ᒪᗩՏT ᑕᕼᗩᑭTᗴᖇ 🖤

යුංගි හිටියේ හොස්පිටල් එකට වෙලා අත් දෙකම තමන්ගේ කොන්ඩේ අතරේ යවන ගමන් මිස්ටර් මින් හදිස්සියේම හොස්පිටල් ඇඩ්මිට් කලා යුංගි එක්ක හෝසොක් හිටියා හෝසොක්ට කෝල් එකක් ආපු නිසා ටිකක් එහාට ගිහින් ආන්සර් කලා ඒත් එක්කම ඩොක්ටර් රූම් එකෙන් එලියට ආපු නිසා යුංගි ඩොක්ටර් ලගට ඉක්මනට ගියා

" ඩොක්ටර් මගේ අප්පා...."

" දැන්ම හරියටම මට මුකුත් කියන්න බැ මිස්ටර් යුංගි ඒත් මම සැක කරන්නේ මේක කැන්සර් එකක් කියලා ටෙස්ට් වගයක් කරලා අපි බලමුකෝ.."

ඩොක්ටර් එහෙම කියලා යුංගිගේ පිටට තට්ටුවක් දාලා ගියේ කොල්ලා එතැනම ඉදගනිද්දී හෝසොක් යුංගි ලගට කලබලයෙන් ආවේ ඒ වෙලාවේ

" යුංගියා....පොඩි ප්‍රශ්නයක් මම ඉක්මනට ගිහින් එන්නම් ජින් හියුන්ග් තව ටිකකින් එයි ගාඩ්ස්ලා ඉන්නවා නේ කොහෙවත් යන්න එපා.."

හෝසොක් කලබලයෙන් කියලා යන්න හැදුවත් යුංගි කොල්ලාගේ අතින් අල්ලලා නැවැත්තුවා

" මොකද වුනේ උබ මෙච්චර කලබල වෙන්න තරම් "

" අනියා.....මම කලබල වෙලා නැ "

" බොරු කියන්න එපා යකෝ මොකද වෙලා තියෙන්නේ "

" මේක අහලා උබ කලබල වෙන්නේ නැත්නම් මම කියන්නම් "

" කලබල වෙන්න හරි උබ මට කියන්න එපැයි "

" ජන්ග්මි ගෙදර ගිහින් නැ ෆෝන් ඕෆ් ලු ගියපු තැනක් දන්නේ නෑලු "

යුංගි එකපාර නැගිට්ටේ කෙල්ල කොහේ ගිහින් ද කියලා හිතාගන්න බැරුව

" එයා කොහේ යන්න ඇද්ද "

යුංගි පිස්සෙක් වගේ දුවගෙන එලියට යන්න හැදුවත් හෝසොක් කොල්ලාව නැවැත්තුවා

", මට යන්න දීපන් යකෝ "

" උබ මෙතන ඉදපන් මම ජන්ග්මි හොයාගන්නම් උබකෙල්ලට කියපුවා මදි ද "

හෝසොක් කිව්වා

" හොබී......"

" ඔතන හිටපන් ජන්ග්මි හොයාගත්තාම මම උබට කෝල් කරන්නම් "

හෝසොක් එහෙම කියලා එතැනින් යන්න ගියේ යුංගි ඇස් දෙක පියාගෙන බිත්තියට හේත්තු වෙද්දී

_____________________________

ඔලුවෙන් දැනුනු වේදනාවත් එක්කම ජන්ග්මි හිමින් ඇස් ඇරියේ ඉන්නේ කොහෙද කියලා බලන්න ඒත් කෙල්ලට ඉන්නේ කොහෙද කියලා හිතාගන්න බැරී වුනා කොනක තිබුණු ගිනි මැලයක් නිසා අදුර මදක් අඩු වුනත් කිසිදෙයක් පැහැදිලි නැ කෙල්ල ඇස් දෙක පියාගෙන ඔලුව දෙපැත්තට වැනුවා ජන්ග්මිගේ අත් පිටිපස්සට කරලා බැදලා තිබුණේ කෙල්ල ඒක ලිහන්න ට්‍රයි කලත් හරි ගියේ නැ ඒකෙන් වුනේ කෙල්ලගේ අත් තුවාල වුනු එක විතරයි

" ජන්ග්මි...."

යේරාගේ කටහඬ ඇහුනු නිසා කෙල්ල ඒ හඩ ඇහුනු පැත්ත බැලුවේ යේරාගේ අත් බැදලා කෙල්ලගේ නලලත් තුවාල වෙලා ලේ එනවා

" මේ කොහෙද "

ජන්ග්මි ඇහුවේ වටපිට බලන ගමන්

" මේ මින් අන්කල්ගේ අතහැරලා දාපු ෆැක්ටරියක් කවුරුවත් මේ පැත්තට වැඩිය එන්නේ නැ "

" ඕමෝ......මේන් මෙයාට සිහිය ඇවිත් "

සේහි එහෙම කියාගෙන ආවා

" සේහි ආන්ටි චේබල් ජන්ග්මිට යන්න දෙන්න..."

