ᑕᕼᗩᑭTᗴᖇ 15 🖤

" යුංගි .....යුංගි....යුංගි "

සේහි එහෙම කියලා වියරුවෙන් වගේ හිනා වෙන්න පටන් ගත්තා

" ඔයා හිතනවද යුංගි ඒ කෙල්ලව අතහරියි කියලා "

යේරා ඇහුවේ සේහි ඉස්සරහට ඇවිත්

" යුංගි කෙල්ලව අතනොහැරියත් කෙල්ල යුංගිව අනිවාර්යයෙන් rechecked කරනවා "

" ඒ වුනත් යුංගි මාත් එක්ක කතා කරන්නවත් කැමති නැ නේ "

එහෙම කිව්වාම සේහි යේරා දිහා බැලුවා

" ඒක තමුන්ගේ වැඩක් මට මේවාට අත දාන්න ඕන නැ තමුන් හරියට තමුන්ගේ වැඩේ කරා නම් "

සේහි තරහෙන් කිව්වේ

" දැන් මම මොකද්ද කරන්න ඕන "

" තමුසෙට හැමදේම මං කියන්න ඕන ද ආ මොලයක් තියෙන්නේ කල්පනා කරලා මොනාහරි කරනවා "

සේහි යේරාට කෑගහලා රූම් එකෙන් එලියට ගියා යේරාට ඕන වුනේ කොහොමහරි යුංගිව එයාගේ පැත්තට හවරගන්න ඒත් ගෙවුණු අවුරුදු හත පුරාවටම යුංගි යේරා එක්ක කතා නොකරපු තරම් මිස්ටර් මින් කොල්ලාට කෑගැහුවාම තමයි යේරාගෙන් එන කෝල් එකක්වත් ආන්සර් කලේ ඒ කතා කලත් යුංගි උත්තර දුන්නේ කෙටියෙන්

ඒ කාලේ ඇතුලත සේහි යේරාව යුංගිට ලං කරන්න කොච්චර උත්සාහ කලත් ඒ කිසිදෙයක් හරි ගියේ නැ යේරාව යුංගි ගැන අදහසක් මුලදී නොතිබුනත් සේහි යේරාගේ හිතේ යුංගි ගැන කැමැත්තක් ඇති කලා හොදින් හෝ නරකින් යුංගි තමන්ගේ කරගන්න කියලා සේහි යේරාට උපදෙස් දුන්නා

___________________________

පසුදින ජන්ග්මි ලෑස්ති වුනේ entertainment එකට යන්න මොකද ජින් කෙල්ලට එන්න කියලා තිබුණු නිසා කෙල්ල රෙඩි වෙලා ගෙදරින් එලියට බහිනකොටම සෙයුල්ගි දුවගෙන ආවා කෙල්ල ලගට

" හෝසොක් ඔප්පාට උබ එක්ක කතා කරන්න ඕන කිව්වා "

ජන්ග්මි සෙයුල්ගි දිහා බැලුවේ මාත් එක්ක මොනාද එයාට කතා කරන්න තියෙන්නේ කියලා අහන්න වගේ

" අපි කවුරුවත් නොදන්න දෙයක් තියෙනවා කිව්වා "

ජන්ග්මි කට කොනින් හිනා වෙලා සෙයුල්ගිට මුකුත් නොකියා යන්න ගියා ජන්ග්මි entertainment එකට ඇවිත් කෙලින්ම ගියේ ජින්ගේ කැබින් එකට

" ජන්ග්මි එන්න ඇවිත් වාඩිවෙන්න ඔයා එනකම් තමයි බලාගෙන හිටියේ "

ජින් කිව්වාම කෙල්ල බොරු හිනාවක් මවාගෙන ඇවිත් ජින් ඉස්සරහින් වාඩිවුනා

" යුංගි එක්ක තියෙන......."

ජින් කතාව සම්පූර්ණ කරන්න කලින් ජන්ග්මි කතා කලා

" අපි ඔය ගැන කතා නොකර ඉමු අනිත් දේ මිස්ටර් කිම් ඉක්මනට මේ පෝස්ට් එකට කවුරුහරි හොයාගන්න "

ජන්ග්මි මිස්ටර් කිම් කිව්ව නිසා ජින් පොඩ්ඩක් ගැස්සුනා

" ඔයාට එහෙම අස් වෙන්න බැ මිස් ජන්ග්මි අඩුම ඔයා මාස තුනක්වත් වැඩ කරන්න ඕන මතක ද ඔයා sign කරපු agreement එක "

ජින් කියද්දී ජන්ග්මිගේ මූන වෙනස් වුනා

" ම්ම් ඕකේ මට මිස්ටර් කිම් එන්න කිව්වේ...."

