ᑕᕼᗩᑭTᗴᖇ 08 🖤
හන් ගගේ සීතල සුලං දසත විසිරි යද්දී වීදි ලාම්පු වල කහ පැහැති ආලෝක ධාරා සෝල් නගරයේ අදුර මැකුවා සද නැති අහසේ පුංචි තරු කැට සෝල් නගරයේ අහස ලස්සන කලා වීදි පුරා දිව යන කලබලකාරී වාහන රාත්රි කාලයේදී ද සෝල් නගරය නිදි නැති බවට සාක්ෂි දැරුවා
හන් ගගේ සීතල සුලං රැලි වල පහස විදිමින් ජන්ග්මි හිටියේ පාලමේ බැම්මට අත් තියාගෙන ඇස් පියාගෙන හිටියේ කෙල්ලගේ අකීකරු කොන්ඩ කැරලි කෙල්ලගේ මූනට වැටුනේ එයාගේ නිදහසට බාධා කරන්න වගේ
" අයිෂ් මේ කොන්ඩේ...."
කෙල්ල කොන්ඩේට බැන බැන කොන්ඩේ ගැට ගහගත්තා ටික වෙලාවක් එතැන ඉදලා යන්න හදපු කෙල්ල කකුල පටලැවිලා වැටෙන්න යනකොට පිටිපස්සෙන් ආපු ශක්තිමත් අතක් කෙල්ලගේ ඉන වටේ එතුනා ඒත් එක්කම එයා කාගේ හරි පපුවකට හිර වෙනවා දැනුනා
මුලදී දැගලුවත් ඒ අතේ අයිතිකාරයා කවුද කියලා තේරෙද්දී කෙල්ල දගලන එක නැවැත්තුවා කෙල්ලගේ ඇස් කදුලු වලින් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ අනිත් අතත් ජන්ග්මිගේ ඉන වටේ යවලා කෙල්ලගේ උරහිස උඩින් නිකට තියාගත්තා
" වේ දැන් අඩන්නේ...."
අවුරුදු ගානකින් ඒ කටහඬ ඇහෙනකොට කෙල්ල හයියෙන් අඩන්න පටන් ගත්තා යුංගි කෙල්ලව තමන්ගේ පැත්තට හරවගෙන කෙල්ලගේ කදුලු පිහිදුවා
" යාහ්හ් තමුසේ මොකද පොඩි එකෙක් වගේ අඩන්නේ "
යුංගි කෙල්ලගේ මූන දෝතට අරගෙන කිව්වා ජන්ග්මි යුංගිව තල්ලු කලා
" තමුසේ මාත් එක්ක කතා කරන්න එපා තමුසේ මට නොකියා ගියේ මොකද ආ "
ජන්ග්මි අහද්දී යුංගි කෙල්ලගේ අතකින් ඇදලා තුරුල් කරගත්තා
" මියානේ....."
යුංගි කියද්දී කෙල්ල යුංගිගේ ශර්ට් එකේ කොනකින් අල්ලාගෙන අඩන්න පටන් ගත්තා
" යාහ්හ් ජන්ග්මි නැගිටපන් ගෑනියේ තමුසේ මැරිලා ද ඕයී...."
සෙයුල්ගිගේ කෑගැහිල්ලට ජන්ග්මි ගැස්සිලා නැගිට්ටේ
ඕමෝ ඒක හීනයක් ද යකෝ ඒත් හීනයක් කොහොමද එච්චර තාත්වික විදියට පේන්නේ අයිෂ් ඒත් මොන මගුලකට ද මම ඇඩුවේ මට දැන් පිස්සු හැදීගෙන එනවා අහෝ කඩවලේ හෙල්ප් මී අනියා එපා වේන්ඩාම් නහී හේ කඩවලේ ඔයාගේ වැඩක් කරගන්න මම වෙන කාගෙන් හරි උදව්වක් ගන්නම් කඩවලේ මගෙන් ආතල් ගන්නවා නේ
" මොනාද තෝ කල්පනා කරන්නේ ආ....ගිහින් ඉක්මනට රෙඩි වෙලා වරෙන් "
" කොහේ යන්න ද "
" මැරෙන්න යන්න "
" මට දැන්ම මැරෙන්න බැ බොම්ක.."
