ᑕᕼᗩᑭTᗴᖇ 09 🖤
යුංගි ටිකකින් ඇතුලට ගියා ජන්ග්මි යුංගිව දැකලා අහක බලාගත්තා කොල්ලා ඒක ගනන් නොගෙන උඩට ගියේ ජින්ගේ කෑගැහිල්ල mansion එක දෙවනත් කරද්දී
හවස් වෙනකම් ජින් එක්කයි හෝසොක් එක්කයි කතා කර කර ඉදපු කෙල්ලෝ යන්න ලෑස්ති වුනා යුංගි නම් උඩ තට්ටුවට වෙලා ජන්ග්මි දිහා බලාගෙන හිටියා යුංගිට හිතුනේ ඉස්සර ඉදපු පිස්සු කෙල්ල පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැ කියලා කොල්ලා හැමතිස්සේම හිටියේ ජන්ග්මිගේ ඇස් දිහා බලාගෙන කෙල්ල සමහර වෙලාවට හිතන ගොන් කතාවලට යුංගිට මැරෙන්න හිනා
" ජින් ඔප්පා හොබී ඔප්පා අපි යන්නම් "
ජන්ග්මි හිනා වෙලා කිව්වා
" කෝ යුංගි ඔප්පා "
සෙයුල්ගි අහද්දී ජන්ග්මි බැලුවේ උබට මොකටද ඒක වගේ බැල්ලමක් ඒත් එක්කම යුංගි පහලට ආවා
" ඔය එන්නේ "
හෝසොක් කියද්දී සෙයුල්ගි යුංගි දිහා බැලුවා ජන්ග්මි යුංගිට රවලා අහක බලාගත්තා
" යුංගි ඔප්පා අපි යන්නම් "
යුංගි ඔලුව වැනුවේ හා කියන්න
" මම නේ එක්කගෙන ආවේ මම ම එක්කගෙන යන්නම් "
හෝසොක් කියද්දී කෙල්ලෝ දෙන්නා හිනා වුනා හෝසොක් ඉස්සර වෙලා යද්දී සෙයුල්ගි හෝසොක් එක්කම ගියා ජන්ග්මි පිටිපස්සෙන් යද්දී යුංගි කෙල්ලගේ අතින් ඇදලා අරගෙන නලලට හාදුවක් තැවරුවේ ජන්ග්මිගේ ඇස් පුදුමෙන් ලොකු වෙද්දී ජින් කට ඇරගෙන බලාගෙන ඉන්නවා එකපාරට මොකද වුනේ කියලා හිතන ගමන්
" පරිස්සමින් යන්න "
යුංගි ගොරෝසු කටහඩින් ජන්ග්මිගේ කනට කරලා කියද්දී කෙල්ලගේ කශේරුව දිගේ කරන්ට් එකක් ගියා වගේ යුංගි ජන්ග්මිගෙන් ඈත් වෙනකොට කෙල්ල දුවලා ගියේ මූනත් රතු කරගෙන යුංගි කොන්ඩේ අතින් අවුල් කරගන්න ගමන් පිටිපස්සේ හැරෙද්දී තමයි දැක්කේ ඇස් හීනි කරගෙන බලාගෙන ඉන්න ජින්ව
" ජින් හියුන්ග්...."
" යේ උබේ හියුන්ග් තමයි යකෝ ඔහොම හැසිරෙන්න එපා තනිකඩ මගේ ඉස්සරහ තනිකඩ මගේ හිත පෑරෙනවා යකෝ පෙම් සිත රිදුනා රත්තරනේ "
ජින් පපුව අල්ලාගෙන එතැන වෙනම ඩ්‍රාමා එකක් රගදක්වනවා යුංගි සේප් එකේ එතැනින් මාරු වෙලා රූම් එකට ගියා
_______________________
" කුමාවෝ හොබී ඔප්පා "
සෙයුල්ගි හෝසොක්ට කිව්වා හැබැයි ජන්ග්මි හිටියේ වෙන ලෝකෙක හෝසොක් ජන්ග්මි දිහා බලලා හිනා වෙලා ගියාම සෙයුල්ගි ජන්ග්මිගේ ඔලුවට ගැහුවේ උතුර දකුන මාරු වෙන්න
" මෝ... අහස කඩාගෙන වැටුනා ද.."
