දාලා කට කොනට හිනාවෙවී යන්න ගියා.

______________________________________

Hi gyz... 🤭


අනේ සමා අයදිනවා... මම පරක්කු කරනවට... හෙටත් දාන්නම් කෝම හරි කතාව...

Enjoy😅
Ishki ❤️

Bạn đang đọc truyện trên: AzTruyen.Top