යේරා සේහිගෙන් අයදින්න ගත්තා

" යන්න  දෙන්න තිබුනා ඒත් දැන් බැ මොකද මේකි දැන් ගොඩක් දේවල් දන්නවා මේකි එලියට ගියොත් මම මෙච්චර කාලෙකට කරපු කිසිම දෙයකින් වැඩක් වෙන්නේ නැ නේ "

සේහි කිව්වේ ජන්ග්මිගේ කම්බුල් තද කරලා අල්ලාගෙන

" මේ දේවල් කරලා ඔයා මොනාද බලාපොරොත්තු වෙන්නේ "

ජන්ග්මි ඇහුවා

" හොද ප්‍රශ්නයක් "

සේහි එහෙම කියලා ජන්ග්මිගෙන් ඈත් වුනා

" මම තමයි මින්ගේ සෙකට්‍රි විදියට වැඩ කලේ මට ඕන වුනේ නැ කාගෙවත් යටතේ වැඩ කරන්න අනිත් අය මගේ යටතේ වැඩ කරනවා දකින්න ඕන වූනේ ඉතින් මගේ හස්බන්ව මම මැරුවා.."

සේහි අන්තිම ටික කිව්වේ දුකින් වගේ ජන්ග්මි යේරා දෙන්නාම සේහි දිහා බලාගෙන හිටියේ පුදුමෙන්

" මොකද ඔහොම බලන්නේ මම කරපු දේවල් ගැන මම පසුතැවෙන්නේ නැ පස්සේ මගේ හස්බන් මැරුනේ ඇක්සිඩන්ට් එකකින් කියලා මම ලෝකෙට පෙන්නුවා මින් මං ගැන හොයන්න පටන් ගත්තා මම දරුවෙක් එක්ක තනිවුනු අසරණ ගැහැනියක් විදියට මින් ඉස්සරහ රගපෑවා මින් මට අනුකම්පා කලා සල්ලි දුන්නා මින් මාව නිතරම වගේ  එයාගේ mansion  එක්කගෙන ගියා මින්ගේ වයිෆ් ඒ කියන්නේ යුංගිගේ ඔම්මා මම mansion එකට එනවාට වැඩිය කැමති වුනේ නැ ඒක නිසා මින් අතරෙයි යුංගිගේ ඔම්මා අතරෙයි ප්‍රශ්න ගොඩක් ඇති වුනා ඒ ප්‍රශ්න ඔක්කොටම මැදි වුනේ පුංචි යුංගි තමයි පව් කියලත් හිතුනා ඒත් එහෙම හිතලා ඔක්කොම අතහැරියා නම් අද මම මිසිස් මින් වෙන්නේ නැ කවුරුවත් නොදන්න දෙයක් මම අද ඔය දෙන්නාට කියන්නම් යුංගිගේ ඔම්මා................මැරුනේ නැ මැරුවා.."

සේහි එහෙම කියලා වියරුවෙන් වගේ අත්පුඩි ගසන ගමන් හිනා වෙන්න පටන් ගත්තේ කෙල්ලෝ දෙන්නා කම්ෆියුස් කරලා ටිකකින් හිනාව නවත්තපු සේහි ආපහු කතා කරන්න පටන් ගත්තා

" යුංගිගේ ඔම්මාගේ කෑම එකට වස දැම්මේ මම ඊට පස්සේ සල්ලි දීලා postmortem report එක වෙනස් කලා යුංගිට ඔම්මා කෙනෙක් ඕන නිසා මින් මාව මැරි කරන තැනට මම එයාව පත් කලා ඒ නිසා මට කායිව මගෙන් ඈත් කරන්න වුනා මම ඉතින් ඒක කලා කායිව කොරියාවෙන් යැව්වා එදා ඉදන් මින් කියන්නේ මගේ අතේ නැටවෙන රූකඩයක් වුනා අන්තිමේ දී Min Industries මගේ යටතට ආවා යුංගි මාව එයාගේ ඔම්මා විදියට පිලිගත්තේ නැ ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි ඒත් යුංගිගේ සමහර වැඩ නිසා මගේ ප්ලෑන් සම්පූර්ණයෙන් විනාස වෙන්න තිබුනා යුංගි ටිකකින් ටික මම මින්ගෙන් ඈත් කලා එහෙම නොකරා නම් යුංගි මගෙන් මින්ව ඈත් කරනවා I mean Min Industries මින් යුංගිගේ වැරැදි විතරක් දකින්න පුරුදු වුනා මින් යුංගිට කොයිවෙලෙත් බැන්නා යුංගි යුනි එකේ අන්තිම අවුරුදු කිහිපයේ වෙනස් වුනා යුංගි තනියෙන් හිනා වුනා මින් කියන කිසිදෙයක් ගනන් ගත්තේ නැ මම යුංගිගේ ගැන හොයනකොට තමයි දැනගත්තේ එයා කෙල්ලෙක්ගේ පස්සෙන් යනවා කියලා ඉතින් මම මින්ට ඔක්කොම විස්තරේ කිව්වා දවසක් මම නොහිතපු විදියට මින් දැකලා තිබුනා යුංගි ජන්ග්මි එක්ක පාරේ ඉන්නවා එදා මින් හිටියේ කියාගන්න බැරී කේන්තියකින් ඒ වෙලාවේ තමයි මම මින්ගේ ඔලුවට දැම්මේ යුංගිව මැරි කරවමු කියලා ඒත් මින් කැමති වුනේ නැ යුංගිව දැන්ම මැරි කරනවාට ඒක නිසා එන්ගේජ්මන්ට් එක ගත්තා යුංගි මුලින් අකමැති වුනත් ජන්ග්මි ගැන කියනකොට කොල්ලා කැමති වුනා ඊට පස්සේ යුංගි මෙහෙන් ගියාට පස්සේ මට වැඩේ තවත් ලේසි වුනා මින් ටිකෙන් ටික ලෙඩ වෙන්න පටන් ගත්තා ඒ නිසා min industries සම්පූර්ණයෙන්ම මගේ යටතට ආවා "