සෙයුල්ගි බැලුවේ මේකිට මොන යකා ගහලා ද වගේ බැල්ලමක්
" අහස නෙවෙයි කඩාගෙන වැටුනේ පොලොව මොන ලෝකේ ඉන්නවා ද මන්දා යුංගි ඔප්පා තමුසෙට මොකද්ද කලේ ඔච්චර අවසිහියෙන් ඉන්න තරම් ආ...."
' මොනවා කරන්න ද විකාර කියවන්නේ නැතුව එනවා "
ජන්ග්මි එහෙම කියාගෙන ඇතුලට ගියා
" මොනාහරි ම වෙලා තියෙනවා "
සෙයුල්ගි තමන්ටම මුමුනගන්න ගමන් ඇතුලට ගියා දෙන්නා ඇතුලට ගියපු ගමන් සෙයුල්ගිගේ ඔම්මා CID එකෙන් වගේ ප්‍රශ්න කරන්න ගත්තේ කෙල්ලෝ දෙන්නා ෆුල් කම්ෆියුස්
" එතකොට දැන් ආපු හැන්සම් කොල්ලා ජන්ග්මිගේ නම්චිංගු ද "
" මොහ්...."
සෙයුල්ගිගේ ඔම්මා අහපු ප්‍රශ්නෙට ජන්ග්මිට හිනා යන්න ආවත් කෙල්ල හිනාව කාගෙන හිටියේ බොහොම අමාරුවෙන් සෙයුල්ගිගේ මූන අහක බලාගෙන අහපු චිකන් කොත්තුවක් වගේ වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ
" ඔම්මා....... ඒ ජන්ග්මිගේ නම්චිංගු නෙවෙයි "
සෙයුල්ගි කිව්වේ හයිඩ්රජන් බැහැපු බැලුමක් වගේ මූන හදාගෙන කියද්දී ජන්ග්මිගේ හිනාව පැන්නා
" මොකද ජන්ග්මි හිනා වෙන්නේ "
ජන්ග්මිගේ ඔම්මා අහද්දී ජන්ග්මි බොහොම අමාරුවෙන් හිනාව නවත්තගත්තා
" දැන් දෙන්නාම ගිහින් වොෂ් එකක් දාගෙන එන්න "
සෙයුල්ගිගේ ඔම්මා කියද්දී දෙන්නාම ගියා ජන්ග්මි ඇද උඩ වාඩිවෙලා හිනා වෙන්න පටන් ගත්තා
" මොකද තෝ දැන් හිනා වෙන්නේ "
" අනියා උබේ ඔම්මා අහපු විදිය ඒක
එතකොට අර ආපු හැන්සම් කොල්ලා ජන්ග්මිගේ නම්චිංගු ද "
ජන්ග්මි ඇක්ට් කරලා කිව්වාම සෙයුල්ගි අතේ තිබුණු බෑග් එකෙන් ජන්ග්මිට ගහගෙන ගියේ ජන්ග්මි එපා කියලා කෑගහද්දී හැබැයි සෙයුල්ගිට තේරුනා ජන්ග්මි අද වෙනදාට වඩා සතුටින් කියලා
" උබ අද හෙන හැපි එකෙ නේ "
සෙයුල්ගි එහෙම කියලා ඉනට අත් දෙක තියාගෙන ජන්ග්මි දිහා බලාගෙන ඉන්නවා
" එහෙම නැ "
" නැත්තේ මොකද උබ අද සතුටින් ඉන්නේ වෙනදාට වඩා "
ජන්ග්මි හිනා වෙලා බාත් රූම් එකට පැන ගත්තේ තව ටිකක් හිටියොත් සෙයුල්ගි මොනවා අහයිද කියලා ෂුවර් නැති නිසා බාත් රූම් එකේ දොරට හාන්සි වුනු ජන්ග්මි නලලට පිරිමදින්න ගත්තේ යුංගි එයාගේ නලල කිස් කරපු හැටි මතක් වෙලා
" අයිෂ් මට පිස්සු.....ඒත් ඇයි එයා එහෙම හැසිරෙන්නේ ඔලුවවත් කොහේහරි වැදුනා ද දන්නේ නැ යුනි එකේ දී මාව දැක්කොත් දැක්ක තැන කන්න හදන එකා දැන් මෙහෙම හැසිරෙන්නේ "
ජන්ග්මි තනියම කියව කියව ගිහින් වොෂ් එකක් දාගත්තා
____________________________
පසුදින යුංගි රෙඩි වෙලා ආවේ entertainment එකට යන්න කියලා හිතාගෙන
" හොබා අද මොන පැත්තෙන් ද ඉර පෑයුවේ.."
