1.☘ අවසන් ඇවටා
" ඔහු ආයෙත් එනවා..."
ඔබට දැන ගන්න ලැබෙයි ඒ කවුද කියලා. මෙය පටන් ගැන්මක් නොවන බව ඔබ දැනුවත් විය යුතුයි. මම මුල් පොතේ සැබෑම හිමිකාරයා වන නිසා ඔබට සිදු වනවා ඉදිරියට සිදුවන ඔනෑම දෙයකට හොදින් හෝ නරකින් මුහුන දෙන්න.
" මේ ජන් රජුගේ රාජ්‍ය සමයයි. රජු ඉතාමත් කරුනාවන්ත පුද්ගලයෙක්. රට වැසියන් තුව පවා අධිරජු හොද නමක් තියා ගත්තා.
අග රැජිනියට දරුවන් සිටියේ නෑ. මුලු රජවාසලම රැජිනියට දොස් කිව්වා. ඇය හුගාක් අහිංසක කාන්තාවක්. ඇයට සිද්ද උනා කොහොම හරි දරුවෙක් හදන්න.
රැවුම් ගෙරහුම් නිසා ඇය රජවාසලෙන් පිට උනා කෙසේ හෝ දරුවෙක් හදාගන්න මගක් හොයාගෙන.
ඇය ඇතුලු උනේ මුර්ගයන් ජීවත් වන වනාන්තරයට. ඇය මගදී බැලැක් මැජික්කරුවන්ගේ උගුලකට අසු වනවා.
ඇයට සිහිය එනවිට ඇය සිටියේ ඇයගේම කුටියේයි. කිසි දෙයක් හිතා ගන්න බෑ. කකුල්වල මඩ තැවරුම් නෑ. ඇය පිරිසිදුයි. රජු කොහෙන්දෝ එකපාරටම පැමින ඇයව බදාගෙන අඩන්න ගත්තා.
ඔහු ඉකි ගගහම කිව්වේ ඇය මව්ක් වී සිටින වගයි. රජුගේ දෑස් වලින් පැමිනියේ සතුටු කදුලු වුවත්, එය සතුටටම උනන කදුලු නොවේ.
රජු දැන සිටියා කුසේ සිටින්නේ ඔහුගේ දරුවෙක් නොවන බව. දවස් තුනකට පෙර ඇය මාලිගයෙන් පිට වුනු හැටි රජු දැක්කා.
ඇය පසුපස රජු අසරුවන් යැව්වා. ඇය වනයට ඇතුල් වන සැටිත් බ්ලැක් මැජික් කරුවන් විසින් ඇයට කරපු බන්දනයත් අසරුවන් දැක්කා. පසුව මැජික්කරුවන් ඇයව එතනම දමා ගිය පසු අසරුවන් ඇයව මාලිගයට ගෙනාවා.
ඇයට සිහිය එන්න දවස් තුනක් ගියා.
රජු ඇයට කිසිම දෙයක් නොකියා ඉන්න වග බලා ගත්තා. රජු ප්‍රදාන වෙදැදුරන් ලව්වා ඇයව පරීක්ෂා කෙරෙව්වා. ඇයගේ කුසේ දරුවෙක් පිලිසිදගෙන ඇති වග දැන ගත්තා. එක් දරුවෙකු නොවන වගත් ඇය තුල දරුවන් දෙදෙනෙක් සිටින වගත් දැනගන්න ලැබුනා.
වෙදැදුරන් කියා සිටියේම දරුවන් නැති කර දමමු කියා උනත් රජුට එය කිරීමට බැරි උනා. රජු හොදින්ම දැන සිටියා බැලැක් මැජික් කරුවන් මෙය කලේ ඔහුව මරා දමන්නත් ඔහුගේ රාජ්‍ය විනාස කර දමන්නත් කියා.
ඒ වගේම දරුවන් විනාස කලොත් ඒ සමගම රජුට රැජිනියත් අහිමිවන වග දැනගත්තා. බැලැක් මැජික් හුගාක් බලවත්. එය සිදු කරන්න බැරි ඒ නිසාමයි.
ඔහුට බෑ ඇයව අහිමි කරගන්න. ඔහුට බෑ දරුවන් විනාස කරන්න. ඒත් ඔහු අතේ මුලු රාජ්‍යයේම අනාගතය රැදිලා තිබුනා.
