ᑕᕼᗩᑭTᗴᖇ 17 🖤

Next Day Morning

යුංගිගේ පපුව උඩ මොනාහරි තියෙනවා වගේ දැනෙද්දී කොල්ලා කම්මැලිකමේ ඇස් පොඩි කරන ගමන් ඇහැරුනා එතකොට තමයි දැක්කේ එයාගේ පපුව උඩ ඔලුව තියාගෙන කකුලක් එයාගේ ඇගට දාගෙන සැපට නිදාගෙන ඉන්න එයාගේ සයිකෝ..

යුංගි හිනා වෙලා කෙල්ලගේ සිනිදු කොන්ඩේ අතරේ අතැගිලි යවලා ඔලුව අතගෑවා එතකොට ජන්ග්මි යුංගිගේ ඉන වටේ අතකුත් දාලා කොල්ලාගේ උනුසුමට තවත් තුරුල් වුනා යුංගිට දැන් හෙලවෙන්නවත් බැ ඉතින්

ටිකකින් ජන්ග්මි ඇස් ඇරියේ ඔලුව පැලෙන්න තරම් රිදෙන නිසා ඒත් එයාට සනීපයක් දැනුනේ යුංගි ඔලුව අතගාන නිසා ඒත් කෙල්ල එකපාරට අකුනක් ගැහුවා වගේ නැගිටලා ඇදෙන් බහින්න යද්දී බෙඩ්ශීට් එකේ කකුල පටලැවිලා බිම පතබෑවුනා යුංගි නැගිටලා ඇදෙන් වාඩි වුනා ජන්ග්මි ගෙම්බා පොලේ ගහලා වගේ බිම වැටිලා ඉන්න විදිය දැකලා යුංගිට හිනා ගියා

" තමුසෙට තාම වෙරි ද සයිකෝ..."

යුංගි ඇහුවේ බිම වාඩිවෙලා තමන්ට රවාගෙන ඉන්න කෙල්ලගෙන් යුංගි ඇදෙන් බැහැලා කෙල්ලට අත දික් කලත් ජන්ග්මි අහක බලාගත්තා එතකොට යුංගිගේ හිනාව වැඩි වුනා

" මොකද හිනා වෙන්නේ ආ.. "

ජන්ග්මි යුංගි දිහා බලලා ඇහුවා

" ඊයේ යුංගිව ඕන කියලා අඩපු කෙල්ල නේද මේ කියලා කල්පනා කලේ.."

" යාහ්හ් තමුසෙට පිස්සු ද..."

යුංගි කෙල්ලව බලෙන් නැගිට්ටවලා ඇදෙන් වාඩි කලා

" හොදට කල්පනා කලොත් මතක් වෙයි.."

" මොහ්.."

කෙල්ල දහ අතේ දාගෙන කල්පනා කලා

හෝසොක් ඔප්පා හම්බුනා ඊට පස්සේ හිතේ දුකටයි කාලෙකින් බිව්වේ නැති නිසා බිව්වා ඊට පස්සේ මුකුත් මතක නැ අයිෂ්.. ඔලුවත් රිදෙනවා මම කොහොමද යුංගි ලගට ආවේ එතකොට මම දැන් කොහෙද ඉන්නේ ඔම්මා සෙයුල්ගි දන්නවා ද මම මෙහේ කියලා ඔම්මා දැනගත්තොත් මම යුංගි එක්ක කියලා දහඅට සන්නිය නටලා මිස්ටර් මනාලස්ට බන්දේසියක තියලා වෙන්දේසි කරයි

යාහ්හ්හ් ජන්ග්මි මතක් කරනවා මොකද වුනේ කියලා

ජන්ග්මි ඔලුවට අතින් ගහන ගමන් කල්පනා කරනවා යුංගි හිනා වෙවී කෙල්ලගේ හැසිරීම දිහා බලාගෙන ඉදලා කෙල්ලගේ කම්බුලට පුංචි කිස් එකක් දුන්නේ ජන්ග්මි ඇස් ජිල් බෝල සයිස් කරගෙන යුංගි දිහා බලාගෙන ඉදිද්දී

" මොකද ඔහොම බලන්නේ..."

යුංගි අහිංසක විදියට හිනා වෙලා ඇහුවා

" වේ... එහෙම කලේ.."

" ආදරේ නිසා.."

