ᑕᕼᗩᑭTᗴᖇ 23 🖤
Next Day Morning
යුංගි හරි සතුටින් හිටියේ ඒක එයාගේ මූන දකින ඕන කෙනෙක්ට කියන්න පුලුවන් කොල්ලා උදේ නැගිටලා ඇවිත් dinning table එකෙන් වාඩිවුනේ තනියෙන් හිනා වෙන ගමන්
" අව්ස්.....කොල්ලාගේ මනමාල හිනාව "
යුංගි තනියෙන් හිනා වෙනවා දැක්ක හෝසොක් කොල්ලා ඉස්සරහින් වාඩිවෙන ගමන් කිව්වා
" මොකද උබ තනියෙන් හිනා වෙන්නේ මොනාහරි ලොකු දෙයක් වෙලා තියෙනවා වගේ "
හෝසොක් කිව්වේ හිනා වෙන ගමන්
" මුකුත් නැ යකෝ "
" මම පිලිගන්නම්කෝ "
හෝසොක් එහෙම කියලා හයියෙන් හිනා වුනා එතකොට ආපු කෙනා දැකලා මෙච්චර වෙලා හිනාවෙන් පිරිලා තිබුණු යුංගිගේ මූන අදුරු වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ
" අප්පා..."
ඇවිත් හිටියේ මිස්ටර් මින් හෝසොක් හිනාව නවත්තලා මිස්ටර් මින් දිහා බලාගෙන හිටියේ මේ වෙලාවේ මොකද මෙයා මෙහෙම කියලා කල්පනා කරන ගමන් මිස්ටර් මින් ආවේ හොදකට නෙවෙයි කියලා හෝසොක් වගේම යුංගි දැනගෙන හිටියා
" යුංගි එක්ක තනියම කතා කරන්න ඕන "
මිස්ටර් මින් කියද්දී හෝසොක් යුංගි දිහා බලලා එතැනින් යන්න ගියා
" මොකද්ද කියන්න තියෙන්නේ "
",අපි වාඩිවෙලා හිමින් කතා කරමු "
මිස්ටර් මින් එහෙම කියන ගමන් ඇවිදගෙන ගියේ living room එක පැත්තට යුංගි මිස්ටර් මින් පස්සෙන් ගිහින් living room එකේ සෝෆා එකේ වාඩිවුනේ මිස්ටර් මින් ඉස්සරහින්
" වටේ යන්නේ නැතුව කෙලින්ම කතාවට බහින්නම් "
මිස්ටර් මින් කිව්වේ යුංගි දිහා බලාගෙන
" ඒක හොදයි "
" තමුන් පස්සෙන් යන කෙල්ලෙක් ඉන්නවා නේ මොකද්ද නම..ම්ම්ම්...අහ් ජන්ග්මි ඒකිට කොල්ලෙක් ඉන්නවා තව මාසෙකින් විතර මැරේජ් එකට ඩේට් දාගෙන "
මිස්ටර් මින් කියද්දී යුංගි තරහින් අත මිට මොලවගත්තා
" කොහොමද එහෙම කියන්නේ ආ ජන්ග්මි එහෙම කෙල්ලෙක් නෙවෙයි නිකන් අහිංසක කෙල්ලොන්ට කතා හදන්නේ නැතුව මෙතනින් යනවා "
යුංගි තරහින් කෑගහලා කියද්දී මිස්ටර් හිනා වුනා
" මම හිතුවා තමුන් මෙහෙම කිව්වාට විශ්වාස කරන්නේ නැති වෙයි කියලා තමුන් ඒ කෙල්ලට වහ වැටිලා නේ ඉන්නේ "
මිස්ටර් මින් එහෙම කියලා ස්ටූල් එක උඩට ෆොටෝ වගයක් විසි කලා
" අරගෙන බලනවා තමුසේ ඇස් පියාගෙන විශ්වාස කරන කෙල්ලගේ වැඩ ඒකි තමුසෙට ආදරේ කරන්නේ නැ යුංගි දැන්වත් මොලේ කල්පනා කරලා වැඩ කරනවා මෝඩයෙක් වෙන්නේ නැතුව "