ජන්ග්මි හැමදේම අහගෙන හිටියේ පුදුමෙන් කෙනෙක්ට ධනය බලය වෙනුවෙන් මේතරම් දෙයක් කරන්න පුලුවන් ද ඒ වෙනුවෙන් කී දෙනෙක්ගේ ජීවිත විනාස කරන්න ඇති ද

" ඔම්මා......එතකොට ඔයාද අප්පාව මැරුවේ...."

පිටිපස්සෙන් ඇහුනු කටහඬ නිසා සේහි පිටිපස්ස හැරුනේ කායි ඇස් වල කදුලු පුරවගෙන සේහි දිහා බලාගෙන ඉන්නවා

" කායි මෙතනින් යන්න..."

" ඔම්මා මට ඇත්ත කියන්න ඔයා ද අප්පාව මැරුවේ.."

කායි ඇහුවේ සේහිගේ උරහිස් වලින් හොල්ලන ගමන්

" යේ යේ මම තමයි මගේ වැඩ වලට බාධා කරන ඕන කෙනෙක් මගේ මාර්ගෙන් අයින් කරන්න මම දෙපාරක් හිතන්නේ නැ ඒ ඔයා වුනත් එහෙම තමයි මාවතත්ත්වයට පත් කරන්නේ නැතුව මෙතනින් යන්න "

" ඔම්මා......"

" කායි මෙතනින් යනවා.."

සේහි කෑගහනකොට කායි ජන්ග්මි දිහා බලලා බිම බලාගෙන ගියේ සමාව ඉල්ලන්න වගේ

" ඔයා කොහොමද සේහි ආන්ටි මෙච්චර නපුරු වුනේ "

යේරා ඇහුවා

" උප්ස්......මම නපුරුයි ද...ජන්ග්මි කියන්නකෝ බබා මම නපුරුයි ද.."

සේහි ඇහුවේ සමච්චලේට වගේ

" යේ....මම නපුරුයි ගොඩක් නපුරුයි "

සේහි වියරුවෙන් වගේ හිනා වෙන ගමන් කිව්වා

" දැන් කතා කලා ඇති...."

සේහි එහෙම කියලා අත්පුඩියක් ගැහුවාම මිනිස්සු දෙන්නෙක් බූලි වගයක තිබුණු පෙට්‍රල් හලන්න පටන් ගත්තා

(Author : ඔය හලන පෙට්‍රල් ටික ලංකාවට දුන්නා නම් නරක ද සේහි ආන්ටි..)

" දන්නවා ද ජන්ග්මි ඔයා දැන් ම ජීවිතේට සමුදෙන්න ඕන කෙනෙක් නෙවෙයි යුංගිට ලං නොවුනා නම් ඔයාට තව ජීවත් වෙන්න තිබුනා ඒ වගේම යේරා මම කියන දෙයක් කරගෙන පාඩුවේ හිටියා නම් ඔයාටත් තව ජීවත් වෙන්න තිබුනා ඒත් දැන් කරන්න දෙයක් නැ ගුඩ් බායි දෙන්නාටම "

සේහි එහෙම කියලා යන්න ගිහින් ආපහු හැරුණේ දෙයක් මතක් වෙලා වගේ

" ආ...තව දෙයක් ඉක්මනට යුංගිවත් ඔයාලා ලගට එවන්නම් "

සේහි එහෙම කියලා ලයිටර් එක පත්තු කරලා බිම දාලා හිනා වෙවී යන්න ගියේ ගිනි ජාලාවක් මැවෙද්දී ජන්ග්මිගේ ඇස් වලින් කදුලු බිදු කඩාගෙන වැටෙද්දී යේරා කෙල්ල ලගට ලං වුනා

" ජන්ග්මි මේක ගන්න "