සෙයුල්ගි වටපිට බැලුවේ මේකිට මොකකින් ද නෙලන්නේ වගේ බැල්ලමකින් සෙයුල්ගිගේ බැල්ම තේරුනු ජන්ග්මි ඉක්මනට බාත් රූම් එකට පැනගත්තා
විනාඩි ගානකට පස්සේ ජන්ග්මි රෙඩි වෙලා ආවා
Jungami Outfit
Seyulgi Outfit
" දැන් කියාම් මාව එක්කගෙන කොහෙද යන්නේ කියලා "
ජන්ග්මි ඇහුවා
" කාලෙකින් කොහෙවත් ඇවිදින්න ගියේ නැ ඉතින් මට හිතුනා උබ එක්ක ඇවිදින්න යන්න "
" නරක ද ඇවිදින්න යන්න කොල්ලෙක් හොයාගත්තා නම් "
ජන්ග්මි ගත් කටටම කියලා දැම්මා
" උබ හොයාගනින්කෝ මට කියන්නේ "
සෙයුල්ගි එහෙම කියලා ගස්සගෙන යන්න ගියේ මේ මහපාර කියලා අමතක වෙද්දී සෙයුල්ගි තමන්ගේ පාර වගේ පාර පනින්න ගියේ ඈතින් එන වාහන නොදැක ඒත් එක්කම ඈතින් එන වාහනේ දැක්ක ජන්ග්මි සෙයුල්ගිට කතා කලා කෙල්ල ජන්ග්මි දිහාට හැරෙනකොට තමයි දැක්කේ තමන්ගේ පැත්තට වේගයෙන් ඇදිලා එන වාහනය කෙල්ල එහෙම්ම ඉදගෙන ඇස් පියාගත්තා
තත්පර කිහිපයක් යනකොට මුකුත් නොවුනු නිසා සෙයුල්ගි ඇස් ඇරලා බැලුවේ කෙල්ල හැප්පිලා නැ
" තමුසේ කොහේ බලාගෙන ද යන්නේ ආ...තව පොඩ්ඩෙන් හැප්පෙනවා නේ "
වාහනෙන් බහින ගමන් සෙයුල්ගිට බැනගෙන ආපු කෙනාව දැකලා සෙයුල්ගිගේ කට අක්කරක් විතර ඇරුනේ මේක විශ්වාස කරන්න බැරී නිසා
" හෝසොක් ඔප්පා....."
" මෝ... තමුසේ කොහොමද මගේ නම දන්නේ "
හෝසොක් අහද්දී එතැනට ආවේ ජන්ග්මි
" යාහ්හ් තමුසේ නම් හදන්න බැ සෙයුල්ගි තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනා නම් මොකද වෙන්නේ ආ "
ජන්ග්මි කියවන එක නැවැත්තුවේ සෙයුල්ගි එයා කියන කිසිදෙයක් අහගෙන නෙවෙයි ඉන්නේ කියලා තේරෙද්දී
" එතකොට මේ සෙයුල්ගි ද..."
හෝසොක් එහෙම අහද්දී තමයි ජන්ග්මි හෝසොක්ව දැක්කේ
" හෝසොක් ඔප්පා...."
" කොහොමද ජන්ග්මි.."
ඊට පස්සේ තුන් දෙනා එක්ක කොෆි ශොප් එකට ගියේ ආගිය මුල ගිය ඕපදූප ඔක්කොම කතා කරන්න ඒත් ඉතින් ජන්ග්මිට නම් එක වචන තුනකට වඩා කතා කරන්න වුනේ නැ හෝසොක් සෙයුල්ගි දෙන්නා කතාව නේ කෙටියෙන්ම කිව්වොත් මෙතන ජන්ග්මි කියලා ජීවියෙක් නැති වගේ තමයි දෙන්නාගේ හැසිරීම
" මම කියලා ජීවියෙකුත් මෙතන ඉන්නවා "
බලාගෙන ඉදලා බැරිම තැන ජන්ග්මි කිව්වා
" ඒක නෙවෙයි හෝසොක් ඔප්පා යුංගි ඔප්පා ඉන්නේ ඔයත් එක්ක ද "
සෙයුල්ගි ඇහුවේ ජන්ග්මි දිහා ඇස් කොනෙන් බලන ගමන්
' යේ..... වේ එහෙම ඇහුවේ "
" අනියා ඔප්පා "
" ඒක නෙවෙයි ඔයාලට වැඩක් නැත්නම් අපේ mansion එකට ගිහින් එමු ඔයාලට අදුන්වා දෙන්න කෙනෙකුත් ඉන්නවා "
' ඒත්...."