ඉදිරියට වෙන්න යන දේවල් ගැන ඔහුට සිතන්න වුනා. ඔහු රහසේම තම එකම මිත්‍ර අග පුරෝහිත හමු වුනා. ඔහු හුගාක් මහලු අයෙක්. ඔහුගේ පරිනත දැනුමට අනුව ඔහුගේ මතය උනේ එම දරුවන් දෙදෙනාට විරුද්දව යම් දවසක නැගී සිටීමට කෙනෙක් අවශයයි කියායි.
සයමසකින් දරුවන් දෙදෙනා මෙලොව එලිය දුටුවා. ගැහැනු දරුවෙක් වගේම පිරිමි දරුවෙක් ලැබුනා. කියාගන්න බැරි තරම් ඔවුන් ලස්සනයි. රජුගේ දෑත් වෙව්ලුවා. ඔහුට දැනුනේ මේ ඔහුගේම දරුවන් ලෙසයි.
ඒත් යම්දවසක මේ රාජ්‍ය මොවුන් විනාස මර දමයි....
මායාවට විරුද්දව මායාවම පාවිච්චි කරන්න ඔහුට සිදු වෙනවා. රාජ්‍යයේ සිටින සියලුම මායාකරුවන් ගෙන්වා රැජිනියගේ කුසට දරුවෙක් ඇතුල් කරන්න රජු සැලසුම් කලා.
රජු කී ලෙසටම ඔවුන් එය කරන්න පටන් ගත්තා. එහෙත් අනාරාදිත කලු ලෝගු කරුවන් 7 දෙනෙක් රජමාලිගයට ඇතුල් උනා.
ඔවුන්ට රැජිනිය ලගට ඒමට අවසර හිමි වුනේ නෑ. ඔවුන් බලෙන්ම ඇතුල් උනා. එවිට රැජිනියගේ ඇද අසල දනගසාගෙන අඩමින් සිටින රජුව ඔවුන්ට දැක ගන්න ලැබුනා. ඇය අන්තිම හුස්මත් අදිනවා.
මායාකරුවන්ගේ මායාවන් වලින් ඇයට හානිවෙලා. රජු වහාම රාජ්‍යයේ සිටින සෑම මායාකරුවෙක්ම මරා දමන්න අන කලා. කාමරය පුරාම මායාකාරුවන්ගේ ලේ තැවරිලා තිබුනා. සමහරු තාමත් පන අදිනවා. රජුගේ කඩුව ලේ පැහැ ගැන්විලා.
කලු ලෝගු කරුවන් රැජිනිය අසලට එනවිටම කඩුව අමෝරගෙන ඉදිරියට පැනපු රජුගේ දෑස් රත් පැහැ ගැන්විලා තිබුනා. එවිටම රැජිනිය අන්තිම හුස්මත් තදින්ම ඉහලට ඇද්දා. රජුගේ අතින් කඩුව ගිලිහුනා. ඔහු අඩාවැලපුනා.
ඇයව බේරාදෙනමෙන් ඉල්ලුවා.
' කලුලෝගු කරුවන් '
මොවුන් බලවත් මායාකරුවන් හත් දෙනෙක්. වදවී ගිය ඇවටාවරුන්ගෙන් නිදන් පොත් වල බලයන් පාවිච්චි කරන මායාවරුන් ලෙස ඔවුන්ව හදුන්වනවා.
ඔවුන් මෙතනට පැමිනියේ අනාගත වාක්යට අනුව සිදුවීමට තිබෙන දෙයක් සිදු කරන්න.
ඔවුන් එහි කොටස්කරුවන්.
ඇය අසලට වට වුනු ඔවුන් ඇයව බේරා ගත්තා. ඇයගේ කුසේ දරුවෙක් පිලිසිද ගැනුනා.
ඔවුන්ගේ කර්තව්‍යය සිදුකර ඔවුන් පිට වුනා.