ජින් ඇහුවේ පඩිපෙළ බැහැගෙන එන යුංගි දිහා බලාගෙන
" ඒක නේ බන් "
යුංගි ඇවිත් dinning table එකේ වාඩිවෙලා වුනා
" ඔප්පා....."
ඒත් එක්කම ඇහුනු කටහඬ නිසා තුන් කට්ටුවම කලබල වුනා
" අර සක බබරේ කොහොමද අපි මෙහේ කියලා දන්නේ "
හෝසොක් හිමින් මිමිනුවේ ජින්ටයි යුංගිටයි විතරක් ඇහෙන්න ඔව් ඒ ඇවිත් හිටියේ යේරා යුංගි මේ අවුරුදු හතටම යේරාව ඕන තරම් මගහරින්න ඇති ඒත් යේරා නම් කාන්දම වගේ යුංගි පස්සෙන් එනවා යුංගි යේරාව අදුරන්නේ නැති ගානට ඉදිද්දී යේරා ඇවිත් යුංගි ලගින් වාඩි වෙලා කොල්ලාගේ අතින් අල්ලගත්තා
" යුංගියා අපි එලියෙන් ඉන්නම් උබ වරෙන් "
ජින් එහෙම කියලා හෝසොක් එක්ක එලියට ගියා හෝසොක් ගියා විතරයි යුංගි අත ඇදලා ගත්තා
" යුංගි ඔප්පා වේ ඔයා ආවා කියලා නොකිව්වේ "
යේරා අහද්දී යුංගි මුකුත් නොකියා නැගිට්ටේ යේරා දිහා එකපාරක්වත් නොබලා යේරා ආපහු යුංගිගේ අතින් ආපහු අල්ලගත්තා
" යුංගි ඔප්පා වේ ඔයා ඔහොම කරන්නේ "
යුංගි ඒ වෙලාවේ තමයි යේරාගේ ඇස් දිහා බැලුවේ
සෝහි ඔම්මා කියපු නිසා මම දන්නෙත් මෙයා ආවා කියලා ඒත් ඇයි මාව මගහරින්නේ මාත් එක්ක නේද එන්ගේජ් වෙලා ඉන්නේ යුංගි ඔප්පාට වෙන කෙල්ලෙක්වත් ඉන්නවා ද හිටියත් මම ඒකිට යහතින් ඉන්න දෙන්නේ නැ
යේරාගේ හිත කියවපු යුංගි අත මිට මොලවාගෙන යේරාගේ අතත් ගසලා දාලා යන්න ගියා යේරාට වුනත් ඒ වෙලාවේ තරහ ගියා ඒත් ඒක පෙන්නුවේ නැ
කොල්ලා හෝසොක් ජින් එක්ක entertainment එකට යන්න පිටත් වුනා කොල්ලා ශටර් එකෙන් එලිය බලාගෙන හිටියා මිසක් වචනයක්වත් කිව්වේ නැ යුංගි කියන්නේ කොහොමත් නිහඩ චරිතයක් හැබැයි කොල්ලාගේ මූනට එකපාරට හිනාවක් ආවේ බස් හෝල්ට් එකට වෙලා ඉන්න ජන්ග්මිව දැකලා කෙටියෙන්ම කිව්වොත් යුංගිගේ පේන්කිලර් එක ජන්ග්මි
" හොබා කෝප්පයක් වගේ නැද්ද "
ජින් කිව්වේ ඇස් කොනින් යුංගි දිහා බලාගෙන එතකොට තමයි හෝසොක් දැක්කේ යුංගි ජන්ග්මි දිහා බලාගෙන තනියෙන් හිනා වෙනවා
" ඒක නේ හියුන්ග් "
යුංගි ජින්ටයි හෝසොක්ටයි දෙන්නාට රවලා ආපහු ජන්ග්මි දිහා බලනකොට ජන්ග්මි කොල්ලෙක් එක්ක හිනා වෙවී කතා කර කර ඉන්නවා ඔන්න ඉතින් කොල්ලාට යකා වැහෙන්න වැඩි වෙලාවක් ගියේ නැ
" හියුන්ග් යමු..."
