ᑕᕼᗩᑭTᗴᖇ 18 🖤
දොර ඇරගෙන ආවේ හෝසොක්.....යුංගි හෝසොක් දිහා කේන්තියෙන් බලාගෙන හිටියේ එයාට හරියට ජන්ග්මිව කිස් කරන්න බැරී වුනු නිසා හෝසොක් තාම යුංගි ජන්ග්මි දිහා ඇස් දෙක බෝල කරගෙන බලාගෙන ඉන්නවා ජන්ග්මිගේ කම්බුල් රෝස පාට වෙලා කෙල්ල යටි තොලත් හපාගෙන බිම බලාගත්තා
" මියානේ.... continue කරගෙන යන්න මම යනවෝ.."
හෝසොක් එහෙම කියාගෙන ගියා
" මෝඩ අස්පයා.. මූඩ් එක කාලා continue කරගෙන යන්න ලු.."
යුංගි මිමිනුවා ජන්ග්මි හිනා වුනේ යුංගි කියපුවා කෙල්ලට ඇහුනු නිසා
" මොකද හිනා වෙන්නේ.."
යුංගි අහනකොට කෙල්ල මුකුත් නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා
" ආ..මේක බීලා ඉන්නවා "
යුංගි එහෙම කියලා කෙල්ලගේ අතට කොෆි එක දීලා නැගිට්ටා
" පූසෝ ඔච්චර කේන්ති ගන්න එපා.."
ජන්ග්මි කිව්වාම යන්න ගියපු යුංගි ආපහු හැරිලා කෙල්ල ලගට ඇවිත් ජන්ග්මිගේ කම්බුල හැපුවා
" යාහ්හ්හ් යුංගියා...එහාට වෙනවා මෝඩ පූසෝ මට රිදෙනවා "
කෙල්ල කොච්චර කෑගැහුවත් යුංගි කෙල්ලව අතහැරියේ එයාට ඕන වෙලාවට
" ආපහු පූසා කිව්වොත් හපලා හපලා දානවා "
යුංගි එහෙම කියලා යන්න ගියේ ජන්ග්මි රවාගෙන බලාගෙන ඉදිද්දී
" නපුරු පූස් තඩියා.."
ජන්ග්මි මිමිනුවේ යුංගි යන දිහා බලාගෙන හිනා වෙන ගමන් යුංගි පහලට යනකොට හෝසොක් සෙයුල්ගි දෙන්නා living room එකට වෙලා හිනා වෙවී ඉන්නවා
" ඔයා දන්නවා ද සෙයුල්ගි මම යනකොට යුංගි.."
හෝසොක්ට එච්චරයි කියන්න හම්බුනේ යුංගි පිටිපස්සෙන් ඇවිත් හෝසොක්ගේ ඔලුවට ගැහුවා
" රිදෙනවා පූසෝ..."
" රිදෙන්න තමයි තොට ගැහුවේ "
යුංගි කිව්වේ සෝෆා එකෙන් වාඩිවෙන ගමන්
" උබලාට කරන්න හොදයි අපි කිව්වාම තමයි වැරදි "
හෝසොක් කිව්වේ යුංගිට රවන ගමන්
" උබ සෙයුල්ගිව කිස් කරලා නැද්ද.."
යුංගි මෙලෝ ගානක් නැතුව එහෙම අහද්දී හෝසොක් ජිවිතේට නොදැකපු ජීවියෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ යුංගි දිහා බලාගෙන ඉන්නවා සෙයුල්ගි ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරගෙන යුංගි දිහා බලාගෙන ඉන්නවා
" මොකද උබලා ඔහොම බලන්නේ මම වැරැදි දෙයක් කිව්වේ නැ නේ "
" යුංගි ඔප්පා මොකද්ද කියන්නේ "
සෙයුල්ගි ඇහුවේ හෝසොක් දිහාත් බලලා
" මම කියන්නේ ද උබලා දෙන්නා ලෝකෙට හොරෙන් පෙම් කරනවා කියලා "
යුංගි කියද්දී සෙයුල්ගි බිම බලාගත්තා
" උබ නම් පූසෙක්ම තමයි යකෝ.."
