ᑕᕼᗩᑭTᗴᖇ 22 🖤

යුංගි ජන්ග්මිත් එක්කගෙන ආවේ කිචන් එකට

" මම මොනාහරි හදන්නම් "

යුංගි එහෙම කියලා ජන්ග්මිව කිචන් එකේ කවුන්ටරේ උඩින් ඉන්දුවා කෙල්ලත් කකුල් දෙක වන වනා පොඩි බබෙක් වගේ යුංගි දිහා බලාගෙන හිටියා යුංගි කපන කපන කැරට් කෑල්ල කෙල්ල පටන් ගත්තා

" සයිකෝ...තමුසේ මගෙන් ගුටි කනවා.."

" ගුටි කෑවාට බඩ පිරෙන්නේ නැ ඒක නිසා කැරට් කරන්නේ "

එහෙම කියලා ආපහු කැරට් කෑල්ලක් ගන්න හදනකොට යුංගි කෙල්ලගේ අතට ගැහුවා ජන්ග්මිගේ කෝලම් මැද්දේ යුංගි කොහොමහරි උයලා ඉවර කලා උයනවාට වඩා යුංගිට සිද්ධ වුනේ කපන එලවලු ටික ජන්ග්මිගෙන් පරිස්සම් කරගන්න එක

යුංගි dinning table එක  උඩින් කෑම ටික තියලා කවුන්ටරේ උඩ වාඩිවෙලා කකුල් පද්ද පද්ද ඉන්න කෙල්ල ලගට ආවා ජන්ග්මි යුංගිට රවලා අහක බලාගත්තා

" යාහ්හ් බබා මාත් එක්ක තරහ වෙලා ද "

යුංගි ඇහුවේ කෙල්ලගේ කකුල් අතරට ඇවිත් ජන්ග්මිගේ ඉන වටේ අතක් යවලා ලං කරගන්න ගමන්

" මම බබෙක් නෙවෙයි "

" මට නම් බබෙක් තමයි "

යුංගි එහෙම කියන ගමන් කෙල්ලගේ මූනට වැටිලා තිබුණු කොන්ඩ කැරැල්ලක් කන පිටුපස රැදෙව්වා ජන්ග්මි අත් දෙකත් බැදගෙන තාම අහක බලාගෙන ඉන්නවා යුංගි එකපාරට කෙල්ලව උස්සලා ගත්ත නිසා එයා යුංගිගේ ඉන වටේ කකුලුත් පටලවගෙන යුංගිගේ බෙල්ල බදාගත්තා යුංගි හිනා වුනා

" හිනා වෙන්න ඕන නැ කොන්ද කඩාගන්න ඕන් නැති නිසා අල්ලගත්තේ "

ජන්ග්මි උඩ බලාගෙන කිව්වා

" හරි ඉතින් මම ඇහුවේ නැ නේ "

යුංගි එහෙම කියන ගමන් ගිහින් dinning table එකෙන් වාඩිවුනේ ජන්ග්මි උකුලේ ඉදිද්දී යුංගි බලාගෙන හිටියේ තරහින් මූනත් පුම්බගෙන අහක බලාගෙන ඉන්න ජන්ග්මි දිහා

" බඩගිනියි කිව්ව නේ දැන් කන්න "

" මට එපා "

ජන්ග්මි කිව්වාම යුංගිගේ කෙල්ලගේ බෙල්ල හැපුවා

" යාහ්හ් මොකද්ද කරන්නේ "

" කනවද නැද්ද "

", අනියා.."

යුංගි කලින්ට වඩා ටිකක් තදට කෙල්ලගේ බෙල්ලේ පාමුල හැපුවා

" යාහ්හ් රිදෙනවා තමුසේ වැම්පයර් කෙනෙක් ද "

කෙල්ල ඇස් වල කදුලු පුරවගෙන යුංගි හපපු තැනත් අල්ලාගෙන කිව්වේ

" කලින් කිව්ව වෙලේ කෑවා නම් ඉවරයි නේ "

යුංගි එහෙම කියලා කෙල්ලට කවන්න පටන් ගත්තා කෙල්ලත් යුංගිට රවන ගමන් කෑවා දෙන්නාම කාලා ඉවර වෙලා යුංගි ජන්ග්මිව dinning table එක ඉන්දුවා

යුංගි හපපු පාර කෙල්ලගේ බෙල්ලේ ටැටූ එකක් ගහලා වගේ හිටලා තිබ්බා

" රිදෙනවා ද ම්ම් "

යුංගි ඇහුවේ ඇගිලි තුඩු වලින් දත් පාර අතගාන ගමන්

" අනියා හරි සනීපයි "

ජන්ග්මි රවාගෙන කියද්දී යුංගි හිනා වෙලා දත් පාර මතින් එයාගේ තොල් තිබ්බේ කෙල්ල ගැස්සිලා යද්දී

" යුංගි...."