යුංගි කියද්දී ජින් driver ට අතින් සන් කලේ යන් කියලා
____________________________
Jungami Pov
බෙල්ලේ මොනාහරි හිර වෙච්ච කුකුලෙක් කෑගහනවා වගේ සවුන්ඩ් එකක් ඇහෙද්දී මම ඇහැරුනේ ඇහැරිලා බලද්දී තමයි දැක්කේ මගේ alarm ringtone එක කියලා ඒත් කවුද යකෝ මගේ alarm ringtone එක වෙනස් කරලා alarm එක තියපු මැඩගස්කර හිපාටුවා
Alarm එක ඕෆ් කරලා අනිත් පැත්ත හැරිලා කොට්ටේත් බදාගෙන ඇස් පියාගෙන විනාඩි කිහිපයක් යනකොට පශ්චාත් භාගේ රත් වුනා වගේ දැනුනත් මම ගානක් නැතුව හොදට නිදාගත්තාත් ඊලග පාර නම් පශ්චාත් භාගයට වැදුනු ප්‍රහාරය ස්නායු හරහා මොලයට ගිහින් කිව්වේ නැගිටපන් ගෑනියේ නැත්නම් තොගේ පශ්චාත් භාගේ ලෙෆ්ට් කියද්දී
" යාහ්හ් මොකද්ද අනේ ගහන්නේ මට තියෙන්නේ එක පශ්චාත් භාගයයි ඕකත් ලෙෆ්ට් වුනොත් මම ඕස්ට්‍රේලියාවෙන් ද පශ්චාත් භාගයක් ගෙන්න ගන්නේ අනික තීරු බද්ද වැඩියි......"
මම කිව්වේ නැගිටලා කොන්ඩේ අවුල් කරගෙන නිදි මරගාතේ කිව්වේ ඊලග පාර අහම්බුනේ ඔලුව හිල් වෙන්න ටොක්කක් මම හිතුවේ ඔලුව හිල් වුනා කියලා ඒත් හිල් වෙලා නැ
" උබ මගෙන් හොද පාරක් කනවා ජන්ග්මි බලනවා දැන් වෙලාව කීයද ගෑනු ලමයෙක් ඔහොම නිදාගන්නවා ද මම අහන්නේ ජොබ් එකක් කරන්නෙත් නැ බලනවා අර ලමයා හොදට ඉගෙනගෙන ජොබ් එකක් කරනවා තමුන්ගේ යාලුවා නේද ආ පොඩ්ඩක් ඒ ලමයා දිහාවත් බලලා හැදෙනවා "
ඔම්මාගේ හැමදාම එකම පදේ අහලා එපා වෙලා ඉන්න අහිංසක මම වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්බදතාවයක් ඔම්මාට ඉතින් මට වඩා මේ ලෝකේ ඉන්න ඔක්කොම හොදයි නේ සෙයුල්ගිගේ හැටි මම නේ දන්නේ ඕකි දිහා බලලා හැදුනා නම් ප්‍රසිද්ධියේ නෝන්ඩි වෙන්න වෙන්නේ ඔම්මා දන්නේ නැ නේ ඉතින් එව්වා
" ජන්ග්මි නැගීට්ටාද "
සෙයුල්ගිගේ ඔම්මා දෙවියෙක් වගේ මගේ කාමරේට ආවේ මාව මහා සුලි කුනාටුවකින් බේරගන්න වගේ