යේරා කිව්වේ එයාගේ අතේ තිබුණු වීදුරු කටුව ජන්ග්මිට පෙන්නන ගමන් කෙල්ල ඉක්මනට යේරාගේ අතින් වීදුරු කටුව අරගෙන යේරාගේ අත් බැදලා තිබුණු ලනුව කපන්න ගත්තා මුලු ෆැක්ටරිය පුරාම ගින්න පැතිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ ජන්ග්මි ඉක්මන් කරලා යේරා අත් බැදලා තිබුණු ලනුව කැපුවා යේරා අත් ලිහාගෙන ජන්ග්මි අත් බැදලා තිබුණු ලනුව කපන්න පටන් ගත්තා

" ජන්ග්මි.....මියානේ මම ඔයාට අද කතා නොකරා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැ "

යේරා කිව්වේ ලනුව කපන ගමන්

" අහ්.....ඒකට කමක් නැ..."

" ජන්ග්මි ඔයා හොදින් ද "

යේරා ඇහුවේ කෙල්ල අමාරුවෙන් කතා කරන නිසා

" ම්ම්ම්ම්...."

යේරා කෙල්ලගේ අත් බැදලා තිබුණු ලනුව කපලා ජන්ග්මි මූන දිහා බැලුවා කෙල්ලගේ ඇස් භාගෙට පියවිලා වේගයෙන් හුස්ම ගන්නවා හතර වටේම ගින්දර විතරයි ජන්ග්මි හුස්ම ගන්නෙත් අමාරුවෙන්

" ජන්ග්මි චේබල් ඇස් අරින්න.."

යේරා කෙල්ලගේ කම්බුලට තට්ටු කරලා කතා කලාම ජන්ග්මි ඇස් ඇරියා යේරා ජන්ග්මි නැගිට්ටවගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා ජන්ග්මි හිටියේ ඇවිදගෙන යන්නවත් පනක් නැතුව යේරා කෙල්ල එයාගේ ඇගට හේත්තු කරගෙන ඉස්සරහට ගියේ ඒත් එකපාරට ගින්දරත් එක්ක ලීයක් බිමට කඩාගෙන වැටුනේ යේරා අඩියක් පිටිපස්සට තියද්දී

" ජන්ග්මි.....මම දෙයක් කියන්න ද.."

" ම්ම්ම්...මොකද්ද "

" යුංගිගේ පොතක් අස්සේ තිබිලා මට ඔයාගේ ෆොටෝ එකක් හම්බුනා "

යේරා කියද්දී ජන්ග්මි ඇස් පියාගෙන හිනා වුනා

" ජන්ග්මි........යේරා..."

" කායි....."

යේරා මිමිනුවේ ඒ ඇහුනේ කායිගේ කටහඬ නිසා ගිනි දැල් අතරින් කායි එහෙට මෙහෙට පැන පැන කෙල්ලෝ දෙන්නා ලගට ආවා

" දෙන්නාම හොදින් ද.."

" යාහ්හ් හොදින් ද කියලා අහන්නේ පේන්නේ නැද්ද ජන්ග්මි ඉන්න හැටි.."

යේරා කෑගැහුවාම කායි ජන්ග්මි හරහට වඩාගත්තා

" වැඩි වෙලාවක් ඉන්න බැ ඔක්කොම ගිනි අරගෙන තියෙන්නේ අපිට ඉක්මන් කරන්න වෙනවා "

කායි කියද්දී යේරා ඔලුව වැනුවා කායි ඉස්සර වෙලා ජන්ග්මි අරගෙන යද්දී යේරා පස්සෙන් ආවා ඒත් ටික දුරක් යද්දී කනුවක් කඩාගෙන වැටුනේ යේරා ගිනි ගොඩක් මැද්දේ තනිවෙද්දී කායි පිටිපස්ස හැරිලා බලද්දී යේරා හිටියේ ගිනි ජාලාවක් මැද්දේ

" යේරා....."

" කායි....ජන්ග්මි අරගෙන යන්න..චේබල් යන්න මං ගැන හිතන්න එපා.."

යේරා කෑගැහුවා ඒ ඇස් වල කදුලු පිරිලා ජන්ග්මි දිහා යේරා බලාගෙන හිටියේ හැමදේටම සමාවෙන්න කියන්න වගේ

" යන්න කායි...යුංගි මට වෛර කරනවා දකින්න ඕන නැ ඉතින් යන්න ජන්ග්මි එක්කගෙන ගිහින් යුංගිට භාරදෙන්න "

යේරා කිව්වේ අඩන ගමන් කායිගේ ඇස් වලත් කදුලු පිරිලා කොල්ලා ඔලුව වනලා ජන්ග්මි අරගෙන ඉස්සරහට ගියා

" ඔයා හැමදාම යුංගි එක්ක සතුටින් ඉන්න ඕන ජන්ග්මි එච්චරයි මට ඕන "

