ᑕᕼᗩᑭTᗴᖇ 16 🖤
ජන්ග්මි හෝසොක් කියපු දේවල් මතක් කරන ගමන් පාර දිගේ ඇවිදගෙන ගියා යුංගිට කතා කරපු විදියට කෙල්ලට මතක් වෙද්දී ජන්ග්මිට දුක හිතුනා ඒත් යේරා යුංගිව හග් කරගෙන හිටපු විදිය මතක් වෙද්දී කෙල්ලට තරහ ගියා
මේ අවස්ථාව වන විට ජන්ග්මිගේ මොලය පිස්සන් කොටුවකට වඩා අන්තයි කෙල්ල අත් දෙකෙන් කොන්ඩේ අවුල් කරගත්තේ මහ පාර කියලා අමතක වෙද්දී පාරේ යන මිනිස්සු පිස්සෙක් දිහා බලනවා වගේ ජන්ග්මි දිහා බල බලා යනවා ඒත් කෙල්ලට ගානක් නැ
__________________________
මේ අතරේ යුංගි හිටියේ ජින්ගේ කැබින් එකට වෙලා කොල්ලා කොන්ඩේ අතරේ අතරේ අතැගිලි යවමින් කල්පනා කලේ කෙල්ලව කොහොමද යාලු කරගන්නේ කියලා ජන්ග්මිව යුංගිගේ ලගට යැව්ව එක ගැන ජින් පසුතැව්නා ඒත් එක්කම කැබින් එකට ආවේ හෝසොක්
" මොකද මේ..."
හෝසොක් එහෙම අහගෙන යුංගිගේ එහා පැත්තෙන් වාඩිවුනා
" ජන්ග්මි යුංගි යේරා එක්ක ඉන්නවා දැකලා යුංගිට බැනලා ජන්ග්මි ගිහින් "
ජින් කිව්වාම හෝසොක් යුංගි දිහා බැලුවා
" හෙට උදේ වෙනකොට කෙල්ල උබට කතා කරනවා ඒක නිසා බය නොවී හිටපන් "
හෝසොක් යුංගිගේ පිටට තට්ටුවක් දාලා කිව්වාම ජින් යුංගි දෙන්නාම හෝසොක් දිහා බැලුවා
" මොකද උබලා ඔහොම බලන්නේ "
හෝසොක් ඇහුවේ තමන් දිහා කන්න වගේ බලාගෙන ඉන්න ජෝඩුව දිහා බලන ගමන්
" උබ කොහොමද එහෙම කියන්නේ "
" මම ජන්ග්මි එක්ක කතා කරලා ඔක්කොම පැහැදිලි කරලා දුන්නා මම හිතන්නේ කෙල්ල මම කියපු දේවල් තේරුම් ගත්තා දැන් ඉතින් ඔය ගැන හිතන්න එපා බන් කෙල්ල උබ එක්ක කතා කරයි "
හෝසොක් එයාගේ සුපුරුදු හිනාව දාලා කිව්වා
" එයා කතා කලේ නැත්නම්......"
" උබ ගිහින් කතා කරපන් "
ජින් කිව්වාම යුංගි ඔලුව වැනුවා
" යුනි එකේ අලි ඔලුවෙන් හිටපු කොල්ලාට කෙල්ලෙක් හින්දා වෙච්ච දෙයක් "
හෝසොක් දුකෙන් වගේ කියද්දී ජින්ගේ වීදුරු පිහිදන හිනාව දැම්මේ යුංගි එතැනින් නැගිටලා ගියා
" යුංගියා කොහෙද යන්නේ "
කොල්ලා මුකුත් නොකියා ෆෝන් එක දිහා බලාගෙන යන්න ගියා...
.
.
රෑ 9.00 ට විතර යුංගි කල්පනා කරලා කරලා අන්තිමේ දී ජන්ග්මිට කෝල් කලා දෙපාරක් රින්ග් යනකොට ආන්සර් කලා
" යෙබුස්සයෝ...ජන්ග්මි..."
" යෙබුස්සයෝ "
ඒත් ඒ ජන්ග්මිගේ කටහඬ නෙවෙයි කියලා අදුරගන්න යුංගිට වැඩිවෙලාවක් ගියේ නැ
" තමුන්ගේ ලගට කොහොමද ජන්ග්මිගේ ෆෝන් එක ආවේ "
" සර් මේ ෆෝන් එක අයිති කෙල්ල බීලා බීලා හොදටම නිදි "
" මොහ්....කොහෙද "
" $#@*##"
" හරි මම එන්නම් ඔහොම ඉන්න "
යුංගි එහෙම කියලා කැප් එකයි මාක්ස් එකත් දාගෙන කලු පාට ජැකට් එකත් ඇදගෙන ඉක්මනට ගියේ දැනටමත් ජන්ග්මි මොන වගේ පිස්සුවක් නටලාද කියලා ෂුවර් නැති හින්දා
" උයා දල්ලනව ද...හිකිස්... මම් එයාත ගොඩාලියක් නලක විදියට බැන්නා..හිකිස්..කිති වලදක් නොකල එයාත මම් බැන්නා..හිකිස්..වලදක් නොකලා කිල්ලන්නත් බ්ලැ..එයා මහ බොලුකාලයෙක් හිකිස්..බොලුකාලයා...බත් අයි ලව් හිම්..බොලුකාලයා..."