" කවදා ඉදන් ද "
" දැන් සතියක් විතර වෙනවා.."
" මොහ්....."
ඔක්කොම පිටිපස්සේ බැලුවේ apartment එක දෙක වෙන්න කෑගැහුවේ කවුද කියලා බලන්න පඩිපෙලේ ඉදගෙන ජන්ග්මි රවාගෙන සෙයුල්ගි දිහා බලාගෙන ඉන්නවා
" යාහ්හ්හ් තමුසේ මගෙන් මෙච්චර දෙයක් හැංගුව ද ආ තමුසේ මගේ යාලුවා නේද "
ජන්ග්මි පඩිපෙළ බැහැගෙන එන ගමන් ඇහුවා
" ඕවා කියන්න වෙලාවක් තිබුනා ද තමුසේ යුංගි ඔප්පා ගැන හිතන ගමන් අඩ අඩා හිටියේ "
" එව්වා දැන් මෙතනට අදාළ නැ තමුසේ කතාව වෙනස් කරන්න හදන්න එපා.."
හෝසොක් ජන්ග්මි දිහා බලනවා සෙයුල්ගි දිහා බලනවා කොල්ලා තුන් වැනි ලෝක යුද්ධයට අහුවෙලා වගේ
" මම ඇත්ත නේ කිව්වේ තමුසේ නොකාත් හිටියේ "
යුංගි කෙල්ල දිහා රවලා බැලුවා
" ඕවා මෙතනට අදාළ නැ කියලා මම තමුසෙට කිව්වා "
කෙල්ල කෑගහනකොට යුංගි ජන්ග්මිගේ අතින් ඇදලා එයාගේ ලගින් වාඩි කරවගත්තා
" කෑගහන්නේ නැතුව ඉන්නවා ජන්ග්මි..."
" මට බැ මට ඕන නම් කෑගහනවා "
" ජන්ග්මි මගෙන් තමුසේ ගුටි කනවා "
" මම් බය නැ හූම්.."
හෝසොක් සෙයුල්ගි දෙන්නා ටිකට් නැතුව නොමිලේ ලයිව් ෆිල්ම් එකක් බලනවා
" උබලා දෙන්නා කොහොමද බන් එකට ඉන්නේ "
" ඒක අපි බලාගන්නම් උබ සෙයුල්ගි ගැන බලාගනින් "
හෝසොක් අහපු දේට යුංගි උත්තර දුන්නා
" ජන්ග්මි අපි යමු ද ඔම්මා දැනටත් අපි දෙන්නාට දෙහි කපනවා ඇති.."
සෙයුල්ගි එහෙම කිව්වාම ජන්ග්මි කෙලින් කොල්ලා දිහා බැලුවා
" සෙයුල්ගි බඩගිනියි කන්න දෙයක් හොයාගන්න යමු "
හෝසොක් එහෙම කියලා සෙයුල්ගි අතින් අල්ලාගෙන නැගිට්ටා
" යේ....ඔප්පා මටත් බඩගිනියි."
හෝසොක් සෙයුල්ගි එක්ක කිචන් එක පැත්තට ගියාම living room එකේ ඉතුරු වුනේ ජන්ග්මි යුංගි විතරයි
" මොකද ඔහොම බලන්නේ..."
යුංගි දිහා බලාගෙන ඉන්න කෙල්ලගෙන් කොල්ලා ඇහුවා කෙල්ල මුකුත් නොකියා යුංගිගේ පපුවට ඔලුව තියාගත්තාම කොල්ලාත් ජන්ග්මිව තුරුල් කරගත්තා
" මාව දාල යන්න බැ නේද "
යුංගි ඇහුවේ හිනා වෙන ගමන්
" අනියා...එහෙම නෙවෙයි "
" නැත්තේ මොකද එහෙම තමයි "
කෙල්ල යුංගිගෙන් ඈත් වෙලා බිම බලාගත්තා
" ඔම්මා....."
" මම ඒක බලාගන්නම් ඒක ගැන හිතන්න එපා මම ඔයාට ගිෆ්ට් එකක් ගත්තා '
යුංගි එහෙම කිව්වාම කෙල්ල යුංගි දිහා බැලුවා
" පොඩ්ඩක් ඉන්න.."