පුංචි හිනාවක් එක්ක කදුලු අතරින් යේරා මිමිනුවේ හුස්ම ගන්න අමාරු වෙද්දී කායි ජන්ග්මි එක්කගෙන එලියට එනකොට පොලිසිය ඇවිත් හිටියේ ඒවගේම ambulance එකක් ඇවිත් තිබුනා හෝසොක් එතැනට ඇවිත් හිටියා කායි කෙල්ලව ambulance එකට දැම්මාම හෝසොක් ambulance එකට නැග්ගා කායි ආපහු ඇතුලට යන්න හැදුවත් පොලිසිය අය එයාට යන්න දුන්නේ නැ ගිනි නිවන හමුදාව ඇවිත් හිටියා

__________________________

ජන්ග්මිව හොස්පිටල් එකට එක්කගෙන එනකොට ජන්ග්මි ඔම්මා වගේම අනිත් අයත් ඇවිත් හිටියේ සෙයුල්ගි හොබීට තුරුල් වෙලා ඉදිද්දී සෙයුල්ගිගේ ඔම්මා සෙයුල්ගි දිහා බලාගෙන හිටියේ ඇස් හීනි කරගෙන ජන්ග්මිගේ ඔම්මා ලොකු කල්පනාවක හිටියේ ජින් හනාත් හිටියා යුංගි ඒ වෙලාවේ තමයි එතැනට ආවේ යුංගි දැක්ක ගමන් ජන්ග්මිගේ ඔම්මා එතැනට ගියේ කේන්තියෙන්

" තමුන්ට ලැජ්ජ නැද්ද ආ මගේ දුවට මෙච්චර දෙයක් වුනාට පස්සෙත් මෙතනට ආවේ මගේ දරුවා මැරුනද කියලා බලන්නජන්ග්මිට මම කිව්වා තමුන් එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්න එපා කියලා මම කිව්ව කිසිදෙයක් ඇහුවේ දැන් වෙලා තියෙන දේවල් පේනවද "

ජන්ග්මිගේ ඔම්මා බනිද්දී යුංගි බිම බලාගෙන හිටියා මිසක් මුකුත් කිව්වේ නැ

" සේහා මොනාද ඔය කියවන්නේ යුංගි මේ වෙච්ච කිසිදේකට වැරදි නැ විකාර කියවන්න එපා සේහා ජන්ග්මිට මුකුත් වෙන්නේ නැ ඔයා හැමතිස්සේම යුංගි දිහා වැරැදි විදියට බලන එක නවත්තන්න "

සෙයුල්ගිගේ ඔම්මා කිව්වා ඒත් එක්කම ඩොක්ටර් රූම් එකෙන් එලියට ආපු නිසා ඔක්කොම ගිහින් ඩොක්ටර් වට කරගත්තා

" ඩොක්ටර් මගේ දුවට කොහොමද "

" She is fine now ඉක්මනට සිහිය එයි බය වෙන්න එපා "

ඩොක්ටර් එහෙම කියලා හිනා වෙලා යද්දී යුංගි එතැනින් එලියට ඇවිත් බෙන්ච් එකෙන් වාඩිවුනා ජින් ඇවිත් කොල්ලා ලගින් වාඩි වෙලා යුංගි කතා කරනකම් බලාගෙන ඉදියා

" හියුන්ග්....."

" යේ...."

යුංගි ටිකකින් කතා කරන්න පටන් ගත්තා

" හියුන්ග්......ජන්ග්මිගේ ඔම්මා කිව්ව වගේ මේ දේවල් ජන්ග්මිට වුනේ මම නිසා මම ආපහු එයාට ලං වුනේ නැත්නම් මෙහෙම වෙන්නේ නැ හියුන්ග් මම නිසා එයා විදවනවා "

යුංගි කියද්දී ජින් කොල්ලාගේ ඔලුව අතගෑවා

" උබ නිසා නෙවෙයි මේ දේවල් සිද්ධ වුනේ තමන්ගේ පිට වැරදි පටවගන්න එක නවත්තපන් "

" ඒත් හියුන්ග් ජන්ග්මි ආපහු මාත් එක්ක කතා නොකෙරුවොත් අනික මම උදේට එයාට බැන්නා ආපහු මගේ ඉස්සරහට එන්න එපා ජන්ග්මි කියලා කෙනෙක් මගේ ජීවිතේ හිටියේ නැ කියලා මම හිතාගන්නම් කිව්වා මාත් එක්ක තරහින් ඇත්තේ හියුන්ග් "

" අපේ savage boy ට ගිය කලක්.....ජන්ග්මි තමයි හොදටම කලේ "

ජින් කියද්දී යුංගි රැව්වේ මෙච්චර සීරියස් වෙලාවක ආතල් ගන්න එපා හියුන්ග් කියන්න වගේ