" අනියා ඔප්පා අපිට වැඩක් නැ යමු "
ජන්ග්මි කියන්න ගියපු දේ නවත්තලා සෙයුල්ගි මැදින් පැනලා කිව්වා ජන්ග්මි සෙයුල්ගි දිහා බැලුවේ ඔහොමත් අහපු ගමන් කැමති වෙනව ද කියලා අහන්න වගේ
" ඕකේ එහෙනම් යමු "
හෝසොක් එහෙම කියලා කෙල්ලෝ දෙන්නා එක්ක එයාලගේ mansion එකට ආවා
" යන් ඇතුලට "
හෝසොක් එහෙම කියලා කෙල්ලෝ දෙන්නා එක්ක ඇතුලට ගියා
" ජින් හියුන්ග්..."
" මොකද යකෝ කෑගහන්නේ "
ජින් කිචන් එකේ ඉදලා දුවගෙන ආවේ හෝසොක් මොකද බෙල්ල කාලා වගේ කෑගහන්නේ කියලා බලන්න හෝසොක් එක්ක ඉන්න කෙල්ලෝ දෙන්නා දැකලා ජින් නතර වුනා
" හියුන්ග් මේ තමයි ජන්ග්මි..."
හෝසොක් ජන්ග්මි පෙන්නලා කියද්දී කෙල්ල හිනා වෙලා ජින්ට ආචාර කලා
" Annyeonghaseyo මම ජන්ග්මි "
ජින් කෙල්ල එක්ක හිනා වුනා
" Annyeonghaseyo මම සෙයුල්ගි "
සෙයුල්ගි හිනා වෙලා කිව්වා
" මම කිම් සොක්ජින් මට ජින් ඔප්පා කියන්නකෝ "
ජින් හිනා වෙලා කිව්වා එතකොට තමයි යුංගි නිදාගෙන නැගිටලා ආවේ කොල්ලා කොන්ඩේත් අවුල් කරගෙන පොඩි එකෙක් වගේ එන දිහා ජන්ග්මි බලාගෙන හිටියා ජන්ග්මි මොනා දිහා ද බලාගෙන ඉන්නේ කියලා බලන්න ජින් පිටිපස්ස හැරිලා බැලුවා එතකොට තමයි දැක්කේ නිදි මරගාතේ පඩිපෙළ බැහැගෙන එන යුංගිව
ජන්ග්මිව දැක්ක ගමන් යුංගි එතැනම freeze වෙලා වගේ බලාගෙන ඉන්නවා
අයිෂ් මේ පූසා ෆොටෝ වලින් දැක්කාට වඩා මෙහෙම දකිද්දී මාරම වෙනස් කොන්ඩෙත් අවුල් කරගෙන පොඩි බබෙක් වගේ අනෙව් මගේ කියුට් කිටියා
ජන්ග්මි ඇස් දිහා බලාගෙන හිටපු යුංගි කටකොනින් හිනා වුනා ඒ හිනාව දැක්කාම තමයි ජන්ග්මිට මතක් වුනේ යුංගිට හිත් කියවන්න පුලුවන් කියලා කෙල්ල යටි තොලත් හපාගෙන අහක බලාගත්තේ හිතපුවා මතක් වෙද්දී
" යුංගියා දැන් ද නැගිට්ටේ "
" යේ හියුන්ග් "
එහෙම කියලා කිචන් එක පැත්තට ගියා ජින් කෙල්ලෝ දෙන්නාට වාඩි වෙන්න කියලා කිචන් එක පැත්තට ගියා යුංගි වතුර බෝතලෙත් අතේ තියාගෙන ෆ්රිජ් එකට හේත්තු වෙලා තනියෙන් හිනා වෙනවා
" මොකද උබ තනියෙන් හිනා වෙන්නේ "
" අහ්...අනියා මම හිනා වුනේ නැ "
" උබ හැමදාම ඕක නේ කියන්නේ කෙල්ල ලස්සනයි "
යේ...... ඉස්සරට වඩා දැන් ලස්සන වෙලා රෝස මලක් වගේ
යුංගි හිතුවා මිසක් කියන්න ගියේ නැ යුංගි මුකුත් නොකියා හිනා වෙලා living room එකට ගියා එතකොට ජන්ග්මි පේන්න හිටියේ නැති නිසා කොල්ලා වටපිට බැලුවේ
" ඔය හොයන කෙනා garden එකේ "
හෝසොක් එහෙම කිව්වාම යුංගි ඔලුව කසන ගමන් හිමින් garden එක පැත්තට ගියා
" සයිකෝ....."