" යේ..... දැන් දෙකක් ගැහුවාම නැගිට්ටේ "
ඔම්මා කියද්දී මම බැලුවේ සෙයුල්ගිගේ ඔම්මාගේ දිහා අනේ මාව බේරගන්න ඔම්මේ චේබල් මම අන්තිම අසරණ මූන දාගෙන සෙයුල්ගිගේ ඔම්මා දිහා බලාගෙන හිටියේ ඇසිපිය නොගහා
එතකොට background එකෙන් මියුසික් එකක් ප්ලේ වුනේ ඔබ ඇස් පිය නොහෙළා බැලුවා මා ඇස් පිය නොහෙළා බැලුවා
මොකද්ද යකෝ ඒ සැක් මගේ වල් සිතට මොනාද මේ ගලාගෙන එන්නේ ඕමෝ අනියා ඉල්ලේ
" ජන්ග්මි සෙයුල්ගි ෆෝන් එක ගෙදර දාලා ගිහින් ඒක ගෙනිහින් දෙන්න පුලුවන් ද "
" හරි ඔම්මා "
සැක් මේ සෙයුල්ගි නම් සාපයක් යුනි යන කාලෙත් මාව කාපු එකී දැන්වත් මට පාඩුවේ ඉන්න දෙන්නේ නැ මම එහෙම වොෂ් එකක් දාගෙන සෙයුල්ගිගේ ප්‍රථම ලව් එක වුනු ෆෝන් රාජයාත් අරගෙන පාරට ආවා බස් හෝල්ට් එකට වෙලා ඉන්නකොට එතැනට ආවේ අපේ මෑනියන් වහන්සේ මට අවසාන වශයෙන් ගෙනාපු Mr.මනාලස්
" හේයි ජන්ග්මි මොකද මෙතන "
බතල හිටවනවා බස් හෝල්ට් එකට වෙලා පොල් ගානවා කියලා හිතුවාද දන්නේ නැ මුකලන් බස්සා
" සෙයුල්ගි ෆෝන් එක දාලා ගිහින් ඉතින් මම ඒක දෙන්න යනවා "
මම දත් තිස් දෙක එලියට දාලා නියවලා කිව්වා
" ඉතින් මාත් එක්ක යන් මම ඔයාව ගෙනිහින් දාන්නම් "
මාව.......? කොහේ එක්කන් යන්න ද...? යුංගි එක්ක ගියත් තමුසේ එක්ක නම් මම එන්නේ නොදන්නා කොටියාට වඩා දන්න කොටියා හොදයි
" අනියා ඔයා කරදර වෙන්න ඕන නැ මම බස් එකේ යන්නම් "
" හරි ඔයාගේ කැමැත්ත නේ "
ඒකා එහෙම කියලා හිනා වෙලා ගියා නෙදකින් හෝතබු හිපාටුවා මාර මනමාලකමක් නේ තියෙන්නේ සෙරෙප්පුව ගලවලා දෙන්න තිබුනා මූන කට සමතලා වෙන්න මම ඉවසනවා වැඩියි ඒකයි හැමෝම මගෙත් අයුතු ප්‍රයෝජන ගන්නේ
එතකොට බස් එක ආපු නිසා මම නැග්ගා සෙයුල්ගිට ෆෝන් එක දීලා පොඩි රස්තියාදු පාරකුත් ගහලා ගෙදර ගියා
To be continue.............🖤
හේ හේ
යුංගියාගේ අලි ඔලුව නේද
Bạn đang đọc truyện trên: AzTruyen.Top