",ඒත් මම ආදරේ නැ "

ජන්ග්මි කියද්දී යුංගිගේ හිනාව මැකිලා ගියා කොල්ලාට දුක හිතුනේ නැ කිව්වොත් බොරු

" කමක් නැ මම ආදරෙයි "

යුංගි හිනා වෙලා එහෙම කියලා නැගිටලා යන්න හැදුවත් ජන්ග්මි කොල්ලාගේ අතින් අල්ලපු නිසා නැවතුනේ

" මොනාහරි ඕන ද.."

ජන්ග්මි නැ කියන්න දෙපැත්තට ඔලුව වනලා නැගිටලා යුංගිගේ ඉන වටේ අත් යවලා කොල්ලාට තුරුල් වුනේ යුංගිව කම්ෆියුස් උන්ගා බුන්ගා වෙද්දී යුංගි තාමත් මොකද්ද වුනේ කියලා කල්පනා කරනවා ජන්ග්මිගේ අත් තද වෙනවා දැනෙද්දී කොල්ලාගේ එක අතක් ජන්ග්මිගේ කොන්ඩේ අතරේ යැව්වේ අනිත් අත කෙල්ලගේ ඉන වටේ එතෙද්දී

" සයිකෝ..... මොකද වුනේ "

කෙල්ල මුකුත් නොකියා හිටියා ඒත් කෙල්ලගේ කදුලු වලින් යුංගිගේ ශර්ට් එක තෙත් වෙනවා කොල්ලාට දැනුනා

" යාහ්හ්... සයිකෝ මොකද වුනේ කියනවා.."

යුංගි කෙල්ලව ඈත් කරලා කම්බුල් වල තිබුණු කදුලු පිහිදන ගමන් ඇහුවා

" යුංගි.... මියානේ.."

කෙල්ල ඉකිගසන ගමන් කිව්වේ යුංගිගේ ඇස් දිහා බලාගෙන යුංගි කෙල්ලගේ නලලට එයාගේ නලල තියාගත්තා

" ම්..මට කේ..කේන්ති ගියා...ඊට වඩා දුක හිතුනා මම හිතුවේ ඔයා මාව රැවැට්ටුවා කියලා මියානේ මම ඔයාව ගොඩක් රිද්දුවා යුංගි මියානේ..."

ජන්ග්මි අඩන ගමන් කිව්වා කොල්ලා ඇස් පියාගෙනම කෙල්ලගේ කම්බුල් වල කදුලු පිහිදුවා

" ශ්ශ්ශ්... දැන් ඇති මමත් වැරැදියි නේ තමුසෙට කලින් මම ඔක්කොම කියලා තිබුනා නම් අද තමුසේ මෙහෙම අඩන්නේ නැ දැන් ඇති ඇඩුවා.."

යුංගි කෙල්ලගේ කදුලු පිහිදලා නලලට උනුසුම් හාදුවක් තවරලා එයාගේ පපුවට තුරුල් කරගත්තා ජන්ග්මි යුංගිගේ උනුසුමට තුරුල් වුනා

" සයිකෝ... තමුසේ බිව්වාම හෙනම පිස්සු මැන්ටලයක් නේ "

යුංගි හිනා වෙවී කිව්වාම කෙල්ල මුකුත් නොකියා හිටියා

" ඊයේ එක් කෙනෙක් මට ආදරෙයි කියලා මැරෙන්න හැදුවා "

ජන්ග්මි යුංගිගේ පපුවට නිකට තියාගෙන කොල්ලාගේ මූන දිහා බැලුවා

" අපරාදේ ඒක වීඩියෝ කරගන්න තිබුණේ මට මතක් වුනේ නැ නේ "

" කවුද ඒ.."

" කෙල්ලෙක් "

" කවුදකෙල්ල කියලා තමයි අහන්නේ "

" එයාගේ නම මතක නැ..."

" මොහ්.."

ජන්ග්මි රවාගෙන ඇහුවා දැන් කෙල්ලට කොහොමහරි ඕන යුංගිට ආදරෙයි කියපු කෙල්ල හොයාගන්න

මොකී ද ඒ පගරනැට්‍ටිච්චි මට අහුවුනොත් මම ඕකිගෙන් වෙසක් කූඩුවක් හදලා වෙසක් එකට එල්ලනව මේ පූස් තඩියාත් මනමාල හිනාව දාගෙන ඒක කියපු ලස්සන මූට හොම්බ කට සමතලා වෙන්න දෙන්න හිතයි මොකද තමුසේ හිනා වෙන්නේ මගේ හිත කියවනවා නේද

ජන්ග්මි අන්තිමට එහෙම හිතුවේ යුංගි හිනා වෙන්න පටන් ගත්ත නිසා

" තමුසේ නම් මහ පිස්සු කෝලක් සයිකෝ "

" මට ඒවා වැඩක් නැ ඒ කෙල්ල කවුද "

" ම්ම්ම් මම නම් එයාට කියන්නේ සයිකෝ කියලා "

යුංගි හිනා වෙලා කිව්වාම කෙල්ල කල්පනා කලේ කොයිවෙලේ ද එහෙම දෙයක් කිව්වේ කියලා

" මම කිව්වේ නැ තමුසෙට පිස්සු ද පූසෝ.."