යුංගි එහෙම කියලා නැගිටලා යන දිහා කෙල්ල බලාගෙන හිටියේ හිනා වෙන ගමන් තත්පර කිහිපයකින් යුංගි බෑග් එකක් අතේ තියාගෙන ආවා බෑග් එක දිහා බලලා යුංගි දිහා බැලුවා
" මේක ඔයාට "
කෙල්ලට බෑග් එක දීලා කිව්වා දෙතොලතර සිහින් සිනාවක් රදවගෙන ජන්ග්මි බෑග් එකට එබුනා බෑග් එකේ තිබුනේ light pink frock එකක් මේ තමයි යුංගි එයාට දීපු ෆස්ට් ගිෆ්ට් එක
" වොෂ් එකක් දාගෙන ඕක ඇදගෙන එන්න "
යුංගි හිනා වෙලා කිව්වා ඒත් කෙල්ල යුංගි දිහා බලාගෙන ඉන්නවා යුංගි කෙල්ලව නැගිට්ටවලා රූම් එකට එක්කගෙන ගියා
" ඔයා වොෂ් එකක් දාගෙන එනවද නැත්නම් මම වොෂ් දාවන්නද "
" යාහ්හ් "
ජන්ග්මි කෑගැහුවාම යුංගි හිනා වෙවී රූම් එකේ දොර වහගෙන ආවා
ටිකකින් ජන්ග්මි යුංගි දීපු frock එකත් ඇදගෙන ආවා සෙයුල්ගි හෝසොක් garden එකට වෙලා හිටියේ යුංගි living room එකට වෙලා කෙල්ල එනකම් බලාගෙන හිටියා
" යුංගි...."
ජන්ග්මි යුංගිට කතා කලාම කොල්ලා හැරිලා ජන්ග්මි දිහා බැලුවා කෙල්ල හිනා වෙවී යුංගි දිහා බලාගෙන ඉන්නවා කොල්ලා ඇසිපිය නොගහා ජන්ග්මි දිහා බලාගෙන ඉදියා
" මොකද ඔහොම බලන්නේ "
ජන්ග්මි ඇහුවේ යටි තොල පිටපෙරලගෙන
" තමුසේ ඇන්දාම ලස්සනට තිබුණු ගවුමත් කැත වෙලා.."
යුංගි කිව්වාම ජන්ග්මි කොල්ලාට ගස්සගෙන garden එකට ගියා
" මම හිතුවේ දැන්ම එන එකක් නැ කියලා "
කා එකට හේත්තු වෙලා හිටපු සෙයුල්ගි කිව්වා ජන්ග්මි මුකුත් නොකියා කා එකට නැග්ගා යුංගි ඒත් එක්කම වගේ ඇවිත් ඉස්සරහින් නැග්ගා සෙයුල්ගි පිටිපස්ස ශීට් එකේ ජන්ග්මි ලගින් වාඩි වුනා හෝසොක් කා එක drive කරන්න පටන් ගත්තා
ගෙදර ලගට එනකම් ජන්ග්මි නම් වචනයක් කිව්වේ නැ ගෙදර ඉස්සරහ කා එක නැවැත්තුවා
" හොබී ඔප්පේ පරිස්සමින් යන්න යුංගි ඔප්පේ අපි යනෝ "
සෙයුල්ගි එහෙම කියලා කා එකෙන් බැස්සා ජන්ග්මි යුංගිට රවලා කා එකෙන් බැහැලා ගෙදර ඇතුලට ගියා ඒත් කෙල්ල එකපාරට නැවතුනේ living room එකේ ඉන්න කස්ටිය දැකලා සෙයුල්ගි දුවගෙන ඇවිත් බ්රේක් ගැහුවේ නැත්නම් ජන්ග්මි පෙරලගෙන දෙන්නාම බිම
" ජන්ග්මි....කායි එයාගේ ඔම්මායි අප්පායි ඇවිත් තියෙන්නේ එයාලා මේ විවාහයට කැමතියි කියන්න "
ජන්ග්මිගේ ඔම්මා කෙල්ල ලගට ඇවිත් කිව්වාම ජන්ග්මි සෙයුල්ගිගේ අත තද කරලා අල්ලගත්තා කෙල්ලට දැන් ඇඩෙන්න වගේ
" දුව එදා දැක්කාට වඩා අද ලස්සන වෙලා."