යුංගි කෙල්ලගේ බෙල්ල පුරා හාදු තිබ්බේ ජන්ග්මි කොල්ලාගේ හාදු වලට අවනත වෙද්දී ජන්ග්මිගේ එක අතක් යුංගිගේ පිට පුරා දුවද්දී අනිත් කොල්ලාගේ කොන්ඩේ අතරේ රැදුනා කොල්ලාගේ ස්පර්ශය එක්ක ජන්ග්මිගේ ඇස් පියවුනා යුංගි කෙල්ලගේ බෙල්ලෙන් ඈත් වෙලා නලලට කිස් එකක් දීලා ඈත් වුනා

" කිචන් එක අස් කරලා එන්නම්.."

" මාත් එන්නම්.."

" ඕන නැ ඔහොම ඉන්න "

යුංගි එහෙම කියලා ජන්ග්මිගේ කොන්ඩේ අවුල් කරලා ගියා

" යාහ්හ්...."

කෙල්ල යුංගි අවුල් කරලා ගියපු කොන්ඩේ හදන ගමන් කෑගැහුවා කෙල්ලගේ ෆෝන් එක vibrate වුනු නිසා කෙල්ල ෆෝන් එක ගත්තේ

💬" මම දන්නවා දැන් තමුසේ ඉන්නේ යුංගි එක්ක කියලා "

කායි එවලා තිබුණු මැසේජ් එක දැකලා කෙල්ල ඩිම් වුනා

💬" තමුසෙගේ ඔම්මාට මම කිව්වා තමුසේ මට බැන්නලා යුංගි එක්ක ගියා කියලා "

ආපහු කායි තව මැසේජ් එකක් එව්වා කෙල්ල ඒක දැක්කාම බය වුනා කායිට රිප්ලයි නොයවා කෙල්ල ෆෝන් එක පැත්තකින් තිබ්බා

අයිෂ්.....මූ නම් මල ඇනයක් වීගෙන එන්නේ මම අකැමැති කියලා දැන දැනම පස්සෙන් එන්නේ ඔම්මාත් මේවාට වැරැදියි මේක යුංගිට කියනවද

ඒත් දැන් එයා සතුටින් ඉන්නේ මේක කියලා එයාගේ මූඩ් අවුල් කරන්න ඕනි නැ පස්සේ වෙලාවක හිමින් කියනවා මට වුනු දෙයක්

ජන්ග්මි අහස පොලොව ගැටලන්න කල්පනා කරනවා එතකොට තමයි යුංගි ආවේ

" මොනාද ඔච්චර කල්පනා කරන්නේ "

යුංගි කෙල්ල ලගට ඇවිත් ඇහුවා ජන්ග්මි අත් දෙක දික් කරලා යුංගිට ලගට කතා කලා කොල්ලාත් ඇහිබමක් උස්සගෙන කෙල්ල ලගට ගියා ජන්ග්මි කොල්ලාගේ බෙල්ල බදාගෙන කකුල් දෙකත් කොල්ලාගේ බද වටේ ඔතාගෙන යුංගිගේ උරහිසෙන් නිකට තිබ්බා

" මොකද මේ...."