ජන්ග්මි කෑගහලා කිව්වාම යුංගි කෙල්ලව අතහැරියා

" එතකොට කවුද දන්නේ නැ මාව බදාගෙන මගේ යුංගිට මම් ගොඩාලියක් ආදලෙයි කිව්වේ මම කියුට් කියලත් කිව්වා අනික මාව කිස් කරත් එක්ක "

යුංගි කිව්වාම ජන්ග්මි කල්පනා කලේ එච්චර දෙයක් කලා ද කියලා

" ආදරෙයි කියලා නම් කියන්න ඇති ඒත් බීලවත් මම තමුසෙව කිස් කරන්නේ නැ පූසෝ...මට මං ගැන විශ්වාසයි.."

ජන්ග්මි එහෙම කිව්වාට මොකද හිතේ කොනක පොඩි සැකයක් තිබුනා එයා මොන පිස්සුවක් නැටුවා ද් දන්නේ නැ කියලා

" මගේ ඇදුම් මාරු කලේ තවුසෙද "

ජන්ග්මි එකපාරට එහෙම ඇහුවේ කෙල්ලට දැන් තමයි ඇදුම ගැන මීටර් වුනේ යුංගි ඔව් කියන්න ඔලුව වැනුවා

" මොහ්..."

ජන්ග්මි ඇස් ජින් බෝල සයිස් කරගෙන කෑගැහුවා

" සයිකෝ... අහන්නකෝ කලබල වෙන්න එපා ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුණේ නැ අනික තමුසේ මගේ නේ..."

යුංගි ජන්ග්මිව ලගට ගන්න ගමන් කිව්වා

" මම කිව්වේ නැ නේ මම තමුසෙගේ කියලා "

" තමුසේ කියන්න ඕන නැ තමුසේ මගේ එච්චරයි "

" පිස්සු පූසෙක් "

ජන්ග්මි එහෙම කියලා යුංගිගේ පපුව උඩින් ඔලුව තියාගත්තා

" ඔලුව රිදෙනවා ද ම්ම්.."

යුංගි හිමින් කෙල්ලගේ කොන්ඩේ අතරේ අතැගිලි යවමින් කතා කලා

' හ්ම්ම්.."

" අනිත් දවසේ මම නැති තැනක බීලා අහුවුනොත් මරලා හංගනවා.."

" ඊට පස්සේ අඩ අඩා හොයනවද "

කෙල්ල ඔලුව උස්සලා යුංගි දිහා බලාගෙන ඇහුවා

" විහිලු නෙවෙයි ජන්ග්මි තනියෙන් බොන්න එපා බිව්වාට පස්සේ වෙන මුකුත් තමුසෙට මතකත් නැ මම ඊයේ එන්න කලින් මොනාහරි වුනා නම් ම්ම් මම මොකද කරන්නේ...ඔයා පරිස්සම් වෙන්න ඕන ජන්ග්මි අරස්සෝ...?"

" යේ...."

" ආපහු තනියෙන් කොහෙවත් යන්නත් එපා ම්ම් "

ජන්ග්මි හා කියන්න ඔලුව වැනුවා

" ඔහොම ඉන්න මම මොනාහරි හදාගෙන එන්නම් "

යුංගි එහෙම කියලා ජන්ග්මිගේ නලලට කිස් එකක් දීලා යන්න ගියා යුංගි ගියාට පස්සේ රූම් එක වටේ ඇස් යවපු කෙල්ල එක තැනක නැවතුනා  සෝෆා එක උඩ තිබුණු ගිටාර් එක දැක්කාම කෙල්ලගේ මුහුනේ හිනාවක් ඇදුනේ ආයාසයකින් කෙල්ල හිමින් අඩි තියලා ගිහින් සෝෆා එකෙන් වාඩි වෙලා ගිටාර් එක උකුලට අරගත්තා