යුංගි ස්ටූල් එක උඩ තිබුණු ෆොටෝස් බලන අතරේ මිස්ටර් මින් කිව්වා ඒ ෆොටෝ වල තිබුණු ඊයේ කායි හම්බුනු වෙලේ ගත්ත ෆොටෝ වගයක් යුංගිගේ ඇස් තරහින් රතු වෙලා ඒ වගේම ඒ ඇස් වල කදුලු පිරිලා කොල්ලා අත මිටි මොලවාගෙන හිටියේ තරහින්
මිස්ටර් මින් එතැනින් යන්න ගියේ යුංගි තරහින් ඉදීද්දී කොල්ලා ස්ටුල් එකට පයින් ගහලා මල් වාස් එකත් පොලොවේ ගැහුවා සද්දේ ඇහිලා හෝසොක් ඇතුලට ආවේ living room එකම අනිත් පැත්ත ගහලා
" තමුසෙට මොන යකා ගහලා යුංගි "
යුංගි මුකුත් නොකියා රූම් එකට ගියා හෝසොක් කොල්ලාගේ පස්සෙන් ගියා
" මොකද වුනේ කියපන් "
" මට තනියෙන් ඉන්න දීලා පලයන් "
යුංගි කෑගහන නිසා හෝසොක් දොර වහගෙන එලියට ආවේ මොකද වුනේ කියලා හිතන ගමන් එතකොට තමයි දැක්කේ බිම වැටිලා තියෙන ෆොටෝ එක
" ජන්ග්මි එක්ක ඉන්න කොල්ලා කවුද "
හෝසොක් මිමිනුවා එතකොට තමයි ජන්ග්මි කෝල් එකක් ආවේ
" යෙබුස්සයෝ හොබී ඔප්පා යුංගිගේ ෆෝන් ඕෆ් එයා කොහෙද "
",එයා mansion එකේ ඉන්නවා ජන්ග්මි...."
කෙල්ල එතකොට ෆෝන් එක කට් කලා ටික වෙලාවක් යනකොට ජන්ග්මි ආවා
" ජන්ග්මි මොනාද මෙහේ කරන්නේ "
" ඔප්පා මට යුංගි එක්ක කතා කරන්න ඕන "
කෙල්ල එහෙම කියන ගමන් යුංගිගේ රූම් එකට ගියා හෝසොක් කෙල්ලට තව මොනාහරි කියන්න හැදුවත් කෙල්ල ගිහින් ඉවරයි කෙල්ල යුංගිගේ රූම් එකට ඔලුව දාලා බලනකොට රූම් එක පිස්සන් කොටුවක් වගේ ඔක්කොම පෙරලා විනාස කරලා
යුංගි ඇදේ කොනක වාඩිවෙලා හිටියේ ජන්ග්මි හිමින් අඩිය තියලා යුංගි ලගට කිට්ටු වුනා යුංගි කදුලු පිරිලා රතු වුනු ඇස් වලින් කෙල්ල දිහා බැලුවේ ජන්ග්මි ගැස්සිලා යද්දී
" යු..යුංගි.."
කෙල්ල බය වෙලා හිටියේ යුංගි එකපාරට නැගිටලා ජන්ග්මි බෙල්ලෙන් අල්ලලා බිත්තියට තද කලා කෙල්ල යුංගිගේ අතින් අල්ලාගෙන ඒ අතින් නිදහස් වෙන්න උත්සාහ කරනවා
' තමුසෙට කොහොමද මට එහෙම කලේ ආ මම තමුසෙට පිස්සෙක් වගේ ආදරේ කලේ ඒ දේවල් වලට දීපු තෑග්ග ද මේ තමුසේ නම් මාරයි ඕයි එක වෙලාවකට මගේ ලගයි තව වෙලාවකට තව එකෙක්ගේ ලග....මම හිතුවේ නැ තමුසේ ඒ වගේ කෙල්ලෙක් කියලා මට ලැජ්ජයි ඕයි තමුසේ වගේ එකියක්ට මම ආදරේ කරපු එක ගැන.."