ජන්ග්මි සෝජු බෝතලේ කරකව ගමන් සෝජු බෝතලේ සමග ලොකු සාකච්ඡාවක කඩේ වැඩ කරන අජුම්මා අනේ සංසාරේ වනේ වාසේ වගේ ෆීලින් එකකින් කෙල්ල දිහා බලාගෙන ඉන්නේ අජුම්මා හිතාගෙන ඉන්න කෙල්ල තඩි පොල් සයිස් බූටක් කාලා කියලා
යුංගි එවලේ තමයි ආවේ කොල්ලා ඇතුලට යනකොට අජුම්මා පෙන්නුවේ සෝජු බෝතලේ එක්ක තනියෙන් කියවන ජන්ග්මිව කොන්ඩේත් පිස්සියක් වගේ අවුල් කරගෙන තනියෙන් කියවන ජන්ග්මි ලගට කොල්ලා ගිහින් කෙල්ලගේ මූනට වැටිලා තිබුණු කොන්ඩේ අයින් කලා කෙල්ලගේ කම්බුල් ඉදිමිලා ලා රෝස පාට වෙලා
" ජන්ග්මි.."
යුංගිගේ කටහඬ ඇහුනාම කෙල්ල යුංගි දිහා බැලුවා
" කවුඩ හිකිස්.. උයා.."
කෙල්ල බෙල්ල පැත්තට හරවලා ඇහුවා යුංගිගේ කෙල්ලගේ කම්බුලක් හරි ආදරෙන් පිරිමැද්දේ මුකුත් නොකියා
" යමු දැන් "
ජන්ග්මිගේ බෑග් එකයි ෆෝන් එකයි ගත්ත යුංගි නැගිටලා කිව්වාම කෙල්ල බැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා
" ජන්ග්මි හොද ලමයා වගේ එන්න "
" බ්ලැ මම එල්ලේ නැ...."
යුංගි කෙල්ලගේ බෑග් එකයි ෆෝන් එකයි ආපහු මේසේ උඩින් තියලා කෙල්ල දිහාට හැරුනා
" එන්නේ නැත්නම් බලෙන් උස්සගෙන යනවා.."
" එතෝට මම් යුංගියාට කිලනෝ.."
යුංගිට හිනා ගියේ ජන්ග්මි ඒක පොඩි එකෙක් වගේ කිව්ව විදියට
" මගේ සයිකෝ... බලන්න මගේ දිහා ම්ම්.."
යුංගි ආදරෙන් කතා කරද්දී කෙල්ල ඇස් දෙක ජිල් බෝල වගේ කරගෙන යුංගි දිහා බැලුවා
" ඔයා තව මෙතන හිටියොත් අර අජුම්මාට ගෙදර යන්න පරක්කු වෙයි ඒක නිසා හොද කෙල්ල වගේ මාත් එක්ක යන්.."
" එතෝට මගේ යුංගියා මාත් එක්ක තලහ වෙයි එයා දැලුත් මම් එක්ක තලහෙන් ඇත්තේ "
යුංගි හිනා වෙන ගමන් කෙල්ලගේ ඔලුව අතගෑවා
" අනියා.. ඔයාගේ යුංගි ඔයා එක්ක තරහ වෙන්නේ නැ දැන් යමු නේද "
" ඇත්තම නේද "
" යේ..."
" හලි එහෙනම් ය්මු "
ජන්ග්මි එහෙම කියලා නැගිට්ටාට මොකද කෙල්ල දෙපැත්තට වැනෙනවා ජන්ග්මි වැටෙන්න යනකොට කොල්ලා අල්ලගත්තා කෙල්ලට ඇවිදගන්නවත් පනක් නැ ජන්ග්මිව හරහට වඩා ගත්ත යුංගි කෙල්ලව එක්කගෙන ගිහින් කා එකෙන් තියල ඇවිත් ජන්ග්මිගේ බෑග් එකයි ෆෝන් එකයි අරගෙන අජුම්මාට ස්තූති කරලා ගිහින් කා එකට නැග්ගා..