" අහපන් උබ ගිහින් අහිංසක පූස් පැටියෙක් වගේ  උබේ ඔය අලි ඔලුව පැත්තකින් තියලා යටහත් පහත් විදියට ජන්ග්මිගෙන් සමාව ඉල්ලපන් ඒ උබේ කෙල්ල නේ පොඩ්ඩක් ඔලුව නැව්වා කියලා මුකුත් වෙන්නේ නැ අනික උබේ නේ වැරැද්ද නේ "

" හියුන්ග් හනා නූනාගෙන් සමාව ඉල්ලන්නෙත් ඔහොමද "

" ඒක ඔබට උබට වැඩක් නෑනේ "

යුංගි හිනාවුණා

" පල පල යන්න "

යුංගි නැගිටලා යනකොට ජින් කොල්ලගෙ පශ්චාත් භාගයට පයින් පාරක් ගහලා කිව්වා යුංගි  හිනා වෙවී හොස්පිට්ල් එක ඇතුලට ගියා යුංගි  කෙල්ලගේ රූම්  එක ලඟට  ගිහින් ඔලූව දාල බැලුව කවුරුවත් නොහිතපු හින්දා හින්දා කවුරුවත් නැති හින්දා ඇතුලට ගිහිල්ලා දාගෙන හිටපු කැප් එකයි මාක්ස් එකයි ගැලෙව්වා ජන්ග්මිගේ බැන්ඩේජ් කරපු අතට හාදුවක් තවරලා එතැනින් වාඩිවුනා

" සයිකෝ...... ඔයා දන්නවා ද ඔයා දැක්ක පලවෙනි දවසේ මට හිතුනේ ඔයා නම් මහ වදකාරියක් කියලා කොයිවෙලෙත් මොනාහරි පිස්සු කතාවක් හිතන ගමන් හරි සැහැල්ලුවෙන් ඉන්න කෙල්ලෙක් ඔයා මම ආසම ඔයාට තරහ ගිහින් මූන පුම්බගෙන බනින විදිය බලාගෙන ඉන්න කටින් බනින්නවාට වඩා හිතින් නේ බැන්නේ ඔයා ලග ඉන්න හැම තත්පරේකම මට පුදුම නිදහසක් සැහැල්ලුවක්  දැනෙන්නේ මට ඕන වුනේ හැමදාම ඔයාව මගේ ලගින් තියාගන්න ඔයා දන්නවා නේ සයිකෝ මට ඉක්මනට කේන්ති යනවා ඒ වෙලාවට මම මොනාද කරන්නේ කියලවත් දන්නේ නැ මියානේ සයිකෝ ඔයාට ගැහුවාට මම මොනා කිව්වද කියලත් දන්නේ නැ මියානේ ඉක්මනට ඇස් අරින්න මාත් එක්ක රන්ඩු වෙන්න ඔයා නැතුව පාලුයි සයිකෝ..."

යුංගි කෙල්ලගේ අතකුත් අල්ලාගෙන ඇද උඩින් ඔලුව තියාගත්තා

.
Next Day Morning

ජන්ග්මි හිමින් සැරේ ඇස් ඇරියේ කොහෙද ඉන්නේ කියලා බලන්න ඇස් පුංචි කරගෙන වටපිට බලනකොට තමයි තේරුනේ එයා ඉන්නේ හොස්පිටල් එකේ කියලා කෙල්ල දැක්කේ එයාගේ  අත බදාගෙන පුංචි පූස් පැටියෙක් වගේ නිදාගෙන ඉන්න එයාගේ යුංගිව

අනේ පුංචි පූස් පැටියෙක් වගේ කියුට් පුරු පුරු ගාන්නේ නැති ටික විතරයි හෝව් ජන්ග්මි හෝව් මේ පූස් පැටියාම ඊයේ කොටියෙක් වගේ ඔයාට බැන්නේ රැවටෙන්න එපා ඔය අහිංසක පෙනුමට උපාසක බලල්ලු තමයි මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ හූම් ඒත් මෙහෙම ඉන්නකොට සෝක් අෆ්ෆා

ජන්ග්මි යුංගි දිහා බලාගෙන හිතද්දී සෙයුල්ගි ඇතුලට ආවා සෙයුල්ගි කතා කරන්න හදද්දී ජන්ග්මි කටට ඇගිල්ල තියලා කෑගහන්න එපා කියලා පෙන්නන ගමන් නිදාගෙන ඉන්න යුංගිව සෙයුල්ගි හෙනම කුප්ප හිනාවක් දාගෙන එලියට ගියා ජන්ග්මි යුංගි තුරුල් කරගෙන හිටපු එයාගේ අත ඇදලා ගත්ත පාර යුංගි ඇස් ඇරියා

ජන්ග්මි ටික වෙලාවක් යුංගිගේ මූන දිහා බලාගෙන ඉදලා අහක බලාගත්තා කෙල්ල වුන්නේ ඇදේ වියනට හේත්තු වෙලා අත් දෙකත් බැදගෙන යුංගි ඔලුව උස්සලා කෙල්ලගේ අතකින් අල්ලගන්න ගියත් ජන්ග්මි කොල්ලාගේ අත ගසලා දැම්මා

" සයිකෝ.....දැන් කොහොමද ඔයාට "

" මගේ නම ජන්ග්මි "

යුංගිට හිනා ගියේ සයිකෝ කියලා කතා කර්පු මුල්ම දවසේත් කෙල්ල දුන්නු උත්තරේ ඕක

" හරි එහෙනම් ජන්ග්මි කොහොමද ඔයාට.."