කෙල්ලගේ ඇස් වලින් කදුලු බිදු කඩාගෙන වැටෙනවා කෙල්ලට දැන් හුස්ම ගන්නත් අමාරුයි ඒත් යුංගිගේ අත තවත් තද වුනා
" යු..යුංගි..ම්... ම්ට.. රිදෙනවා.."
කෙල්ල බොහොම අමාරුවෙන් වචන ගැට ගහගෙන මිමිනුවා
" තමුසෙට රිදෙනවා ද ආ ඊට වඩා මට රිදෙනවා ඕයි තමුසේ මාව රැවැට්ටුවා කියලා හිතද්දී මට කොච්චර රිදෙනවා ද් කියලා තමුසේ දන්නවා ද අනියා.. තමුසේ දන්නේ නැ තමුසේ අඩුගානේ ආදරේ කියන වචනෙවත් තේරුමක් දන්නවා ද තමුසෙට ආදරේ කරපු මමයි මෝඩයා "
" යුංගි චේබල්.....අහ්..ම්ම්..කියන දේ අහන්න.."
යුංගි එහෙම කිව්වාම කෙල්ලගේ බෙල්ල අතහැරියා කෙල්ල කහින ගමන් බිත්තිය දිගේ රූටලා ගිහින් බිම ඉදගත්තා
" තමුසේ කොහොමද ජන්ග්මි මට මෙහෙම කලේ..ආ මහ පාරේ මැද අර කොල්ලා බදාගෙන ඉදලා මගේ ලගට ඇවිත් මුකුත් නොවුනු ගානට කොහොමද තමුසේ හිටියේ "
යුංගි එහෙම කියලා රූම් එකේ තිබුණු කන්නාඩියට අත මිටි මොලවලා ගැහුවේ වීදුරුව කුඩු වෙලා ඒ දිගේ ලේ බිදු ගලාගෙන යද්දී කෙල්ල අඩන ගමන් ඇවිත් යුංගිගේ අතින් අල්ලගත්තා කෙල්ලව තල්ලු කරපු පාර ජන්ග්මිගේ කොන්ද ගිහින් බිත්තියේ වැදුනා
" මොකද අඩන්නේ ආ මට නේ තුවාල වුනේ ඔය බොරු කදුලු පිහිදගන්නවා ජන්ග්මි තමුසේ මහ ජරා ගෑනියෙක් ඕයි ආපහු ජීවිතේට මගේ ඉස්සරහට එන්න එපා තමුසේ ආවොත් මම මොනා කරයි ද දන්නේ නැ "
" යු...යුංගි..චේබල් මම කියන දේ පොඩ්ඩක් අහන්න "
කෙල්ල යුංගිගේ අතින් අල්ලලා කතා කලා යුංගි කෙල්ලගේ අත ගසලා දාලා කෙල්ලගේ කම්බුලට ගැහුවා කෙල්ල විසි වෙලා ගිහින් බිම වැටුනා ජන්ග්මි කම්බුලත් අල්ලාගෙන යුංගිගේ දිහා බැලුවා ඊයේ හරි ආදරෙන් කිස් කරපු කම්බුලටම අද එයාම ගැහුවා
" යු...යුංගි...."