කෙල්ලට මතක් වුනේ යුංගි එයාට ටොකු අනින ගමන් ගිටාර් play කරන්න උගන්නපු හැටි කෙල්ල හිනා වෙවී ගිටාර් එකේ තත් අතරේ අතැගිලි යැව්වා කෙල්ල සිංදුවක් මුමුනන ගමන් ගිටාර් play කලා

යුංගි කොෆි එකක් හදාගෙන රූම් එකට ආවා කොල්ලා දොරට හේත්තු වෙලා ඇස් දෙක පියාගෙන හරි සැහැල්ලුවෙන් ගිටාර් එක ප්ලේ කරන ජන්ග්මි දිහා බලාගෙන හිටියා

ඉස්සර වගේමයි

ජන්ග්මි දිහා බලාගෙන ඉදීද්දී කොල්ලාට හිතුනේ එහෙමයි ජන්ග්මිට ලස්සන කටහඬක් තිබුනා ඒත් එයා සිංදුවක් කිව්වේ තනිවුනු වෙලාවට විතරයි හැබැයි යුංගි සෙයුල්ගි දෙන්නාම දැනගෙන හිටියා ජන්ග්මිට ලස්සනට සිංදු කියන්න පුලුවන් බව

කෙල්ල සිංදුව ඉවර කරනවත් එක්ක කොල්ලා කොෆි එක අරගෙන ජන්ග්මිගේ ලගට හිමින් ගියා කොල්ලා කොෆි එක ස්ටූල් එක උඩින් තියලා ජන්ග්මිගේ පිටිපස්සෙන් වාඩිවුනා කෙල්ල ඇස් ඇරලා යුංගි දිහා බැලුවා

" යුංගි... "

" ම්ම්.."

කොල්ලා ජන්ග්මිගේ කොන්ඩේ එක පැත්තකට දාලා බෙල්ලට පුංචි කිස් එකක් දුන්නේ කෙල්ල ගැස්සිලා යද්දී යුංගි ජන්ග්මිගේ උරහිසෙන් නිකට තියලා පියාගත්තා ජන්ග්මි ලගින් එන soft smell එකට යුංගි කවදත් ආසයි

යුංගිගේ ඇගිලි තුඩු ගිටාර් එකේ තත් අතරේ යද්දී ජන්ග්මි යුංගිගේ මූන දිහා බලාගෙන හිටියේ නලලට වැටුනු කලු පාට කොන්ඩේ පියවුනු සූටි ඇස් ලා රෝස පාට තොල් දිහා ජන්ග්මි බලාගෙන හිටියේ කෙල්ල යුංගිගේ මූනෙන් එක තත්පරේකට ඇස් ගත්තේ නැ

යුංගි සිංදුව ඉවර කරලා කෙල්ල දිහා බැලුවේ ජන්ග්මි තාමත් යුංගි දිහා බලාගෙන හිටියේ යුංගි කෙල්ලගේ තොල් වලට හාදුවක් තවරලා ඉක්මනට ඈත් වුනා හැබැයි ජන්ග්මි ඊලගට කරපු දේ නිසා යුංගි කම්ෆියුස් උන්ගා බුන්ගා වුනා ජන්ග්මි එකපාරට යුංගිගේ තොල් අල්ලගත්තා කෙල්ල ඇස් පියාගෙන හරි සැහැල්ලුවෙන් යුංගිව සිපගන්නවා ටික වෙලාවකින් යුංගි කිස් එකේ ලීඩ් එක ගත්තේ ජන්ග්මිගේ යටි තොල ත් හපලා

ඒත් එක්කම මොකද්දෝ බිම වැටිලා කුඩු වෙන සද්දයක් ආපු හින්දා දෙන්නාම ඈත් වෙලා දොර දිහා බැලුවා ඇවිල්ලා හිටපු කෙනා දැක්කාම යුංගි හිටියේ මරාගෙන මැරෙන සයිස් එකක..

To be continue.........🖤

ඊයේ ක්ලාස් එකේ දී බෙස්ටි කියන එකී අහිංසක මට පාඩුවේ ඉන්න දුන්නේ නැ කතාව අප්ඩේට් කරපිය කියලා ඔන්න අප්ඩේට් දුන්නා දැන් මම යනෝ නිදාගන්න

Good Night readers
ඕතර්ට දොයිමතයි හූම් 😴
බායිම්

Bạn đang đọc truyện trên: AzTruyen.Top