ᑕᕼᗩᑭTᗴᖇ 20 🖤
Jungami Pov
ඔක්කොම වැඩ අවසාන වෙද්දී මගේ නම් හොද පන ගිහින් මම හිටියේ භාගෙට මැරිලා වගේ හරියට කන්න හම්බුනෙත් නැ අර පූස් තඩියා හින්දා ඒකාට ලග තියෙන ෆෝන් එක ගන්නත් ගිරිය කඩාගෙන ජන්ග්මි කියලා කෑගහනවා මම දෙවියනේ 😩💔
සක්‍රයාටවත් මගේ ජුක පේන්නේ නැති හැටියක් මේ ලෝකේ හරි කුරිරුයි කියලා 326617888100141 වතාවටත් මට තේරුම් ගියා මම මේ කුරිරු ලෝකෙන් මිදිලා යනවා මේ ලෝකෙන් මිදිලා යන්න පිටසක්වලයෙක්ටවත් ලයින් පාරක් දාලා අල්ලගන්න ඕන හූම් එතකොට මේ පූස්ට මගේ අගේ තේරෙයි
දැන් කොහෙන් ද පිටසක්වලයෙක් හොයාගන්නේ ඒලියන් ඉසි ඉසි කිව්වාම එන්නේ නැ නේ සැක් ඒලියන් කෙනෙක්ටත් මම් ගැන ජුක හිතිලා ආවොත් නම් හොදයි හූම්
මම හනා ඔන්නිට බඩු පැක් කරන්න උදව් කරන ගමන් මේ ලෝකෙන් මිදිලා යන ආකාරය පිලිබද සිතමින් හිටියේ
" ජන්ග්මි......... මගේ ෆෝන් එක කොහෙද "
හරි ඔන්න එලාම් වැදුනා දැන් දුවපන් ජන්ග්මි fire alarm එක වැදුනා වගේ හනා ඔන්නි මගේ දිහා බලලා හිනා වෙනවා සැක් හිනා වෙන්න එපා ඔන්නි ඔහොම
" ජන්ග්මි....."
කලින්ට වඩා සද්දෙන් කෑගැහුව නිසා ඔක්කොම පැත්තක දාලා ගියේ පූස් බබාව බලන්න මම යනකොට සැපට වාඩිවෙලා කකුල් දෙකත් පුටුවක් උඩින් තියාගෙන ජොලියේ ඉන්නවා ඇත්තමයි මට මාරයා අවේස වුනා මූ කවුද වගේ හොදට වාඩි වෙලා ඉදගෙන මට කෑගහනවා ඇවිදලාම මගේ කකුල් දෙකත් ගෙවිලා
ලග තිබුණු ෆෝන් එක පූස්ගේ උකුලට දාලා රවාගෙන මම එන්න හැදුවත් මගේ අතින් ඇද්ද පාර ගිහින් නැවතුනේ යුංගිගේ ඔඩොක්කුවේ වාඩිවෙලා මේ මනුස්පයාට පිස්සු හැදිලා ද කවුරුහරි දැක්කොත් වසලා හමාරයි
යුංගිගේ ඔඩොක්කුවෙන් නැගිටින්න ගියත් මගේ ඉන වටේ අත් යවලා එයාගේ ඇගට තද කරගත්තා මම කොච්චර දැගලුවත් එයාව අතහැරියේ නැ යකඩ ගිලලා ද මන්දා
" යාහ්හ් මාව අතහරිනවා මෝඩ පූසෝ කවුරුහරි දැක්කොත් "
" කවුරුවත් දකින්නේ නැ ඔහොම ඉන්න "
යුංගි පූස් මගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා පූස් මගේ බෙල්ලේ එයාගේ නහය අතුල්ලද්දී මට කිතියි
" යාහ්හ්..මෝඩ පූසෝ මට කිතියි.."