" Next week යුංගිගේ සෝන්ග් එකේ shooting පටන් ගන්නවා ඉතින් මිස් ජන්ග්මිට වැඩ ගොඩක් තියේවී යුංගිගේ හැමදේම ගැන ඔයා අවධානයෙන් ඉන්න ඕන.........."

ඔය වගේ උපදෙස් ගොඩක් ජින් කෙල්ලට දුන්නා ඒත් ජන්ග්මිගේ ඔලුවට ඒවායින් කීයක් ගියා ද කියන එක ප්‍රශ්නයක්

" මිස් ජන්ග්මි මේක යුංගිගේ මෙඩිකල් රිපෝට් එක එයාට ගෙනිහින් දෙන්න යුංගි practice room එකේ  ඇති "

ජින් එහෙම කියලා ජන්ග්මිට ෆයිල් එකක් දුන්නා කෙල්ල ජින්ට ආචාර කරලා ජින්ට ඕන වුනේ කොහොමහරි ජන්ග්මි යුංගි ලං කරන්න කොල්ලා ඒක නිසා මෙලෝ වැඩකට නැති ෆයිල් එකක් දීලා කෙල්ලව practice room එකට යැව්වේ

ජින් එතැන සිද්ධ වෙන දේ ගැන දැනගෙන හිටියා නම් කවදාවත් කෙල්ලව practice room එකට නොයවා ඉදීවී ඒත් දෛවය කියන දේ වෙනස් කරන්න බැ නේද

කෙල්ල ජින් දීපු ෆයිල් එකත් අරගෙන practice room එකට ගියා කෙල්ල practice room එකේ දොර ඇරලා බලනකොට  දැක්ක දේ හින්දා ජන්ග්මිගේ ඇස් වලට කදුලු පිරුනා

කෙල්ල යුංගිව බැක් හග් කරගෙන අඩ අඩා මොනාද කියනවා යුංගි මුකුත් නොකියා ඉන්න නිසා ජන්ග්මිට දරාගන්න බැරී වුනේ කෙල්ලට හිතුනේ අපරාදේ ආවේ කියලා කෙල්ල හැරිලා යන්න හදනකොට එතැන තිබුණු වතුර බෝතලයක් කෙල්ලගේ කකුලේ වැදිලා පෙරලුවා කොල්ලා ඒ සද්දේට හැරිලා බැලුවේ එතකොට තමයි දැක්කේ කදුලු පුරවගෙන එයා දිහා බලාගෙන ඉන්න ජන්ග්මිව යුංගි යේරාව තල්ලු කරලා ජන්ග්මි ලගට ගියා

" යුංගිශි මේක ජින් ඔප්පා ඔයාට දෙන්න කිව්වා "

කෙල්ල අමාරුවෙන් වචන ගැට ගහගෙන යුංගිගේ අතට ෆයිල් එක දීලා යන්න ගියා

" ජන්ග්මි......"

කොල්ලා ෆයිල් එක පැත්තකට විසි කරලා ජන්ග්මි පස්සෙන් ගියේ යේරා මේ දිහා බලාගෙන ඉදිද්දී

" එතකොට එයාද ජන්ග්මි කියන්නේ.....හිතුවාට වඩා ලස්සනයි "

යේරා කිව්වේ කිබුල් කදුලු පිහිදන ගමන් යුංගි ජන්ග්මිට කතා කරන ගමන් කෙල්ල පස්සෙන් ඇවිදගෙන ගියා ඒත් ජන්ග්මි එයාට නෙවෙයි වගේ  කදුලු පිහිදන ගමන් ඇවිදගෙන ගියා යුංගි ඉක්මනට ඇවිත් කෙල්ලගේ අතින් ඇදලා ලගට ගත්තා ජන්ග්මිගේ ඉන වටේ අත් යවපු යුංගි කෙල්ලව එයාගේ ඇගට තද කරගත්තේ ජන්ග්මි කොල්ලාගෙන් බේරෙන්න දගලද්දී කොරිඩෝ එකේ මිනිස් පුලුටක්වත් නැති නිසා හොදයි නැත්නම් හෙට උදේ සෝෂල් මීඩියා වල trending වෙන්නේ ජනප්‍රිය ගායක මින් යුංගි ඔහුගේ කලමනාකාරිනියව වැලදගෙන සිටියි කියලා

" ජන්ග්මි මට කතා කරන්න ඕන "

" මට තමුසේ එක්ක කතා කරන්න කිසිදෙයක් ඉතුරු වෙලා නැ මින් යුංගි "

කෙල්ල දගලලා කොහොමහරි යුංගිගේ අත් වලින් බේරුනා

" ජන්ග්මි කියන දේ අහනවා එතැන තමුසේ දැකපු දේ නෙවෙයි වුනේ "