ජන්ග්මි නින්ද ගිහින් කොල්ලා ජන්ග්මි දිහා බලලා drive කරන්න පටන් ගත්තා යුංගි ගියේ entertainment එකෙන් එයාට දීලා තිබුණු apartment එකට යුංගි ජන්ග්මි ඇහැරෙන්නේ නැති වෙන්න හරහට අරගෙන apartment එක ඇතුලට ගිහින් කෙල්ලව ඇදෙන් තියලා ආවා ඊට පස්සේ සෙයුල්ගිට කෝල් කලා
" යෙබුස්සයෝ සෙයුල්ගි "
" වේ යුංගි ඔප්පා "
" ජන්ග්මි ඉන්නේ මාත් එක්ක "
" මොහ්..."
" යේ... "
" හරි ඔප්පා මම මොනාහරි කරන්නම්.."
" හරි සෙයුල්ගි "
ස
ෙයුල්ගි එහෙම කියලා ෆෝන් එක තියලා එහා පැත්තේ හිටපු කෙනා දිහා බැලුවා ඒ කෙනා හිටියේ සෙයුල්ගිගේ අතකින් අල්ලාගෙන
" ජන්ග්මි ඉන්නේ යුංගි ඔප්පා එක්කලු.."
" ඒ කියන්නේ ඔයා මාත් එක්ක ම්ම්.."
ඒ කෙනා සෙයුල්ගිගේ මූනට එබිලා කිව්වා සෙයුල්ගි හිනා වෙලා ඔලුව වැනුවේ ඔව් කියන්න
_________________________
යුංගි ෆෝන් එක තියලා රූම් එකට යනකොට ඇදේ කවුරුවත් හිටියේ කොල්ලාට දෙලෝ රත් වුනා
" යාහ්හ් සයිකෝ තමුසේ කොහෙද "
කොල්ලා ඇද යටත් බලලා බාත් රූම් එකෙත් බැලුවා ඒත් කොහෙවත් ජන්ග්මි නැ එතකොට තමයි බැල්කනිය පැත්තෙන් සද්දයක් ආවේ කොල්ලා ඉක්මනට බැල්කනියට දිව්වා
' යාහ්හ් සයිකෝ..."
යුංගි ඉක්මනට ගිහින් කෙල්ලව අල්ලාගත්තේ නැත්නම් බැල්කනියෙන් වැටිලා රොටියක් වෙයි කියලා කෙල්ල හිටියේ අත්වැටට හේත්තු වෙලා වුනත් යුංගි කෙල්ලගේ ඉන වටේ අත් යවලා ලගට ගත්තා
" තමුසෙට පිස්සු ද ආ කෙලින් හිටගන්න බැ තව පොඩ්ඩක් මම එන්න පරක්කු වුනා නම් වැටෙනවා "
" වැටුන් ලැ ලේ..හිකිස්.."
කෙල්ල කකුලේ ඇගිලි තුඩු වලින් ඉස්සි ඉස්සි අත් වැට උඩ වාඩිවෙන්න ෆුල් ට්රයි එක
" ලැ ලැ තමයි "
යුංගි කෙල්ලගේ ඉනෙන් උස්සලා අත්වැට උඩ වාඩිකලා ජන්ග්මිගේ යුංගිගේ බෙල්ල වටේ අත් දෙක යවලා කකුල් දෙකත් කොල්ලාගේ ඉන වටේ පටලවාගත්තා යුංගිගේ කෙල්ලගේ ඉන වටේ තිබුණු අත් දෙක තද කලා
" උයා.. කියුට් කිටියෙක් වගේ.."
කෙල්ල කිව්වේ යුංගිගේ කම්බුල් මිරිකන ගමන්
" යාහ්හ් සයිකෝ රිදෙනවා මෝඩියේ ඔය අත් දෙක ගන්නවා.."
කොල්ලා කොච්චර කිව්වත් ජන්ග්මි නම් අත් ගත්තේ නැ
" මගේ කියුට් කිටියා...මගේ විතරයි හිකිස්..."
කෙල්ල එහෙම කියලා යුංගිගේ කම්බුල් අතහැරලා කොල්ලාගේ කම්බුලට හාදුවක් තැවරුවා යුංගිගේ කම්බුල් රෝස පාට වෙලා
" දැන් එන්න නිදාගන්න "
" බ්ලැ... මත..හිකිස්..මත යුංගිව ඕලේ එයත් කිටියෙක් වගේ හිකිස්... එයාත තලහ ගියාම ගොඩාලියක් නපුලුයි..උයා දන්නවද කිටියෝ හිකිස්... මම් එයාත ගොඩාලියක් ආදලෙයි..හිකිස්.. එයා මත නොකියා ගියාම මත ජුක හිතුනා එයා නැතුව මම් ගොඩාලියක් පාලුවෙන් හිටියේ මත එයාව ඕන කිටියෝ "
ජන්ග්මි යුංගිගේ බෙල්ල අස්සේ මූන හංගගෙන මිමිනුවා
" මාත් ඔයාට ගොඩක් ආදරෙයි සයිකෝ.."