මම එහෙම කිව්වාම එයා නහය අතුල්ලන එක නැවැත්තුවා එයාගේ උනුසුම් හුස්ම මගේ බෙල්ලේ වදිනවා මගේ ඇග ඇතුලේ නිකන් සමනල්ලු තටු ගහනවා වගේ මේකා කවදාහරි නවතින්නේ අහිංසක මාව පිස්සෙක් කරලා
" මහන්සි ද.."
මම පූස්ගේ කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් ඇහුවා
" ම්ම්ම්..."
" මට ඊට වඩා මහන්සියි....මුලු දවසේම මට වද දීලා දැන් මාව බදාගෙන ඉන්න ලස්සන "
මම එහෙම කිව්වාම මගේ ඉන වටේ එතිලා තිබුණු පූස්ගේ අත් තද වුනා මට ෂුවර් මේකා හිනා වෙනවා ඇති කියලා
" තමුසේ මොකටද වෙන එවුන්ට ලයින් දාන්න ගියේ "
යුංගි කිව්වේ ටිකක් තරහින්...අව්ස් මෙයාට ජෙලස් ද මෙන්න පූසෙක්ට ජෙලස් හිතිලෝඕඕ
" හැන්සම් හොට් කොල්ලෙක් දැක්කාම ඉතින් දන්නේ නැද්ද අපිටත් තියෙන්නේ හිත් නේ අපි රහත් වෙලා නැ නේ "
යුංගිව පොඩ්ඩක් අවුස්සන්න ඕන මම එහෙම කිව්වේ
" ආව්....."
යුංගි එයාගේ පුස් දත් වලින් මගේ බෙල්ල හපනවා
"යාහ්හ්...පූසෝ...අව්..රිදෙනවා..නවත්තන්නකෝ.. රිදෙනවා හපන්න එපා.."
මෙව්වාට කියන්නේ ඉල්ලන් කනවා කියලා කට පියාගෙන පාඩුවේ ඉන්න බැ නේ
" මියානේ..යුංගි..දැන් ඇති.."
මම එහෙම කිව්වාම තමයි හපන එක නැවැත්තුවේ මගේ බෙල්ල දනවා..හුවෑව් මගේ ඇස් වල කදුලුත් පිරිලා හපනවා කියලා ඔහොමත් හපනවද මං අහන්නේ නපුරු පූසා
යුංගි පූස් මගේ නලලට එයාගේ නලල තියාගෙන ඇස් පියාගෙන හිටියේ මමත් ඇස් පියාගෙන පූස්ගේ අතකින් අල්ලාගෙන හිටියේ
" ආපහු වෙන කොල්ලෝ දිහා බලලා අහුවුනොත් මීට වඩා දරුනු වෙයි.."
එයා කිව්වේ දැඩි හඩකින්
" ඒ අහුවුනොත් නේ අහුවෙන්නේ නැති වෙන්න පොඩි ලයින් පාරක් දාන්නම් "
මාලුවා නහින්නේ මුඛය නිසා බව නැවත වරක් ලෝකයා ඉදිරියේ සනාථ කරමින් යුංගි මගේ ස්කර්ට් එකට යට කරලා තිබුණු blouse එක පොඩ්ඩක් උස්සලා blouse එක යටින් අත යවලා මගේ ඉන කෙනිත්තුවා
" අව්...."
මම යුංගි දිහා රවලා බැලුවේ ඇත්තටම මට රිදුන හින්දා
" තමුසේ මං දිහා විතරක් බැලුවාම ඇති.."
යුංගි කොනිත්තපු තැන අතගාන ගමන් කිව්වා
එයාම කොනිත්තලා එයාම අතගානවා
" මගේ නේ..."