" හොදයි... දැන් යන්න මට තමුසේ එක්ක කතා කරන්න දෙයක් ඉතුරු වෙලා කියන්න තියෙන ඔක්කොම කිව්වා නේ යන්න ඉතින් තවත් මගේ දිහා බලාගෙන ඉන්නේ.."

" ජන්ග්මි අහන්නකෝ මට ඉක්මනට කේන්ති යනවා කියලා ඔයා දන්නවා නේ චේබල් මියානේ ඒ ෆොටෝ දැක්කාම මට තරහ ගියා ඊට වඩා දුක හිතුනා..."

" ඔයාට මාව විශ්වාස නැ නේද යුංගි ඒක නිසා නේ ෆොටෝ එකක් දැක්ක පලියට මාව අවිශ්වාස කලේ අනික ඔයා මට එක වචනයක් කතා කරන්න දුන්නා ද නැ නේද මාව විශ්වාස නැති කෙනෙක් එක්ක කොහොමද මම ඉන්නේ මට වඩා යේරා හොදයි නේ යන්න ඉතින් යේරා ලගට........"

ජන්ග්මි කියලා ඉවර වෙනවත් එක්කම යුංගි කෙල්ලගේ තොල් අල්ලගත්තා ජන්ග්මි කොච්චර කොල්ලව තල්ලු කරන්න හැදුවත් වැඩක් වුනේ නැ ජන්ග්මිගේ කම්බුල් දිගේ කදුලු බිදු කඩාගෙන වැටෙද්දී කොල්ලා මහපටගිල්ලෙන් කදුලු පිසදැම්මා යුංගි කෙල්ලගේ ඉන වටේ අතක් යවලා එයාගේ ඇගට තද කරගත්තා ජන්ග්මි යුංගිගේ ශර්ට් එකේ කොනක් තද කරලා අල්ලගත්තා  ජන්ග්මි තොල් රතු වෙනකම් උරපු යුංගි කෙල්ලගේ තොල් වලින් ඈත් වෙලා නලලට නලල තියාගත්තා දෙන්නාම වේගෙන් හුස්ම ගන්නවා

යුංගි කෙල්ලගේ නලලට සොෆ්ට් කිස් එකක් තියලා ජන්ග්මිගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා අත් දෙකත් කෙල්ලගේ ඉන වටේ යවලා තුරුල් වුනේ හරියට ජන්ග්මි එයාව දාලා යයි කියලා

" මියානේ.....මම දන්නවා..මම ඒ වෙලාවේ හැසිරුනේ පිස්සෙක් වගේ කියලා මම වැරැදියි කියලා දන්නවා ඔයා එදා practice room එකේදී මමයි යේරායි දැක්ක වෙලේ ඔයත් මෙහෙම හැසිරුනා කියලා මතක ද ම්ම් මම කෝල් ගත්තා එකක්වත් ආන්සර් කලේ නැ මැසේජ් දැම්මා රිප්ලයි කලේ නැ ඔයාට ඒ වෙලාවේ දැනුනු දේම තමයි මටත් දැනුනේ ඒ වෙලාවේ ඔයත් මාව විශ්වාස කලේ නැ  "

" ඒත්...."

" ශ්ශ්ශ්.....මම කියන දේ අහගෙන ඉන්න මුකුත් කියන්න එපා ඔයා එදා හැසිරුණු විදියට තමයි මම ඊයේ හැසිරුනේ ඔයාට අතක් උස්සන්න හිතුවේ නැ  මම බැන්නා මියානේ කරපු හැමදේකටම මට යේරාව ඕන නැ මට ඕන මගේ පිස්සු කෙල්ල ජන්ග්මිව ජින් හියුන්ග් හොබී තරම්ම ඔයා මං ගැන දන්නවා ඒ දැනගනත් ඔහොම හැසිරෙන්න එපා මට ඔයා ඕන සයිකෝ.. ආපහු එහෙම දෙයක් කවදාවත් වෙන්නේ නැ චේබල් මට සමාවෙන්න "

ජන්ග්මිගේ බෙල්ලට තෙත ගතියක් දැනෙද්දී කෙල්ලට තේරුනා යුංගි අඩනවා කියලා ජන්ග්මි යුංගිව ඈත් කලා කොල්ලා බිම බලාගෙන හිටියේ ජන්ග්මිට හිනාත් එක්ක ඇයි ඉතින් savage boy මෙහෙම හැසිරෙනකොට හිනා යන එක සාධාරණයි

" දැන් සමාව නේද ඕන...."

