ᑕᕼᗩᑭTᗴᖇ 13 🖤
Flashback
ජන්ග්මි එයාට නම්චිංගු කෙනෙක් ඉන්නවා කිව්වාම යුංගි හිටියේ අවුලෙන් කොල්ලාට ඇයි ඒ වෙලේ දුක හිතුනේ කියලා යුංගිට තේරුමක් තිබ්බේ නැ
යුංගි රූෆ්ටොප් එකට කල්පනා කර කර ඉන්නකොට හෝසොක් ඇවිත් කොල්ලා ලගින් අහස දිහා බලාගෙන හිටගත්තා
" උබ මොනාද මෙතන කරන්නේ "
යුංගි ඇහුවේ හෝසොක් දිහාට හැරිලා
" උබට මොකද්ද වෙලා තියෙන්නේ අද උබ ස්ටෙප් කීයක් වැරැද්දුවා ද ඊයේ හවස ඉදලා උබ වෙනස් "
හෝසොක් කිව්වේ ඇහිබමක් උස්සලා යුංගි දිහා බලාගෙන යුංගි එයාගේ ප්රශ්නයක් ලේසියෙන් කෙනෙක් එක්ක කියන්නේ නැ කියලා හෝසොක් දන්නවා අනික යුංගි කියන්නේ නිහඩ චරිතයක්
යුංගි මුකුත් නොකියා හිටිය නිසා හෝසොක් ආපහු කතා කරන්න පටන් ගත්තා
" යේරා ඇවිත් ආපහු උබ එක්ක පටලුනාද "
හෝසොක් අහද්දී යුංගි ඇස් හීනි කරලා හෝසොක් දිහා බැලුවේ උබට පිස්සු ද වගේ බැල්ලමක්
" එහෙනම් ජන්ග්මි එක්ක රන්ඩු වුනාද උබ ඉතින් ඒ කෙල්ල දැක්ක තැන රන්ඩු වෙනවා නේ "
හෝසොක් ජන්ග්මි ගැන කියද්දී කොල්ලාගේ මූන වෙනස් වෙනවා හෝසොක් දැක්කා
" මට කියපන් මොකද්ද වුනේ කියලා "
හෝසොක් ඇහුවත් යුංගි මුකුත් නොකියා නිහඩව හිටියා
" අහපන් යුංගියා උබ ඔය හිතේ තියාගෙන ඉන්න දේ ජන්ග්මිට කියපන් නැත්නම් උබට පසුතැවෙන්න වෙයි "
" මොහ්....."
යුංගි හෝසොක් දිහා බැලුවා
" මොකද උබ ජන්ග්මි දිහා බලන විදියෙන් කියන්න පුලුවන් උබ ජන්ග්මිට ආදරෙයි කියලා මම උබේ පුංචි කාලේ ඉදලා යාලුවා උබේ පුංචි වෙනසක් වුනත් මට තේරෙනවා උබ ආදරේ විශ්වාස කරන්නේ නැ කියලා මම දන්නවා ඒත් ජන්ග්මිට අවස්ථාවක් දීපන් උබේ ජීවිතේට එන්න මට විශ්වාසයි එයා උබට කියලා දෙයි ආදරේ කියන්නේ මොකද්ද කියලා "
හෝසොක් එහෙම කියලා යුංගිගේ පිටට තට්ටුවක් දාලා යන්න ගියා
Flashback Over
ජන්ග්මි යුංගි එක්කගෙන ආවේ ජින්ගේ mansion එකට කෙල්ල යුංගි එක්කගෙන living room එකට යනකොට හෝසොක් ඉක්මනට කෙල්ල ලගට ආවේ යුංගිව දැකලා
" ජන්ග්මි මොකද වුනේ "
හෝසොක් ඇහුවා ඒත් එක්කම ජින් ඉක්මනට ආවා
" ඔ...ඔප්පා මම ඔක්කොම පස්සේ කියන්නම් යුංගිට අමාරුයි "
ජන්ග්මි කියද්දී හෝසොක් යුංගිව එයාගේ ඇගට බර කරගත්තා කොල්ලා වේදනාවෙන් කෙදිරිගෑවා
" මම ඩොක්ටර් කෝල් එකක් දෙන්නම් "
ජින් එහෙම කියලා යද්දී කෙල්ල දොරකඩ ලග බිම ඉන්දුනේ අඩන ගමන් කෙල්ල හින්දා යුංගිට එහෙම දෙයක් වුනා කියලා කෙල්ල අඩන්න ගත්තා ජින් එනකොට කෙල්ල දොරකඩ ලග පඩිය උඩ වාඩිවෙලා අඩනවා ජින් කෙල්ල ලගින් වාඩිවුනා
" ඔ..ඔප්පා...."