" මම එතැන දැකපු දේ ගැන කියන්නේ තමුසේ එන්ගේජ් වෙලා කියලා ඇයි මට නොකිව්වේ ආ තමුසෙට මාව සෙල්ලමක් ද යුංගි ඇයි මෙහෙම මට කරන්නේ ආ මම මොකද්ද තමුසෙට කරපු වැරැද්ද මම තමුසෙට ඇත්තටම ආදරේ කලා ඒත් තමුසේ මාව රැවැට්ටුවා වේ යුංගි වේ මට දැන් තමුසෙව පේන්න බැ ආපහු ජීවිතේට මගේ ඉස්සරහට එන්න එපා...I hate you yoongi  I hate you "

ජන්ග්මි අඩන ගමන් කියද්දී යුංගි කෙල්ලගේ කදුලු පිසදන්න හැදුවත් කෙල්ල යුංගිගේ අතට ගැහුවා

" සයිකෝ අහනවා....."

" මට මුකුත් අහන්න ඕන නැ මගෙන් ඈත් වෙලා ඉන්නවා "

ජන්ග්මි එහෙම කියලා කදුලු පිහිදගෙන යන්න ගියේ යුංගි කෙල්ල යන දිහා කිසිම හැගීමක් නැතුව බලාගෙන ඉදිද්දී යුංගි දැනගෙන හිටියා මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ කවුද කියලා

ජන්ග්මි කදුලු පිහිදන ගමන් එනකොට හම්බුනේ හෝසොක්ව කෙල්ලව දැක්ක ගමන් හෝසොක් නැවතිලා ජන්ග්මිට කතා කලා

" ජන්ග්මි "

කෙල්ල නැවතිලා හෝසොක් දිහා බැලුවේ කදුලු පිරුණු ඇස් වලින්

" හොබී ඔප්පා....."

" ම්ම්ම්.... ටිකක් කතා කරමු ද "

කොල්ලා මුකුත් නාහ එහෙම ඇහුවේ කතාවට සමාරම්භයක් ගන්න ගියොත් ජන්ග්මි ඉන්නේ නැ කියලා දන්න නිසා

" මොනා ගැනද "

" ඔයා නොදන්න දෙයක් ගැන "

එතකොට තමයි උදේ සෙයුල්ගි කියපු දේ මතක් වුනේ කෙල්ල හා කියන්න ඔලුව වැනුවා

" ඉස්සරහ කොෆි ශොප් එකට යන් "

හෝසොක් කිව්වාම කෙල්ල හා කියන්න ඔලුව වැනුවා හෝසොක් ජන්ග්මි එක්ක කොෆි ශොප් එකට ඇවිත් වාඩිවුනා

" ඔප්පාට මොකද්ද කියන්න තියෙන්නේ "

ජන්ග්මි ඇහුවා

" මොනාහරි බීලා ඉමු ද "

හෝසොක් ඇහුවාම කෙල්ල හා කිව්වා දෙන්නා black coffee ඕඩර් කරලා කතාවට බැස්සා

" යුංගි කැමැත්තෙන් යේරා එක්ක එන්ගේජ් වුනා කියලා ද ඔයා හිතාගෙන ඉන්නේ ජන්ග්මි "

හෝසොක් අහද්දී ජන්ග්මි ඇස් දෙක ජිල් බෝල සයිස් කරගෙන බලාගෙන හිටියා

" ඔප්පා මෙතන තියෙන ප්‍රශ්නේ ඔයාලා කවුරුවත් මට ඒක නොකියපු එක "

" ඔයාට ඒක කිව්වා නම් ඔයා කවදාවත් යුංගිට ලං වෙන්නේ නැ නේ ජන්ග්මි "

" යේ........"

" ඉතින් ඒකයි අපි ඔයාට මුකුත් නොකිව්වේ "

" එතකොට ඒ කෙල්ල...."

" මම ඔක්කොම කියන්නම් අවුරුදු හතකට කලින් මේ ඔක්කොම පටන් ගත්තේ......."