යුංගි කෙල්ලව තුරුල් කරගන්න ගමන් ඇහුවා

" යුංගියා..මොන දේ වුනත් මාව දාලා යන්නේ නැ නේ ද මාව විශ්වාසයි නේද "

යුංගිගේ උරහිසෙන් නිකට තියාගෙන හිමින් මිමිනුවා කෙල්ල බය වෙලා හිටියේ කායි මොනාහරි කියලා යුංගි එයාගෙන් ඈත් කරයි කියලා අනිත් පැත්තෙන් එයාගේ ඔම්මා මොනා කරයි ද කියලා කෙල්ල බය වෙලා හිටියේ

" මොකද එකපාරටම එහෙම ඇහුවේ ම්ම්"

යුංගි එහෙම කියලා ජන්ග්මි ඈත් කරන්න හැදුවත් කෙල්ල කකුල් දෙකයි අත් දෙකයි තද කරගත්තා කෙල්ල හරියට කෝලා කෙනෙක් වගේ යුංගිගේ ඇගේ එල්ලිලා

" කියන්නකෝ..."

යුංගි කෙල්ලගේ කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් ජන්ග්මි ඔලුව අතගෑවා

" අවුරුදු හතකට පස්සේ හොයාගෙන ආවේ ආපහු දාලා යන්න නෙවෙයි සයිකෝ..."

" බොරු කියන්න එපා මමයි හොයාගෙන ආවේ තමුසේ ආවේ නැ "

යුංගි යාන්තම් හිනා වුනා

" තමුසෙගේ පිස්සු වැඩ නැතුව මම අවුරුදු හතක් හිටියේ කොහොමද කියලා මම තාම කල්පනා කරනවා අවුස්සන්නවත් කවුරුවත් නැ නේ තමුසේ තරහ ගස්සලා කටර් එකක් වගේ කියවනවා බලන්න මම මාර ආසයි කියවන්න ගියාම ඉතින් ඔය කටට බ්‍රේක් නැ වයින් කරපු බෝනික්කෙක් වගේ තමුසේ නැතුව පාලුවෙන් හිටියේ ඒ කාලේ තමයි තේරුනේ මම තමුසෙට ආදරෙයි කියලා අප්පාට තියෙන බලය එක්ක ඉස්සර මට මුකුත් කරන්න බැ ඒත් දැන් මට තමුසෙව බලාගන්න පුලුවන් අනිත් එක මට තමුසෙව මටත් වඩා විශ්වාසයි මම තමුසෙව දාලා කොහෙවත් යන්නේ නැ යන තැනකට තමුසෙවත් එක්කගෙන යන්නේ "

යුංගි කිව්වාම කෙල්ල යුංගිගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා

" දැන් යමු නේද..?"

යුංගි කිව්වාම කෙල්ල කොල්ලාගෙන් ඈත් වුනා

" නම්සන් වලට යන්.."

ජන්ග්මි පොඩි බබෙක් වගේ ඔලුව පැත්තට හරවගෙන ඇහුවා

" අද නෙවෙයි වෙන දවසකට යන් අද එතැන කට්ටිය වැඩියි ඔයාට තේරෙනවා නේ මම කියන දේ "

යුංගි කිව්වාම ජන්ග්මි ඔලුව වැනුවා

" තරහ ද ම්ම්..."

කෙල්ල නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා

" එහෙනම් "

" මට මෙහෙම ඉන්න ඕන "

යුංගිට තුරුල් වෙන ගමන් ජන්ග්මි කිව්වා යුංගි හිනා වෙවී එයාගේ ඇගේ කෝලා කෙනෙක් වගේ එල්ලිලා ඉන්න කෙල්ලව වඩාගෙන කා එකේ කී එකත අරගෙන ගෙදරින් එලියට ආවා කෙල්ලව කා එකෙන් වාඩි කරවලා යුංගි ගෙදර ලොක් කරලා ආවා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පැය කිහිපයකට පස්සේ යුංගිගේ කා එක ජන්ග්මිගේ ගෙදර ඉස්සරහ නතර කලා කෙල්ල යුංගිගේ දිහාට හැරිලා කොල්ලාගේ අතකින් අල්ලගත්තා

" යුංගියා...අද දවසට ගොඩක් කුමාවෝ අද තරම් මම සතුටින් හිටියේ නැ කවදාවත් කුමාවෝ හැමදේකටම "

ජන්ග්මි හිනා වෙවී කියද්දී යුංගි කෙල්ලගේ කම්බුලක් මහපටගිල්ලෙන් පිරිමැද්දා

" කුමාවෝ කියන්න ඕන නැ කිස් එකක් දුන්නොත් ඇති "

" යහ්හ් මේ පූස් තඩියා "

ජන්ග්මි එයාගේ කම්බුලේ රැදිලා තිබුණු යුංගිගේ අත විසික් කරලා කෑගැහුවා

" එක කිස් එකක් නේ ඉල්ලුවේ.."