" ශ්ශ්ශ්....අඩන්න එපා දැන් ඩොක්ටර් එයි ම්ම් යුංගිට මුකුත් වෙන්නේ නැ "
ජින් එහෙම කියලා කෙල්ලව තුරුල් කරගෙන ජන්ග්මිගේ ඔලුව අතගෑවේ කෙල්ලව සනසන්න ඒත් ජන්ග්මි නම් ඉකිගසන ගමන් ඇඩුවා ඩොක්ටර් ආපු නිසා ජින් කෙල්ලව ඈත් කරලා ඩොක්ටර්ව යුංගිගේ රූම් එකට එක්කගෙන ගියා
ටිකකින් යුංගිව චෙක් කරලා ඩොක්ටර් රූම් එකෙන් එලියට ආවා
" ඩොක්ටර්...."
" කලින් ඩැමේජ් වුනු උරහිසට වැදුනු නිසා ටිකක් බරපතලයි යුංගිට මහන්සි වෙන්න දෙන්න එපා එයාට සති දෙකක් විතර යනකම් රෙස්ට් කරන්න දෙන්න "
" ඕකේ ඩොක්ටර් "
ඩොක්ටර් එහෙම කියලා යද්දී ජන්ග්මි හිමින් යුංගිගේ රූම් එකට ගියා යුංගි බෙහෙත් නිසා හොදටම නිදි කෙල්ල යුංගිගේ ඇදේ කොනේ වාඩිවෙලා යුංගිගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා
" මියානේ යුංගියා......මම නිසා තමයි ඔක්කොම මම පන්ඩිත නොවී ස්ටාෆ් එක එක්ක ගියා නම් ඔයාට මෙහෙම වෙන්නේ නැ නේ "
කෙල්ලගේ ඇස් වලින් තාමත් කදුලු බිදු කඩාගෙන වැටෙනවා යුංගිගේ පියවුනු ඇස් දිහා බලාගෙන ඉදපු කෙල්ල යුංගිගේ නලලට වැටිලා තිබුණු කොන්ඩේ අතින් පිටිපස්සට කරලා නලලට හාදුවක් තැවරුවා මේ දිහා කෙනෙක් බලාගෙන හිටියේ හිනා වෙන ගමන් යුංගිගේ ඔලුව අතගාන ගමන් හිටපු කෙල්ලට එහෙම්ම නින්ද ගියා
.
Next Day Morning
යුංගි උරහිසේ වේදනාවට ඇහැරිලා බලද්දී තමයි දැක්කේ එයාගේ අතකුත් අල්ලාගෙන නිදාගෙන ඉන්න ජන්ග්මිව කොල්ලාගේ මූනේ හිනාවක් ඇදුනේ ජන්ග්මිව දැකලා කොල්ලා නැගිටින්න හදනකොට යුංගිට වේදනාවට කෙදිරිල්ලක් පිට වුනේ ජන්ග්මි ඇහැරෙද්දී
කෙල්ල ඇහැරෙද්දී යුංගි ඩැමේජ් වුනු අතට බර දීලා නැගිටින්න හදනවා
" මෝඩ පූසා....."
ජන්ග්මි එහෙම කියලා නැගිටලා යුංගිව ඇදේ වියනට හේත්තු කලා ජන්ග්මි නැගිටින්න හදද්දී යුංගි කෙල්ලගේ අතින් අල්ලගත්තා
" මොකද...."
" ඊයේ මුලු රෑම මෙතන ද "
යුංගි අහද්දී ජන්ග්මි ඔව් කියන්න ඔලුව වැනුවා
මියානේ යුංගියා...... මම නිසා නේ ඔක්කොම
ජන්ග්මි හිතුවේ ඇස් වල කදුලු පුරවගෙන
" ඔයා සමාව ඉල්ලන්න වැරැද්දක් කලේ නැ නේ ම්ම් දැන් අඩන්න එපා අනිත් දේ රෑට තනියෙන් කොහෙවත් යන්න එපා අරස්සෝ.....?"