රැජිනියට තුන්වන දරුවාත් 9මාසයකින් ලැබුනා. දරුවා ලැබෙනවාත් සමගම ඇය මෙලොවින් සමු ගත්තා. ඇයගේ නාමය ඔවුන්ගේ ඉතිහාසයේ අපුරුවට ලියවුනා. ඇය දිරිය කතක්. ඇය සැබවින්ම රජුගේ සිත දිනාගෙන ඇයගේ ජීවිත කාලයම රාජ්‍ය වෙනුවෙන් කැප කරපු කෙනෙක්. ඇය ජනයාට ආදර කලා. ඇය ලග තිබුනු දනය රජු ඇයට උපහාරයක් විදිහට ඇය ආදර කරපු රාජ්‍යයේ දිලින්දන්ට ලබා දුන්නා.
නිවු දරුවන්ගේන් එක් අයෙක් ඒ කියන්නේ ගැහැනු දරුවා, ඇය මව මෙන් අහිංසක නැ. ඇයට නම් තැබුවේ මූන් නමින්.
ඇයගේ නිවුන් සහෝදරයාත් නපුරු අකීකරු අයෙක්. බැලැක් මැජික් වලින් ඉපදුනු මූන් තුලත් බලයන් තිබුනා. ඒත් ඇගේ නිවුන් සහෝදරයට කිසිම බලයක් නෑ. ඔහු තනි මතයට වැඩ කරන කෙලින් පුද්ගලයෙක්. ඔහුට නම් තිබ්බේ කිම් ලෙසින්.
ඇයට රජු හුගාක් ආදරෙයි. ඇයයි එකම කුමාරිකාව. ඒත් මූන්ට සිතුනෙම රජු ආදරේ පුංචි කුමාරයාවන ජියොන් කුමාරයට කියලා. පුංචි ජියොන් කුමරු මාලිගාවෙම හිත දිනා ගත්තා. හුරතල්කම වගේම ඔහු හුගාක් දක්ශ කෙනෙක්.
වැඩිමහල් කුමාරයට දාසයවියත් එලබුනා. පුංචි කුමාරය පහලොස් විය පසු කලා විතරයි. රජු කුමාරවරු දෙදානාගෙන් කෙනෙක්ට යුවරජ තනතුර ලබාදිය යුතු කාලයයි මේ. රජුත් හුගාක් වයසයි.
ඔහු යුවරජ තනතුර ලබාදිය යුත්තේ වැඩිමල් කුමරුටයි. එහෙත් එය සිදු කිරීමට රජුට කිසිම කැමැත්තක් නෑ. වැඩිමහල් කුමරුගේ ක්‍රියාවන් නිසා ඔහු තනතුරට නොගැලපෙන බව අමාත්‍යවරුන් කියා සිටියා. කුමාරවරුන් අතර සටනක් සංවිධානය කරන්න අමාත්‍යවරුන් පෙලබුනා.
කුඩා කලසිටම පුංචිකුමාරයා සටනට දක්ශයි. ඔහු රජුවත් පරදා තිබෙනවා සටන් පුහුනුවේදී.
සිතුලෙසින්ම ඔහු ජය ගත්තා. රාජ්‍යයේ යුවරජ තනතුර ඔහිට හිමි උනා. යුව රජ තනතුට ඔහුට ලැබුනු එක ගැන වැඩිමහල් සහෝදරයට කිසිදු වෛරයක් තිබුනේ නෑ. ඔහු නපුරු කෙනෙක් උවත් ඔහු තම මලයට ආදරය කලා. නැගනිය සැමවිටම සිදු කරන්නේ සහෝදරයන්ව වෙන්කර කතා කිරීම නිසා නැගනියට විරුද්දව කතා කිරීමට ඔහු පෙලබුනා. ඔහු මාලිගයෙන් ආදරය කරපු විස්වාස කරපු එකම පුද්ගලයා උනේ පුංචි කුමාරයාම විතරයි.
මොවුන් දෙදෙනාටම විරුද්දව මූන් පසු කලෙක නැගීසිටියා. ඒ රජුගේ හදිසී මරනය නිසා. රජුව මරා දැමුනේ කුමාරවරුන්ට ඉක්මනින් රජවීමට කියා ඇය කියා සිටියා. එහෙත් රාජසභවේ අනුමැතියත් සමගම පුංචි කුමරු ජියොන් අධිරජු වූවා. මූන් රජුව මරා දැමීමට කීපවරක්ම උත්සාහා කල නිසා ඇයව අකමැත්තෙන් උනත් මාලිගයෙන් නෙරපා දමන්න සිදු උනා. රජු කැමති උනේ නෑ ඇයව නෙරපන්න ඒත් අග්‍ර පුරෝහිත ඌ වැඩිමහල් කුමරු කිම් ඇයව පන්නා දැමන්න දෙපාරක් හිතුවේ නෑ.