" තමුසේ මගේ නම ඔය කටින් කියන්නවත් එපා මම එන්ගේජ් වෙලා ඉන්න කෙල්ලව react කරලා තමුසේ ලගට ආවේ ඒකට දිපු ගිෆ්ට් එක මේක වෙන්න ඇති තමුසෙට වඩා යේරා හොදයි මොනා වුනත් ඒකි මගේ පස්සෙන්ම ආවා තමුසේ ආපහු මගේ ජීවිතේ තියෙනකම් මගේ ඉස්සරහට එන්න එපා "
ජන්ග්මිට යේරා ගැන කියද්දී කේන්ති ගියා කෙල්ල කදුලු පිහිදගෙන නැගිට්ටා
" ඕකේ මිස්ටර් මින් යුංගි ආපහු මම කවදාවත් ඔයාගේ ඉස්සරහට එන්නේ නැ යේරාව මැරි කරලා සතුටින් ඉන්න ජන්ග්මි කියලා කෙනෙක් ඔයාගේ ජීවිතේ හිටියේ නැ කියලා හිතාගන්න "
ජන්ග්මි එහෙම කියලා යන්න හදද්දී කෙල්ල නැවතුනේ යුංගි කියපු දේ නිසා
" ජන්ග්මි කියලා කෙනෙක් මගේ ජීවිතේ කවදාවත් කොහොමවත් හිටියේ නැ ඒක ආපහු හිතන්න දෙයක් නැ "
" තව දෙයක් මතක තියාගන්න විශ්වාසය නැති තැන ආදරේ කියලා දෙයකුත් නැ කියලා "
ජන්ග්මි එහෙම කියලා යද්දී හෝසොක් යුංගිගේ රූම් එක ලග ඉන්නවා
" අරයාගේ අත තුවාල වෙලා බෙහෙත් දාන්න "
ජන්ග්මි එහෙම කියාගෙන කදුලු පිහිදන ගමන් mansion එකෙන් එලියට ගියේ ආපහු කවදාවත් යුංගිගේ ඉස්සරහට යන්නේ නැ කියලා හිතාගෙන
ජන්ග්මි ගියාට පස්සේ හෝසොක් යුංගිගේ රූම් එකට ගියා යුංගි කොන්ඩේ අතින් ඇද ගන්න ගමන් ඇද උඩින් වාඩිවුනා
" යුංගි....උබේ අතෙන් ලේ එනවා "
හෝසොක් කිව්වේ යුංගිගේ කොන්ඩේ අතරේ රැදිලා තිබුණු අත ඇදලා ගන්න ගමන් හෝසොක් ඉක්මනට ගිහින් first aid box එක අරගෙන යුංගිගේ අතට බෙහෙත් දැම්මා කොල්ලා පිස්සෙක් වගේ ඉන්නේ
" යුංගි..උබ ජන්ග්මිට අත උස්සපු එක වැරැදියි .."
හෝසොක් කියද්දී යුංගි හෝසොක් දිහා බැලුවේ තරහින්
" උබ කියන්නේ ඒකි හරි කියලා ද "
" දෙයක් දැක්ක පලියට විශ්වාස කරන්න එපා යකෝ ඔය කොල්ලා තමයි ජන්ග්මිගේ ඔම්මා ජන්ග්මිට propose කරලා තියෙන්නේ.."
" මොහ්.."