හෝසොක් අවුරුදු හතකට කලින් සිද්ධ වුනු හැමදේම අකුරක් නෑර ජන්ග්මිට කිව්වා කෙල්ලගේ ඇස් වලට කදුලු පිරුනේ එයා යුංගිට කතා කරපු විදිය මතක් වෙලා

" ඕක තමයි සිද්ධ වුනේ සේහි ආන්ටි යුංගි ආදරේ කරන අය එයාගෙන් හැමදාම ඈත් කලා යුංගි පුංචි කාලේ එයා ගොඩක් ආදරේ කරපු බලු පැටියෙක් හිටියා යුංගි ගොඩක් වෙලාවට හිටියේ ඒ බලු පැටියා එක්ක දවසක් යුංගි ගෙදර එනකොට සේහි ආන්ටි බලු පැටියා ගෙනිහින් දාලා යුංගි නපුරු වෙන්නත් ඒක හේතුවක් වුනා එයාට ආදරේ කියන දේ නොලැබුණු දෙයක් යුංගි කියන්නේ ආදරේ විශ්වාස කරන්නේ නැති කෙනෙක් එයා ඉස්සර කිව්වේ සැබෑ ආදරේ තියෙන්නේ සුරංගනා කතා වල විතරයි කියලා ඒ හැමදේම ඔයා හම්බවෙනකම් විතරයි ජන්ග්මි යුංගි ලේසියෙන් හිනා වෙන කෙනෙක් නෙවෙයි ඒත් ඔයා එක්ක ඉදිද්දී එයා හිනා වෙලා සතුටින් ඉන්නේ ඒ ඇස් ඔයාගේ ලගදී සතුටින් දිලිසෙන හැටි මම ඕනතරම් දැකලා තියෙනවා එයා ඔයාගේ පස්සෙන් ඇවිත් වද දුන්නේ යුංගිට ඕන වුනේ ඔයා එක්ක ඉන්න ජන්ග්මි ඒ තමයි යුංගිගේ හැටි ජන්ග්මි එයාට ඔයාගේ ආදරේ ඕන ජන්ග්මි යුංගි මේ දවස්වල පිස්සෙක් වගේ හැසිරුනේ ඔයා යුංගිගේ එක කෝල් එකක්වත් ආන්සර් කලේ නැ කියලා යුංගි ෆෝන් එක පොලොවේ ගැහුවා ෆෝන් එක ලෙෆ්ට්.."

ජන්ග්මිට හිනා ගියේ හෝසොක් අන්තිම ටික කිව්ව විදියට

" මම දන්නවා ජන්ග්මි ඔයාත් එයාට ආදරෙයි යුංගිගේ ලගින් ඉන්න යේරා ගැන මමයි ජින් හියුන්ග් බලාගන්නම් ඔයා ඒ ගැන හිතන්න එපා අනික එයාලා එන්ගේජ් වෙලා ඉන්නේ නැතුව මැරි කරලා නෙවෙයි යුංගිගේ ෆෝන් එකේ home screen එකේ තියෙන්නේ ඔයාගේ ෆොටෝ එකක් "

(Author: මගේ ෆෝන් එකේ home screen එකේ තියෙන්නේ යුංගිගේ ෆොටෝ එකක් එයාගේ ෆෝන් එකේ තියෙන්නේ ජන්ග්මිගේ ෆොටෝ එකක්ලු 😥 ආ කමක් ලැ ජුකක් ලැ )

ජන්ග්මි කල්පනා කලේ එයාගේ ෆොටෝ කොහොමද යුංගි ලගට ගියේ කියලා

" කොල්ලා හොරාට ගහපු ෆොටෝ ජන්ග්මි...ඕවා ඔයා ඉතින් යුංගි එක්ක බේරගන්න මම නම් මුකුත් දන්නේ නැ "

හෝසොක් එහෙම කියලා coffee එක බොන්න ගත්තා හැබැයි ජන්ග්මි ඊලගට අහපු ප්‍රශ්නේ නිසා හෝසොක්ට කොෆී එකත් හිර වුනා

" ඔප්පා සෙයුල්ගි ගැන මොකද හිතන්නේ "

හෝසොක් මේ මොහොතේ ඔය වගේ පුරස්නයක් තුන් හිතකින්වත් බලාපොරොත්තු වුනේ නැ

" මොහ්....."

" ඔප්පා කෙලින්ම ගිහින් සෙයුල්ගිට හිතේ තියෙන දේ කියන්න ඔප්පා නොදන්නවා වුනාට යුනි යන කාලේ ඉදලා සෙයුල්ගිගේ crush එක හොබී ඔප්පා තමයි "

ජන්ග්මි ඇහැක් ගහලා කිව්වාම හෝසොක් කම්ෆියුස් උන්ගා බුන්ගා වෙලා

" ඔච්චර පුදුම වෙන්න දෙයක් මම කිව්වා ද "

ජන්ග්මි ඇහුවේ හිනා වෙන ගමන්

" යේ......'

" හොබී ඔප්පා මම ගිහින් එන්නම් "

ජන්ග්මි එහෙම කියලා ගියා

To be continue..............🖤

ජන්ග්මි මොනා කරයි ද

Bạn đang đọc truyện trên: AzTruyen.Top