Garden එකට වෙලා මල් දිහා බලාගෙන හිටපු ජන්ග්මි යුංගිගේ කටහඬ ඇහුනු නිසා පිටිපස්ස හැරිලා බැලුවේ කොල්ලා ජන්ග්මිගේ ඇස් දිහා බලද්දී කෙල්ල අහක බලාගත්තා කොල්ලා හිනා වෙලා ජන්ග්මි ලගට කිට්ටු වුනා
" කොහොමද ඉතින් "
" වරදක් නැ "
ජන්ග්මි අහක බලාගෙන උත්තර දුන්නා
" මගේ දිහා බලනවා '
" ඒ මොකට ද "
යුංගි අඩියෙන් අඩිය ජන්ග්මිට කිට්ටු වෙද්දී කෙල්ලට පස්සට ගියා
" තමුසෙට නම්චිංගු කෙනෙක් ඉන්නවා ද "
එහෙම ඇහුවාම ජන්ග්මි එකපාරට යුංගි දිහා බැලුවා
ජන්ග්මි මුකුත් හිතන්න එපා මේ යකාට හිත් කියවන්න පුලුවන් අයිෂ් තමුසේ මේ හිතනවා නේද ජන්ග්මි කට පාලනය කරගන්න අනියා වැරදුනා හිත පාලනය කරගන්න
ජන්ග්මි හිතුවා යුංගි අඩියෙන් අඩිය ඉස්සරහට එනකොට ජන්ග්මි කල්පනා කර කර පස්සට ගියා අන්තිමේ දී ඔලුවට අතින් එකක් ගහගෙන අඩියක් පිටිපස්සට තියෙනකොට කෙල්ල බෙන්ච් එකේ ඉන්දුනා කොල්ලා බෙන්ච් එක උඩින් කකුලක් තියලා කෙල්ලගේ මූනට එබුනා
" කෝ උත්තර "
" යේ.....ඉන්නවා "
ජන්ග්මි එහෙම කිව්වාම යුංගි කෙල්ලගේ නිකටෙන් ඉස්සුවේ කෙල්ලගේ මූන පේන විදියට යුංගි කෙල්ලගේ මූනට පහත් වෙනකොට ජන්ග්මි ඇස් පියාගත්තා කෙල්ලට මතක් වුනේ අවුරුදු ගානකට යුංගි එයාගේ ෆස්ට් කිස් එක ගත්ත මොහොත යුංගිගේ උනුසුම් සුසුම් කෙල්ලගේ මුහුනේ වදිද්දී
" යුංගියා.........'"
ජින්ගේ වොයිස් එකට ගැස්සිලා ගිය කෙල්ල යුංගි දිහා තත්පර කිහිපයක් බලාගෙන ඉදලා කොල්ලාව තල්ලු කරලා දුවලා ගියා
" දැන් නම් තමුසෙව අතහරින්නේ නැ "
යුංගි කිව්වේ කොන්ඩේ අතින් පිටිපස්සට කරන ගමන්
To be continue................🖤
ඉස්සරහට මොනා වෙයිත....,🌝
Bạn đang đọc truyện trên: AzTruyen.Top