යුංගි කෙල්ලගේ කදුලු පිසදලා කිව්වාම ජන්ග්මි හා කියන්න ඔලුව වැනුවා
" ඔයා මොනාද එතැන කලේ....අපි හැමෝටම කලින් නේ ගියේ "
" දෙයක් අමතක වෙලා දාලා ආවා ඒක ගන්න ආවේ දෙයක් කිව්වාට කෙනෙක් "
" මොහ්....."
ජන්ග්මි ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියේ මොකද්ද කිව්වේ කියලා ඇත්තටම කෙල්ලගේ කුඩා මොලයටවත් වැටහුණේ නැති නිසා යුංගි නම් හිනා වෙවී කෙල්ල දිහා බලාගෙන ඉන්නවා
" ගුඩ් මෝනින් කුරුලු ජෝඩුව "
එහෙම කියාගෙන රූම් එකට සම්ප්රාප්ත වුනේ හෝසොක් එක්ක ජින් ජන්ග්මි යුංගි ලගින් ඈත් වෙන්න හැදුවත් යුංගි කෙල්ලගේ අත තද කරගෙන අල්ලගත්තා
මොකද්ද මෝඩයෝ කරන්නේ අත අතහරිනවා
ජන්ග්මි රවාගෙන හිතද්දී යුංගි තවත් කෙල්ලගේ අත තද කලා හෝසොක් ජින් දෙන්නා හිනා වෙනවා මේ ජෝඩුව දිහා බලාගෙන
" ඔය කෙල්ලගේ අත අතහැරපන් අපි උස්සගෙන යන්නේ නැ "
ජින් කිව්වාම හෝසොක් හිනා වුනා ජන්ග්මිගේ කම්බුල් රෝස පාට වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ ඒ වුනත් යුංගි නම් කෙල්ලගේ අත අතහැරියේ නැ
" ජන්ග්මි සුප් එක යුංගිට පොවන්න "
ජින් එහෙම කියලා සයිඩ් ටේබල් එක උඩින් සුප් බෝල් එක තිබ්බා
" හරි ඔප්පා....."
ජන්ග්මි හිනා වෙලා කිව්වා
" හෝසොක් ඔප්පා....සෙයුල්ගි දන්නවා ද මම මෙහේ කියලා "
" දැන් ද මතක් වුනේ ආ....."
" හරි හරි ඉතින් දැන් හරි මතක් වුනා නේ "
" ඒ කෙල්ලට කොහෙද යකෝ ඊයේ මතක් වෙන්නේ මගේ යුංගියා කිය කියා අඩන ගමන් නේ හිටියේ "
ජින් ඇක්ට් කරලා කියද්දී යුංගි කෙල්ල දිහා බලාගෙන හිටියේ
" යාහ්හ් ඔප්පා...."
ජන්ග්මි කෑගැහුවේ මෙතනම වලක් කපාගෙන වැලලෙන්න හිතෙද්දී
" මම ඊයේ සෙයුල්ගිට කිව්වා... අද එන්නම් කිව්වා "
හෝසොක් එහෙම කියලා එයාගේ Sunshine ස්මයිල් එක දැම්මා
" අපි යමන් දැන් මේ කුරුලු ජෝඩුවට තනිවෙන්න දීලා "
" ඔප්පේ පොඩි දෙයක් කියන්න තියෙනවා "
කෙල්ල කිව්වාම ජින් නැවතිලා ජන්ග්මි දිහා බැලුවා
" අනිත් දවසේ මේකප් රූම් එකේ දොර ලොක් කරගෙන කරන දෙයක් කරන්න "
ජන්ග්මි යටි තොල හපාගෙන හිනාව කාගෙන කිව්වා ජින් නම් ෆුල් කම්ෆියුස්
" මොහ්......"
හොසොක් ජින්වත් තල්ලු කරගෙන ගියේ ජන්ග්මි හිනා වෙවී ඒ දිහා බලාගෙන ඉදිද්දී ජන්ග්මි යුංගි දිහා බලද්දී කොල්ලා ජන්ග්මිගේ තොල් දිහා බලාගෙන හිටියා යුංගිගේ බැල්ම ඇල්ලුවේ නැති නිසා කෙල්ල සුප් එක පොවන්න හැන්ද යුංගිගේ කටට ලං කලාට කොල්ලා අහක බලාගත්තා
" යාහ්හ් මොකද්ද පූසෝ වෙලා තියෙන්නේ මේක බොනවා...."