සැක් නිදහසේ දෙයක් හිතන්න දෙන්නේ නැ මොන දෙවියා ද යකෝ මේකා හිත් කියවන්න පුලුවන් වරමක් දීපු එකා ඕක මට දුන්නා නම් මම අද මෙතන නෙවෙයි ඉන්නේ දෙවියොන්ටත් පේන්නේ අපි වගේ අහිංසක මල් වගේ ලමයි නෙවෙයි නේ
" උබලා දෙන්නා ලව් කරලා ඉවර නම් යන් ද "
ඒ කටහඬ ඇහුනාම මායි යුංගියි දෙන්නාම ගැස්සිලා ගියා ඇයි ඉතින් මෙලෝ සද්දයක් නැති වෙලාවක් එකපාරට හොල්මනක් වගේ ඇවිත් කතා කරාම බය වෙන්නේ නැද්ද
හොබී ඔප්පාගේ කටහඬ තමයි දෙවියනේ අපි ගැස්සිලා ගියේ සැක් මම හොල්මනක් කියලත් කිව්වා ආ කමක් නැ හොබී ඔප්පා දන්නේ නැ නේ ඉතින් හූම් මම නැගිටින්න හැදුවත් යුංගි මට නැගිටින්න දුන්නේ නැ යුංගිගේ අත නම් මගේ blouse එක ඇතුලේ මේ පූස් තඩියා මෙලෝ ගානක් නැතුව ඉන්න හැටි විතරක්
" උබලා දෙන්නාගේ කරගන්න දෙයක් කරගෙන ඉක්මනට වරෙන් මෙතන හිටියොත් මගේ ලමා මනස දූෂණය වෙයි වගේ "
හොබී ඔප්පා එහෙම කියලා ගියාම මම යුංගිගේ අතට ගැහුවේ අත ගන්න කියන්න වගේ
" දැන්වත් ඔය අතගන්නවා හොබී ඔප්පා මොනා හිතන්න ඇති ද ආ "
හැබැයි යුංගි ඊලගට කියපු දේට මට මේකාව මරාගෙන මැරෙන්න හිතුනා
" ඔයා ගොඩක් සොෆ්ට් සයිකෝ..."
අයිෂ් ඇත්තටම මට එන කේන්තියක් ඔයා මේ පුස්ට හොද වැඩියි ජන්ග්මි
" යාහ්හ්....දැන් යන්..හොබී ඔප්පා බලාගෙන ඇති.."
මම කිව්වාම යුංගි දිව කට ඇතුලේ තෙරපන ගමන් මගේ දිහා බැලුවා ඒ බැල්ලම නම් මගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බැවින් මෙතනින් ඉක්මනට පලා යනු කියලා මොල රාජයා කෑගහනවා
" යුංගි....."
මගේ ඉනේ රැදිලා තිබුණු එයාගේ අත blouse එක ඇතුලින් පිට දිගේ උඩට අරගෙන ආවේ මගේ මුලු ඇගේම හිරියක් යද්දී
" හොබී කිව්වේ කරගන්න දෙයක් කරගෙන එන්න කියලා නේ "
යුංගි යටි තොලත් හපාගෙන කිව්වා මම ඇස් දෙකත් ලොකු කරගෙන යුංගි දිහා බලාගෙන හිටියා එයා මගේ පිටේ රැදිලා තිබුණු අතින් මාව ලගට ඇදලා අරගෙන මූනට එබුනා බොරු කියන්න ඕන නැ මම මේ අවස්ථාවේ දී හොදට බය වෙලා හිටියේ මගේ හාට්ටුවත් අසූහාරදාහට ගැහෙනවා
මට හාර්ට් ඇටෑක් එකක්වත් ද යකෝ මෙච්චර වේගෙන් හාට්ටුව ගැහෙන්නේ මට මෙච්චර අඩු වයසින් මැරෙන්න වෙයි කියලා හීනෙකින් තියා තුන් හිතකින්වත් හිතුවේ නැ යකූ වේදනයි