යුංගි ඔව් කියන්න ඔලුව වැනුවා

" මම නොදුන්නොත්...."

යුංගි පොඩි බබෙක් වගේ ජන්ග්මි දිහා බැලුවා යුංගි එයාගේ හිත කියවයි කියලා හිතලා කෙල්ල අහක බලාගත්තා

" දැන් යන්න මෙතනින්...."

ජන්ග්මි අහක බලාගෙන කිව්වා 

" මියානේ.....ජන්ග්මි.."

යුංගි එහෙම කියලා නැගිටින්න හදන්නේ ජන්ග්මි කොල්ලාගේ අතින් අල්ලාගෙන ඇදෙන් වාඩිකලා

" කොහෙද යන්නේ ආ යන්න කියපු ගමන් යනවද "

ජන්ග්මි එහෙම අහන ගමන් යුංගිගේ කම්බුල් වල තිබුණු කදුලු පිසදැම්මා

" මෝඩ පූසා.."

ජන්ග්මි කොල්ලාගේ නලලට හාදුවක් තැවරුවා මැලවිලා තිබුණු යුංගිගේ මූන මලක් වගේ පිපිලා ආවා යුංගිගේ කම්බුල් යාන්තම් රෝස පාට වීගෙන එනවා

" ඔයාට දෙන්න බැරී දෙයක් මගේ ලග තියෙනවා ද මට කේන්ති ගියා යුංගි ඔයා කියපු දේවල් වලට ඒකයි මම කෑගැහුවේ දැන් ඒවා වැඩක් නැ අපි ඔක්කොම අමතක කරමු මගේ පූස් තඩියා සෝස පාට වෙලා ලැජ්ජ හිතුනා ද "

ජන්ග්මි එහෙම කියලා හිනා වෙනකොට කෙල්ලගේ අත්ලට පුංචි හාදුවක් තිබ්බා

" තමුසේ හිනා වෙනකොට ලස්සනයි "

' I know baby "

ජන්ග්මි කිව්වේ කොන්ඩෙත් පස්සට දාන්න ගමන්

" ඒත් තමුසේ කට ඇරියාම ඔක්කොම ඉවරයි "

" මොහ්.."

" World famous Singer Min Yoongi ගේ girlfriend නේ ටිකක් කට අඩු කරගත්තොත් නරක ද "

" නැත්නම් මොනා කරන්න ද "

" කරන්නේ ද.."

යුංගි යටි තොලත් හපාගෙන ජන්ග්මිගේ ඉන වටේ එයාගේ අත් දෙක යවලා කෙල්ලව ලගට ගත්තා ජන්ග්මි යුංගිගේ බෙල්ල වටේ එයාගේ අත් ඔතාගත්තා

" මොනාද කරන්නේ..."

ජන්ග්මි ඇහුවේ ඇහිබමක් උස්සගෙන යුංගි කෙල්ලගේ මුහුන පුරාම පුංචි පුංචි හාදු වලින් තෙමුනා කෙල්ල නම් හිනා වෙනවා අන්තිමේ දී යුංගි කෙල්ලගේ තොල් වලට බර වුනේ කවදාවත් ජන්ග්මිට එයාගෙන් ඈතට යන්න දෙන්නේ නැ කියලා හිතාගෙන

ටිකකින් ජන්ග්මි තොල් වලින් ඈත් වුනු යුංගි කෙල්ලගේ පියවුනු ඇස් දිහා බලාගෙන හිටියා

" සරන්හේ සයිකෝ....."

" නාදු සරන්හේ පූස්..."

ජන්ග්මි එහෙම කියලා යුංගිට තුරුල් වුනේ හිනා වෙන ගමන් යුංගිත් හරි ආදරෙන් කෙල්ලව තුරුල් කරගත්තා

𝖳𝖧𝖤 𝖤𝖭𝖣........


𝘏𝘢𝘱𝘱𝘺 𝘈𝘳𝘮𝘺 𝘋𝘢𝘺.....💜✨

මෙතෙක් කාලයක් කතාවක් එක්ක රැදිලා ඉදිය හැමෝටම ගොඩාලියක් කුමාවෝ
කතාවේ මුල් චැප්ටර් කිහිපය දුන්නේ එක්සෑම් එකට කලින් ඊට පස්සේ මාසයක් විතර අප්ඩේට් දුන්නේ නැ ආපහු ගිය මාසේ ඉදලා තමයි අප්ඩේට් කලේ ඉතින් අප්ඩේට් කරනකම් බලාගෙන හිටපු හැමෝටම ගොඩක් කුමාවෝ

කතාව කියලා පුංචි හරි කමෙන්ට් එකක් දාපු හැමෝටමත් වෝට් කරපු හැමෝටමත් කතාව කියවලා හොරාට ගියපු හැමෝටමත් කුමාවෝ

Epilogue එකෙන් හමුවෙමු

බායිම්
සරන්හේ...❤️

Bạn đang đọc truyện trên: AzTruyen.Top