යුංගි තොලත් පිට පෙරලගෙන පොඩි බබෙක් වගේ කිව්වා

ඔච්චර කියුට් වෙන්න එපා පූසෝ මට හපලා හපලා දාන්න හිතෙනවා

" ඔයාට මාව හපන්න බැ සයිකෝ...."

" යාහ්හ් මගේ හිත කියවන්න එපා කියලා කිව්වා නේ "

" මම හිතලා කරන දෙයක් නෙවෙයි නේ තමුසෙගේ ඇස් දැක්කාම මට හිතන දේ කියන්න පුලුවන් "

" එහෙනම් මගේ ඇස් දිහා බලන්න එපා "

" එහෙනම් කොහෙද බලන්න ඕන "

යුංගි යටි තොලත් හපාගෙන කෙල්ලගේ මූනට එබිලා ඇහුවේ කෙල්ල ශීට් එකට හේත්තු වෙලා ඇස් ලොකු කරගෙන ඉන්නවා

වල් පූසා...

යුංගි කට කොනින් හිනා වෙලා කෙල්ලගේ තොල් වලට බර වුනේ වල් පූසාගේ වැඩ පෙන්නනම් කියන ගමන් ජන්ග්මි යුංගිගේ බෙල්ල වටේ අත් යවලා එයාට ලං කරගත්තා යුංගි කෙල්ලගේ කම්බුලක් මහපටගිල්ලෙන් පිරිමදින ගමන් කෙල්ලව ඩීප්ලි කිස් කලා ජන්ග්මි යුංගිගේ කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් කිස් එකට react කලා යුංගිට කෙල්ලගේ තොල් වලින් මිදෙන්න අදහසක් නැ

" Mmh.."

යුංගි කෙල්ලව එයාගේ උකුලට අරගත්තේ ජන්ග්මිගේ තොල් වලින් ඈත් නොවී.. ජන්ග්මි කොල්ලාගේ උකුලේ හරි බරි ගැහිලා වාඩිවුනා කෙල්ලගේ තොල් වලින් ඈත් වුනු යුංගි ජන්ග්මිගේ කොන්ඩේ අතින් එක පැත්තකට කරලා කෙල්ලගේ බෙල්ල පුරා යුංගිගේ තොල් ගෙනිච්චේ ජන්ග්මි කොල්ලාගේ ශර්ට් එක තද කරගනිද්දී

" Mmmm...."

කෙල්ල බෙල්ල පිටිපස්සට බර කරගෙන moans පිට කරන්න ගත්තේ යුංගිගේ හැගීම් තවත් අවුස්සලා කොල්ලා ජන්ග්මිගේ බෙල්ලේ සියුම් තැන් දත් වලින් හපන්න ගත්තා යුංගි කෙල්ලගේ ඉන වටේ අතක් යවලා එයාගේ ඇගට තද කරගත්තා හිමින් ජන්ග්මිගේ ගවුම උරහිසෙන් පන්නලා උරහිස් පුරා wet kisses තිබ්බා කෙල්ල හිටියේ යුංගිගේ ස්පර්ශයෙන් මත් වෙලා

විනාඩි ගානකට පස්සේ යුංගි කෙල්ලගෙන් ඈත් වෙලා එයා තියපු දම් පැහැ hickeys දිහා බලාගෙන හිටියේ ආඩම්බරයෙන් ජන්ග්මිගේ අත් තාමත් යුංගිගේ කොන්ඩේ අතරේ රැදිලා තිබුණේ යුංගි ජන්ග්මිගේ ගවුමත් හදලා කම්බුලට කිස් එකක් දුන්නා කෙල්ල යුංගිගේ පපුවට තුරුල් වෙලා ඇස් පියාගත්තා යුංගි හරි ආදරෙන් කෙල්ලව එයාගේ උනුසුමට තුරුල් කරගත්තා යුංගි කෙල්ලගේ හිස් මුදුනට හාදුවක් තැවරුවා

" සයිකෝ...."

" ම්ම්ම්..."