කායිගේ ඔම්මා කිව්වාම කෙල්ල යාන්තම් හිනා වුනා කායි කෙල්ල දිහා අමුතු විදියට බලාගෙන හිටියා ඒක දැකපු සෙයුල්ගි දැක්කා
" ඔම්මා....පොඩ්ඩක් ඇතුලට යමු.."
ජන්ග්මි ඔම්මාගේ කනට කරලා කිව්වා
" වේ.."
" මට කතා කරන්න ඕන "
ජන්ග්මි එහෙම කියලා එයාගේ රූම් එකට ගිහින් ඇද උඩට බෑග් එක විසි කරලා අත් දෙක බැදගෙන එයාගේ ඔම්මා දිහා බැලුවා සෙයුල්ගි ජන්ග්මිගේ ඔම්මා එක්කම ආවා
" මොකද්ද කියන්න තියෙන්නේ "
" ඔම්මා මොකද්ද මේ කරන්න හදන්නේ මම එදත් කිව්වා මේ උනහපුලුවාට මම කැමති නැ කියලා "
ජන්ග්මි ඇස් වල කදුලු පුරවගෙන කිව්වා
" ජන්ග්මි ඔයා මේ කොල්ලාට විතරක් නෙවෙයි හැම කොල්ලාට කැමති නැ කියලා නේ කියන්නේ මේ සැරේ ඔයා කියන දේවල් අහන්නේ නැ අනික ඒ දරුවා නරක කෙනෙක් නෙවෙයි යුංගිව අමතක කරනවා.."
ජන්ග්මිගේ ඔම්මා එයාගේ උරහිස් වලින් අල්ලාගෙන කියද්දී කෙල්ල් බැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා
" මට එයාව අමතක කරන්න බැ ඔම්මා චේබල් ඒක නම් කරන්න කියන්න එපා මට එයාව ඕන ඔම්මා යුංගි මට ආදරෙයි ඔම්මා චේබල් මෙහෙම කරන්න එපා "
" සේහා ඔම්මා යුංගි ඔප්පා නරක කෙනෙක් නෙවෙයි එයාව අපි දන්නේ යුනි යන කාලේ ඉදලා යුංගි ඔප්පා කෙල්ලෙක්ට කියලා ලං වුනේ ජන්ග්මිට විතරයි "
සෙයුල්ගි කිව්වා
" යුංගි නරක කෙනෙක් නෙවෙයි කියලා මාත් දන්නවා ඒත් යුංගි වෙන කෙනෙක්ගේ වෙලා ඉවරයි කියලා දෙන්නාම තේරුම් ගත්තොත් හොදයි යුංගි ලගදීම මැරි කරයි එතකොට ඔයාට මොකද්ද වෙන්නේ ජන්ග්මි හැමදාම යුංගි ගැන හිතලා අඩන්න ඔයාගේ හොදට දරුවෝ මම හැමදෙයක්ම කරන්නේ ඔයා අනාගතේ සතුටින් ඉන්නවා දකින්න ඔයා ඔය දුවන්නේ මිරිගුවක් පස්සේ ඒක තේරුම් අරගෙන වැඩ කරන්න කායි එක්ක කතා කරන්න එයාව තේරුම් ගන්න බලන්න කායි එක්ක කාලය ගත කරන්න එතකොට යුංගිව ඔයාට අමතක වෙයි.... "
ජන්ග්මිගේ ඔම්මා එහෙම කියලා යන්න හැරුනත් ඊලගට ජන්ග්මි කියපු දේ නිසා එයා එතැනම නැවතුනේ
" ඔයාගේ පලවෙනි ආදරේ අමතක කරන්න පුලුවන් වුනාද ඔම්මා....මම දන්නවා ඔම්මා කවදාවත් මගේ අප්පාට ආදරේ කලේ නැ ඔම්මා හැමදාම ආදරේ කලේ ඔයාගේ පලවෙනි ආදරේට හරබොජිගේ බලකිරීමට ඔම්මා අප්පාව මැරි කලේ ඉතින් ඔම්මාට ඔයාගේ පලවෙනි ආදරේ අමතක කරන්න පුලුවන් වුනාද මගේ අප්පා කවුද කියන්න මම කවදාවත් දැකලා නැ ඔයා අප්පාගේ හැම මතකයක්ම විනාස කලා ඇයි ඔම්මා එහෙම කලේ මම ඔම්මාගෙන් අප්පා ගැන ඇහුවාම ඔයා හැමදාම මාව මගහැරලා ගියා නැත්නම් මට බැන්නා...."