යුංගි මගේ තොල් මතින් පුංචි හාදුවක් තියලා ඈත් වුනේ හයියෙන් හිනා වෙන ගමන් මොනා වුනත් එයා හිනාවෙනකොට හරි කියුට් අල්ලාගෙන මිරිකලා ගිලින්න හිතෙනවා යුංගි හිනාවෙනකොට ඇස් පුංචි වෙන විදියට අනොව්...මගේ කියුට් පූස් පැටියා
මම යුංගිගේ හිනාව දිහා බලාගෙන හිටියේ මුලු ලෝකෙම අමතක වෙද්දී එයා හිනා වෙන්නේ කලාතුරකින් කොයිවෙලෙත් බකමූනෙක් වගේ බුම්මගෙන ඉන්නේ ඉතින් මේ වගේ හිනා වෙන වෙලාවල් මිස් කරගන්න හොද නැ
මම යුංගිගේ කම්බුලට හාදුවක් තවරලා ඈත් වුනා යුංගි හිනා වෙන එක නවත්තලා මගේ දිහා බලාගෙන හිටියා ඕමෝ මෙන්න මෙයාගේ කම්බුල් සතු වෙනවා අනෙව් පිනි ජම්බු ගෙඩියක් වගේ හපලා හපලා දාන්න හිතයි
මම යුංගිගේ ඔඩොක්කුවෙන් බැස්සා කොල්ලා තාමත් ඉන්නේ කිස් එකේ සිහියෙන් මම එයාගේ කැප් එකත් ඔලුවට දාලා මාක්ස් එක අතට දුන්නා
" දැන් යන්..ගොඩක් රෑ වෙලා.."
මම එහෙම කියන ගමන් අඩියක් දෙකක් ඉස්සරහට ගිහින් ආපහු පිටිපස්ස හැරිලා බැලුවා තාමත් වාඩිවුනු තැන වාඩිවෙලා ඉන්නවා මම අතින් කතා කලාම පොඩි බබෙක් වගේ දුවගෙන ඇවිත් මගේ අතින් අල්ලගත්තා
" දැන් යන්.."
යුංගි එහෙම කියලා මගේ අත පද්ද පද්ද ගියා
" මම ගිහින් බෑග් එක අරගෙන එන්නම් "
මම එහෙම කියලා බෑග් එකත් අරගෙන යුංගි ඉන්න තැනට ගියා එයා කා එකට හේත්තු වෙලා හොබී ඔප්පා එක්ක ලොකු සාකච්ඡාවක් මම ගියාම යුංගි මගේ කරට අතක් දාලා ලගට ගත්තා
" දැන් යමන් යකෝ තොපි හින්දා මගේ බබා මීට් වෙන්න යන්න බැරී වුනා "
හෑ යකෝ කවුද බබා...සෙයුල්ගි pregnant වෙලා ද අඩෝඕඕ මාර ෆාස්ට් නේ යකොව් මුන්
" කවුද ඔප්පේ බබා.."
" සෙයුල්ගි.."
ඒකට නම් උන්ඩුකපුච්චේත් ඇබරුනා යකොව්..බබා..සෙයුල්ගි...? අඩොව්
" දැන්වත් යමන්කෝ මෙතනට වෙලා ඉන්නේ.."
හොබී ඔප්පා කෑගහන නිසා මමයි යුංගියි කා එකට නැග්ගා මම ශටර් එකෙන් එලිය බලාගෙන හිටියේ දැන් ගෙදර ගියාම අහන ප්‍රශ්න වලට උත්තර හදන ගමන් ඔම්මාට ඉතින් කායිට වඩා ලොකු කෙනෙක් නැ නේ හැමෝගෙන්ම ඈත් වෙලා දුරකට යන්න හිතෙනවා
මගේ ඔඩොක්කුවට බරක් දැනුනු හින්දා මම බැලුවේ යුංගියා මගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා මම ඉස්සරහ ඉන්න හොබී ඔප්පා දිහායි driver දිහායි බැලුවේ හොබී ඔප්පා මට ඇහැක් ගහලා අහක බලාගත්තා driver හිනා වෙනවා
යුංගි එයාගේ කැප් එකයි මාක්ස් එකයි ගලවලා හොබී ඔප්පාට ගැහුවා
" උබ ගිහින් සෙයුල්ගිට ඇස් ගහපන් මගේ කෙල්ලට ඇස් ගහන්නේ.."