රාජ්‍යයේ වැසියන් ගෙව්වේ ඔතාමත් සුන්දර කාලයක්. ඔවුන්ට කිසිම අඩුවක් තිබුනේ නෑ. හැමෝගෙම මුහුනේ රැදුනේ හිනාවන්. අධිරජු සැබවින්ම හොද පාලකයෙක්. ඔහු සාමය පැතුවා සෑම රාජ්‍යකින්ම. ඔහු සාමයේ අදුරජුලෙස නම් දැරුවා. ජියොන් වගේම කිම් ඉතාමත් ලගින් හිටියා. කිම් සැමවිටම පුංචි ජියොන්ව පරිස්සම් කලා. ජියොන් ඔහුගේ සහෝදරයට පනමෙන් ආදරය කලා.
වසත්කාලය ගෙවීයනවාත් සමගම රාජ්‍යට අදුරෙන් බලපෑම් එල්ල උනා. රාජ්‍යට මායාකරුවන් ඇතුල්වීම තවමත් තහනම්ව තිබුනා.
මැහැල්ලක් මාලිගයේ ඉදිරිපිට වූ වීදීය ඉදිරියේ සුලි සුලගක් මැව්වා. ඇය විසින් බලවත් සාපයක් රාජ්‍යයට සිදු කලා. රාජ්‍යයේ වැසියන් විවිද ලෙඩ රෝග වැලදී මිය යන්න පටන් ගත්තා.
වහාම ක්‍රියාත්මක වූ රජු වැසියන්ව බේරා ගැනීමක් හැමදේම සිදු කලා. ඔහුට තහනම් කරපු මායවන් පාවිච්චි කරන්න සිදු උනා. කෙසේ හෝ රාජ්‍ය බේරා ගැනීමට ඔහුට සිද්ද වෙනවා. ඔහු එය සිදු කලේ තමන්ගේ සහෝදරයාත් සමගමයි.
මැහැල්ල අතුරුදහන් උන නිසා ඇයව අල්ලා ගැනීමට නොහැකි උනා. පසු කලෙක කටකතා මාර්ගයෙන් දැන ගන්න ලැබුනේ ඒ වෙස්වලාගෙන පැමිනියේ මූන් කුමරිය කියලයි. ඇය බ්ලැක් මැජික් වලින් තම ආත්මයම ශක්තිමත් කරගෙන ඇතිවග දැන ගන්න ලැබුනා.
නොහිතපු මොහොතක මාලිගයට කඩා වැදුනු බැලැක් මැජික් කරුවන් මාලිගය විනාස කරන්න පටන් ගත්තා. රජුවත් රැගෙන කිම් කුමරු මාලියෙන් පලාගියා. ඒහෙත් ඔවුන්ව වට කරගත් මූන්ගේ මායාකාරුවන් ඔවුන්ව සිර කර ගන්නවා. බලෙන්ම ඔටුන්න ලබා ගත් මූන් රාජ්‍ය ඇය යටතට ගත්තා.
කලු ලෝගු කරුවන් විසින් කිම්වත් ජියොන් දෙදෙනාව බේරා ගනු ලබනවා.
ඔවුන් කියා සිටියේ අනාගත වාකයට අනුව ඇය සමග සටන් කිරීමට ජියොන් රජුට සිදුවන වගයි. ඒත් ඒ දෙදෙනාටත් මිය යන්න වන වගත් කියා සිටියා. ආත්ම ගානක් මේ හා සටන් වදින්න ඔවුන්ට සිදුවනවා. මෙහි අවසානය ඇවටා තීරනය කරයි කියලත්,
මෙය පටන් ගැන්මක්ම විතරක් කියලත් ඔවුන් එකහඩින්ම කියා සිටියා.