" දැන් ගොඩක් රෑ වෙලා ඔයාගේ ඔම්මා බලාගෙන ඇති දැන් යන්න "

යුංගි එහෙම කිව්වේ හිතකින් නෙවෙයි ඒත් කෙල්ල පරක්කු වුනොත් ජන්ග්මිගේ ඔම්මා කෙල්ලට බනියි කියලා

" මාව යවාගන්න නේ හදන්නේ "

කෙල්ල යුංගිගෙන් ඈත් වෙලා ඇහුවා

" අනියා...මටත් තමුසේ එක්ක ඉන්න ඕන තව රෑ වුනොත් තමුසෙගේ ඔම්මා බනියි "

ඒත් එක්කම ජන්ග්මිගේ ෆෝන් එක රින් වුනා කෝල් කලේ සෙයුල්ගි කියලා දැක්ක නිසා කෙල්ල ආන්සර් කරන්නේ නැතුව යුංගිට තුරුල් වුනා කෙල්ලගේ අතේ තිබුණු ෆෝන් එක අරගත්ත යුංගි කෝල් එක ආන්සර් කලා

" යාහ්හ් ජන්ග්මි තමුසේ කොහෙද ඉන්නේ කියනවා ආ දැන් හොදටම රෑ වෙලා ගියපු දේවාලේ ඉක්මනට එන්න දැනගන්න ඕන සේහා ඔම්මාට බොරු කියලා ඉවරයක් නැ තමුසේ හින්දා මට වෙනම අපායක් හැදිලා ඇති "

" සෙයුල්ගි මම ජන්ග්මි නෙවෙයි යුංගි "

" යු..යුංගි ඔප්පා.."

" ජන්ග්මි මං එක්ක ඉන්නවා ගෙදර ඉස්සරහ "

" ඉස්සරහ ඉන්නවා නම් ඇතුලට එන්න කියන්න ඔප්පේ "

" එයාට මාව දාලා එන්න බැරි ලු.."

යුංගි එහෙම කිව්වාම මෙච්චර වෙලා යුංගිගේ පපුවේ ඔලුව ගහගෙන හිටපු කෙල්ල යුංගි දිහා බලලා ෆෝන් එක උදුරලා ගත්තා යුංගි නම් හිනා වෙනවා

" මම දැන් එනවා "

ජන්ග්මි එහෙම කියලා බෑග් එකත් අරගෙන කා එකෙන් බහින්න ගියේ ඒත් යුංගි කෙල්ලව අල්ලගත්තා

" මින් යුංගී....මට යන්න දෙනවා "

" තමුසෙට තරහ යනවා වැඩියි සයිකෝ....මොනාද මගෙන් හංගන්නේ "

යුංගි ඇහුවේ කෙල්ලගේ ඇස් වලට එබෙන ගමන් යුංගි එහෙම ඇහුවාම ජන්ග්මි ටිකක් ගැස්සුනා

" මොනවත් නැ මම මොනා ඔයාගෙන් හංගන්න"

ජන්ග්මි කිව්වේ යුංගිගේ ඇස් මගහරින ගමන්

" වේ මගෙන් ඇස් හංගන්නේ "

" අනියා....මම යන්න ඕන යුංගියා ඔම්මා බලාගෙන ඇත්තේ"

" ම්ම්ම් යන්න පරිස්සමින් ඉන්න..."

යුංගි ජන්ග්මිගේ නලලට සොෆ්ට් හාදුවක් තවරලා කිව්වා කෙල්ල ඔලුව වනලා කා එකෙන් බැහැලා ඇවිදගෙන යන දිහා යුංගි බලාගෙන හිටියා කෙල්ල ආපහු හැරිලා යුංගිට අත වනලා ඇතුලට ගියා කෙල්ල ඇතුලට යනකම් ඉදලා කොල්ලා ගියේ

ජන්ග්මි ඇතුලට ගියා විතරයි ජන්ග්මිගේ ඔම්මාගෙන් කෙල්ලට ලැබුනේ තද අතුල් පහරක්

" ඔම්මා....."