යුංගි ඔප්පා කිව්වා යකෝ ඒකත් දැක්කාද නිකන් ද ඉතින් පූස් කියන්නේ
හොබී ඔප්පා යුංගිට රවලා ඉස්සරහ බලාගත්තා මම ඉතින් යුංගිගේ ඔලුව අතගෑවා මගේ අනිත් අතින් අල්ලාගෙන යුංගි නිදි..
අනෙව්....මගේ කියුට් පූස්..ඔහොම ඉදිද්දී දාලා යන්න හිතෙන්නෙත් නැ නිදාගත්තාම හෙන අහිංසක පාටයි ඒත් නැගිට්ටාම බලන්න ඕන පූසෙක් නෙවෙයි සමහර වෙලාවට කොටියෙක් වගේ
ටිකකින් කා එක නැවැත්තුවා එතකොට තමයි දන්නේ ගෙදර ලගට ඇවිත් කියලා හොබී ඔප්පා මගේ දිහා බලලා හිනා වුනා යුංගි මගේ උකුලේ සැපට නිදි පූස් පැටියෙක් වගේ ඔහොම ඉද්දී යන්න හිතෙන්නේ නැ යුංගි අල්ලාගෙන හිටපු මගේ අත කොහොමහරි ගලවගෙන යුංගිගේ නලලට වැටිලා තිබුණු කොන්ඩේ එහෙ මෙහෙ කරලා නලලට සොෆ්ට් කිස් එකක් තිබ්බා හොබී ඔප්පා කා එකේ දොර ඇරපු නිසා මම හිමින් යුංගිගේ ඔලුව ශීට් එක උඩින් තියලා බැස්සා හොබී ඔප්පා කා එකේ දොර වහලා මගේ දිහා බැලලා හිනා වුනා
" අපි යන්නම් ජන්ග්මි හෙට උදේට රෙඩි වෙලා ඉන්න මම එන්නම් "
" හරි ඔප්පා ගුඩ් නයිට් "
" ගුඩ් නයිට් "
හොබී ඔප්පා එහෙම කියලා කා එකට නැග්ගා කා එක නොපෙනී යනකම් බලාගෙන ඉදලා මම ගේ ඇතුලට ගියා වෙනදා වගේම ඔම්මා බැන්නා ඔම්මා බනින අතරේ මම රූම් එකට ඇවිත් දොර වහගත්තා
අද මගේ හිත සතුටින් පිරිලා තිබුණේ ඒක නිසා ඔම්මා කියපු එක වචනයක්වත් ඔලුවට ගියේ නැ පූසෙක් ඔයාට කරපු දෙයක් ජන්ග්මි
මම ගිහින් වොෂ් එකක් දාගන්න mirror එක ඉස්සරහට ගිහින් කොන්ඩේ පිටිපස්සට කරනකොට තමයි දැක්කේ බෙල්ලේ තිබුණු දත් පාර අයිෂ් අර පූස් තඩියා....කවුරුහරි දැක්කොත් හොදට හිටියි ඉතින් එයාට නම් මොකෝ මම එපැයි උත්තර දෙන්න
මම වොෂ් එකක් දාගෙන ඇවිත් ඇදට පැන්නේ මැරිලා වගේ නිදාගන්නවා කියලා හිතාගෙන ඒත් එක්කම මැසේජ් එකක් ආපු නිසා බැලුවේ ඒක කායිගෙන් කියලා දැක්ක නිසා මැසේජ් එකවත් නොබලා නිදාගත්තා ඔය මනුස්පයා එක්ක කතා කලොත් අනිවා මගේ නින්ද ලෙෆ්ට් වෙනවා
To be continue......🖤
🙂🌝
Bạn đang đọc truyện trên: AzTruyen.Top