ඇවටාවරුන්ගේ කඩුවක් රජු අත තබමින් ඔවුන් එය කියා අතුරුදහන් වූවා.
බලවත් කඩුවත් රැගෙන රජු මාලිගයට පැමිනෙනවා. ඉදිරියට පැමිනෙන සියල්ලෝම එක කඩු පහරිම ඔහු මරා දැමුවා. අදිරජුගේ ආසනයේ අපුරුවට ඉද සිටි මූන් ඉදිරියට කදුලු පෙරාගෙන ගියපු කුමරු හිතාන වේගෙට මූන්ගේ පපුව තුලට කඩුව කිදා බැස්සුවා. කදුලු පෙරාගෙන ආ රජු ඇයගෙන් ජීවිතදානය අයදී කියා සිතු මූන් වියරුවෙන් කෑ ගසා ජියොන්ට සාපයක් කලා.
සාපයත් සමගම ඇගේ මුවින් පිට වූ අදික ශබ්දය නිසා මාලිගාව දෙදරන්න ගත්තා. ඒත් සමගම කිම් කුමරු රජුගේ අතින් අල්ලගෙන එලියට ඇදගෙන යන්න හැදුවත් ජියොන්ගේ අනික් අතින් අල්ලා ගත් මූන් පපුවෙන් කඩුව ඇදලා අරගෙන කුමරුට අනින්න ලෑස්ති වෙද්දිම ඉදිරියට පැනපු කිම් කුමරු කුඩු පහරින් මරනයට ලක් උනා. කුම් කුමරු බිම ඇද වැටෙද්දිම කිසි දෙයක් හිතා ගන්න බැරි උනු ජියොන් කුමරු දනින් වැටෙනවත් එක්කම මූන් කිම්ගේ පපුවෙන් ඇදලා ජියොන්වත් මරා දමනවා.
මෙය එක අවසානයක් පමනයි. සාපය තවමත් තිබෙනවා. ඔවුන් ඒ සාපයට නැවත මුහුන දෙනවා. ආත්ම ගානක්ම එලෙසම ඔවුන් මැරෙනවා. එය නවත්වන්න මගක් නෑ.
සාපය බලවත් එකක්. එය නවතා දැමීමට පුලුවන් ඇවටාකෙනෙකුටම පමනයි. ඒත් ඇවටාවරුන් වද වී ගොස් වසන්.
තවත් ඇවටාවරයෙක් ඉපදෙයිද. අනාගත වාක්යට අනුව 'ඔව්' අවසන් ඇවටා ඔහුගේ රාජකාරිය කිරීමට පැමිනෙනවා. ඒ ජියොන්ව මරා දමන්න. බලවත් සාපය ජියොන්ගේ ආත්මයේයි තියෙන්නේ.
මූන් ඉපදෙන සෑම විටකම බ්ලැක් මැජික් කරුවන් බලවත් වෙනවා. වසර මිලියනගානක් ගත වූවා. ඔවුන් දැන් හුගාක් බලසම්පන්නයි. ඔවුන්ට අවශය මුලු විශ්වයේම පාලනයයි.
මූන් හැම ආත්මයකදීම ජියොන්වත් කිම්වත් මරා දමනවා. ඒත් ආත්මයට කිසිම හානියක් වෙන්නෑ මූන් ජියොන්ව මැරුවට. ජියොන්ව මූන් අතින් නොමරා ඇවටා විසින් මරා දැමුවොත් ආත්මයත් විනාස වෙනවා. බැලැක් මැජික් කරුවන්ව විනාස කල යුතුයි......"
ඔබ හිතන තරම්නම් එය ලේසි නෑ.
ඇවටාගේ පැමිනීම මම බලාපොරොත්තුවෙන් තවමත් මේ පොකුන ලග බලාසිටිනවා.
මගේ සම්පූර්ණ බලය මම වැයකර අවසන්. දැන් තමයි කාලය.
ඔහු නැවත පැමිනිය යුතුයි. අලුත් ඇවටාවරයෙක් ශුද්ධ ජලය එකතු වූ මේ පොකුන පතුලේ නිර්මානය විය යුතුයි. මට එය දැනෙනවා.වසර ගනනක මගේ මහන්සිය අපතේ ගියේ නෑ. ඔහු එයි අද රෑට.