" තමුන්ගේ කටින් මට ඔම්මා කියන්න එපා මම තමුන්ගේ ඔම්මා නෙවෙයි ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද ආ මැරි කරන්න කොල්ලෙක් ඉදිද්දී වෙන එකෙක් එක්ක රවුම් ගහන්න මම කොහොමදමිනිස්සුන්ට මුහුන දෙන්නේ කියලා හිතුවාද "

ජන්ග්මි කම්බුලත් අල්ලාගෙන කදුලු පුරවගෙන එයාගේ ඔම්මා දිහා බලාගෙන ඉදියා සෙයුල්ගි ඇවිත් කෙල්ලව අල්ලගත්තා

" තමන් ගැන විතරයි යුංගි එන්ගේජ් වෙලා ඉන්නේ ලගදීම එයා ඒ කෙල්ලව මැරි කරයි එතකොට තමුන්ට මොකද්ද වෙන්නේ ආ කතා කරනවා ජන්ග්මි මම තමුසෙට කතා කරන්නේ "

ජන්ග්මිගේ ඔම්මා කෙල්ලගේ උරහිසෙන් අල්ලලා හොලවන ගමන් ඇහුවා එතකොට තමයි දැක්කේ කෙල්ලගේ බෙල්ල තිබුණු දම් පැහැයට හැරුනු hickeys ජන්ග්මි ඔම්මා කෙල්ලගේ අනිත් කම්බුලටත් ගැහුවා

" ඔම්මාහ්..."

" තමුසේ ඔය කටින් මට ඔම්මා කියන්න එපා තමුසෙගේ ඔම්මා මැරුනා මම හිතුවේ නැ ජන්ග්මි ඔයා මට මෙහෙම කරයි කියලා අප්පාත් නැතුව මම මොන තරම් දුක් විදලා ද ඔයාව හැදුවේ ඒ හින්දා ද මට මෙහෙම සලකන්නේ ආ කතා කරනවා තමුසෙට ඔම්මාට වඩා කොල්ලෙක් වටිනවා ද ඒ නිසා නේ මම කියන දෙයක් අහන්න බැරි "

සෙයුල්ගි කෙල්ලව තුරුල් කරගත්තා ජන්ග්මි අඩනවා

" සෙයුල්ගි තමුන් මෙයාගේ යාලුවා නේදමට බොරු කිය කියා මෙයාගේ හැම වැඩකටම උදව් කරනවා "

', ඔම්මා සෙයුල්ගිට මුකුත් කියන්න එපා එයාගේ අතේ වැරැද්දක් නැ "

" එතකොට වැරදි මම ද රැයක් දවාලක් බලන්නේ නැතුව දුක් විදලා තමුසෙට උගන්නලා මම හදපු එකද වරද මට කියනවා "

" සේහා ඇති ඔය සෙයුල්ගි ජන්ග්මි ඇතුලට එක්කගෙන යන්න "

සෙයුල්ගිගේ ඔම්මා එහෙම කිව්වාම සෙයුල්ගි අඩ අඩා හිටපු කෙල්ලව ඇතුලට එක්කගෙන ගියා

" යුංගි නරක ලමයෙක් නෙවෙයි සේහා මම එදත් ඔයාට කිව්වා අදත් කියන්නේ ඒකම තමයි යුංගි එයාගේ ඔම්මා වගේ ටිකක් තද ගතිගුණ තිබුනාට එයාගේ හදවත එහෙම නැ මම හිතන්නේ නැ යුංගි ජන්ග්මිව අතහරියි කියලා යුංගි ලේසියෙන් ගෑනු ලමයෙක්ට කිට්ටු වෙන කෙනෙක් නෙවෙයි "

" ඒක මම දන්නවා ඒත් යුංගි කියන්නේ එන්ගේජ් වෙලා ඉන්නේ "

",එන්ගේජ් වුනාට මැරි කරලා නැ නේ "

සෙයුල්ගි ඔම්මා කිව්වා

To be continue........🖤

තව චැප්ටර් දෙකයි හූම්
මේක ඉවර කරලා unforgettable night දෙන්නම්

වේලි වේලි ඉම්නවා කියූ එකා වෙනුවෙන් අප්ඩේට් කරමි
මගේ වට්සැප් එක හාන එක නවත්තපල්ලා 😒

අපේ ගෙදරට නෑදෑයෝ සෙට් එකක් ආවා ඒක නිසා අප්ඩේට් කරන්න පරක්කු වුනේ කොහොම වුනත් මේ සතිය ඇතුලත මේ කතාව ඉවර කරනවා

Bạn đang đọc truyện trên: AzTruyen.Top