යුංගි කෙල්ලගේ කනට මිමිනුවේ හිනා වෙන ගමන්
" මම උයාට නෙවෙයි කිටියෝ ආදරෙයි කිව්වේ මගේ යුංගියාට.."
කෙල්ල යුංගිගෙන් ඈත් කිව්වා
" අහ් හරි හරි දැන් යන් නිදාගන්න "
යුංගි එහෙම කියලා කෙල්ලව බස්සන්න හදනකොට ජන්ග්මි යුංගිගේ කම්බුලක් දත් වලින් හැපුවා
" ආව්...රිදෙනවා සයිකෝ...දත් පාර හිටියි මෝඩියේ .."
යුංගි කෑගැහුවේ ජන්ග්මිගේ වැඩ හින්දා සමාජයට මුහුන දෙන්න බැරි වෙයි කියන සාධාරණ බයක් හිතට දැනෙද්දී යුංගි කෑගහනකොට ජන්ග්මි කොල්ලාගේ කම්බුල අතහැරියා
" තමුසේ එක්ක ඉන්න හම්බ වෙන්නේ නැ මෙහේ එනවා නාවන්න "
කෙල්ල කෝලා කෙනෙක් වගේ යුංගිගේ ඇගේ එල්ලිලා ඉදිද්දී කොල්ලා ජන්ග්මි එක්කගෙන බාත් රූම් එකට දොරත් පයින් ගහලා වැහුවා ශවර් එක ඇරියා වතුර සීතල නිසා යුංගිට කෙල්ල තුරුල් වුනා
කෙල්ලගේ ඇදුම් ඔක්කොම තෙත් වෙලා යුංගිත් භාගෙට නෑවිලා ඉන්නේ කොල්ලා දහස් වතාවක් හිතලා අන්තිමේ දී ජන්ග්මිගේ ඇදුම් ඔක්කොම ගලවලා අයින් කරලා ශවර් එකත් ඕෆ් කලා මේ වෙනකොට කෙල්ලට යාන්තම් වගේ හොද සිහිය ඇවිත් තිබුණේ
යුංගි ටවල් එකත් කෙල්ලට අන්දලා රූම් එකේ ඇද උඩින් වාඩි කරලා කොන්ඩේ පිහිදන්න පටන් ගත්තා
" හචින්...."
ජන්ග්මි කිවිසුමක් යැව්ව හින්දා යුංගි කොන්ඩේ පිහිදන එක නවත්තලා කෙල්ල දිහා බැලුවා ජන්ග්මි යුංගිගේ ඉන වටේ අත් යවලා කොල්ලාට තුරුල් වෙලා ඉදිද්දී යුංගි ආපහු කොන්ඩේ පිහිදන්න පටන් ගත්තා
කොන්ඩේ පිහිදලා කොල්ලාගේ ශර්ට් එකක් අන්දලා ජන්ග්මිව ඇදේ හාන්සි කරලා උනුසුමට බ්ලැන්කට් එකත් පොරවලා කොල්ලා ගියේ තෙමුනු ඇදුම් මාරු කරගෙන එන්න
කොල්ලා ඇදුම් මාරු කරගෙන එද්දී කෙල්ල ආපහු මිසින්
" මේකි නම් සොම්බියෙක් ද මන්දා "
යුංගි එහෙම කියලා ජන්ග්මි හොයන්න හැදුවේ
" හචින්..."
ක්ලෝසෙට් එක අස්සට වෙලා ඉන්න ජන්ග්මි දිහා කොල්ලා බැලුවේ ඇස් හීනි කරගෙන
" සෙල්ලම් කරන්න ද හදන්නේ "
" හචින්..."
නහය උඩට ඇද ඇද යුංගි දිහා බලාගෙන ඉන්න කෙල්ලව නැගිට්ටවගෙන ගිහින් ඇදට ගියා යුංගි ජන්ග්මි තුරුල් කරගෙන නින්දට ගියේ හැමදාම කෙල්ල එයා ලගින්ම ඉන්න කියලා ප්රාර්ථනා කරමින්......
To be continue.........🖤
අද අප්ඩේට් කරන්න නෙවෙයි හිටියේ ඒත් කොහෙද ඉතින් බෙස්ටි කියන ජීවියා කඩු කිනිසි උස්සගෙන ආවා නේ 💔
Bạn đang đọc truyện trên: AzTruyen.Top