ජන්ග්මි කිව්වා යුංගි මුකුත් නොකියා කෙල්ලගේ බෙල්ල පිටිපස්සෙන් අතක් යවලා එයාගේ මූනට ජන්ග්මි ලං කරගත්තා ඊලග තත්පරේ කෙල්ලගේ තොල් සිපගන්න ප්ටන් ගත්තා ජන්ග්මි මුලදී ටිකක් කම්ෆියුස් වෙලා හිටියත් පස්සේදී යුංගිගේ ශර්ට් එකේ කොනක් තද කරලා අල්ලාගෙන යුංගිට ලං වුනා
විනාඩි ගානක සිපගැනීමකින් පස්සේ යුංගි කෙල්ලගේ තොල් වලින් ඈත් වුනේ හුස්ම ගන්න අමාරු වුනු නිසා යුංගි ඇදේ වියනට හේත්තු වෙලා වේගයෙන් හුස්ම ගන්න කෙල්ල දිහා බලාගෙන හිටියා
ටිකකින් සුප් හැන්දක් අරගෙන යුංගිගේ කටේ එබුවේ කොල්ලාට රවන ගමන්
" තමුසෙගේ නම්චිංගු මොනවා හිතයි ද තමුසේ මාත් එක්ක මෙහෙම ඉන්නවා කියලා දැනගත්තොත් "
යුංගි ඇහුවේ සමච්චලේට වගේ හිනා වෙන ගමන්
" එයා මුකුත් කියන්නේ නැ "
" වේ....."
" මොකද මට නම්චිංගු කෙනෙක් නැ නේ "
කෙල්ල යුංගිට සුප් හැන්දක් පොවන ගමන් කිසිගානක් නැතුව කිව්වා
" එතකොට එදා කිව්වේ...."
" ඒක නිකන් කටට ආවාට කිව්වේ.....ආ බොන්න "
යුංගි කෙල්ල එයාට දික් කරගෙන සුප් හැන්ද දිහා බලලා ජන්ග්මි දිහා බැලුවේ රවාගෙන
" මොකද රවන්නේ "
" මගේ අත හොද වුනාම තමුසේ ගැන බලාගන්නම් "
මොනා බලන්න ද දන්නේ නැ මගේ මොහ්.... අනියා ඒත් මේකා හෙන වල් පූසා
ජන්ග්මි හිතද්දී යුංගි කට කොනින් හිනා වුනා
" තමුසේ හිතන දේ බලන්න ගියොත් තමුසෙට ගොඩක් රිදෙයි..."
" යාහ්හ්...."
ජන්ග්මි කෑගැහුවා කෙල්ල කොහොමහරි යුංගිට සුප් එක පොවලා ඉවර කලා
To be continue........🖤
𝙷𝚊𝚙𝚙𝚢 9ᵗʰ 𝙱𝚃𝚂 𝙰𝚗𝚗𝚒𝚟𝚎𝚛𝚜𝚊𝚛𝚢 𝙰𝚛𝚖𝚢.....💜✨
𝚃𝚑𝚊𝚗𝚔 𝚢𝚘𝚞 𝚏𝚘𝚛 9 𝚢𝚎𝚊𝚛𝚜
ගෙවුණු අවුරුදු නවයට එයාලා ලස්සන මතක ගොඩක් ජීවිතයට එකතු කලා කොච්චර දුකින් හිටියත් එයාලගේ එක හිනාවකට පුලුවන් ඒ හැම දුකක්ම අමතක කරන්න ඒක හරියට මැජික් එකක් වගේ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම කිව්වොත් එයාලා ඇත්තටම Angeles
මම ආමි කෙනෙක් වුනේ 2019 මම මෙච්චර කාලෙකට ගත්ත හරිම තීරණය ඒක කියලා මට හිතෙන්නේ
කියන්න නම් දේවල් ගොඩක් තියෙනවා ඒත් ඕතර් අද ටිකක් අසනීපෙන් උදේ ඉදලා ක්ලාස් වල ඉදලා ඇවිත් කතාව ටයිප් කලේ අද නොදී ඉන්න බැරී නිසා
කතාව බොලදයි වගේ නේද
පරිස්සමින් ඉන්න
සරන්හේ 💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top