යුංගි පුදුමෙන් හෝසොක් දිහා බැලුවේ කොල්ලා ඒ මුකුත් නොදන්න නිසා
" ම්ම්ම්.... ජන්ග්මි මට දවසක් කිව්වා ඒත් විස්තරක් කිව්වේ නැ කෙල්ල උබට කියලා ප්රශ්නයක් ඇති කරගන්න කැමති වුනේ නැ උබේ කුකුල් කේන්තිය ගැන කෙල්ල දන්නවා නේ අද මින් අන්කල් ගෙනත් දීපු ෆොටෝ එක පෙන්නලා මම සෙයුල්ගිගෙන් ඇහුවා
ජන්ග්මිගේ ඔම්මා තමයි ඔය කොල්ලාව propose කරලා තියෙන්නේ අනික උබ දන්නවා මේ අවුරුදු හතට ජන්ග්මිට propose කරපු 42 කොල්ලා තමයි ඔය ජන්ග්මි ඔක්කොම rechecked කරලා ඊයේ රෑ ගෙදර ගියාම ජන්ග්මිගේ ඔම්මා කෙල්ලට ගහලා සියලු දත්ත සැපයූවේ සෙයුල්ගි
ජන්ග්මි මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන දෙන්නා මෙහෙම සලකද්දී ඒ කෙල්ලට මොනා හිතෙන්න ඇද්ද කියලා කිසිදෙයක් හොයන්නේ නැතුව පිස්සෙක් වගේ තරහ අරගෙන කෑගහලා ප්රශ්න විසදන්න බැ අනික උබට ඒ කෙල්ල ගැන විශ්වාසයක් නැද්ද උබ ජන්ග්මිව දන්නේ අද ඊයෙක නෙවෙයි නේ ඇත්තටම උබ ජන්ග්මිට ආදරෙයි නම් කෙල්ලව කවදාවත් අවිශ්වාස කරන්නේ නැ "
හෝසොක් කිව්වා යුංගි ඇස් වල කදුලු පුරවගෙන හෝසොක් දිහා බැලුවා
" උබට අමතක වුනා ද යුංගි ඉස්සර මින් අන්කල් කරපුවා මින් අන්කල් ෆොටෝ ටිකක් උස්සගෙන ඇවිත් උබේ කෙල්ලට තව කොල්ලෙක් ඉන්නවා කිව්ව ගමන් උබ විශ්වාස කලා "
" හොබී....."
" කියපන්...මෝඩයෙක් වගේ හැම පොඩි දේටම තරහ අරගෙන කෑගහලා පිස්සු නටලා අන්තිමේ දී හොබී කියපන් උබ හැමදාම ඕක නේ කලේ අනිත් එක මතක තියාගනින් මේ පාර ජන්ග්මි උබව දාලා යන්න හැදුවොත් මම කෙල්ලව නවත්තන්නේ නැ මෙතන සම්පූර්ණ වැරැද්ද උබේ.. යුංගි උබම කල්පනා කරලා බලපන් උබ මොනාද ජන්ග්මිට කිව්වේ කියලා "
හෝසොක් එහෙම කියලා නැගිටලා ගියේ යුංගිට ඕන මගුලක් කරගන්න කියන ගමන් කොල්ලා එයාගේ කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් කල්පනා කරන ගමන්
ජන්ග්මි කදුලු පිහිද පිහිද පාර දිගේ ඇවිදගෙන ගියේ යුංගි කියපු හැම වචනයක් වගේම කෙල්ලගේ මතකයට එද්දී
" හහ්..... එක විනාඩියක් මට කතා කරන්න දුන්නේ නැ එයා හිතන හැමදේම හරි ද ආපහු ජීවිතේට එයාගේ ඉස්සරහට යන්නේ නැ "
ජන්ග්මි ගිහින් පාක් එකේ වාඩිවෙලා අඩන්න පටන් ගත්තේ මෙච්චර වෙලා නවත්තගෙන හිටපු කදුලු ගලාගෙන යන්න ඉඩ දීලා
" මාව...ඔච්චරටම අවිශ්වාස ද...? මට වඩා යේරා හොදයි නම් මට ලං වුනේ මොකටද... මම හිත හදාගෙන ඉන්නකොට මොකටද මගේ ලගට ආවේ....? දාලා යන්න නම් මොකටද ලං වුනේ..."
ජන්ග්මි අඩන ගමන් මිමිනුවා එතකොට කෙල්ලගේ ෆෝන් එක රින් වෙනකොට කදුලු පිහිදගෙන ෆෝන් එක අතට ගත්තා unknown number එකකින් කෝල් එක කෙල්ල කෝල් එක ආන්සර් කලා
" යෙබුස්සයෝ....කවුද මේ."
" ජන්ග්මි මම .......මම යේරා.."
ය
ේරා කියලා ඇහෙද්දී කෙල්ලට කේන්ති ගියා
" තමුසේ මොකටද මට කතා කරන්නේ ආ."