ජන්ග්මිගේ ඔම්මා කෙල්ල දිහා බලාගෙන හිටියේ එයා කොහොමද මේවා දැනගත්තේ කියලා හිතන ගමන්
" මම මේවා කොහොමද දැනගත්තේ කියලා වෙන්න ඇති හිතන්නේ මම මේවා දැනගෙන ගොඩක් කල් ඔයාගේ ඩයරියේ මේවා ලියලා තිබුණේ "
", ඒකයි මේකයි වෙනස් ජන්ග්මි... හිතුවක්කාර වෙන්න එපා මෙච්චර කාලයක් මම ඉවසගෙන හිටියා තවත් බලාගෙන ඉන්නේ නැ ඔයාගේ කැමැත්තෙන් අකමැත්තෙන් මට වැඩක් නැ ඔයා කායිව මැරි කරනවා එච්චරයි "
" ඔයා කරන්නෙත් හරබොජි කරපු දේම තමයි ඔම්මා කවුද කියලා හරියට නොදන්න මනුස්සයෙක් එක්ක මට ජීවිත කාලෙම ජීවත් වෙන්න කියනවා මොන විහිලුවක් ද ඔම්මා මේ.."
ජන්ග්මි කදුලු පිහිදාන ගමන් කිව්වේ යන්න ගිය එයාගේ ඔම්මාව නවත්තගෙන ඒත් එයාගේ තීරණයේ වෙනසක් වෙන ස්වභාවයක් තිබුණේ නැ
" ඒක තමයි මම කියන්නේ කායි එක්ක කතා කරන්න එයා එක්ක කාලය ගත කරන්න කියලා එතකොට අදුරගන්න පුලුවන් තවත් කතා කරන්න දෙයක් නැ ජන්ග්මි මම එයාලට කියලා ඉවරයි අපි මේ මැරේජ් එකට කැමතියි කියලා "
ජන්ග්මිගේ ඔම්මා එහෙම කියලා ගියාම ජන්ග්මි එහෙම්ම ඇද උඩ ඉන්දුනේ කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව සෙයුල්ගි ඇවිත් කෙල්ලගේ ඔලුව අතගෑවා
" මම මොකද්ද සෙයුල්ගි කරන්නේ මම මොනාද යුංගිට කියන්නේ එයාට ඉක්මනට කේන්ති යනවා මේක කිව්වොත් පිස්සා වගේ මෙහේ දුවගෙන එයි මට කායිව මැරි කරන්න බැ සෙයුල්ගි චේබල් ඔම්මාට කියන්න මට කායිව මැරි කරන්න බැ කියලා අනේහ්..."
ජන්ග්මි අඩන ගමන් කිව්වා කෙල්ලට පුදුම අසරණ කමක් දැනුනේ උදේ යුංගි එක්ක එයා හිටපු හැටි මතක් වෙද්දී කෙල්ල හයියෙන් අඩන්න පටන් ගත්තා සෙයුල්ගි කෙල්ලගේ ඔලුව අතගෑවා
" අඩන්න එපා ජන්ග්මි අපි මොනාහරි කරමු ඔයාට මම ඉන්නවා නේ ම්ම් දැන් හොද ලමයා වගේ අඩන්න එපා "
සෙයුල්ගි කොච්චර කිව්වත් කෙල්ල ඉකිගසන ගමන් ඇඩුවා
To be continue........🖤
හේ හේ
දැන් තමයි බාල්දි පෙරලන්න පටන් ගත්තේ
ඉදිරියට තවත් සහන බලාපොරොත්තු වන්න
Bạn đang đọc truyện trên: AzTruyen.Top