ඒ වගේම මූන් ඉපදෙන්නෙත් අද රෑටමයි. කිම් වගේම ජියොන්ගේ ඉපදීම මේ වනවිටත් සිදුවෙමින් තිබෙනවා.
රැය පහන් වෙනවා.
පොකුනට හද එලිය වැටුනා. කවදාවත් නැතුව අද පොකුන රත්තරන් පාටින් දිලිසෙනවා. අහස දීප්තිමත්. පොකුනවටේට සත්තු එක් රැස් වුනා. ඔවුන්ටත් දැනුනා ඇවටා පැමිනෙන වග.
එකපාරටම වතුරෙන් එලියට ආව දිලින්දා වතුර මතුපිට පාවෙන්න ගත්තා. ඔහුව දිලිසෙනවා. දිලින්දා අහස දිහාවට පාවෙන්න ගත්තා. ඔහිගේ ඇග පුරා තිබුනු ජල බින්දු වාශ්පවෙලා ගියා. ඔහුගේ හිනාව නිදා සිටි මුලු කැලයම අවදි කෙරෙව්වා.
නිල් ඇස් කිරිසුදු සම හුරතල් හිනාව. මේ ඔහුමයි.
ඇවටාගේ පැමිනීම එලෙස සිදු උනා.
දාසය අවුරුද්දක් ගත වුනා. ඔහු දැම් තරුනයෙක්. කියාගන්න බැරි තරම්ම ඔහු ලස්සනයි. කාන්තාවකටවත් මෙතරම් ලස්සන ඇස් හිමි වෙන්නේ නෑ. මෙතරම් ලස්සන රුවක් හිමි ඇවටා රූපය වගේම හුගාක් ලස්සන හදවතක් හිමි කෙනෙක්.
ඇවටා මගෙන් ඔහුගේ රාජකාරිය ගැන විමසුවා.
" ස්වාමීනී ඔබ...ඔහුව මරා දැමිය යුතුයි. විශ්වයම ඔබ බේරා ගත යුතුයි. මෙයයි ඔබේ වගකීම...."
මුල් පොතේ හිමිකාරයා වන මම කලු ලෝගු කරුවන් හත් දෙනාගෙ සුවචකීකරු සුදු මකරා. මට පැවරුනේ ඇවටට ඔහුගේ රාජකාරිය දැනුවත් කරන්න වගේම ඔහුව පුහුනු කරන්න. ඔහුගේ බලයන් ගැන කියා දෙන්න. ඔහු දක්ශයි. ඉක්මනින් ඔනෑම දෙයක් අල්ල ගන්නවා.
ඔහු මුරන්ඩුයි.
ඒත් අහිංසකයි.
හුරතල්කම නිසාම මට ඔහු ඇවටා කියාත් අමතක වෙනවා. ඔහු මගෙව් දරුවෙක් වගෙයි. ඔහු මගේ ස්වාමියා. මුලු විශ්වයේම අයිතිකරු. ඒත් ඔහු කිසිදෙයක් දන්නෑ. ඔහු තවමත් බලරහිතයි. ඔහු ඔහුව සොයා යා යුතුයි.
මා ජීවත් වන අවසන් රැය අදයි. ඇවටාගේ රාජකාරිය දැනුවත් කරාට පසු මගේ ඉරනමට අනුව මගේ මරනය ලියවිලා තියෙනවා. ඇවටා අද රෑ කැලෙන් පිට වෙනවා. ඔහු ඔහුගේ රාජකාරිය කල යුතුයි.
____________________________________
Hi gyz... ❣️
හේ හේ.... ලමයි මර්ලින් මතක් උනේ නැද්ද.. 🙈
ඔන්න කතාවේ intro එක මකරෙක් තමයි ලියන්නේ. මුල් පොතේ හිමිකරු එයා. මම තමයි පොත ඉදිරියට ලියන් යන්නේ. 😂
හරි අපි බලපු ඇවටා ජියොන්ව මරලා විශ්වය බේර ගනීද නැත්නම් එයා වෙන මගක් හොයා ගනීද කියලා.
Bye bye 🙈
Enjoy ❣👋
Ishki...
Bạn đang đọc truyện trên: AzTruyen.Top