" ජන්ග්මි චේබල් මට ඔයත් එක්ක කතා කරන්න ඕන "
" මට කතා කරන්න දෙයක් නැ "
" ඒ වුනාට මට තියෙනවා චේබල් ජන්ග්මි "
" මම තමුසෙට එක සැරයක් කිව්වා යේරා මට තමුසේ එක්ක කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැ යුංගි එක්ක හොදින් ඉන්න '
" ජන්ග්මි මට යුංගි ගැන දෙයක් කියන්න ඕන "
" ම්ම්ම් කොහෙද ඉන්නේ "
" #*@%*@@&*@@"
" මම එන්නම්..."
ජන්ග්මි කදුලුත් පිහිදගෙන ගියේ යේරාව හම්බවෙන්න යේරා කියපු පැත්තට ඇවිදගෙන යනකොට ඒ හරියේ කවුරුවත් හිටියේ නැ හැමතැනම පිරිලා තිබුණේ පාලුවෙන් කෙල්ල බෑග් එකත් තද කරගෙන හිමින් ඉස්සරහට ඇවිදගෙන ගියා
" ජන්ග්මි "
කෙල්ලගේ නම කියලා කතා කරනවා ඇහුනු නිසා ජන්ග්මි පිටිපස්සට හැරුනා
" යේරා..."
" ම්ම්ම්....ඉක්මනට මෙතනින් යමු.."
එහෙම කියලා යේරා ජන්ග්මි එක්කගෙන අතුරු පාරකට ඇවිත් කලබලයෙන් එහෙ මෙහෙ බැලුවා
" මොකද මේ..."
යේරාගේ හැසිරීම දිහා බලාගෙන ඉදපු ජන්ග්මි ඇහුවා
" මට ඔයා එක්ක කතා කරන්න ඕන තවත් මට මේ දේවල් කරන්න බැ මම කරන දේවල් වැරදියි කියලා සිය දහස් වාරයක් මට හිතිලා තියෙනවා ඉතින් අන්තිමේ දී හරි මගේ අතින් සිද්ධ වුනු හැම වැරැද්දක්ම හදාගන්න මට ඕන "
යේරා ඇත්තටම ද එහෙම කිව්වේ කියලා ජන්ග්මිට හිතාගන්න බැ ඒත් යේරා කියන දේවල් අහගෙන ඉන්න ජන්ග්මි තීරණය කලා
" මොකද්ද දැන් කියන්න තියෙන්නේ "
" සේහි ආන්ටි තමයි මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ එයාට ඕන මින් අන්කල්ගේ දේපල ඒක නිසා සේහි ආන්ටි මින් අන්කල් ඉස්සරහ යුංගිගේ වැරදි කියනවා මින් අන්කල් සේහි ආන්ටි කියන ඕන දෙයක් ඇස් පියාගෙන හරි පිලිගන්නවා ඒකයි මට තියෙන පුදුමේ ඒ වගේම මට සැකයි යුංගිගේ ඔම්මා මැරුනා ද නැත්නම් මැරුවා ද කියලා "
" මොහ්...."
" සේහි ආන්ටි නපුරු කෙනෙක් එයාට ජීවිත වලට වඩා වටින්නේ සල්ලි දේපල ඒ වෙනුවෙන් එයා ඕන දෙයක් කරයි එයා ඒ වගේ ගෑනු කෙනෙක් අනිත් එක ඔයාගේ ඔම්මාට යුංගි එන්ගේජ් වෙලා ඉන්නේ එයාගෙන් ඔයාව ඈත් කරලා තියන්න නැත්නම් ඔයාගේ ජීවිතයට කරදරයක් වෙයි කිව්වා ඒ වගේම කායි කියන්නේ සේහි ආන්ටිගේ පුතා "
" ඒක කොහොමද වෙන්නේ "
" සේහි ආන්ටිගේ ෆස්ට් මැරේජ් එකින් හම්බුනු දරුවා තමයි කායි කියන්නේ "
" එතකොට අපේ ගෙදරට ආපු එයාගේ ඔම්මායි අප්පායි "
" ඒ සේහි ආන්ටි සල්ලි දීලා එවපු කට්ටිය "
ජන්ග්මි යේරා කියන හැමදේම අහගෙන හිටියේ පුදුමෙන්
" කායි ඔයා එක්ක ඉන්න ෆොටෝ ටික මින් අන්කල්ට දුන්නෙත් සේහි ආන්ටිම තමයි මම හිතන්නේ ඔයා යුංගි එක්ක කතා කලොත් හොදයි එයා මේවා දැනගන්න කලින්..."
යේරා කිව්වාම ජන්ග්මි හුස්මක් පහත දැම්මේ කනස්සල්ලෙන්
" එයා ඔක්කොම දන්නවා යේරා.. මට හොදටම බැන්නා..එයාට මාව විශ්වාස නැ යේරා..."
ජන්ග්මිගේ කදුලු අලුත් වෙද්දී කෙල්ල මිමිනුවා
" ඔයා ඉතින් එයාට තේරුම් කරන්න බලන්න "
" යුංගි මාත් එක්ක කතා කරන්න කැමති නැ යේරා අනික මාව විශ්වාස නැති කෙනෙක් එක්ක තවත් මට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැ "
" ඔයා මුරන්ඩුයි ජන්ග්මි "
යේරා කිව්වාම ජන්ග්මි හිනා වුනා
" අපි යමු මේ පැත්තේ එච්චර හොද නැ "
යේරා කිව්වේ හිමින් ඉස්සරහට ඇවිදගෙන යන ගමන්
" දෙන්නාගේ සතර කන් මන්ත්රණය ඉවර ද.."
දෙන්නාම ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇහුනු කටහඬ නිසා..
" සේහි ආන්ටි "
යේරා මිමිනුවා
" යේ යේ සේහි ආන්ටි තමයි ඔයා කොහොමද යේරා මෙහෙම කරන්නේ ම්ම් අපි එකතු වෙලා කොච්චර දේවල් කරා ද "
සේහි කිව්වේ දුකින් වගේ
" සේහි ආන්ටි මට තවත් මේ දේවල් කරන්න බැ කියලා මම ඔයාට කිව්වා "
" ඒක නිසා තමයි තමුන්ගේ පස්සෙන් මගේ මිනිස්සු දැම්මේ.....මෙච්චර කාලයක් කරගෙන ආපු දේවල් කෙල්ලෝ දෙන්නෙක් නිසා විනාස කරගන්න මට ඕන නැ මුන් දෙන්නාව අල්ලගන්නවා.."
" ජන්ග්මි දුවමු.."
යේරා ජන්ග්මි එක්ක දුවලා යද්දී ඒ මිනිස්සු කෙල්ලෝ දෙන්නාගේ පස්සෙන් ආවා ඒත් යේරාට වැඩිය දුර දුවන්න හම්බුනේ නැ
" යාහ්හ් මාව අතහරිනවා "
යේරාගේ කෑගැහිල්ල හින්දා ජන්ග්මි නැවතුනා
" ජන්ග්මි දුවන්න..."
" ඒත්..."
කෙල්ලගේ පිටිපස්සෙන් ආපු කෙනෙක් ජන්ග්මිගේ ඔලුවට පොල්ලකින් ගැහුවේ කෙල්ල සිහිය නැතුව බිම වැටෙද්දී
", කායි..."
To be continue..........🖤
හේ හේ
මම මේ කතාවේ ලියපු දිගම චැප්ටර් එක මේක
වචන 1948
වෝට් කරන කමෙන්ට් කරන හැමෝටම කුමාවෝ කියවලා හොරාට යන අයටත් කුමාවෝ
අන්තිම චැප්ටර් එකෙන් හමුවෙමු
Bạn đang đọc truyện trên: AzTruyen.Top